ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, September 4, 2011

කොහෙද යන්නෙ යකෝ .. අද වහලා...

අද ඒ කියන්නෙ ඉරිදා (සැප්තැම්බර් 4)  පෙ.ව. 10.00 ඉඳන් 01.00 වෙනකං මට පශ්චාත් භාග පරීක්ශණයක් තියෙන්න තිබ්බා..





ඈහ්????!!! පශ්චාත් භාග නෙවෙයි.චික්.. මේ ලඟකදි ඉඳන් කී බෝඩ් එකෙ ඩිලීට් කී එකයි බැක් ස්පේස් කී එකයි දෙකම වැඩ කරන්නෙ නැහැ.. මොනවහරි වැරදියට ටයිප් උනොත් හරි ගස්ස ගන්න ක්‍රමයක් නැහැ. පශ්චාත් කුපාඩි ඩිප්ලෝමා එකක පලවෙනි පරීක්ශනය තමයි අද.. ඊයේ රෑ තිස්සෙ පාඩන් කරල පාඩම් කරල.. තමයි දෙන්නම් ඇටි හැලෙන්න කියල ගියේ..දැන් දැන් කොච්චර පාඩම් කරත්.. දින වකවානු , අවුරුදු.. ටයිම් ලයින් මතක හිටිනව අඩුයි.. කියවන කොට නම් මීටර් වෙනව. ඒත් ආපහු ගන්න ගියහම ම්හ්හ්හ්.. හරියට එන්නෙ නැහැ..මගේ උපන් අවුරුද්ද බලමු මතක් කරල මතක් වෙයිද කියල? ම්ම්ම්ම්ම්ම්ම්ම්.. 2011 ට මට අවුරුදු 20යි නේද? එතකොට 1991 ද මන් ඉපදුනෙ? අම්මේ !!!!!?????කෝ මේ අම්මා ?

අද උදේම කියෙව්ව සොඳුරු සුව අසපුව ලිපිය ඒකෙ තිබ්බ නිතර නිතර අමතක වෙනවනම් බඩු හරි .. මානසික ලෙඩක් තමයි කියල..ඒකවත් හැදී ගෙන එනව වත්ද? ඒත් දින වකවානු විතරක් අමතක වෙන එක ?? ආයිමත් ඒ ලිපිය නිවී හැනහිල්ලෙ කියවන්න ඕනි..හරියටම දැන ගන්න..ඉතින් මන් කරන්නෙ විභාගෙ ඕන්න මෙන්න තියලත් ඔය දින වකවානු ටික කෙටි සටහනකින් බලා ගන්නව.. ඉතින් සේරම කර ගෙන මන් ගියා විභාගෙ තියෙන කැම්පස් එකට.. අපේ හාමුදුරුවො තුංකිඥ්ඥං කතාවෙ ඉන්න හාමුදුරුවො..කෝල් එකක් දුන්නත් මම ආන්සර් කලේ නැහැ මොකද එතකොටත් මම බස් එකෙන් බහින්න ඔන්න මෙන්න.. ඒ අතරෙ දැක්ක ඒ ලඟ පිට්ටනියෙ මහා විශාල පිරිසකට දේශනයක් තියනව..සේරම වගෙ ඉස්කෝලෙ යන වයසෙ තරුන ලමයි රාශියක් තමයි හිටියෙ..අප්පා මේ ලවුඩ්ස්පීකර් සද්දෙ මෙහෙමම තිබුනොත් විභාගෙට බාධා වෙනව නේද කියලත් කල්පනා උනා.. මොකද්ද මේ අද තියෙන රැස්වීම ? සෑහෙන පිරිසක් සහ හමුදාව හිටිය නිසා අනුමාන කලා මොකක් උනත් රාජ්‍ය අනුග්‍රහය ඇතුව පවත්වන එකක් තමයි කියල.. ඔය අතරෙ අපේ කෝස් එකේම සෞම්‍යා නන්ගිත් කෝල කලා..මන් ගත්තෙ නැහැ.. ඉන්න ළමායි මම ලඟම එනව.. කියල කිව්වෙ නැහැ හිතුව විතරයි. ම්ම්ම්ම් බස් එකෙන් බහින තැනට කැම්පස් එකට ඇතුල්වන ගේට්ටුව පෙනෙනව.. වෙනද වගේ නෙවෙයි ඒක අද වහල.. වෙනදට මේ වෙලාවට මෙතනින් ඇතුලට යන සෙනඟ කන්දරාවත් නැහැ.. මට වෙනසක් දැනුනා ගිහින් බලමුකො..ගේට්ටුව ලඟට යනකොටම එතන සිකුරිටි එකේ තරුන හාදයෙක් ගේට්ටුව ලඟට ආවා..

"ඇයි මේ වහල?"
" අද දවසම වහල පේන්නෙ නැද්ද .. ඔය ඔතන බෝඩ් එකක් ගහල තියෙන්නෙ"..
 වහල බව නම් පෙනෙනව..බෝඩ් එක නම් දැක්කෙ නැහැ..එහෙම හිතපු මම බෝඩ් එක බැලුව.. ෆොටෝ කොපි කොලේක ප්‍රින්ට් කරල යන්තන් අලවල තිබුනු බෝඩ් එක උඩ දෙපැත්තෙන්ම ඇකිලිලා.. මම බෝඩ් එක හරි ගස්ස ගෙන කියෙව්ව.. ශ්‍රමදානයක් නිසා අද කැම්පස් එකේ සියළුම පීඨ වසා ඇති බව තමයි දැනුම් දීල තිබුනෙ මගේ පාඨමාලාව කරන්නෙ කැම්පස් එක ඇතුලෙම තියෙන ආයතනයකින් නිසා විභාගෙට ප්‍රශ්නෙයක් නැතුව ඇති..

මම ආයෙමත් ගේට්ටුව ලඟ.. නුරුස්සන බැල්මකින් ආයිමත් සිකුරිටි හාදයා..
"දැන් කිව්වෙ එක සැරයක් ඔය බෝඩ් එකෙත් තියෙන්නෙ වහල කියල"


 මීට අවුරුදු 5-6කට ඉස්සෙල්ල නම් මුලින්ම කරන්නෙ මූට හොඳවයින් දෙකක් කියල තමයි ඊළඟ කතාව අහන්නෙ.. පොඩ්ඩක් ගරු සරුව කතා කරන්න බැරිද.. මම උගෙ තාත්තගෙ වයසෙ වෙන්නත් පුලුවන්නෙ.. මුගෙ ගෙම්බර් බලපල්ලකො.. එහෙම හිතපු මම

"මට විභාගෙ තියෙන්නෙ -- ආයතනයෙ.. විභාගයක් නිසා ..තව කට්ටිය එන්න ඇති නේද?"

 "විභාගෙකට ආපු කට්ටියක් අර ඉස්සරහ ගේට්ටුවෙන් ඇතුලට ගියාලු.. එතනට යන්න .. එතනින් විස්තර අහන්න පුලුවන් . අපිට කියල තියෙන්නෙ මෙතනින් කාවවත් ගන්න එපා කියල "

ටිකක් මැදිවියේ හිටපු අනිත් ආරක්ශක නිලදාරියා මට කිව්ව.. අර තරුන සිකුරිටි හාදය මන් දිහා බලා ඉන්නව කටත් ඇර ගෙන.. මට හිනාත් ගියා බලා ඉන්න විදියට.. ස්තූතියි කියපු මන් ගියා ඉස්සරහ ගේට්ටුවට..එහෙනම් මේ අර පිට්ටනියෙ තිබ්බෙ මීටින් එක මේ ශ්‍රමදානෙට සම්බන්ධ එකක් වෙන්න ඇති..මේ සිකුරිටි අයට නියෝග දීලා ඇති කාවවත් ඇතුලට ගන්න එපාය කියල.. ඒ ගොල්ලන් හරි.. ඒ ගොල්ලන් කරන්නෙ ඒ අයට දීපු නියෝග ක්‍රියාත්මක කරන එකනෙ..ඇත්තටම මගේ මේ ලිපියෙ අරමුන කවුද වැරදි කියල හොයන එක නම් නෙවෙයි.. කවුද වැරදි නැත්තෙ කියල පොඩි විග්‍රහයක් කරන එක තමයි.. අර තරුන සිකුරිටි හාදයාට කියල ඇති එයාගෙ බොස් මොන හේතුවක් වත් නිසා කවුරුවත් ඇතුලට ගන්න එපාය කියල.. මේක කැම්පස් එකක් නිසාත්.. දහස් වාරයක් මේ හාදයො මෙතනින් යන එන අයගෙන දොශාරෝපන අහනවත් ඇති.. පොඩි පඩියකට .. පැය 12 ක විතර වැඩ මුර අදින මේ තරුන හාදයො අද වගේ ඉරිද දවසක යාලුවො සෙට් එක එක්ක ෆන් එකක් ගන්න කැමති ඇති. මෙහෙම එන අය ගොඩාක් ගම් පලාත්වල ළමයි.. පවු ඔය ප්‍රශ්න කන්දරාව අස්සෙ මට ගරු සරුව කතා කරන්න මතක නැති වෙන්න ඇති.. මන් මොනව හරි කිව්වනම් .. තියෙන ප්‍රශ්න මදිවට.. කට පියන් හිටපු එක කොච්චර හොඳද? මන් ගත්තා කෝල් එකක් හාමුදුරුවන්ට..

" ලියන්න මන් ඔයාට කතා කලේ ..අපි මේන් ගේට් එක ලඟ ඉන්නෙ..ඇතුලට යන්න දෙන්නෙ නැහැ මොකද්ද එකක් තියෙනවලු"

"හා මන් දැන් ඔතනට එන්නම්."

 මන් එතනට යන කොට සෙට් එකම එතන..

"අද එක්සෑම් නැති වෙයි වගෙ."

 හැමෝම කතාව

"මෙතනින් ඇතුලට යන්න දෙන්නෙ නැහැ.. කැම්පස් තේරුනු අලුත් ලමයි දමල අද ශ්‍රමදානයක් කරනවලු.. "

කියන කොටම අර පිට්ටනියෙ හිටපු ලමයි කන්දරාව පේලියට අනිත් ගේට්ටුවකින් ඇතුලට ගන්නව.

"ලියන්න අපි ගිහින් ඇහුවා ඔයාත් ගිහින් අහන්නකො"
"හා ඉන්න මමත් අහල එන්නම්"

මම ගියා සිකුරිටි එකට..

"here what is going ooon? we do have a exam here at institute but we did not inform that it would be postponed or anything"
 මන් වැනුව කඩ්ඩෙන්ම..

"yes sir , all the sections even institute has closed today your exam.."

"but how can we sure about this ? can you call the institute and get a confirmation about the postpone of the exam. then we can go home.."

"සර් අර අතන කාර් එක ලඟ ඉන්නව ඒකෙ ගෑනු ලමයි දෙන්නෙක් . ටක් ගාල අහල එන්නකො"

මම එතනට ගියා

"සොරි මිස්ටර් ලියන්නා බලන්නකො අපි හිතුවෙ මේ ප්‍රොග්‍රෑම් එක තිබුනට විභාගෙ තියන්න පුලුවන් වෙයි කියලයි..ඒත් දැන් තියන්න බැහැ. විභාගෙ කල් දමල.. අපිට කල් ඇතුව දැනුම් දෙන්න විදියක්වත් තිබුනෙ නැහැ.."

"ආ ඔය ගොල්ලො මොනව කරන්නද ඒකට"

"අපි ඊළඟට විභාගෙ තියෙන දවස කෝල් කරල කියන්නම්."

"හරි තෑන්ක්ස් එහෙනම්"

ඇත්ත මේ ලමයිගෙ වැරැද්දක් නැහැ..ඒ ගොල්ලො කරන්නෙත් ඒ අයට කියන දේනෙ.. ඊට ඉස්සර උනත් මොනව හරි අපෙ ක්ලාස් වල වෙනසක් තියෙනවනම් අපිට කෝල් කරලම කියනව..ඒක සුවර්..ඒ හොඳ පුරුද්ද නිසා මොනවවත් නරකක් හිතන්න බැහැ.

"අපි එහෙනම් දැන් ගෙදර යමු නේද"

"හ්ම්ම්ම් වෙන මොනව කරන්නද..?"

 පේපර් එක ඉල්ල ගන්න බැරි වෙයිද දන්නෙ නැහැ ගෙදරදි ලියල ආපහු ගෙනත් දෙන්න..

" අපරාදෙ මට අර ගෑනු දරුවන්ගෙන් ඒක අහන්න බැරි උනානෙ.."

 හිනා වෙලා හිත සැහැල්ලු කර ගත්ත අපි විසිරිල ගෙවල් බලා පිටත් උනා..විභාගයක් තියන්නම තිබිලා අපිත් ඒකට හොඳටම සූදානම් වෙලා ගියහම මේ වගෙ උනහම ආයිමත් හොඳි ඕනි නැහැ.. කෑලි විතරක් ඇති.. මේ සිද්ධිය කලින්ම සැලසුම් කරල තිබුන එකක් උනත් අපෙ ආයතනය හිතන්න ඇති.. මේ වැඩසටහන් නිසා විභාගෙට බාධාවක් නොවේවි කියල. නමුත් ඒක අනපේක්ශිත විදියට වෙනස් උනා.. ආයිමත් දින නියමයක් නැතුව විභාගය කල් ගියා.. ආයතනය වැරදිත් නැහැ මේ තීරනයෙදි.. එතකොට කවුද වැරදි ?
මොකක්.. ????!!!
මොනවහරි දෙයක් උනහම කවුද වැරදි කියල හොයන්නම ඕනිද ? නැහැ.. මේ සිද්ධියෙදි කවුරුවත්ම වැරදි නැහැ. අධි විචල්‍යය පරිසරයකදි සැලසුම්කරුවෙක් මුහුන දෙන තත්වයක් තමයි මේක.. අපිට පරිසරයේ තියෙන සියලුම සාධක පාලනය කරන්න බැහැ.. එහෙම බැරි උනහම ඒකට වැරදි කාරයො හොය හොයා කෝප සිතුවිලි ඇති කරගෙන අපේම ලේ කුපිත කර ගන්නෙ ඇයි කියල හිතමින් මම ආයිමත් නෝට් ටික අතට ගත්ත මුල ඉඳන්ම පාඩම් කරනව..ඉස්සෙල්ල සැරේ මග හැරිච්ච කරුනු ටික ආයිමත් අල්ල ගන්න පුලුවන්..

photo coutesy from http://academic.cuesta.edu

25 comments:

  1. ගොඩාක් තැන් වල වෙන දෙයක්.. මමත් ඔහොම ආපහු හැරිලා ගිහින් තියෙනවා දෙතුන් සැරයක්...

    වෙනීට හාමුදුරුවරුයි ගෑණු ලමයිනුයි ඇර වෙන අය කෝල් කරන්නේ නැද්ද? :D

    ReplyDelete
  2. මෙන්න බොලේ අභීත ඇවිල්ල මගෙ බ්ලොග් එක පැත්තෙ.. කෝ මේ රතිඤ්ඤා ටික...???? ස්තූතියි ආවට..ඔය මගෙ ක්ලාස් එකේ සෙට් එකනෙ අභී..තව පිරිමි ලමයි සහ ගෑනු ලමයි සහ හාමුදුරුවරු කතා කරනව..

    ReplyDelete
  3. හැම දේකම වැරදි කාරය කව්ද කියල හොයන්න බෑ නේන්නම්... :)

    ReplyDelete
  4. මටනම් විභාගයක් කල් යනවා කියන්නෙ ෆුල් ජොලි.....!

    ReplyDelete
  5. වෙනි,

    උඹේ වෙලාව හොඳා, හෙන්රි මේ පැත්තෙ ඇවිල්ල නැහැ, ටය් (පන් ගාන) පන්තිය නවත්තල, උඹට ඉංග්‍රීසි පන්තියක් තියනව මෙතනම....හිකිස්

    ReplyDelete
  6. @ සාතන් - ඔව් බොලේ ..
    @ දමියා - ඉස්සර නම් එහෙම තමයි..ඒත් ඔෆිස් වල වැඩ එක්ක බැහැ බන්z.. ඉවර වෙනවනම් ශෝයි අප්ප..
    @ ඔබ්සර්වර් අයියා - හැබැයි කොයි වෙලාවක හරි එනව සුවර්..මන් ඉවර වෙයිද මන්දා???

    ReplyDelete
  7. අර ළමයාගෙන් පේපර් එක ගත්තනම් අපිත් උදවු කරනවනේ අයියට...

    ReplyDelete
  8. හපෝ! ඔය වගේ වෙලාවට තමයි එපා වෙන්නේ. දැන් ඉතිං තවත් හොඳට පාඩම් කරලා විභාගෙ ගොඩ දාගන්න. සුභපැතුම්...

    ReplyDelete
  9. විභාගෙත් කල් ගිය එකේ කුප්පි හරි ඩිශ්කශන් පාරක් හරි දාල හොදට සූජානම් වෙලා ලියමු එහෙනම් විභාගේ.

    මේක දකිද්දි මටත් ආය මොකක් හරි විභාගයක් පටලව ගන්න හිතෙනව කරන්න.

    ReplyDelete
  10. @ ප්‍රසන්න - අනිවා එහෙනම් මට වෙනම පෝස්ට් එකක් දමන්න තිබුන පේපර් එක ගෙඩි පිටින්ම
    @බ්ලොග් ගඩොල් - ඊට වැඩිය අප්සට් සුදු පූසි කතා සීරිස් එක ඉවර වෙච්ච එක..ආයිමත් ලියන්න තව එකක්
    @ නදී - ෆන්ම කට්ටිය එක සෙට් වෙලා ක්ලාස් යන එක තමයි

    ReplyDelete
  11. අපිටත් අගහරුවාදා exam. කට්ටිය සෙට් වෙලා වෑඩ කරන්න විදියක් නෑහෑ අද මේ ශ්‍රමදාන බම්බුවක් හින්දා :-( එපා වෙනවා ඉතින්

    ReplyDelete
  12. hmm විභාග කල් යනවා කියන්නෙත් හෙන හිසරදයක් නේ?

    ReplyDelete
  13. ඔව්....අපේ යාලුවොන්ව ඊයෙ _____ කැම්පස් එකට ගෙන්නල තිබුණා.ශ්‍රමදානයක් කියලා.
    ඊලඟ දවසෙ කැම්පස් එකට ආව නම් වෙනී අයියවත් බලල යන්න තිබ්බ නේද....

    ReplyDelete
  14. @ කසුන් - තෑන්ක්ස් මේ පැත්තෙ ඇවිත් සටහනක් තිබ්බට. ඔය කලම්බු එකේද?
    @තරිඳු - ඔව් අප්පා හරිම හිසරදයක් තමයි
    @ පිසා - ඔව් එන්න කලම්බු ඔයා පේරා නෙ මල්ලි.

    ReplyDelete
  15. හොඳ වෙලාවට මං කලින් උපන්නේ කියලා හිතුනා මේක කියවලා!

    ReplyDelete
  16. ඔන්න මං ආවා. වෙනියො, මොන හෙතුවක් නිසා හරි විභාගයක් කල් යනව කියන එක මට නම් දැනුත් පට්ට ආතල් එකක්. ඒ වගෙම එක දවසක් මොකක් හරි හේතුවකට බලාපොරොත්තු නැතුව නිවාඩුවක් ලැබෙනවා කියන එකකොච්චර ආතල් එකක්ද?
    ආයෙ ගෙදර ගිහින් තව ටිකක් පාඩම් කරන එකනෙ ඇත්තෙ. කොහොමහරි විභාගේ ඉහලින්ම පාස් වේවා කියල ඕන්න බොක්කෙන්ම පැතුවා.
    එතකොට මේ මේ ඔබා. (ඔබා අයියා කියමුකො, අර එක බුවෙක් කොමෙන්ට් එකේ දාල තිබ්බ විදියට) ඔබා අයියටත් මොකුත් මිස් වෙන්නෙ නෑ නේද? (ඇත්තටම කිවොත් මමත් ලියන දේ දෙපාරක් චෙක් කරනවා. ඔබා අයියා නිසාම. ඔබ්සවර් කියන්නෙ නිකං යැ?)

    වෙනියගෙ මේ විභාගෙට පස්සෙ බලමුකො ඉංග්‍රීසි ගැන.

    ඒක නෙවෙයි ඔබා අයියෙ. අර ෆොටෝ එකේ කතාව නම් ගිම්හානි පැහැදිලි කරලා තිබ්බානෙ, බ්ලොග් ලියලම හූන වගෙ කෙට්‍ටු වෙලා ඇදිලා ගිහිල්ලා කියලා, එතකොට මේකෙ දැන් ෆොටෝ එකක් නැතුවම ගිහිල්ලා තියෙන්නෙ මොකද?

    henryblogwalker aka Dude

    ReplyDelete
  17. දැන් ඉතින් දෙන්න බැරියැ ඇට්ටි හැලෙන්න පොල් ඉතුරු වෙන්න...... ඇයි ඉතින් අද ලිවාත් ගොඩ යන්න ලියන එකේ ආයේ තියන දවසට ගොඩේ ගොඩනේ

    ReplyDelete
  18. @ කකා - ඔය හිතිච්ච එක වෙනස් කර ගන්න..අම්මා ටොක්කක් ඇනලම කිව්ව බොට 40යි ඉපදුනෙ 71 කියල..ඉක්මනට පශ්චාත්තිය ඉවර කර ගත් එක නම් හොඳායි..තව අවුරුදු 2ක්ම ඇදපන්කො..

    ReplyDelete
  19. @ ඩූඩ් - ඔව් ඒක නම් ඇත්ත..ඒත් ඉවර උනහමත් ඉවරයිනෙ කියල ඊට වඩා ෆන් එකක් ගත්තහැකි..ඔබා අයියට එක මයිල් ගහක්වත් මිස් වෙන්නෙ නම් නැහැ. කෙට්ටු වෙලා කෙට්ටු වෙලා ඒ හූනත් නැත්තටම නැති වෙලා ගිහින්ද කොහෙද.. නේද?

    ReplyDelete
  20. @ දේවා - මේ විභාග කොහොමත් ෆේල් වෙන අය අඩුයි..මොනවම හරි ලිව්වත්..වැඩ කරන ෆීල්ඩ් එකම නිසා මොනවහරිම ටිකක් ලියන්න පුලුවන්..පාස් මාර්ක්ස් වලට යනවා..හැබැයි ප්‍රශ්න පත්තර අමාරුයි..ස්ටෑන්ඩඩ්ස් තියා ගන්නනෙ හදන්නෙ..

    ReplyDelete
  21. අප්පේ..මටනම් විබාග එපා වෙනවා පාඩම් කරන්න සෙට් වෙන්න කට්ටියක් නැත්නම්.

    ReplyDelete
  22. පොඩිකාලේ නම් ඉතින් විභාගයක් කැන්සල් වෙනව කියන්නෙ ඉතින්..
    ඊට වඩා දෙයක් නෑ..
    දැන් නම් ඉතින් එහෙම නෑ. කවදහරි ලියන්න වෙන හන්ද ඉක්මණටම ලියල ඉවරයක් කරන්න තමා කැමැත්ත

    ReplyDelete
  23. @නිසූපා - සහතික ඇත්ත..මම ෆේල් වෙලා තියෙන සේරම විභාග.. හරියට පාඩම් කරන්න සෙට් එකක් නැති වෙච්ච එව්ව තමයි..තනියෙන් පාඩම් කරන්නත් කික් එකක් එන්නෙ සෙට් එක එක්ක කුප්පියක් දැම්මහම තමයි.

    @ පැණි දොඩම් - ඔව් දැන් මේ ඔෆිස් වැඩ නිසාත් විභාග ඉවරවෙන තරමට සනීපයි

    ReplyDelete
  24. මෙතන නම් වැරද්දක් හොයන්න අමාරුයි වගේ තමයි. හැබැයි ඉතින් ශ්‍රමදානේ දාන්න කලින් හොයන්න තිබුන නේද එදා දවසේ කැම්පස් එකේ තියන වැඩ?

    ReplyDelete
  25. @ කසුන් - කාලෙකින් තමයි ,කසුන් පුතා මේ පැත්තෙ ඇවිත් ඉන්නෙ..

    ReplyDelete