ඊට ඉස්සෙල්ල දවසෙ අභියා සහ ඕනය කතා කරල ඉරිදා දවසෙ මෙහෙම තේ පැන් සංග්‍රහයක් තියෙනවාය.. ඒ නිසා ඒකට එන්න රෙඩි වෙලා ඉන්නය කියල බොහෝම කාරුණිකව මට දන්වල තිබුනා.. මට සෙනසුරාදා හවස යාළුවෙක්ගෙ ගෙදර ගියා කොට්ටාවෙ..රැ එහෙ හිටි නිසා සහ යාළුවගෙ පොඩ්ඩා මගෙ ෆෝන් එකේ තිබුනු ගේම් ගහපු නිසාත් උදේ වෙනකොට ෆෝන් එක බැටරි බැහැලා. චාර්ජරයත් කිරුලපන. මම ගෙදර ඇවිත් ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඕන් කලා විතරයි..මේන්න ඕනයගෙ සුමදුර මිහිරි කටහඬ..මුලින්ම ඇහුවෙ
"මිස්ටර් ලියන්නා ඇයි ඔයා ෆෝන් එක ඕෆ් කරලා තිබුනෙ. අපි කොච්චර කෝල් කරාද?.. බලන්න අපි දැන් මේ තේ පැන් සංග්‍රහය බුක්ති විඳිනව..තව කීප දෙනෙක්ම ඇවිත් ඉන්නව..එනවද? "
එහෙම නැතුව
"මේ හු!@@#$$%^&& මොන ප&^$%$#$ ෆෝන් එක ඕෆ් කලේ? තෝ එනවද පැය භාගයක් ඇතුලත බොරැල්ලට? නැත්නම් අපි ඇවිත් අ!@@#$ පු^%^$%#% කැ#$$% ලියන්නා"
කියල නම් නෙවෙයි..
ඉතින් මෙච්චර ගෞරව සම්ප්රයුක්තව කතා කරලත්.. සහ අභීයා උනත් ඊට නොදෙවෙනි විදියට අචාරසම්පන්නව අමතලත් නොයා හොඳ නැති කමට මම යන්න හිතුවා.. මොකද මට මේ සෙට් එක හම්බ වෙලා කතා කරන්න දැඩි උවමනාවක් තිබුනා..ඇඳ පැළඳ ගෙන ත්‍රීවීල් මල්ලිට කිව්ව විනාඩි 10න් මාව ගිහින් දමන්න කියල තැනට.. මල්ලි ආවා පිම්මෙ..මොනාද පාර අයිනෙ හිටපු උදවිය..සෑහෙන ඈතට දුවනවා දැක්කා..ආපු ස්පීඩ් එකට..
පොට් එකට එනකොට අප්පා.. තේ පැන් සාදය ටිකක් දුර ගිහින්.. තේ සමඟ තව කැවිලි පෙවිලි ජාති කීපයක්ම තිබුනා.. මන් බ්ලොග් වල කියවල තියෙන හැටියට මන් හිතා හිටියෙ .. මඩ උනත් එව්වයෙ යම් සත්‍යක් ඇති කියලයි.. මොනවහරි යාන්තමට හරි සැර බීම ඇති කියලත් හිතුව! ඒත් තේ පැන් පමණමයි ! මට ඇති උනේ පුදුමාකාර ගෞරවනීය හැඟීමක් මන් මෙච්චර කල් කියවපු බ්ලොග් වල අයිතිකාරයො කිහිප දෙනෙක් හමුවීම ගැන..අභියායි ඕනයයි ටුක් ගාලා අඳුර ගත්තා.. දෙන්නම අඳුන්වල දුන්න.. අන්තිම පේලියෙ ලියන අවංක පැට්ටා, ලසියා, සහ පසන්ව
එතන ළඟ ටීවී එකේ ක්‍රිකට් මැච් එකක් යනව .
. "අඩේ මුන් ගහන්නෙම හතරෙ එව්ව විතරයි!"
එහෙම කිව්ව පසන්
"නෑ බන් ඔය හයිලයිට් මැච් එකේ ලයිව් නෙවෙයි.."
"මිස්ටර් ලියන්නා හදිස්සියෙවත් ඩෙංගු වලට කඩා පනින් හමුදාව හරි පී.එච්.අයි. හරි ආවොත් සුවර් එකටම ඔය තේ කෝප්පෙ අත් අඩංගුවට ගන්නව. ඩෙංගු මදුරුවො බෝ කලා කියල!"
නැත්නම්,
"ඉන්න මිස්ටර් ලියන්න මන් තේ කෝප්පෙ මකුළු දැල් ටික කඩලා දමන්න."
කියල ඒ උදව්ව හරියටම කලා.මෙවන් කාරුණික ඇමතීමක් මම ඥාතියෙක්ගෙන්වත් ලබලා නැති එක ගැන මතක් වෙනකොට මගෙ ඇහැට කඳුලක් නොආවා මත් නෙවෙයි !
ඇත්තටම අද තරුණ කොටස් වලට එල්ල වෙලා තියෙන චෝදනා වල එකක් තමයි කට්ටිය සෙට් උනහම කතා කරන්නෙ කුණු හබ්බ වලින්මයි කියන එක. මමත් ඒ වගෙ වැරදි සංජානනයක තමයි හිටියේ මේ වෙනකම්ම..ඒ සිතුවිල්ල ක්ශණයකින් සුනු විසුනු වෙලා ගියේ මේ තරම්ම අචාරසම්පන්න, වාග් ශෛලයක් වෙන කිසිත් තරුණ පිරිසක් භාවිතා කරන්නට නැතුව ඇති යන සිතුවිල්ලත් සම්ඟමයි. අවට තේ පානය කරන පිරිස් පවා අපේ සෙට් එකේ මෙම කතා විලාශයන් පිළිබඳව විමතියක් පල කරමින් බලා සිටින බව පෙනී යාමම මෙය තහවුරු කරන්නක්.. ඔය අතරෙ සංවාදයට නැගුන හර බර , කාලෝචිත මාතෘකා සම්භාරය නම් අති උත්කෘශ්ඨයි. කොටින්ම බොහෝමයක් කරුණු මට තේරුනේම නැති තරම්. .නැත්නම් මෙතන කොටන්න තිබුනා අනිත් අයගේ පහන් සන්වේගය පිණිසම. ඒ වෙලාවෙ තේරුනත් ඒ සංවාද වල තිබුන ගැඹුර නිසාම මගෙ හිතෙන් එව්ව ගිලිහිලා ගිහින්.ඔය අතරේ අපෙ අවංක පැට්ටත් එයාලගෙ යාළුවෙකුට ප්‍රිය සම්භාශනයේ යෙදෙන හැටි උගන්නපු කතාවක් කිව්වා. රාජකාරි බහුලත්වය නිසාම බොහෝ වෙහෙසකර වී සිටියත්, අභීගෙ සහ ඕනයගෙ අති විශිශ්ඨ සදාචාරසම්පන්න ඉල්ලීම් උදෑසන හෙලූ කෙලපිඩක් සේ අහක දමන්නට නොහැකිව රංග ද එතනට සපැමිනුනා..සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි ඔහු දුටු මාද මවිතයට පත් උනා කිවහොත් සත්‍යයක්මයි.. මෙතරම් ලාබාල තරුනයන් ඇඳුම් පැළඳුම් ගැන මෙතරම් සැලකිල්ලකින් සිටීම සහ ඉරිදා දිනයක් වූවද, ටයි පටියක් හැඳ කබායක් පැළැඳ සිටීම! වැඩ අධික කම නිසාම අප සමඟ වැඩි වෙලාවක් නොසිට නමුත් තේ පැන් සංග්‍රහය විඳ ඔහු අපෙන් සමු ගත්තා.
ඔය අතරේ ඊ (යා) පරිසරය සංකල්පය මත අප සිටි ස්ථානයට නුදුරින්ම වූ ගස දෙස දුක්බරව බැලූ පසන් කාලෙකින් මේ ගහට වතුර දමල නැහැ සිතමින් අයිස් කැට කිහිපයක් ජිල් බෝල සමස්ත ලංකා ක්‍රීඩා කෞශල්‍යය පෙන්නුම් කරමින් ගස වෙතට විසි කලා.. කොතරම් සාර්ථකව මෙම වීසි කිරීම සිදු කලාද කියනවානම්..ඒ සියල්ලම වැටුනේ ඊට එහා මේසයේ සිටි කණ්ඩායම මැදටයි.නමුත් අභීතගේ . ස්තානෝචිත ප්‍රඥාව නිසාම කිසිම හෝ කලබලකාරී තත්වයක් ඇති වූයේ නැහැ.
තවත් හරබර සංවාද කිහිපයක් සහ ඕනයාගේ පාණ්ඩිත්වය විදහා දැක්වූ ඓතිහාසික විග්රහයකින් අනතුරුව "හයියෝ බුක් ෆෙයාර්.. හයියෝ සල්ලි !" යනුවෙන් හරබර ලෙස අභීගේ තේමාවකින් අර්ථගැන්වූ පොත් ප්‍රදර්ශනය වෙත යාමට කතිකා කර ගත්තා..ඒ අතරේ
තුන් රෝද රිය තුල සිටිමින්ම පසන් පාර අයිනේ වූ බළු බෙටි පවා සුන්දරත්වයෙන් අනූනව ජායාරූපකරනයට ලක් කර ගනු ලැබුවා..
පොත් ප්‍රදර්ශනයට විවේක කුටියක් තුල අනිත් බ්ලොග් පිරිස හිඳ ගෙන සිටියා.. මතකයේ හැටියට අහිංසකී, චාපා, වැප්, සිහින, ජේ.ඩී. සෝරෝ , ශිරෝශි , දිල්සරා, ඇතුළු මහා කාණ්ඩයක් හිටිය ! මග හැරිච්ච අය මෙතනට එකතු කරයි කියල හිතෙනවා අපේ ප්‍රවීන බ්ලොග් කරුවො ටික කමෙන්ට් විදියට..
ඔවුන් ගෙනා කේක් ඕනයා කෑමෙන් අනතුරුව තවත් සොයුරන් කීප දෙනෙක් ගෙනදුන් කෝක් බොමින් සතුටු සාමීචියේ යෙදී සිට.. පොත් ප්‍රදර්ශනය නරඹා සතුටින් විසිර ගියා.
ඉතිං බ්ලොග් ලෝකෙට අළුත් මම බ්ලොග් ලියන අනිත් අයව හම්බ වෙන්න ඕනි ඕනි කියල කියා ඉඳල ඕන්න ඔහොමයි කට්ටියව සුන්දර විදියට හම්බ උනෙ!
Yes It's a Wonderful meeting !
හරි නම් මාත් එදා ඔතන ඉන්න තිබුණා.ඒත් හදිසි වැඩක් යෙදුනා.ඕනය අයිය කෝල් කරලම එන්න කියපු එකට එන්න බැරි වෙච්ච එක ගැන මට තාම අප්සට්.
ReplyDeleteපටලැවිලි හදාගත්තම ඒවට නැහෙන්නම වෙනවනෙ...
සොරි දුලිප් අයියෙ.....
I just miss a wonderful time...
මයියා ඉතින් ෆුල් ඇනෝ කෙනෙක් වගේ තම යි ඉන්නේ...ඒක හින්දා ඔය හමුවීම් වලට එන්නේ නෑ...ඒත් විස්තර බලලා සතුටුයි...
ReplyDeleteහුහ්....අපි නොදන්න....
ReplyDelete(අනෙ මගෙ කට....කිව්ව කියල හිතා ගං වෙනියො)
@ පිසා - ඊළඟ සැරේ මීටිං එකට එන්න මලේ..එතකොට ඉවරයි..අර කතාවක් තියෙනවනෙ ගිය පඩේ ගියාමයි ! කියලා...
ReplyDelete@මයියා - කවදහරි ඇනෝ මට්ටමින් එලියට ආපු දවසක එන්න . එතකොට ඉවරයි !
ReplyDelete@ ඔබ්සර්වර් - හා හා අයියා කෝප ගන්න එපා ! ඔය හර බර සංවාද අස්සෙ ඔබා අයියගේ නමත් කියවුනේ කීප වාරයක්ම..
ReplyDeleteඅඩෝ.. ඔය තියෙන්නේ මඩ..
ReplyDeleteකෝ ඉතින් අපි දන්නෙත් නෑනෙ ඕවා..
ඇයි දෙයියනේ අර වගේ ටයිට්ල් එකක් දැම්මේ... මං හිතුවෙ මොකක් හරි ඈඩ්වයිස් එකක් දෙන්න යනවා කියලා...
ReplyDeleteඅයියලා ආවේ දවල් වෙලානේ. අපි උදේම ඇවිත් පොතුත් අරං ගියා..
අනේ අම්මපා මට කියවනකොට හිතුනෙම වැරදි දෙයක්නේ ,ෂික්..
ReplyDeleteආදර්ශවත් සෙට් එකක් නොවැ , නැත්නම් ඉතින් රෑට තේ බොන්නේ මොන රටේද මං අහන්නේ :D
@ පැණි දොඩම් - කෝ කෝ මඩ ? එෆ්බී එකේ මේ දවසෙ යනව කියල ප්‍රචාරය ගිය නිසා මම හිතුවෙ කට්ටිය දන්නව ඇති කියලයි..
ReplyDelete@ ප්‍රසන්න - අයි මලේ ටයිට්ල් එක අප්සෙට් ද? ප්‍රථම හමුව කියල දැම්ම නම් හරි නේද? මට ඒ වචනෙ මුලින් මතක් උනෙ නැහැ. ඔව් අපි එනකොට 3ත් පහු වෙලා..
ReplyDelete@ චම්මා - හා හා චම්මා ඔය වචන වලින් එහාට මුකුත් හිතනවා එහෙම නෙවෙයි..ඕන්න..රැට තේ ?! ඔව්ව අපේ ඕනයගෙ අළුත් සංකල්ප නොවැ ! රටේ ආර්ථිකය ගොඩ නගාලන්න අපි හිතුවෙ රැ දවල් නොබලා ජාතික පානය වන තේම බොන්නයි..
ReplyDeleteඅහිංසකි නොව රන්දිල් හෝ රන්දුනා ලෙස කේක් පටියේ අයිතකාරිය වෙනස් විය යුතුයෑ
ReplyDeleteහික්හික් මඩ උනත් අයිස්න් කරපුවා :DDD
@ වැප් - ස්තූතියි වැප්, වැරැද්ද හරි ගැස්සුවා..තවම මට අළුතෙන්ම හම්බ වෙච්ච අයව පොඩ්ඩක් ටැපලෙනව , ලැටපෙනවා ... තේ සාදයෙදි බර්ත්ඩේ කේක් එක්ක කියවෙච්චි නමක් තමයි අහිංසකී..ඒ නිසා මට එහෙම මීටර් වෙලා තියෙන්න ඇති.
ReplyDeleteඔච්චර දේවල් ලියලා තේ පැන් සංග්‍රහයට තිබ්බෙ මොනාද කියල ලියලා නෑනේ.හහා... අපිත් දැක්කා පින්තූර මූණුපොතේ තියනව.:)
ReplyDeleteසික්.. හරිම අහිංසක මඩ වලක්.. මං පවු යකෝ... :-D :-D
ReplyDeleteමේ ලිපිය පුරාම සෑහෙන වැරදි තියෙන හැඩයි..දැන් අර වාපා එකක් හරි ගැස්සුවනේ... මාත් එකක් පෙන්නන්නං.. ඒකත් හදහං...
ReplyDelete"ඇත්තටම අද තරුණ කොටස් වලට එල්ල වෙලා තියෙන චෝදනා වල එකක් තමයි කට්ටිය සෙට් උනහම කතා කරන්නෙ කුණු හබ්බ වලින්මයි කියන එක. මමත් ඒ වගෙ වැරදි සංජානනයක තමයි හිටියේ මේ වෙනකම්ම..ඒ සිතුවිල්ල ක්ශණයකින් සුනු විසුනු වෙලා ගියේ මේ තරම්ම අචාරසම්පන්න, වාග් ශෛලයක් වෙන කිසිත් තරුණ පිරිසක් භාවිතා කරන්නට නැතුව ඇති යන සිතුවිල්ලත් සම්ඟමයි. අවට තේ පානය කරන පිරිස් පවා අපේ සෙට් එකේ මෙම කතා විලාශයන් පිළිබඳව විමතියක් පල කරමින් බලා සිටින බව පෙනී යාමම මෙය තහවුරු කරන්නක්"
ඔය හැම තැනම මොකද තරුණ පිරිසක් ගැන දාලා තියෙන්නේ..? ඔතන තරුනයෝ එකෙක්වත් හිටලා නැහැ නෙව..ඔන්න මංවත් ආවනං ටිකක් හිතා බලන්ටවත් තිබුනා... එහෙමත් නැතිව මේ පස්ට නා* ටිකක් එකතු වෙච්ච තැන මොන තරුන කතාද..?
කමෝන් මාරයා.....!!!
ReplyDelete@ නදී - එතන තිබුනු කෑම ජාති ගැන ලිව්වනම් වෙනම පෝස්ට් එකක් ලියන්න වෙන නිසා ඒ ගැන ලිව්වෙ නැහැ..
ReplyDelete@ පසන් - මඩ කෝ..??? මඩ කෝ ???? පසන් මේක කුමන්ත්රනයක් ඇයි වෙනියා ලසියාට මොනවවත් ලියල නැත්තෙ??? ගමේ හින්දද දන්නෙ නැහැ? ලසියව අවුස්ස ගෙන වෙනීගෙ ගමෙ කේස් ඇදෙයි කියන බයට වෙන්න බැරිද?
ReplyDelete@ මාරය - මෙහෙමයි එතන හිටිය අයගෙ වයස් වල සාමාන්‍ය ගත්තොත් 20 ගනනක් තමයි එන්නෙ..ඉතින් කොහොමද කියන්නෙ පස්ට නා* කියලා.. හුහ් ඔතන මාරයයි , ඔබා අයියයි හිටියෙ නැති නිසා ඔය ඇවරේජ් ඔච්චර අඩු උනෙ!
ReplyDeleteනැහැ නැහැ ඔතන 20 ගනන් නෙවෙයි 18 උන් ඉඳලා තියෙන්නේ.. හැබැයි 18 වැනි සත වරුසේ උන්...
ReplyDeleteමදැයි මන් එක බොරුවක් කියලා දැන් ඒක වහ ගන්න තව බොරු දාහක් කියන්න වෙනව ! මාරයා හරි.. ඕනයා කතා කරපු දේවල් 15වැනි ශත වර්ශයෙ ඉඳන්ම විකාශනය වුනා! අත්දැකීම් වල පරිනත බව අනුව හරියට හරි පරන ශතවර්ශෙක තමයි. අබේපාල මාමා නම් ඉතින් කොහොමත් පස්ටම පස්ට නා* යනෙ! .. එතන මම විතරයි ටීනේජර් කෙනෙකුට හිටියෙ !
ReplyDeleteයකෝ නාකි බෙබාලගේ..අහ් වැරදුනා.. තේ පානය කරන්නන්ගේ සංගමේ මැනේජර් පෝස්ට් එක ගන්ට දඟලන එකා කොහොමද ටීනේජර් උනේ..?
ReplyDeleteමේ කතාව .NOT. ගේට් එකකින් දාලා ගත්තාම හරි වගේ!
ReplyDeleteදැන් කට්ටිය හිට්ස් ගෙන්න ගන්න හොඳට දන්නව වගේ... පොත් ප්‍රදර්ශණය බලන්න අපිට නම් එන්න වෙන්නේ ඔක්කම පොත් විකුණුනාට පස්සෙ තමයි ඕං
ReplyDeleteඅනේ මන්ද ඇත්තටම වැදගත් විදියට ලියල තියනව ටිකක් අරාබි ගතියක් තියෙනව...අරාබි ලියන්නේ දකුනෙ ඉඳල වමටනේ ආන්න ඒකයි හෙම කිව්වෙ..
ReplyDeleteහක් හක් හක්... අපි නොදන්න සැට් එකනේ.... හැබැයි ශෝයි මඩ පාර....
ReplyDeleteරංගයා හැබෑට ම ආවෙ කොහොමද ??
හැබැයි තරුණ කොටස් කිව්වෙ කාටද කියල පොඩි අවුලක් තියේ ඔතන.... මොනා උනත් ලංකාවෙ උන්නනම් සැට් වෙන්න තිබ්බ... සික්. ඕකට අර සැර එව්ව සුට්ටක් ආවනම් ප්‍රථම හමුව උපරිමෙන්ම සුන්දර වෙනව ආයේ හෝදන්න දෙයක් නෑ... මට ප්‍රථම හමුව මතක් වෙද්දිත් හිනාව නවත්තගන්න බෑ බන්. හක් හක්
@මාරයා - මැනේජර් ඕනි නැහැ..වේටර් පෝස්ට් එකක් වත් කඩා ගන්න ඇහැක්ද කියලයි බැලුවෙ!
ReplyDelete@ කශු - ඇත්තටම මොනවහරි බොරුවක් කිව්වහම හැමෝම පිලිගන්නව.. ඒත් මේ විදියට ඇත්ත කිව්වහම වත් විශ්වාශ කරහල්ලකෝ...
ReplyDelete@ සොඳුරු - ඇයි අද හෙට ආවනම් ..අන්තිම දවස ඉරිදා..ඒත් පොත් වල අඩුවක් වෙයි කියලනම් හිතන්න බැහැ..සෙනඟ නම් දවසින් දවස වැඩි වෙනව..
ReplyDelete@ඉන්ඩි - අරාබි කවිරුවත් නම් හිටියෙ නැහැ..හිකිස් !
ReplyDeleteඅපොයි තාම අළුත්නේ..දත් ටික හෙල්ලිලාවත් නැහැ මයෙ හිතේ..මේ දවස්වල වේටර් කං නෙවේ අනිවා මැනේජර් පෝස්ට් එක හම්බ වෙනවා සංගමේ..හැබැයි දත් ටික එහෙ මෙහෙ උනාට පස්සේ ඔක්කෝම පට්ටං ඉවරයි..බොටත් පුළුවන් ඊ ළග එකාගේ දත් සැට් එක පොලිස් කොරන වැඩේට සැට් වෙන්ට...
ReplyDelete@ පිස්සා - ඔය කියල තියෙන විදියටම තමයි රංග ආවෙ ! තව බෝ එකකුත් තිබුනා සාක්කුවෙ.. මමත් හිතුවෙ සැර එව්වත් පොදක් හරි ඇති කියල.. ම්හ්හ්හ් !
ReplyDeleteහැමෝටම ආදර්ශයක් උන හමුවක් වගේ මේක...
ReplyDelete@ මාරෙ - අදහස නම් හොඳායි ! මගේ දත් ගැලෙවෙන්න හරි තව කාගෙ හරි දත් ගලවන්න හරි මට ෆ්‍රී තියෙන වෙලාව හරි අඩුයි බොල..මේ වගෙ තේ පාර්ටියකට සෙට් වුනොත් ඇරෙන්න ඉතින් ... දුක තමයි රන්ජනී !!!
ReplyDelete@දිනේශ් - අන්න මල්ලිට විතරයි තෙරුනේ !
ReplyDeleteහික්ස්...මම මේ වෛද්‍ය විද්‍යාත්මක සංසිද්දියක් බලන අදහසින් ආවෙ :)
ReplyDelete@ ගඩොල් - එව්ව ලියන්න මන් තාම පොඩි වැඩීදෝ මන්දා .. ආන්න යන්න ඒකට වෙද ගෙදර පැත්තට ..
ReplyDeleteඑල.. අර ඕනයා කතා කරපු විදියට මම මාර විදියට ඉම්ප්‍රෙස් උනා.
ReplyDeleteපාටියට ගිය හැමෝම මගෙ හදවතේ ගැඹුරුම තැනින් මතුවන ඊරිසියාව පිළිගනිත්වා.
අර ඔබා අයියගෙයි මාර පුත්රයගෙයි ඇවරේජ් එක ඉහල දාන්න තිබ්බ මන් කොල්ලත් හිටියානම්. එක්දාස් නමසිය බර ගනන් වල ඩයල්නෙ ඔතන ඉඳල තියෙන්නෙ බලන් ගියාම.
henryjayawardene the Dude
එල.. අර ඕනයා කතා කරපු විදියට මම මාර විදියට ඉම්ප්‍රෙස් උනා.
ReplyDeleteපාටියට ගිය හැමෝම මගෙ හදවතේ ගැඹුරුම තැනින් මතුවන ඊරිසියාව පිළිගනිත්වා.
අර ඔබා අයියගෙයි මාර පුත්රයගෙයි ඇවරේජ් එක ඉහල දාන්න තිබ්බ මන් කොල්ලත් හිටියානම්. එක්දාස් නමසිය බර ගනන් වල ඩයල්නෙ ඔතන ඉඳල තියෙන්නෙ බලන් ගියාම.
henryjayawardene the Dude
@ ඩූඩ් - අනිවා 2000ස් ගනන්වල කොල්ලො රැලක් තමයි හිටියෙ !
ReplyDelete@ අවංක පැට්ට - බලහන් මලේ මම ඇත්තම දේවල් ලියලත් බහුතරයක් පිලිගන්නෙ නැති හැටි.. කෝල් කීපයක්ම ආවා කිව්වෙ "අනේ හු!@@#$ තොපි බොන්නම ඇති ඔය මහ දවල් තේ?!!!" කියලයි. ඇයි බන් ලෝකයා අපිව මෙහෙම අවිශ්වාස කරන්නෙ?
ReplyDeleteශහ් .. . . මේ පෝස්ට් එකයි කොමෙන්ට්ස් ටිකයි කියෙවුවම මට අර කන්දෙ දෙපැත්තට වැටුන ගිරා පැට්වු දෙන්නගෙ කතාව මතක් උනා. අපිත් හරියටම අර තාපසයො හිටි පැත්තට වැටුන ගිරා පැටිය වගේ වෙද්දි මේ කොමෙන්ට් දාන එවුවො හොරු හිටි පැත්තට වැටුන ගිරා පැටිය වගේ කතාමයි කියන්නෙ නේද මිස්ටර් වෙනී ???
ReplyDelete@ අවංක පැට්ට - අනිවා පැහැදිලි ඉරිසියාව ! නැත්නම් වෙන මොකද්ද ?
ReplyDelete@ ඕනෙ - ආන්න හරි ඔය උපමා කතාව තමයි මම මතක් කර කර හිටියෙ.. ඒත් වෙලාවට මතක් උනේ නැහැනෙ ! බලන්න අපි ඒ අතින් කොච්චර මෙව්වද කියල ! මෙව්ව ඇහෙන කොට මගේ මෙව්ව එක මෙව්ව වෙලා මෙව්ව වෙලා යනවා වහෙයි හෆ්ෆා !
ReplyDeleteඅවාසනාවට මට ඔය වැදගත් අවස්තාවට සහභාගී වෙන්න බැරි උනා. බලන්න වෙනි අපි කොච්චර වැදගත් මිතුරන්ද ආස්රේ කරන්නේ මේ බ්ලොග් නිසා දැන අඳුන ගත්ත
ReplyDeleteඅෆොයි ඔව් මරනෙ නැතුව නැතුව !! බලන්න ඒ වගේ සෙට් එකක් එක්ක හමුවෙන්න ලැබීමත් කොයි තරම නම් වාසනාවක්ද ???
Deleteමේ නම් අනාගතයේ පහළ වෙන කේතුමතී පුරවරයේ වාසය කරන පිරිසක්මැ විය යුතුයි. ප්‍රීතී ප්‍රීතී :)) [සින්ටා නොවේ :D]
ReplyDeleteහෆොයි ප්‍රීති කිව්වහම සිහියට නැගෙන්නෙම නොහොබිනා දේවල් මයි !!!
ReplyDelete