ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 22, 2011

කෝ මේ ඇටලපයා ?

බලන්න එක වචනයක තේරුම හොයා ගෙන ගෙන යනකොට අහුවෙන තවත් වචන..

මම නම් ජීවිතයටම මේ වචන දෙක ඇටලපය සහ ඇටපලය කියන වචන දෙක ඇහුවමයි.. කොච්චර පොත්පත් කියෙව්වත් අහුවෙලාත් නැහැ. සමහර විට මළගිය වචන දෙකක් වෙන්නත් පුලුවන්.. ඒත් කවුරුහරි පාරෙ යනකොට "අඩෝ ඇටලපයා උඹෙ කූරු ගලවනව" කියල තගක් දැම්මොත් එහෙම ... ඒ හින්දම මේ වගෙ වචන වල තේරුම දැන ගෙන හිටියට කමක් නැහැ.. මේ වචන දෙකම කියන්නෙ ඉත්තෑවට තමයි

මේක මගේ නිර්මානයක් නෙවෙයි.. කාටර් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝශය තමයි එහෙම කියන්නෙ...

මේ වචනෙත් එක්කම මට ටිකක් ප්‍රසිද්ධ කතාවක් මතක් උනා.. ගොඩාක් අය මේ කතාව අහල ඇති මන් හිතන විදියට..

එක විශ්‍රාම ගිය විදුහල්පති කෙනෙක් උන්නා ගමක.. විශාල පොල් වත්තක් මැද්දෑවෙ තමයි ගේ තිබුනෙ. ඒ අවට ඉන්න ගැහැණු අය ඇවිත් මේ වත්තෙ වැටෙන පොල්, හනසු, අතු එහෙම හොරෙන් අරන් යන පුරුද්දක් තිබුනා..මේක අර "ලැජ්ජනැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි" කියන කතාව හැදිච්ච සිද්ධිය නම් නෙවෙයි..විදුහල්පතිතුමාත් සෑහෙන උත්සාහ කලා මේ හොරකම් නවත්වන්න.. හොරකම් කිව්වට මහ දවලෙත් මේ වැඩේ ජයටම කෙරුනා.. දවස් කීපයක්ම හොඳ කුනුහබ්බ කියල බැන්නා.. අයියෝ සර් දන්න කුනුහබ්බ ඔව්වද.. අපි ඔයිට වඩා දන්නව කියන්නැහෙ.. මේ ගොල්ලො තමන්ගෙ වැඩේ කරන් ගියා.. ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වැඩියි.. කියන කතාවත් අහල තිබ්බ විදුහල්පති තුමා.. ඒ වැඩෙත් කරල බැලුවා... එක අම්මණ්ඩි කෙනෙක් ඔලොක්කුවට වගෙ "ඈ සර් ඔය සේරම ටිකෙයි?" කියල අහලත් තිබ්බ.. ඉතින් කොහොමද මේ වැඩේ නතර කරන්නෙ?

ඒත් එක දවසක විදුහල්පති තුමා කිව්ව කතාවට මේ බවලත්තු ටික .. තුෂ්නිම්භූත උනා විතරක් නෙවෙයි.. මෙන්න මෙහෙම කතා උනා.. හප්පේ කුනුහබ්බ අහලත් තියේ.. දැකලත් තියේ.. මෙහෙම එව්ව නම් මේ ඇහැව්වමයි.. ඕන්න ඔය ටික දමාලා යන්න යමවු බොලව්.. කියල අහුල ගත්ත පොල් ටිකයි, අතු ටිකයි, හනසු ටිකයි දමල ගියාලු.. ආයිමත් පැත්ත පලාතෙ ආවේ නැතිලු..

විදුහල්පතිතුමා මොනවද කිව්වෙ ?

ඈ බොලව් ගෑනියෙ උඹල සර්වලෝකපූට්ටු වගෙ ඉඳගෙන..තොපිලගෙ උණ්ඩුකපුච්චයද ඔය අරන් යන්නෙ? තියල පලයවු ඔව්ව තොපිලගෙ ත්‍රිමණ්ඩලයම භංග කර ගන්නෙ නැතුව "

7 comments:

  1. හා හා හා.....පට්ට කතාව...:D

    ReplyDelete
  2. එළ එළ වෙනියා...

    අන්තිම පේළිය හසා

    ReplyDelete
  3. සපෝසින් සස් ගාල සම්තිං හැපන්ස් , වට් විල් ලෝකය සේ එබවුට් අස්.....

    ReplyDelete
  4. ඒකත් ඇත්ත තමයි ඔබ්සර්වර්.. කොහොමද මුන් දෙන්න මෙච්චර දන්නෙ කියල හිතයි.. ගේ කුරුල්ලො කියලත් හිතන්න ඉඩ තිබේ..

    ReplyDelete
  5. ගෑණු ටික පොල් අතු ටික දාලා ගියා මදෑ... විදුහල්පතිගේ ත්‍රි මන්​ඩලේට දනිස්සෙන් පාරක් නොදී...

    ReplyDelete
  6. :D :D sira kathawa! pol wathuwalin gaanunta kochchara wadak ganna puluwanda bn! :D ee athin principle kale katha wadak! :D porage talk 1 nam maru!

    ReplyDelete