ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, September 26, 2011

රෙන්ඩ බැරී පොතක් ලිව්වොත් ?

රෙන්ඩ බැරී පොතක් ලිව්වොත් කොහොම වෙයිද?



මේ ප්‍රශ්නෙ මන් ඇහුවා මගේ හිතෙශිවන්තයන් කීප 
දෙනෙක්ගෙන්ම..මෙන්න ලැබුනු පිළිතුරු...


1. මළ බද්ධය ගැනද ලියල තියෙන්නෙ?
2. හේතු, වලක්වා ගන්නෙ කොහොමද කියල ඇති
2. ගස්ලබු, බෙලි, කෙසෙල්  වගෙ දේවල් කන්න කියලත් ඇති.
4. ඔය අමාරුව තියෙන කෙනෙක් කොහේ පොත් ලියන්නද බන්?


මෙකී නොකී අදහස් ගොන්නක් මා ලදද..බහුතරයක් ඇසුවේ ඔය මොන හරුපයක්ද බන් කියාය. 


සැබවින්ම මේ පොත ඇස ගැටෙන් තෙක් මෙවන් ප්‍රස්නයක් මා හටද නොතිබිනි. නමුත් ඊයේ පෙරේදා අවසන්වූ පොත් ප්‍රදර්ශනයෙන් ගන්න ලද පොත් දැන් මගෙ අංශය වෙත පමිනෙමින් පවතී. ඒ පොත් අතරේ වූ පොතක කර්තෘ දුටු විගසම මට මෙම ප්‍රශ්නය මතු විය. 
පුස්තකාල වල සාමාන්‍යෙන් පොතක කර්තෘ හඳුන්වන්නෙ ඔහුගේ අග නම මුලටත් මුල නම අගටත්යවෙනී ලියන්නා යන්න කියවනු ලබන්නේ ලියන්නා, වෙනී ලෙසය. දැන් බලන්න පහත ඇති ජායාරූපය..






මින් පසු යම් පාඨකයෙක් පැමිණ 
"රෙන්ඩ බැරී ගේ පොත් මොනවාද තියෙන්නෙ?"
යන්න ඇසීමට පුලුවන. නැතහොත් යම් විශයක් සොයා පැමිනෙන්නකු හට 
"ආ රෙන්ඩ බැරී ගේ හොඳ පොතක් තියෙනව දෙන්නද ?"
 ලෙස ඇසීමට ද පුලුවන
ක්‍රිකට් ක්‍රීඩක Yanic Caria ගේ සිද්ධියට තරම් දරුනු නොවුනද මෙම පොත මඟින් මට හොඳ ෆන් එකක් ගත හැකි බවනම් පෙනේ

43 comments:

  1. Yanic Caria වෙස්ට් ඉන්ඩීස් වලට නේද සෙල්ලම් කරන්නේ...ඉස්සරහට බලගන්න බැරියැයි...අපේ කට්ටිය විස්තර විචාරය කරනකොට.....

    ReplyDelete
  2. ඊය වෙනියගේ කක්කි කතා

    ReplyDelete
  3. ඈ බොල ... රෙන්ඩර් බැරී, යානික් කේරියා දැන් මොකක්ද ඕකේ අවුල හැබෑටම! බොලා ඔක්කොගෙම වල් හිත

    ReplyDelete
  4. අය්යෝ මාත් හිතුවේ මලබද්ධය ගැන කියල.

    ReplyDelete
  5. ඊයා මොනාද අනේ මේ කතා...

    ReplyDelete
  6. සික් අනේ මේ සුද්දොන්ට හරියකට නමක් තියාගන්ඩ බැරි හැටියක් අම්මපා

    ReplyDelete
  7. ඇලෙක්ස් හේලි ලියූ රූට්ස් පොත ඇසුරෙන් තැනූ චිත්‍රපටිය මං බැලුවා.
    ඒකේ ප්‍රධාන චරිතර කුන්ටා කින්ටේ. අප්‍රිකාවෙන් වහල් බවට ඇමරිකාවට ගෙනා පොරක්.

    මට ඒ කාලේ හිතුනේ මේක කුණුහබ්බ නමක් කියලයි.
    http://en.wikipedia.org/wiki/Kunta_Kinte

    ReplyDelete
  8. සික් විතරක් පොඩි එව්වොත් නරක් වෙනවා

    ReplyDelete
  9. ඔව්..... මේ අවස්ථාවේ කැරියා කඩුල්ලක් දවා ගන්නවා.........!!

    මට මතක හැටියට කැරියා බෝලර් කෙනෙක්.

    ReplyDelete
  10. @ පිසාචයා - ඔව් ඔව් මමත් බලා ඉන්නෙ ඒ කමෙන්ට් එකක් අහන්න..තාම ඒ චාන්ස් එක ආවෙ නැහැ..

    ReplyDelete
  11. @ ඔබ්සර්වර් අයියා - කක්කි කරන්න අමාරු කතා කිව්වොත් හරියටම හරි නේද ?

    ReplyDelete
  12. ඔය කැරියා ගැන තිබ්බ ආටිකල් එකක් මම දැන් අවුරුද්දකට විතර කලින් FB එකට දැම්ම. සමහරක් එවුන් ඒකට කමෙන්ට් කරල තිබ්බ අර මම උඩින් දාල තියෙන විදියට එක එක එව්ව දාලා, අවසානේ තව එකෙක් දාල තිබ්බා " කැරියා බොකක් දැම්ම " කියලා.
    පස්සෙ මම කලපනා කෙරුවෙ මූ මටවත්ද මේක කිව්වෙ කියලා.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. @ විසිතුරු - ඔව් බොලාඋඹ හරි, මුන්ගේ වල් හිත.. උඹ ඔව්ව එච්චරටම හිතට ගන්න එපා.. රෙන්ඩ බැරි උනහමද බොලේ බොට වල්හිත් පහල වෙන්නෙ ???

    ReplyDelete
  15. @ ගිම්හානි - ඔව්, ඕනිම කෙනෙක් හිතන්නෙ එහෙමයි..බැරී රෙන්ඩර් මහත්තයා කොහොම හිතයිද කියලයි මන් මේ කල්පනා කරන්නෙ ?

    ReplyDelete
  16. @ නදී - ඇත්ත වශයෙන්ම !. බැරී මහත්තයා දන්නවනම් එහෙම මේක.. අනේ මන්දා

    ReplyDelete
  17. @ අවංක පැට් - නිකංම අහු උනා මල්ලියෙ..අහු වෙච්ච ගමන් මට බකස් ගාලා හිනා ගියා

    ReplyDelete
  18. @ කශූ - ඔව් ඒක දැකපු ගමන් හිතෙන්නෙ කුනුහබ්බයක් වගේ තමයි..

    ReplyDelete
  19. @ප්‍රසන්න - හෆොයි අපෙ ප්‍රසන්න පොඩි එකා නරක් වෙනව මෙව්ව කියවල..හැබැයි කොහෙද දන්නෙ නැහැ , තව නරක් වෙන්න තියෙන්නෙ

    ReplyDelete
  20. @ නලිනි චන්දිමා - ස්තූතියි..ඒත් අමනාපයි ඔබ එක්ක..සිත් ආරෙ කතාවක් ලියල නැහැ.. සති2කින්..දන්නව සේවය ඉසිඹුවක් නැති බව නම්...ඒත්..

    ReplyDelete
  21. @uwiniran - ස්තූතියි කමෙන් එකට..මන් හිතන්නෙත් ඔව්.. තාම ලංකාවෙ ටීම් එක එක්ක නම් සෙල්ලම් කලේම නැතුවා වෙන්න ඕනි..


    වටින කමෙන්ට් එකක් ඇයි දෙවෙනි කමෙන්ට් එක ඩිලීට් කලේ ?

    ReplyDelete
  22. @ uwiniran- ආ සොරි කමෙන්ට් එක ඩබල් වෙලා නිසා එකක් ඩිලීට් කරල තියෙන්නෙ.. මට හිතෙන්නෙ ඒක එච්චර පර්සනලි ගන්න ඕනි දෙයක් නෙවෙයි කියලයි..

    ReplyDelete
  23. හැබෑට මෙව්වොන්ට හරි හමන් නමක් දාගන්න බැරි හැටි අපිට කියවගන්න පුළුවන්... හක් හක් අපේ එව්වො වෙස්ට් ඉන්ඩීස් ගියාම තමයි විචාරකයන්ට කෙලිය වෙන්නෙ

    ReplyDelete
  24. නමක් නිසා වෙන ඇබැද්දියක්....

    ReplyDelete
  25. පට්ට ! දැන් ඔය පොතේ ඇත්තටම තියන්නේ මොනවා ගැනද වෙනී මාමේ???

    ReplyDelete
  26. @ පිස්ස - ඔව්නෙ බන්z..කාට කියන්නද මෙව්ව..

    ReplyDelete
  27. @ දිනේශ් - මේ වගෙ ඒවා තව ගොඩාක් ඇති..ඒත් අපිට හම්බ වෙන්නෙ නැහැනෙ..

    ReplyDelete
  28. @ සිහින - මෙ පොත නම් Quantitative Analysis for Management - ඒක කලමනාකරණය තීරණ ගැනීමේදී ඔය විද්‍යාව සහ ගණිතය වගේ සංකල්ප භාවිතය ගැන පොතක් (ඈ බොල සිහිනයො මන් බොට වැඩිය අවු 2ක් බාල ඇති.. කොහෙද මාමා උනෙ? :-D )

    ReplyDelete
  29. බලාගෙන වෙනියෝ ඔය විදිහට රෙන්ඩ බැරි පොතක් වැරදි එකෙක්ගෙන් ඉල්ලුවොත් පොත විකිනිල්ල කෙසේ වෙතත් හරහට හිටින්න ගිල්ලාවිද දන්නේ නැහැ රෙන රෙන පාරට මතක් වෙන්න.

    ReplyDelete
  30. @චීටා - හැබෑටම චීටො එහෙම වෙන්නත් ඉඩ තියෙයි..කෝකටත් මන් පරිස්සම් වෙන්නම්!

    ReplyDelete
  31. මම නෝට් කරපු දෙයක් තමයි දැන් දැන් සෑහෙන පෝස්ට් ලියවෙනවා පශ්චාත්භාගය ගැන. කාටද ආඩම්බර?
    වෙනි මම මේ කමෙන්ට් එක දාන්නෙ තුන් වෙනි වතාවට. වෙනී කොමෙන්ට් ගිලිනවද මන්දා?
    henryblogwalker the Dude

    ReplyDelete
  32. @ ඩූඩ්- ඔව් ඔව් මමත් නෝට් කලා පශ්චත්භාග ගැන ලියවෙන එක...
    මම කමෙන්ට් වල සෙටින්ග්ස් මොනවවත් වෙනස් කලේ නැහැ ඩූඩ්..මොනවහරි ප්‍රොබ් එකක් වගෙයි..මන් චෙක් කරන්නම්..තේරෙන විදියට..

    ReplyDelete
  33. අන්න නියම නම්

    ReplyDelete
  34. ශික්.. කියන කතා.. ග්රාම්යයි ග්රාම්යයි ..

    ReplyDelete
  35. දැං එතකොට වෙනියත් පශ්චාත්බාගෙ නගා හි‍ටුවන්න ට්‍රයි එකදෙනව . . . .???

    ReplyDelete
  36. @ කසුන් - කසුන් වගේ චාටර් නම් නෙවෙයි..! එල නම් මෙව්ව !

    ReplyDelete
  37. @ බින්දි - තෑන්ක්ස් බින්දි ! වචන දහසකට වඩා එක හිනාවක් වටිනවා කියනවනෙ.. මල් ගහපු වෙලාවට තමයි ඒ !

    ReplyDelete
  38. @ ලංකා - ග්‍රාම්‍යයි ! අභ්‍යාසයි !

    ReplyDelete
  39. @ඕනෙ - මැරිලා යන්න ඉස්සෙල්ල අපිත් රටට ලෝකෙට වැඩක් කරන්න එපායැ !~

    ReplyDelete
  40. ඇටි කෙහෙල් කෑවනම් ටක්කෙටම හරි වෙනියො

    ReplyDelete
  41. හාමුදුරුවෝ ගාවට ආපු "රෙන්ඩ බරයි" සහ "රෙවෙච්චී" යුවළගේ කතාව මතක් වුණා :))

    ReplyDelete