ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Wednesday, September 14, 2011
පාට පාට ලෝකයක් !
ඔව් මේක අමුතුම ලෝකයකට යන ගමනක්..හැබැයි පාලනය සම්පූර්නයෙන්ම අපෙ අතේ තමයි තියෙන්නෙ..මේ ගමන යන අතරතුරදි ඕනි නම් අපිට ඕනිම වෙලාවක ආයෙමත් අපේම ලෝකයට එන්න පුළුවන්..බය වෙන්න එපා මේකට ඇබ්බැහි වෙයි කියල නම්..හ්ම්ම්ම්ම්..ඒ අදහස වෙනස් කර ගත්තා..ඇබ්බැහි වෙන්න පුළුවන්..මම ඇබ්බැහි වුනා වගේම..ඒත් ආපහු යාමක් නම් නැහැ..බෙහෙත් නැහැ..වෛද්‍ය උපදේශ නැහැ..
මම
The Da Vinci Code ගැන පත්තර වලින් ඒකට ලියල තිබුනු මතවාද එහෙන් මෙහෙන් කියවල තිබුනත්..එච්චරටම ලොකු අදහසක් අරන් තිබුනෙ නැහැ මේ පොත ගැන..නමුත් සමහර රටවල ඇති වෙච්ච උද්ඝෝශන සහ පසුකාලීනව මේ පොත ආශ්රයෙන් ගොඩ නගාපු චිත්‍රපටය අපේ රටේ පවා තහනම් කලාට පස්සෙ..ආ හිටුකො මේක මොකද්ද කියල බලන්න.. කියලා හරියටම 2009.04.16 උදේ 10.30 ට ගල්කිස්ස මහා හෝටලේ තිබුනු පොත් සාප්පුවෙන් මේ පොත අර ගත්තා..ඇත්තටම මට මේ පොත අළුත් අවුරුදු තෑග්ගක් විදියට තෑගි ලැබුනා කිව්වොත් නිවැරදියි.
කර්තෘ තමයි Dan Brown ලියලා තියෙන්නෙ 2003 අවුරුද්දෙ..පොත කියවන්න පටන් ගත්තට පස්සෙ මට ඒක බිමින් තියන්න හිතුනෙම නැහැ..ඒ පොත පසු කවරයෙ ලියල තියෙන මෙන්න මේ වැකිය හරියටම හරි..
Wow... Blockbuster perfection ..An exhilaratingly brainy thriller. Not since the advent of Harry Potter has an author so flagrantly delighted in leading readers on a breathless chase - New York Times
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යය කතාවක් ඒක නම්. එක ජේදයක් කියවල ඉවර වෙනකොට ඊළඟ එක කියවන්නම හිතෙනව..සහ අපි ජීවත් වෙන්න පටන් ගන්නව..රොබර්ට් ලැන්ග්ඩන් ගෙ ලෝකයෙ..නැවත නැවතත් කියවන්න හිතෙන පොතක් වෙන්නෙ..තුන් හතර සැරයක් කියවල තිබුනත් පස් වෙනි සැරේ කියවනකොට ඊට ඉස්සෙල්ල කියවද්දි අහු නොවිච්ච සම්බන්ධතා සහ ගැටලු රාශියක් විසඳෙනවා..මේ පොතේ විස්තර කරලා තියෙන ස්ථාන වල තියෙන නිවැරදිතාවය මම අන්තර්ජාලයෙන් එම ස්ථානයෙ සැබෑ පින්තූර සහ අතත්‍ය චාරිකා (Virtual Tours) වලදි සැබෑවටම අත් දැක්කා..නමුත් කතාව මනඃකල්පිත එකක් බවයි ප්‍රකාශ කෙරෙන්නෙ..නමුත් සැබෑව හා මායාව අතර වෙනස නම් සෑහෙන්න සඟවල තියෙන බවක් පෙනෙනවා.. ඒ නිසාම වෙන්න ඇති ක්‍රිස්තියානි ලෝකය කළඹන්න ඇත්තෙ මේ පොත ගැන..
පසුව මම ලංකාවෙ තහනම් කල චිත්‍රපටය ඩීවීඩී පිටපත අරන් බැලුවා.. පොත කියවීමෙන් ලද වින්දනයෙන් 10%ක් පමනයි චිත්රපට්ය නැරඹීම තුලින් ලැබුනෙ.. නමුත් මේ පොත නිසාම මගේ හදවතට ලං වෙච්ච ඩෑන් බ්‍රවුන් ව හඹා යෑම නම් මම නැවැත්තුවෙම නැහැ..
කාට හරි හිතුනා නම් මේ පොත කියවන්න ඕනි කියල
.. ඒත් හොයා ගැනීමේ අපහසුතාවයක් තියෙනවානම්..මගෙ කොපිය බෙදා හදා ගැනීමේ අවස්ථාව නම් තියෙනවා..
මේ පොත ගැන තව විස්තර හොයා ගන්න
පුළුවන් www.danbrown.com කියන ලින්ක් එකෙන්
ඔය අතරෙ මන් දැක්ක මේ පොත සම්පූර්නයෙන්ම නොමිලේ බා ගන්න පුලුවන් අන්තර්ජාලයෙන්.. ඒත් මට නම් පොත් පරිගනක තිරයෙන් කියවන එක තාමත් හුරු නැහැ..
ප.ලි -මම මුලින්ම මේක මගේ පොත්පත් පේජ් එකට දමන්නයි ලිව්වෙ..නමුත් පස්සෙ හිතුවා ලියන්නා ලියන්න ඉස්සෙල්ලා කියවන්නෙක් වෙලා හිටිය නිසා.. මේ සයිට් එකේම දමනව කියල
Subscribe to:
Post Comments (Atom)
මමත් ෆිල්ම් එක නම් බැලුව... පොත කියවන්න ලැබුනෙ නෑ... ෆිල්ම් එක බලපු හින්ද මොකට පොත කියවනවද කියල හිතුව... ඒත් ඉතිං අයිය කියනව නම් පොතේ තියෙන ෆන් එකෙන් 10%යි ෆිල්ම් එකේ තියෙන්නෙ කියල පොතත් කියවල බලන්නම වෙනව....
ReplyDelete@සාතන් - පොතේ තියෙන සියුම් විස්තර කිරීම් සියල්ලම පාහේ චිත්‍රපටියේ තිබුනත්..අපි චිත්රපටියෙ බලන්නෙ ප්‍රධාන ජවනිකාව විතරයිනෙ. පොත කියවන් යද්දි ඒ සියලුම පරිසරය අපෙ හිත ඇතුලෙ ඇඳෙනවා..ගොඩනැගෙනවා..ඉතාමත් චමත්කාර විදියට..අපිත් ගොඩාක් වෙලාවට පොතේ ප්‍රධාන චරිතය එක්ක ජීවත් වෙමින් ඒ ත්‍රාසජනක ක්‍රියා වල යෙදෙනවා.. පුලුවන් නම් හොයල බලන්න "Never ending Story by Michael Ende කියන පොතේ සිංහල පරිවර්තනය..මන් විස්තර හොයල කියන්නම්..ප්‍රදර්ශනෙන්..මම ඒ පොත් ඉල්ලගෙන කියවපු පොතක්..පිස්සු හැදෙන විදියට අපිව ඒ පොතේ ප්‍රධාන චරිතය ඇතුලට අද්දවලා ගන්නව
ReplyDeleteකිව්ව නිසා පොත නම් ඩවුන්ලෝඩ් කර ගත්තා..බලමු පොතේ රසයට මගේ කම්මැලිකම පරාද වෙයිද කියලා. .
ReplyDeleteමමත් ෆිල්ම් එක බලලා තියෙනවා.. පොතනම් කියවන්න හම්බුනේ නෑ...
ReplyDeleteලියන්නා,
ReplyDeleteපොත ආපු කාලෙම "ෆාර්දර්ස් ඩේ" එකකට තෑගි ලැබුනා. චිත්‍රපටයත් බැලුවා
කියවලාම බලන්නම වෙනවා... thanks
ReplyDelete@ ලකී - ප්‍රතිපල අපිටත් කියන්නකො
ReplyDelete@ දිනේශ් - හොයල , කියවල බලන්න දිනේශ් ඒ බලන අතරෙ ඔය පොතේ විස්තර කරල තියෙන ස්ථානයක ෆොටෝ ටිකක් අන්තර්ජාලයෙන් බලන්න..ඇත්තම විස්තර තමයි..ඒ නිසා මේ ප්‍රබන්ධය වුනත් විශ්වාස කරන්න කෙනෙක් පෙළඹෙනව
@ ඔබ්සර්වර් අයියෙ මන් කිව්ව එක හරිද 10% කතාව
@දේවා - මේ එක්සෑම් අස්සෙ එහෙම කියවන්න පටන් ගන්නෙ නැහැ ! එව්ව ඉවර කරල කියවන්න
ෆිල්ම් ඒක නම් බැලුව . පොත කියවන්න නම් ටිකක් කම්මැලි හිතුන . ඔය කියන තැන් ටික පෙන්වන චාරිකාවක් තියනව පැරිසියේ . ඔන්න දැන් වෙනි කිව්වට පස්සේ මටත් හිතුන කියවල බලන්න
ReplyDeleteඅයියට තිබුනේ මූවි එක බලලා පොත කියවන්න. මූවි එක කියන්නේ පොතේ සාරාංශයක් වගේ එකක්...
ReplyDelete-මමත් ෆිල්ම් එක නම් බලලා තියනව.පොත කියවලා නෑ.
ReplyDeleteසිංහල පරිවර්තනයක් තියෙනව නම් වටිනව මොනා වුනත්... පුළුවන් නම් සිංහලෙන් පොතේ නම දෙන්න...
ReplyDeleteWeni, You are absolutely correct
ReplyDeleteමමත් වහ වැටිලා වගෙ පොත කියෙව්වා. ඒකෙ ගැම්මට ගිහින් ඩෑන් බ්රව්න්ගෙ තව පොත් දෙකකුත් උස්සන් ආවා. ඒ දෙක තවම පරිස්සමට තියනවා. :D
ReplyDeleteඅනේ මන් හොයා හොයා හිටියේ.. never ending story..තියෙනවා එල පොත ...ඕක book fair එකේ තියෙය්ද?
ReplyDelete@බින්දි - ඔව් සාමාන්යෙන් මමත් පොත් කියවන්න කම්මැලියි..ඒත් පටන් ගත්තොත්..
ReplyDelete@ ප්‍රසන්න - ඔව් එහෙමත් හරි තමයි..ඒත් මුලින් එන්නෙ පොත නිසා බොහෝ විට මම කරන්නෙ පොත් කියවනවා..පස්සෙ තමයි ෆිල්ම් එක බලන්නෙ
ReplyDeleteමේවත් බලන්න
ReplyDeleteDigital Fortress
Angels and Demons
@ නදී - පොත බලන්න ආසාද කියල ට්‍රයි කරන්න මුලින්ම ඩවුන්ලෝඩ් කරල කියවල බලන්නෙ..හොඳ නම් පොත අරගන්න..
ReplyDelete@සාතන් - මන් දන්න විදියට තවම සිංහලට පරිවර්තනය කරලා නැහැ.මන් හොයල බලන්නම්.
ReplyDelete@ ඔබ්සර්වර් අයියා - ස්තූතියි !
ReplyDelete@ නලිනි චන්දිමා - මගෙ පිස්සුවෙන් වගේ පොත් කියවන ලෙඩේට බෙහෙත් තියේද කියල අහන්නයි හිටියෙ ..ඒත් දැන්..
ReplyDelete@බින්ගෝ - මන් හොයල බලලා කියන්නම් හැකි ඉක්මනින්ම.. හොයන්නෙ මේකෙ ඉංග්‍රීසි පොතද නත්නම් සිංහල පරිවර්තනයද? බොහොම ස්තූතියි ඇවිත් කමෙන්ට් කලාට..
ReplyDelete@ ක.ශු - මන් පරක්කු වැඩි උනා ඊළඟ පෝස්ට් එක දමන්න. ස්තූතියි මතක් කිරීමට..
ReplyDeleteපොත තියනව . . . තාම කියෙවුවෙත් නෑ . . . කියවන්න හිතෙත් නෑ . . . . මොකද දන්නෙත් නෑ . .. . .
ReplyDeleteEnglish book....thnki .... :)
ReplyDeleteපොත download karaganna link akak dannako!!!!!!
ReplyDelete