"මේ එතකොට ඔය බ්ලොග් එකේ ලියනවා වගේ උඹලා ඒ කාලෙ හරිම සුදු , අහිංසක , මුව පොව්වො වගේ ඉන්ඩම ඇති.. හැක් හැක් හැක්..."
පසු ගිය වකවානුවේම නිහඬව බලා සිටි මාගේ බ්ලොගයේ සහ ජීවිතයේ නිර්දය විවේචකයා තම උස් හඬ අවදි කොට හිත කීරී ගස්සවාගෙන යන මහා සමච්චල් හිනාවකින් ඔහුගේ කතාවට කොමාවක් තැබීය..
"ඇයි එහෙම කියන්නෙ?"
"උඹ බබානෙ..පලයන් යන්ඩ බන් අපි දන්නෙ නැද්ද බ්ලොග් වල ඉතින් දමන්නෙම කාගෙ හරි අනුකම්පාවක් අරන් අනේ ඔයාලා හරි හොඳයි ඒ කාලෙ.. අද තමයි මෙච්චර පිරිහිලා තියෙන්නෙ... අච්චර පිරිහිලා තියෙන්නෙ..අපි නම් බෝ පැල කියලා ලෝකෙට පෙන්නන්නනෙ"
"මොකාක්?"
විවේචනයක් හමුවේ බුද්ධිය ප්රමුඛ විය යුතු තැනක මාගේ හැඟීම් පෙරට පැන්නේය.
"එහෙම කොහොමද කියන්නෙ !@@#$% ? කොයි තරම් හොඳ බ්ලොග් තියෙනවද කියවලා රසවිඳලා..ඒ රසයත් එක්කම තමන්ගෙ ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවන්. මන් ඒත් හිතුවා පහු ගිය කාලෙ ඔය හැකර කට වහ ගෙන ඉන්න කොට මොනවා හරි අංචියක් අල්ලන්ඩ එකතු කරනවා තමයි කියලා...මොනාද උඹ කරලා තියෙන්නෙ හැම දේම හැමදාම විවේචනය කර කර ඉන්නවා මිසක්.. එහෙනම් උඹත් ඔය කරන විවේචන වලින් අඩුපාඩු හදා ගත්ත එකක් ලියපන්කො . අපිටත් බලන්න"
"හරි නැග්ගා නේද ? නැග්ගා නේද ?..ඒ කියන්නෙ මන් හරියටම හරි දේ තමයි කියලා තියෙන්නෙ. ඇත්ත තිත්තයි..ඒක කටේ ගෑවෙන කොට ඉන්න බෑ..ඒකනේ ඔය මූලග්ගාය තද වෙච්ච එකා වගේ කියවන්නෙ"
"හරි මගේ බ්ලොග් එක එච්චර යමක් ගන්න දෙයක් නැති එකක් තමයි..මට ඒ ඒ වෙලාවට හිතෙන හිතෙන දේ ලියනවා..සමහර ලිපි වල පොඩි සරල රසයක් තියෙනවා වෙන්න පුළුවන්..ඒත් කොහොමද කියන්නෙ බ්ලොග් ලියන සේරම අය ලියන්නෙ මොනවා හරි ලියලා අනුකම්පාව හරි අවධානය හරි ගන්නයි කියලා.."
"හෝව් හෝව් හෝව්...කවුද දැන් මෙතන අනිත් බ්ලොග් ගැන කීවෙ ? මන් කීවෙ මේ ලියන්නා බ්ලොග් එක ගැන විතරයි.. පාගා ගත්තා නේද මල්ලි නැට්ට?"
"මන් කියන්නෙ නෑ පාග ගත්ත එක"
"මන් කියන්ඩ ගියේ..උඹ ඔය වලිගෙ පාගා ගන්න ඉස්සර වෙලා..මේකයි. උඹ ඔය බ්ලොග් එකේ කතන්දර වලින් ලියන තරම්ම සුදුම සුදු, අහිංසකම අහිංසක වැඩ විතරක්ම කරපු එකෙක්ද පොඩි කාලෙ ? මැරෑටි වැඩ කලේම නැද්ද ? හා කියහන්.."
"කවුද කලේ නෑ කීවෙ මන් ඉස්සර පෝස්ට් කීපයකම ඒ ගැන ලියලා තියෙනවා.."
ඒ අතීතේ නෙ.. පහුගිය කාලෙම නිකම් මට පේන්නෙ..බෝ පැලේ වෙන්ඩ දඟලනවා වැඩී කියලයි"
"ආ එහෙමද හිටින්කො එහෙනම්"
මෙම වාදයයි මගේ මතක ගබඩාවේ මේ කොටසට ප්‍රවේශයක් ලබා දුන්නෙ...
-------------------------------------------------------------------------------
මේ කාලසීමාවද කල යුතු හොඳ හෝ නොකල යුතු නරක කිසිවකු ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්විය යුතුම වයසක වූ අපි කොල්ලෝ සියළු දෙනාම වයස අවුරුදු 8-11 අතර කාණ්ඩයේ වූ අය වීමු. ගමේ උන් කොල්ලො රැල මෙන්ම බල්ලෝ රැලද සැමවිටම සැමතැනම ඇනුම් බැනුම් සහ තාඩන පීඩන වලට ලක් නොවී නම් එය අරුමයක්ම වීය. අපද මේවා අතරින් සමනළුන්, කුරුල්ලන්, කබරයින් හෝ බූරුවන් ලෙස දිනෙන් දින කාලය ගත කරමින් සිටියෝ වෙමු.
අපගේ නිවෙසට නිවෙස් කීපයකට එහා ගුරුකම්, තොවිල් , පවිල් සහ විෂ වෙදකමට තරමක් ප්‍රසිද්ධ ගුණේරිස් මාමාගේ දුව ලතා අප කොල්ලන් සෙට් එකට නයාට අඳු කොළ මෙන් වූයේ කෙදිනකද යන්න මතකයට නගා ගත නොහැකිය. ලතා අපට වඩා අවුරුදු 3ක් වත් වැඩිමහළු වූ අතර ඈ කළු මහත කෙල්ලක් වූවාය. ගමේ එම වයසේ අන් කෙල්ලන්ට වඩා ඈ මහත නිසාම අප දිනෙන් දින ඈට තැබූ නම් වැල දිනෙන් දිනම දිගු වූවා මිස කෙටි වූයේ නම් නැත.අපගේ වහරේ ඈ බතලි, වංගෙඩී, පීප්පෙ හෝ පිටි මුට්ටෙ මිස කිසි දිනක ලතා නම් නොවූවාය...කළු කැත කෙල්ලක් ලෙස අපගේ මතකයේ ඒ කාලයේ රැඳී සිටි ඈ පසුව දැකුම්කළු බවට පත් වීම දක්වා මහා දිග කතන්දරයක් ඇතත්..මට එය සැකෙවින් ඔබ ඉදිරියේ දිග හැරීමට අවසර දෙන්න...
ලතාට අප වෛර කිරීමට හේතු වූයේ ඈ සතු ශක්තිමත් බාවයෙන් අයුතු ප්‍රයෝජන ගෙන අප කොළු රැලටම හොඳටම තඩි බාන නිසාය.. කාරණයක් තිබුනත් නැතත් ඈ කොල්ලන් අල්ලාගෙන බෙල්ල වටා අත දමා කිහිල්ලට හිර කර ගත් විට දඩු අඩුවකට හිර කලාක් මෙන් සෙලවීමටත් නොහැකිය..ඉන්පසු අනිත් අතින් අපගේ ඇඟ පුරා ගුටි දෙන විට ගුටි කනවා හැර වෙන කිසිම දෙයක් කල නොහැකිය.. අපගේ නඩේ සියළුම කොල්ලන් ලතාගෙන් මෙලෙස ගුටි කා ඇත..ඈ කොල්ලන් අල්ලා ගුටි දෙන්නට ශූරියකි. ඒ නිසාම ඈ හා අනිත් කෙල්ලන් සියල්ලම යහළුය..
"ලියන්නා මට විරිත්තුවා.. ලතා අක්කේ"
සමහර විට ඇත්තටම සමහර විටෙක බොරුවටද මෙලෙස ලතාගෙන් ගුටි දෙව්වා අපට හිනා වීමට අනිත් කෙල්ලන් සියල්ලම බොහෝ ආසා වූවාය..
මෙම මුලික හේතුව නිසාම අප කොළු රැල ලතා කෙරෙහි අනියත බියක් මෙන්ම අති මහත් වෛරයකින්ද පසු වූ බව නිසැකය.
ගුණේරිස් මාමා සහ නැන්දා මෙන්ම ලතාගේ මල්ලීද ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ඉතා කරුණාබර චරිත වූයේ කෙසේදැයි අපට ඒ කාලයේ අදහා ගත නොහැකි වීය. කරුණෙ - ලතාගේ මල්ලි - අපගේ කොළු නඩයේම එක සාමාජිකයෙක් වූවද ඔහුද අප මෙන්ම අක්කාගෙන් සබාවන් ඉදිරියේ ගුටි කෑවේය..ලතාද එන්න එන්නම දරුණු වූවා මිස..අප කෙරෙහි ලතැත් සිත් ඇත්තියක් නොවූ බැවින් අප කවුරුන් හෝ එක් අයකු දිනක..
"අපි කට්ටියම එකතු වෙලා ලතාට ගහමු"
කරුණේද ඇතුළු කොළු නඩයම මේ යෝජනාව එක හෙලා එක හඬින් අනුමත කලේය..
මේ යෝජනාව අනුමත වූවත් කිසිවකුත් එය ක්‍රියාත්මක කිරීමට එතරම් උනන්දුවක් නොවීය. ඒ පාසල් නිවාඩු වාරය ආරම්භ වූ අතර.. ගමේම ඇති ගස් වලට අපලම කාලයද වීය.. ගුණේරිස් මාමාගේ ගෙවත්ත පුරාම වූයේ අඹ, රඹුටන්, පැපොල්, පේර, නමිනන්, ගඩිගුඩා ආදි නොයෙකුත් පලතුරු ගස් රාශියකි.. අප ගිය දිනවල මාමා හෝ නැන්දා අපට එසැනින් කඩා ගත් පලතුරු වලින් සංග්‍රහ කිරීම කලේ ලතාගේ ගෙරවුම්, එරවුම් මධ්‍යයේය..
එලෙස ලද පලතුරු රාශිය හිස් පෝර බෑගයක දමාගෙන අප ගමේ කැලෑ බද ප්‍රදේශයක වූ මහ ගල් තලාව බලා පිය නගමින් සිටි අතරතුර.. අප ඉදිරියේ ප්රාදුර්භූත වූයේ ලතායි.. මා අතවූ පලතුරු ගෝනිය කඩා ගත්තේ මගේ කනටද එකක් ගසමිනි.. එය රැගෙන වීරවරියක් ලෙස තම මිතුරියන් දෙතුන් දෙනා හා හූ තියමින් යන ඈ දෙස අප බලා සිටියේ මහත්ම වෛරයකිනි...
කේන්තියෙන් පිපිරෙමින් ගල් තලාවට ආ අප අසල ගසක වූ ඉතා ඇඹුල් රසැති දෙහි අඹ කීපයක් ගලේ ගසා තලා කමින් සිටියදී..
"මේක හරි යන්නෙ නෑ අපි ලතාට ගහමු"
"හරි කවද්ද?"
කීප දෙනකුගේම උස් හඬ..
"අදම"
"අක්කා නාන්ඩ ගිහින් එන්නේ තනියම අරඹෙන්.. අද රෙදි ගොඩකුත් අරන් යන්නෙ හවහට"
ඒ කරුණෙගේ හඬයි.
"එහෙනම් අපි අරඹ කෙළවරේදි අල්ල ගෙන කැලේට ඇද ගෙන යන්."
"අර කැලේ මැද තියෙන ලොකු ඇට්ටම්බා ගහ යටට ඇද ගෙන ගිහින් ගහමු ජීවිතේටම ඇති වෙන්න"
සියල්ලෝම ප්‍රීති ඝෝෂා නඟමින් එම යෝජනාව අනුමත කලෝය.
"කරුණෙ උඹ එන්න එපා උඹ නොදන්නවා වගේ ගෙදරට වෙලා හිටහන්"
අකමැත්තෙන් වූවත් කරුණෙ එයට කැමති වූවේය.
"අපිව අඳුරා ගත්තොත්?"
"නෑ අපි ඉස්සෙල්ලාම ලතාගෙ මූණ වහමු"
"මොකෙන්ද?"
"මන් ආච්චිගෙ චීත්තයක් අරන් එන්නම්"
නැවතත් ප්‍රීතිඝෝෂා මධ්‍යයේ අපි විසිර ගියෙමු..
සවස අප සියළු දෙනාම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පැමිණ අරඹේ ලොකු කුඩා ගස් වලට මුවා වී සිටියෙමු.
කියූ පරිදිම සුගත් තමන්ගේ ආච්චිගේ රෙද්දක්ද රැගෙන පැමිණියේය. ගමේ බොහෝ අයට තම ගෙවත්තේ තමන්ටම කියා ලිඳක් තිබුනද ගමේ කෙළවරක වූ කුඩා ඇල පාර රෙදි පෙරෙදි සේදීමටත් නා කියා ගැනීමටත් ඉමහත් රුකුලක් වීය.
මෙම ඇල පාර හා ගම අතර කුඩා කැලයක් වීය..අපගේ සැලසුම වූයේ ලතාව මෙම කැලයට ඇද ගෙන යාමයි..නා කියා ගෙන රෙදි පොට්ටනියත් රැගෙන ලතා ලැසි ගමනින් එයි. කිසිම අතුරු අන්තරාවක ළකුණක් හෝ නොමැති සෙයකි..ඇලේ සිට අඩි පාර අවසන්ව කැළයට යාව ඇති අඩි පාර වෙත ඈ පිවිසෙනවාත් සමඟම අප මහත් හඬින් කෑ ගසමින් ඈගේ ඇඟට පැන්නෙමු. හදිසි කෑ ගැස්ම නිසා ඈ කලබල වූයෙත් තමා අතවූ බාල්දිය අතහැරුනේත් එය බිම වැටී එයට පැටලී තණ බිස්ස මත ඇද වැටුනේත් අපගේ කාර්යය වඩාත් පහසු කරවමිනි.
කෑ කොස්සන් ගසමින් අත පය විදුලි වේගයෙන් වනන ලතා අක්කාගෙන් ගුටි කීපයක්ම කමින් වූවද අප කොල්ලන් 12 දෙනකු විසින් ඈගේ මුහුන සුගත්ගේ ආච්චිගේ රෙද්දෙන් වසා මරන්න ගෙන යන හරකියක් මෙන් කැලයට ඇද ගෙන යන්නට වීය. කෙල්ලන් යනු කුණුහරුප කිසිවක් නොදන්නා අය බව තරයේම අදහා සිටි අපගේ එම සිතුවිල්ල සදහටම ඉවත් වූයේ එදාය.. අත පය වීසි කර හෙම්බත් වූ ඇය රෙද්ද ඇතුලෙන් කුණුහරුප කියන්නට ගත්තත් අප කිසිවකුත් ඉන් පසුබට නොවීමු. වදෙන් පොරෙන් ඈව අප කතිකා කර ගත් කොට්ටම්බා ගහ යටට ඇද ගෙන ගිය අපි..හිතේ හැටියට ඈට මිටි කර ගත් අත්ලෙන් තැලුවෙමු. ඈ හූ තියමින් හැඬූවත් අප තුල එකතු කර ගත් වෛරය නිවීමට එය සමත් නොවීය.
කිසිවකු ගෙන එන ලද ලණුවකින් ඈව කොට්ටම්බා ගසට තබා බැඳ අසල වූ ගසකින් කඩා ගත් දිමි ගොටුවක්ද ඇගේ ඇඟට දමා අප එතනින් දිවුවේ හූ කියමිනි.. අප කරන ලද වීර ක්‍රියාව පිළිබඳ කොළු නඩේ සමඟ උදන් ඇනූවද අප තනි තනිව ගෙදර බලා යන්නට පටන් ගත් විට අප එකිනෙකාගෙ හිතට කාන්දු වන්නට වූයේ අති මහත් බියකි. අපෙන් ගුටි කා ලතා අක්කා මිය යනු ඇතැයිද ඒ නිසා අප එල්ලුම් ගස් යවනු ඇතැයිද අප බියවන්නට වීය..රාත්‍රී කෑම කෑ බවක්ද මතක නැත..
නමුත් හුළු අත්තක් අතින් රැගෙන මිදුලේ සිට උගුර පාදන්නේ ගුණේරිස් මාමා නොවේද ? අම්මා හා තාත්තා සමඟ මොනවාදෝ කුටු කුටු ගාන අතර මා ගුණෙරිස් මාමා කැටුව ආ කරුණෙගෙන් සියළුම විස්තර අසා දැන නොගත්තානම් එදින රෑ නින්ද නොයනු ඇත. ලතා අක්කා කෙසේ හෝ ලණු පට ගලවා ගෙන ගෙදර ගොස් ඇත. ඇඟ පුරාම දිමියන් කා ඇති බවත් ඈ ගුටි කෑ බව නොකියා..අප කොළු රැල ඈව ඇද ගෙන ගොස් ගසේ බැඳ දිමි ගොටු දැමූ බව පමණක් පවසා ඇත..ගුණේරිස් මාමා අප කොළු නඩේ සියළුම ගෙවල් වලට ගොස් මේ සිද්ධිය පිළිබඳ පැවසීමට යනබවද මා දැන ගත්තේ කරුණේගෙනි. ගුණේරිස් මාමා සමඟම එළියට බැස්ස මාගේ තාත්තාද නැවත එනවිට මා හටද නින්ද ගොස් තිබුනි
මාගේ අම්මා හෝ තාත්තා මේ පිළිබඳ රාත්‍රියේ කිසිවක් නොපැවසීම මාගේ හිතට සහනයක් වීය. සැවොම ලතා අක්කාගේ දරුණු කම නිසා අප දුන් දඬුවම අනුමත කර ඇතැයි සහන සිතින් යුතුව මාද නින්දට වැටුනෙමි. ඒ සහනය තිබුනේ පසුදා උදෑසන වන තෙක් පමණි.
පසුදා උදෑසන වනවිට සියළුම සිද්ධිය අමතකව අප ලතාට හොඳ පාඩමක් ඉගැන්වූ බව පමණක් හිතේ රන්දන සතුටක් පමණක් ඇතිව නිදි පැදුරෙන් නැගිට මුව කට සෝදා ගත්තේ ඒ වනවිටත් අම්මා සාදමින් තිබුනු රසම රස ආප්ප හකුරු සමඟ කෑමටයි. නමුත්..
"කන්ඩ දෙන්ඩත් එපා.. තේ කහට දෙන්නත් එපා"
තාත්තා හොරහැඩි හඬින් පවසා පොත් අල්මාරිය උඩ වූ වේවැල අතට ගත්තේය.
මා හට කිසිවක් සිතීමට පවා ඉඩ නොතබා කනෙන් අල්ලා කරකවා ගත්තේය. කන ගැලවී යන්නට තරම් වේදනාවක් දැනෙද්දී තාත්තා මා ඇද ගෙන යන්නේ කොහාටද ? අම්මා දොරකඩට වී කම්මුලට අත තබා ගෙන බලා සිටී. නමුත් වෙනදා මෙන් තාත්තාට හයිකාරකම් දමා මා බේරා ගැනීමට නො ආවාය. තාත්තා මා ගේ කන අත නොහැරම ඇද ගෙන ගියේ අඩි පාර දිගේ අප ලතා බැඳ දැමූ කොට්ටම්බා ගස වෙතටයි. ඒ වනවිටත් අපගේ කොළු නඩයේ 10 දෙනකු පමණ එලෙසම ඇද ගෙන විත් කොට්ටම්බා ගසට තබා බැඳ ඇති බව මා දුටුවේ එවිටයි. ඒ සියල්ලන්ගේම තාත්තලා තම අතවූ වේවැල් ගෙන ඒවායේ ශක්තිය උරගාන්නට මෙන් ඒ අතට මේ අතට නවමින් සිටියෝය.
සම්පූර්ණ කොලු නඩයම වූ 12 දෙනාම මහ කොට්ටම්බාව වටේ බැඳ දැමූ විට හඬ අවදි කලේ පහල ගෙදර මුදියන්සේ මාමායි.. ඒ වනවිටත් හඬමින් සිටි අප හට ඔහු කීවෙ,
"කොළු කම එකයි.මේ ඊයෙ කරපු අසමජ්ජාති වැඩේ වෙන එකයි... තොපිලා මෙහෙම කරලා හැදුනොත් අපි මලගිය දවසක මිනිස්සු අපේ මිනීවලටත් කෙල ගහලා සාප කරයි .. තොපිලා වගේ පාහරයො ටිකක් ජාතක කෙරුවයි කියලා.. එහෙනම් පටන් ගනින් මලේ"
අප වේදනාවෙන් විලාප දෙද්දී කකුල් දෙකේ හම කැඩී තුවාල වී ලේ වැක්කෙරෙන තුරුම අප හට වේවැල් පහර වැදිනි. තාත්තලාගේ මුහුණෙ වූයේ කෝපයකද නැත්නම් ශෝකයක්ද යන්න මට අදටද මතක නැත.
කකුල් දෙකේම තන්ඩියෙන් පහල පිළිසෙන්නාක් මෙන් වේදනා දෙද්දී ඔවුන් තැලීම නැවැත්තුවේය.
"ගෙනාපන් සියාතු මලේ ඔය ටික"
එක කොල්ලාට එක බැගින් දිමි ගොටු ඇඟට හලනු ලැබීය.. දිමියන් කෑ විට දැනෙන පිලිස්සී යන වේදනාව නොදැනුනු අයෙකුට එය තේරුම් ගත නොහැක. අප හට ඒ වන විට විලාප දෙන්නටවත් පන බිඳක් තිබිනිදැයි මතක නැත.. දැඟලිය හැකි අයුරින් දඟලමින් සිටීයේ ඇඟ පුරා දුවන දිමියන් බිමට දමා ගැනීමටයි..අප කොළු නඩේ සිටි කීප දෙනෙකුටම ඒ වන විටත් කලිසමේම රෙවී ඇති බව අප දැන ගත්තේ පසුවය..
"බුදු සීවරන් දෙයියනේ මේ තිරිසන්නු ටික මොකද මේ කිරිසප්පයින්ට කරන්නේ ?"
නැවතත් තැලීමට වේවැල් මානා ගත් අපගේ තාත්තලා දෙපසට තල්ලු කරමින් අප දෙසට ආවේ කවුදැයි කියා ඔබට සිතිය හැකිද ?.
දැස් අග විශාල කඳුළු බිඳු දෙකක් පුරවා ගත් ගුණෙරිස් මාමාගේ මුහුණ සහිත එදා දුටු රුව අවුරුදු ගනනාවක් ගියද අද දිනද මාගේ සිත තුල තැන්පත් වී ඇත්තේ මෙය ඊයේ සිදු වූවක් මෙන්ය..
"තොපි හැත්ත මේ නොදරුවො ටික මරන්නද යන්නෙ යකුනේ?"
විලාප දෙමින් අප සිටි ගසත් තාත්තලාත් අතර මැදට වී දෑත දෙපසට විදහා ගනිමින් අප ආරක්ශා කිරීමට තතනන ගුණේරිස් මාමාගේ හඬ තව තවත් උස් වේ..
"මන් ඊයේ තොපිලට විඩෙන් විඩේ මොකද්ද කිව්වෙ යකුනෙ ? මගේ කෙලීත් කෙලි කමට කරන්නෙ මේ කොල්ලන්ව අල්ලන් තඩි බාන එක..කොළු කම් වලට කරන වැඩ වලට මෙහෙම...
කකුල් වල ලේ මතු වෙන කම් තලලා..
කන්දෙ දෙයියනේ මොන තිරිසනාද මේ කිරි සප්පයින්ට දිමි දැම්මෙ?"
ගුණේරිස් මාමා හනි හනික අපව ලණුවලින් ලිහමින් තම කරේ දමා උන් ලේන්සුව ගෙන අපගේ ඇඟේ වූ දිමියන් පිහ දමන්නට වූයේය..
අපගේ සිතට ඒ වෙලාවෙ දැනුනු හැඟීම් අකුරු , වචන වලට හරවන්නට මෙම ජීවිත කාලයේදී නම් නොහැකි වනු ඇතැයි මා සිතමි..
"පලයල්ලා තිරිසන් හැත්ත ගෙවල් වලට.. අම්මාපල්ලා දැම්මම තොපිලා නොගියොත් මන් වස් කවි කියනවා උඹලා සේරටම"
ඔහු අපගේ තාත්තලාට අණ දුන් සැනින් වස් කවි වලට බියේ ඔවුන් පිරිස පසු බැස්ස අතර...
"යමල්ලා පුතුනේ මන් අපේ කෙලීගේ දිමියො කාපුවට ගාන්න හදපු බෙහෙත් ඇති ඒ වා ගා ගන්න පුළුවන්"
අප සියල්ලම රැගෙන ගියේ ගුණේරිස් මාමාගේ ගෙදරටයි.. මාමා සහ නැන්දා කරුණේද එකතුව අපගේ වේවැල් තුවාල වලටද අත් බෙහෙතක් ගාමින් දිමියන් කැ තැන් වතුරෙන් සෝදා බෙහෙත් ගැල්වීය. කරුණේගේ සරම් කෙටි කීපයක් ගෙන අපගේ කීපදෙනකුම රැගෙන ලිඳ වෙතට ගොස් සුද්ද පවිත්‍ර කරවා ගෙන ආවේ නැන්දායි..අපගේ දෙමවිපියන් ඔවුන් දෙදෙනාගෙන් ලද දෙස් දෙවොල් කන්දරාව ඇසීමට ළඟ සිටියා නම් මැන්වැයි අපට සිතුනේ එක් වරක් නම් නොවේ
අප සියල්ලටම මීට මොහොතකට පෙර ලැබුනු ශාරීරික දඬුවම මෙතරම් දරුණු නොවීය..
අපගේ තාත්තලාට දෙස් දෙවොල් තබමින්..අපගේ ලොකු තුවාල දෙස බලමින් කඳුළු හෙලමින් නැන්දාද තම උදය වරුවම ගත කලේ අප හට සලකන්නටයි. අවසානයේ අප හට කුරහන් රොටීද සාදා කන්නට දුන් පසු නිවසේ පසු පස කාමරයකින් එලියට පැමිණියේ ලතාය.
ඈට කිසිම තුවාලයක් සිදු නොවූ නමුත් දිමියන් කෑ තැන් වල පමණක් බෙහෙත් ගල්වා තිබුනි.
අප දොලොස් දෙනාටම එතනම පොළව පලා ගෙන යන්නට හැකියාව තුබුනා නම් එලෙස කරනවා නොඅනුමානය.
"මන් හින්දනේ ඔය ගොල්ලන්ට මෙහෙම ගුටි කන්ඩ උනේ"
ලතාගේ හඬ අප කන් වල දිගු කාලයක් යනතුරු රැව් දුන් බව නියතය.
මෙම සිද්දියෙන් පසුව අපද ඈට ලතා අක්කා යනුවෙන් ආමන්ත්රනය කිරීමත් ඈද හේතු රහිතව අප කොල්ලන්ට තඩි බෑමද නවතා දැමීමත් සිදු වීය.
අප නිවසට ගොස් කීප දිනක්ම යනතෙක් මව විසින් කකුල් දෙකේ වූ තුවාල වලට බෙහෙත් ගැල්වූවාය.. මීට පෙර දින වල වේවැල් පාර කා සිටින විට මව පියාට දෙස් දෙවොල් තැබූවද මෙවර ඇආ ගොළු වත රැක්කේ එම දඬුමව සාධාරනීකරනය කරමිනි..
අපද කිසි දිනක එම දඬුවම පිළිබඳ වෛරයකින් සිතීමට උත්සාහ නොගත්තේ කොළු කමට වූවද අප කල වැරැද්දට එම දඬුවම සෑහේ යැයි අපගේ සිත් තුල මුල් බැස ගත් නිසාවෙනි..
වර්තමාන පරිසරය තුල ගිළුනු අයකුට මෙම සිද්ධිය හා බැඳුනු අප ලද දඬුවම ඉතා කෲර යැයි නීතිමය අංශ, සාදාචාරමය අංශ හා ළමා අයිතිවාසිකම් යන අංශ වලින් කරුණු ගෙන හැර පාමින් නොබිඳිය හැකි සේ ඔප්පු කල හැක..
නමුත් ඒ කෙසේ වෙතත්..
මවිල් වලින් ගැවසී වැසුනු කකුලේ වූ වේවැල් පහර වලින් ලත් තුවාල වල කැළල් දකින මා හට සිතෙන්නේ නම්..
මා දයාබර පියාණෙනි..නුඹලා එදා අප යහමඟ ගන්නට එලෙස නොතලා අප සුද්ද කරමින් පීඩිත වූ අයවළුන් මත වරද්ද පටවා අප බේරා නොගත් උත්තම ක්‍රියාව නිසා අපගේ ජීවිතයට ලං කලේ කුමක්ද ? එය කෙසේ වත් වචන වලින් විස්තර කල නොහැකි වූ අපූරවමය මිනිස් හදවත තුල නින්නාද වෙමින් අප ජීවත් කරවන හැඟුම් සමුදායක් බව නම් නොඅනුමානය.
අප නිවසට ගොස් කීප දිනක්ම යනතෙක් මව විසින් කකුල් දෙකේ වූ තුවාල වලට බෙහෙත් ගැල්වූවාය.. මීට පෙර දින වල වේවැල් පාර කා සිටින විට මව පියාට දෙස් දෙවොල් තැබූවද මෙවර ඇආ ගොළු වත රැක්කේ එම දඬුමව සාධාරනීකරනය කරමිනි..
අපද කිසි දිනක එම දඬුවම පිළිබඳ වෛරයකින් සිතීමට උත්සාහ නොගත්තේ කොළු කමට වූවද අප කල වැරැද්දට එම දඬුවම සෑහේ යැයි අපගේ සිත් තුල මුල් බැස ගත් නිසාවෙනි..
වර්තමාන පරිසරය තුල ගිළුනු අයකුට මෙම සිද්ධිය හා බැඳුනු අප ලද දඬුවම ඉතා කෲර යැයි නීතිමය අංශ, සාදාචාරමය අංශ හා ළමා අයිතිවාසිකම් යන අංශ වලින් කරුණු ගෙන හැර පාමින් නොබිඳිය හැකි සේ ඔප්පු කල හැක..
නමුත් ඒ කෙසේ වෙතත්..
මවිල් වලින් ගැවසී වැසුනු කකුලේ වූ වේවැල් පහර වලින් ලත් තුවාල වල කැළල් දකින මා හට සිතෙන්නේ නම්..
මා දයාබර පියාණෙනි..නුඹලා එදා අප යහමඟ ගන්නට එලෙස නොතලා අප සුද්ද කරමින් පීඩිත වූ අයවළුන් මත වරද්ද පටවා අප බේරා නොගත් උත්තම ක්‍රියාව නිසා අපගේ ජීවිතයට ලං කලේ කුමක්ද ? එය කෙසේ වත් වචන වලින් විස්තර කල නොහැකි වූ අපූරවමය මිනිස් හදවත තුල නින්නාද වෙමින් අප ජීවත් කරවන හැඟුම් සමුදායක් බව නම් නොඅනුමානය.
"මට තවමත් හය්ය තියෙනවා උඹලට ඒ කාලෙ වගේ ගහන්න"
කියමින් හිකි හික් ගාන ලතා අක්කා අද ලොකු දරුවන් සිටින මවකි..
ඉහත සිද්දිය මතින් අප ගුණේරිස් මාමාගේ පවුල වෙත ජනිත වූ ගෞරවනීය හැඟීම අදටත් බිඳක් වත් නොවෙනස්ව පවතී...
කියමින් හිකි හික් ගාන ලතා අක්කා අද ලොකු දරුවන් සිටින මවකි..
ඉහත සිද්දිය මතින් අප ගුණේරිස් මාමාගේ පවුල වෙත ජනිත වූ ගෞරවනීය හැඟීම අදටත් බිඳක් වත් නොවෙනස්ව පවතී...
වේවැල පාසලින් ඉවත් කර දැන් බොහෝ කල්ය. මවිපියන් වූවද ළමයින්ට තැලීමට ඉඩක් නැත්තේ ළමයින්ගේ භාරත්වය තිබෙන්නේ අධිකරණය සතුවයි..
මා කිසිවිටෙක ළමුන්ට හොඳ නරක කියා දීමට ශාරීරික දඬුවම් දීම අනුමත නොකරමි. නමුත් අද සිටින මා යනු මෙවන් සිදුවීම් සියල්ලකම එකතුවක් බව මට හැඟේ..
බුදු අම්මෝ ..... මේක නම් මහ කෘෘර වැඩක් අයියා. ඔහොමත් ගහනවද ළමයින්ට. පහුගිය අවුරුදු විසි ගානටම අපේ තාත්ත මට එකපාරක්වත් ගහල නැත්ද කොහෙද.
ReplyDeleteඒ වුනාට ඔය සීන් එකෙන් ත්‍රාසජනක යොවුන් නවකතාවක් ලියන්ට තිබ්බා.
ඒ කාල සීමාව ඒ වාතාවරනය බැලුවහම අපේ දෙමව්පියො තමන්ගෙ ළමයින්ගෙන් අනුන්ට කරදරයක් වෙනවට තරම් තවත් බය නොවිච්ච දෙයක් තිබ්බෙම නෑ..ඒ නිසාම වෙන්න ඇති ඒ වගේ සිදුවීම් වලදි මීට වඩා දරුණු දඬුවමක් දීලා හරි ඒ වැරැද්ද හරි ගස්සාගන්න ඒ අය පෙළඹෙන්න ඇත්තෙ..ඒක කලේ අපිට වැඩිමනත් ආදරෙන් අපේ අනාගතේ ගැන හිතලා මිසක් වෙන දෙයකට නෙවේ..අද බහුතරයක් ළමයි හොඳයි..ඒ නිසා දෙමව්පියන්ට අරහෙම දඬුවම් දෙන්න අවස්ථා නැතුවත් ඇති මයේ හිතේ !
Deleteඇත්ත කිව්වොත්...පහුගිය දවස්වල ලිපි ටිකක් කියවං යද්දී පැටලිලි වැඩි හින්දා අතර මගදී කියවීම අල්ලලා දාලා උඩින් පල්ලෙන් කියවං ගිහිං ඔය මොනවා හරි කොමෙන්ට් එහෙකට අගක් අල්ලලා නිකං හිටියා... ඒත් අද ලිපියනං ඔන්න එක දිගට අඩු නැතිව කියවං ගියා... හේතුව උවමනාවටත් වඩා පටලෝලා පටලෝලා ලියන එක හැකියාවක් උනත් දිගින් දිගිටම පැටලිලි ලෙහ ලෙහ ඉන්න මං කම්මැලි වීම... අදනං ඉතිං පැහැදිලි වතුරක පතුල වගේ කතාව...
ReplyDeleteපොඩි කාලේ කොරපු කියපු දේවල් ගැන හිතනකොට මට අදටත් හුගක්ම කණගාටු හිතෙන්නේ ඒ දවස්වල රණ්ඩු උන..ස්ථීර තරහා කාරයෝ හැටියට සලකලා කල්ලි බෙදං සටන් කරපු දේවල් ගැන... ඇත්තටම ඒ තරහා මරහා වලට කිසිම හේතුවක් තිබුනේ නැති තරං... ඒකෙන් උනේ ආස්සරේ කරන්න ඕන හුග දෙනෙක්ව ඒ ඒ කාල වලදී අතෑරුන එකයි... ලතා අක්කා මට මතක් කලේ ඒ අතෑරුන සමකාලීනයින්ව....
දඩුවම ගැනනං කතා කරන්න එපා..පාරෙ ගිය ජෝඩුවකට කුණු හබ්බෙන් බැනලා අම්මා මාව ඉස්සරහ පොල් ගහේ බැදලා ගැහුවේ..අනේ අම්මේ... තාත්තා එනකල්ම මං ගහේ...
වේවැල ගැන හුගක් විවාද තිබුනා උනත් වේවැල තිබිය යුතුයි කියලා මං හිතනවා.. ඒත් ඒ වේ වේවැල අත දරන්න තරම් ප්‍රඥාවන්ත මිනිස්සු අද නැති එක ගැන හිතුවම වේවැල අහක් වීම ගැන උනත් වැඩි දෝෂයක් කියන්න බැහැ...
ඔව් මල්ලි කතාව ඇත්ත..අද වේවැල දැරිය යුතු අත සතු ප්‍රඥාව පිළිබඳ නම් මටත් එතරම් පැහැදීමක් නෑ.. එතකොට එහෙම වෙච්ච එක හොඳා කියලයි මමත් කියන්නෙ...
Delete//ඇත්ත කිව්වොත්...පහුගිය දවස්වල ලිපි ටිකක් කියවං යද්දී පැටලිලි වැඩි හින්දා අතර මගදී කියවීම අල්ලලා දාලා උඩින් පල්ලෙන් කියවං ගිහිං ඔය මොනවා හරි කොමෙන්ට් එහෙකට අගක් අල්ලලා නිකං හිටියා...//
Deleteමම දැන් කරන්න යන්නෙත් ඒක බොල..
දිග වැඩි.. පස්සෙ බලමි..
ජය !
හා සෑම් නිවාඩු පාඩු වෙලාවක ඇවිත් එහෙනම් ඉතුරු ටිකත් කියවන්නකෝ...
Deleteඅර දඬුවම ගැන කියනකොටනං ඇඟ හිරි වැටිලා ගියා..බුදු සන්තෝ එහෙමත් කරන්න පුලුවන්ද ..???
ReplyDeleteකොහොම වුනත් උඹනං වෙනි අයියෙ නියම ළමා කාළයක් ගෙවල තියනවා...
අපි වින්ඳා උනත් ඒ දඬුවම වැරදී කියන්න මන් නම් මොහොතක්වත් හිත හදාගන්නෙ නෑ..අපි කල නොහොබිනා වැඩේ ?!
Deleteහරිම ලස්සන පෝස්ට් එකක් බං වෙනියෝ. මට මොකුත් කට කැඩිච්ච කතාවක් කියන්න හිතෙන්නෙත් නෑ බං.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අපොයි හෙන්රි ඕන් ඔහෙ මොනා හරි කියලා දාන්ඩ කමක් නෑ.. :-D
Deleteදැන් ළමයින්ට ඔහොම ගහන්ට බැහැ එත් ඒ කාලේ කාපු ගුටි විඳපු දඬුවම් දැන් මතක් වෙනකොට මාර ආතල්.
ReplyDeleteඔව් දඬුවමේ හරය හරියටම තේරෙන දැන් මරු ආතල්..වගේම අපේ දෙමව්පියො ගැන ඇතිවෙන හැඟීම..
Deleteඅදිකරණයට හොරා හරි ලමයිට ටිකක් තලන්න ඕනි..නැත්තං ළමයි කිසිම ප්රචන්ඩ ගතියක් නැති සමනල්ලු වෙනවා..මේ සමාජයේ දි සමනල්ලු නිකම්ම ඕනි දේකට අහුවෙනවා...
ReplyDeleteළමයින්ට තලන්න ඕනි ප්රචණ්ඩ ගති ඇති කරන්නද ? නැතිනම් යම් වැරැද්දක් කලොත් ඒකටද ? සෘණාත්මක බලගැන්වීම කියන දේ තාමත් සමාජයේ තියෙනවනෙ..නීතියෙන් දඬුවම් ලබා දීලා හරි ගස්සන්න ඉස්සෙල්ලා ඒ අය වරදින් මිදෙනවනම් හිත ඇතුලෙ තියෙන වැරැද්දට බිය කියන දේ ඉස්සරහට තල්ලු වෙලා..
Deleteමමත් වින්දලා තියනවා ඔය දිමි ගොටු දඬුවම...අපේ ජනවහරෙ කතාවක් තියනවනෙ නොගහ හදන එකා නිකන් හැඳි නොගාන කිරිහොද්ද වගේ කියලා..
ReplyDeleteදඩුවම ඒ වෙලාවට වේදනාකාරී වුනාට, ඒ වේදනාවා අනාගතයේ අතිවිය හැකි දරුණු වේදනා රාශියකින් අපව මුදා ගන්නවා..
මට මතකයි අපේ තාත්තා, අපේ අයියාට ගැහුවා වේවැලක් කැඩෙනකම්.. රුපියල් දෙකක් හොරකම් කරපු වරදට.. ඒහෙම නොකරනම් සමහර විට අයියගෙ වර්තමානය මීට වඩා බෙහෙවින් වෙනස් වෙන්ඩත් තිබුනා.. ඒ පහරවල් වැදුනෙ අයියට විතරක් නෙමේ අපිත් ඒකෙන්, හොරකම කියන්නෙ හොඳ නැති, දැඩුවම් ලැබිය යුතු දෙයක් කියලා වටහා ගත්තා..
මගේ අදහසනම් අමානුශික නොවන ලෙස, දෙමාපියන් සහ ගුරුවරුන් විසින් ළමයින්ට දඩුවම් පැමිණවිය යුතුයි. ඔවුන්ට ඒ නිදහස තිබිය යුතුයි..
ලමයින්ගෙ භාරකාරත්ත්වය අධිකරණයට තියන නිසා දෙමාපියන්ට දඬුවම් දෙන්ඩ බැරි එකනම් විහිළුවක්.. ඔය අධිකරණයම තමයි පස්සෙ වැරදි මග ගිය ළමයාට ඊට වඩා දඬුවම් පමුණුවන්නෙ.
වෙනි අයියෙ, අර උඹේ විවේචකය හැමදාම උඹට ඔහොම බනින තරමට මම කැමතියි.. එතකොට අපිට නිතරම මේ වගේ හොඳ ලිපි කියවන්ඩ ලැබෙයි...
අධිකරණය හා ළමයා පිළිබඳ ඒ තත්වය නම් විහිළුවක් තමයි..ළමයින්ට තලලා වැරැද්දට බය කරන්න දෙන්නේ නෑ..ලොකු වෙලා වැරදි කලහම දඬුවම්කරන්න ලේස්ති වෙනවා..
Deleteඒ විවේචකයා..මගේ සොඳුරු නිර්දය මිතුරා ඔහුට නම් මන් ණය ගැතී..
"වර්තමාන පරිසරය තුල ගිළුනු අයකුට මෙම සිද්ධිය හා බැඳුනු අප ලද දඬුවම ඉතා කෲර යැයි නීතිමය අංශ, සාදාචාරමය අංශ හා ළමා අයිතිවාසිකම් යන අංශ වලින් කරුණු ගෙන හැර පාමින් නොබිඳිය හැකි සේ ඔප්පු කල හැක.."????
ReplyDeleteදඬුවමට කලින් කරපු වරද ගැන කතා කරලා ඉමු. අද කාලෙ අනුව ඒ වරදත් ගොඩක් බරපතලයි. ලතා ඇත්තෙන්ම මිය යන්නට තිබ්බ එදා ගුටි කෑමෙන්, දිමි විසෙන් හෝ දෙකෙන්ම. ඒ කොටස කියවනකොට මගේ ඇඟෙ මයිල් කෙලින් උනා. අදටත් ඔය වගේ දඩබ්බර කොලු ගැටයින් සහා වැඩි හිටි පිරිමින්ගෙන් (සිතා මතා හෝ නොවැටහීමෙන්, තිරිසන් කමින්), ලොකු පොඩි ගැහැණු, මොනතරම් අතවරයට මරණයට පත් වෙනවද?!?!
ඔයාලා ගෙ වාසනාවකට ලතාට මොකුත් උනේ නැත්තෙ. නැත්නම් අද මේ වගේ බ්ලොග් පොස්ට් එකක් නෙවේ ලියන්න වෙන්නෙ.
ලතාගෙ දෙමව්පියන්ගෙ කරුණාව ලතාගෙ නරක ගුනෙත්, ඔයාලගෙ වරදත්, දඩුවම් දුන්න දෙමව්පියන්ගෙ සිතුත් සුව කලා කියලා කියන්න පුලුවන්.
ඩී.
ඔව් ඇනෝ ඔබේ ප්‍රශ්ණාර්ථ ළකුණෙන් කියවෙන්නෙ නම් ඔබ පහු ගිය කාලවල මාධ්‍ය වල ළමයින්ට තලලා නීතියෙන් දඬුවම් ලද දෙමව්පියන් පිළිබඳ කියවලා නැති හැඩයි. එතන අධිකරනය ළමයට ගැහුවෙ ඇයි කියන එක එච්චරම සැලකිල්ලට අරන්ද කියන එක ප්‍රශ්ණයක් නේද ?
Deleteඉතුරු කරුණු හා 100%කම එකඟයි...ඇත්තටම අපි කොයි තරම් ගුටි ඇන්නත් ලතාගේ ඇඟේ සීරීමක් වත් තිබ්බෙ නෑ..අර දිමියො කාපු ඒවා ඇරෙන්න..ඒත් ඔබ කී දෙය වෙන්න තිබුනා.. හිතන්න එතන හිටි සර්පයෙක්වත් ඈව දශ්ඨ කලා නම්..ඈ බැඳලා තිබ්බ ලණුව ගලවගන්න ඉස්සෙල්ලා..
ළමයින්ට සහ කාන්තාවන්ට අතවර කරන පිරිමින්ගේ ළමා කාලය ගැන පර්යේෂණයක් කරන්න මාත් ආසයි..ඒ අයගේ දෙමවිපියො ගැන පවා..
මගේ කොමෙන්ට් එක වෙනි අයියාට තේරිලා නෑ, එහෙම නැත්නම් මම තේරුම් යන විදිහට ලියලා නෑ. මම කිව්වෙ ළමයින්ට තලන අම්මලා විතරක් නෙවේ උසාවියෙ වැරදි කරු වෙන්නෙ, අර වගේ වැරදි කරන ළමයිනුත් උසාවියෙදි වැරදි කරුවන් බවට පත් වෙනවා. ඔයා දඬුවම හයිලයිට් කරද්දි මම මුලට ගිහින් වැරැද්දෙ බරපතලකමත් හයිලයිට් කලා. දැට්ස් ඕල්.
Deleteඩී.
පී.එස්.: නමට "ඩී." දාලා සයින් කරලා තියෙද්දි ඇයි මේ "ඇනෝ" කියලා අමතලා?! අපි කලුද??? :)))
ඇයි ඔයා ෂුධුධ..?
Deleteතිත් දෙකයි පී...
සමාවෙන්න ඇනෝ ඩී..ඔව් මම එකපාරටම ඔබේ පිළිතුර පටලවා ගෙන.. ඩී ???
Deleteඅපොයි වෙනි අයියේ... ළමයි නොදැනුවත්කමට හරි කරපු දේට අම්මලා තාත්තලා වැරැද්ද වහන්න යන්නේ නැතුව කරපු දේ නම් ඇත්තටම අගය කරන්න ඕනේ.. අනිත් එක ලතාගේ අම්මගේ තාත්තගේ තිබිච්ච දැනුවත්කම, කරුණාව නිසා ඒ තුවාල වල කැලල අදටත් ආඩම්බරයක් වෙන්න ඇති... ඒ චුට්ට ඇතුලේ කොච්චර ලොකු මානුෂිය ගුණ ගොඩක් තියෙනවද...
ReplyDelete//ළමයින්ට සහ කාන්තාවන්ට අතවර කරන පිරිමින්ගේ ළමා කාලය ගැන පර්යේෂණයක් කරන්න මාත් ආසයි..ඒ අයගේ දෙමවිපියො ගැන පවා..//
මාත් ආසයි.. CSI එක් වෙග් තියෙයි.... හි හි
ඔව් මෙතන අපි කල නොහොබිනා වැඩේ සහ ලබපු දඬුවම ට වඩා අපට මතක තිබ්බේ ගුණේරිස් මාමලගේ තිබ්බ මානුශීය ගුණාංගය..කොලු කාලෙ කොල්ලො කෙල්ලො ගහ ගත්තට මොකද වෙන්නෙ ? පහු වෙන්දාට මේන් මුන් යාළු වෙනවනෙ කියන මතයෙ තමයි හැමදාම හිටියෙ ..
Deleteමනුස්ස කං වෑහෙන කතාවක්.
ReplyDeleteඒ වගේම ලතා අක්කට ලැබුන දඬුවම වැඩියි වගේ.
ඔව්, දයාල් බතී.. අපිට තාමත් ලැජ්ජයි ඒ කරපු වැඩේ ගැන..අනේ මන්දා ඒ කාලෙ අපි හිතපු හැටි..
Deleteදඬුවම සැර බව ඇත්ත. ඒත් ඒ කාලෙ ඕව සාමාන්‍යයි. වැරැද්දවත් දඬුවමවත් නෙවේ මගේ හිත ඇදිල ගියේ ඒ කාලෙ සුන්දර ළමා කාලෙට.
ReplyDeleteඔව් රාජ්..ඔය සේරම මැදින් තිබ්බෙ සුන්දරම සුන්දර කාලයක් තමයි..
Deleteසිකේ කෙල්ලෙක්ට ගහන්න ගියානේ කොල්ලෝ සැට් එකක්ම.
ReplyDeleteඒ අතරෙත් අපි ලතා අක්කගෙන් ගුටි කීයක් නම් කෑවද ?
Deleteබලාගෙන ගියාම මග්ගොන යවන්න ඕන එකෙක්නේ සම්මන්ත්රණ පවත්වන්න යවන්නේ... කතා කරපංකෝ බලන්න කාන්තා හිංසනය ගැන එහෙම...
ReplyDeleteහොඳ වෙලාවට මග්ගොන යැව්වෙ නෑ..මාතලන්..
Deleteපොඩි කාලේ ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ පොතේ විතරක් නෙවි..ස්තුතියි වෙනී අපුරු සංවාදයක් මතු කලාට..
ReplyDeleteඒත් අපි අමතක කරන්න නරකයි දැන් ඉන්න දෙමව්පියන් හා වැඩිහිටියන් ඒ දවස්වල හිටිය අයට වැඩිය වෙනස් කියන එකත්..
ඔව් රූ ඇයි ළමයිත් වෙනස්නෙ..හැමෝම මුහුන දෙන්නෙ වෙනස්ම පරිසරයකට තමයි..
Deleteලංකාවෙත් ඔහොම දැන් ගහන්න බැරිද? එහෙනම් ඇමරිකාවේ වගේ ළමයි ඉඳි අපේ රටෙත්. බූරු තීන්දු.. අපිමනේ චන්දෙ දුන්නේ ඉතින් මොකටද බනින්නේ... මම නම් ජන්දේ දෙන්නේ නෑ වසර කීපෙක ඉඳං..
ReplyDeleteඔව් ක්සැන්ඩර් ලංආක්වෙ නීතිය හරි සැරයි.. දැනටමත් දෙමව්පියො , ගුරුවරු ගොඩක් හිරේ ලැගලා තියෙනවා මේ සීන් එකට..
Deleteහපොයි.. එහෙනම් ඉතින් මමත් හිරේ තමා.. මොන බුරුවද ඔය නීති ගෙනාවේ? නොගහ කොහොමද ළමයි හදන්නේ?
Deleteඔව් ඒත් ඇත්ත තත්වෙ ඕකයි !
Deleteමාර්ටින් වික්‍රමසිංහගේ පොතක ගමේ කොලු ගැටව් ටිකක්, කවුදෝ ගෑනු ලමයෙක් අල්ලගෙන කැලෑවට ගිය හැටි මතක් උනා...මඩොල් දූව???
ReplyDeleteඒ එක්කම තව කතාවක් මතක් උනා. ලමයෙක් හොරකම් කරලා, අම්මට ඒක ගෙනත් දුන්නාම , අම්මා ලමයට හොඳ පුතා කියලා පස්සේ ඒ ලමයා හොරෙක් උනු කතාව. වෙනිගේ පියා මෙහෙම නොකලා නම් අද වෙනී කොහොම කෙනෙක් වෙයිද කියලා හිතුනා.:)
ලමා මනස සුන්දරවගේම, එක්තරා අතකට දරුණුද කියලත් හිතෙනවා දැන් කාලේ පාසැල්වල සහ සයිබරයේ සිද්ධවෙන දේවල් බැලුවාම.
//ඒ එක්කම තව කතාවක් මතක් උනා. ලමයෙක් හොරකම් කරලා, අම්මට ඒක ගෙනත් දුන්නාම , අම්මා ලමයට හොඳ පුතා කියලා පස්සේ ඒ ලමයා හොරෙක් උනු කතාව.\\
Deleteඒ ළමයා උසාවියෙන් වරද කාරයා වෙච්චි වෙලාවේ, වරෙං අම්මේ රහසක් කියන්ට කියලා අම්මාව ගෙන්නා ගන්නවානේ. අම්මා හිතන්නේ නිධානයක් තියෙන තැනක් තමයි කියලා. ගියාට පස්සේ රහස කියන්න ලං වෙලා පුතා අම්මාගේ කණ කටින් කඩා ගත්තාලු. උඹ එදා මාව හරියට හැදුවා නං අද මෙහෙම වෙන්නේ නැහැ අපි දෙන්නාටම කියලා... කොච්චර අගේ ඇති කථාවක්ද නේද?
මටත් මතක් වුනේ මඩොල් දුව තමයි.
Deleteඔව් පොඩ්ඩි අද කාලෙ බහුතරයක් ඉන්නෙ මානසික අසහනයකින් කියලයි හිතෙන්නෙ..ඒක හරි ගස්සා ගන්නවත් ඒ අයට දැනුමක් නැද්ද මන්දා ? වචනයකින් හරි ගස්සා ගන්න පුළුවන් දේටත් අත පය විසි කරන කාලයක් ..
Deleteඔව් රන්දිල් ඒක තමයි කතාව ස්තූතියි අඩුව පිරෙව්වට
ඔව් මඩොල් දූවෙ සිද්ධියක් තමයි බින්දි..
මේකනං නියම කතාවක් වෙනී අයියා.
ReplyDeleteඇත්තටම දිමි ගොට්ටක් දාපුවාම නියමෙට ඇති නේද? යංතං එකෙක් ඇඟේ ගෑවුනත් මාර සනීපයි.
ප්‍රසා මල්ලි දන්නවා ඇතිනෙ එහෙ ඉන්න දිමි මෙහෙ කොළඹ උන්ටත් වඩා සැරයිද මන්දා ?
Deleteකරපු වැරැද්දට දී ඇති දඬුවම හෝ ඊට වඩා වැඩි හෝ අඩු හෝ දඬුවමක් දිය යුතුමයි. අවුරුදු 8-11 කාලේ මෙහෙම කලා නං, ඒකට දඬුවමක් ලැබුනේ නැත්නම්, 16-17 කාලේ වෙද්දී, ගෑණු ළමයෙක්ව අරගෙන ගිහින් මීට වඩා දරුණු වැඩක් කරන තැනට පත් වෙන්න ඉඩ තිබුණා.
ReplyDeleteඅපේ අම්මාත් අපිව ගහලා බැනලා තමයි හැදුවේ. කැටේට දාන්න දුන්නු සල්ලි වලින් කිරිටොෆි කාලා අහුවෙලා, ගහලා විතරක් නොවෙයි දණ ගස්සලා තිබ්බද කොහිද මාව. ඒක නිසා අද බස් එකේ යද්දිවත් කොන්දොස්තරට අමතක වුනත් සල්ලි ගන්න, දෙන්න මට අමතක වෙන්නේ නැහැ.
දරුවන්ට පහරක් දෙකක් දෙන්න වන අවස්ථාවකදී දෙන්නම වෙනවා. හැබැයි ඒ අපේ හිතේ ඇතිවන කේන්තිය පිරිමහන්නවත්, ඒ වෙලාවට තියෙන මානසික පීඩාවක් දුරු කරගන්නවත් නෙමෙයි. බොහොම පැහැදිලි මනසින් ඒක කරන්න ඕනෑ. මට හිතෙන විදිහට එහෙම නොවුනම තමයි අම්මලා තාත්තලා පස්සේ දුක් වෙන්නේ අයියෝ මම ළමයාට ගැහැව්වානේ කියලා. ආයේ ජීවිතේට ගහන්නේ නැහැ කියලා හිතා ගන්නෙත්. එහෙම නැතුව මෙයා කරපු වැඩේ ලොකු වැරැද්දක්, ඒකට මං පියවරක් ගන්න ඕනෑ කියලා හොඳට හිතලා දඬුවම ක්‍රියාත්මක කලා නං දුක හිතෙන එකක් නැහැ. මම සමහර වෙලාවට දුව කරන හරි නැති වැඩකට තදින් කථා කරනවා. එතකොට එයා අඬනවා. ඒත් මං දුක හිතන්නේ නැහැ. දැක්කේ නැහැ වගේ මගේ වැඩක් කර ගන්නවා. නැලවීම සහ අම්මා ඇයි එහෙම කලේ කියන එක පහදා දීම තාත්තා බලා ගන්නවා. තාත්තා සැර දාපු වෙලාවකට මං ඒ ටික බලා ගන්නවා. :)
"කරපු වැරැද්දට දී ඇති දඬුවම හෝ ඊට වඩා වැඩි හෝ අඩු හෝ දඬුවමක් දිය යුතුමයි. අවුරුදු 8-11 කාලේ මෙහෙම කලා නං, ඒකට දඬුවමක් ලැබුනේ නැත්නම්, 16-17 කාලේ වෙද්දී, ගෑණු ළමයෙක්ව අරගෙන ගිහින් මීට වඩා දරුණු වැඩක් කරන තැනට පත් වෙන්න ඉඩ තිබුණා."
Delete++++++
මගේ මුල් කොමෙන්ටුවෙන් කිව්වෙත් මේ ගැන. වෙනි අයියා පොඩ්ඩක් ඒක ටපලගත්තා, එක්කො මම ටපලලා :))))
ඩී.
\\බොහොම පැහැදිලි මනසකින් කරන්න ඕනි \\
Deleteසහතික ඇත්ත රන්දිල්..ආන්න එතනින් තමයි පටන් ගන්නෙ ඕනි..එතකොට ළමයි උනත් වෙලාවක තේරුම් ගන්නවා ඒකේ තිබ්බ යටි අරමුණ..
ස්තූතියි ඔබේ අදහසට..
@ඇනෝ ඩී.. දැන් නම් බොහොම පැහැදිලීයි... ඉක්මනට කියවලා මන් පටලව ගත්ත ඔබ කියන්න ගිය අදහස ..
මේ කතා ටික ඔක්කොම පොතක් වෙනවා නම් ඒක සුන්දර කෙටි කතාවක් වේවි ....
ReplyDeleteඔව් මහේශ් තව අවුරුදු කීපයක් ලියලා හොඳම කතා ටික එකතු කරලා පොතක් කරන්නත් අදහසක් මතුවෙමින් තියෙනවා..
Deleteහොඳ ආරම්භයක් එක්කම ලස්සනට කතාව ලියල..නිදහසේ කැමැත්තෙන් කියෙව්වේ..
ReplyDeleteජය වේවා සහෝ!
ඔබේ ඇගයීම වටිනවා ..
Deleteමුලින්ම ආවේ මේ අර මාරයට මඩක් කියල අපමණ චිත්ත ප්‍රීතියෙන් . ඒ වුනාට මනුස්සකම වෑහෙන කතන්දරයක්නෙ . අදට අමානුෂිකයි වගේ පෙනුනත් මේවා කාලයට සාපේක්ෂයි . ඒ වගේම අධිකරණ නීති අදට අවශ්‍යයි . මොකද තාත්තල අතින් දුවරු දුෂණය වෙන කාලයක් මේක
ReplyDeleteඔව් බින්දිගෙ කතාව හරි..අද මාධ්‍ය වලින් ඇහෙන දේවල් වලින් හිත කීරි ගැහෙනවා..නමුත් නීතියට කරන්න පුළුවන් දේ අල්පයි ඔතනදි..මිනිස්සුන්ගෙ ඔළුව හැදෙන්නෙ නැත්නම්..
Deleteමුලින්ම මට හිතුනේ වෙනියා දාන ඇඩ් එකක් කියලා. හප්පේ... මේකටනම් ක්‍රම කීපයකටම කමෙන්ට් දාන්න වෙනවා.
ReplyDelete1) සීරියස් මූඩ්
වෙනී අයියේ, උඹේ අම්මයි තාත්තයි හින්දා තමයි මේ තරම් පරිණත වෙනියෙක් ඉන්නේ. ඒ වගේම තමයි කොලු රෑනගේම තාත්තලා එකම මතයකට ආපු එකත් ඒ කාලේ සමාජ තත්ත්වය පෙන්නුම් කරන්නක්. දැන්නම් ළමයෙක් මොන බලු වැඩේ කලත් ගුරුවරයෙක් අතක් උස්සන්න හැදුවොත් ළමයයි අම්මලයි ඔක්කොම ඒ ගුරුවරයව උසාවි ගෙනිහින් තමයි පස්ස බලන්නේ.
//ඒ කාල සීමාව ඒ වාතාවරනය බැලුවහම අපේ දෙමව්පියො තමන්ගෙ ළමයින්ගෙන් අනුන්ට කරදරයක් වෙනවට තරම් තවත් බය නොවිච්ච දෙයක් තිබ්බෙම නෑ..///
අපේ තාත්තා කියලා තියෙනවා ලොකු නැන්ද පොඩි කාලේ ආතා ගහලා තියෙනවලු චූ යන්න.
2) බජාර් මූඩ්.
නොදකින් මෙහෙම *න්නයෝ රැලක්. කෙල්ලෙකුට ගහන්න කොල්ලො 12ක්. හරියටනම් තිබුනේ තාත්තලට උඹලගෙ කලිසන් ගලෝලා ගහන්න.
නියමයි එහෙම කමෙන්ට් කරන ක්‍රමෙත්..
Delete12 දෙනෙක් ඉඳලත් ලතාගෙන් අපි එදා කෑව ඇති වෙන්න..
ඇත්තටම වෙනී මචන් මේක නියම කතාව ,
ReplyDeleteගුණපාල මාමාගේ මනුස්සකම් ඉහටත් උඩින්.
මාත් අම්මගෙන් අප්පච්චිගෙන් ගුටි කාලා ඇති මදි නොකොයන්න
අද උනත් අම්ම තරජනය කරන්නේ "පොල්ලට ලොකු වළං නෑ" කියලා
:-)
වට රවුමේ (http://watarawuma.blogspot.com/)මුදියන්සේ
අපේ අනාගතය ගැන හිතලා ඒ අය දෙන දඬුවම් අපි ගන්න ඕනි සහ ඒවයින් ඉගෙන හත යුත්ත ඉගෙන ගන්න ඕනි..
Deleteහේ හේ....කොලු කාලේ කොලු කමට කරපු වැඩ මාට්ටු වෙලා ගුටියකුත් කෑවම තමයි ඒ වැඩේ සම්පූර්ණ වෙන්නෙ..
ReplyDeleteඅනිවා ගුටියක් කෑවහම තමයි ඒක සම්පූර්ණ වෙන්නෙම..එකඟයි ඒ අදහසට..
Deleteබුදු අම්මෝ භයානක දඩුවම්
ReplyDeleteඔව් අපි දීපු සහ ලබපු දෙකම.. ඒ නිසා බැලන්ස් !
Deleteඑක දෙයක් නම් අනිවාර්යයෙන් මට කියන්න පුළුවනි.. තාත්තා ඔය ගැන කල්ප කාලයක් හිතෙන විඳවන්න ඇති..අක්කාට හරි අයියාට හරි අතක් ඉස්සුවා නම් අපේ තාත්තත් දුන්නේ ගුටි තමයි වේවැලෙන්..
ReplyDeleteඇත්තටම සරත් අයියෙ..තාත්තා ඒ දඬුවම සාධාරනයි කියන මතයෙන්ම තමයි හිටියෙ..ඒ නිසා විඳවන්න නම් නැතුව ඇති..එන දුක නිවා ගන්ඩ ඇති අපි අනාගතයෙදි හැදෙයි කියලා..
Deleteකතාව නම් පස්ටයි... මම අදමද මන්දා මේ ඉසව්වට ආවෙ... දිගටම එන්නට බලාපොරොත්තු වෙමි... ලිවීමේ ශෛලිය අපූරුයි.. ඒ නිසාම කථාවෙන් කියැවෙන සිද්ධියෙ චිත්ත රූපත් මැවුනා... ජය !
ReplyDeleteස්තූතියි සිරා..මන් හිතන්නෙත් ආවමයි..
Deleteape loku amma issara gedara clz kara english.1- 11 wasara wala lamai awe.ape loku amma harima sarai eyata loku podi bedayak na gahanna giyama eya gahannama ona na saren kathakarath adatath mata kalisame chu yanawa mage amma pallai e tharam sarai mama chu kakka yannama eyagen guti kala thiyenawa eya dawasak mama 1 wasaredi dog kiyana ekata bog kiyala liyala chu yanna gahuwa.thawa dawasak cl awa podi ganu lamayek gedara wada karan awe nathuwa waren issarahata kiyala kiwwa.e lamaya issarahata awa gaman loku amma wewala gaththa e welawe e ganu lamaya kakul deka ekata thada karagena chu karanathana athin mirika gaththa baya wadikamata eyata gahannath kalin ethanama chu giya.puduma sarai ape loku amma dawasak mai mallii randu wela chu dala waren kiwwa api chu karala giya eda mage gawma ussala pantiya pahath karala gahuwa wewalen.palaweni parinma mage passa hitiwatila giya aith gahaddi mata chui kakkai giya.eth nawaththuwe na gahagena gahagena giya mama ka gahala aduwa.ita passe ath deka dik karapan kiwwa.mage athe agili walata wadinna haiyen wewalen gahuwa.mata aith chu giya.eka dakala mallitath kalisamema chu giya.ita passe maliwa adala aran eyage kalisama galawala gahagena gahagena giya wewalen eya uda panna ada ada.thunak witara gahaddi eya kagahuwaa ane kakka baraaai kiyala.eth nawaththuwe na malli ehemama bima wadi una eyata bada burulen giya.kakka yaddima eyawa adala aran aith wewalen passata gahagena gahagena giya.e gahapu parak malli chu karana thanata wadila budu ammooo gagena eya eka allagena bima peraluna.ita passe loku amma kiwwa aga sodan dennama waren kiyala.api aga hodan giya.ubala aith randu wenawada ahuwa.saren ahuwe mata ehema ahaddith kalisame chu giya.bohoma hodai ohoma thamai wenna ona aith waradi wada karana ekak naha kiyala loku amma kiwwa.ita passeth api sarin sare guti kala thiyenawa eth loku amma banina kotath e sidiwimen passe mage kalisame chu poddak yanawa
ReplyDelete