ඉතින් ඔහොම කපටි කම් වලින් රවටලා ආයතන වලින් නිවාඩු ගන්න අය අතරෙ අපේ ගම් පළාතට විවාහ වෙලා ආපු කපටිම කපටියෙක් එක සැරයක් තමන්ගෙ අම්මා මළා කියලා ගමෙන්ම සල්ලි එකතු කරගෙන තිබුණා මතකයි අපි පැටි අවධියෙදි. එහෙව් මිනිස්සුත් ඉන්න අපේ සමාජෙ කවුරු හරි "අනේ සර් මගේ ආච්චි බඳිනවා හෙට නිවඩු දෙන්න" කියලා ඉල්ලුවොත් ප්රතිචාරය කොහොම වෙයි කියලද හිතන්නෙ ?
අපෙ පියාගෙ නංගි ඒ කාලෙ බොහෝම අතීතයෙ විවාහ වෙලා තිබුණෙ අවුරුදු 13ක් වගේ වයසෙදි. ඒ කාලෙ අද වගේ නීති නොතිබෙන්න ඇති. විවාහය කියන්නෙ නීතියෙන් වෙන බැඳීමක් මත් නොවෙන කාලයක... ඔය වෙනකොට අපේ පියා බැඳලා නෑ..නංගියි මස්සිනායි එයාගෙ දරුවො පස් දෙනාවත් බලා කියා ගෙන ඉඳලා තියෙන්නෙ. පියාගෙ වයස අවුරුදු 35ක් විතර වෙනකොට නංගිගෙ බාලම දරුවාටත් වයස 15ක් විතර වෙන්න ඇති. ඊටත් පස්සෙ අපේ තාත්තා බැඳලා තියෙන්නෙ. එතකොට අපේ පවුලෙ බාලයා වෙච්ච මම සහ අපේ නැන්දගෙ ළමයි අතර වයස පරතරය සෑහෙන වැඩියි. බාලම ඥාති අයියා මට වඩා අවුරුදු 25ක් වැඩිමහල්. මම සීයා කෙනෙක් වුණේ මන් සා.පෙළ කරන කාලෙදිමයි. නැන්ඳගෙ පවුලෙ වැඩිමල්ම අයියාගෙ දුව - මම එයාගෙ බාප්පා- ගේ ළමයා හම්බ වුණේ මන් ස.පෙළ කරපු කාලෙ .මගේ චූටි අක්කා බඳින කොටම ඒ ඥාතිත්වයෙන් ආච්චි කෙනෙක් වෙලා ඉවරයි. බලන්නකො ඒකෙත් හැටි...
ඕන්න ඔය වගේ ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක් තමයි මන් අර උඩින් කිව්ව විදියට
"අනේ සර් මගේ ආච්චි බඳිනවා ඒ වෙඩින් එකට යන්න නිවාඩු දෙන්න "
කියලා ඉල්ලලා තිබ්බෙ. ඇත්තම කිව්ව එකේ ප්රතිඵලය වුණේ නිවාඩු ගන්න බැරි වුණ එක තමයි. අපි මේ කතාව අහලා හොඳටම හිනා වුණාට... මට නම් ඇත්තටම මේ සිද්ධිය අමුතු දෙයක් වුණේ නැහැ..අපේ ඥාතින් නිසා.
--------------------------------------------------------------------------------
(02) - මහා පරිමාණ නෙවෙයි , සුළු පරිමාණ හොරු දෙන්නෙක් මෙන්න මෙහෙම කතා වෙනවා එක දවසක,
"මොකද බන් ඔය ඔළුව තුවාල කරගෙන බැන්ඩේජ් කර ගෙන ඉන්නෙ ? මාට්ටු වුනාවත්ද රොබරියක් ?"
"අර එහා ගමේ හැමදාම වගේ වහලා තියෙන ලොකු ගේ මතකද උඹට ? මන් ඊයෙ ඒක කඩන්න ගියා."
" යකෝ පාළු ගෙයක් උණත් ගෙට රිංගන්න ඉස්සර මුට්ටියක් දමල බලන්න එපාය."
"දැම්මා බන් මුට්ටියක්..දමපු ගමන්ම ඒක කුඩු කළා.."
"පාළු ගෙයක් නම්කවුද බන් ඒක කුඩු කළේ ?"
" ඒක බලන්න කියලා තමයි ඔළුව දැම්මෙ !"
----------------------------------------------------------------------------------
ඉතින් ඕන්න 2011 පුරාවටම මමත් එක්ක හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය !
ආයි හම්බ වෙමු 2012 නව වසරෙදිම !