ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, September 29, 2011

මේ වගේ එව්ව නේන්නම් ඔය මිටි මිටි බැඳලා පැත්තක ගොඩ ගහල තිබුනෙ...

අල්ලපු ගෙදර සිරියා නැන්දාගේ පුතා පළමු රැකියාව සඳහා පිටත් වන දිනයේ උදෑසනම
 සිරියා නැන්දා


"ළමයො , ඔය ජොබ් වලට මුලින්ම ගියහම වැඩ පුරුදු වෙන්න කාලයක් යනවා..එතකන් හෙමිහිට තමයි වැඩ කරන්න වෙන්නෙ..එහෙම වෙන කොට ගොඩාක් අය කරන්නෙ වැඩ ගෙදර අරගෙන ඇවිත් කරන එක. උඹ එහෙම ජීවිතේටවත් ඒ වැඩේ  කරන්න ලෑස්ති වෙනව එහෙම නෙවෙයි ඕන්න. මන් ආයි නොකිව්වයි කියන්න එහෙමත් එපා"


කොලුවත් අම්මගේ දේශණාව සහ ගෝරණාඩුව අහල මූණ පුළුටු කරගෙන යනවා..අපේ නැන්දත් මේ කතාව අහගෙන හිටිය..


 මම ඉන්න වැට ගාවින් යනකොට කොච්චර උනත් අල්ලපු ගොදර කොලූනෙ .. (හදිස්සියට කාලක් භාගයක්, සිගරැට්ටුවක් ගෙන්න ගන්න ඉන්න එකානෙ ) ඊටත් වඩා අද හා හාපුරා කියලා වැඩකට යන පළමුවෙනි දවස. මමත් බොහෝම බැරෑරුම් ස්වරූපයක් අරන්..


"පුතේ අම්ම ඔය මොනව කීවත්, පුතා වැඩ අල්ලගන්න හොඳට..මුල කාලේ ඉතින් ගෙදර ගෙනත් කරල හරි පුරුදු වෙන්න..ඒ වගේමයි පුතා ඔයා ළඟට එන, ඔයාගෙ කස්ටමර්ලාට හොඳින් හිනා වෙලා කතා කරලා ඒ අයගෙ හිත සතුටු වෙන විදියට වැඩේ කරල දීල යවන්න..මුල කාලෙ හැමවෙලාවෙම හිනා මූනකින්ම ඉන්න"


කොල්ල මන් දිහා පුදුමෙන් වගේ බලල 


තෑන්ක් යූ අංකල්


කියල පිටත් උනා.
අපේ නැන්දා


"මොකද්ද සිරියා  නංගියේ පොඩි එකා ඉස්සරෝම දවසෙ ජොබ් එකට යන දවසෙ කිව්ව කතාව..වැඩ පුරුදු වෙනකන් ගෙදර අරන් ඇවිල්ල හරි කලාම මක්කැයි වෙන්නෙ?"


"අක්කෙ ඌ ගියේ අර හන්දියෙ මිනී සාප්පු කඩේ මිනී එම්බාම් කරන ජොබ් එකට!"
----------------------------------------------------------------------------------------

බස් රේඩියෝ අහමු නේද කට්ටියම ? 

www.buzzradio.lk


Thanks Abhee.. mistake corrected !




39 comments:

  1. හකාස්...

    වෙනී අයියා.... ලින්ක් එක www.buzzradio.lk ලෙස නිවැරදි වෙන්න ඕන..

    ReplyDelete
  2. "පෙට්ටියක් තෝරගත්තද?" - බඹර වළල්ල

    ReplyDelete
  3. අපොයි.කස්ටමර්ට හිනා මූන පෙන්නුවාම ආයෙත් එයිද දන්නෙ නෑ.

    ReplyDelete
  4. ඕන්නැති එව්වට කට දාන්න යනවට වෙනීට හොඳ පාඩම!

    ReplyDelete
  5. ලියන්න අයිය උපදෙස් දුන්නෙ රස්සාව මොකක්ද අහන්නෙ නැතුවද?.... ඇඬෙනව...

    ReplyDelete
  6. කාලා වරෙන් කීවලු...... වෙනි අයියේ, උඹලත් ඉඳලා හමාරයි පොඩි එකා මිනී ගෙදර ගෙනල්ලා කපද්දී.... මරු උපදේසේ...........

    ReplyDelete
  7. @ අභීත - ස්තූතියි ටක් ගාලා වැරැද්ද පෙන්නල දුන්නට..මට තාමත් මඥ්ඥං කොහොමද ඒක වැරදුනෙ කියල

    ReplyDelete
  8. @ ශානු - ස්තූතියි ඇවිත් පොඩිය හරි කමෙන්ට් එකක් දැම්මට..ඒක මට ලොකු හයියක්..මන් ඒ පැත්තෙ එන්නම්කො

    ReplyDelete
  9. @ ඔබ්සර්වර් අයියා - ඔව් ඔව්..කලින්ම තෝරල තියා ගත්තා

    ReplyDelete
  10. @ නිසුපා - කොහොමද අඬා වැළපී ගෙන එන ඥාති සෙට් එකට හිනා මූණ පෙන්නුවහම... ජොබ් එක එක දවසයි කරන්න වෙන්නෙ.

    ReplyDelete
  11. @ විසිතුරු - ඔව් බන් ඒත්.. අහල පහල ඉන්න හිත හොඳ ගැටයනෙ.. ඉතින් මොනවාවත් කියල ආශිර්වාද කරන එක මගේ යුතුකම කියල හිතුවා !

    ReplyDelete
  12. @සාතන් - නැහැ.. කොල්ලා හදිසියෙන් හදිස්යෙන් යන නිසාත්, මේකා රස්තියාදු ගහන එක ජොබ් එක කරගෙන හිටි නිසාත් මම ඇහුවෙ නැහැ මොකද්ද කියල ජොබ් එක නම්..

    ReplyDelete
  13. @ගොඩයා - හොඳ වෙලාවට ඌ වෙනදා වගේම අපි කියන උපදෙස් කනකටවත් ගත්තෙ නැහැ..

    ReplyDelete
  14. අළුත්ම ආප්තෝපදේශයද මොකක්ද එක.....
    " වෙනී උපදෙස් දුන්නා වාගේ.."

    ReplyDelete
  15. මගුලයි! හිහ් පට්ට කතාව.

    ReplyDelete
  16. කෙලියා නේද තාප්පෙටම තව පාරක් මේ ලියන්නා.
    henryblogwalker the Dude

    ReplyDelete
  17. කෙලියා නේද තාප්පෙටම තව පාරක් මේ ලියන්නා.
    henryblogwalker the dude

    ReplyDelete
  18. වෙනී අයියගේ උපදෙස් අහලා කොල්ලා මිනි ගෙදර ගෙනෙයිද දන්නෑ එම්බාම් කරන්න....

    ReplyDelete
  19. @ පිසාචයා - වෙනී ගෙ උපදෙස් පිලි ගත්තා වගෙ කිව්වොත්..

    ReplyDelete
  20. @ කසුන් - බලන්න මලේ මට මේ වගේ එව්වමයි වෙන්නෙ.. පුවක් ගහේ ගියත් දෙබලක් !

    ReplyDelete
  21. @ඩූඩ් - තව කීපාරක් වෙයි කියලද මේ වගේ !

    ReplyDelete
  22. @දිනේශ් - මමත් බයේ ගැහී ගැහී ඉන්නෙ හවසට..කවදාවත් නැතුව මේක මන් කියපු දේ පිලිපදී කියලයි !

    ReplyDelete
  23. දැන් ඉතින් කොල්ලාට ගෙදර ගෙනත් පුරුදු වෙන්න ඒවා නැති උනහම අල්ලපු ගෙදර අංකල්වම ගනිද දන්නේ නැ ඒකට

    ReplyDelete
  24. @දේවා - මේ මලයො ඒකාට අයිඩියාස් නොදී හිටු ! වැරදිලාවත් ඒක මේ බ්ලොග් එක කියෙව්වොත් එහෙම ..

    ReplyDelete
  25. එල එල කොල්ලා දැන් ගෙදර ගෙනැල්ලා වැඩ ටක කරන කොට පලාතම සුවඳ ගහයි...

    ReplyDelete
  26. ආ බයවෙන්න දෙයක් නැහැ ඌ ෆෝමලීන් ගෙදර ගෙනල්ල මාළු එම්බාම් කරලා දෙයි කල් තියාගන්න..

    ReplyDelete
  27. අන්තිම පේලියේ http://tlr.thelastrow.net/ කතා පබ්ලිෂ් කරන්නෙකු සහ සිංහල බ්ලොග් වල කොමෙන්ට් කරුවෙකු වන "බුරතෙනෝ" ගේ පියාණන් පරලෝ සැපත් වී ඇති බව රන්දිල් ගේ බ්ලොග් අඩවියේ පෝස්ට් එකකින් දැනුම් දී ඇත. බුරාගේ පියාණන්ට නිවන් සුව පතමු.

    ReplyDelete
  28. @ පැට්ටා - අනිවා ! එතනින්ම කොල්ලගෙ ජොබ ඉවරයි !

    ReplyDelete
  29. @ ප්‍රසන්න - තාම නම් එහෙම ගතියක් නැහැ !

    ReplyDelete
  30. @ ලංකා - මට බය තියෙන්නෙ අහල පහල ගෙවල් වල මාළුත් ෆෝමලින් දමන්න ගනීද කියලයි..!

    ReplyDelete
  31. මාරයිනේ ..වෙනිටත් වෙන වැඩ .

    ReplyDelete
  32. මරු කතාව.... මට හිතෙන්නෙම මේ කතාවේ නැන්දලා නෑ. වෙනී මාමම තමයි ඉන්නේ...

    ReplyDelete
  33. ඌට වැඩ ගෙදරට අමුතුවෙං ගේන්න ඕනෙනෑ . . . . හෙට අනිද්ද ව්නියව එම්බාම් කරන්න සෙට් උනාම ඒක නිකංම වෙනව

    ReplyDelete
  34. @ බින්දි - ඔව්වට වැඩිය දේවල් උනා.. ඉන්නකො ටිකක් ලියල දමන්න

    ReplyDelete
  35. @ සිහින - මක්ක කතා කරනවද මන්දා මේ ? නැන්දා ඊට පස්සෙ මන් දීපු උපදෙස් වලට කරපු කමෙන්ට් ටික දැම්මෙ නැහැ කියල..මාත් එක්ක ඔරොප්පුවෙන් ඉන්නෙ ! වෙනම පෝස්ට් එකක් දමනව කියලයි ශේප් උනෙ !

    ReplyDelete
  36. @ ඕනෙ - ඇහ් මන් තරම් තරුණ, ගැටවෙකුට කියන කතාවක්ද ඔය ? තූ තූ තූ!...
    ආ සතුටුයි සතුටුයි.. කරවල වාඩියට ඇවිත් වගෙයි... කෝ ඩූඩ් හම්බ උනෙ නැද්ද ?

    ReplyDelete
  37. තව පොඩ්ඩෙන් තේ එකෙන් කොම්පීතරේ නෑවෙනවා . . .හෆොයි . . . සිරා සිරා

    ReplyDelete
  38. අනේ දෙවියනේ උබත් දෙන උපදේශ

    ReplyDelete