"අපෝ ඒ ටීවී එකේ බුබුළු හරියට පේන්නෙ නෑ.."
"කතාවෙ භාගයක් බලන කොට බිබිලි වැඩි උණා ටීවී එකේ"
රූපවාහිනී ආපුම කාලෙ ගමේ තිබුණු ටීවී දෙක තුනක් වටේට එක් රැස් වෙච්ච අපි ඔහොමයි ටීවී එකේ රූප වල කොලිටිය ගැන ඒ කාලෙ කතා බහ කළේ..ටීවී එකේ බුබුළු සහ බිබිලි වලින් කීවෙ පින්තූර හරි හැටි නොපෙනුන එකම තමයි..
වත්තෙ තියෙන උසම පොල් ගහේ හරි කොස් ගහේ හරි ඉඳන් තව අඩි 20ක් 30ක් උඩට උණ බම්බුවක ගැට ගහපු ඇන්ටනාව දිගේ ආපු සිග්නල් හරිම දුර්වලයි..අපී ඒ කාලෙ ටීවී බැලුවා කීවට වැඩියෙන්ම බැලුවෙ ටීවී එකේ යන්තම් ඇඳෙන රූප ජායා මාත්‍රයක් විතරයි..ඒ ටීවීත් කළු සුදු අඟල් 12 සහ 14 විතරයි ඒ කාලෙ තිබ්බෙ..ඒ උණාට දැන් අඟල් 60 සහ 70 හොඳම හොඳ ටීවී ගම පුරාම..ටීවී චැනලුත් අහු වෙනවා ඕසෙට..ඒවයෙ කොලිටිත් එමමයි..සමහර ඇන්ටනා ගෘහස්ථ ඒවා..එළියෙ තියෙන ඇන්ටනා උණත් අඩි 10ක් නැත්නම් 15ක් උස නෑ..අපි ඒ කාලෙ ටීවී බලපු හැටි ගැන කීවහම අද කාලෙ ඉන්න ළමයි ඒවා පිලි ගන්නෙත් නෑ..ඒ ගොල්ලො කළු සුදු ටීවී දැකලම නෑ..ටීවී එකේ වර්ණ බින්දුවට ට දමලා කළු සුදු කරලා පෙන්නුවහම කියනවා එහෙම බලනවට වඩා හොඳයි නිකන් ඉන්නවා කියලා..
ඉතින් ඒකාලෙ උණත් ගමේ තිබ්බ ටීවී 2-3න්ම හොඳටම පෙනෙන ටීවී එක බලන්න තමයි මන් පුරුදු වෙලා හිටියෙ..
"මෙහෙම කතා ලියලා ආයි අහ ගනින් කට්ටියගෙන් මේන් නයා.. මේන් දිග කියලා එහෙම..මට එහෙම කනු කුනු ගානවා නෙවෙයි"
මගේ බ්ලොග් ලියන ඒවා පල කරන්නත් ඉස්සෙල්ල කියවලා ඒවාට විවේචන දෙන මගේ යාළුවා කීවා..
ඕනි පුකක් ශත දහයයි කියලා දමනවා.
පුක කියන්නෙ කුණුහරුපයක් නෙවෙයිනෙ..
ඉතින් මට තියෙන එක ලෙඩක් තමයි ටීවී හරි කම්පුටර් එකේ හරි මොනවා හරි බලනවනම් තියෙන්න ඕනි එළ කිරි පහට..නැත්නම් බලන්න හිතෙන්නෙ නෑ..වීසීඩී (VCD) බල බලා ඉඳලා ඩීවීඩී (DVD) බලන්න ගත්තා.. දැන් බ්ලූරේ (BlueRay) බලන්න පටන් ගත්තා..ඒත් දෙයියනේ බ්ලූරේ බලල හිඟමනට පත් වෙන්න බැරි නිසාත්..ගත්ත එකම බ්ලූරේ ෆිල්ම් එක පෙනෙන්නෙ නැති නිසාත්..දැනට මන් ඒක නැවැත්තුවා..ඒ වෙනුවට මගේ යාළුවෙක් බාගත කරපු බ්ලූරේ කොලිටි ෆිල්ම් ටික බලනවා..ඔය ටික බලන් යන අතරෙ මට පෙනෙනවා..සමහර අයගේ තියෙන මොනිටර් එකේ පේනවාට වඩා මගේ මොනිටරේ පේන්නෙ කොලිටි අඩුවෙන් කියලා. හොයලා හොයලා හොයලා..වීජීඒ කාර්ඩ් (VGA CARD ) එකත් දැම්මා ඒ මදර් බෝඩ් එකට දමන්න පුළුවන් හොඳම එකක්..ඒත් අවුල එමමයි..ටිකක් කොලිටි වැඩි උණාට..එතනින් එහා යන්නෙම නෑ..ආයිමත් හොයා හොයා ගෙන යනකොට අහු උණේ ආ වීජීඒ කේබල් (VGA Cable) එක තමයි අනිත් බාධකය කියලා.. දැන් ඉතින් ගනුකො ඩීවීඅයි කේබල් (DVI Cable ) එකක්..
මමත් සුපුරුදු පරිදි මන් කම්පියුටර් පාට්ස් ගන්න යුනිටි ප්ලාසා එකේ ප්රිටෙක් සිස්ටම් (Pretec Systems) එකට ගියා..
මේ සේරම කට්ටෙ කන්නෙ දැනටමත් හොඳට පේන කම්පියුටරේ ෆිල්ම් බැලිල්ලයි.ඒකට ගහලා තියෙන යූඑස්බී ටීවී ගැජට් එකෙන් බලන ටීවී බැලිල්ලයි නිසා කියලා මතක් වෙනකොට මගෙ හිත ආයිමත් ගියේ අතීතය වෙතට..අපි ටීවී බලන කොලු ණඩයෙ හිටිය සුදුම කොල්ලා තමයි සුනිල්..
අපි ටීවී බලපු ගෙවල් තුනෙන්ම හොඳටම ටීවී පෙනුණෙ ගුණපාල මාමලගෙ ගෙදර ටීවී එක තමයි..ගුණපාල මාමයි නැන්දයි විතරයි ගෙදර හිටියෙ එයාගෙ පුතාලා දුවලා සේරම ගමෙන් පිට වෙල ගිහින්..ඒ නිසාම ඒ දෙන්න අපි කොලු රැළට හරිම ආදරෙයි..ටීවී බලන්න ගියහම තේ එකක් මන්වහරි හපන්න දෙයක් වරදින්නෙම නෑ..ඒත් ඒ සැලකිලි ටික සේරම එකපාරටම නැතිවෙලා ගිහින් අපි කොලු රැලටම ඒ ගෙවල් පැත්ත පළාතෙ යන්න තහනම දැම්මෙ ගුණපාල මාමගෙ නැන්දමයි..
අපි කාටවත් නැති සැලකිල්ලක් ගුණපාල මාමා දැක්වුවෙ සුනිල්ට..සමහර දවස් වල අපි මහ රෑ ජාමෙ ටීවී බලන්න එහෙට යනවනම් අපි කොහොම හරි සුනිල්ව එක්කන් යන්න පුරුදු උණේ අපි විතරක් හිටිය දවස්වල මාමා ටීවී එක කැඩිලා.. ඇන්ටනාව එහෙ මෙහෙ වෙලා වගේ මොනවහරි බොරුවක් කියලා අපිට දොර නාරින වෙලාවල් තිබුණා..සුනිල් කොහොමත් අපිටත් වඩා ටීවී පිස්සා නිසා අපි හැමදාම ටීවී බැලුව බව නම් මතකයි.. ඒත් එක දවසක්..මාමයි නැන්දයි අපි ටීවී බලද්දිම රණ්ඩු උණා.. අපිත් එක්ක ආපු සුනිල් එතකොට ටීවී බලන්න අපි එක්ක හිටියෙ නෑ කියලත් දැක්කා..
"උඹලා එකෙක්වත් ටීවී බලන්න මේ පැත්ත පළාතෙ එන්න එපා"
කියලා නැන්දා කෑගහපු හැටි අපට තාම මතකයි..ඊට පස්සෙන් පහු අපිවත් සුනිල්වත් එහෙ ටීවී බලන්න ගියේ නෑ.. පුංචි උන් උණ ඒ කාලෙ අපිට ඔය සිද්ධිය මොකද්ද කියලා නොතෙරුණා විතරක් නෙවෙයි..ඒ ගැන වැඩිපුර හොයන්න ගියේත් නෑ.. අදටත් සිද්ධිය ඔළුවෙ රැඳිලා තිබ්බට අපි සුනිල්ගෙන් ඕක අහන්නෙත් නෑ..
"මට කේබල් එකක් දෙන්න"
මන් ගිය ගමන්ම එතන හිටි මල්ලි කෙනෙකුට කිව්වා.. ඒක අහන් හිටි වැඩි වයසක් නැති තව මල්ලි කෙනෙක් ඇහුවා
"සර් මොකද්ද මොනිට එක ? මොකද්ද වීජීඒ කාර්ඩ් එක ?"
මන් ඒ දෙකේම මොඩල් නම්බර්ස් කිව්වා..ඒත්
"පොඩ්ඩක් ඉන්න පින් ගාන මතකද සර්ට ?"
ම්හ් මට මතක නෑ සහ මන් එච්චරම දැනන් හිටියෙ නෑ පින් ගාන වෙනස් වෙන බවක්..මන් හිතා හිටියෙ ඔය සාමාන්‍ය වීජීඒ කාර්ඩ් වගේ හැම එකම එක වගේ ඇති කියලා..
"සර් බලන් එන්න ටයිප් එක.. පුළුවන් නම් ෆොටෝ එකක් ගහන් එන්න.. අපි ගාවා තියෙනවා කේබල් එතකොට දෙන්නම්"
මන් ඉතින් ආයිමත් ඔය මොනිටරයේ සහ වීජීඒ කාර්ඩ් එකේ තියෙන ෆොටෝ දෙකක් අරන් ගියා.. එතකොට තමයි ඔන්න කේබල් එකක් ගන්න පුළුවන් උණේ..
හොඳම සිද්ධිය උනේ එතනට ගියහම හිටිය ඇසිස්ටන්ට මන් පෙන්නුවා මන් ඒ වෙනකොටත් ඇඳ ගෙන ගිය කොලේ ඇඳලා තිබ්බ මගේ පීසී එකෙයි මොන්ටරෙයි කනෙකටර් වල පින් ගනන.. ඒක දිහා බලලා මිනිහා ගත්තා කනෙක්ටර්ස් දමලා තියෙන පෙට්ටියක්.. දමා ගෙන තෝරනවා කනෙක්ටර්ස් වගයක්..
"මට ඕනි කේබල් එකක්"
මන් කටහඬ අවදි කලා..
මිනිහා නැගිට්ටා අර පෙට්ටිය පැත්තකින් තිබ්බා..
"මේ ජාතිය නෑ.."
කියපි..කෙලියා නේද තාප්පෙටම.. ඒ එක්කම අර එදා කතා කරපු මල්ලි මොනවද මන්දා පෙට්ටියක් අරන් ඇවිත් මට එක්ස්කියුස් කරලා ඒක පැත්තකින් තිබ්බා..මන් අරයට කීවා මගේ අවශ්‍යතාවය..
මිනිහා ගත් කටටම කියපි
"දෙන්න අර එච්ඩීඑම් අයි (HDMI) කේබල් එක "
කියලා ඊට පස්සෙ මිනිහා කියනවා
"සර් අපිට ඩීවීඅයි අයි DVI -I කේබල් එක එන්නෙ නෑ..තියෙන්නෙ ඩීවීඅයි ඩී DVI -D කේබල් එකම තමයි..ඒක 100% සුවර් වැඩ කරනවා..අපි දින 2කක රිටර්න් වරන්ටියක් එක්කම දෙන්නම්"
කියලා..
මට සුවර් ඒ කතාව හරි කියලා..
මමත් අරන් ආවා ඉතින් ඕනි එකක් කියලා.
හැබැයි මගේ වෙලාවට ඒ පොඩි එකා එක්ස්පර්ට් පොඩි එකා ශොප් එකට නො එන්න මන් තාම හොයනවා කේබල් එකක්..
ඉතින් පොඩ්ඩක් මන් වගේ ඔය කේබල් හොයන්න යන කෙනෙකුට කියන්නෙ ඉස්සෙල්ලාම තමන්ගෙ කනෙක්ටර්ස් වල ෆොටෝ එකක් ගහලා තියා ගන්න..එහෙම නැත්නම් ඒ කනෙක්ටර්ස් අඳුරා ගන්ඩ හොයන්ඩ යන්න ඉස්සෙල්ලා..
මේ තියෙන්නෙ ඒ කනෙක්ටර් අඳුනා ගන්න පොඩි ගයිඩ් එකක් ඉස්සුවා විකිපීඩියා එකෙන්..
මන් තාම මේ කේබල් එක මගේ පීසී එකට ගහලා බැලුවෙ නෑ..ඒත් තව ටිකකින් ගහනවා..ඊට පස්සෙ කියන්නම්කො කොහොමද කියලා තත්වය..
ශාහ්... වැඩේ ගොඩ..කොලිටි උපරිමයි..අන්තර්ජාලයේ කියලා තිබ්බ විදියටම හොඳ කොලිටියක් තියෙනවා..නිල් පාට වීජීඒ කේබල් එක වීසි කරලා දැම්මා.. මේක නියමයිනෙ..
යාන්තම් ඒ වැඩෙත් ඉවරයි..
අන්තිමේ ගන්න තියෙන හරය තමයි..
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ..
අනිත් එක තමයි මගෙ පීසී එකටයි මොනිටරයටයි හරියටම ඕනි වෙලා තිබ්බෙ මොනිටරයට DVI -D කේබල් කනෙක්ටරයක් සහ වීජීඒ කාර්ඩ් එකට DVI -DA කනෙක්ටරයක් තමයි..ඒත් මන් පාවිච්චි කරලා තියෙන්නෙ දෙපැත්ත DVI-D කනෙක්ටරයක්...ඒක වැඩ කරනවා..
දැන් ඉතින් බ්ලූරේ ෆිල්ම් ටිකක් හොයා ගෙන පටන් ගන්න ඕනි වැඩේ..
එකද මම ?
ReplyDeleteකියවලා එන්නම් .. :)
එක තමා..
Deleteඉස්සරම තිබුණු පත වැර්ලස් රාජයින්ට ඒරියල් පොල්ගස් වල ගැට ගැහැව්වා කියන්නේ.
පිළිවෙලක් ඇතිව ෆිල්ම් බලන්න වෙලාවක් නොලැබෙන නිසා මම නම් ඔය ඉඳහිට අහු වෙන ඕනි කොලිටියක එකක් බලනවා.
පරණ කතාවක් මතක වුනා. මගේ යාලුවෙක් ඉන්නවා සද්ධන්ත පොරක් බබා කියලා. මිනිහට ස්කසි කේබලයක් ඕනි වෙලා මමයි තව එහෙකුයි එක්ක බම්බලපිටිය පේව්මන්ට් එකේ කේබල් වෙළෙන්දෙක් හම්බ වෙන්න ගියා. බුවා ළඟ තියෙන්නේ IDE කේබල් විතරමයි.ස්කසි දන්නෙම නැහැ. මිනිහා එක පෙට්ටියක් කණපිට ගහල හෙව්වා. දෙවෙනි තුන් වෙනි ඒවගෙත් හෙව්වා. "නෑ මහත්තයෝ!! කිව්වා. බබා - "අංකල් අර තව පෙට්ටියක් තියෙනවා නේද ? අත් දෙක එකතු කරපු වෙළෙන්දා "මේන් වැන්දා , දැන්වත් යන්න මහත්තයෝ" කියලා බබාව ඩිපෝර්ට් කළා.
බබා ගුටි නොකා බේරුනා මදැයි..මන් නම් පේව්මන්ට් එකෙන් ගන්නෙ නෑ මොකද ගාන අඩුයි තමයි ඒත් අප්සට් එකක් උනොත් එහෙම ගෙවන අඩු ගානත් ලොස් තමයි..
Deleteමොනවද බං මේ ලිව්වේ..මට කිසිම දෙයක් තේරුනේ නැහැනේ...
ReplyDeleteඅර සුනිල් කොහොමද මේ කේබල් පින් හයි කිරිල්ලක් මැදට ආවේ...
මෙලෝ රහක් නැති කේබල් හොයන අස්සෙ ඈනුම් දෙක තුනක් ගියහම මට මතක් උනේ ඔය සුනිල් ගෙ කතාව බන්z..
Deleteමම මේ අහන්ඩ උන්නේ පොඩි අත මාරුවක් ගන්ඩ බැරි වෙයිද වෙනී අයියේ ..? ලබන මාසේ පඩි ගත්ත ගමන් සුටුස් ගාලා බේරන්නම්.!
ReplyDeleteඅයියේ උඹට නම් මාර ෆන් නේ බ්ලූ (රේ) ෆිල්ම් බලන්නද , කැමරාද ෆෝන්ද බඩු ගොඩක් තියනවා නේ උඹට ..!
ජය වේවා බං !!
හික්ස්..ඔය මොනවා තිබ්බත් රහකට පෝස්ට් එකක් ලියා ගන්ඩ බැරුවා සඳරූ මල්ලියෙ මට..ඉතින් වැඩක් තියෙයියැ ?
Deleteඇයි වෙනී අයියෙ මාරයට තේරෙන්නෙ නෑ කියන්නෙ මේක නියම රසවත් පෝස්ට් එකක් තමයි කියන එකයි.
Deleteකොහොමද අප්පා ඔය පුංචි මොනිටරේකින් ෆිල්ම් බලන්නේ. මට නම් ෆිල්ම් එකක් කිවුවම හිතට දැනෙන්නම බලන්න ඕනේ. ඒක හින්දා එක්කොඅ මම ෆිල්ම් එක ටී වී එකේ යනකම් හරි එහෙම නැත්නම් ෆිල්ම් හෝල් එකට ගිහින් හරි විතරමයි වගෙ බලන්නේ.
ReplyDeleteමගේ සමහර යාළුවෝ දවසට ෆිල්ම් පහ හයක් බලන්නේ කම්පියුටරෙන්. මම අදටත් හිතනවා මට එක ෆිල්ම් එකක් බලාගන්න බැරි මොකද කියලා?
ඊ ලඟට වෙනි අයියා පුළුල් තිර ප්‍රොජෙක්ටරයක් ගන්නලු යන්නේ..
Deleteහා හා. වෙනී තියටර් එකකුත් පටන් ගත්තා නම් හරි ගෙදරම. අර උඩින් කියලා තියෙන අපි පොඩි කාලේ ටී වී බැලුවා වගේ. ඇත්තටම මටත් මතක් වුනේ අපි ඒ කාලේ ටී වී බලන්න මොන කට්ටක් කෑවද කියලයි. ඉරිදා හවසට ගිය ලා හිරු දහසක් බලන්නයි පලිඟු මැනිකේ බලන්නයි ඒ කලේ ගම පුරා ගියාද කොහෙද.
Deleteමගේ ඩෙස්ක්ටොප් මොනිටරේ තරමක් හොඳයි .. ඒ නිසා අවුලක් නෑ..හෝල් වලටත් ගිහින් ෆිල්ම් බලනවා උනාට ගෙදරදි වගේ එතන කන්ට්‍රෝල් එකක් සහ පහසුවක් නැති නිසා..
Deleteඅප්පේ ඒ කාලෙ ටීවී එකේ දැන් වගේ ප්‍රෝග්‍රෑම් හැට හුට හමාරක් නොතිබ්බ හින්දා..ඒ දෙක තුන හරි වටිනවා..
අනේ මන්දා බං උඹ කාල යාත්‍රිකයා වගේ අතීතයටයි වර්තමානයටයි ශටල් සර්විස් එකක් දාලනෙ.
ReplyDeleteඔය ටීවී ආපු දවස් වලම ආවනෙ අඟල් 12හෙ කලුසුදු තැඹිලි පාට බොඩි එකක් තියෙන ටීවී එකක් Tatung කියලා. මතකද? චැනල් හෙම ස්පින් ඩයල්. කට කට ගාලා මාරු කරන්නෙ.
henryblogwalker the Dude
ඒ කාලෙ ගමේ තිබුනු ටීවී තුනෙන් දෙකක්ම ඔය කියන ජාතිය..මන් ඔය නම මතක් කලාට මීටර් වුනේම නෑ හෙන් රි..
Deleteමොකක්? මොකක්ද මේ සඳරුවා කියන්නෙ උඹ බ්ලූ ෆිල්ම් ක්වොලිටියටම බලන්න HDMI cable එකක් ගත්තා කියලා? :D :D :P ;P
ReplyDeleteආන්න ඕනයා ගෙදර ඇවිත් අද. මම මේ දැන් කතා කලා.
henryblogwalker the Dude
henryblogwalker the (shy) dude :D
Deleteහෙන් රි සඳරූ මලයා රේ දැකලා නෑ...ඒකයි..අපි එච්චර නාක ළමයි නෙවෙයි ඕන්...
Deleteමොකද බොල මගෙ නම දෙකට කඩලා ලියන්නෙ හෙන් රි කියලා? කුමන්ත්රනයක්ද නැත්නම් බ්ලූ ෆිල්ම් බලලම මඤ්ඤං වෙලාද?
Deletehenryblogwalker the puzzled Dude
මන් යුනිකෝඩ් කන්වර්ටර්යෙන්නෙ සිංහල කොටන්නෙ.. ඒකෙ ලියවෙන්න් henri හෙන්රි කියලා මන් කරන්නෙ හෙන් hen ඊට පස්සෙ ස්පේස් එකක් තියලා ri රි ලියනවා.. ස්පේස් එක මකන්න අමතක වෙලා සුදු හෙන්රි අයියෙ..
Deleteඉවසා වදාරන්ඩකෝ..
අපි මැයි පලවෙනිදා ඕන් යනවා ඕනයා බලන්න ගෙදරටම...
මේක කියවපු ගමන් මම ලැප හරෝ හරෝ බැලුවා ඔය කියන ජාතියේ එකක් මගේ නෑනේ අයියේ.... ඊට පස්සෙයි තේරුණේ ලැපට මොන vga කේබල්ද මේකට ඩිස්ප්ලේ එකක් හයිකරලම තියෙනවනේ
ReplyDeleteමාතෘකාව කියවලා කතාව මැද්දට කියෝගෙන එද්දි හිතුනා මේ කියන්න යන්නේ මොනාහරි බලලා මාට්ටු වෙලා සඳරු අයියා වගේ අම්මලගෙන් ගුටි කාපු සීන් එකක්ද කියලා බැලින්නම් ඒකත් නෙමේ....
වෙනි අයියා මාරයිනේ සම්පූර්ණ තාක්ෂණෙන් වැඩ ගන්න කෙනෙක්නේ...
ලැපා නෙවෙයි මේ කියලා තියෙන්නෙ ඩෙස්ක්ටොප් එක ගැනයි මල්ලි..අළුත් ලැපාලගෙ තියෙන්නෙ HDMI පෝර්ට් එකක්
Deleteවෙනියා ගැන එදාම තේරුනා නොවැ. බෙල්ල පාත්වෙන තරමේ කැම් එකක් කරේ තිබ්බ නිසා..
ReplyDeleteජය !
අපේ අයියත් ඔහොම තමා.. (පොර සල්ලිකාරයා නොවැ)
මේක නම් පිස්සුවක් සෑම්..ඒත් සනීප වෙන්නෙ නැති හැටි...
Delete//දැන් ඉතින් බ්ලූ ෆිල්ම් ටිකක් හොයාගෙන පටන් ගන්න ඕනේ වැඩේ...//
ReplyDelete:O
බලු රේ කියන්නේ රැස් විහිදෙන බ්ලු..
Deleteමාත් උඩට ගිහින් බැලුවා එහෙමද ලියලා තියෙන්නෙ කියලා..බීටල් දෙන ලනු හැබෑටම..
Delete@ඇනෝ - මගේ යාලුවෙක් කියන්නෙ රැස් විහිදෙන්න බාගයක් ගහලා වීසීඩී බලහන් බ්ලූරේ ම තමයි කියලා..
මෙව්වද නයා.... මගෙ සයිබර් සිහින උළෙල දෙවෙනි පෝස්ට් එකෙන් බලාගන්න වෙනියාගේ නයිවල තරම...
ReplyDeleteඅනේ අභියා අර රංග කියන උගේ ලෝකය ලියන මල්ලිත් ඇවිල්ලා හිටියළු නේද ? ආන් ලියහන්කො මේ අහිංසක මාව අතෑරලා දමලා..
Deleteසුනිල් ගෙ කතාවෙ ඉතුරු කොටසක් තියනවද ?
ReplyDeleteමටනම් ඔය තාක්ශනික කතන්දර මංඥන්..
සඳරුවා කිව්වත් වගේ මේ ඔක්කොම දැගලිලි බ්ලු ෆිල්ම් බලන්ඩ නොවැ.. අනේ අපොයි !!
නෑ සෙන්නා දෙවෙනි කොටසක් නෑ..ඒ කතාවම අපි අමතක කලා දැනුම් තේරුම් එනකොට..දැන් සුනිල් ළමයි හතර දෙනෙක්ගෙ පියෙක්..බ්ලූ රේ අෆ්ෆා...
Deleteඔය කලර් ටීවී වල කලර් අඩු කරල බ්ලැක් ඇන්ඩ් වයිට් කරල පේන තරං හොඳට බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී වල රූප පැහැදිලිව පේන්නෙ නෑ.
ReplyDeleteවෙනී අයියත් බ්ලූ ෆිල්ම් බලන්න කන කට්ටක් :D
ඔව් ඔව්..ඒ කාලෙ ඔය ටීවී වල රූප වල කොලිටිය ගන්න සහ රූපවාහිනී වල විකාශන තාක්ශනය දැන් තරම් දියුනු නැති වෙන්න එපාය..
Deleteයකුනෙ බ්ලූ නෙවෙයි බ්ලූරේ ෆිල්ම්... :-DD
කොමපිතරෙත් එහෙම එකක් තියනවද මගේ ෆෝන් එකෙත් HDMI කියලා මොකද්දෝ එකක් තියනවා
ReplyDeleteඅළුතින් එන සහ මොනිටර් වල තියෙන්නෙ DVI කනෙක්ටර් එක.. වීජීඒ කාර්ඩ් වලත් තියෙනවා..කියන්නෙ නම් DVI සහ HDMI කොලිටි එකමයි කියලයි...සාමාන්‍ය නිල්පාට වීජීඒ (VGA) කනෙක්ටර් එක කරන්නෙ කම්පියුටරෙන් දෙන ඩිජිටල් සිග්නල් ඇනලොග් කරලා මොනිටර්යෙදි ආයිමත් ඩිජිටල් කරන ඒක..එතෙන්දි යම් ලොස් වීමක් වෙනවා.. අපි DVI or HDMI කනෙක්ට පාවිච්චි කරද්දි ඒ කන්වර්සන් එක අවශ්‍ය නෑ..ඒකයි කොලිටි ලොස්ට් නොවී උපරිමෙන් තියෙන්නෙ..
Deleteවෙනි අයියේ...ඉතින්..ඉතින්....ඊට පස්සෙ සුනිල් දිගටම බ්ලූ ෆිල්ම් බැලුවෙ HDMI කේබල් එක ගහලද ?
ReplyDeleteහැබැට උඹලා ඒ කාලෙ මාර වැඩනෙ කරලා තියෙන්නෙ..:D:D
ඉතින් බලකො ලකියො මට ආයි කතාව කියන්න වෙනවා මුල ඉඳන්ම..එක්කො ඕනි නෑ.. :DD
Deleteමටත් කේබල් ගැන කියපු කිසිම දෙයක් තේරුනේ නෑ :D ඒකෙ වරදත් ඔයාගෙ නෙවෙයි මගේ... ඔව්වා ගැන එච්චර දැනුමක් මටත් නෑ! යාලුවොන්ගේ පිහිට තමා එදා ඉදලා
ReplyDeleteසාබිත් මටත් එමමයි..ඒත් මොනා හරි කරන්න ගියහම මන් ඒකට අදාලව අන්තර්ජාලයෙ හොයලා කියවනවා.. ඒකෙන් ගන්න දේවල් තමයි මේ..
Deleteබ්ලූ..... රේ තියෙනවනම් මටත් දෙන්ඩෝ !!! :)
ReplyDeleteටීවි ගැන කිව්වහමයි මතක් උනේ. අපේ ටීවි එක ගෙනාපු කාලේ කලර්ඩ් !!! දැන් නම් බ්ලැක් ඇන්ඩ් වයිට් !!!
තාම නෑ මල්ලි, හම්බ උනහම ශෙයාර් කරගමු නේද ?
Deleteසුනිල් මොනවා හරි නරක වැඩක් කරලද අරණ නැන්දට.ඇයි එන්න එපා කිවුවේ.
ReplyDeleteමන් හිතන්නෙ මාමා...
Deleteහනේ මූ නං නියම අසරණයෙක් තමා. අනේ වෙනී මේ අසරණයව තවත් අසරණ නොකර විස්තර කරලා දීපං බං සුනිල් සුදුයි කියන තැන ඉඳං පියවරෙන් පියවරට....
Deletehenryblogwalker the Dude
දැන්නේ තේරුනේ Dude කිවුවට පස්සේ..ඒකයි වෙනස..
Deleteමාත් ගන්න හිතන් ඉන්නේ VGA කාඩ් එකක් අලුතෙන්.
ReplyDeleteඅඩුම තරමේ 1 GB memory එකක්වත් ගන්න. නැත්නම් හරි හමන් ගේමක් වත් ගහන්න බෑ..
Deleteමේ නාකි වයසට ගේමුත් ගහනවද බොලා ?
Deleteගේම් ගහන්න වයසක් ඇතෑ ???
Deleteවෙනී අයියේ.. ඔහොමම 3D එකකුත් ගමු..
ReplyDeletePower DVD 9 එකෙන් Red Cyan glass එකක් තියන් දැනටමත් බලනවා..ඒත් වැඩි වෙලා බලන්න බෑ..ඇස් වලට හරි වෙහෙසයි..අඳුරු වැඩී ඒ මෙතඩ් එක..
Deleteමොකෝ අනේ අර නැන්දයි මාමයි සන්ඩු උනේ ??
ReplyDeleteහෆෝයි, ඔය බට ලයි විසිකරලා CFL දාන්න ගිම්හානි.
Deletehenryblogwalker the Dude
දුන්කල නැට්ටට රංඩු කරන්නේ
Deleteකියලා ලියා ගන්න ගිම්හානි..
හෙන්රි කීව උපදේසෙත් සලකා බලන්න ගිම් නගා..
ශිහ් ඔන්න අහගන්න මට උන වැඩේ.. ලංකාවට එද්දී මතක් උනා මගේ VGA එකේ DVI තියනවා කියල. ඉතින් ඒ පාර උස්සන් ආවා කේබල් එකකුත්. අනේ ඇවිත් මොනිටරේ බැලින්නම් නෝ DVI. ඉතින් මක්ක කරන්නද? ඔහේ තියන ලෙසට බලනවා. අලුතෙන් මොනිටර් එකක් ගන්න හිතෙන්නේ නෑ. ඒත් විසඳුමක් හොයාගත්ත. සේරම ෆිල්ම් MKV ෆොර්මැට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා HD කන්වර්ට් කරලා ටීවී එකේ බලනවා. ෆුල්ම කොලිටි.
ReplyDeleteක්සැන්ඩර් පොඩියක් කියල දෙනවද එහෙම කරන්නේ කොහොමද කියල? HD convert කරන විදිහ?
Deleteවෙනී ස්තූතියි පෝස්ට් එකට ඈ - මෙව්ව දැනං හිටියේ නෑ
ක්සැන්ඩර් - මටත් යාලුවෙක් කරපු ෆිල්ම් දෙතුන් සීයක් දුන්නා බාපුවා නෙට් එකෙන්..500 හාඩ් එක පිරෙන්න තියේ..මන් අභියට ඒ ටික කොපි කරලා දුන්න..
Deleteසිහින උලෙලේ මන් කීප දෙනෙක්ගෙන්ම ඇහුවා..අර ක්සැන්ඩර් කියන්නෙ කවුද කියලා..ඇක්සිඩන්ට් එක උනාද අත පය හතරම සවුත්තු වෙන්න ? දැන් හොඳද ?
@තිස්ස - මන් හිතුවෙම තිසා නම් මේවා දන්නවා ඇති කියලයි..
නොසැලකිලිමත්කම නිසා දැන කියා ගන්නෙ නැති එව්ව මේ - මෙහෙම කවුරු හරි කියාදුන්නම හරි වටිනව
Deleteමදැයි බ්ලූ රේ කතාවක් කියල අහගත්ත.
ReplyDeleteඒක නේන්නම් රාජ්.. ඔයින් ගියා මදැයි...
Delete