ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Friday, September 16, 2011
ඇස් පෙනෙන්නෙ නැද්ද ? නැත්නම් වල් කමටද මගෙ අතින් අල්ලන්නෙ ? ඈ !!!!
පහු ගිය 15 වෙනි බ්‍රහස්පතින්දා ඔෆිස් එකෙන් සෙට් කරලා තිබුනා නොමිලේ ඇස් පරීක්ෂා කර මුදලට කණ්නාඩි ලබා දීමේ වැඩසටහනක්..
අයි ක්ලිනික් එක තිබුනෙ අපේ ටීවී රූම් එකේ. ටීවී එකේ ඇනිමල් ප්ලැනට් ප්‍රෝග්‍රෑම් එකක් යනව.දන්නවනෙ පොඩ්ඩක් බලන්න සෙට් උනොත් නවත්වන්න හිතෙන්නෙ නැහැ..මම තේ එකක් බීලා ඒකෙ යන වැඩසටහන් දිහා බල බලා යනවා..දන්නෙම නැහැ අපේ ස්ටාෆ් එකේම වෙන කෙනෙක්ගෙ ඇඟේ හැප්පුනා
"ලියන්නා ඇස් චෙක් කර ගත්තා නම් හරිනෙ ආයිමත්. එතකොට පාරෙ යන අයවත් පෙනෙයි"
ඒ නිසාම මම තීරනය කලා ඇස් පරීක්ෂා කරව ගන්න
මේ එතනදි සිද්ද වෙච්ච දේවල් ටිකක්..
මෙන්න ඉන්නව පෝලිමේ අගම අපෙ සඳමාලි නඟා..පෝලිම ටිකක් දිගට තිබුන නිසා..කම්මැලිත් එක්ක..නන්ගා ඉන්නව ශොකට් සෝබර් බැහැලා වගේ පැත්තකට බර වෙලා..එක අතක් මේසෙ උඩ තියා ගෙන..මමත් හෙමිහිට ගිහින් මේසෙ උඩ තිබුන අත උඩින් මගෙ අත තිබ්බා.. කරන්ට් එක වැදුනා වගෙ අත අහකට ඇදලා ගත්ත නන්ගා
"මොනවද ලියන්නා කරන්නෙ මගෙ අතින් අල්ලන්නෙ ඇස් පෙනෙන්නෙ නැද්ද? කලොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමයි"
" අනේ ඔව් නගා ඒ නිසයි මම ඇස් චෙක් කර ගන්න ආවෙ."
" කලොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමයි."
" ඇයි ඔයා ඇස් චෙක් කරන්නෙ පෙනීම අඩුද? "
"ඔව් අයියෙ ඒ වගෙයි. ඉතින් හිතුවා චෙක් කර ගන්න ඕනි කියල.. "
"ඔව් ඔව් සඳමාලි මම අද බස් එකේ දි දැක්ක විදියට නම් ඔයාගෙ ඇස් චෙක් කරව ගන්නම වෙනව. "
ඒ හඬ ඇසෙන්නෙ ශානිකා ලී මෝලෙනි
"ඒ මොකෝශානිකා?"
"ඇයි ඔයා ළඟම හිටියෙ හැන්ඩි කොල්ලෙක් .. උඹ අහක බලාගෙන ආපු විදියට මන් හිතුවා උඹේ පෙනුම අඩුයි කියල .. "
"නෑ බන් ඒ කොල්ල ළඟ සිගරට් ගඳයි..නැත්නම් මම එහෙම අහක බලා ගෙන එනවද?"
දැන් පෝලිමේ ඉන්න අතරෙ වෙච්ච කතා.
"මේ ඔයාට ළඟ පෙනෙනවද ?"
" ඔව්.."
" එතකොට අප්සට් එක දුර පෙනෙන්නෙ නැති එකද? බස් වල බෝඩ් වගෙ එව්ව.."
" නැහැ දුරත් හොඳට පෙනෙනව."
" එහෙනම් මොකටද මෙතනට ආවෙ ඇස් චෙක් කරන්න?"
" නෑ මට ඔය අතරෙ මැද ටික පෙනෙනවා හොරයි. ඒකයි අනේ.."
-------------------------------------------------------------------------
"මට හැමවෙලාවෙම කළු පාට ඩොට් ඩොට් වගෙ පෙනෙනවා."
"හා මේ ලෙන්ස් දෙක හරි යයිද බලන්න"
"ශා !! දැන් ඒ ඩොට් හොඳට පැහැදිලිව පෙනෙනවා.."
----------------------------------------------------------------------------
"මගේ යසට තිබිච්ච දීගෙ කැඩුනෙ ඇස් දොස්තරෙක් නිසා..මට අයි ක්ලිනික් දකින කොටත් මාළු නටනව!"
" ඇයි මොකෝ උනේ අක්කෙ?"
"ඇයි බන් මගෙ මිනිහ අවුරුදු 20ක් මාත් එක්ක යස අගේට දීග කෑවා.. අර හන්දියෙ ඇස් බලන තැනින් දීපු කන්නාඩි කූට්ටම දමා ගෙන සතියයි හිටියෙ..මාව දමලා අර හන්දියෙ සක්කර වට්ටම එක්ක පැනල ගියේ!"
-----------------------------------------------------------------------------------
"ශරීරයෙ අනිත් එව්වට වගේම ඇස් වලටත් ව්‍යායාම අත්‍යාවශ්‍යයි.."
"කොහොමද ඇස් වලට ව්‍යායාම දෙන්නෙ.."
"මෙන්න මෙහෙමයි. පෑනක් අර ගෙන මෙහෙම ඈත ඉඳන් පැනටම ඇහැ ෆෝකස් කරගෙන ඈත ඉඳන් ළඟට අරන් එන්න..ආයිමත් ළඟ ඉඳන් ඈතට අරගෙන යන්න."
"අපොයි ඔය ව්‍යායාමය නම් මෙයා හොඳට කරනවා.. ඒ කොහොමද? ගෑනු ළමයෙක් පාරෙ ගියොත් නොපෙනී යනකම්ම ෆෝකස් කරගෙන බලා ඉන්නෙ ඇහි පිය නොහෙලා තමයි"
-------------------------------------------------------------------------------------
"මේ මෙතන තියෙන ෆ්‍රේම් එකක් වත් මට අම් අල්ලන්නෙ නැහැ. හරියන එකක්වත් නැහැ."
"ඔය මූනට ගැලපෙන කණ්නාඩි නැහැ. මොකද අළුත් මූනක්වත් ගන්න ට්‍රයි කලොත්."
----------------------------------------------------------------------------------------
"මෙතන වැඩිය හිනා වෙන්න ගන්නව නෙවෙයි ඔය ඇස් චෙක් කරන්න ඉන්න අය..දන්නෙ නැද්ද ඇස් වල ප්‍රෙශර් එක නගිනව කියල"
එහෙම කිව්වෙ පේලියෙ හිටිය කෙනෙක් මිසක් ඇස් පරීක්ශා කරන අය නෙවෙයි.
--------------------------------------------------------------------------------------
ලියන්නව චෙක් කරල කිව්වෙ දැනට තියෙන කූට්ටම ම තව අවුරුද්දක් විතර පාවිච්චි කරන්න කියලයි..
Subscribe to:
Post Comments (Atom)
//ලියන්නව චෙක් කරල කිව්වෙ දැනට තියෙන කූට්ටම ම තව අවුරුද්දක් විතර පාවිච්චි කරන්න කියලයි..//
ReplyDeleteහපෝයි . . . . ඊට පස්සෙ . . . ??? කුට්ටම නැති පිරිමියෙක්ගෙං වැඩක් නෑ බං අයියෙ. . . . උඹ කියන විදියට අපිට තව අවුරුද්දකට පස්සෙ උඹට කතාකරන්න වෙන්නෙ "අක්ක" කියල නේද . . . .????
මමත් හෙමිහිට ගිහින් මේසෙ උඩ තිබුන අත උඩින් මගෙ අත තිබ්බා..
ReplyDelete//ලැජ්ජ නැද්ද අලෝ කෙල්ලොන්ගෙ අතින් අල්ලන්න.පෙනේද තියන කැත හිත.
වලත්තකම නේන්නම්...
ReplyDeleteමරු කතා පොජ්ජවල් ටික....
පට්ට කතා සෙට් එක අයියේ.
ReplyDelete"මමත් හෙමිහිට ගිහින් මේසෙ උඩ තිබුන අත උඩින් මගෙ අත තිබ්බා.."
වයසෙ හැටියටද අයියේ ඔය වැඩ කරන්නේ?
@ඕනයා
ReplyDeleteසිරා කතාව
කූට්ටම නැති පිරිමියෙක් ගෙන් වැඩක් නැ තමා
වෙනි අයියා ගන්න ඕන වැඩ අරගෙන ඇති නේ
"ඔය මූනට ගැලපෙන කණ්නාඩි නැහැ. මොකද අළුත් මූනක්වත් ගන්න ට්‍රයි කලොත්."
ReplyDeleteලොල්සහගතයි :D
ඒ කියන්නේ තව අවුරුද්දක් තියෙනවා නංගිලාගේ අතින් අල්ලන්න...
ReplyDeleteමම කියන්න හිටපු එක ඕනෙ අයිය ලුනු ඇඹුල් දාලම කියල තියෙන්නෙ...
ReplyDeleteනාකි වෙනකොට ඇස් පේනව නං අඩුය් තමා, දැන් කෂ්ටිය කතා වෙන්නෙ මොන කුට්ටම ගැනද කිව්වොත්......
ReplyDeleteඅපෝ වල් බව බේරෙන කතාවක් .. හැබැයි පට්ටම ෆන්
ReplyDeleteහික් හික්!! එහෙනං ඉතිං ඕකෙන් උපරිම වැඩ ගන්න තියෙන්නෙ අවුරුද්ද ගෙවෙන්න කලියෙන්
ReplyDeleteමරු කතා ටික. කොහොම හරි ඔයා සඳමාලි නංගිගෙ අතින් ඇල්ලුව නේද..ඔයත් හරි අය්යෙක් තමයි....
ReplyDelete@ ඕනයා- ඉතින් ඕනයා තව අවුරුද්ද්කින් ආයිමත් චෙක් කරලා කිරි ටොයිස් අළුත් කූට්ටමක් දෙන්නන්ය කියල කීවේ..ඉතින් මන් මක්කටෙයි කලබල වෙන්නෙ..මොක කිව්වත් කමක් නැහැ..ලියන්නා ලියන්නාමයි. දැනටමත් ෆෝන් කරන නන්නාඳුනන අය මම ටිකක් ඇදලා...පැදලා...කතා කරන තාලෙට..තෑන්ක්ස් මිස් කියනව..මමත් යූ ආ ආආආඅ වේල්ල්ල්ල්ල්කම්ම්ම්ම්ම් කියනව ..
ReplyDelete@ නදී - අනේ නැහැ නදී ඒ වෙලාවෙ මම සහෝදර ප්‍රේමයෙන් උන්මන්තක වෙලා හිටියෙ..කැත හිත නම් නෙවෙයි!..අනික ඇත්තටම නම් අපි සඳමාලි නන්ගා කියල කිව්වට මේ ළමයි සෙට් එකම මගෙ චූටි අක්කගෙ ලොකු දූලගෙ වයසෙ..පාරක තොටක දැක්කත් දුවගෙන ඇවිත් ඇඟේ එල්ලෙනවා ලියන්නා අයියේ කියල..
ReplyDelete@ පිසා - නැතුව ! නැතුව !
ReplyDeleteස්තූතියි--
@ කසුන් - ස්තූතියි
ReplyDeleteඅනේ ඒ හැටි වයසක් කියලයැ? අපි තාම ටීනේජ් කොල්ලොනෙ ! හික්ස්..
@ මහිම - ඕනය කිව්වොත් ඔය වගෙ කුප්ප කතාවක්ම නේන්නම් !
ReplyDeleteඔව් ඇස් දොස්තර කීවෙත් අවුරුදු දෙකකට සැරයක්වත් ටෙස් කරලා කූට්ට්ම අළුත් කර ගන්න කියලා..ඒ නිසා අවුලක් නැහැ..ඇයි අවුරුදු දෙකකට සැරයක් කූට්ටම කිරි ටොයිස් අළුත් වෙනවනෙ..
@ චම්මා - ඔව් එතන ස්ටාෆ් එකේ අයටත් හිනා ඔය කතාවට..අපේම නන්ගෙක් තමයි ඔහොම කොල්ලෙක්ව බයිට් කලේ ප්‍රසිද්ධියෙ !
ReplyDelete@ ප්‍රසන්න - 60 පැන්නත් වඳුරො බිමින් යන සිරිතක් තියෙනවද ලමයො ?!
ReplyDelete@සාතන් - ඇත්තමයි සාතන් මම වෙලාවක ඕනයට අති බිහිසුනු ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ල කරනවා..බලපන් මලේ..කණ්නාඩි කියන අකුරු හතර විතරයි අඩු වුනේ ..මෙකා කල හදිය !
ReplyDelete@ ඔබ්සර්වර් අයියෙ - ඔව් මමත් ගිය අවුරුද්දෙ ඉඳන් තමයි පාවිච්චි කරන්නෙ..ළඟ පෙනෙන්නෙ නැහැ..කියවන වෙලාවට විතරක් පාවිච්චි කරනව
ReplyDeleteහැබෑටම මම හැම වෙලාවෙම කතා කලේ කණ්නාඩි කූට්ටම ගැන..කතන්දරේ ඒ අකුරු හතර වැදිලා නැහැ..කොහොමත් මන් ණ් යන්නට කැමති නැහැ ඒනිසා කූට්ටම කිව්වහම ලේසියි නෙ! ඇත්තටම කට්ටිය වෙන කූට්ටමක් ගැනවත්ද ඔය කියල තියෙන්නෙ?
@හිස් අහස - සඳරූ ගෙ මේ කතා තරම් නම් වල් නැහැ..http://blog.buzzradio.lk/2011/09/buzz-2011-09-15_15.html
ReplyDeleteහිකීස් !
@ බ්ලොග් - ඔව් ඔව් මන් දැන් මෙක දමා ගත්ත ගමන්මයි ඉන්නෙ..ඉස්සෙල්ල දොස්තර කිව්වෙ ලියන්න කියවන වෙලාවට විතරක් දමා ගන්න අනිත් වෙලාවට ඕනි නැහැ..දුර පෙනීම ප්‍රශ්නයක් නැහැ කියලයි..
ReplyDelete@ ගිම්හානි - ඇත්තටම මේ සිද්ධිය බලා හිටපු අපෙ පවිත්‍රා නගා නම් කිව්වෙ" සඳා මෙච්චර වෙලා අත් දෙක බැඳ ගෙන ඉඳල ලියන්න එනව දැකලමයි අත ඩෙස්ක් එක උඩින් තියා ගත්තෙ" කියල. මේ කාලෙ කවුරු ඇත්ත කියනවද කියල හොයන්න බැහැ අප්පා !
ReplyDelete"ශා !! දැන් ඒ ඩොට් හොඳට පැහැදිලිව පෙනෙනවා.." :D
ReplyDeleteටොප් කතා ටික.
//"මෙතන වැඩිය හිනා වෙන්න ගන්නව නෙවෙයි ඔය ඇස් චෙක් කරන්න ඉන්න අය..දන්නෙ නැද්ද ඇස් වල ප්‍රෙශර් එක නගිනව කියල"//
ReplyDeleteමේ තියෙන්නේ හොඳම කියමන. පැය ගනනක් එතන හිටියා නම් බලන්ට තිබුනා නේද?
ඉතින් සඳමාලි හිතලා අත මේසේ උඩ තිබ්බත් (සඳමාලිගේ නම් ඇස් පෙනීම ඉතාම දුර්වල ඇති....:D) ඔයා ඒක අල්ලන්ට ගියේ මොකටද?...:)
හෆොයි ඔය තියෙන කුට්ටම අයින් කරන්නද යන්නේ, හරි හමනකට වැඩක් පොලක් කරගත්තෙත් නෑ නේද තව?
ReplyDelete@ නලිනි චන්දිමා -ස්තූතියි! ඇස් දෙක කසනවා කසනවා වගේ සිත් ආරෙ ඊළඟ කතාව එනකම්..!!ලෙඩේ වැඩි උනොත් එහෙම වග කියන්න වෙයි දොස්තර නෝනටම..
ReplyDelete@ පොඩි කුමාරි - එහෙමනම් අපේ ඔෆිස් එකේ ලේඩීස්ල හැමෝටම වගෙ මේ ලෙඩේ තියෙනවා.. හැමෝම කියන්නෙ "හනේ..අද ලියන්නා හැන්ඩියා වෙලානෙ.. ශා හ් ලියන්න එන්න එන්නම හැන්ඩිය වෙනවනෙ!.. මට මෙන්න මේ ලිස්ට් එකෙ තියෙන විස්තර ටික හොයල දෙන්නකො.." නැත්නම් "ලියන්නගෙ හැන්ඩි බලන්නකො අද?.. මේ මට පහු ගිය අවුරුද්දෙ ගිය මේ ලිපි ටික දෙන්නකො" "හායි මිස්ටර්.හැන්ඩි..මේ පීසී එකට මොකද වෙලා තියෙන්නෙ අනේ? චුට්ටක් බලල හදලා දෙන්නකො" "අද බලන්නකො මෙයා ස්වීට් ! කැන්ටිමෙන් මට කිඹුලෙක් ගෙනත් දෙන්නකො" ..
ReplyDeleteමෙව්ව ඇහෙන කොට මට එක වෙලාවකට හිතෙනවා හැන්ඩි වැඩීදෝ මන්දා කියලත්...
සඳාගේ අතින් ඇල්ලුවෙ නම් .. තනිකරම පවිත්‍ර පරම චේතනාවකින්.. කිසිම වල් චේතනවක් තිබ්බෙ නැහැ..ඊටත් වඩා ඔය මහ පට්ට දවල්!!
@ කතන්දර - මෙහෙමයි කශු.. ගිඅ අවුරුද්දෙ මේක ගන්නකොට කිව්ව කියවන කොට විතරක් පාවිච්චි කරන්න කියල..මමත් ඉතින් අනිත් වෙලාවල් වලට ඕන්න ඔහෙ පාඩුවෙ ඉන්න ඇරියා. දැන් දැන් නම් බැගී වැඩීදෝ මන්දා?! දනිස්ස...ඈ...
ReplyDeleteනෑ මන් කිව්වෙ ෆ්‍රේම් එක ටිකක් ලූස් වෙලා අළුත් එක ගන්නකොට ටිකක් ටයිට් එකක් ගන්නයි හිතා ඉන්නෙ
"ඔය මූනට ගැලපෙන කණ්නාඩි නැහැ. මොකද අළුත් මූනක්වත් ගන්න ට්‍රයි කලොත්."
ReplyDeleteනියම කතාව ඒක...
// "අපොයි ඔය ව්‍යායාමය නම් මෙයා හොඳට කරනවා.. ඒ කොහොමද? ගෑනු ළමයෙක් පාරෙ ගියොත් නොපෙනී යනකම්ම ෆෝකස් කරගෙන බලා ඉන්නෙ ඇහි පිය නොහෙලා තමයි" //
ReplyDeleteඑහෙනම් බහුතරයක් පිරිමි උදවියගේ ඇස් අමාරු නැති වෙන්න ඕනා! මට නම් ඔය ව්‍යායාමය පුරුද්දක් වශයෙන් කෙරෙනවා
කණ්නාඩි කෙසේ වෙතත් හොඳ අමුඩයක් ...
ReplyDeleteහක් හක්.... ඕනයා ගෙත් කට තමයි කට....
ReplyDeleteලියන්න ගේ වල්කම හෝ මනමාල කම තියෙන... ඒ අස්සෙත් කෙල්ලෙක් ගෙ අතකින් අල්ලල... සික්.
පරණ කතාවක් මතක් උනා මේ පොස්ට් එක දැකල.
ReplyDeleteමට ඇස් පේන්නෙ නෑ වගේ!
උඹට හඳ පේනවද.
ඔව්.
උඹට මාව පේනවද?
ඔව්!
එහෙනං මොකටද යකෝ කණ්නාඩි!
@#$@%
@ දිනේශ් - ඔව් ඒ කතාවට අපි අදත් හිනා උනා මතක් කරල !
ReplyDelete@ විසිතුරු - ඒක තමයි විසිතුරු මමත් කල්පනා කලේ ..මට කොහොමද ඇස් පෙනීම අඩු උනේ කියලයි !
ReplyDelete@ රඹා - හ්ම්ම් හ්ම්ම්.. රට එකක් වත් ගෙන්න ගන්න ඕනි !
ReplyDelete@ පලා මල්ල - අපොයි නැහැ..සහෝදර ප්රෙමයනෙ..මේ පිරිල ඉතිරිලා යන්නෙ !
ReplyDelete@ ඉන්දික - ඒකත් එල කතාව.. හික් හික්.. ස්තූතියි මතක් කලාට !
ReplyDelete//Weni said...
ReplyDelete@ පලා මල්ල - අපොයි නැහැ..සහෝදර ප්රෙමයනෙ..මේ පිරිල ඉතිරිලා යන්නෙ !//
හික් හික් . . . .ඔය කියන හැටියට පිරිල ඉතිරිල යන්නෙ සහෝදර ප්‍රේමෙ නෙමේ . . . ඕක ලෙඩක් . . . . "ස්වප්න මෝචනේ . . . . ."
@ඕනයා - මට භූගෝලෙට ඒ එකක් හම්බ උනේ කොහොම කියලද මචෝ හිතන්නෙ . මට සිතියම් ඇඳියහැකි ලෙසටම !
ReplyDeleteඑළ එළ... මාත් යන්න ඕනෙ ඇස් චෙක් කොරගන්න..
ReplyDeleteඔය මූනට ගැලපෙන කන්නාඩි නෑ කියන්නෙ කවුද? ඕක මගෙ වගෙම ගුටි කන මූනක්නෙ. (ඔය පින්තූරෙ ඉන්නෙ ලියන්නාම නම්)
ReplyDeletehenryblogwalker the Dude
ඕනයා එක්ක සම්පූර්ණයෙන් එකඟයි
ReplyDelete@ පැණි දොඩම් - මගේ සුභ පතුම් ! මන් ජනා ගෙන් ඉතුරු විස්තර ටික අහ ගන්නම්! මූණෙ ප්ලාස්ටර් කීයක් තිබ්බද කියල එහෙම !
ReplyDelete@ ඩූඩ් - එහෙම කිව්වෙ ගුටි කන මූනක් තියෙන නිසාම තමයි.. ගහන්න එනකොට කියන්න වෙලාව තිබුනොත් හොඳයි "පොඩ්ඩක් ඉන්න කූට්ටම ගලවනකං "කියල..නැත්නම් කූට්ටමත් කුඩු!
ReplyDelete@ රංග - මට තාම ඕනය හම්බ වෙලා නැහැනෙ බන්z..එතකන් ඔය වගේ පජාත කතා කියයි !..මං ඉවසං ඉන්නව !
ReplyDeleteමොකක්ද ඕනයො කරන්නෙ? දැන් ලියන්නෙ නැත්ද? බ්ලොග් පාලුවට අරින්න එපා.
ReplyDeletehenryblogwalker the Dude
ආහ් වැරදි කුට්ටම ගැන මම හිතන් ඉඳල තියෙන්නෙ... සොරි බුවා.
ReplyDeleteweni,අදනම් පිස්සු ඩබල්. උඩින් දාල තියෙන්නෙ වැරදි කොමෙන්ට් එක. ඒක අයින් කරන්න
henryblogwalker the Dude
@ ඩූඩ් - බි.පෙ.සි...... බි.පෙ.සි.
ReplyDelete