අයියා අළුතින්ම ගෙනා පිහියේ මුවහත කෙසේවත් ප්‍රමානවත් නොවන බව මට වැටහුනේ එයින් අඹ හහට එල්ල කල කිසිම පහරකින් අඩුම තරමේ ගහේ පොත්තකටවත් හානියක් නොවූ බැවිනිකොස් ගහ ?
ම්හු...දෙල් ගහ ?
ම්හු... පොල් ?
පුවක් ?
ම්හු ම්හු ම්හු....
මොන මගුලකට ගෙනාවද මේ පිහිය ? මැරිච්ච මිනිහෙකුගෙ නහය කපන්නවත් බැහැ.. ඒත් මම කවදාවත් මොට්ට පිහියකින් මැරිච්ච මිනිහකුගෙ නහය කපනවා දැක නැත. ඊටත් වඩා මැරිච්ච මිනිහකුගේ නහය කපා ගැනීමෙන් ඇති ප්‍රයෝජනය ගැන දහ අතේ කල්පනා කලද ..කිසිම පල ප්‍රයෝජනයක් සිදු වූයේ නැත. නමුත් අදටත් මොට්ට පිහියක් හෝ පිහිය මොට්ට වූ විට මමද කියන්නෙ මේ පිහියෙන් මැරිච්ච මිනිහෙකුගේ නහයවත් කපන්න බැරි බවයි. චූටි අක්ක කියන්නෙ
"උඹ ඕනි නැති එව්ව කල්පනා කරල කවද හරි ඔලුව නරක් කර ගනිං"
නැත්නම්
"උඹ ඔය ඕනි නැති එව්ව මගෙන් අහල මගෙ ඔලුවත් නරක් කරන්නද හදන්නෙ "
කියාය. නමුත් මල්ලිලා නොදන්න දේවල් කියා දෙන්න නෙවෙයිද අයියල අක්කල ඉන්නෙ ? මන් නොදන්න දේවල් කියා දෙන්න බැරි අයියෙක් සහ අක්කලා දෙන්නෙක් හැදුවෙ ඇයි කියා අම්මාගෙන් ඇසූ දිනයේ නම් මා හොඳ ගුටියක් නොකා බේරුනේ පූරුවෙ වාසනාවකටය.
තාත්තාගෙ අළුත් කෙසෙල් පාත්තිය..මේ තියෙන්නෙ..
ඕනිවට එපාවට මෙන් කෙසෙල් පැලයකටත් පිහියෙන් පොඩි තට්ටුවක් දැම්මා..
ඈහ්...!!!!
මෙන්න කෙසෙල් පැලේ දෙකට මැදින් කැපුනා නියමෙට... අඩේ දැන්නෙ පිහිය මුවහත් වෙලා තියෙන්නෙ.. මන් වගේ වැඩ කාරයෙක්ගෙ අතේ පිහිය ටික වෙලාවක් තිබුනහම තමයි මෙව්ව වෙන්නෙ.. ශාහ්... මට දැනිච්ච ත්‍රිල් එක .. හරියටම එය නිශ්චය කර ගන්නා විට තවල් කෙසෙල් පැල කිහිපයක්ම දෙකට කැපී අවසානය. අතත් රිදෙනවා දැන් නම් මහන්සි නිවා ගන්න ඕනි. එතනම බිම ඉඳගත් මා කෙසෙල් ගසේ මැද පිහිටි පතුරු සහ යන්තම් කහට රහක් ඇති කෙසෙල් බඩය පිළිබඳ මහා පර්යේශනයක් කිරීමට පටන් ගත්තේය.. කෙසෙල් බඩය සමහර තැන් කන්න පූලුවන් තරමටම ලා පැණි රහකි.. දැන් මොකටද අම්ම හරි අක්ක හරි උයල දෙනකම් බලා ඉන්නෙ.. අපරාදෙ සමහර දවස්වල බඩගින්නෙ චුරු චුරු ගගා හිටියෙ..අනිත් එක කෙසෙල් පිති මාර සීතලයි කම්මුලට තියල තද කර ගත්තහම..දැනෙන සනීපය..!
"කෑව නේද හරකා මගෙ කෙසෙල් පැල ටික ????!!!!!!"
ඉහත වදන් පෙලත් සමගම මට දැනුනේ පොළවේ ගුරුත්වාකර්ශනය වෙනස් වී ..මෙතෙක් වේලා මා දරා සිටි දෙපා එයින් නිදහස්වී ශරීරයේම බර කන් කෙටියෙන් දරා සිටින බවත් පෘතුවියේ චුම්බක ක්ශේත්‍රය වෙනස් වී මා වත්ත පහල සිට ගෙදරට ඇදී යන බවත්ය.මොන ගුරුත්වාකර්ශනයක්ද ? මොන චුම්බක ක්ශේත්රයක්ද? තාත්තාට මාගේ වීර වික්‍රමාන්විත මෙහෙය අසු වී කනෙන් අල්ලා ඇද ගෙන ගෙදර දෙසට යයි. හොරෙන් සීනි බෝතලේ හකුරු මුල කන කොට මට තියෙන ඇස් දාහ කොහෙද යකෝ තිබ්බෙ? තාත්තා ළඟට එනකම්ම් නොදකින්න.
දැන් ඉතින් දවසෙ ඉතුරු ටික තාත්තගෙ මේසෙ යට තමයි ගත කරන්න වෙන්නෙ
අවුලක් නැහැ.. හොඳ වෙලාවට කලින්ම රස කෙසෙල් බඩ කෑලි ටිකක් සාක්කුවෙ දමා ගත්තෙ.. මන් කරන මැරෑටි වැඩ වලට.. අයියා කියන්නෙ එහෙමයි..ඒත් ඔය මැරෑටි කරන්න ඇත්තෙ මන් කරපු වැඩමදැයි සැකයක් පහල වීම ස්වාභාවිකය. තාත්තා ගෙන් කීප වාරයක් වේවැල් කසාය බීවද.. වැඩිම වාර ගනනාවක දඩුවම වූයේ..තාත්තාගෙ මේසය යටට වී දවසේ ඉතුරු කාලය ගත කිරීමය. අම්මා සහ තත්තා මේ පිළිබඳ එකඟතාවයක එළඹී තිබුනේ දවස් ගනනාවක දරුනු සාකච්චා කිහිපයකින් පසුවය. පවුලෙ බඩ පිස්සනෙ.
(හිකි හිකි හිකි..මුගෙ බඩ නෙවෙය් මුලු ඇඟම පිස්සනෙ - ඒ ප්‍රචාරය චූටි අක්කනගෙනි..අහු වයකො මට තාත්තා ගෙදර නැති වෙලාවක.)
කියමින් අම්මා ඇඬූ පසු තාත්තා වේවැල විසි කර දමා මා මේසය යටට වී සිටිය යුතු බව තීරනය වූ පසු මා කිසිම දිනක තාත්තාගෙන් ගුටි කෑවේ නැත. නමුත් දවසකට එක් වරක් වත් මා මේසය යට ට නොගියහොත් මටත් වඩා ඒ ගැන සැලකිලිමත් වන්නෙ චූටි අක්කාය.. ඒ පිලිබඳ වන සැලකිලිමත් වීමේ උනන්දුව මත මගෙන් ගුටියක් කන චූටි අක්කා මගෙ ප්‍රියතම දඩුවම් වාරයට උදවු වෙයි.
මා පාසල් යාමටත් ප්‍රථම මට කියවීමේ හැකියාව තිබිනි
. ඒ ටාසන් මෙන් මටත් මේපොත් පත් වල ඉන්න මකුණන් ගැන වූ කුතුහලය නිසාය. මෙයම මා හට තාත්තාගේ දඬුවම ප්‍රියජනක කිරීමට ඉවහල් විය. එසේ වන්නේ.. තාත්තාගේ මේසයේම කෙලවරක චූටි අක්කා පාසල් වැඩ කරන අතර එහි අයිනක වූ චූටි අක්කාගේ කතන්දර පොත් ගොන්නයි.. තාත්තා මාව මේසය යට ඔබා පොඩ්ඩක් එහෙ මෙහෙ බලන විට මා හොරෙන් අත දමා චූටි අක්කාගේ පොතක් ගෙන තාත්තාට පිටුපා කියවන්නට පුරුදු විය.. එවිට සිදුවන්නෙ ලැබූ දඩුවමේ සිත් වේදනාව අමතක වී පොත් වල ඇති සුන්දර ලෝක වල සැරි සැරීමට මට අවස්ථාව ලැබීමය.මේ වැඩේත් චූටි අක්කාට අසුවී කේළම තාත්තාට කියූ පසු දිනම තාත්තා කලේ .. චූටි අක්කාට පාඩම් කිරීමට වෙනම මේසයක් ලබා දී..මගේ කතන්දර පොත් ටික තාත්තාගේ මේසයේ අයිනක තැබීම සහ.. චූටි අක්කාගේ කතන්දර පොත් පමනක් තාත්තාගේ මේසය උඩ තැබීමට චූටි අක්කාට අණ කිරීමය.. හොඳ වැඩේ චූටි අක්කාට කේළම් කියනවට..අනික තාත්තාත් හරිම මෝඩයි..ඒකනෙ මෙහෙම වැඩක් කලේ..ඒ මෝඩ ක්‍රියාව නිසා මට වඩාත් පහසුවෙන් මගේ සහ අක්කාගේ පොත් වලට අත දිගු කිරීමට අවස්ථාව ලැබිනි. මා පිටුපා හොරෙන් පොත් කියවන විට අම්මා සහ තාත්තා හිකි හිකි ගාමින් හිනා වෙන්නේ.. ඔවුන් මට දුන් දඬුවම ගැන සතුටු වී මා හැදෙතැයි සිතා සතුටින් විය යුතුය..නමුත් මට මා කල මැරෑටි වැඩේ කුමක්ද කියාවත් මතක නැත..ඒ වනවිටත් මා එක්කො සිබිල් නැන්දාගේ පුන්චාගේ ලෝකයේය..නැත්නම් මල් මාමා වී හමාරය.. කීවාරයක් නම් ජින්නා වන්නට ඇත්ද?..
මෙසේ පටන් ගත් මගෙ කියවීමේ ලෝකය..මා මෙතනට ගෙනවිත් ඇත.. මගේ හැමදාම තිබූ එක් බලාපොරොත්තුවක් වූයේ.. මා පොත් සමග ම ජීවත් විය යුතු බවය. එය සිදුවෙමින් පවතී..
ඒ අතරම පොත් පිළිබඳ බ්ලොග් අඩවියක් ලිවීමට මා අදහස් කලේ මුල් කාලයේ සිටමය
. එය ආරම්හ කලෙමි. පසු දින වනවිටම ඩූඩ් එහි සටහනක් තබා ගොස්ය.. නමුත් ඒ වනවිටත් මා එහි ලිවීමට අවැසි දෑ සකසා ගෙන නොමැති නිසා..එහි ආරම්භය තරමක් කල් ගියේය.. ස්තූතියි සොයුර ඩූඩ් ! ඔව් ඔබයි පලමුවෙනි කමෙන්ට් කරු. අපේ ආදරණීය සොයුරිය බින්දි එහි පළමුවෙනි සාමාජිකාව වූවාය. ඔබටත් ස්තූතියි සොයුරිය. පුලුවන් වෙලාවකට ගොස් බලන්නැයි මා ඔබ සැමට ආරාධනය කරමි. මෙන්න ලින්ක් එක .
http://weni-pothpath.blogspot.com
පොත් වැඩේ නම් හොදයි අයියා , සාහිත්‍ය මාසයත් වෙච්ච් එකේ ඒ වගේ වැඩකට කියාපුම කාලේ තමයි මේක
ReplyDeleteපොඩි උන්ගේ ලෝකේ කොච්චර සුන්දරද.. ආපහු යන්න බැරි එක තමා දුක.....
ReplyDeleteමමත් දෙවැනි සමාජිකය වුණා ඕං! ජය වේවා!
ReplyDeleteඇත්තටම ආපහු පුංචි කාලෙට ඇදගෙන යන ලස්සන කතාවක්....:)
ReplyDeleteමගෙත් පුංචි කාලෙ මතක් වුනා..... :D
ReplyDeleteසාතන් නම් ඉතිං කෙහෙල් ගස් කැපුවෙ නෑ... රොබින් හුඩ්ල නසියර්ල ඇවිත් තමයි කෙහෙල් ගස් වලට ෂොට් එක දුන්නෙ... උන්ගෙ වැඩ හින්ද කොයි තරම් දන ගහන් ඉඳල ඇත්ද?... :)
ReplyDeleteමන් නොදන්න දේවල් කියා දෙන්න බැරි අයියෙක් සහ අක්කලා දෙන්නෙක් හැදුවෙ ඇයි කියා අම්මාගෙන් ඇසූ ....
ReplyDeleteඈ..උඹ එහෙමත් ඇහුවද?
තාත්තා මෝඩ නෑ....
ReplyDeleteඔයා ලවා පොත් කියවන්නයි අර විදියට ලඟින්ම පොත් තියල තියෙන්නෙ......
මාත් අර පැත්තෙ යන්නම්.....
අර පැත්තට ගිහින් ඔන්න කොමෙන්ට් එහෙකුත් දාලම ආව
ReplyDelete@ චම්මා - ඔව් සාහිත්‍ය මාසය කියවන මාසයනෙ.ඒකයි එහෙම අදහසක් ආවෙ..
ReplyDelete@ පැණි දොඩම් - ඔව් දැන් ඉතින් හිතින් තමයි යන්න පුළුවන්
ReplyDelete@ විසිතුරු - ස්තූතියි බොහෝම බුකිය ඇක්සෙප්ට් කරන්නම් ඉක්මනින්
ReplyDelete@ පොඩි කුමාරිහාමි සහ චාමි - ස්තූතියි කමෙන්ට් එකට..ජීවිතේ සුන්දරම කාලයට දැන් යන්න පුළුවන් හිතින් විතරයි
ReplyDelete@ සාතන් - ඔව් ඔව් මමත් කියෙව්ව ඒ ගැන
ReplyDelete@ රාජ් - ඔව්වයෙ බරක් පතලක් තේරෙන්නෙ නැතුව ඉන්න කාලෙ අහපු එව්වනෙ .. ඒ වගෙ එකක් ඇහුවා කියල මතකයි.. මොකද මම චූටි අක්ක එක්ක රන්ඩු වුන ගමන්ම ගිහින් අහන්නෙ මොකටද චූටි අක්කව හැදුවෙ කියලයි..මන් ලොකු අක්කට තමයි වැඩියෙන්ම ආදරෙ ඒ කාලෙ.. ස්තූතියි රාජ් ආවට සහ කමෙන්ට් එකට
ReplyDelete@ පිසා - ඔව් ඔව් තාත්තල එහෙම තමයි කලේ.. ඒ උනාට මන් ඒ කාලෙ හිතුවෙ එහෙමයි.. මගෙ සේරම දහං ගැටවලට ඒ ගොල්ලො අහු වෙනව කියල ජොලියෙ හිටියට පස්සෙ තමයි තෙරුනෙ මගෙ ගොරකා මදි ඒ දෙන්නව තම්බන්න කියල..
ReplyDelete@ ඔබ්සර්වර් අයියා - ස්තූතියි ඉතින්.. අයියා කමෙන්ට් එකක් නොදමපු බ්ලොග් එකක් ඉතින් පරිප්පු නැති හෝටලයක් හා සමානයි
ReplyDeleteහික් හික්.... හොද වඩේ නේ කෙහෙල් පැළ ටිකට කරපු දේට වෙලා තියෙන්නේ. :)
ReplyDeleteඅන්න බුද්ධිමත් තාත්තෙකුයි අම්මෙකුයි.
ReplyDeleteදැන් ලියන්නත් සම්භාව්‍ය චිත්‍ර අඳින්න අරගෙන වගෙ. මේ පාර සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව වෝට කලර්ස් පෙට්ටියකුත් අරන්!
චිත්‍රෙ නම් නියමයි. අර පේන්නෙ නැත්ද තාත්තා පුටුවෙ ඉඳගෙන අත් දෙක හෙම එල්ලගෙන ඉන්න විදිය.
henryblogwalker the Dude
හොඳයි හොඳයි කියවල කියවල සම්පූර්ණ මිනිසෙක් වෙන්නකෝ..........
ReplyDelete@ මධු රංග - ඔව් ඔව් නියම දඩුවම ලැබුනෙ.. ඒකෙ ප්‍රථිඵල තමයි මේ
ReplyDelete@ ඩූඩ් - හිකීස්.. මන් ඉස්කෝලෙදි අදක්ෂම චිත්‍ර වලට තමයි..ඒත් ඔන්න ඔහේ ඇඳල දැම්ම..
ReplyDelete@ ගිම්හානි - ස්තූතියි උපදෙසට..
ReplyDeleteවෙනි අයියත් ලෝක ඇට්ටර ඩයල් එකක් නෙ පොඩි කාලේ.
ReplyDeleteපුංචි කාලේ මමත් කෙසෙල් ගස් කැපිල්ලට බොහොම සමර්තයි.. කපන්නේත් හොඳම ගස් තමයි.. අනිත් ඒක පැත්තෙත් යන්නොන..
ReplyDeleteමේ පාර ගන්න හොද පොත් ටිකක් කියන්න අයියේ.
ReplyDelete@ කසුන් - මරෑටියා කියලයි අපෙ අයියා කිව්වෙ
ReplyDelete@ ලංකා - ඔව් මොකද ටුක් ගාලා කපතහැකි.. ඇයි එක සැරයක් අයියගෙ තම්පලා පාත්තියම කැපුවා..
@ නිසුපා - නංගි මන් දමල ඇති පොත්පත් සයිට් එකෙ මේ සැරේ සාහිත්‍ය මාසයට තෝරපු පොත් 5. මමනම් ඒ ටික බලනව.මම ලිස්ට් එකක් හදා ගෙන යනව ප්‍රදර්ශනේට ඊට පස්සෙ හොඳ පොත් තෝරල ගන්නව..සමහර වෙලාවට ලිස්ට් එකේ තියෙන පොත් වලට වඩා ගොඩාක් හොඳ පොත් තමයි ඒ වෙලාවෙ බලල තෝරා ගෙන තියෙන්නෙ
අදනෙ මේක අහු වුණේ.
ReplyDeleteළමයින්ට නිසි මග පෙන්වීම යනු "පාඩම් කරපං, ඉගෙන ගනිං, අරක කරපං, මේක කරපං" යනුවෙන් නිරන්තරයෙන් කෑ ගැසීම නොවන බව හොඳින් පැහැදිලි වෙනවා මේ ලිපිය කියවනකොට. කියවීමෙ රුචිය පොඩි කාලෙදිම ඇති කළහම මොනතරම් දේ එකතු වෙනවද ජීවිතේට?
කිවු දේ නාහන දඟයෙකුට වුණත්.. :D
නලිනි චන්දිමා - ස්තූතියි සොයුරිය පැමිණියාට සහ කමෙන්ට් එකට.. සම්පූර්ණ ඇත්ත..ඔබේ කතාව..
ReplyDeleteඑල එල . . . ගියෙමි . . . . ෆලෝ කලෙමි . . . .කොමෙන්ට්ද කලෙමි . . . .
ReplyDelete