මේ කතා ටික මම කියවපු පොතක, පත්තරේක හරි සඟරාවක හරි තමයි තිබුනෙ..ඒත් මම ලියා ගෙන නැහැ මොකේද තිබ්බෙ කියල..ඒ තිබුනු කතා අනුසාරයෙන් තමයි පහල තියෙන කතා ගොන්න නිර්මානය වුනෙ..
ගොන්නක් කිව්වට ගොන්නක්ම නැහැ.. කතා කෑලි තුනයි. මේවා වෙනත් කතා අනුසාරයෙන් හදලා තියෙන නිසා කියවගෙන යනකොට මතක් උනොත් මේ කතා වෙන කොහේ හරි කියවල තියෙනව කියලා.. ඔබ හරියටම හරි.. මගෙ මතකයෙ හැටියට Readers Digest සඟරාවෙන් තමයි මම මේ කතාවල සැකිල්ල අරන් තියෙන්නෙ..
----------------------------------------------------------------------------------
ඔබා අයියා සහ ඔබී අක්කා කරුමෙට කකුල් පහයි එකේ ගියා සේම රු.10 , රු 50 සහ රු500 නෝට්ටු තුනක් කාලක්‍රියා කරලා එළොව ගියා. ඉතින් පණ පිටින් ඉඳිද්දි කරපු හොඳ වැඩ , නරක වැඩ අනුව තමයි දිවිය ලෝකෙද අපායද කියල තීරණය..
එතන හිටපු දේව දූතයා පොත පෙරලගෙන දැන් ජජ්මන්ට් එක දෙන්න බලා ඉන්නවා,
රු 10 ගියා ඉස්සරහට..
හ්ම්ම් සෑහෙන්න පන්සල් වල , පල්ලි වල පිං කැට වල ඉඳල තියෙනවා..යන්න උඩට..
රු 50ත් ගියා
හ්ම්ම් ඉඳල හිටලා හරි පන්සල්, පල්ලි පැත්තෙ ගිහින් තියෙනව.. උඩට..
රු 500 ගියා විතරයි..
හුහ් වැරදිලාවත් පන්සලක් පල්ලියක් පැත්තෙ ගිහින් නැහැ.. ඉඳල තියෙන්නෙම බාර් වලයි, ගණිකා මඩම් වලයි, සූදු පොලවල් වලයි විතරයි..පහලට !
----------------------------------------------------------------------------------
සුපිරි වෙළඳ සැලකින් බඩු හොරා ගැනීම සම්බන්ධව එක කාන්තාවක් අධිකරණය හමුව පැමිනවනු ලැබුවා
විත්තියේ නීතිඥ මහතා - ස්වාමීණි මැය සොරකම් කරන ලද්දේ ස්ට්‍රොබෙරි හයක් අඩංගු පෙට්ටියක් සහ
විනිශ්චය ආ එසේනම් මම මැයට දින හයක සිර දඬුවමක් නියම කරනවා..එක් ස්ට්‍රෝබෙරි ගෙඩියට එක දිනය බැගින්..ඇය එයින් තමා කල වැරැද්ද තේරුම් ගන්නවා ඇති.
-
ඒ සමඟම සැකකාර කාන්තාව උගුරින් මහා ශබ්දයක් පිට කරමින් සාක්කි කූඩුව තුල ඇද වැටුනාය
.
විත්තියේ නීතිඥ - ස්වාමීණි මැය මුං ඇට ග්‍රෑම් 500 ක පැකට්ටුවක්ද සොරකම් කරල තියෙනවා..
----------------------------------------------------------------------------------
අළුතම බැඳපු ජෝඩුවක් තමන්ගෙම කියල පොඩි ගේ කෑල්ලක් එහෙම හදා ගෙන ගියාලු පදිංචියට.. ගැණු දරුවගෙ ජොබ් එක අනුව හවස 7 විතර වෙනකම් වැඩ කරන්න උනත්.. මහත්තය 4.30 ට ඕෆ් වෙන නිසා මහත්තය ගෙදර ඇවිත් උයන පිහන වැඩ ටික පටන් අරගෙනලු. හරියටම අපේ කතන්දර වගෙ.එහෙම කිව්වට කතන්දර උදේට විතරලු තේ හදලා දෙන්නෙ. බැඳපු අළුත ඉතින් එහෙමනෙ... පහු වෙනකොටනෙ නෝනා කීයට ගෙදර ආවත් ඒ එනකන් අන්තර්ජාලෙ එල්ලිලා ගත කරන මහත්තුරු ඉන්නෙ.. එක දවසක දැන් නෝනා ගෙදර එනකොට මහත්තයා කුස්සියෙ තේ එකක් හදන්න ගිහින්ලු.. නෝනත් බෑග් එක එහෙම තියලා පැත්තකින් තියල හ්ම්ම්ම් උම්මා එකක් දීලාම වොශ් එකක් දමාගෙන ඩිනර් සෙට් කරන්න උදව් වෙනවා.. කියල හිතල කුස්සියට හිස පෙව්ව..
හත් දෙයියනේ !
මහත්තයා කේතලේ ප්ලග් එකට ගහලා.. එතන හිටගෙන ඉඳන් දඩ දඩ ගාලා වෙව්ලනවලු.. ඉණ දිහාවෙ ඉඳන් වයර් එකක් ඇඟේ පැටලිලා තියෙනවත් යාම්තමින් ජායාවෙන් දැක්ක ගමන්.. නෝනාට වැඩේ මීටර්ලු.. ටුක් ගාලා පැනපු ගමන්ම එතන එහා පැත්තෙ තිබුනු පොල්ලක් අර ගෙන අතට ගහල ගහල අත වයර් එකෙන් අයින් කලාලු.. උදව් ඉල්ලමින් කෑගහමින්ම..
අනේ මේ පොලු පහරින් අත කැඩිච්ච මහත්තයා
....
.....
.....
.....
.....ඒ වෙනකම් ශෝක් එකට අයිපොඩ් එක කනේ ගහගෙන පොප් සින්දුවක අහමින් චූන් එකකින්
තමයි ඉඳල තියෙන්නෙ..
හොහ් මරු කතා සෙට් එක.අර සල්ලි ටික ඔයාගෙද?
ReplyDeleteෆට්ටයි ෆට්ටයි.. මුං ඇට කිව්වම මට මතක්වුණේ ජේ ආර් ගෙයි ප්‍රේමදාසගෙයි වෙරළු දූරියන් කතන්දරේ.
ReplyDeleteඅන්තිම එකනම් පට්ටයි..හිකිස්
ReplyDeleteඑල එල මරු කතා ටික... අන්තිම එක නම් පට්ට!
ReplyDeleteමුං ඇට නම් මට මතක් කරන්න එපා වෙනී අයියෙ.ඔයා දන්නවනෙ සීන් එක.
ReplyDeleteමරු කතා ටික.ආයිත් එලම තමයි.
@ නදී - රු 10යි රු. 50යි මගේ..රු 500 නම් මගේ නෙවෙයි..
ReplyDelete@පැණි දොඩම් - ඔව් ඔව් ඒ කතාව නම් එල..
ReplyDelete@චම්මා - ඕන්න ඔව්වා කනේ ගහ ගෙන ඉලෙක්ට්‍රික් බඩු ලඟ එහෙම ඉන්නව නෙවෙයි
ReplyDelete@ගීතක - මටත් ඔය කතාවෙ මුල කතාව කියවනකොට සීන් එක මැවිල පෙනුනා
ReplyDelete@ පිසාච මලේ.. මට මීටර් නැහැ තාම මුං ඇට සීන් එක.. දමන්නකො ලින්ක් එක මෙතනම එතකොට අපි හැමෝටම ආයිමත් මතක් කර ගන්න පුලුවන්
ReplyDeleteවෙනී අයිය කියන හින්දම ඔන්න දැම්ම..
ReplyDeletehttp://tlr.thelastrow.net/2011/02/11/%E0%B6%B8%E0%B7%940-%E0%B6%87%E0%B6%A7%E0%B7%9A/
පන්සීයෙ කතාවට නම් ඇඩෙනව... ඇඩ්රස් නෑ කිව්වලු...
ReplyDeleteඅන්තිම කතාවනම් මරු.. පවු අර අහිංසකයගේ අත...
ReplyDeleteසිරාවටම අන්තිම කතාව නම් ෆට්ට! නියමයි
ReplyDelete@ පිසා - රොම්බ තෑන්ක්ස් මලේ ආයිමත් බලලා හිනා උනා..මට මේ සීන් එක පොඩ්ඩක් අමතක වෙලයි තිබ්බෙ..
ReplyDelete@ දිනේශ් - ස්තූතියි..පරිස්සමෙන් ඔබටත් විය හැකියි මෙය.. සිහින ගොනුවට එබිල බැලුවා.. ඉඩක් ලද විගස සියලුම නිර්මාන කියවා බලන්නම්..පොත් ප්‍රදර්ශනය අත ළඟ නිසා අපිටත් වැඩ වැඩී ඔෆිස් එකේ
ReplyDelete@ විසිතුරු - දැන්වත් ඔය අයි ෆෝන් එක ගහගෙන ඉලෙක්ට්‍රික් ගැජට් ළඟ ඉන්න එක නැවැත්තුවොත් මොකද ?
ReplyDeleteසෝයි කතා ටික !!
ReplyDeleteහක හක හක.... අන්තිම එක තමා පස්ට කතාව මට නම්..... :D
ReplyDeleteමලා... අර අයිපොඩ් මහත්තයා අතක් කඩාගෙන බේරුනා මදෑ...
ReplyDeleteනියම කතා ටික උපරිම රසයි.
ReplyDeleteහිකිස්....ඔය අය් පොඩ් කනේ ගහගෙන ඉන්න කෂ්ටිය හරියට වෙන ග්‍රහ ලෝක වලින් ඇවිල්ල වගේ...කනේ ගහල තියෙන වයර් කෑල්ලෙන් තමා ආපු ලෝකෙට කොනෙක්ට් වෙලා ඉන්නෙ...
ReplyDelete@ හරි පිණි පලස - ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දමපු එකට
ReplyDelete@ සෝරෝ - ස්තූතියි සෝරෝ, මගෙත් ෆේවරිට්ම එක !
@ ජොතිශලංකා - ස්තූතියි, ඔබටත්
@ඔබ්සර්වර් -මම අකමැති නැහැ හැමවෙලාවෙම ඉයර් ෆෝන් එක ගහ ගත්ත අයට..ඒත් අයියා කිව්ව එක හරි..ඒ ගොල්ලො මහා සෙනඟක් මැද හුදකලා වෙච්ච අය විදියටයි මට පෙනෙන්නෙ..
පට්ට කතා සැට් එක.... අදමයි ගොඩ වැදුනේ මේ පැත්තට
ReplyDelete@ පලා මල්ල - ස්තූතියි ආවට සහ කමෙන්ට් එකට.. මම නම් නිතරම පලාමල්ල පැත්තෙ යනවා..
ReplyDeleteගෙදරදී පිලියෙලකරගන්න චීස් කොත්තුව තමයි මගෙ ප්‍රියතම ආහාරය . . . . කරුමෙ කියන්නෙ ඕක හදාගන්න කම්මැලියී . . . .
ReplyDelete