ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, April 12, 2012

ජීවිතය මේ වගෙයි...


ජීවිතය ගැන මට හිතුනු දේ මන් ඊයෙ ලිව්වා..එහෙම ලිව්වෙ ඊයෙ මගේ උපන්දිනේ නිසා බව මූනු පොතේ අය දැනන් හිටියා.. සියළුම සුබ පැතුම් වලට ස්තූතියි...හැමෝටම..


දැන් හිමිදිරි පාන්දර තුනයි වෙලාව..
මගේ ෆෝන් එක හඬ තලන සද්දෙට උඩ ගිහින් බිම වැටිච්ච මන් බැලුවා..කවුද කියලා.
කෝල් එක අපේ ගෙදරින්..
අපේ ලොකු අක්කගෙන්..
අවුරුදු ගානක් එක් තැන් වෙලා හිටි අම්මා රැක බලා ගෙන හිටි ලොකු අක්කගෙන්.. පහු ගිය සතියෙත් අම්මා අසනීප වෙලා රෝහල් ගත කරලා ඉඳලා ගෙදරට එක්කන් ගියේ..මන් හිතුවෙ අම්මට ආයිමත් අසනීප වෙලා වෙන්න ඇති..කියලයි..


ඒත් අම්මා අපිව සේරම දමලා යන්න ගිහිල්ලා..


මගෙ පහු ගිය නිර්මාන වල හිටිය ඈ ගැන අතීතයෙන් මතකයන් විතරයි මට ආයි ලියන කොට ලියන්න පුළුවන් වෙන්නෙ..


...



වෙනී / ලියන්නා..


ප.ලි. 2012.04.15 -



සතුටින් ඉන්න කොට දුවගෙන ඇවිත් නැත්නම් කෝල් එකකින් හරි පනිවිඩේකින් හරි  ඒ සතුට දෙගුණ තෙගුණ කරන...


දුකක් සිද්ධ උනහම දුවගෙන ඇවිත් හරි කෝල් එකකින් හරි මෙසේජ් එකකින් හරි..ඒ දුකට කර ගහලා ඒ දුක අඩු කරන..


මිතුරු මිතුරියො..සහෘදයො...


පිළිගන්න ඔබලාටයි මේ මගේ හෘදයාංගම ස්තූතිය!
උහුලගන්න උනු මහමෙරේ බර පුළුන් රොදක් කලේ ඔබලායි..

59 comments:

  1. මොනවා කියන්නද කියලා හිතාගන්ටත් බෑ.
    හරිම කණගාටුයි. ගොඩාක් පාරක් ලියලා, මකලා මේ ටිකත් ලියාගත්තේ.:(((

    ඔයාගේ අම්මාට සැනසීමක් අත්වේවා, මේ දුකෙන් සදහට ගැලවෙන්ට ලැබේවා...

    එයාගේ ආදරනීය මතකයන් ඔයාගේ හිතේ හැමදාම තියාගන්ට. අම්මා ඔයා එක්කම ජීවත්වෙන බව එතකොට දැනේවි.

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරන්න හිතාගෙන ආවත් තිබුනෙ හාත්පසින්ම වෙනස් දෙයක්. ජීවිතය කියන්නෙ මේවගේ කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑ. වෙනී ඒක දන්නව කියල මම දන්නව. අම්මට නිවන් සුව ප්‍රාර්තනා කරනව!

    ReplyDelete
  3. නිවන් දකිනා තුරු කල කුසලකර්මයන්ගේ ආනිසන්ස හේතු වී යහපත් ප්‍රතිසන්ධියක් ම ලැබේවා !

    ReplyDelete
  4. වෙනි අයියාගේ මැණියන්ට අමාමහ නිවන් සුව පතමි..!

    ReplyDelete
  5. මෑණියනි ඔබට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  6. වෙනි අයියාගේ මැණියන්ට අමාමහ නිවන් සුව පතමි..!

    ReplyDelete
  7. කණගාටුයි අයියේ !!! මෑණියන්ට යහපත් ප්‍රතිසන්ධියක්ම වේවා...!!! නිවනට පත් වේවා !!!

    ReplyDelete
  8. මෑණියනි ඔබට නිවන්සුව!!!

    ReplyDelete
  9. අම්මාට නිවන් සුව!!!

    අපි එනවා දැම්මම.

    ReplyDelete
  10. මගේ කණගාටුව වෙනී...
    ඔබේ මව යමක් ප්‍රාර්ථනා කළේද.. එය ඒ ආකාරයෙන්ම ඉටුවේවා...!!!
    ජීවිතය මේ වගෙයි....

    ReplyDelete
  11. වෙනී අයියගේ මෑණියන්ට නිවන් සුව පතමි.

    ReplyDelete
  12. මෙය ඇසීමට ලැබීම සැබවින්ම කනගාටුදායකයි. දුක් නොවන්නැයි මට කිව හැකි වූවත් එය ප්‍රායෝගික නොවේ. ඇයගේ වියෝව දරාගැනීමට ඔබට ශක්තිය පතමි !

    ඔබගේ මෑණියන්ගේ මතු ජීවිතය යහපත් වේවායි පතමි !!

    ReplyDelete
  13. මෑණියන්ට නිවන්සුව පතමි.....!

    ReplyDelete
  14. වෙනී අයියගෙ මෑණියන්ට නිවන්සුව ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  15. ඉතා කණගාටුයි...!!

    අම්මා ගැන සැමරුම් සදා මතකයේ රැදේවා...

    ReplyDelete
  16. එතුමියට නිවන් සැප ලැබේවා..! උපතේදී රැගෙන එන දෙයක් වේ නම් ඒ මරණයමයි...

    ReplyDelete
  17. බොහෝම කනගාටුයි වෙනී . .. .
    ඇයට නිවන් සුව අත්වේවා . . .

    ReplyDelete
  18. මෑණියන්ට නිවන් සුව.....

    ReplyDelete
  19. කළා වැවේ නිල දියවර අපේ අම්මා!!
    ඇයට නිවන් සුව ලැබේවා!!

    මල් පියලි

    ReplyDelete
  20. මෑණියන්ට නිවන්සුව පතමි.....!

    ReplyDelete
  21. හරිම කණගාටුයි අයියේ....දුක බෙදාගන්න අපිත් ඉන්නවා...

    ReplyDelete
  22. රාජ්ගේ ලිපියකින් මචං දැනගත්තේ..

    වැඩිය හිතන්න එපා මචං. දුක - සතුට පිරුණු කතාවක අපි රගපානවා විතරයි.

    මෑනියන්ට නිවන් සුව පතමු !

    ReplyDelete
  23. ගොඩක් දුකයි අයියේ
    වෙනී අයියගේ මෑණියන්ට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  24. ඔබේ දයාබර මෑණියන්ට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  25. ඊයේ ලිපිය බලන්නත් බැරිවුනා දැන් ටිකකට ඉස්සෙල්ලා බුකියෙන් දැනගත්තේ මෑණියන්ට නිවන් සුව ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  26. වෙනි අයියාගෙ මවට නිවන්සුව ලැබේවා!

    ReplyDelete
  27. ජීවිත කාලෙදි දරුවෙකුට අහන්න ලැබෙන නපුරුතම පණිවිඩ දෙකෙන් එකක් උඹට දැනගන්න ලැබිලා......

    නුඹ වන් රටට වැඩදායි දරුවන් බිහිකල ඒ මාතාවට ඈ පතනා බෝධියකින් නිර්වාණය සාක්ෂා කරගන්න වාසනාව හා ශක්තිය ලැබේවා.......!

    ReplyDelete
  28. දුක් වෙන්න එපා කියල බොරුවට කියන්න බෑ...

    වෙනී .. ඔබේ මෑනියන්ට නිවන් සුව.... !

    ReplyDelete
  29. මාගේ බලවත් කනගාටුව....

    ReplyDelete
  30. :O දුක්බර ආරංචියක්.
    ඔබේ මෑණියන්ට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  31. මෑණියන්ට නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරනවා අයියේ..

    ReplyDelete
  32. මෑණියන්ට නිවන්සුව පතමි.....!
    LA

    ReplyDelete
  33. ජීවිතය නම් තණ අග පිණි බිඳු වැනිය..
    දයාබර මෑණියන්ට නිවන් සුව පතමි..
    ඇගේ වියෝව දරා ගැනීමට ඔබටත් ශක්තිය ලැබේවා..

    ReplyDelete
  34. කණගාටු දායක ආරංචියක්..... සිත සසල කරගන්ට එපා. ඔබේ මෑණියන්ට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා......

    ReplyDelete
  35. අම්මට නිවන් සුව පතනවා...
    හිත ශක්තිමත් කරගෙන ඉදිරියට මූණදෙන්න...

    ReplyDelete
  36. මෑණියන්ට නිවන් සුව පතමි

    ReplyDelete
  37. මාගේ බලවත් කනගාටුව!

    ReplyDelete
  38. ගොඩක් කනගාටුයි වෙනී අයියේ උනු දේට,,අම්මට නිවන් සුව පතනවා!!!

    ReplyDelete
  39. මෑණියන්ට අමා මහා නිවන් සුවයත් ඔබට දුක දරාගැනීමට ශක්තියත් දිරියත් ලැබේවා. උපන් අපි සියල්ලෝම මරණය දෝතින් ගෙන අවෝ වෙමු.

    ReplyDelete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. බොහොම කණගාටුයි වෙනි . ඇයට නිවන් සුව .

    ReplyDelete
  42. මාගේ බලවත් කනගාටුව වෙනි.!! ඔබේ මැණියන්ට නිවන් සුව පතමි.!!

    ReplyDelete
  43. අම්මා එක්තැන් වෙලානම් හිටියෙ ඈ දුක විඳින්න ඇති. දැන් ඒ දුකින් මිදිලා, වෙන් වීම අපට දුකක් වුණත්.
    ඇගේ මතු ජීවිතය ඉතා යහපත් එකක් වේවායයිද මතු යම් දිනයෙක නිවන් සුව ලැබේවායයිද පතමි.

    ReplyDelete
  44. ජීවිතය???????????????????????





    ( සමාවෙන්න.. වෙන කිසිවක් කීමට නොතේරේ..)

    ReplyDelete
  45. අපි හැමෝම කවදාහෝ යන ගමන ඇයත් ගිහින් .
    ඔබගේ මැණියන්ට නිවන් සුව පතනවා .!!

    ReplyDelete
  46. ඔයාගේ අම්මා හැමදාමත් ඔයාගේ හිත ඇතුලේ ජීවත් වෙනවා අයියේ.. එකම වෙනස එයා ඔයාට පේන්න ගෙදර එහේ මෙහේ නොයන එක විතරයි..

    ReplyDelete
  47. මුලින් ම මේ පැත්ත ට ගොඩ වැදුණු දවසෙම නෙත ගැ‍ටුණේ දුක හිතෙන පෝස්ට් එකක්...
    අම්ම ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!!

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  48. කාලෙකින් මේ පැත්තේ ආවේ. අම්මාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා වෙනී.

    ReplyDelete
  49. අයියාගේ රත්තරං අම්මාට නිවන් සුව ලැබේවා..!!!
    මතු භවය යහපත් භවයක් ම වේවා..!!!
    නිදුක් වෙත්වා..
    නිරෝග වෙත්වා..
    බුදුන් දැක නිවන් දකීවා..

    මේ පින් බලයෙන් නිදුකින් නිවී සැනසෙත්වා..

    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අයියේ..
    ඒකත් දස මාසයක් කුසේ තියාගෙන ලේ කිරි කරලා පෙවුව රත්තරං අම්මාගෙන්..
    ඒත් අපි හැමෝටම වෙලාවක් තියනවා අයියේ..

    අම්මා දැන් දිව්‍යලෝකෙ ඇති..
    හොද මිනිස්සු යන්නෙ එහෙට නෙ අයියේ..
    අපිත් කවදා හරි එහෙදි හම්බු වෙමු..

    ReplyDelete
  50. වෙනී,
    අම්මාට මොක් සුව පතමු.
    මේ කලබල අස්සෙ වෙනීට මේකවත් ලියාගන්න පුලුවන් වෙච්ච එකත් පුදුමයක්!
    henryblogwalker the Dude

    ReplyDelete
  51. අපිටත් කණගාටු දායක ආරංචියක් ඒත් අපි හැමෝටම දවසක යන්න වෙනවා.

    වෙනි අයියගේ අම්මාට නිවන් සැප ලැබේවා.!!

    ReplyDelete
  52. ජීවිත ගමනෙ කවුරු කවුරුත් හමුවෙනවා වගේම වෙන් වෙනවා.ඊළඟ ආත්මවලදීත් ඇය වෙනීගෙම මව වෙන්න කියලා ප්‍රර්ථනා කරණවා.

    ReplyDelete
  53. මගේ කනගාටුව ..............

    ඇයට නිවන් සුව පතනව.....

    ReplyDelete
  54. මේ සංසාර ගමනේ අපිට ඉදිරියෙනුත් පසුපසිනුත් තිබෙන්නේ මරණයයි.මවගේ පරලොව ජීවිතය යහපත්වේවා! අවසානයේ උතුම් නිර්වාණය අවබෝධ කරගනීවා!

    ReplyDelete
  55. වෙනී අයියාගේ මෑණියන්ට නිවන් සුව අත්වේවා..!

    එහෙම දෙයක් උනා කියලත් දැනුයි දැනගත්තේ ... :(

    ReplyDelete
  56. ඔබේ මෑණියන්ට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete