ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, April 4, 2012

රෙද්ද අස්සෙ ගිය අහස් ගුණ්ඩුව සමඟ අවුරුදු කතා...


සිංහල අළුත් අවුරුදු කාලෙ කියන්නෙ ඉතින් සතුට, ප්‍රීතිය සපිරුණු හැමෝම සැහැල්ලුවෙන් ගත කරන කාලයකට තමයි. ඒක ගම් ගොඩැලි වල වගේම නගරෙත් එක වගේමයි. ගම්වල ඉතින් කුඹුරු කපලා අස්වනු ගෙට අරන්, බව බෝග වලින් සරුසාර වෙලා වගේම නගරේ රස්සාවල් කරන අයට අවුරුදු දීමනා, බෝනස් වගේම මාර්තු , අප්‍රේල් දෙකේම පඩි එකළඟ ම ලැබිලා අතමිට සරු වෙලා සතුටින් ඉන්න කාලයක් තමයි මේ..


"වෙසක් මාසෙ දන්සල් වලින් තමයි ෂේප් වෙන්ඩ වෙන්නෙ .. මොකද මාස දෙකේම පඩි සල්ලි ඉවරයි අප්‍රේල් 20 ගණන් වෙන කොට..මැයි මාසෙ රිම් එකෙන් යනකොට තමයි කාපු අවුරුදු වල රඟේ තේරෙන්නෙ"


මෙහෙම කීවෙ ජොබ් එකක් කරන මගේ යාළුවෙක්..මේ කතාවෙ ඇත්ත හැමෝම දන්නවා..මැයි මාසෙ වියහියදම් ෂේප් කරගෙන තමයි ගත කරන්ඩ වෙන්නෙ..


"මොන අවුරුදුද මල්ලි අපිට ? පොඩි උන්ට අවුරුදු ඕනි නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්නෙ"


එහෙම කීවෙ බිත්තිවල තීන්ත ගගා හිටපු සෝමෙ අයියා..


හ්ම්ම්ම්ම් පොඩි උන් කාලෙ අපිටත් දැන් වගකීම්, බර වලින් ඔළුව ඔද්දල් වෙන්ඩ ඉස්සර නම් අවුරුදු කියලා ලොකුවට දැනුණා තමයි. ඒත් දැන් නම් ඒකත් තවත් දවස් දෙකක් තමයි කියලා නොහිතෙනවාත් නෙවෙයි. එහෙම හිතුවත්..හැම අවුරුද්දෙම අර පොඩි කාලෙ වගේම අවුරුද්ද එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ..අළුත් ඇඳුම් පැළඳුම් ගන්නෙ..ගෙදර ඉන්න බල්ලො ටික බය නිසා රතිඤ්ඤා නොගෙන නිලා පැකට් එකක් හරි බඹර චක්‍ර පැකට් එකක් හරි අර ගන්න එක නොවරදවාම කෙරෙනවා. අවුරුදු කාලෙට ගමේ අසිරිය ගැන කියන එක ටිකක් කම්මැලි දෙයක් වෙන්නෙ..බලන අයට උණත් ඒක වෙනත් මාධ්‍ය වලින් දැකලා , කියෝලා , අහලා එපා වෙලා නිසා මන් හිතුවෙ මතක පොත අවුස්සලා බලද්දි අවුරුදු කාලවලට සිද්ධ වෙච්ච ටිකක් හාස්‍යජනක, දුක්බර , ශෝක ජනක කියන රසයන්ගෙන් යුත් කතා කීපයක්ම එළියට දමන්නයි..


--------------------------------------------------------------------------------








ගමේ වතුවල වගේම කැලෑවල් වල වල තියෙන ගස් වල පලබර වෙන කාලයක්නෙ මේක..විශේෂයෙන්ම කජු ගස් තමයි මේ කාලෙට ගෙඩි හැදෙන්න පේවෙලා ඉන්නෙ.. කජු ගස් වල අතු පාමුල ඉඳන්ම විසිරිලා පැතිරිලා තියෙන නිසාම මන් වගේ ගස් නගින්න බැරි අයට දනි පනි ගාලා කජු ගහකට නගින එක කජු කනවා වගේ වැඩක් තමයි..මන් ඒ කාලෙ ඉඳන්ම උඩ ඉඳන් බිම බලන්න බයයි..ගහකට නැග්ගත් එච්චර උසකට නගින්නෙ නෑ මේ හේතුව නිසාම..කොල්ලො සෙට් එක එක්ක සෙට් උණහම තරඟෙට වගේ ගහේ උඩට යනවා උණත් මන් නගින්න පුළුවන් සීමාවෙන් උඩට යන්නෙම නෑ..එච්චර උඩට ගිහින් බිම බැලුවහම මගේ ඔළුව කැරකෙන්න ගන්නවා..කකුල් දෙක වෙව්ලනවා..එහෙම ඉඳන් ආයි බිමට බහින්නෙ අමාරුයි. කජු පුහුලන් කහ පාට වෙන කාලෙට අපි කරන්නෙ පොඩි බෑග් එකක්, ලුණු කැට දමපු මල්ලක් එක්ක පොඩි පිහියක් අරගෙන කජු ගහ උඩට නැග්ගහම ඉතින් දවසම ඒක උඩ තමයි..කජු පුහුලන් කාලා කාලා හවසට ගහෙන් බිමට බහින කොට උගුර බැරෑණ්ඩි වෙලා කජු කහට වලට..ඔහොම එක දවසක් අපි යාළුවො සෙට් එකත් එක්ක නැග්ගා කජු ගහට..මම යන්ඩ පුළුවන් උසම අත්තට නැගලා..අහල පහළ තියෙන කජු පුහුලං කකා ඉන්නවා..අනිත් උඩට යන්න බය නැති උන් ගහේ උඩටම ගිහින් හූ තිය තියා කජු පුහුලං කන්නෙ..ටීවී ගමට ආපුම කාලෙ ඔය වෙනකොට අපි ටාසන් ටෙලි කතා මාලාව බලමින් ඉන්න කාලෙනෙ..හිතින් ටාසන් නොවෙන්නෙ මොන පොඩි එකාද ? අපි ඔහොම ඉන්න කොට ගහ යටට එනවා ළඟ ගෙවල් වල ඉන්න කෙළි පොඩිත්තො රංචුවක්ම..ඔය අතරෙ අපේ අල්ලපු ගෙදර ඉන්න බෝනික්කි වගේ නිලන්ති නංගිත් ඉන්නවා ඇහෙන්නෙ මට කටහඬින්මයි..


"අයියේ අවුරුද්දට හත් මාළුව හදන්න අපිටත් කජු ටිකක් කඩලා දෙන්නකො.."


උන් ගහ යට ඉඳන් කන් කෙඳිරි ගානවා.. මමත් ඒ වෙන කොටත් මගේ බෑග් එකේ තිබ්බ කජු ගෙඩි 20-30න් 10ක් විතරම දුන්නා..අනිත් අයත් එහෙම දුන්නා..කෙල්ලන්ටත් හරි සතුටුයි..මේ සෙට් එකේ කීප දෙනෙක්ම මගේ පන්තියෙත් අනිත් අය අපිට වඩා පහළ පන්ති වලත් හිටපු අය..එහෙන් මෙහෙන් අපි කඩලා දුන්න කජු පුහුල සූප්පු කර කර මේ සෙට් එක දැන් අපිට ගහ යට ඉඳන් අපි ඉඳගෙන ඉන්න අතු වලට නොපෙනෙන කොළ වලින් වැහිලා තියෙන කජු පුහුලන් ගැන ඔත්තු දෙනවා..හිතා ගන්නකො රැහැයියො වගේ කෑ ගහන පොඩි කෙල්ලො තුන් හතර දෙනෙක් ගහ යට ඉඳන් උඩ ඉන්න අපි හතර දෙනාට කජු පුහුලන් තියෙන තැන් ගැන කිය කියා කෑගහන කොට තියෙන සනීපෙ...


"අයියෙ අයියෙ ඔය ඔයා ඉඳ ගෙන ඉන්න අත්තට උඩ අත්තෙ හොඳ පුහුලමක් තියෙනවා.."


මන් උඩ බැලුවා..ම්හ්හ් එහෙම එකක් පේන්න නෑ..


"ඔය උඩ, උඩ අයියෙ නැගිටින්නකො..එතකොට පෙනෙයි"


මම ඉඳ ගෙන ඉන්න අත්ත ළඟ උඩ අත්ත තිබ්බෙ ටිකක් උඩින්..ඉඳ ගෙන ඉන්න අත්ත උඩ නැගිට්ටත් අත ටිකක් උස්සලා තමයි ඊ ළඟට තියෙන අත්ත අල්ලා ගන්ඩ ඕනි..ඒ නිසයි මම මේ අත්තෙන් උඩට නැග්ගෙ නැත්තෙ..මේ කෙළි පොඩිත්තන්ට මගේ බය පෙන්නන්න ලැජ්ජයිනෙ..මම කොහොම හරි දනි පනි ගාලා ඉඳ ගෙන හිටි අත්ත උඩින් හිට ගත්තත් අත් දෙකෙන්ම උඩ අත්ත අල්ලගෙන වටේ පිටේ ඔළුව හරවලා බැලුවා..ම්හ්හ්හ් පේන්ඩවත් නෑ පුහුලම..


"ඔය ඔය අයියගේ ඔළුව ළඟම තියෙන්නෙ.. මේ මන් පෙන්නන දිහාවෙ බලන්න"


කියලා පොඩි එකී බෙරිහන් දුන්නත්..මන් බිම බැලුවෙ නැත්තෙ..පොඩි බයක් තිබ්බ නිසාමයි..ඒත් එක්කම,
..මට අදහසක් ආවා..


"ඉන්ඩ නංගි මෙතන ඉඳන් ඒක කඩන්න මගේ අත දිග නෑ.. මන් කඩපු එකක් දෙන්නම් ඊට වඩා හොඳ එකක්"


මන් ඇහැ මානෙට නොගෑවුණු කජු පුහුලම දෙකේ කොලේට දමලා හැදුවෙ ආයිමත් ඉඳ ගෙන හිටි අත්ත උඩම වාඩි වෙලා ඒ අත්තෙ පොඩි කරුවක එල්ලා තිබුණු මල්ලෙන් හොඳම කජු පුහුලමක් දීලා මගේ ජාමෙ බේරා ගන්ඩයි..
උඩ අතු ටික සර බර ගාන සද්දෙත් එක්ක.. මට උඩ අත්තක හිටපු ජගත් මන් ඉන්න අත්තට ආවා..


"කෝ එහාට වෙයන් මන් ඒක කඩලා දෙන්න" 


මූ ඉතින් කෙල්ලො ඉස්සරහා ලකුණු දමා ගන්ඩමයි හදන්නෙ..දැන් ගහ පාමුල වැඩි සද්දයක් නැත්තෙ නිලන්ති නන්ගිත් එක්කම සෙට් එකම මේක දිහා බලා ගෙන ඇති..


මන් පොඩ්ඩක් හෙමිහිට හෙමිහිට අත්තෙ එහාට උණා..එතකොටයි දැක්කෙ මගේ කන ළඟින්ම එල්ලි එල්ලි තිබුණු ලොකු කහපාට කජු පුහුලම..එතකොටත් ජගත් ඒකට අත දික් කරනවා..


"හිටින් මන් කඩලා දෙන්න"


කියලා කීවත් ජගත් මට වඩා ඉස්සර උණා මැණික් ගලක් ගන්නවා තරම් සතුටකින් කජු පුහුලම කඩා ගත්ත ජගත්..


"ඔන්න අල්ල ගන්න.. බිමට දමා ගන්න එහෙම එපා..තැලුණොත් වැඩක් නෑ"


බිම බලාගෙන මානලා මානලා කජු පුහුලම බිමට අතෑරියා..මමත් ඉබේටම බිම බැලුනෙ නිලන්ති නන්ගිද කජු පුහුලම හරියටම අල්ලා ගත්තෙ බලන්න..
බුදු අම්මෝ..මම ඉන්න උඩ..බොක්ක හීතල වෙලා..යද්දි කකුල් දෙක ගැහෙන්ඩ පටන් ගත්තා..


"මන් උඩට යනවා"


කීව ජගත් නිකන් අත පය තියා ගෙන නෙවෙයි ආයිමත් ගහ උඩට නැග්ගෙ..මන් ඇඳ ගෙන හිටි සරමේ ගැටෙන් හයියෙන් ඇද ගෙනමයි..හෆොයි සරම් ගැටේ බුරුල් උණා..මන් වවුලෙක් වගේ අත් දෙකෙන්ම උඩ අත්ත අල්ලන් හිටියත් ..එක අතක් අල්ලගෙන ගිලිහෙන සරම් ගැටෙන් අල්ල ගන්ඩ ගියත් ..මන් පරක්කුයි..සරම ලිස්සලා ගියා..අපි ඉස්කෝලෙ හතරෙ පහේ උන් ඒ කාලෙ ඉස්කෝලටවත් යටට අඳින්නෙ නැති කාලෙ..දැන් සරම රූටලා ගිහින් කකුල් දෙක පාමුල ගහෙන් පල්ලහැට එල්ලෙනවා.. මන් හෙලිකොට්ටෙන්..බඩ ළඟට විතරක් තියෙන කමිස පොඩිත්ත මදි අත්‍යාවශ්‍ය දේවල් වහ ගන්න..ඊට වඩා බය අල්ලන් ඉන්න අත්ත අත හරින්න..උඩ ඉන්න සෙට් එක්ක මේක දැක්ක විතරයි..තිබ්බෙ නැද්ද ගම දෙවනත් වෙන්න හූවක්..


පහළ ඉන්න කෙළිත්තො රොත්තම උඩ බැලුවා දැක්කෙ ඇහේ කොනකින්..මුන් ටික හූ කියන්නෙ ඇයි කියලා බලන්න..ලැජ්ජාවට වඩා තවත් දෙයක් තියේද..මගේ බය කොහෙන් ගියාද මන්දා..මන් අල්ල ගෙන හිටි අත්ත අත් දෙකෙන්ම අත ඇරල..කකුල් දෙක ඉස්සරහට දමලා..ඉඳ ගෙන හිටි අත්තෙ ආයිමත් ඉන්ඳවෙන වෙන විදියට පැන්නෙ ටුක් ගාලා ආයිමත් සරම අල්ල ගෙන ඇඳ ගන්ඩ හිතා ගෙන..ඉස්සරහට දමපු කකුල් දෙකෙන් නිදහස් වෙච්ච සරම පා වෙලා ගියේ ගහ යටට..


"අයියො අයියා ගහෙන් වැටුණෝ"


කට්ටියම කෑ ගහනවා..


'නෑ නෑ සරම විතරයි බිමට වැටුණෙ..දුවමු දුවමු..අපි දුවමු.."


සේරම අවු අස්සෙ මට ඇහුණා නිලන්ති නගාගෙ කටහඬත්..
කියන්න ඕනි නැහැනෙ ඒ අවුරුද්ද මට එච්චර සරු උණේ නෑ.ටික දවසකින් අත්තෙ එකපාරටම ඉඳවෙච්ච එකට සීරිච්ච පස්ස පැත්ත සනීප උණත්.යන යන තැන මගේ වයසෙ උන් ඔය කතාවට අතින් පයින් දමලත් කියලා තිබුණා..ටික කාලයක් යනකම්ම මන් ඒ කෙල්ලො සෙට් එකේ මූණවත් බැලුවෙ නෑ...
---------------------------------------------------------------------------------




කුඩා උන් වූ අප ගිනි කෙළි පාවිච්චියේදී නම් වඩාත්ම ප්‍රවේසම් වූයේ කුඩා කල සිටම ගිනි කෙළි වලින් සිදු වූ අනතුරු පිළිබඳ ඇස දුටු සාක්ෂි කරුවන් වූ නිසාමය..නමුත් කොලු කම් හා බලු කම් අතර වෙනස ඉතා සුලු බව අපේ පන්සලේ හාමුදුරුවන් බණට කීවේ අප කොලු රන්චුව දෙස බලා බව නම් නිදිමතේ වූවද ඉඳුරාම කිව හැක..
මුල්ම කාලෙ බොහොම පරිස්සමට ගහක හරි අත්තක හරි අහස් ගුණ්ඩුව රඳවලා ගිනි පෙනෙල්ලකින් තමයි ඒකේ සේවා නූලට ගිනි තිබ්බෙ..යන්තම් පත්තු වේගෙන එනකොට පොඩ්ඩක් එහාට දුවනවතෙක්ක..පහු පහු වෙනකොට කොයිවත් කොහු කොහු වෙනවා කීව අපේ ගමේ හිටි සොපි ආච්චි එක සැරයක් ළඟ තිබ්බ උදලු කොටෙත් උස්සගෙන අපිව මරලම තමයි පස්සෙ බලන්නෙ කියලා ගම පුරා එලෙව්වෙ ඔය කියනා අවුරුදු කාලෙ පත්තු කරපු අහස් ගුණ්ඩුවක් නිසාමයි..ඒක උණේ අපි අත්හදා බැලුවා අහස් ගුණ්ඩු අහසට යවනවා වගේම හරහට පාර දිගේ යවන්නත් පුළුවන් නේද කියලා,


"මේ පාහර කොල්ලෙ මොට වාහේ වෙන්ඩ..වරත්තුවො අහස් කූර එව්ව මගෙ රෙද්ද අස්සටමයි..හතර පෝයට සිල් ගන්න පිනටද මන්දා ඒක පිපුරුවේ නෑ"


අතින් කට වහගෙන හිනා වෙද්දි සොපි ආච්චි පිපුරුනේ ඔහොමයි..අපි හිතා මතා කල දෙයක් නොවන මෙය උණේ..සැබවින්ම වැරදීමකින්..අහස් කූර අපි දැක්ක විදියට සොපි ආච්චි ළඟට ගියා තමයි..ඉතුරු ටික බලන්ඩ අපි හිටියේ නෑ..පණ එපා කියලා දිව්වා..ඔළුව හැරිච්ච හැරිච්ච අතේ..


"නැත්තෙ මොකෝ මේ මගේ තණ්ඩිය (කකුලේ දණිස්සෙන් උඩ හරිය ) පිච්චිලා මේ බලපන් මැගියො"


සොපි ආච්චි චීත්තෙ එහා මෙහා කරලා මැගි ආච්චිට පෙන්නුවහම තමයි අපිත් දැන ගත්තෙ..වෙච්ච සිද්ධිය..


"හැදුනයින් හැදුණෙ නෑ මේ වගේ පාහරයි ටිකක් ගමට " 


මැගී ආච්චිද කම්මුලේ අත තබා ගෙන විස්සෝප වූවාය.. 
එම අවුරුද්දේ අප සියල්ලන් හටම අහස් ගුණ්ඩු තහංචිය පැනවීය..එම නිසාමදෝ රතිඤ්ඤා නිලා සඳහා වෙන අවුරුදු වල කරන සියලු වියදම් කළේ අහස් ගුණ්ඩු සඳහාම විය..


"මුන් ලව්වා මොනවා හරි කරවා ගන්ඩ් ඕනි නම් ඒක කරන්ඩ එපා කියලම කියන්ඩ ඕනි අක්කෙ"


ඒ ඇසෙන්නෙ අපේ මාමාගේ කටහඬයි..






---------------------------------------------------------------------------------






ගිනි කෙළි වලින් මා දුටු ඇඟ හීතල වන අනතුර දුටුවේ තවත් වසරකය..
ඒ නම් දුර දිග නොබැලීම, මත් පැන් පානය නිසාම සිදු වූ දෙයකි.. 
අවුරුද්ද දින දෙකේ කැට පොළවල් වල දවසම ගත කිරීම අපගේ එකම රාජකාරියයි..


සේන මාමා තරමක් වෙරි මතින් සිටියද..රතිඤ්ඤා කරල් කිහිපයක් ගෙන විටින් විට පත්තු කරමින් සිටියේය..එක් රතිඤ්ඤා කරලක් අත මිට මොලවා ගෙන කැට පොළේ කැට ගසන දෙස බලා සිටි අතර චන්දරේ මාමා තම අතේ වූ සිගරැට්ටුවෙන් සේන මාමාගේ අතේ වූ රතිඤ්ඤා කරලේ සේවා නූලට ගිනි තැබීය..මෙම අමන තකතීරු බූරු වැඩේ දුටු අයෙක් කෑගැසූවෙන් සේන මාමා මෙය නොදැන තම අතවූ රතිඤ්ඤා කරල තවත් තද කරගෙන් ඇත..අත මිට මෙළවූ අත තුළම එය පුපුරා ගියේ..අප දුටුවේ පපඩමක් මෙන් පිම්බුණු සේන මාමාගේ අත්ල පමණි..සති කිහිපයක් පමණම ඔහු බොහෝ දුක් වින්දේය..ඉන් පසු චන්දරේ මාමාත් එවන් තකතීරු වැඩ නොකළ බවට මතකය..


---------------------------------------------------------------------------------
එක් අවුරුදු දාක අප කොලු රංචුව කල තිරිසන්ම වැඩේ නම් ..මා මෙයට සහභාගී නොවූවද මා එහි පංගු කාරයෙකු වූයේ මෙහි ප්‍රතිඵලය නොසිතා එය වැළැක්වීමට උත්සාහ නොකිරීමයි..මෙම සිද්ධිය නම් මා ඉතා විස්සෝපයට පත් කල එකක් වීය..මා කිසිදා එයට මාඅ හට සමාව දෙන්නේ නැත..


ගමේ සිටි කොලු රංචුව හා සැමදා ආරෝවට සිටි බලු රංචුවක්ද වීය..සාමාන්‍යෙන් මා බල්ලන්ට ප්‍රිය නිසා මාගෙන් ඔවුන් කිසිදා වද හිංසා වලට භාජනය නොවූවේය..


එහි සිටි බලු නායකයා අල්ලා ගත් අප කොලු රංචුව කළේ රතිඤ්ඤා පෙට්ටියක් වලිගයේ ගැට ගසා එය පත්තු කිරීමයි..හෙණ හඬ මෙන් දැනෙන්නට වූ මේ රතිඤ්ඤා වැල පිපිරෙන විට කෑ ගසමින් ඔළුව හැරුණු අතේ දිව ගිය මේ බල්ලා පසුව ළිඳකට වැටී මිය ගොස් සිටියේය.අප කිසිදිනක මෙය බලාපොරොත්තු නොවීය.. අප සිතා සිටියේ මෙයින් හොඳටම බිය වන බල්ලා අපට කිසිම දිනයක බුරා නොපනිණු ඇතැයි කියාය...මේ සිද්ධිය සම්බන්ධයෙන් නම් මා තරම් තිරිසනෙක් මේ ලොව නැතැයි තවමත් මගේ සිතට ගෙනෙන්නේ පසුතැවිල්ලකි..


"ඕක නම් උඹලා මැරෙන්ඩ ඉස්සර කවදාම හරි පල දෙනවා දෙනවාමයි පුතේ"


එසේ කීවේ පන්සලේ මාමායි..


එය නම් නිසැකය. 

71 comments:

  1. පිපිරුව නම් මචං චීනපටස් බෝල දෙකත් වැටෙනවා බිම..

    සිරා අවුරුදු කතාව..

    ReplyDelete
    Replies
    1. සෑම් චීන පටස් ආපුම කාලෙ අපි ගත්ත ෆන් එක අමතක උනා..ලියන්න..ආයි පෝස්ට් එකකට දමමු..

      Delete
    2. මචං චීන පටස් පොලොවෙ ගැහුවම නේද සද්දෙ එන්නේ. මම ඉස්සර ඒවට බයයි. පොලේ ගහන්න තියා මචං අතින් බිම වැටෙයි කියල තද කරල අල්ල ගන්වා.

      මම හිතුවෙ යන්තං වැටුනත් පුපුරනව කියාල

      දාපං බොලගෙ කතාවත්.. ජය !

      Delete
    3. ඔව් ඔව් ඒක හයියෙන් පොලවේ ගහන්න ඕනි..එතකොටයි පුපුරන්නෙ..අපිත් ආපු කාලෙම බයයි..නිකන් අතින් වැටුනත් පුපුරයි කියලා..

      Delete
  2. අව්රුද්දට නමි මාරයි පොඩ් කාලේ ඒත් දැන්නමි වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ජිංජි, මටත් හිතා ගන්න බැරි ඇයි කියලා ඒ..අපි වැඩිහිට්යො වෙලා නිසා වෙන්ඩ ඇති..ආසයි ඒත් ඒ කාලෙ ගත්ත ෆන් එක ආයි ගන්ඩ..

      Delete
  3. මුල්ම කතාවේ කාපු චාටර් එක කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්.. මුල් කතා දෙකටම හිනා වෙන්න පුළුවන් උනත් අන්තිම කතාව ගැනනම් එහෙම හිතන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් අන්තිම කතාවෙ වෙච්ච දේ..හරිම සවුත්තුයි..අපිටත් දුකයි අන්තිමේ..

      Delete
  4. අහෝ දුකකි තිතකි සරම කඩන් වැටිලා වුන දේ.

    තව පොඩ්ඩෙන් රෙද්ද අස්සේ පිපිරිලා යකඩ බෝල එල්ලං යන්න වුනා නම් ඊටත් වඩා හපන්ය.

    බල්ලාගේ සිදුවීම නම් දිවන්නේ නැත,:(

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම උනා නම්...තමයි වැඩේ..
      ඒ කරපු බලු වැඩේට නම් අපිට කවද හරි හම්බ වෙනවා ෆනිශ්මන්ට් එක..

      Delete
    2. උඩ හරිය කියවලා ගත්ත සොමිය හේදිලා ගියා බල්ලට කල දේ කියවලා.. අහිංසක සතා. සහභාගී නුන නිසා පාපය අඩුයි.. එත් පසුතැවිල්ල එලවාවී..

      Delete
    3. සරත් දැන් ඒක වෙලා 30 කට වඩා වැඩී..තාමත් මතක් වෙන කොට විඳවනවා...මම නම්.. අනිත් අය නම් මන්දා..

      Delete
  5. මටත් අන්තිම කතාවනම් මාරම අප්සෙට්...එකම සැනසිල්ල උඹ මේ අලජ්ජි වැඩේට නිල වශයෙන් සම්බන්ද වෙලා නැති එක විතරයි...
    මුල් කතා දෙකෙන්ම ලබපු සතුට ඒ කතාවෙන් හේබා වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමිත් කමෙන්ට් එකට.. මමත් සම්බන්ධයි වැඩේට..අඩුම තරමෙ මට හිතන්න තිබුනා ඔයිට වඩා..අපි හිතුවෙම ඊට පස්සෙ ඒ බල්ලා අනිත් බල්ලො වගේම අපිට බයේ ඉඳී කියලයි..ඒ කාලෙ තේරුමක් නෑ..බල්ලන්ගෙ ඇසීමේ හැකියාව නිසා රත්ඤ්ඤා කොයි තරම් ශද්ද ඇතිද කියලවත්..

      Delete
  6. වෙනි අයියට ගහ උඩදී වුන දේ මට බස් එකකදී වෙලා තියෙනවානේ.. :D , වෙනවසකට තියෙන්නේ එත කොට මට වයස 25 යි, යටට ඇඳලා හිටියේ..

    එව්වා මොනාද නේ ?

    හඳුන්කුරක් ගැට ගහපු රතිඥ්ඥා පෙට්ටියක් පන්සලේ අටවලා ආවා දවසක් මම..

    ReplyDelete
    Replies
    1. අපි ඒවට ඒ කාලෙ කීවෙ ටයිම් බෝම්බ කියලා..කට්ටිය කතා කර කර ඉන්න වෙලාවලට එහෙම..හිටි ගමන් පුපුරන්නෙ උඩ විසිවෙන්න..

      Delete
  7. බල්ලගෙ කතාවට වෙනී පසුතැවිලි වෙන හැටි කියෙව්වට පස්සෙ ඒ ගැන කියන්න දෙයක් නෑ.
    පලවෙනි කතාවෙ අර බෝනිකි නංගි එල්ලිලා තිබිච්ච පුහුලමක් ගැන කියනකොට මට සැක හිතුනා උඹ සරමක් ඇඳන් ඉන්න ඇති කියලා. බඩු හරිනෙ. සැකය නිවැරදියි. මේ කතාව හැටියට උඹ සරමත් නැතුව පල්ලෙහා අත්තෙ ඉන්දවෙන විදියට පැන්නහම මොකුත් හානියක් වුනේ නැත්තෙ ඇයි කියලයි මට හිතාගන්න බැරි.
    පාර දිගේ අහස් කූරු යවන එක අපිත් කලා. ප්‍රංශ භාෂාවෙන් බැනුම් අහලත් තියෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන් රි පසුතැවිලි වෙනවා කියන්නෙ.. මන් කාලයක් හැමතැනම බෝම්බ පිපිරෙන කාලෙ හිතුවෙ ඔය සිද්ධියේ විපාකය තමයි මාව සුවර් එකටම මැරෙන්නෙ බෝම්බයකින් තමයි කියලයි..
      ඒ පොඩි කාලෙ පොඩි පොඩි එව්වා එහෙම තැලුනෙ නෑ...
      ශුද්ධ සිංහලට අමතරවද ප්‍රංශ භාශාවෙන් ?

      Delete
  8. පුහුලමේ කතාවනම් මරු.පහල හිටපු නංගිලා කියල තියෙන්නේ වෙනත් පුහුලමක් ගැන නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කෙලිත්තියො ටික කියලා තියෙන්නෙ ඇත්තම කජු පුහුලමක් ගැන..

      Delete
  9. එක අවුරුද්දක අපේ අප්පච්චි එක්ක මම අහස්කූරු යැව්වා. අප්පච්චි අර දෙවැනි කතාවේ කිව්වා වගේ දෙයක් දැකල සදහටම රතිඥ්ඥා වලට බයවුණා කෙනෙක්. ඉතින් එස්ලෝන් බටේක තියල තමයි අප්පච්චි රතිඥ්ඥා දැම්මේ. එස්ලෝන් බටේ කෙලින් කරනවා සේවා නූල ගිනිතිව්වාම. ඔය කියන දවසේ පත්තු කරපු අහස්කුර බටේ කෙලින් අල්ලන්න කලින් ලිස්සලා ගිහින් වැටුනේ රේලුපාරේ ගමන් කරපු ටෝච් එළියකට. එකපාරම බුදුඅම්මෝ කියන සද්දේ එක්ක ටෝච් එකක් උඩ යනවා පෙනුන, එච්චරයි.

    ReplyDelete
    Replies
    1. අප්පච්චියි පුතයි දෙන්නම් ගුටි කෑවෙ නැද්ද අෆ්ෆා ?

      Delete
  10. හික්ස් මොනා කරන්නද මේවා සේරම කොල්ලෝ කාලේ කරන වැඩ නේ,,,අර කතාවට දුකක් හිතෙනවා තමා ඒත් ඒවා කරද්දී ඕවා හිතන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලා, බලන්ඩකො ඒ කාලෙ අපි කොයි තරම් ලඟඳ බැලුවෙ..? ඒ නිසා වෙන්න ඇති හාමුදුරුවො කීවෙ කොලු කම් බලු කම් ළඟින් ළඟින් යනවා කියලා..

      Delete
  11. දැන් කියපන් උඹ උඹගේ සේවා නූලට ගිනි තියාගන්නේ කවද්ද කියපන්....

    ReplyDelete
    Replies
    1. නැකතටම ගිනි තියනවා අභියා..:DD

      Delete
  12. බලු කතාවටනං දුකයි....සරම කඩං වැටුන එකට සතුටුයි :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය දුක, සතුට සමබර කරන්ඩ නේන්නම් මන් දත කෑවෙ මේ කතාව අස්සෙන් ලකියො !

      Delete
  13. අවුරුද්දකුත් එනවානේ. ලංකාවේ ඇවිත් අවුරුදු කන එක තරම් හොඳ දෙයක් මුලු ලෝකේම නෑ. මමත් ආසයි රතිඤ්ඤා පත්තු කරලා පාරේ යන අයගේ ඇඟට දාලා දුවන්ට. නිලා කූරූ පත්තු කරලා උඩ ඉඳන් බිම ඉන්න අය බලලා අතාරින්ට. :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්. පොඩ්ඩි දැන් වුනත් කරන්නෙ ඒ වගේම වැඩනෙ! නැත්ද?

      henryblogwalker the Dude

      Delete
    2. පොඩ්ඩි අපි කොච්චර ලොකු උනත් ඔය ආශාව තමවත් හිතේ තියෙනව..පොඩි කාලෙ වගේ නෙවෙයි දැන් කලොත් හම්බ වෙන්නෙ ගුටි ! ඒ කාලෙ නම් කොල්ලන්ගෙ බලු වැඩ කියලා අහක බලා ගත්තු අය අද ?..මට නම් බෑ ගුටි කන්ඩ ඕන් !

      Delete
  14. සරම කඩං වැටුනට පස්සෙ කජු පුහුලං වලට අමතරව වෙන වෙන පුහුලනුත් පේන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි කාලෙ පොඩි පොඩි එව්වා නෙ ප්‍රසන්න !!!

      Delete
    2. ආන්න වචනෙ ඕනයා !

      Delete
  15. නොසන්ඩාල කම මේකලගෙ... කෙල්ලොත් එන්න පුළුවන් තැනක වැදගත් මිනිහෙක් සරම විතරක් ඇඳන් ගස් නගිනවද ?... ;) ‍

    ReplyDelete
    Replies
    1. ඕකට සිංහලෙන් කියන්නෙ exhibitionism කියලා. ඉංග්‍රීසියෙන් නම් ප්‍රදර්ශන කාමුකත්වය.ඕකට හේතුව නිතර ප්‍රදර්ශන තියෙන BMICH වගෙ ගොඩනැගිල්ලක් අසල දවසේ වැඩි කාලයක් ගත කිරීම කියලයි කියන්නෙ.

      Delete
    2. සාතන් ඒ කාලෙ අවුරුදු 7-8ක් විතර ඇති..ඔව්වා ගැන එච්චර තේරුමක් බේරුමක් තිබ්බයැ ? ඕන්...

      හෙන් රි ඒ කාලෙ පොඩි එව්වො අපි ඔය මහප්‍රාණ තේරුනෙ නෑ බන් සිරාවටම..තාමත් නෑ ඉතින්..අර ඩෙස්මන්ඩ් මොරිස් අයියගේ ප්‍රදර්ශන කාමුකත්වය කියන්නෙ ඕකටම වෙන්ඩ ඇති..කැම්පස් එකේ හොස්ටල් හිටිය අපෙ කෙල්ලො සෙට් එකක් කීව කතා සෙට් එකක්ම මතක් උනා ඔය ගැන..ලියන්නම් කො පෝස්ට් එකක්ම පස්සෙ..

      Delete
    3. විහිලුවට බං කිව්වෙ. ඒක සිරාවට ගත්තද? සරම කඩාවැටෙන එකේ තියෙන මනෝවිද්‍යාව! :D

      Delete
    4. නැතුව නැතුව...!!!! :DD

      Delete
  16. ගමේ කෙල්ලෝ සෙට් එක එදයින් පස්සේ අවාරෙටත් පුහුලන් ඉල්ලගෙන වෙනියා හොයාගෙන ආවා කියන්නේ

    බවුවා පවු බං . අපේ ගෙදර හිටි බල්ලා ඉස්සර රතිඤ්ඤා පුපුරද්දී සට සට ගාලා බයෙන් ගැහෙන හැටි මට තවම මතකයි .

    ReplyDelete
    Replies
    1. චූටි කාලෙ චූටි චූටි කජු පුහුලන් කවුරුවත් දැක්කෙවත් නෑ මල්ලි, ඔය වගේම කරපු තව තිරිසන් වැඩ කීපයක්ම තියෙනවා..පහු කාලෙක ඒවත් ලියලා දමන්නම් !

      Delete
  17. බල්ලට උන දේ ගැනනම් දුකයි, නංගිලට පුහුලම පෙන්නුව එකටනම් සතුටුයි !ප;ලි සොපි ආච්චිගේ සීය බැන්නේ නැතෙයි අය්යල කකුල් අස්සේ අහස් කූර යැවුව කියල

    ReplyDelete
    Replies
    1. සීයා මැරිලා එතකොටත්..ඒ නිසා ඒකෙන් බේරුනා..

      Delete
  18. බල්ලට කරපු වැඩේ නම් හරි කුජීත වැඩක් බං.. අපි නම් කරන්නේ රතිඥ්ඥා පොල්කට්ටක් යටට දාලා පත්තු කරන එක..

    ReplyDelete
  19. නියම පෝට් එකක් වගේම නියම කමෙන්ට් එකකතුන් මට මතක් උනා පස්සෙ වෙලාවක එන්නම්කෝ... නිවී හැනහිල්ලෙ අයිමත් කියොලා යන්ඩ

    ReplyDelete
    Replies
    1. හා එන්න එන්න..මේ අවුරුදු කාලෙ නිසා වැඩ වැඩි ඇති..

      Delete
  20. පහුගිය දවස් වල ෆේස් බුක් එක පුරා හොම්බ තුවාල වුනු බල්ලෙක්ගේ පිංතූර ගියා, ගිණිකෙලියක් කටට දාලා කට ගැටගහලා..... :( හයියෝ සංසාරේ එපා වුනා......

    ඔය වලිගෙට ගැට ගහන වැඩේ ගොඩක් පොඩි ළමයි කරනවා මං දැකලා තියෙනවා. සමහර බල්ලෝ මාස ගණන් ගෙදර එන්නේ නැතුව ඉඳලා පස්සේ එනවාලු....... නිවාඩුවට ගමේ ගිහින් ඉද්දි, අයියලා මල්ලිලා එකතු වෙලා ඔහොම වැඩක් කරලා බල්ලා කට්ටිය බලං ඉද්දීම කෑ ගහ ගහ කන්ද වටේ උඩටම දිව්වා.......... නිවාඩුව ඉවරවෙලා අපි එනකං වත් ඌ ආවේ නැහැ..... පස්සේ හිමින් හිමින් වටෙන් වටෙන් ගෙදර ආවාලු......... පව්...........

    ReplyDelete
    Replies
    1. ඔව්, අපිත් ඒ වැඩෙන් පස්සෙ කවදාවත් ඒ වගේ වැඩ කලේ නෑ..පූසෙකුට කල වැඩක් ඊලඟ කතාවකින් කියන්නම්..

      Delete
  21. සරම කැඩුනට සතුටුයි! ඒ කාලෙ චූව එච්චර ලොකු නැතුවැති නේද? බල්ල ගැනනං දුකයි. අපේ බල්ල ගිය අවුරුද්දෙ රත්ඤ්ඤ වලට බයේ ගෙදරින් ගියා ගියාමයි. තව අවුරුදු කතා ටිකක් දාපං.

    ReplyDelete
    Replies
    1. තව කතා ටිකක් ලියලා දාන්නම් !

      Delete
  22. හිනාවෙවී කියෙව්වේ කතාවේ අන්තිමට යනකන්ම ඒත් අන්තිම කතාව කියෙව්වම සෑහෙන්න දුකක් දැනුනා බල්ලෝ දැකලා බයට ගැහුවට උන්ට ඔහොම හිංසාවක් කරන්න නම් බෑ

    සරම කියන්නේ මට එපාම කරපු අයිටම් එකක් මම තාම ඒක විද්‍යානුකුලව අඳින්න දන්නෙ නෑ.අඳින්න ඕනෙත් නෑ.ආසත් නෑ.දහම් පාසලට සරම ඇන්දෙත් හොඳ කොට කලිසමක් ඇඳලා දහම් පාසල ඉවර වුනු ගමන් සරම ගලෝලා බෑග් එකේ ඔබාගෙන තාප්පෙන් පැනලා ගෙදර යන්නේ.

    අපිත් ඔය වගේ රතිඤ්ඤා වලින් අමුතු වැඩ කරලා තියෙනවා.පෝරණුවට උස නැති කාලේ ගිනි පිඹින බටේට රතිඤ්ඤයක් දාලා ඒක ලිපට දාලා එලියට විසි කරන්න හදද්දි ඒක ලිපේ පිපිරිලා ගුටිත් කෑවා.ආයේ දවසක පරමාණු බෝම්බේ පෙන්නන්න කියලා ගේ ගාව තිබුනු වැලි ගොඩකට රතිඤ්ඤේ ඔබලා පුපුරවලා මුළු සාලෙම වැලි වලින් නෑව්වා.... සුන්දර අතීතෙකට අයියා අපිව එක්කන් ගියේ අවුරුදු ගානකින් එහෙම විනෝදයක් ලැබුවේ නෑ ඇත්තටම දුකයි...

    ReplyDelete
    Replies
    1. කොලු කමට කල බලු වැඩනෙ..අපිට ඕනි උනේ බල්ලව බය කරන්ඩ විතරයි..උනේ හිතුවෙ නැති එකක්...

      Delete
  23. වෙනී අයියාගේ අද කතා ටික නම් පට්ට ......

    නිලන්ති නංගි උඩ බලන් ඉන්නවා දැකලා සරම අතහැරියා කියලා තමයි මට නම් හිතුනේ...

    ආච්චි කෙනෙකුට තියා බල්ලෙකුටවත් මුන් ඉන්ඩ දීල නැති හැටියක්

    ReplyDelete
    Replies
    1. හපොයි කාලයක් යනකන් නිලන්තිගෙ මූනවත් බැලුවෙ නෑ..

      Delete
  24. අවුරුද්දට අපේ ගෙදර රතිඤ්ඤ පත්තුකරන්න වෙන්නේ නැතිය. ඒ අපේ බල්ලා නිසාය. රතිඤ්ඤ සද්දෙ පරාදවෙන්න ඌ උඩුබුරන්න පටන් ගනී. ඒකටත් හරියන්න බඹරචක්‍ර පත්තුකරන්න ඇහැකිය. මගේ පොඩි එකා දකින ඉස්සෙල්ලම අවුරුද්ද මෙය ය. ඉතිං මම එක්සයිට් වී සිටිමි ය.

    ReplyDelete
    Replies
    1. ඕ...පොඩ්ඩට වඩා එක්සයිට් වෙලා ඇත්තෙ පොඩ්ඩගෙ තාත්තනෙ !

      Delete
    2. එක්සයිඩ් වෙන්නෙ නැතුව ලූකස් වගේ එකක් වෙයං . . ලාබයි

      Delete
    3. ලාබ බඩුවෙ හිලක් කියලා නවම් ගන්නෙම මිල වැඩි බඩුලු ඕනයා මල්ලි..:DD

      Delete
  25. අපේ ගෙදරත් රතිඤ්ඤ වලට තිත තිබ්බේ බලු මොටාය.ඌ පණ බයේ වෙව්ලන්නට ගනී.හෙක් හෙක්

    මට හිතුනෙම නිලන්ති නගා වෙනි අයියගෙ පුහුලම ඉල්ලනැති කියලමනෙ..

    ReplyDelete
    Replies
    1. දැනට නම් මමත් නැත..ඒ කාලෙ පොඩි උන් අපි ඔව්වා දන්නෙත් නෑ..

      Delete
  26. අන්තිම කතාව කියෙව්වහම මුල කතා සේරම අමතක වුණා.
    අපේ ගෙදර රතිඤ්ඤා පත්තු කරන්නෙ නැහැ. ඒත් අහළ පහළ ගෙවල්වල පත්තු කරන සද්දෙට බය වෙලා බල්ලො කීපදෙනෙක්ම ගෙදර නොඉඳ ඉස ඇරුණු අතේ ගිහින් තියෙනවා. මට පෙන්නන්න බෑ රතිඤ්ඤා දාන මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. හෆොයි දෙයියනේ ගිනි කෙලි වලින් තුවාල වෙලා එන ලෙඩ්ඩු ???!!!

      Delete
  27. අළුත් ඇඳුම ගති එහාට මෙහාට පැනපු කෑලි ටික මට්ටම් කරගත්තොත් එල

    ReplyDelete
    Replies
    1. හෙමීට හෙමීට ඒකත් කරන්න ඕනි..

      Delete
  28. අපේ පැත්තේ කඩයක මුදලාලි කෙනෙක්... රතිඥ්ඥාව පත්තු සිගරට් එකෙන්, පස්සේ රතිඥ්ඥාව වෙනුවට සිගරට් එක විසික් කරලා කලබලේට. ඕං දැන් ඉන්නවා ඇඟිල් දෙකක් නැතුව...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා..ඒක නම් මාර වැරදීමක් !

      Delete
  29. සත්තුන්ට හිංසා කරන එකට මම සම්පූර්නයෙන්ම විරුද්ධයි. පව් අර බල්ලා

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ අපි බල්ලන්ට හිංසා කලේ නෑ..

      Delete
  30. අවුරුදු කාලෙ කියන්නෙ ඉතිං බිස්නස් කාලෙනෙ . . . පාන්දර 4ට 5ට නැගිටලා කජු ඇහිදින්න යන්නෙ. ඒදවස්වල ගමේ සමහර අයියලා පොඩි පොඩි නංගිලාට අකුල් අස්සෙ වැටිච්ච කජු ඇහිදින්න උදවුකලා හොද හැටියට.

    කජු සීසන් එක ඉවරවෙනවත් එක්කම එන්නෙ වල්දෙල් සීසන්එක . . වේලපු වල්දෙල් ඇට හොද ගානකට වික්කෑකි.

    රතිඤ්ඤා සත්තුන්ට දැමීමට නං එදා ඉදලම විරුද්දයි . . .අඩුමගානෙ මම ලග අහලක ඉන්නවනං කොල්ලන්ට බත්කූරෙක්ගෙ වලිගෙ නූලක් ගැටගහන්නවත් ඉඩ ලැබෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හිකිස් ඔය තියෙන්නෙ තව අත්දැකීම් රාශියක්ම..! අපේ පැත්තෙ වල්දෙල් ගස් තිබ්බේම නැති තරම්..අපි යන්නෙ පුවක් අහුලන්න !

      Delete