ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, September 29, 2011

මේ වගේ එව්ව නේන්නම් ඔය මිටි මිටි බැඳලා පැත්තක ගොඩ ගහල තිබුනෙ...

අල්ලපු ගෙදර සිරියා නැන්දාගේ පුතා පළමු රැකියාව සඳහා පිටත් වන දිනයේ උදෑසනම
 සිරියා නැන්දා


"ළමයො , ඔය ජොබ් වලට මුලින්ම ගියහම වැඩ පුරුදු වෙන්න කාලයක් යනවා..එතකන් හෙමිහිට තමයි වැඩ කරන්න වෙන්නෙ..එහෙම වෙන කොට ගොඩාක් අය කරන්නෙ වැඩ ගෙදර අරගෙන ඇවිත් කරන එක. උඹ එහෙම ජීවිතේටවත් ඒ වැඩේ  කරන්න ලෑස්ති වෙනව එහෙම නෙවෙයි ඕන්න. මන් ආයි නොකිව්වයි කියන්න එහෙමත් එපා"


කොලුවත් අම්මගේ දේශණාව සහ ගෝරණාඩුව අහල මූණ පුළුටු කරගෙන යනවා..අපේ නැන්දත් මේ කතාව අහගෙන හිටිය..


 මම ඉන්න වැට ගාවින් යනකොට කොච්චර උනත් අල්ලපු ගොදර කොලූනෙ .. (හදිස්සියට කාලක් භාගයක්, සිගරැට්ටුවක් ගෙන්න ගන්න ඉන්න එකානෙ ) ඊටත් වඩා අද හා හාපුරා කියලා වැඩකට යන පළමුවෙනි දවස. මමත් බොහෝම බැරෑරුම් ස්වරූපයක් අරන්..


"පුතේ අම්ම ඔය මොනව කීවත්, පුතා වැඩ අල්ලගන්න හොඳට..මුල කාලේ ඉතින් ගෙදර ගෙනත් කරල හරි පුරුදු වෙන්න..ඒ වගේමයි පුතා ඔයා ළඟට එන, ඔයාගෙ කස්ටමර්ලාට හොඳින් හිනා වෙලා කතා කරලා ඒ අයගෙ හිත සතුටු වෙන විදියට වැඩේ කරල දීල යවන්න..මුල කාලෙ හැමවෙලාවෙම හිනා මූනකින්ම ඉන්න"


කොල්ල මන් දිහා පුදුමෙන් වගේ බලල 


තෑන්ක් යූ අංකල්


කියල පිටත් උනා.
අපේ නැන්දා


"මොකද්ද සිරියා  නංගියේ පොඩි එකා ඉස්සරෝම දවසෙ ජොබ් එකට යන දවසෙ කිව්ව කතාව..වැඩ පුරුදු වෙනකන් ගෙදර අරන් ඇවිල්ල හරි කලාම මක්කැයි වෙන්නෙ?"


"අක්කෙ ඌ ගියේ අර හන්දියෙ මිනී සාප්පු කඩේ මිනී එම්බාම් කරන ජොබ් එකට!"
----------------------------------------------------------------------------------------

බස් රේඩියෝ අහමු නේද කට්ටියම ? 

www.buzzradio.lk


Thanks Abhee.. mistake corrected !




Monday, September 26, 2011

රෙන්ඩ බැරී පොතක් ලිව්වොත් ?

රෙන්ඩ බැරී පොතක් ලිව්වොත් කොහොම වෙයිද?



මේ ප්‍රශ්නෙ මන් ඇහුවා මගේ හිතෙශිවන්තයන් කීප 
දෙනෙක්ගෙන්ම..මෙන්න ලැබුනු පිළිතුරු...


1. මළ බද්ධය ගැනද ලියල තියෙන්නෙ?
2. හේතු, වලක්වා ගන්නෙ කොහොමද කියල ඇති
2. ගස්ලබු, බෙලි, කෙසෙල්  වගෙ දේවල් කන්න කියලත් ඇති.
4. ඔය අමාරුව තියෙන කෙනෙක් කොහේ පොත් ලියන්නද බන්?


මෙකී නොකී අදහස් ගොන්නක් මා ලදද..බහුතරයක් ඇසුවේ ඔය මොන හරුපයක්ද බන් කියාය. 


සැබවින්ම මේ පොත ඇස ගැටෙන් තෙක් මෙවන් ප්‍රස්නයක් මා හටද නොතිබිනි. නමුත් ඊයේ පෙරේදා අවසන්වූ පොත් ප්‍රදර්ශනයෙන් ගන්න ලද පොත් දැන් මගෙ අංශය වෙත පමිනෙමින් පවතී. ඒ පොත් අතරේ වූ පොතක කර්තෘ දුටු විගසම මට මෙම ප්‍රශ්නය මතු විය. 
පුස්තකාල වල සාමාන්‍යෙන් පොතක කර්තෘ හඳුන්වන්නෙ ඔහුගේ අග නම මුලටත් මුල නම අගටත්යවෙනී ලියන්නා යන්න කියවනු ලබන්නේ ලියන්නා, වෙනී ලෙසය. දැන් බලන්න පහත ඇති ජායාරූපය..






මින් පසු යම් පාඨකයෙක් පැමිණ 
"රෙන්ඩ බැරී ගේ පොත් මොනවාද තියෙන්නෙ?"
යන්න ඇසීමට පුලුවන. නැතහොත් යම් විශයක් සොයා පැමිනෙන්නකු හට 
"ආ රෙන්ඩ බැරී ගේ හොඳ පොතක් තියෙනව දෙන්නද ?"
 ලෙස ඇසීමට ද පුලුවන
ක්‍රිකට් ක්‍රීඩක Yanic Caria ගේ සිද්ධියට තරම් දරුනු නොවුනද මෙම පොත මඟින් මට හොඳ ෆන් එකක් ගත හැකි බවනම් පෙනේ

Wednesday, September 21, 2011

ප්‍රථම එක්වීම වේදනාකාරීද ? සුන්දරද ? - First Meeting Wondeful or Painful ?

ඉතින්  බ්ලොග් ලියන කට්ටියක් සෙට් වෙලා පොත් ප්‍රදර්ශනය බලනවා.කියන කසු කුසුව..ටික දවසක ඉඳන්ම තිබුනනෙ. ඊට ඉස්සෙල්ල පොඩි තේ පැන් සාදයක් තියෙනවාය කියල මටත් ඕනය කිව්වා.   සහ ඊට ඉස්සෙල්ලා රෑ ජාමෙක තිබුන තේ පැන් සාදයකට මට සහභාගි වෙන්න කියලත් ඒ වෙලාවෙ ඔෆිස් එකේ සෙට් වෙච්ච වැඩක් නිසා යන්න හම්බ උනෙ නැති නිසාත්..මට මේ වගේ සාදයකට ගිහින් ඇත්තටම මම ආසාවෙන් කියවන බ්ලොග් ලියන කට්ටිය අඳුරා ගැනීමටත් තදබල අවශ්‍යතාවයක්  තිබුනා..

ඊට ඉස්සෙල්ල දවසෙ අභියා සහ ඕනය කතා කරල ඉරිදා දවසෙ මෙහෙම තේ පැන් සංග්‍රහයක් තියෙනවාය.. ඒ නිසා ඒකට එන්න රෙඩි වෙලා ඉන්නය කියල බොහෝම කාරුණිකව මට දන්වල තිබුනා.. මට සෙනසුරාදා හවස යාළුවෙක්ගෙ ගෙදර ගියා කොට්ටාවෙ..රැ එහෙ හිටි නිසා සහ යාළුවගෙ පොඩ්ඩා මගෙ ෆෝන් එකේ තිබුනු ගේම් ගහපු නිසාත් උදේ වෙනකොට ෆෝන් එක බැටරි බැහැලා. චාර්ජරයත් කිරුලපන. මම ගෙදර ඇවිත් ෆෝන් එක චාර්ජ් එකට ගහලා ඕන් කලා විතරයි..මේන්න ඕනයගෙ සුමදුර මිහිරි කටහඬ..මුලින්ම ඇහුවෙ

"මිස්ටර් ලියන්නා ඇයි ඔයා ෆෝන් එක ඕෆ් කරලා තිබුනෙ. අපි කොච්චර කෝල් කරාද?.. බලන්න අපි දැන් මේ තේ පැන් සංග්‍රහය බුක්ති විඳිනව..තව කීප දෙනෙක්ම ඇවිත් ඉන්නව..එනවද? "

එහෙම නැතුව


"මේ හු!@@#$$%^&& මොන ප&^$%$#$ ෆෝන් එක ඕෆ් කලේ? තෝ එනවද පැය භාගයක් ඇතුලත බොරැල්ලට? නැත්නම් අපි ඇවිත් අ!@@#$ පු^%^$%#% කැ#$$% ලියන්නා"

කියල නම් නෙවෙයි..

ඉතින් මෙච්චර ගෞරව සම්ප්‍රයුක්තව කතා කරලත්.. සහ අභීයා උනත් ඊට නොදෙවෙනි විදියට අචාරසම්පන්නව අමතලත් නොයා හොඳ නැති කමට මම යන්න හිතුවා.. මොකද මට මේ සෙට් එක හම්බ වෙලා කතා කරන්න දැඩි උවමනාවක් තිබුනා..ඇඳ පැළඳ ගෙන ත්‍රීවීල් මල්ලිට කිව්ව විනාඩි 10න් මාව ගිහින් දමන්න කියල තැනට.. මල්ලි ආවා පිම්මෙ..මොනාද පාර අයිනෙ හිටපු උදවිය..සෑහෙන ඈතට දුවනවා දැක්කා..ආපු ස්පීඩ් එකට..


පොට් එකට එනකොට අප්පා.. තේ පැන් සාදය ටිකක් දුර ගිහින්.. තේ සමඟ තව කැවිලි පෙවිලි ජාති කීපයක්ම තිබුනා.. මන් බ්ලොග් වල කියවල තියෙන හැටියට මන් හිතා හිටියෙ .. මඩ උනත් එව්වයෙ යම් සත්‍යක් ඇති කියලයි.. මොනවහරි යාන්තමට හරි සැර බීම ඇති කියලත් හිතුව! ඒත් තේ පැන් පමණමයි ! මට ඇති උනේ පුදුමාකාර ගෞරවනීය හැඟීමක් මන් මෙච්චර කල් කියවපු බ්ලොග් වල අයිතිකාරයො කිහිප දෙනෙක් හමුවීම ගැන..අභියායි ඕනයයි ටුක් ගාලා අඳුර ගත්තා.. දෙන්නම අඳුන්වල දුන්න.. අන්තිම පේලියෙ ලියන අවංක පැට්ටා, ලසියා, සහ පසන්ව


එතන ළඟ ටීවී එකේ ක්‍රිකට් මැච් එකක් යනව .

. "අඩේ මුන් ගහන්නෙම හතරෙ එව්ව විතරයි!"
  එහෙම කිව්ව පසන් 
"නෑ බන් ඔය හයිලයිට් මැච් එකේ ලයිව් නෙවෙයි.."

කට්ටියම පසන්ට වෙච්ච වැරැද්ද ගැන කණගාටු උනා මිසක්.. කවුරුවත් ඒ ගැන කෝචොක් එකට හිනා වෙන්න ගියේ නැහැ..ඇත්තටම මට කියන්න ආඩම්බරයි.. මන් අහල තිබුනා ඔය කට්ටිය සෙට් උනහම මඩ ගහ ගැනිලි, හිනා වීම්, නෝන්ඩි කිරීම් අනන්තවත් තියේය කියලා..ඒ අතින් මේ සෙට් එක අති අනගිභවනීය විදියට ආදර්ශමත්ම විදියට හැසිරුන ආකාරය මට නම් දෙකන් අදහා ගන්නත් බැරි උනා..මන් නම් කියන්නෙ අනිවා ඩෙෆා මේ වගෙ අචාරශීලි හැදියාවන් තමයි අපේ අනිත් සෙට් පවා ආදර්ශයට ගන්න ඕනි ! ඉතින් සැර බීම ජාති නැති නිසා මම අකමැත්තෙන් උනත් ඔය තේ පොඩ්ඩක් කෝප්පෙකට දමලා තොල ගාමින් හිටිය.. හැබැයි විඩින් විඩේ මගෙ මේ අකමැත්ත දැකපු අභියා සහ ඕනයා ඇතුළු අනිත් සෙට් එකම ..

"මිස්ටර් ලියන්නා හදිස්සියෙවත් ඩෙංගු වලට කඩා පනින් හමුදාව හරි පී.එච්.අයි. හරි ආවොත් සුවර් එකටම ඔය තේ කෝප්පෙ අත් අඩංගුවට ගන්නව. ඩෙංගු මදුරුවො බෝ කලා කියල!"


 නැත්නම්,

 "ඉන්න මිස්ටර් ලියන්න මන් තේ කෝප්පෙ මකුළු දැල් ටික කඩලා දමන්න."

 කියල ඒ උදව්ව හරියටම කලා.මෙවන් කාරුණික ඇමතීමක් මම ඥාතියෙක්ගෙන්වත් ලබලා නැති එක ගැන මතක් වෙනකොට මගෙ ඇහැට කඳුලක් නොආවා මත් නෙවෙයි !

ඇත්තටම අද තරුණ කොටස් වලට එල්ල වෙලා තියෙන චෝදනා වල එකක් තමයි කට්ටිය සෙට් උනහම කතා කරන්නෙ කුණු හබ්බ වලින්මයි කියන එක. මමත් ඒ වගෙ වැරදි සංජානනයක තමයි හිටියේ මේ වෙනකම්ම..ඒ සිතුවිල්ල ක්ශණයකින් සුනු විසුනු වෙලා ගියේ මේ තරම්ම අචාරසම්පන්න, වාග් ශෛලයක් වෙන කිසිත් තරුණ පිරිසක් භාවිතා කරන්නට නැතුව ඇති යන සිතුවිල්ලත් සම්ඟමයි. අවට තේ පානය කරන පිරිස් පවා අපේ සෙට් එකේ මෙම කතා විලාශයන් පිළිබඳව විමතියක් පල කරමින් බලා සිටින බව පෙනී යාමම මෙය තහවුරු කරන්නක්.. ඔය අතරෙ සංවාදයට නැගුන හර බර , කාලෝචිත මාතෘකා සම්භාරය නම් අති උත්කෘශ්ඨයි. කොටින්ම බොහෝමයක් කරුණු  මට තේරුනේම නැති තරම්. .නැත්නම් මෙතන කොටන්න තිබුනා අනිත් අයගේ පහන් සන්වේගය පිණිසම. ඒ වෙලාවෙ තේරුනත් ඒ සංවාද වල තිබුන ගැඹුර නිසාම මගෙ හිතෙන් එව්ව ගිලිහිලා ගිහින්.ඔය අතරේ අපෙ  අවංක පැට්ටත් එයාලගෙ යාළුවෙකුට ප්‍රිය සම්භාශනයේ යෙදෙන හැටි උගන්නපු කතාවක් කිව්වා. රාජකාරි බහුලත්වය නිසාම බොහෝ වෙහෙසකර වී සිටියත්, අභීගෙ සහ ඕනයගෙ අති විශිශ්ඨ සදාචාරසම්පන්න ඉල්ලීම් උදෑසන හෙලූ කෙලපිඩක් සේ අහක දමන්නට නොහැකිව රංග ද එතනට සපැමිනුනා..සම්පූර්ණ යුරෝපීය  ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි ඔහු දුටු මාද මවිතයට පත් උනා කිවහොත් සත්‍යයක්මයි.. මෙතරම් ලාබාල තරුනයන් ඇඳුම් පැළඳුම් ගැන  මෙතරම් සැලකිල්ලකින් සිටීම සහ ඉරිදා දිනයක් වූවද, ටයි පටියක් හැඳ කබායක් පැළැඳ සිටීම!  වැඩ අධික කම නිසාම අප සමඟ වැඩි වෙලාවක් නොසිට නමුත් තේ පැන් සංග්‍රහය විඳ ඔහු අපෙන් සමු ගත්තා.

ඔය අතරේ ඊ (යා) පරිසරය සංකල්පය මත අප සිටි ස්ථානයට නුදුරින්ම වූ ගස දෙස දුක්බරව බැලූ පසන් කාලෙකින් මේ ගහට වතුර දමල නැහැ සිතමින් අයිස් කැට කිහිපයක්  ජිල් බෝල සමස්ත ලංකා ක්‍රීඩා  කෞශල්‍යය පෙන්නුම් කරමින් ගස වෙතට විසි කලා.. කොතරම් සාර්ථකව මෙම වීසි කිරීම සිදු කලාද කියනවානම්..ඒ සියල්ලම වැටුනේ ඊට එහා මේසයේ සිටි කණ්ඩායම මැදටයි.නමුත් අභීතගේ .  ස්තානෝචිත ප්‍රඥාව නිසාම කිසිම හෝ කලබලකාරී තත්වයක් ඇති වූයේ නැහැ.


තවත් හරබර සංවාද කිහිපයක් සහ ඕනයාගේ පාණ්ඩිත්වය විදහා දැක්වූ ඓතිහාසික විග්‍රහයකින් අනතුරුව "හයියෝ බුක් ෆෙයාර්.. හයියෝ සල්ලි !" යනුවෙන් හරබර ලෙස අභීගේ තේමාවකින් අර්ථගැන්වූ පොත් ප්‍රදර්ශනය වෙත යාමට කතිකා කර ගත්තා..ඒ අතරේ අහිංසකී රන්දිල් (ස්තූතියි වැප් නිවැරදි කිරීමට ) ගේ උපන්දිනයේ කේක් අනුභව කිරීමද පොත් ප්‍රදර්ශන භූමියෙදී යොදා ගෙන තිබුනා. පොත් ප්‍රදර්ශන ස්ථානය වෙත යාමට ප්‍රවාහන  පහසුකම් සපයාගැනීමේදී.. අභී විසින් ඔහුගෙ මනා සංචාරක කළමනාකරන හැකියාවන් මොනවට ප්‍රදර්ශණය කරමින් රු100කට යාහැකිව තිබූ තුන් රෝද රියකට රු200 ක් වැනි ඉතා සුළු මුදලකට සේවය සපයා ගනු ලැබුවා.


තුන් රෝද රිය තුල සිටිමින්ම පසන් පාර අයිනේ වූ බළු බෙටි පවා සුන්දරත්වයෙන් අනූනව ජායාරූපකරනයට ලක් කර ගනු ලැබුවා.. 

පොත් ප්‍රදර්ශනයට විවේක කුටියක් තුල අනිත් බ්ලොග් පිරිස හිඳ ගෙන සිටියා.. මතකයේ හැටියට අහිංසකී, චාපා, වැප්, සිහින, ජේ.ඩී. සෝරෝ , ශිරෝශි , දිල්සරා, ඇතුළු මහා කාණ්ඩයක් හිටිය ! මග හැරිච්ච අය මෙතනට එකතු කරයි කියල හිතෙනවා අපේ ප්‍රවීන බ්ලොග් කරුවො ටික කමෙන්ට් විදියට..

ඔවුන් ගෙනා කේක් ඕනයා කෑමෙන් අනතුරුව  තවත් සොයුරන් කීප දෙනෙක් ගෙනදුන් කෝක් බොමින් සතුටු සාමීචියේ යෙදී සිට.. පොත් ප්‍රදර්ශනය නරඹා සතුටින් විසිර ගියා.


ඉතිං බ්ලොග් ලෝකෙට අළුත් මම බ්ලොග් ලියන අනිත් අයව හම්බ වෙන්න ඕනි ඕනි කියල කියා ඉඳල ඕන්න ඔහොමයි කට්ටියව සුන්දර විදියට හම්බ උනෙ!

Yes It's a Wonderful meeting !

Friday, September 16, 2011

ඇස් පෙනෙන්නෙ නැද්ද ? නැත්නම් වල් කමටද මගෙ අතින් අල්ලන්නෙ ? ඈ !!!!



පහු ගිය 15 වෙනි බ්‍රහස්පතින්දා ඔෆිස් එකෙන් සෙට් කරලා තිබුනා නොමිලේ ඇස් පරීක්ෂා කර මුදලට කණ්නාඩි ලබා දීමේ වැඩසටහනක්..

අයි ක්ලිනික් එක තිබුනෙ අපේ ටීවී රූම් එකේ.  ටීවී එකේ ඇනිමල් ප්ලැනට් ප්‍රෝග්‍රෑම් එකක් යනව.දන්නවනෙ පොඩ්ඩක් බලන්න සෙට් උනොත් නවත්වන්න හිතෙන්නෙ නැහැ..මම තේ එකක් බීලා ඒකෙ යන වැඩසටහන් දිහා බල බලා යනවා..දන්නෙම නැහැ අපේ ස්ටාෆ් එකේම වෙන කෙනෙක්ගෙ ඇඟේ හැප්පුනා
"ලියන්නා ඇස් චෙක් කර ගත්තා නම් හරිනෙ ආයිමත්. එතකොට පාරෙ යන අයවත් පෙනෙයි"

ඒ නිසාම මම තීරනය කලා ඇස් පරීක්ෂා කරව ගන්න

මේ එතනදි සිද්ද වෙච්ච දේවල් ටිකක්..

මෙන්න ඉන්නව පෝලිමේ අගම අපෙ සඳමාලි නඟා..පෝලිම ටිකක් දිගට තිබුන නිසා..කම්මැලිත් එක්ක..නන්ගා ඉන්නව ශොකට් සෝබර් බැහැලා වගේ පැත්තකට බර වෙලා..එක අතක් මේසෙ උඩ තියා ගෙන..මමත් හෙමිහිට ගිහින් මේසෙ උඩ තිබුන අත උඩින් මගෙ අත තිබ්බා.. කරන්ට් එක වැදුනා වගෙ අත අහකට ඇදලා ගත්ත නන්ගා

"මොනවද ලියන්නා කරන්නෙ මගෙ අතින් අල්ලන්නෙ ඇස් පෙනෙන්නෙ නැද්ද? කලොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමයි"
 " අනේ ඔව් නගා ඒ නිසයි මම ඇස් චෙක් කර ගන්න ආවෙ."

" කලොත් කරන්නෙ ඔය වගේ වැඩක්ම තමයි."


" ඇයි ඔයා ඇස් චෙක් කරන්නෙ පෙනීම අඩුද? "


"ඔව් අයියෙ ඒ වගෙයි. ඉතින් හිතුවා චෙක් කර ගන්න ඕනි කියල.. "


"ඔව් ඔව් සඳමාලි මම අද බස් එකේ දි දැක්ක විදියට නම් ඔයාගෙ ඇස් චෙක් කරව ගන්නම වෙනව. "
ඒ හඬ ඇසෙන්නෙ ශානිකා ලී මෝලෙනි

"ඒ මොකෝශානිකා?"

 "ඇයි ඔයා ළඟම හිටියෙ හැන්ඩි කොල්ලෙක් .. උඹ අහක බලාගෙන ආපු විදියට මන් හිතුවා උඹේ පෙනුම අඩුයි කියල .. "


"නෑ බන් ඒ කොල්ල ළඟ සිගරට් ගඳයි..නැත්නම් මම එහෙම අහක බලා ගෙන එනවද?"



දැන් පෝලිමේ ඉන්න අතරෙ වෙච්ච කතා.

"මේ ඔයාට ළඟ පෙනෙනවද ?"
" ඔව්.."
" එතකොට අප්සට් එක දුර පෙනෙන්නෙ නැති එකද? බස් වල බෝඩ් වගෙ එව්ව.."
" නැහැ දුරත් හොඳට පෙනෙනව."
" එහෙනම් මොකටද මෙතනට ආවෙ ඇස් චෙක් කරන්න?"
" නෑ මට ඔය අතරෙ මැද ටික පෙනෙනවා හොරයි. ඒකයි අනේ.."

-------------------------------------------------------------------------

"මට හැමවෙලාවෙම කළු පාට ඩොට් ඩොට් වගෙ පෙනෙනවා."

"හා මේ ලෙන්ස් දෙක හරි යයිද බලන්න"

"ශා !! දැන් ඒ ඩොට් හොඳට පැහැදිලිව පෙනෙනවා.."

----------------------------------------------------------------------------

"මගේ යසට තිබිච්ච දීගෙ කැඩුනෙ ඇස් දොස්තරෙක් නිසා..මට අයි ක්ලිනික් දකින කොටත් මාළු නටනව!"

" ඇයි මොකෝ උනේ අක්කෙ?"

"ඇයි බන් මගෙ මිනිහ අවුරුදු 20ක් මාත් එක්ක යස අගේට දීග කෑවා.. අර හන්දියෙ ඇස් බලන තැනින් දීපු කන්නාඩි කූට්ටම දමා ගෙන සතියයි හිටියෙ..මාව දමලා  අර හන්දියෙ සක්කර වට්ටම එක්ක පැනල
ගියේ!"

-----------------------------------------------------------------------------------

"ශරීරයෙ අනිත් එව්වට වගේම ඇස් වලටත් ව්‍යායාම අත්‍යාවශ්‍යයි.."

"කොහොමද ඇස් වලට ව්‍යායාම දෙන්නෙ.."

"මෙන්න මෙහෙමයි. පෑනක් අර ගෙන මෙහෙම ඈත ඉඳන් පැනටම ඇහැ ෆෝකස් කරගෙන ඈත ඉඳන් ළඟට අරන් එන්න..ආයිමත් ළඟ ඉඳන් ඈතට අරගෙන යන්න."

"අපොයි ඔය ව්‍යායාමය නම් මෙයා හොඳට කරනවා.. ඒ කොහොමද? ගෑනු ළමයෙක් පාරෙ ගියොත් නොපෙනී යනකම්ම ෆෝකස් කරගෙන බලා ඉන්නෙ ඇහි පිය නොහෙලා තමයි"

 -------------------------------------------------------------------------------------

"මේ මෙතන තියෙන ෆ්‍රේම් එකක් වත් මට අම් අල්ලන්නෙ නැහැ. හරියන එකක්වත් නැහැ."

"ඔය මූනට ගැලපෙන කණ්නාඩි නැහැ. මොකද අළුත් මූනක්වත් ගන්න ට්‍රයි කලොත්."

----------------------------------------------------------------------------------------
"මෙතන වැඩිය හිනා වෙන්න ගන්නව නෙවෙයි ඔය ඇස් චෙක් කරන්න ඉන්න අය..දන්නෙ නැද්ද ඇස් වල ප්‍රෙශර් එක නගිනව කියල"

 එහෙම කිව්වෙ පේලියෙ හිටිය කෙනෙක් මිසක් ඇස් පරීක්ශා කරන අය නෙවෙයි.

--------------------------------------------------------------------------------------
ලියන්නව චෙක් කරල කිව්වෙ දැනට තියෙන කූට්ටම ම තව අවුරුද්දක් විතර පාවිච්චි කරන්න කියලයි.
.

Thursday, September 15, 2011

ඇබ්බැහි උනා පාට පාට ලෝකයට !

ගමෙන් පිටවෙලා කොන්ක්‍රීට් වනන්තරේට පියමන් කරන්න ලං වෙනකොට ගමේ හිටිය ඥාති, මිත්‍ර, වැඩිහිටි, ගුරු, දෙගුරු හැමෝම දීපු අවවාද වල කොටසක් උනේ
"පුතේ කල්පනාවෙන් යාළුවො ආශ්‍රය කරපන්..හෙරොයින්, ගංජා වගෙ නා නා ප්‍රකාර මත් ද්‍රව්‍ය වැහි වැහැලා..පාවිච්චි කරන අයත් ඒමටයි..බැරි වෙලාවත් ටෙස් කරන්නවත් ඔව්ව කටේ තියනවා නෙවෙයි" 
කියන එක..
ඒත් කවුරුවත් කිව්වෙ නැහැ.. 
"පුතේ පොත් කියල ජාතියක් තියෙනවා.සමහර එව්ව කියවන්න ඇබ්බැහි උනොත් උඹ ඉවරයි පුතේ..එක පොතක් කියවලා ඉවර වෙනකොට අනිත් පොත..එක ලියන කෙනෙක්ගෙ පොතක් කියෙව්වොත්..ඊළඟ පොත එනකං හූල්ල හූල්ල ඉන්න වෙනව..ඇඟිලි ගැන ගැන ඉන්න වෙනවා.."
  කියන අවවාදය කවුරුවත් දුන්නෙ නැති නිසා..
The Da Vinci Code 
කියවල ඉවර කරපු මම පිස්සුවෙන් වගේ එයාගෙ අනිත් පොත් හෙව්වා..දෙයියනේ මේ තියෙන්නෙ පොත් ගොන්නක්ම...
ෆොටෝ එක ගන්න පොත් ටික එලියට ගත්ත නිසා දූවිලි මකුලු දැල් ටික කඩලා පිරිසිදු කලා..
Angels and Demons -
The plot follows Harvard symbologist Robert Langdon, as he tries to stop the Illuminati, a legendary secret society, from destroying Vatican City with the newly discovered power of antimatter.

මේකෙත් චිත්‍රපටය ආවා..බැලුවා ඒත් පොත තරම් ...ම්හ්හ්..

Deception Point -
Intelligence Analyst Rachel Sexton is in her mid-thirties, is single, and works for the NRO (National Reconnaissance Office). Her father, Senator Sedgewick Sexton, is a presidential candidate who is more popular than incumbent President of the United States Zachary Herney. The President sends her to the Arctic as part of a team of experts to confirm and authenticate findings made by NASA deep within the Milne Ice Shelf. NASA's new Polar Orbiting Density Scanner (PODS), part of the Earth Observation System (EOS), a collection of satellites monitoring the globe for signs of large-scale change, has found an extremely dense spot in the Milne Ice Shelf. At this spot NASA discovers a very dense meteorite. In it are insect fossils very similar to, but not the same as, species on earth. NASA claims this as proof of extraterrestrial life.

මේකෙ නම් ෆිල්ම් එක හදන්න යන බවක් කියවෙනවා වාගෙම මූවි ට්‍රේලර් එකකුත් යූ ටියුබ් වල තියෙනවා..ඒක ෆේක් කියලත් කියනවා..

Digital Fotress
 When the United States National Security Agency's code-breaking machine (TRANSLTR) encounters a new and complex code—Digital Fortress—that it cannot break, Commander Trevor Strathmore calls in Susan Fletcher, their head cryptographer to crack it. She discovers that it was written by Ensei Tankado, a former NSA employee who became displeased with the NSA's intrusion into people's private lives. Tankado intends to auction the code's algorithm on his website and have his partner, "NDAKOTA", release it for free if he dies. Essentially holding the NSA hostage, the agency is determined to stop Digital Fortress from becoming a threat to national security.
මේ කතාවෙත් පොත විතරයි තවම තියෙන්නෙ..හැබැයි ෆිල්ම් එකක් ඒවි අනිවා..ඩෙෆා !

ඊට පස්සෙ ඊළඟ පොත එනකන් මට හූල්ල හූල්ල , ඇඟිලි ගැන ගැන ඉන්න උනා..2010.01.03 වෙනිදා වෙනකම්.. The Lost Symbol  තමයි ඒ පොත...



මේ පොත තාමත් ඔෆිස් ලාච්චුවෙ තමයි තියෙන්නෙ
Harvard symbologist Robert Langdon is summoned to give a lecture at the United States Capitol, with the invitation apparently from his mentor, a 33rd degree Mason named Peter Solomon, who is the head of the Smithsonian Institution. Solomon has also asked him to bring a small, sealed package which he had entrusted to Langdon years earlier. When Langdon arrives at the Capitol, however, he learns that the invitation he received was not from Solomon, but from Solomon's kidnapper, Mal'akh, who has left Solomon's severed right hand in the middle of the Capitol Rotunda in a recreation of the Hand of Mysteries. Mal'akh then contacts Langdon, charging him with finding both the Mason's Pyramid, which Masons believe is hidden somewhere underground in Washington D.C., and the Lost Word, lest Solomon be executed.
2009 සැප්තැම්බර් 15 අද වගේ දවසක අවුරුදු 2කට ඉස්සෙල්ල..මේ පොත් පිට උනත් ලංකාවට ආවෙ 2010 ජනවාරි තමයි !


අලුත් පොතක් ගැන නම් තාම මුකුත්ම කතාවක් නැති නිසා..මම වෙන වෙන දේවල් එනකං තමයි මේ දවස් වල ඇඟිලි ගනින්නෙ..!
ඕන්න බලන්න ඇබ්බැහි වීම් වල තියෙන ප්‍රතිඵල...


photo courtesy from http://www.danbrown.com