ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, July 21, 2011

මේ වචනෙ මොකද්ද ?

පහල තියෙන වචනෙ තේරුම හරි, ප්‍රාදේශීයව තියෙන තේරුමක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරල මට කියන්න.මේ වචනෙ මන් අහල තියෙනව අපෙ පොඩි කාලෙදි ඒ කියන්නෙ 80 ගනන් වල මුල සබරගමුව පලාතෙ.. ඊට පස්සෙ මේ ඊයේ මගෙ යාලුවෙක් ඇහුව මේ වචනෙ නියම තේරුම හොයල දෙන්න කියල. මන් ඒ ගමන් මන් දන්න තේරුම ටිකක් පිලිකුල් තේරුමක් තියෙන නිසා හොයන්න ගත්ත. තවමත් හම්බ උනෙ නැහැ. කවුරු හරි මේ ගැන කියනවනම් මෙන්න මගෙ පූර්ව ස්තුතිය.

වචනය - ඇට්ටිම්බා

බොහෝම ස්තූතියි මේ ගැන සැලකිල්ලක් දැක්වීම ගැන.

12 comments:

  1. හලේ දන්නෙ නෑ නෙ.

    ReplyDelete
  2. දන්න හැටියට නම් මහ වැඩෙන් පස්සේ හෝදගන්නැති අයට තමයි ඕක කියන්නේ.

    ReplyDelete
  3. මමත් අහලා තියන විදියට තීර්ථ යාත්‍රිකයා කියපු කතාවම තමයි.

    ReplyDelete
  4. @තීර්ථ යාත්‍රිකයා & යූත් මැක්ස් - ස්තූතියි ඔබේ අදහස් වලට මම දැනගෙන හිටිය තේරුමත් ඕකම්යි. නමුත් මම පොඩ්ඩක් සැක සහිතව හිටිය. මේ වචනෙට වෙන තේරුමක් නැතිව ඇති එහෙනම්..වෙනි - ලියන්නා

    ReplyDelete
  5. වචනෙ ඇහුවෙ අදමය්

    ReplyDelete
  6. තව ටික දවසකින් මූ "හොච්චරිංපන්චස්" වගේ වචනෙක තේරුමත් හොයයිද දන්නෙ නෑ . . .

    ReplyDelete
  7. හැබෑටම ඒ වචනෙ තේරුම මොකද්ද ???

    ReplyDelete
  8. මම හිතන විදිහට මචන් මේ වචනේ ''ඇට්ටර කොල්ලා '' කියන වචනේ සංදි විසංදි වීමෙන් පසුකලක ඩිවලොප් උන වචනයක් ලෙස හැඟේ


    ආගන්තුකයා -the lastrow

    ReplyDelete
  9. ඇට්ටිම්බා කියන්නේ කක්ක දාල හෝදන්නෙ නැති කෙනාට. හොඳටම ෂුවර් මොකද අපේ ගමේ එහෙම නම තියෙන කෙනෙක් ඉන්නවා ඒ නිසා පොඩිකාලෙම වැඩිහිටියන්ගෙන් අහල තේරුම සහ අදාල ස්ටෝරිය දැනගත්තා

    ReplyDelete
  10. adum nathuwa inna ekata kiyana thawath namak...
    me wachane thawamath pawichchi wenawa pothuwil area eke thiyena PANAMA kiyana game.

    www.nasaraniya.blogspot.com

    ReplyDelete
  11. http://www.sinhaladictionary.org/index.php/term/Sinhala+Explanatory+Dictionary,%E0%B6%87%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F.xhtml

    ReplyDelete
  12. ඇට්ටිම්බා
    මල පහ කොට නොසෝදා සිටින්නා

    Share on facebookShare on twitterShare on email
    The Sinhala script originated from the Brahmi script, thought to have been brought from Northern India, around the 3rd century B.C. The Sinhala alphabet is an abugida used in Sri Lanka to write the official language Sinhala and also sometimes the liturgical languages Pali and Sanskrit. Being a member of the Brahmic family of scripts, the Sinhala script can trace its ancestry back more than 2000 years.Sinhala is often considered two alphabets, or an alphabet within an alphabet, due to the presence of two sets of letters. The core set, known as the śuddha siṃhala (pure Sinhala) can represent all native phonemes. In order to render Sanskrit and Pali words, an extended set, the miśra siṃhala (mixed Sinhala), is available. The alphabet is written from left to right. The modern Sinhala alphabet has 54 letters out of which 18 are vowels and the rest are consonants.


    http://www.sinhaladictionary.org/index.php/term/Sinhala+Explanatory+Dictionary,%E0%B6%87%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F.xhtml

    ReplyDelete