ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, November 28, 2012

පිස්සු හදන සඳ...




පෝය දවසට අනිත් දවසට වඩා අපේ හිතේ තියෙන රාග දෝෂ මෝහ සිතුවිලි වැඩි වෙනවාය..ඒ නිසාම සිල් අරගෙන පන්සලකට වෙලා සිත නිවා ගෙන ඉන්න එක තමයි හොඳම දේ කියලයි මට අද උදැහැනැක්කෙම ඇහුන බණ කතාවකින් කියවුනේ..

අපිත් මොනා හරි පිස්සු වැඩක් කලහම අද පෝයද බන්...ආහ් පෝය කිට්ටුයි කියලා කට්ටිය හිනා වෙන එක සාමාන්‍ය දෙයක් නෙ. මේ තත්වය වෙසක් වලට තවත් වැඩී..අපේ ගමේ හිටිය මැයි ආච්චි අවුරුද්දෙ අනිත් දවස් වල බොහෝම හොඳට හිටියත් මැයි මාසෙ වෙනකොට රෙද්ද කඩාගෙන ගම හැමතැනම දුවනවා...පෝය දිනයට බහුතරයකගෙ පිස්සු වැඩ වැඩි වෙනවා කියන එක එහෙනම් සාමාන්‍ය දෙයක්...

අදටත් ඔය බහුතරයකගෙන් එකෙක් වෙච්ච මට නම් මේක සාමාන්‍ය දෙයක්ම තමයි... 

මේක අද ඊයේ වෙච්ච දෙයක්ද ???

 නෑ පින්වතුනි..

අද 27 වෙනිදා වෙච්ච පෝය දවසෙ මට මතකයි අපි පොඩි දවස් වල ඉඳලම පෝය දවසට කරපු පිස්සු වැඩ..පිස්සු කීවට එව්වා නෝටි වැඩීද මන්දා... පෝය දවස නිසා මේවට තනිකරම අපිටම වැරැද්ද පටවන්න නම් එපා..පිස්සු හැදෙන සඳ නිසානෙ අපි මෙව්වා කරලා තියෙන්නෙ..
කාලය දශක 3කට පමණ පෙර...

නාහෙට නාහන සෙට් එකක් වෙලා හිටි අපි කට්ටිය.. 

එක පෝය දිනයක...

එක පෝයක හරකෙක් නිදහස් කරන්න ගමේම අයගෙන් සල්ලි එකතු කරපු ගමේ බෞද්ධ සමිතිය ඒ උතුම් කර්තව්‍ය යොදා ගෙන තිබ්බෙ ඒ පෝය දවසෙ..ගමේ මස් කඩයක් නොතිබිච්ච නිසා මේකට නිදහස් කර ගත්තෙ මස් කඩේට ගෙනියන හරකෙක් නම් නෙවෙයි. ළඟ හරක් පට්ටියක් අයිතිව තිබ්බ අපෙත් ඥාතියෙක් උනු අයියා කෙනෙක්ගෙ හරකෙක්ව තමයි....

ඒ කාලෙ පන්සල් වල ඉදිකිරීම් සහ අනිත් වැඩ වලට මුදල් එකතු කිරීමේ තිබ්බ හොඳම මාර්ගයක් වෙලා තිබ්බෙ සල්පිල් තමයි. ගමේම මිනිස්සු එක එක ජාතියෙ බඩු භාණ්ඩ පන්සලට ගෙනත් ඒවා සල්පිලේ විකුනලා තමයි සල්ලි එකතු කර ගන්නෙ...දැන් නම් මේ සල්පිල් ඇත්තේම නැති තරම්.. 

ඉතින් ඔය වගේ සල්පිල ඉවර වෙලා මල් වට්ටිය වෙන්දේසි කරලා තමයි ඔය හරකව නිදහස් කරන්න යොදා ගෙන තිබ්බෙ..

ඊට ඉස්සර දවසක ඔය හරකව අනේ හතර ගාතෙ බැඳලා දස වද දීලා "පින් ගොනා" කියලා කියලා හංවඩුව ගහන් එක දිහා අපි බලන් හිටියෙ නම් බෝම දුකෙන්..දවසක් විතර යනකම් මෙකා කෑවෙත් නෑ බීවෙත් නෑ..හංවඩුවෙ වේදනාවට වෙන්න ඇති..හැබැයි හතර පෝයට සිල් ගන්නා ආච්චිලා සීයලා බෝම ශ්‍රද්ධාවෙන් අර හරකගෙ හංවඩුව දිහා බලා ඉඳිමින් තමන් දීපු රුපියල දෙක ගැන බෝම ආඩම්බරයෙන් කතා කලා නම් මතකයි...

ඉතින් කෝම කෝම හරි ඔන්න පන්සලේ වත්ත පහල ගැට ගහලා හිටිය පින් ගොනාව ප්‍රසිද්ධියේම නිදහස් කරන වෙලාව ආපු ගමන්ම පන්සලේ ඇබිත්ත තෙමේ පන්සල් වත්ත පහලට දුවන් ගිය වේගෙටම ආපහු දුවන් ආවෙ හති ලමින්..

"අනේ හරකා නෑ ..කවුද ලිහලා දාලා වෙන්න ඇති.."

"කවුරු ලිහන්නද ? උඹ හරියට බඳින්න නැතුව ඇති හරකව "

හාමුදුරුවො කෝපයෙන් නලියනවා..

"මන් හරිය බැන්ඳා ලොකු හාමුදුරුවනේ..කවුරු හරි නොසන්ඩාලයෙක් ලිහලා තියෙන්නෙ"

"උඹේ වැරැද්ද වහ ගන්ඩ බොරු කියන්ඩෙපා"

එ හෙම කීවෙ පන්සලේ ප්‍රධාන දායක වෙච්ච පියදාස සීයා..

"එහෙනම් හරකම වෙන්න ඇති ලිහා ගෙන ගිහින් ඒ කඹෙන්ම ලොකු උපාසක මහත්තයගේ බයිසිකලේ  බැඳලා තියෙන්නෙ"

ඇබිත්තයත් අතෑරියෙ නෑ.. 

උපාසක අම්මලා ටික කම්මුලේ අත තියා ගෙන විස්සෝප වෙද්දි පියදාස මාමා වත්ත පහලට ඉගිල්ලුනේ තමන් ඇඳලා හිටියෙ රතු පාට අමුඩෙ කියලා පේන්න සිල් රෙද්ද කරට අරන් ! අපේ උන් ටික හිනාව නවත්තගෙන හිටියෙ බොහෝම අමාරුවෙන්..

අනේ පින් ගොනාව හොයා ගත්තෙ...පහු වෙනිදා අල්ලපු වෙලේ හොඳට තණකොල කකා ඉන්න කොටයි..

ජීවිත කාලෙටම 3-4 වතාවකට වඩා සිල් අර නොගත්ත අපේ සෙට් එක පෝය දවසට ඔය සිල් අර ගත්ත අය තරම්ම නම් සිල් කැඩුවෙ නෑ.. 

පන්සලට යන පාරෙ තරමක් පාළු හරියක අරඹෙ කෙළවරේ ගේක පදිංචි වෙලා හිටියෙ කාන්ති නැන්දයි විජේ මාමයි. විජේ මාමා හැම පෝයටම සිල් ගන්න මස් මාංශයක් කටේ නොතියන තරමේ හොඳ මනුස්සයෙක් උනත් කාන්ති නැන්ද නම්...අනේ මන්දා.. අපිට නම් කියන්න වරදක් නෑ..කොයියම්ම වෙලාවක ගියත් ගෙදර තියේ නම් මොනා හරි පැණි රහ යමක් එක්ක තේ එකක් වක් කරලා දෙන හිත හොඳ නැන්දෙක් !

විජේ මාම සිල් අරන් ගත්තහම ආපහු සිල් පවාරනය කරලා එන්නෙ පහු වෙනිදා.. ඔය අල්ල පනල්ලෙ එහා ගමේ සිරිසෝම මාමා පෝය දවසට හැමදාම කාන්ති නැන්දා එක්ක තුන් වෙනි සිල් පදේ කඩන බව මුළු ගමටම රහසක් වෙලා තිබ්බට නිශාචරයො වෙච්ච අපිට නම් එච්චර රහසක් නෙවෙයි.. 

දවසක් අපේ සෙට් එකේ එකෙක්ගෙ සරුංගලයක් අල්ලපු ගමෙ ගහක රැඳිලා තියෙද්දි ඒක ගන්න ගිය වෙලාවෙ සිරිසෝම මාමගෙ පුතා අපේ එකාට කනට ගහලා එවලා තිබ්බා.. බොහොම මහන්සියෙන් අපි හදපු මහ පත නයා සරුංගලේ අපිට අහිමි වෙච්ච කේන්තිය හිතේ දරන් ඉන්න කොට තමයි ඊළඟ පෝය  දවස උදා උනේ...

සිරිසෝම මාමත් සුපුරුදු විදියට රෑ අට නවය වෙනකොට කාන්ති නැන්දලගේ ගෙදරට රිංගනව බලන් හිටි අපි සෙට් එක තව පැය භාගයක් විතර බලන් ඉඳලා ආයි පන්සල පැත්තට ගියා. එතකොටත් විජේ මාමලා සිල් අරන් මහන්සියට බණ ශාලාවෙ බිත්ති වලට පිට දීගෙන භාගෙට නිදි. ලොකු උපාසක මාම නම් පන්සිය පනස් ජාතක පොතේ ජාතක කතාවක් කියවනවා.. අපේ එකෙක් හිමිහිට වීජේ මාමට කිට්ටු කලා,

"මාමේ මාමේ අපි පන්සල් ගිහින් ගෙදර යන ගමන් නැන්දගෙන් වතුර එකක් බොන්න ගියා..නැන්දා කෙඳිරි ගාගා නිදි මාමෙ..අසනීපයක් වෙන්න ඇති.."

"හත් දෙයියනේ කාන්තිට හිසෙ රුජාවයි කීවා තමයි"

සිල් රෙද්දත් අකුලා ගෙන මාමා ගෙදර දිහාවට හනි හනිකට..

අපිත් පේන නොපෙනෙන ගානට පස්සෙන් ගියේ...

ගෙට ගිය විජේ මාමා සහ ටික වෙලාවකින් සරමත් කරට දමා ගෙන කුස්සිය පැත්තෙන් ඊ ගහක් වගේ දුවන සිරිසෝමා මාමත් ඊට පස්සෙන් සිල් රෙද්ද පිටින්ම උදලු මිටක් උස්සන් පස්සෙන් දුවන විජේ මාමත් ගැන අපි දවස් කීපයක්ම කතා උනේ..අර සරුංගලේ නැති වෙච්ච දුක එතනින්ම ඉවර උනා..

මුළු ගමේම ඉන්න බහුතරයක් භීතියෙන් මුසපත් වෙද්දි හතර පෝයටම සිල් ගත්ත සොපී ආච්චි, මැගිලින් ආච්චි සහ මැණිකෙ ආච්චි යටිගිරියෙන් ...

"මහසෝනා එනෝ" 

කියලා බෙරිහන් දෙද්දිම යකැදුරො කීප දෙනෙක් එක්කම මේ තුන් දෙනාට ලොකු තොවිලයක් නැටුවා.. ටික කාලයක් යනකම් ගමේ ගොඩේ ගෑණු මිනිස්සු සහ සෝමාරි පිරිමි රෑ පානෙ එලියට නොබහින්න තරම් වෙච්ච ඒ සිද්ධියට නම් අපිත් බය උනේ නෑ කියලා කියන්න බෑ.. ඒ එක අටවක පෝය දිනයක්.. පිරිමි උපාසක මහත්තුරු රෑ එලිවෙන කම්ම සිල් අරන් පහු වෙනිදා සිල් පවාරණය කලාට උපාසක අම්මලා රෑ හය හත වෙනකොට සිල් පවාරණය කරලා ගෙවල් වලට හෙමිහිට යන වෙලාව..

තැන....

 අර කාන්ති නැන්දලගේ ගෙවල් තියෙන පාළු පාර...

අර උඩ නම් කීව ආච්චිලා පන්දමක් වන වනා එනවා බොහොම චිත්තප්‍රීතියෙන්....ආන්න එතකොටයි ඒ තුන් දෙනා ඉස්සරහට මහසෝනා පැනලා තියෙන්නෙ.. 

පස්සෙ ඒ ගොල්ලො කීවෙ.. බඹයක් විතර උසට සුදට සුදේ ඇඳගෙන හැම පැත්තෙන්ම ඇහෙන්ඩ කෑ ගහගෙන තමන් ඉස්සරහට පැන්නෙ මහසෝනම තමයි කියලයි..

"අම්මෝ මන් දැක්කා මූන මෙන්න දල දෙක"

මැගිලින් ආච්චි කම්මුලට අත දී ගෙන අපිට කීවෙ..

හරි ඉතින් සුදු සරම් දෙකක් ඔළුවෙ ඉඳන් පොරවගෙන..එකෙක් තව එකෙක් ගෙ කර උඩට නැගලා.. පහු ගිය අළුත් සහල් මංගල්ලෙ පොලෙන් ගත්ත යක්ශ වෙස් මූණ දාගෙන යන්තම පන්දම් එලියෙන් එලිය වෙච්ච පාර මැදට හූ තියා ගෙන කවුරු හරි දෙන්නෙක් පනිද්දි...

අනිත් උන් ටික පාර දෙපැත්තෙම තියන පඳුරු වලට මුවාවෙලා ස්ටීරියෝ ක්‍රමයට හූ තියන කොට ඔතන මැවෙන්නෙ මහසෝනා කතන්දරේ නෙවෙයි නම් ඉතින් වෙන මොකද්ද ? 

මතක් වෙන කොට අපේත් රෝම කූප කෙලින් වෙනවා..

"මොනා වෙලාද මේ වැලේ තිබ්බ මගේ සුදු සරමේ මෙච්චර මඩ ගෑවුනේ ?"

කියලා අපේ තාත්තා අම්මගෙන් අහද්දි මම හෙමිහිට කුස්සිය පැත්තෙන් මාරු වෙලා ගියා..

ඉතින් ඔහොම පෝය දවසට මිනිස්සුන්ගෙ හිතේ තියෙන ආවේගශීලී බව වැඩිවෙන්නෙ සමහර විට හඳේ බලපෑම නිසා වෙන්න පුළුවන්...එතකොට ඒකට වග කියන්න ඕනි හඳ මිසක් ඒ නිසා නරක් වෙච්ච පොඩි ළමයි වෙලා හිටි අපි නෙවෙයි නේද කියලයි මට නම් තාමත් හිතෙන්නෙ ..

Friday, November 23, 2012

ගේ කුරුල්ලෙක් දැක්කද ? It's about Sparrows not gay !


මේ ලස්සන ෆොටෝ එක දුන්නෙ නම්
http://oklahomawildlifecontrol.com/tag/gentle/




"අම්මේ මෙන්නෝ කුරුළු කූඩුවට ගැරඬියෙක් එනෝ..."

"අම්මේ...අම්මේ....!"

කිහිප වාරයක්ම කෑ ගැසුවත් ගෙතුලින් කිසිම ප්‍රතිචාරයක් නොලද්දෙන්...

"අක්කේ....චූටි අක්කේ..."

"ලොකු අක්කේ...අක්කේ මෙන්නෝ...."

ගෙතුල පෙර සේම නිහඬය..මෙලෙස බෙරිහන් දෙන විටෙක වෙනදා මේ තිදෙනාගෙන් එක් අයකු හෝ දුව ගෙන එයි.

නමුත් අද ඔවුන් අත්‍යවශ්‍යම වෙලාවෙ..

ගැරඬියා වහලේ මුදුන් පරාලය දිගේ විත් කුරුළු කූඩුව අසලටම ඇදේ..අප්‍රසන්න කහපැහැ උගේ බඩවත ඉතා පිලිකුල් සහගතය..
එවිටයි මගේ සිහියට නැගුනේ අම්මාත් අක්කලා දෙන්නාත් අපගේ ඥාති අයියා කෙනෙකු විසින් පසු ගිය දිනක අපගේ වත්තේ ගැට ගසන ලද හඳයාට තණකොල කපන්නට යන බව කියා හෝරා කීපයකට පෙර නිවසින් බැහැරව ගිය බව.. මේ වෙලාවෙම මේ ජරා ගැරඬියා 
ආවනෙ...ශිහ්..

කුරුළු කූඩුව තුල කුරුළු පැටව්න් සිටියාද යන්න ගැන හාංකවිසියක් නොදත්තත්..ඔවුන් බේරා ගැනීමේ මහා කර්තව්‍යය මා හිස මත පැටවී ඇත..

මා හනික පිළි කන්න වෙත දිව ගියේ දර මඩුව තුලින් තරමක් දිග උණ බටයක් ඇද ගත්තේය.. සත්තුන්ගෙන් මා හට ඉතාම පිළිකුල් සතා වූයේ සර්පයන්ය..එය බියකටත් වඩා මහත් පිළිකුලකි..එය අදටත් එසේමය..
මේකෙන් අනිනවා ඌට එතකොට ඌ ආයිමත් ගෙයි මහා පරාලෙ දිගේ ආපු පාරෙම යන්නෙ නැතෑ..මා සිතමින් නිවෙස සාලය වෙත පැමිණ කුරුළු කූඩුව දෙස බැළුවෙමි...

ඊහ්...ගැරඬියා තම ඔළුව සහ කඳින් තරමක් කූඩුව ඇතුලට ඔබා ගෙනය.. පරණ මුට්ටියක් අඩියෙන් හිල් කරගෙන පරාල ඇණයක් බිත්තියේ ගසා එය මත මුට්ටිය රඳවා මේ කූඩුව සාදා දෙන ලද්දේ අයියා විසින් වසර ගනනාවකට පෙරය..මෙය වාසස්ථානය කර ගෙන සිටි ගේ කුරුල්ලන් ජෝඩුව අපගේ පවුලේ සාමාජිකයින් බවට පත් වී හමාරය.. මා තවත් ප්‍රමාද නොවිය යුතුයි..

මහත් පිළිකුලින් යුතුව වූවද, මා  සාලය මැදට ගොස් උණ බටය ගැරඬියා වෙත දික් කලෙමි..ඌට ගානක් වත් නැත..උණ බටය දිගත් මදි..තවත් ළඟට ගොස් අහක බලාගෙන වැරෙන් උණ බටයෙන් ඇන්නෙමි...මා අතට ඌගේ රබර් වැනි කඳ උණ බටයේ වදින ස්පර්ශය දැනුනේ ගෙන දුන්නේ මහත් අපුලකි..උඩ නොබලාම තවත් වරක් ඇන්නත් එවර යම් ගන දෙයක තදින් උණ ලීය වැදෙන බවත් යම් වැරැද්දක් වූ බවත් ක්ශණයකින් මට වැටහිනි..

උණ ලීය තදින් කුරුළු කූඩුව වූ මුට්ටියේ වැදී එය රඳවා තිබූ ඇණයෙන් ගැලවී මා අතවූ උණ බටය දෙගේ රූරා එමින් තිබුනේ තවමත් එයට ඔළුව දමා ගෙන සිටි ගැරඬියාද සමඟිනි. මුට්ටිය, ගැරඬියා සමඟ කෙසේ බිමට පතිත වූයේද යන්න මා දන්නේ නැත..ඊළඟ මොහොතේ ම සිටියේ මිදුල මැදය.. මුට්ටිය බිමට වැටී බිඳී සී සී කඩ යනවාත් තුශ්නිම්භූත වූ ගැරඬියා මදක් බල සිට සිමෙන්ති පොළව දිගේ කාමරය වෙත ඇදී යනවාත් මා දුටුවේ නෙත් කොනකිනි..

අම්මා සහ අක්කලා එනතෙක් මා මිදුලේ ගල් ගැසී සිටියා මතකය..

සිද්ධිය ඔවුන්ට කී මා ඔවුන් තිදෙනා පසු පසින්  බියෙන් ගැහෙමින් ගෙතුල පැමිණියෙමි.. මුට්ටියේ කෑලි සෑම තැනම විසිරී තිබුනි..පිදුරු පුළුන් ඈ ආදීයෙන් සාදා තිබූ කූඩුව එක තැනක වැටී තිබුනි.

එය සෙමින් අතට ගත් ලොකු අක්කා විශාල ඉකියක් සමඟම අඬන්නට වූවාය.. සිමෙන්ති පොළව මත කෑලි විසිරී ගිය බිත්තර කටු කීපයකි..

"අනේ බිත්තර හතරක්ම තිබිලා"

"ගැරඬියෙක් ආවද නැත්නම් මෙතන මන්කි නැටුවද දන්නෙ නෑ..උණ ලී අරගෙන"

චූටි අක්කා කී දෙය මට හරියට ඇසුනේ දෙවරක්ම කී විටය..
ඒ කාලෙ රූපවාහිනියේ ජනප්‍රිය ටෙලි නාටක මාලාවක් වූ "මංකි" නාට්‍යයේ මෙන් ලී රැගෙන ඔළුව වටා කරකවමින් මංකි වීම චුටි අක්කාට මහාම මහා කරදරයක් වී තිබුනි.

බිඳී ගිය බිත්තර හතර මෙන්ම මාගේ හදවතද කෑලි කෑලි වලට බිඳී ගොස් තුබුනේ මේ මාගේ ආදරණීය චූචු හා චූචි යනුවෙන් මා විසින්ම නම් තබා තිබූ ගේ කුරුළු ජෝඩුවගේ බිත්තර නිසාය..විශාල දුකකින් හදවත පිපිරෙන්නට එද්දී...

"ආයි දෙකක් නෑ මංකි නටන්න ඇති මෙතන සාලෙ උණලීය කූඩුවෙ වැදිලා බිඳුනහම මෙතන බොරුවට ගැරඬියෙක් අල්ලනවා"

සැක සහිත ඇස් යුවල තුනකට මැදි වූ මා..

"මන් නටපු මංකියෙක් නෑ..බලන්න ගැරඬියා රිංගුවේ කාමරේ ඇතුලට"

මා නිවැරදි කිරීමට සාක්කි සැපයීමට ගැරඬියා කාමරය තුල නොසිටියේය..එනිසාම අයියාගෙන් ටොක්කක්ද තාත්තාගෙන් බැනුම්ද ඇසීමට සිදු වූයේ මටයි..

එම ඇනුම් බැනුම් වලින් මාගේ සිත බිඳක් වත් රිදුනේ නම් නැත..මන්ද යත් එම බැනුම් සඳහා මා වරදක් නොකල බැවිනි..නමුත් ඊටත් වඩා මා සිත් තැවුලට පත් වූයේ මා නිසි ලෙස නොබලා ගැරඬියා යැයි සිතා කුරුළු කූඩුවට ප්‍රහාරයක් එල්ල කල කාරනය පිළිබඳවයි..පසු දින පවා කුරුළු කූඩුව තුබූ තැන පියාසලමින් කෑ කොස්සන් ගසන ගේ කුරුල්ලන් ජෝඩුව දෙස බැලීමටවත් මා හට ශක්තියක් නොතිබිනි. 

එදිනම මා පාසැල් ගොස් ආපසු එනවිට අසල වූ කඩයෙන් ලක්ෂපාන බැටරි හිස් පෙට්ටි කීපයක් රැගෙන විත් එහි පියන පාප්ප ගා අලවා එක් පැත්තකින් තරමක් ලොකු සිදුරක් කපා අක්කා පසෙකට කර තිබූ පරණ කුරුළු කූඩුවේ වූ දෑ එයට දමා පහල ගෙදර ගාමිණීගේ උදව්ද ඇතිව නැවතත් අර මුට්ටි කූඩුව තුබූ තැන  මෙම පෙට්ටි කූඩුව සවි කලෙමි. 
ගෙනා අනිත් බැට්‍රි පෙට්ටි කීපයද එලෙසම සකසා පිදුරු සහ පුළුන් පුරවා නිවසේ තැන් තැන් වල සවි කලෙමි..

"මෙහා දැන් අපිට මේ ගේ කුරුල්ලන්ටම දීලා වෙන තැනකට යන්න වෙයි වගේ"

සැමගේ සිනාවට මා ලක් වූවද පසු කාලීනව මා සැකසූ සියළු කූඩු වල ගේ කුරුල්ලන් ජෝඩු පදිංචි වී පැටව් දමා ඉගීලෙන විට මා විසින් මා කල ඉහත වරදට මාම සමාව දී සිත නිදහස් කර ගත්තෙමි..

ඒ දශක තුනකට එහා අතීතයයි..මෙම අතීතය මා හට ආවර්ජනය වූයේ ඇයි ?

බ්‍රිතාන්‍ය http://www.rspb.org.uk/  හි විද්‍යාඥයකු විසින් 1966 මිලියන 210ක් වෙච්ච කුරුළු ගහනය අද වෙනකොට මිලියන 166 දක්වා අඩුවෙලා තියෙනවා කියලා අධ්‍යයනයකින් සොයන් තියෙනවා කියන වාර්තාව මගේ ඇහැ ගැටුනා..

ඒ අතරිනුත් ගේ කුරුල්ලන්ගෙ ගහනය 2000 ඉඳන් යම් වැඩිවීමක් දකින්න පුළුවන් උනත්..තාමත් 1966 ට වඩා මිලියන 20 තරම් අඩුවෙන් තමයි ගේ කුරුල්ලොත් ඉන්නෙ කියලයි සඳහන් වෙන්නෙ. 

කෑදරකමින් ඉඩම් අල්ලා ගැනීම නිසා කෑම අඩු වීම සහ ලගින්න කූඩු සාදා ගැනීමට නොහැකි වීම වගේම පාර වල් වල වාහන වැඩිවීම කියනා සාධක ගේ කුරුළු ගහනය අඩු වීමට හේතු විදියට සොයන් තියෙන්නෙ.. ඒ කීවෙ බ්‍රිතාන්‍යයෙනෙ..

අපේ ගමේ ගෙවල් වල උනත් ඒ දවස් වල අඩුම තරමේ එක ගේ කුරුළු කූඩුවක් හරි තිබ්බා..ඒත් අද නම් එහෙම නෑ.. උන් කරදරයක් විදියට  සලකලා ගේ කුරුළු කූඩුවක් හදන්න කවුරුවත් පෙළඹෙන්නෙ නෑ.. ඒ නිසාම අධ්‍යයනයක් නොකලත් ඇහැට පේන්නෙ තියෙන තත්වෙ අනුව කීව හැකි ලංකාවෙත් ඉස්සර තරම් ගේ කුරුල්ලො දැන් නෑ කියලා..

මේ ගැන මන් පහු ගිය දවස් කීපෙම මගේ යාළුවො කීප දෙනෙක් එක්කම කතා කලත් එක්ක.. ඒ ගොල්ලන්ගෙන් එක අයෙක්..

"අපෝ ඕනි තරම් ඉන්නවා මචන් අර උඹ ගිය වෙලාවක අර බස් ස්ටෑන්ඩ් එකට පලයන් ගිහින් ටිකක් වෙලා බලන් හිටහන්.."

ඒක ඇහුවහම මටත් සතුටුයි..ඊයේ හැන්දෑ කරේ මන් ටවුමට ගියේ ඔය පේමන්ට් එකට ඇවිත් තියෙන අළුත් ගැජට් බැජට මොනාද කියලා බලන්නයි..හරි හමන් එකක් නොතිබිච්ච නිසාම මන් පොඩ්ඩක් ගියා බස් ස්ටෑන්ඩ් එකට.. වෙනදා වගේම සෙනඟ පිරිලා..එහාට මෙහාට දුවන් නා නා ප්‍රකාර මිනිස්සු !

මාත් පොඩ්ඩක් ඉඩ තියෙන බංකුවක ඉඳගෙන පොඩ්ඩක් වට පිට බැළුවෙ මේ යකා කීව ගේ කුරුල්ලො කොයි කියලයි..කපුටො කීප දෙනෙක් නම් එහෙ මෙහෙ පියාඹා පියාඹා හිටියා.. 

මන් දිහා හොඳින් බැලූ තරමක කඩවසම් තරුණයෙක් මාත් එක්ක හිනා උනා..මතකයේ රැඳිච්ච මුහුණක් නොවුනත් මමත් පොඩ්ඩක් හිනා උනේ  ඉතින් ඕකට වියදම යනවයෑ කියල හිතලයි.. ටික වෙලාවකින් මන් ළඟ හිටි කෙනා නැගිටලා ගියා විතරයි අර කී තරුණයා මන් ළඟට ඇවිත් ඉඳ ගත්තෙ සිනා වෙමින්..මන් ආයිමත් වට පිට බැලුවෙ.. කෝ යකෝ ගේ කුරුල්ලො ? සිතමින්..

"අයියා කවුරු හරි එනකන්ද ඉන්නෙ ?"

තරුණයා තම හඬ අවදි කලා.. 

"ආ ඔව් ඔව්.."

මාත් බොරුවක් කීවා.. අර තරුණයා තමන්ගෙ අතේ තිබ්බ පත්තරය දිගෑර ගෙන බලන්න ගත්තෙ.. මිනිහගෙ එක අතක් මගෙ කකුල උඩ..
පොඩි ඉඩක මාත් එච්චර කතා කරන්න කැමැත්තක් නොදක්වපු නිසා තමයි මිනිහා පත්තරේ දිගෑර ගත්තෙ කියලා මන් හිතුවත්...

ටික වෙලාවකින් මට තේරුනා මොකටද එන්න හදන්නෙ කියලා.. මේ ගෙන්දගම් පොළවේ අවුරුදු 22ක් ගත කරපු මට යමක් තේරෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ..

මට එක් වරම කේන්තියක් හිතට ආවත්.. 
හ්ම්ම්ම්ම් මේක මේ තරුණයාගේ වරදක් නෙවෙයි..මේත් තවත් එක ජීවන රටාවක් තමයි..මන් අකමැති උන පලියට ඒක වැරැද්දක්ය...පිටු දැකිය යුතුය..තලා හෙලා කතා කල යුතුය..කියන හැඟීමක් මගේ හිතේ ඇති උනේ නෑ..ඇති වෙන්නෙත් නෑ..බොහෝමයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විදියට මට නම් පිළිකුලක් ඇති උනෙත් නෑ. නමුත් මේක වැඩිදුර යන්න ඉස්සර මන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා මිනිහගෙ කනට කරලා කීවා..

"මල්ලි වෙන කෙනෙක් බලන්න මන් නම් මේකට කැමති නෑ.."

කියලා...

මිනිහත් ඒක බොහොම හොඳට තේරුම් අරන් තව ටිකක් ඉඳ ගෙන ඉඳලා එතන හිටි අනිත් අයට වෙනසක් නොතේරෙන්න නැගිටලා ගියා..

එක එක අයගේ විවිධ රුචි අරුචි කම් ඉවසා දරා ගෙන ජීවත් වෙන එක තමා අද සමාජයේ තියෙන හොඳම දේ කියලයි මගේ පුද්ගලික අදහස නම්.. හැබැයි මේ වගේ වෙනස් රුචියක් තියෙන අය මෙහෙම හිනාවෙලා කාටත් නොදැනෙන්න අරෙහෙ මෙහෙ අත ගාන්න, මිරිකන්න , පහුරු ගාන්න එන්නෙ නැතුව... හිනා වෙලා කතා කරලම අහනව නම් මන් මෙහෙමයි ඔයාත් එහෙමද කියලවත්... මට මුලින් ආපු ක්ශණික කේන්තියවත් එන එකක් නම් නෑ කියලයි මට හිතුනේ.. එහෙම උනා නම් මටත් කෙලින්ම කියන්න තිබ්බා මගේ රුචිය ගැන..

මන් තව ටික වෙලාවක් හිටියත් දැකපු ගේ කුරුල්ලෙක් නම් නෑ..
මන් මේ සිද්ධියත් එක්කම මට අර බස් නැවතුමේදි ගේ කුරුල්ලො බලන්න යෝජනා කරපු යාළුවට කීවම,

"ඉතින් මන් බොරුයෑ කීවෙ උඹ ලඟ ඉඳගෙන තියෙන්නෙ ගේ කුරුල්ලෙක් තමා"

"!!@#$%$%^^ ^*&@#$#@$$%%& $##%#@@"

හොඳ වෙලාවට මන් කීව එව්වා ඇහුනෙ මගේ යාළුවට විතරයි..

මට තාමත් දුක අපේ ළමා කාලේදි අපිටම ලං වෙලා හිටි මේ ගේ කුරුල්ලො අද දකින්න අඩු එක තමයි..

ඔය ගොල්ලොත් ඒක එහෙමම දකිනවද ?



ප.ලි. 
මේ පෝස්ට් එකෙන් පස්සෙ මන් සතියකට හමාරකට ආයි මුකුත් නොලියා ඉන්නයි ඉන්නෙ. මොකද අච්චාරුවක් උනහම ඒක හදලා ටික කාලයක් පදම් වෙන්න වහලා තියන සිරිතක් තියෙනවනෙ..එතකොට තමයි ඒකෙ තියෙන ඒවා හොඳට විනාකිරි වලින් තැම්බිලා රසට එන්නෙ..ආන් ඒ වගේ...

මන් බ්ලොග් කියවන සති 2ක් තමයි ඉස්සරහට යෙදිලා තියෙන්නෙ ඕන් !


Wednesday, November 21, 2012

පුද්ගලික රහස් පරීක්ෂක කතා මාලාව කොටස් අංක 1 අවසාන කොටස Criminal Tech Kestrel 01-02

මෙම රහස් පරීක්ශක කතාවේ පළමු කොටසට මෙතනින් 






එම තීරණාත්මක දිනය උදා විය..

උදෑසනම ඇටි කුකුලන් බුහ්ග් ගාන හෝරාවේ අවදි වූ  රහස් පරීක්ශක තරුණ කෙළෙඹි පුත්‍ර තෙමේ..තමාගෙ ඔටුලන්තයේ සිටි මිත්‍ර පිරිස විසින් එවන ලද රහස් පරීක්ශක උපකරණ ගොන්න පිරික්සන්නට පටන් ගති..

"ගුඩ් මෝනිං සර්.."

ඇසින් කබ කඩමින් ඔහු ප්‍රාදුර්භූත වූයේ රූපලාවන්‍යාගාරයේ ආශ්‍රය අත්හැරීමත් සමඟ වැහැරී යන රූ සපුවෙන් යුත් තම සහායිකාව වූ ඩයනායි..

"ගුඩ් මෝනිං..එහෙනම් ඔයා නාලා කරලා එන්න මේ ගැජට් ටික වැඩ කරන හැටි ඔයාත් බලාගන්න ඕනි හොඳට.."

තනිවම නිදහසේ බිම තප්පලන් ගසා ගෙන  සිටිමින්වූවද හනික තම ඇඳුම් නිසි ආකාරයෙන් සකසා ගනිමි ඔහු තම සහායිකාවට උපදෙස් දුන්නේය..

"හා සර්..මන් ආසයි ඔය ගැජට් හරියටම පාවිච්චි කරන්නෙ කොහොමද කියලා බලන්න"

තවත් හෝරාවකින් පසු උදෑසන ආහාරය ලබා ගත් ඔවුන් දෙදෙනා වහා කාමරයට ගොස් දොර වසා ගත්තේ ගැජට් පිරික්සීමේ  අරමුණින්ම පමණි..

නා නා ප්‍රකාරයේ තිර (Screen) , වයර්, කුඩා පරිගනක, රහස් වීඩියෝ සහ ශබ්ද පටිගත උපකරන ආදී උපකරණ රාශියක් ඇඳ මත හෙලූ ඔවුන් දෙදෙනා එකින් එක ගෙන පිරික්සන්නට වීය..

"මේ මොකද්ද සර් ?"

බැටන් පොල්ලක් මෙන් වූ දිගු උපකරණයක් අතට ගත් ඩයනා විමසුවාය. එහි එක පසෙක කවුළුවක් බඳු සිදුරක්ද ක්‍රියාත්මක කිරීමට ස්විචයක්ද වීය.. ඒ සමඟ වූ ක්‍රියාකරවීමේ පොත් පිංච අතට ගත් රහස් පරීක්ශක තෙමේ..

"ආ මේකෙන් කරන්නෙ සැක කටයුතු දේවල් පෙන්නන එක..කියන විදියට නම් මේක ක්‍රියාත්මක කරපු ගමන් මේ හිලෙන් එලියට එන පොඩි අඬුවක් වගේ එකක් ඒකට පුළුවන් අවට තියෙන දේවල් වලින් වැඩියෙන්ම භයානක දේ තේරුම් අරන් අල්ලලා දෙන්න..බලන්නකෝ තාක්ශනේ දියුණු වෙලා තියෙන හැටි.."

"අපි ඕක ඔන් කරලා බලමු සර්..මෙතන තියෙන භයානකම දේ ඉතින් සර්ගෙ පිස්තෝලෙනෙ..ඒක අපි අතන මේසෙ උඩින් තියමු..මෙතන ඉඳන් ඕක ඔන් කරහම ඒක අපිට පිස්තෝලෙ පෙන්නයි"

"හරි, එහෙම කරමු"


"කෝකටත් අපි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා මේක ඕන් කරමු.."

ක්‍රීස් ක්‍රීස්..ගාමින් සර්පයකුගේ හිසක් මෙන් එලියට පැමිණි අඬුවක් වැනි යමක් කාමරය හාත් පසම බලන්නාක් මෙන් වට කීපයක්ම තම හිස කරකවන්නට වීය.. බැටන් පොල්ලක් මෙන්වූ යන්ත්‍රයද විවිධ හඬ නඟමින් ක්‍රියාත්මක වූයේ..අර අඬුව එකවරම පෙරකී කෙළඹි පුත්‍රයාගේ කලිසම තුලින් රිංගා අතුරුදහන් වූයේ ක්ෂණිකවය.. කටස් යන හඬක් සමඟම වේදනාවෙන කෑ ගසන ශබ්දයත් සමඟම ඔහු වහා නාන කාමරය තුලට දිවගොස් දොර වසා ගති.. සහායිකාව වූ ඩයනා සියල්ල දුටුවේ මුත් එය හොඳින් බලා ගැනීමට නොහී දෑතින්ම තම දෑස වසා ගත්තීය. 

වසා ගත් නාන කාමරය තුලින් ඈ සවන් පත් මත පතිත වූයේ ඈ තම ජීවිත කාලයම නොඇසූ තරමේ පාරිශුද්ධ සිංහල වචන වැලකි.. ඈ වහා දෑස පියා ගනිමින් තම දෑතින්ම සවන් වසා ගත්තීය..

මද වෙලාවකින් සියල්ල යහපත් අතට හැරුනු බැව් සැක හැර දැන ගත් ඈ..

"සර්..සර්. මොකද උනේ ? තුවාලද සර්ට "

"නෑ නෑ මන් ටිකකින් එන්නම් එතකන් ඔයා ඔය අනිත්වා බලන්න"

"සර් මේ පොඩි කම්පියුටරයක් වගේ එකක් තියෙනවා..මන් ඔන් කරන්නද ?"

"හා හා ඔන් කරන්න"


"ආනේ සර්.. මේකෙන් බිත්ති වලින් එහා තියෙන ඒවත් පේනවා.. හැබැයි පේන්නෙ රතුපාටට හෙවනැල්ලක් වගේම තමයි සර්..."

"ආ ඕක ඔය අධෝරක්ත කිරණ වලින් ක්‍රියාත්මක වෙන එකක්..ඒකට පුළුවන් බිත්තියක් එහා උනත් තියෙන දේක උෂ්ණත්වය අඳුනා ගෙන අපිට ඒකේ මූමන්ට්ස් පෙන්නන්න"

"ආ සර්වත් පේනවා සර් මොකද ඔය කරන්නෙ අත් දෙකෙන්ම අල්ලා ගෙන?"

"ඈහ් ? ඔන්න ඕකෙන් ඔය අල්ලපු කාමරේ බලන්න ඩයනා"


"ආආආආආආහ් අනේ සර් එන්න එන්න ඉක්මනට එන්න...අල්ලපු කාමරේ..."

"ඇයි ඇයි..මොකද වෙන්නෙ අල්ලපු කාමරේ? ඉන්නම් මන් ඉක්මනට ප්ලාස්ටරයක් ගහ ගෙන එන්නම්"

"සර් සර් අල්ලපු කාමරේ පිටසක්වල ජීවියෙක් ඉන්නවා ඇඳ උඩ..අනේ ඉක්මනට එන්න"

ඔහු  සැක කටයුතු දේ අල්ලා දෙන උපකරණයද රැගෙන හනික ආවේ ඩයනා අත වූ මොනිටරය වෙත ලං වූවාය.




"මේ බලන්න මේ බලන්න සර්.. අමුතුම සතෙක්.. මේ මේ ඇඟේ දෙපැත්තේම ඔළු දෙකක්..ඒ වගේමයි ඇඟේ දෙපැත්තටම අත් දෙක ගානෙයි කකුල් දෙක ගානෙයි තියෙනවා..අනේ සර් අපි රිසෙප්ශන් එකට කියමු සර්..මේ මේ ඔළු දෙකම හෙල්ලෙනවත් එක්ක"

"ඔන්න ඔය මඟුල වහලා දානවා ..මේ යක්කු මහ දවාලෙත් 69...අනේ මන්දා ? දැන් ඔයා ගිහින් නිදා ගන්න..අද රෑම නිදි මරන්න වෙයි.මේ ඉන්වෙස්ටිගේශන් එකට..අනිත් ගැජට් ටික අපි පස්සෙ බලමු"


"මොකද්ද සෑර් 69 කීවෙ ? ඒකත් රහස් පරීක්ශන වැඩ වලට ඕනි වෙන එකක්ද ?"

"යනවා ඕයි යන්න තමුන්ගෙ කාමරේට මන් ඒක පස්සෙ කියලා දෙන්නම් "



සන්ධ්‍යා කාලය එළඹිනි..ඔවුන් දෙදෙනාම මහත් වෙහෙසක් දරා අද දින අවාසනාවන්ත සිදුවීමකට මුහුණදීමට  බොහෝ ඉඩකඩ ඇති මව සොයා පැමිණ ඈ හට බොහෝ උපදෙස් දුන්නේ. ඈද මහත් කෘතඥපූරවකව අවසානයේ මෙසේ පැවසුවාය..

"ඈ යකෝ මට දොට්ට පිලට එලියට යන්න එපා කියන්න ආපු බොලාලා දෙන්නා කවුද බොල ? මගෙ මිනිහ සෝමෙවත් මට ඒ කාලෙ දොට්ට පිලට යන එක ගැන සීමා මායිම් පනවන්න ආවෙ නෑ.. දුපියව් දෙන්නම මන් ඉලපොතක් ගන්න ඉස්සර!"



ජයග්‍රාහී සිතින් ඔඩ වැදුනු රහස් පරීක්ශක තෙමේ සහ සහායිකාව රාත්‍රිය එළඹෙත්ම රාත්‍රියට සුදුසු කළු පැහැ ඇඳුම් ලා ගෙන අවසන් වතාවට තම සැලසුම ආවර්ජනය කරන ලද්දේ..

"ඩයනා මේක අපේ පළවෙනි මිෂන් එක..වැඩේ සාර්ථකව කෙරෙන්න ඕනි.. බය වෙන්න එහෙම එපා.. අපිට මේක කරන්න පුළුවන්"

"ඔව් සර්.. මාත් පොඩ්ඩක් එක්සයිට් වෙලා ඉන්නෙ ඒත් අපිට මේක කරන්න්න පුළුවන්..මේ වගේ තීරණාත්මක වෙලාවක සර්ට මොනාද හිතෙන්නෙ සර් ?"


"වෙන මොනාද ඩයනා ඔයාට හිතෙන දෙවල්ම තමා"

"ඊයා සර් නම් හරිම වල්..මන් යනවා යන්න..මේ වෙලාවෙවත් ඕවා නොහිතා ඉන්නකො සර්"

"හරි හරි එහෙනම් මන් යනවා අර ආච්චිගෙ ගෙදර රැකවල් දාගෙන ඉන්න..ඔයා යන්න අර සැක මිනිහගෙ  ගෙදර පිලිකන්නට වෙලා ඉන්න..මිනිහා කොයි යම්ම වෙලාවක හරි එලියට එයි..මිනිහට නොදැනෙන්න ඔයාත් පස්සෙන්ම එන්න..අපි හරියටම මිනිහව අල්ල ගන්නෙ..මේ ආච්චිගෙ ගෙදරට එන ඉස්තෝප්පුව පැත්තට ආවහමයි..නැත්නම් මිනිහා වෙන මොනාට හරි ආවා කියලා ගැලවෙන්න හදයි.."

"හරි සර් එහෙම කරමු එහෙනම්"


"හරි ඩයනා එහෙනම් මේ ගැජට් එක තියා ගන්න..මේක මිනීමරුවා දිහාවට එල්ල කරලා මෙන්න මේ ස්විච් එක ඔබන්න..එතකොට මේකෙන් මිනිහට හෙල්ලෙන්නවත් බැරි වෙන්න මොකද්ද වෙනවළු කියලයි පොතේ තිබ්බෙ.."

"එතකොට මට ඉස්සෙල්ලා සර්ට මිනීමරුවා හම්බ උනොත්?"

මන් ළඟ තියෙනවා මේ කුණු දාන ලොකු සිලි සිලි බෑග් එක ඒක ඔළුවට දාලා මන් අල්ල ගන්නම් .."

හෝරාවෙන් හෝරාව ගෙවී යද්දී රහස් පරීක්ශක තෙමේ අසල වූ කෙසෙල් පඳුරට මුවාවී දෙනෙත් නොපියා බලා සිටියේ ඔහුගේ ශාස්ත්‍රයේ වූ පරිදි කොයියම්ම මොහොතක හෝ මිනීමරුවා අසල වූ කොස් ගස අසලින් මතු වන තෙක්ය..

සඳ රාජිනිය වලාකුළු පසු කරමින් තම සුපුරුදු ගමනේ යෙදී උන්නාය.. එක්වරම ඈ තම සළු අළුතින් ඇඳ පැළඳ ගැනීමටදෝ විශාල කළු වළාකුළකට මුවා වූයේ අවට ලෝකයා මඳ අඳුරේ තබමිනි. වෙහෙස නිසාමදෝ දෑස පියවී දෙනෙත් හරිනවාත් සමඟම ඔහු දුටුවේ මදක් විවර වූ දොර තුලින් කුප්පි ලාම්පුවක්ද රැගෙන එළියට බසින ඉහත කී ආච්චීය..

කොස් ගසට මදක් එහායින් වූ අඹ ගසේ සෙවනැල්ල අතරින් යමකු මුවා බව අපගේ රහස් පරීක්ශක ගේ තියුණු දෙනෙතට ලක් වූයේ ඔහු සෙමින් සෙමින් ශබ්ද නොනැගෙන සේ..එදෙසට ගමන් කරන්නට වූයේ තම අත තිබූ විශාල හිස්  කුණු බෑගයද සූදානම් කර ගෙනය.. මද සුළඟ නිසා ගස් වල අතු රිකිලි සර සර හඬින් සෙලවීම නිසා තම අත වූ බෑගයේ සිරි සිරිය එයට යටපත් විය.. ආච්චි කොස් ගස පාමුලට පැමිණියේත් අඹ ගස මුල සිටි තැනැත්තා ගේ යම් ක්‍රියාකාරීත්වයක් දුටුවේත්..එදෙසට පිනූ අප තරුණයා තම අත වූ විශාල බෑගය මිනීමරුවාගේ හිසේ සිට පහලට දමා වැරෙන් ඔහුව බිම පෙරලා ගත්තේත් එක විටමය.

ආච්චි ශුද්ධ සිංහලෙන් ජාතිය අමතද්දී ඔහු වහාම තම අතවූ තන්ගුස් ලණුවෙන් සැකකරුව කිටි කිටියේ වෙලා දැමීය...

"ආච්චි කෑ නුගහ ඉන්න..ආච්චිගෙ මිනීමරුවා අපි අල්ලා ගෙන ඉන්නෙ..ඉක්මනට ගමේ අයට එන්න කියන්න"

ආච්චීද සිහි එළඹ ගත්තේ කොවුලෙක් මෙන් කී කුණුහරුප වලින්ම තම අසල්වාසීන්ට අමතමින් ඔවුන් එතනට ගෙන්වා ගත්තේය..

මොහොතකින් පොලීසිය, මාධ්‍ය ඒකකයක් සහ ගම්මු එම ස්ථානය වටලා ගත්හ..පොලීසිය නොවන්නට මේ වන විටත් මිනීමරුවා ගම්වාසීන්ගෙන් අවසන් ගමන් යන්නට ඉඩ තිබිනි..



සියල්ලන්ගේම ප්‍රශංශා මධ්‍යයේ...

"එහෙනම් අපි බලමු කවුද මිනීමරුවා කියලා ?"

සියල්ලෝම ඇසි පිය නොහෙලා බලා සිටී.. මාධ්‍ය කැමරා සියල්ලම සූදානම්ය..

සෙමින් මිනීමරුවා වෙත ලං වූ අප රහස් පරීක්ශක තෙමේ.. සැකකරුගේ මුහුණ වැසී තිබූ කුණු බෑගය ඉරා ඉවත් කලේය... අකුණු  ගසන්නාක් මෙන් කැමරා ෆ්ලෑශයන් දහසක් දැල්වෙද්දී ඔහුද මිනීමරුවාගේ මුහුණට එබිකම් කලේය..

"ඈහ්..මොනවා ඩයනා ඔයා ?????"

පහත දැක්වෙන්නේ වාර්තාකරු විසින් අතිශය වෙහෙසක් දරා තම අභ්‍යන්තර හා බාහිර සම්බන්ධතාවයන් සියල්ලම උපයෝගී කර ගනිමින් තම ඥාතියකුගේ නිවසේ නැවතී හුන් ඩයනා සේකරසිංහ නම් වූ යුවතිය සමඟ කරන ලද සාකච්ඡාවේ හඬ පටයෙන් ලබාගත් සංවාදයයි.


ලියන්නා - එතකොට ඩයනා ඇත්තටම එදා රෑ මොකද්ද උනේ ?

ඩයනා - අනේ මිස්ටර් ලියන්නා මේ කියන දේවල් ඔයාට විතරයි කියන්නෙ..ඔයා වෙන කාටවත් එහෙම කියන්න එපා..ඒ විශ්වාසෙ මත තමයි මන් ඕන් ඔයා එක්ක කතා කරන්න උනත් කැමති උනේ හොඳද ?

ලි - කියන්න ඩයනා මන්  කටේ කෙල බිඳක් හෙලන්නෙ නෑ මේ ගැන..අනික කාට කියන්නද ආයි..මන් හරි ඉන්ටරෙස්ටිං මේ කතාවට ඒකයි..

ඩ - මන් එදා සෑහෙන්න වෙලාවක් බලන් හිටියා අර අපේ සැකකාරයගෙ ගේ දිහා..කිසිම හා හූවක් නෑ.. බලා හිටියා බලා හිටියා ම්ම්ම්ම්ම්හ්හ්හ්හ් කිසිම හෝඩුවාවක් නෑ


ලි - ඉතින් ඉතින් 

ඩ - අන්තිමේ බැරිම තැන ම නැගිටලා එන්න හදන කොටම අර අපි  සැක කරපු මනුස්සයා ගෙදර දොරත් ඇරගෙන එලියට ආවා..

ලි - නෑහ් ?

ඩ - නෑ නෙවෙයි ඔව්.. මාත් සූදානම් ශරීරෙන් හිටියා..මන් හිටි ගහ ළඟටම ඇවිත් චූ කරලා ආපහු ගේ ඇතුලට ගියා..

ලි - හික්ස්

ඩ - හිනා වෙන්න එපා අනේ.. මන් ඒක කියන්න සර්ව හොයන් අර ආච්චිගේ ගෙදරට ගිහින් බැලුවා සර් කොහෙද කියලා එතන තිබ්බ අඹ ගහට  මුවාවෙලා. එතකොටම තමයි අර ආච්චි දොට්ට පිලට යන්න එළියට බැස්සෙ..


ලි - ඊට පස්සෙ උනේ මොකද ?

ඩ - හතර විලි ලැජ්ජාවයි.. හැමෝම අපිට බැන්නා.. පොලීසියෙන් කියලා සර්ගෙ කොම්පැණියෙ ලයිසන් එක මාස තුනකට අත් හිටෙව්වා..ගම කලබල කලයි කියලා

ලි - අපරාදේ ඔයාගෙත් පලවෙනි ජොබ් එක නේද ? සර්ව හොයා ගන්නත් නෑ නේද ඒකෙන් පස්සෙ.. දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද ?

ඩ - සර් ඉන්නවා ටෙලිෆෝන් නම්බර් වෙනස් කරා..මාස තුනකින් පස්සෙ අපි ආයිමත් වැඩ පටන් ගන්නවා..එතකන් සර් මට මේ ෆිල්ම් ටික බලන්න කීවා 

ඈ X Files  ටෙලි චිත්‍රපට මාලා 11ම මට පෙන්වමින් පැවසුවාය.


ලි - එතකොට මේ මාස තුනට ඔයාට පඩි ?

ඩ - මට මාස තුනටම පඩි ගෙව්වා..

ලි - කොහෙන්ද සර්ට සල්ලි ? කරපු වැඩෙත් අසාර්ථකයිනෙ

ඩ - අර ඔටුලන්තෙන් එවපු බඩු වලින් භාගයක් විකුන්නා

ලි - අපරාදෙ ඒවා හරි වටින ගැජට් වගයක් නේද ?

ඩ - මොන ඒ ඔටුලන්තෙ ඔය ටීවී ෆ්‍රිජ් වගේ එව්වා සල්ලි දීලා ගන්න කොට නිකන් ෆ්‍රී දෙන එව්වළු..ඔටුලන්තෙ යාළුවො වටිනවා කියලා තමයි සර්ට දීලා තියෙන්නෙ..

ලි - හරි එහෙනම් අන්තිම ප්‍රශ්නේ මේන්.. මට හරි කුතුහලයි ඔයා හරිම ශ්‍රේෂ්ඨ විදිය අර හෝටලේ සේරම අයව බේරා ගෙන තියෙන්නෙ..එතන විස්තර තිබ්බා කොලය ගලවලනෙ..ඒක කවුරු ළඟද ?

ඈ ලැජ්ජාවෙන් රතු වෙමින් ඇඹරෙන්නට වූවාය..

ඩ -  ඒක මන් ගලවා ගත්තේ..මන් ළඟ තියෙනවා..

ලි -  ඒක මට දෙන්නකො බලලා දෙන්නම්

ඩ - ඒක ඔයාට පෙන්නවද කියලා මන් පොඩ්ඩක් හිතලා බලන්න ඕනි ලියන්නා..බලමු බලමු ඉස්සරහට එන විදියක් බලලා මන් ඒක දෙන්නම් ඔයාට.. අනේ තරහ වෙන්න එපා..

ලි - පිස්සුද අනේ ඔයා එක්ක තරහ වෙන්නෙ..මෙච්චර දේවල් කියලා දීපු නිසා ඉස්සරට වඩා යාළුයි..

අවසානයි . 
( දැනට  අවසන් එන එන විදියට ගහ උළුවස්සා කියනවනෙ )

ප.ලි. මෙහි එන සියළු චරිත ප්‍රදේශ , රටවල් හෝටල් ගෙවල් දොරවල් මෙන්ම ගස් කොලන් පවා මනඃකල්පිත ඒවා බවද දැනට ජීවත් වන කිසිවකුට ඒවා අදාල නොවන බවද කරුණාවෙන් සලකන්න..




























Monday, November 19, 2012

පුද්ගලික අපරාධ විමර්ශන ඒකකය අපරාධ විමර්ශන ගොනුව අංක 01 Criminal Tech Kestrel - 01


ලෝකයේ වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ශණික රැල්ලත් සමඟම ලෝකය එක ගම්මානයක් බවට පත්වීමේ ගෝලීය ගම්මානකරනය වීමත් සමඟම සිදු වූයේ ඉහල තල වල තුබූ රටවල අවර ගනයේ  සංස්කෘතීන් එම රට වල තිබුනාටත් වඩා දරුණු ලෙස කුඩා රට වල පැලපදියම් වීමයි. නීතිමය රාමුවකින් ආරක්ශා කරනවාට වඩා සදාචාරාත්මක ඇගයීම් ක්‍රම වලින් ආරක්ශිතව තිබූ මානව ක්‍රියාකාරීත්වයේ අවර ලක්ෂණ මෙම කුඩාරටවල සියල්ලම අභිබවා මහා ඛේදවාචකයක් වන්නට වීය..

මෙවන් තත්වයකට මුහුණ දුන් කල්පිත රාජ්‍යයේද පෙර නොවි විරූ ලෙස අපරාධ රැල්ලක් කුණටුවක් මෙන් ජන ජීවිතය වනසමින් ඇදෙන්නට වීය
වසර 30 තිස්සේ ඕනෑම රටක් මුහුණ දෙන සිවිල් කලබලකාරී තත්වයන්ට සහ දෙවරක් පමණ රටේ අභ්‍යන්තරයේම මතු වූ කැරලි දෙකකින් රට කැළඹී නැවතත් සන්සුන් වන කාල පරිච්ජ්ඡේදයකදී සිදු වූ මෙම සිදුවීම හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස සංඛ්‍යාංකකරණය කිරීමට අවසර දෙන්න මා සුහද, සුහදිනියනි...

කුඩා කල සිටම අපරාධ විමර්ශන ක්‍රියාදාම චිත්‍රපට හා ටෙලි සිනමා සිත්තම් නැරඹීමෙන්ද පුවත් පත් , පොත් කියවීමෙන්ද මහත් ආශ්වාදයක් ලත් කෙළෙඹි පුත්‍රයෙක් එක් නුවරක වාසය කරන්නේ වම්හ..

රට පුරා හතු පිපෙන්නාක් මෙන් නැගී යන ධාන්‍ය මිනීමැරුම් Serial Killer  පිළිබඳ ඔහුගේ සිත විකල් වන්නේ..ඔහු වඩ වඩාත් එය පිළිබඳ දැනුම වඩා ගන්නේ..යම් අනාගත අභිලාෂයක් සිතේ තැන්පත් කර ගෙන බව ඔහුගේ සමීපතමයන් දුටුවාත් නොදුටුවා මෙන් සිටියෝය..

නමුත් දිනක් එ තෙමේ පොළට ගොස් ආපසු පැමිනෙන්නේ නා කපන වැස්සේ තෙමි තෙමී බැවින්දෝ එදින සවසම තම අභිලාසය කූඨප්‍රාප්ත කර ගැනීමට අවශ්‍ය පිඹුරු පත් ඇන්දේ..පසු දිනම සයිබර් අවකාශයේ තම අභිලාසය වූ පුද්ගලික රහස් පරීක්ෂක සේවාව ඇරඹීම සඳහා අවශ්‍ය සන්නිවේදන කටයුතු ඇරඹුවාවම්හ...

අවශ්‍ය ප්‍රථම සහායිකාව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ශණයට පැමිණි සිය ගණන් තරුණියන් අතුරින් ඔහු තෝරා ගත් විසි දෙහැවිරිදි තරුණිය නමින් ඩයනා සේකරසිංහ නම් වීය..

ඈ එතරම් සුරූපී හෝ ඇහැට කනට නොපෙනෙන තරුණියක් නම් නොවූවාය.. 

ඇගේ නම නිසාත්..එසේම පසුවට පැමිණෙන පරීක්ශණ  කටයුතු බොහෝමයක විමර්ශනය කිරීම් වලට රාත්‍රී සංචාර බොහෝ සිදු වන බැවින් එම තරුණිය තෝරා ගත් බව පසුව අනාවරණය වූවත්..

"ඉන්වෙස්ටිගේශන් කිරිල්ල පැත්තක තියලා මට වෙන්නෙ මගේ ඇසිස්ටන්ට් ව පරිස්සම් කරන්න අර ආපු අනික් සුකුරුත්තන් වලින් එකක් බඳවා ගත්තනම් එහෙම"

තම මිතුරන්ට කිවූ එම වදන් නිසාම ඔහු තුල වූ අනාගත ව්‍යාපාරික දැක්ම හා මෙහෙවර ප්‍රකාශය මොනවට ඔප්පු වීය..

දැඩිව තිබූ අපරාධ රැල්ල මැඩීමට රාජ්‍ය ආරක්ශාව යටතේ ක්‍රියාත්මක වූ බල ඇණි ප්‍රමාණවත් නොවූයෙන් ඔහුට ඉතා පහසුවෙන් තම පුද්ගලික අපරාධ විමර්ෂන ඒකකය ලියාපදිංචි කිරීමට හැකි වීය..

මාසයකට පමණ පසුව තම සහායිකාව වූ ඩයනා සේකර සිංහ තම කාර්‍යාලයට කැඳවීය..

ඈට දී තිබුනේ උදෑසන 9 වනවිට තම කාර්‍යාලය සහ නිවහන වූ ස්ථානයට පැමිණෙන ලෙසය..

නමුත් 9.15 පමණ වන විට ඔහු පැමිණීමට ඔහු හමුයේ ප්‍රාදුර්භූත වූයේ කවුද ?

සුරූපී නිලියක් බඳු ඉතා ලාස්සන තරුණියකි. නවීන ඇඳුම් ආයිත්තම් වලින් සැරසුනු බටහිර ඌරුවට විශාල අව් කණ්නාඩි දෙකක් සහ නිවසේ තිබුනු සියළුම අත් බෑගයන් වූ අත් බෑග් හත අටක් තම දෙවුරේම රඳවා ගත් ඇස් පිය සලන බැවින් සුරඟනක නොවන බැව් පෙන්වමින් ඈ මේ කෙළඹි තරුණයා ඉදිරියේ පෙනී සිටියාය..

"මේ මේ මේ...අපි පස්සෙ හම්බ වෙමු නංගි..මන් මේ වෙලාවෙ මගේ ඔෆිස් එකේ පොඩි ඉන්ටවීව් එකකින් තෝරා ගත්ත මගේ ඇසිස්ටන් එන කම් බලන් ඉන්නෙ..නංගි ෆ්‍රී වෙලාවක මට කෝල් එකක් දෙන්නකෝ මෙන්න මගේ කාර්ඩ් එක"

"අයියෝ සර් මන් නෙ ඩයනා සේකර සිංහ මාව අඳුරා ගන්න බැරි උනාද සර්ට .. මන් තමයි..."

අනේ ශෝකාන්තය එලෙස ආරම්භ වෙද්දී ඊළඟ මොහොතේ දර්ශනය වූයේ ක්ලාන්තය සෑදී තම පුටුව මත පතිත වූ සේවාදායකයාට පවන් සලන තම සහායිකාවයි..

දෙතුන් වරක්ම සිහිය ලදත්..ඈගේ වත දෙස බලා නැවත නැවතත් සිහිසන්වූ මේ කෙළඹි පුත්‍රයා අවසානයේ තම සිහිය නගා සිටුවා ගත්තේය..

"මොකද්ද ඩයනා මලහත්තිලව්වේ ඔයාට උනේ ? මාසයකට උඩදි හිටි ඔයා නෙවෙයිනෙ මේ "

"ඇයි සර් මන් බැංකු ණයක් දාලා ගිය මාසෙම බියුටි සැලූන් එකක පදිංචි වෙලා හිටියේ.. සර්ගෙ ඇසිස්ටන් උනහම ලාක්සනට ඉන්න එපාය..අපේ අම්මත් තාත්තලත් කැමති උනා.."

බැඳ ගත් බෙරය දැන් කෙසේ පසෙක තබම්දෝහෝයි සිතමින් රැකෙම්වා මියෙම්වායි සිතා මේ කෙළෙඹි පුත්‍රයා තම අනාගත ලෝකයට මේ සකල සුකුරුත්තම සමඟම යම්හයි තම සිත සදා ගත්තේ...

""හරි නංගි අපි දැන් මේකට හොඳ නමක් දාන්න ඕනිනෙ..දැන් බලන්න සීඅයිඩී..එෆ්බීඅයි..කේජීබී..ආන්න ඒ වගේ නමක්..දිග නම අකුරු තුනකින් කෙටි කරලා කියන්න පුළුවන් වෙන්න ඕනි..ඒ නම මිනිස්සුන්ගේ ඔළුවෙ රැඳෙන්නත් ඕනි.."

"අපි වැඩියෙන්ම රෑ තමයි මේ ඉන්වෙස්ටිගේශන් කරන්නෙ..අපරාධ ගැන නේ කරන්නෙ..අර මගේ ඔටුලන්තෙ ඉන්න යාළුවො අවශ්‍ය කරන සේරම හයිටෙක් ඉක්විප්මන්ට් ටික ලබන සතිය වෙනකොට එවනවා කීවා...දැන් තේරෙනවනේ නංගි..නෑ ඩයනා.... නමක් හදලා තියන්න මන් එළියට ගිහින් එන කොට.."

"සර් මට ඉඳ ගන්න පුටුවක් මේසයක්"

"ආ ඔයා මේ පුටුවෙ ඉඳගෙන වැඩ කරන්නකො"

"සර් සර් එතකොට සර් ඉන්න වෙලාවට මන් සර්ගෙ උකුලෙ වාඩි වෙලා වැඩ කලාට කමක් නෑ නේද සර්..වෙන පුටුවක් මේසයක් නැති නිසා"

"ඈහ්..නෑ නෑ මන් දැන් එළියට යන්නෙ තව අවශ්‍ය කරන ගෘහභාණ්ඩ ටික ගේන්න තමයි..එනකොට නමක් හදලා තියන්න..ඒ අකුරු තුන දාලා හෙටම අපි බැච් ටිකක් හදා ගනිමු..ඔය සෙනඟ ඉන්න තැන් වලට ගිය හම ඒක පෙන්නලා අපිට ඉස්සරහ වැඩ කර ගන්න පුළුවන්නෙ"

"හා සර්"

පැයකින් පමණ කාර්‍යාලයට අවශ්‍ය උපකරණද රැගෙන පැමිණෙන කෙළෙඹි පුත්‍රයා

"සර් මේ නම හොඳයි නේද ? CTK ඒ කියන්නේ  Criminal Tech Kestrel අපරාධ හමා යන තාක්ෂණික උපකරණ භාවිතා කරන නිශාචර උකුස්සෝ වගේ තේරුමක් තමයි තියෙන්නෙ"

"ශාහ් නියමයි නියමයි..CTK නම නියමයි..අපි හෙටම වැඩ පටන් ගමු..ඔයා දැන් සේරම ටීවී පත්තර රේඩියෝ වගේ මාධ්‍ය වලට ලියන්න ලිපියක් අපි කරන්න යන වැඩ කොටස ගැන...අපි පබ්ලිසිටි එක්කම යන් මේ ගමන..මන් හිගින් මේ  CTK අකුරු තුන දාලා අපේ බැච් ටිකයි අයිඩින්ටී ටිකයි හදන් එන්නම්..ඔයා ලේස්ති වෙන්න හෙටම අපි යන් අර එක රැල්ලට මිනී මැරුම් වෙන ගමට මුලින්ම අල්ලමු ඒකෙ මිනීමරුවව..එතනින් අපිට හොඳ ස්ටාට් එකක් ගන්න පුළුවන්"



පසු දිනම තම ඔටු ලන්තයෙන් එවා තිබූ අධිතාක්ශනික උපකරණ සියල්ලද තම මොටෝ බයිසිකලයේ පටවා ගත්..

"මේ ඩයනා ස්කලී ඔයාටත් මේ මොටෝ බයිසිකලේම යන්න පුළුවන්..මේක ඉවර කරපු ගමන්ම අපි ඊළඟට දෙන්නටම යන්න කාර් එකක් ගමුකො"

"අනේ සර් මට මේකෙ යන්න බෑ..අපි පොඩි කාලෙ ඉඳලම හෙදර හොඳට සංවරව, සදාචාරාත්මකව හැදිච්ච අය සර්..ගෙදරින් මට බයිසිකලයක් වත් පදින්න දෙන්නෙ නෑ..හොඳට හිටී සර් එක්ක ඔය බයිසියේ යන්න ගියොත්..මන් බස් එකේම එන්නම් සර් එතනට..අනික සර් මන් ඩයනා මිසක් ස්කලී නෙවෙයි"


අප රහස් පරීක්ශක කෙළෙඹි පුත් තෙමේත් තම සහායිකාවත් යට කී ගම්මානය බලා පිටත් වූයේ..ඩයනා නම් වූ සහායිකාව තම දෛනික සටහන් තැබූ ගොනුවේ තිබූ කරුණු වූයේ..

දිනය 12 -

අපි ගමට ආවා..හෝටලේ එක ළඟ කමර දෙකක තමයි නැවතුනේ..රෑට තමයි වැඩියෙන් පරීක්ශන කටයුතු තිබ්බෙ..

දිනය 13


අද නිවාඩු දවස සර් හොඳට බීලා හිටියෙ..මාත් එක්ක කාමරේ ඉන්න පුළුවන්ද ඇහුවා..මන් අහු වෙයි ඕවට මන් බෑම කීවා..

දිනය14 -

අපි ගමේම ඉන්න වයසක  අම්මලාගේ විස්තර අර ගත්තා..මරලා දාලා තිබ්බ සේරම අය වයසක අය නිසා ඊළඟට මිනී මරුවා එන්නෙ මේ අයගෙන් කෙනෙක් ළඟට කියලයි සර් හිතන්නෙ..සර් බීවහම තමා හරිම වල් නැත්නම් කිසිම දෙයක් දන්නෙ නෑ..පොඩි එකා වගෙයි..

දිනය15 -


ඉතුරු වෙලා ඉන්න අම්මලාගෙ උපන් දින වල  වාසනා අංකය අරන් අවාසනාවන්ත අංකය වෙච්ච නවය වෙන අම්මලා 8 දෙනෙක්ව තෝරා ගත්තා..ඒ අයගෙන් කෙනෙක් තමා ඊළඟට ගොදුරු වෙන්නෙ කියලයි සර් නම් කියන්නෙ

දිනය 16 -

 සර් අදත් බීලා පිස්තෝලෙත් අරන් ආවා ..මන් කීවා මන් කෑ ගහනවා එතකොට හෝටලේ අය මාව බේරගන්න එයි කියලා.. එහෙනම් ඉස්සෙල්ලාම හෝටලේ අයව මරලා එන්නම් කියලා යන්න හදන කොට....
මන් හෝටලේ සේරම අයව මරණෙන් බේරා ගත්තා..

දිනය 17 -

ගමේ දැනට ඉන්න මැදිවියේ පිරිමින්ගේ විස්තර ගත්තා..සර් කියන්නෙ මරලා තියෙන්නෙ වයසක අය ඒ කියන්නෙ..මිනීමරුවා දුර්වල එක් කෙනෙක්..කෙට්ටු උස මනුස්සෙක් වෙන්න පුළුවන්..කියලා...ඒ නිසා ගමේ ඉන්න කෙට්ටු උස පිරිමි හය දෙනෙක් මූලික සැක කරුවො කියලා අපි ඒ අය ගැන රෑ තිස්සේ හොයලා බලමු කියලා තීරණය කලා..

දිනය 18 -


මේ වගේ මිනීමරුවො තමන් මරපු අයගෙන මොනා හරි සැමරුමක් විදියට තියා ගන්න එකතු කරනවා කීව නිසා මන් ඉස්සෙල්ලා මැරිච්ච අයගේ ගෙවල් වල ඉන්න අයගෙන් ඒ මිනී මැරුමත් එක්ක නැති වෙච්ච දේවල් ගැන දීර්ඝව විස්තර ඇහුවා.. අන්තිමේ හැමෝම වගේ කීවෙ,

"අම්මගේ රෙද්ද තමයි නැති උනේ"

"ආච්චිගේ රෙද්ද !"

මේ නිරීක්ශන අනුව අපේ සර් කීවෙ වැඩිපුරම චීත්ත තියෙන මැදිවියේ උස කෙට්ටු පිරිමි ඉන්න ගෙවල් බලමු කියලයි..

දිනය 19 -


චීත්ත විස්සක් තිහක් හෝදන මනුස්සයෙක්ව අද අතටම අහු උනා..අපේ සර් ඌට හොඳටම ගහලා පොලීසියට භාර දුන්නා. ඒ ගමේ හේනෙ මාමා වෙච්ච මිනිහගෙ බෑනා අද හෝටලේ ඉස්සරහට ඇවිත් සර්ව මරනවා කියලා තර්ජනය කරලා ගිහින් තිබ්බා.

දිනය 20 -


අද නිවාඩු මන් දෙවෙනි සැරේටත් හෝටලේ වැඩ කරන අයව බේරා ගත්තා.. හෙට තමයි අපේ පරීක්ශනේ අන්තිම දවස..අපි කරපු නිරීක්ශන අනුව ඊළඟට ගොදුරු වෙන කෙනා කවුද සහ මිනී මරුවා කවුද කියලා අපි හොයා ගෙන ඉවරයි. හෙට තියෙන්නෙ මිනීමැරුම කරන වෙලාවෙම ඒක අතටම අල්ලලා දෙන්න.. අපි මීඩියා වලටත් කිව්වා අපි දැනුම් දීපු ගමන්ම එන්න ලෑස්ති වෙලා ඉන්න කියලා..

ප.ලි.


තීරණාත්මක දිනය වූ පසු දින මෙම කෙළඹි පුත්‍රයා සහ ඔහුගේ සහායිකාව මෙම රට හෙල්ලූ මිනීඑමැරුම සාර්ථකව අල්ලාගෙන රට පුරා ප්‍රසිද්ධ වූ ආකාරය සවිස්තරව දැන ගැනීමට අවශ්‍ය සියල්ල සකසා ගැනීමට මට හෝරා 48ක් පමණ දෙන මෙන් ඉල්ලා සිටිමි..


මතු සම්බන්ධයි..

To be Continued...
























Saturday, November 17, 2012

බස් එකේ අලකලංචිය - Trouble at Bus

සති අන්තෙ කට්ටියට නිදහසේ විවේකයෙන් ඉන්න වෙලාවනෙ..මන් හිතුවා චිත්‍ර කතාවක් ඇඳලා දාන්න ඕනියි කියලා..






බස් එකේ අලකලංචිය

කරුණාකර පින්තූරය උඩ ක්ලික් කරන්න. එවිට එය වෙනම වින්ඩෝවක විශාලව පෙනෙනු ඇත..

01







02



03





04






05




06






07



08




නිමි.

Friday, November 16, 2012

සාපරාධී හෘදයසාක්ෂිය - Guilty Conscience


පින්තූරෙ ගත්තෙ,
http://www.personalizeddogtraining.com/webpages/socializingandseparation.htm

පසු ගියදා තරමක චෝදනාවක් එල්ලවී තිබුනේ රහට යමක් නොලියන බවත් ලියන ඒවා පවා මෙලෝ රහක් නැති ඒවා ලෙසත්ය... මෙය ප්‍රධානවම අපේ මාරයාගේ හෝරාව ලියන සීටී මල්ලි විසින් ලියන ලද පෝස්ටුවක් වීය.. එහි තිබූ කරුණු බොහෝමයක්ම පිළිබඳ එකඟ වන අතර සමහර කරුණු පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කල යුතුව ඇතැයි මට සිතුනේ එම කරුණු පවා සත්‍ය නිසා මිස ඒවා පිළිබඳ වැරදි වැටහීමක් ඇති වූවා නිසා නොවේ..

ලියන එක බොහෝම ලේසි දෙයක්ද ? 

නැත්නම් අමාරු , අපහසු , සංකීර්ණ දෙයක්ද ?

මෙයට එක පිළිතුරක් දීමට නොහැක්කේ අප ලිවීම පමණක් නොකරන නිසාය.. ලිවීම තවත් පටු අර්ථයෙන්ම ගත් කල බ්ලොගය ලිවීම යනු දෛනිකව පවතින රාජකාරී, පෞද්ගලික වැඩ කටයුතු දහසක් මැද කරන්නට තතනන තවත් උත්සාහයකි..

ලියන්නේ කුමක්ද ? අපගේ සිතට නැගෙන සිතුවිලි යම් අරමුණක් හෝ යම් තේමාවක් ඔස්සේ ගෙන ගොස් යම් නිර්මාණයක් ලෙස එලි දැක්වීම මා බ්ලොග් පෝස්ට් එකක් ලීඑම ලෙස සිතමි..

බ්ලොගය තුල කිසිම සීමාවක් පනවා නොගෙන අච්චාරුවක් ලෙස ලිවීමට මා පුද්ගලිකව කැමැත්තේ ඒ තුල ඇති මහා නිදහස නිසාත් විවිධ පාඨක සමූහයන් විවිධ මට්ටමින් තෘප්තිමත් කල හැකි නිසාත්ය..

මා යම් කාලයක් තුල විටින් විට..පරිකල්පිත කතා කිහිපයක්ම ගෙතුවේය..අදහා ගත නොහැකි ලෙස ඒවා යම් පාඨක පිරිසක් වෙත ආකර්ශණය වී ඉහල ප්‍රතිචාර ලද්දේය..එවන් විටක මා හා රැඳුනු යම් යම් පාඨක පිරිස් මා එලෙස එම මට්ටමේ නිර්මාණ නොකරන පසු කාලයේදී මාගෙන් සමු ගත්තේය..

වඩා ආත්ම තෘප්තියක් ලැබෙන්නේ පරිකල්පිත නිර්මාණයකින් නිසා මුත් එවන් නිර්මාණයක් කිරීම කෙතරම් විඩා දනවන කාර්‍යයක්ද යන්න නිර්මාණකරුවෝ දනිති..නිදසුනක් ලෙස මා පුතා යන කසිප්පු ලියන්නාගේ චරිතය නිර්මාණය කිරීමට සති කීපයක්ම ගත වූ බව මතකය..කසිප්පු පෙරන , කසිප්පු බොන, හිරේ ගොස් සමාජ රෝගයක් වැළඳීම නිසා තම බිරියගේ ලිංගික පිළිකුලට භාජනය වන නූගත් කක්කුස්සි වලවල් අදින පුද්ගලයකුගේ චරිතය නිර්මාණය කිරීමට මා දැඩි උත්සාහයක් ගත් බවත් එය තරමක සාර්ඨක වූ බවත් මට මතකය..තම  නාමික පියාගෙන් අනන්ත දුක් ගැහැට විඳි ළමා කාලයත් එලෙසම දුක් විඳින වර්තමානයත් සාර්ථකව පරිකල්පනය කිරීමට මට සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ වෙනත් අන්තයක සිටය.. එම චරිතයේ ජීවත් වීමට ... එම චරිතයේ මනෝභාවයන් තුලට ඇතුළුවී ඔහු මෙන් සිතීමට, දුක් වීමට, සමාජයට, තම දරුවාට, බිරිඳට අසල්වැසියන්ට වෛර කිරීමට මට සිදු වේ..එම කාලය සමාජයෙන් තරමක් ඈත් වී..හුදකලාව එම චරිතය තුලට වී ගත කරන කාලයකි..

මුහුණු පොතේ නැත්නම් බුකියේ මා දන්නා හිතවතුන් සහ හිතවතියන් මාගේ නියම වර්තමාන ජීවිතය කුමක්දැයි දන්නා බැවින් අරවන් ජීවිතයක් අකුරු මතින් නිර්මාණය කිරීමේදී ගත වන කාලය හා වෑයම තරමක් වැඩිය...

නමුත්... 

මේක ඇත්තටම උනාද වෙනී අයියට ? ලියන්නා කියන්නේ වෙනී අයියටම නේද ? කියමින් නැගෙන කමෙන්ටු ඉදිරියේ මා හට මහත් සතුටක් ලැබෙන්නේ එබැවිනි.

ඉතින් ඒ වගේ නිර්මාණයකට කාලය , වෙහෙස වැඩියෙන් යනවා වගේම තමයි ආපසු ලැබෙන ඉහල තෘප්තිමත් භාවය..

එහෙම නිර්මාණයකට මනස කොයි තරම් නම් නිදහසේ තියෙන්නෙ ඕනිද කියන එක එතකොට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ...

එහෙම මනස නිදහසේ තියෙන කොට තමයි අපිට පුළුවන් වෙන්නෙ අපිට හාත්පසින්ම වෙනස්ව ගෙවන ජීවිතයකට මනසින් ගිහින් ඒක ඇතුලේ තියෙන ගැටුම්, හැල හැප්පිලි, වගේම සතුට, ප්‍රීතිය, තෘප්තිය වගේ මනෝ භාවයක් ස්පර්ශ කරලා ඒවා අකුරු මන් එළියට ගේන්න...අවසන් නිර්මාණයේ තාත්වික භාවය තීරණය වෙන්නෙ අර කීව අනුන්ගෙ ජීවිතයක් ඇතුලේ අපි ගත කරන මානසික කාල පරිච්ඡේදය කොයි තරමට අපේ වර්තමාන ජීවිතයෙන් වියෝ වෙලා ඉන්නවද කියන එක මතයි..
ඔව් ඒක මානසික රෝගයක් වැළඳිලා ඉන්නවා වගේ කාලයක් තමයි..ෆැන්ටසිමය ලෝකයක අතරමං වෙලා ඉන්න එක..අර ප්‍රදීප් මල්ලි කියලා තියෙන හීනෝන්මාදය ගැන වගේම මානසික රෝග ගැන කියවෙන ලිපි කියවන කොට පොඩි පහේ බයක්  නො එනවා මත් නෙවෙයි..

හොඳම නිදසුන තමයි මන් ලොකු උත්සාහයක් ගත්තා පහු ගිය කාලෙ...සීරියල් කිලර් Serial Killer කෙනෙක්ගේ කතාවක් ලියන්න..ඒකට කියන සිංහල වචනෙ හොයා ගන්න ඕනි..
ඇත්තටම එහෙම මිනී මරපු අයගේ ජීවිත කතා කීපයක් කියෙව්වහම මට රෑට හීනෙන් පවා බය වෙන හීනම තමයි පේන්න ගත්තෙ..මහාම මහා භයානක හීන වගේම තමයි මගේ හිතේ තිබ්බ සතුට, තෘප්තිය වගේ සාධනීය තත්වයන් පවා වෙනස් වෙන්න ගත්ත නිසා මන් ඒ උත්සාහය අතහැරලා දැම්මා..

ඉතින් ඔන්න ඔහොමයිළු තොරණේ විස්තරය..

රාජකාරීමය හා පෞද්ගලික ජීවිතයේ යම් හෝ ඉසුඹුවක් නොලැබීම නිසා මන් අතින් පහු ගිය කාලෙ අර ඉස්සෙල්ලා වගේ නිර්මාණයන් නොකෙරුනා තමයි. ඒ වෙනුවට කැමරා කාචය තුලින් මන් අත්විඳින ලෝකය ගැන තමයි වැඩියෙන්ම පෝස්ට් ගනනාවක් ලියවුනෙ..
මාරයා මල්ලි කියපු කතාවෙන් මන් කැළඹුනේ නැතුවා නෙවෙයි..
ඒ නිසාමයි මාරයා මල්ලිට විතරක් එතන උත්තරයක් නොලියා පෝස්ට් එකක්ම ලියන්න හිතුවෙ..

ඉතින් හැමදාම මෙහෙම් සීසන් එකක් තියෙන එකක් නෑ...

ඉඩ හසර ලැබෙයි ආයිමත් අර වගේ නිර්මාණ වලට යන්න..එතකන්..
ඉතින් පාඨකයන්ගෙන් සමාව ඉල්ලනවා හැර වෙන දෙයක් ඉතිරු වෙලා නෑ..මන් දන්නවා ඔය ගොල්ලො මගේ බ්ලොගයට එන්න වැය කරන බයිට් ගානට මන් ණය ගැතී..

එහෙම වෙලා තමන්ගේ රසිකත්වයට නොගැලපෙන පෝස්ට් එකක් නම් කියවන්න වෙන්නෙ මට චෝදනා කරන එක වැරදිත් නෑ කොහොමත්ම..

Thursday, November 15, 2012

සොබා දහම සමඟ ජීවත් වීම : සොබා දහම අප නිවැරදි කරනු ඇත... පොතක් ගැන යමක්..

මම මේ මොහොතේ ඉන්නෙ කොතනද ? 

අපි........?

ලෝකය .....?

ඉන්න තැන හරිද ?

හෙට වඩා හොඳ කර ගන්න පුළුවන්ද ?

මේ කියන ප්‍රශ්ණ කන්දරාව හැම වෙලාවෙම හිතට වද දෙනවා.. සමහර විට ඡායාවක් වගේ ඇඳිලා අතුරුදහන් වෙලා යන උත්තරත් තියෙනවා..
ඇයි මේ ප්‍රශ්ණ වලට හරි හමන් උත්තරයක් හොයා ගන්න , ගොඩ නගා ගන්න මෙච්චර අපහසු ? 

අපි පිබිදිලා ඉන්න ඕනි විඥානික මට්ටමේ නෙවෙයිද ඉන්නෙ ?

ඔන්න ඔහොම ගැටළු රාශියකට මුහුණ දීලා ඉන්න අවස්ථාවක මට මුණ ගැහෙනවා..මගේ අතිශය කල්‍යාණ මිත්‍රයන් වන පොත් ගොන්නක තිබිලා මෙන්න මේ පොත..

2000 න් පස්සෙ 2006 දි කල දෙවන මුද්‍රණය තමයි මන් ළඟ තියෙන්නෙ.. සර්වකාලීන විදියට "සොබා දහම සමඟ ජීවත් වීම : ස්වභාවධර්මය අප නිවැරදි කරනු ඇත..." කියන නාමයෙන් සම්පත් ආරියසේන කර්තෘ විසින් ලියපු එදාටත් වඩා අදට සහ හෙටට අත්‍යාවශ්‍ය වන කරුණු රාශියක් තියෙන පොතක් තමයි මේ..

මේකෙ විශ්ලේෂනය කරලා තියෙන කරුණු සියල්ල ගැනම බොහොම ඉහලින් එකඟ වෙන පාඨකයෙක් විදියට මන් පොඩි හරි සටහනක් තියන එක මගේ යුතුකමක් වෙනවා..




මම අසම්පූර්ණ අදහසක් ලියනවාට වඩා පොතින් උපුටා ගත් යම් යම් තැන් කිහිපයක් ඔබ හමුවට ගෙන ඒමට මට අවසර දෙන්න..


අද මානව වර්ගයා තුල සාකච්ඡාවට ලක් වන ප්‍රධාන ප්‍රශ්ණ දෙකක් තිබේ.
1. ලෝකය ගමන් කරන්නේ කොයිබටද ?
2. ඒ මාර්ගය තුල මිනිස් වර්ගයාගේ අනාගතය කවරාකාර වනු ඇද්ද ? 
යනි ඒ ගැටළු දෙකයි.

(පිටුව 13)

සුපර් ස්ටාර් වැනි වෙළඳපොළ රැලි වලට ගසා ගෙන යන තාරුණ්‍යය සංස්කෘතික තාරුණ්‍යය අවුල් කොට දමයි. කොත්තු රොටියක්, සිගරැට්ටුවක්, ලිංගික සතුටක් ලැබිය හැකි ඕනෑම තැනක එය ජීවිතය යැයි තෘප්තිමත් කිරීමට පොළඹවාලන මේ ලෝක ප්‍රාග්ධනයේ ඒජන්තයින් ජාතියේ තරුණයින්ගේ දීප්තිමත් අනාගතය හා ලෝකය පිළිබඳ යහපත් දර්ශණය වෙනතකට යොමු කරයි
(පිටුව 24)


උදේට දත් කූට්ටම සමාගමකට දෙන අපි රාත්‍රී නින්ද මදුරු කොයිල් සමාගමකට බාර දෙයි.

(පිටුව 97)

පිරිමියාට වෛර කරන අයෙක් ලෙස කාන්තාව බලසතු කරනවා වෙනුවට කල යුත්තේ පිරිමියාගේ බලය අහෝසි වන ආකාරයට කාන්තාව ශක්තිමත් කිරීමයි.

(පිටුව 100)

මේ වගේ මගේ සිත් ගත්ත තැන් කීපයක්ම උපුටලා දක්වන්න පුළුවන් උනත්..
මේ පොත අරන් කියවන ඔබට තේරෙයි මේ පොත මොන තරම් ගැඹුරින් සහ පරිපූර්නව සොබා දහම සහ අපි කියන එක විග්‍රහ කරලා තියෙනවද කියල නම්..









පොතේ අවසානයේ සඳහන් කරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි..

අපි නම් මේ පොත ගත්තෙ "කියවන නුවණ" පොත් සාප්පුවෙන්..
මේ පොතේ කර්තෘ තුමා සම්පත් ආරියසේන මහතාගේ දුරකථන විදියට සඳහන් කරලා තියෙන 0714115026 න් හරි ඊ මේල් mesfoundation@yahoo.com  හරි  පොත ගැන විවේචන , ඇගයීම් කරන්නත් පුළුවන්..

මමත් හිතා ඉන්නෙ තව පාරක් කියවලම ඔහුට කතා කරන්නයි..
ඒ තරමටම මාව දැනුවත් කල පොත උනා මේක


Monday, November 12, 2012

තාරුණ්‍යයේ සීමා මායිම් ? Skills and Innovation

අපි ඉගෙන ගන්න කාලෙ අපේ වැඩිහිටියො නිසා අපි හැමදාම හීන මවන්නෙ ලොකු වෙලා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වගේ සුදු කොලර් තියෙන ජොබ් එකක් කරලා රටට වැඩ දායී පුද්ගලයෙක් වෙනවා කියලයි. අපේ අධ්‍යාපනයෙත් බොහොමයක් තියෙන්නෙ කට පාඩම් කර ගත් අවබෝධයක් තුලින් සීමිත කාල සීමාවකදි තමන් දන්නා දේ නොව තමන්ට ලියන්න හැකි දේ උපරිමයෙන් පෙන්නන සීමිත පිරිසක් ඉදිරියට අරන් යන එක..

ඔය උ.පෙල විභාගයෙන් අසමත් වෙන හැමෝම...ඔය සා පෙලෙන් අසමත් වෙන හැමෝම අතරේ කොයි තරම් නම් දක්ශයො ඉන්නවද කියලා අපි අපේ ජීවිත අත්දැකීම් වලින්ම දන්නවා..

මේ තාරුණ්‍යයෙන් යම් පිරිසක් මත් ද්‍රව්‍ය, මත් කුඩු, අපරාධ වගේ සමාජ විරෝධී ක්‍රියා වලට යොමු වෙලා තමන්ගෙ ජීවිතත් විනාශ කරගෙන සමාජයටම පිළිලයක් වෙනවා..අද සමාජයේ අපරාධ කරුවන්ට දීලා තියෙන සමාජමය වටිනාකම මත මේ අපරාධ කරුවන්ගෙ වර්ධනයක් පේනවා. මේකට උඩ ගෙඩි දෙන දේශපාලනය හා දේශපාලකයො..ඒ අයට වෙන්නෙ අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි කියන ස්වභාවධර්මයේ අති උත්තම නියමයට යට වෙන්න ! ඒ වෙන කම් කකුළුවො නටයි වතුර හැලියෙ !

මගේ අවධානය යොමු වෙන්නෙ අර විෂම තාරුණ්‍යයට නෙවෙයි...

සාමාන්‍ය පෙල නැත්නම් උපෙල කඩ ඉමේ නතර වෙලා ඒත් ජීවිතයේ මහා හර පද්ධතියක් හඹා යන රටේ ජීවයට ජීවන හුස්ම පිඹින ඒත් මුළු ස්වභාවධර්මයම විකුණන් කන මේ ආර්ථික මඩ ගොහොරුවේ එළියට එන්න අවස්ථාවක් නැතුව ඉන්න නමුත් අනාගතය ගැන බිඳක් හරි හිතලා සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් තාරුණ්‍යය ගැන..

මට පහු ගිය දවසක ආන්න ඒ රත්තරන් තාරුණ්‍යය ජවය පිරිච්ච මාව ආයිමත් විස්මයෙන් අළලවන්නට හැකි තරුණයින් පිරිසකට තෝතැන්නක් වෙච්ච ප්‍රදර්ශණයකට සහභාගි වෙන්න ලැබුනා..

මේක තරුණ කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයෙන් සංවිධාන කරපු නිපුනතා හා නිර්මාණ තරඟය 2012 එකේ මේ දින තුන පුරාවටම BMICH එකේ තිබුනා. ලැබිච්ච පොඩි ඉඩකඩෙන් මාත් එතනට ගිහින් ආපහු ආවේ තවත් දැනුම් සම්භාරයක් එක්කම අපේ වල් වැදිලා නොගිය තාරුණ්‍යය ගැන ලොකු අභිමානයක් එක්කයි..

ඒක මන් හැමෝම එක්ක බෙදා නොගත්තොත් මගේ හිතට හරි මදි..







මේ නිපුනතා නවෝත්පාදන තරඟයට ඉදිරිපත් කරලා තිබුන පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කෑම ගැන තිබ්බ එක අංශයක්..බොහොම යුහුසුළුව සිනා මුසු මුහුණින් දුවලා පැනලා වැඩ කරන මේ දෙන්නා දැක්කහම හරි සතුටක් දැනුනා..








---------------------------------------------------------------------------------------------------------------
මේ රූපලාවන්‍ය හා කොණ්ඩ මෝස්තර ගැන තිබ්බ අංශය..ලස්සනට ඉන්න හැමෝම ආසා කරන එකම ඒ පිළිබඳ ආශාවක් තියෙන තරුණ තරුණියන්ට තමන්ගෙ වෘත්තිය කර ගන්න මේක හොඳට ජනප්‍රිය ක්ශේත්‍රයක් තමයි..








කවුද කවුද කියන්නෙ මන් දවසෙන් භාගයක්ම මෙතනයි හිටියෙ කියලා ???? මිනිස්සුන්ට කයි කතන්දර හදන්න එපා හලෝ !
-------------------------------------------------------------------------

මේක කොත්තු හදන මැශින් එකක්..අර සින්දු වල තාල වලට දැන් කොත්තු ගහන්න ඕනි නෑ..එක පැත්තකින් කොත්තු වලට ඕනි දෙවල් ටික දැම්ම හම අනිත් පැත්තෙන් හොඳට පදම් වෙච්ච කොත්තු රොටිය හැදිලා එනවා.. 







------------------------------------------------------------------------------------------
මේ අය තරඟයට ඉදිරිපත් කරලා තිබ්බෙ නවීකරණය කරන ලද පේස්ට්‍රියක්..කාලය තිබ්බෙ නෑ හදන විදිය බලලා කාල විස්තර කරන්න  නම්..



------------------------------------------------------------------------------------------------


මෙය නවීකරනය කරන ලද විඩුලි ඉස්ත්‍රික්කයක්.. අපිට රෙදි මැදලා ඉස්ත්‍රීක්කය නිවා දමන්න අමතක උනොත් පාවිච්චි නොකර යම කාලසීමාවක් තුල එය සම්පූර්ණයෙන්ම ඔෆ් වෙනවා. මට පහු ගිය දවසකත් අයන් එක ඔෆ් කරන්න අමතක වෙලා උදේ ඉඳන් රෑ වෙනකම්ම මේක රත් වෙවී ඕෆ් වෙවී තිබ්බා..දැන් මේ මාසෙ එයි ලයිට් බිලක් මට ලයිට් නැතුව තරු පේන්ඩ !


-----------------------------------------------------------------------------------------------------

මේක ඖෂධීය පානයක්...විවිධාකාර දේවල් දමලා හදලා තිබ්බෙ..ඉරිඟුත් පාවිච්චි කරලා තිබ්බා




----------------------------------------------------------------------------------------------
මේක එකම ශර්ට් එක විවිධ අවස්ථාවලට සරිලන විදියට එක එක කොටස් නමලා හරි ගස්සගන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තිබ්බෙ..විධායක පෙනුමේ ඉඳන් කැසුවල් පෙනුම දක්වාම වෙනස් කරන්න පුළුවන් විදියට හරි ගස්සලා තිබ්බා..ඔෆිස් එකේ ඉඳලා ගෙදර නොගිහින්ම යාළුවො එක්ක බොන්න සෙට් වෙන වෙලාවට ටොප් ශර්ට් එකක් !




---------------------------------------------------------------------------------------------------------
මේක ස්වයංකීය වඩේ හදන යන්ත්‍රයක්..මේ තරුණයන්ටත් එන අදහස් නම් අපූරුයි නේද ?


-------------------------------------------------------------------------------------------------------------
මේක ආර්ද්‍රතාවය පාලනය කරන උපකරණයක්...සියළුම සයන්ස්කාරයෝ නැසෙන සුළුයි කියලා තිබ්බ නිසා අපි කොරේ කොමස් නෙ..ඒ නිසා මේවා ගැන නම් එච්චර දැනුමක් නෑ..නමුත් ගොඩක් ක්ශේත්‍ර වලදි අවශ්‍ය කරන උපකරණයක් තමයි කියලා තේරුනා


----------------------------------------------------------------------------------------------------------

Green Tile


----------------------------------------------------------------------------------------------------------

අපි ගෙදර ඉද්දි නම් නිදා ගන්න කොට මදුරු දැල දානවා..නැත්නම් මදුරු කොයිල් හරි අර වාෂ්ප මැශින් එක හරි පත්තු කර ගන්නවා...ඉතින් පව් මදුරුවො බඩගින්නෙ මැරෙන්නෙ..මාරාන්තික ඩෙංගු වලට තිත ! ඒත් අපි වත්තෙ , පිටියෙ වැඩ කරද්දි මදුරුවො දශ්ඨ කරන එක වලක්වා ගන්නෙ කොහොමද ? ඔව් අර ආලේපන පාවිච්චි කරන්න පුළුවන්..ඒත් දහඩිය එක්ක ඒවා හේදිලා යන නිසා.. ආන්න ඒකට විසඳුම තමයි මේ පොඩි උපකරණය..බැට්‍රියකින් ක්‍රියාත්මක වෙන තමන් වටේ ඉන්න සේරම මදුරුවො පලවා හරින අධි සංඛ්‍යාත ශබ්දයකින් ක්‍රියාත්මක වෙන්නෙ 


----------------------------------------------------------------------------------------------------------


ආභරණ පළඳින එකේ එක අරමුණක්ලුනෙ ඒ ඒ ලෝහ හරි මැණික් හරි තමන්ගෙ ශරීරයේ ස්පර්ෂ වෙන එකෙන් ලැබෙන ගුණය... ආන්න ඒ වගේ මේත් ඖෂධීය පැලෑටි වලින් එහෙම ස්පර්ෂ ගුණය ලැබෙන්න හදපු ආභරණ එකතුවක්..අද කාලෙ රත්තරන් දාන් යන්න බය ගොඩක් අයට මේක සෑහෙන්න වටියි කියලයි මටත් හිතුනේ..
මාත් එක්ක තරහ කෙල්ලො කීප දෙනෙක් ඉන්නවා කහඹිලියා කොළ වලින් මාලයක් හදලා තෑගි කරන්න ඕනි කියන අදහස මගේ හිතටත් ආවා මෙතනදි ! බලන්න නවෝත්පාදන ඇසුරු කරන කොට අපිත් නිකම්ම වගේ අළුත් නිර්මාණ වලට යොමු වෙන හැටි විතරක් !




-----------------------------------------------------------------------------------------------
මේක නම් මෘදුකාංගයක් පුස්තකාල තොරතුරු පද්ධතියක්..




මේක සාමාන්‍ය සපත්තු යුගලයක් ඒත් මේක ඇතුලෙ සවි කරලා තියෙන ලෝහ පතුරක් සහ මොකද්ද එකකින් වෙන්නෙ නම් පළඳින කෙනා හදිසියෙවත් යම් විදුලි කාන්දුවකට නිරාවරණය උනොත් වහාම විද්‍යුත් ධාරාව කපා හරින් එක..ඔනිම පොඩි කෙනෙකුට උනත් පරිස්සමින් විදුලිය පාවිච්චි කරන්න පුළුවන්..

---------------------------------------------------------------------------------------------------------------

මේ ආභරණය ඩුවල් පර්පස් ආභරනයක් කියලයි තිබ්බෙ..ඒත් එතන හැම වෙලාවෙම ලේඩීස්ලා පිරිලා හිටි නිසා වැඩි විස්තර අහන්න , බලන්න නම් බැරි උනා.

-------------------------------------------------------------------------------------------------------


මේක යාපනය කාර්මික විද්‍යාලයේ තරුණයෙක් ගේ නිර්මාණයක්.. පොල් ලෙලි ගහන මැසිමක්..
එක පැත්තකින් පොල් ගෙඩිය ඇතුල කලහම විනාඩි භාගෙකින් විතර මෙන්න පොල් ගෙඩිය එලියෙ ලෙල්ල නෑ.. සෑහෙන්න හොඳ නිර්මාණයක් බව පෙනුනා..







----------------------------------------------------------------------------------------------------
පන දාගෙන ඉඳිආප්ප අතින් මිරිකපු කාලෙ ඉවර වෙන්නයි යන්නෙ.. මේ තියෙන්නෙ කකුලෙන් පාගලා ඉඳිආප්ප මිරිකන යන්ත්‍රයක් තමයි..



--------------------------------------------------------------------------------------------------------
ඉලෙක්ට්‍රොනික් උපකරණ වල නව දිගුවන් කීපයක්ම මෙතන තිබුනා..සමහර ඒවා මොනවද කියලා ෆොටෝ බලලා ආවර්ජනය කරන්න හැදුවට සිහියට එන්නෙම නෑ..




මෙතන තිබ්බ එක උපකරණයක් තමයි අපට නිවසේ ලයිට් එකක් නිවන්න හෙම අමතක උනොත් ඒක කොයි ලයිට් එකද කියලා පෙන්නුම් කරන සහ තනි ස්විච් එකකින් සම්පූර්ණයෙන්ම ලයිට් නිවලා දමන්න්න පුළුවන් සර්කිට් එකක්..
අනිත් එක අවට තියෙන උෂ්ණත්වය මත වේගය තීරණය වන ෆෑන් එකකට සවි කල හැකි සර්කිට් එකක්..



මේක මේ ගොල්ලන්ගෙ ආයතනයෙ ස්ටෝල් එක..එතනත් ඒ ගොල්ලන්ගෙ ස්වයංක්‍රීය ගැජට් කීපයක්ම තිබ්බා 


මේක ස්පයි ගනයේ පියාඹන උපකරණයක්..ඇයි ස්පයි කීවෙ ? මේකෙ අපි සාමාන්‍යෙන් දකින ඩිජිටල් කැමරාවක් හයි කරලා තියෙනවා..එකෙන් උඩ ඉඳලා ගන්න ෆොටෝ ගන්න රිමෝට් කන්ට්‍රොල් එකෙන් පුළුවන්..
සෑහෙන්න දියුණු කල නිර්මාණයක්..ඒකෙ හැඩයත් අමුතුයි..නිකන් පියාඹන පීරිසියක් වගෙයි..



--------------------------------------------------------------------------------------------------





---------------------------------------------------------------------------------------------------------

විවිධ සංවේදීතාවන් ඇති ස්වයංක්‍රීය රොබෝවන් තමයි මේ.. සමහරු තමන්ගේ හිතේ හැටියට ඔහේ ධාවනය වෙවී හිටියා..හැබැයි කාගෙවත් ඇඟේ හැප්පෙන්නෙ නැතුව...










මේ තියෙන්නෙ මන් ආසම කරපු රොබෝ පැටවු දෙන්නා.. එකෙක් හරි ගෙදර අරන් යන්න තරම් හිතෙන ජාතියෙ වැඩ කරුවො දෙන්නෙක් තමයි මේ...

















-------------------------------------------------------------------------------------------





















මේ වෑල්ඩින් ක්ශේත්‍රයේ ඉදිරිපත් කරලා තිබ්බ අංශය..මේ නිර්මාණ දෙකම ටොප් කියලා කියන්න පූළුවන්..




----------------------------------------------------------------------------------------------
එළවළු සහ පලතුරු වලින් කරපු කලා නිර්මාණ දැක්කහම පුදුමත් එක්ක..මේක දැන් ඕනිම උත්සව අවස්ථාවලදි දකින්න පුළුවන් සුලබ දෙයක් නිසාම මේ ක්ශේත්‍රයට බොහොම ඉල්ලුමක් ඇතියි කියලයි හිතුනෙ...



------------------------------------------------------------------------------------------------

මේ අපූරු අයිස් කැටයම කරන තරුණයා සුවිශේශී තරුණයෙක් කිව්වොත් ඔබ පිලි ගන්නවද ? බැලූ බැල්මට තාරුණ්‍යයේ එලිපත්ත මත සිටින හුරු බුහුටි කොළු ගැටයෙක්..ඔහු දක්ෂ අයිස් කැටයම් නිර්මාණ ශිල්පියෙක්..ඔහුටත් තිබ්බා බස් එකකට නැගලා කොලයක් දික් කරලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා කල්ලි ගැහිලා කුඩු හරි සිගරැට් හරි ගහලා ජීවිතේ වෙනම මඟක ගෙනියන්නත්..ඒත් ඔහු එහෙම කලේ නෑ..ඔහු ඒ වෙනුවට බැඳුනෙ ජාතික ආධුනිකත්ව මණ්ඩලයට..ඔහු ගොළු බිහිරි තරුණයෙක්..ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඔහු Differently Able  තරුණයෙක් බව..



සියල්ලම තිබිලත් අපි ඉන්න තැනට එහා ගිය ඔහු තාරුණ්‍යයට දෙන පණිවුඩය නම් ඉතාමත් ඉහලයි..

මන් අද පත්තරේ දැක්කා බියගම ප්‍රදේශයේ ගම්පහ මේ සැරේ ඕලෙවල් ලියන්න ඉන්න තරුණයෙක් විභාගෙට පාඩම් කරන්න යනවා කියලා ගිහින් තව කට්ටියක් එක්ක පැණිය බීලා ගංජා ගහලා නිදි ඇඳේම මැරිලා.. එක පාරටම හිතට ආවෙ ඒ වගේ දෙමව්පියො රවට්ටලා ඒ ගොල්ලන්ගෙ සල්ලි වලින්ම මේ වගේ ආතල් ගන්න කාලකන්නි හැත්ත නම් මැරිලම යන්නයි ඕනි කියලත්..ආයිමත් හිතට අනුකම්පාවක් ආවෙ මේක ඒ තරුණයන්ගෙ සම්පූර්ණ වැරැද්දෙන් සිදු වෙච්ච දෙයක්ම නොවන නිසායි..සමීපම දෙම්ව්පියන්ගෙ ඉඳන් සියළුම සමාජ ස්ථරයන් හා දේශපාලන බලවේග මෙයට වග කිවයුතු නිසා..ඒ තරුණයන්ටම බැනලා වැඩක් නෑ..

මම මේ ප්‍රදර්ශණය පුරාවටම දැක්ක මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න මේ තාරුණ්‍යය එක්ක සුළුතරයක වෙච්ච නොමඟ ගිය ඒ තාරුණ්‍යය පොඩියක් සංසන්දනය කලොත්...

මේ බහුතරය එක්ක මට හරිම ආඩම්බරකාරී හැඟීමක් දැනුනා..

තාරුණ්‍යයේ සීමා මායිම් ?

කියලා ප්‍රශ්ණාථයක් දමලා පටන් ගත්තු මාතෘකාව මන් අවසන් කරන්නෙ 

නෑ තාරුණ්‍යයට සීමා මායිම් කොහෙවත් නෑ..යන හරි  මඟ පෙන්නුවහම ඒ අය යන්නෙ තමන්ගෙ ඉලක්කවලට මුළු සමාජයම ඉදිරියට ගෙන යමින්..