ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, July 13, 2011

අදත් ඉවරායි

අද උදේ පරක්කු වෙලා ඇහැරුනා වගේම දවසෙ හැම වැඩක්ම වගෙ කරන්න උනේ නම් කඩිමුඩියේම තමයි...

ඔෆිස් එකට ගියා විතරයි.. අපේ අංශයට කූඹි ආක්‍රමනයක් ඇවිත්. ඊයෙ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නෙට පිරිසිදු කිරීමෙ කට්ටිය දීපු විසඳුම - එයාර් ෆ්‍රෙශ්නර් විදීම - හරි ගිහින් නැහැ. සෙක්ෂන් එකේ හැම පීසී එකකම කීබෝඩ් වලත් කූඹි..මාර ප්‍රශ්නෙ..එන්නෙ කොහෙන්ද කියල බැලින්නම් .. උන් එන්නෙ වහලෙ සිවිලිමෙන්. ඉක්මනට ඇඩ්මින් එකට ලියුමක් යවල ගෙන්න ගත්ත මෝර්ටීන් ස්ප්‍රේ එකක්. ඒක කැරපොත්තන් නාශකයක්
. මැටි උනත් කමක් නැහැ බළල මීයො අල්ලනවනම් කියල..මේක ස්ප්‍රේ කරන්න කිව්වහම සෙක්ෂන් එකේ පියන් කියාපි.. අනේ බැහැ සර් හෙට පෝය පවු වැඩේ..මන් අනිද්ද ගහන්නම් කියල.. අනිද්ද වෙනකන් හිටියොත් කූඹි හැමතැනම කූඩු හදල තියෙයි.. කාට කියන්නද ? ඕනි බම්බුවක් කියල.. මමම ස්ප්‍රේ කලා..කූඹි සෑහෙන ප්‍රමානයකට නිවන් සැප තමයි..

ඔයවගෙ දඩි බිඩි වැඩ කරන අතරෙ එනව යාළුවෙක්ගෙන් කෝල් එකක්..

මචෝ උඹ වැඩ ඇරිල ගෙදර එන්නෙ කීයටද ?

යි උඹ මට නාන්න වතුර එකක් උණු කරල තියන්නද කතා කලේ ?

උණු වතුර නම් මොනාද මචං.. බලහන්කො අපෙ පොඩි එකා මගෙ ෆෝන් එක ඔබ ඔබා හිටිය..ඒකෙ ලැන්ග්වේජ් එක වෙනස් වෙලා..

අපේ කියන්නෙ මන් ඕකට වග කියන්න ඕනි නැහැනෙ..

මං තොට කිව්ව කියල හිතා ගනිං

හා...
ඇයි දැන් මොන ලැන්ග්වේජ් එකෙන්ද මෙනු එක එන්නෙ?

ඒක දන්නවනම් මං උඹට කතා කරනවද බං ?

හරි හරි ඉතින් කියන්කො

චයිනීස් ද, කොරියන්ද මන්ද බන් ඒවගෙ අකුරු තමයි තියෙන්නෙ.. උඹ ඉතින් මගෙ හොඳ සුදූ අයියනෙ..

කොහෙද බොල මං බොගෙ අයිය වෙන්නෙ ? තෝ මට වඩා වැඩිමාල්නෙ..

හරි හරි සුදු මල්ලියෙ.. මේක හදා දියන්කො..

හා දැන් ගං ඕකෙ මැනුවල් එක

මොකද්ද බන් ඒ
?

ඇයි බන් ඔය ෆෝන් එක එක්ක දීපු පොත..

ඒක කොහෙ හොයන්නද බන්.. ?

එහෙනම් ඕක අරං වරෙන් මගේ කාමරේට මන් 8.30 වෙද්දි ගෙදර..එනකොට නාගෙනම වරෙන්..

ඈ !!!
.. ඒ මොකටද නාගෙන එන්නෙ? උඹ ඔය මොකාටද එන්න හදන්නෙ?

නෑ බන් අපෙ ගෙදර ඉන්න බල්ල ලැසී ඌ කුනු මාළු වලට හරි කැමතී .. උඹ පස්සෙ පැන්නුවොත් මට ලැසීට ගහල පන්නන්න බැහැනෙ..

පුදුමයි උඹ බේරිල ඉන්නව..

මොකද්ද තෝ කිව්වෙ?

නෑ නෑ මුකුත් නැහැ..එහෙනම් මන් 8.30 ට රූම් එකෙ..

හා..

මේක හරියටම වෙලාවට ආව.. ෆෝන් එකේ මැනුවල් එක ඩවුන්ලෝඩ් කරල එකෙන් බල බල.. අන්දයො වගෙ මෙනු එක හරි ගැස්සුව... මෙන්න ආයිමත් ඉන්ග්‍රීසි බබා වගේ..
කොල කෑල්ලක ලියල දුන්න මෙනු කමාන්ඩ් ටිකත් ආයිමත් ඕනි උනොත්..
ඒකත් ඉවර වෙලා කාලා.. දැන් තමයි බ්ලොග් එකට සෙට් උනෙ..
හෙට නිවාඩු නිසා යනව ගම් පලාතෙ ගිහින් අම්මව බලල එන්න.. හෙටම හවස ආපහු එන්න වෙන නිසා උදෙන්ම යන්න ඕනි..

No comments:

Post a Comment