ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Wednesday, April 8, 2015

වසන්තයට පෙට්ටි කතා ...

වසන්තය නෙවෙයි ඉතින් වසන්ති ආවත් කෝ ලියන්ඩ වෙලාවක් කලාවක්..තේමාවක්...අනික ලියන එක කොලිටියටම ලියන්ඩත් ඕනිලුනෙ..

ඕන් පටන් ගත්තා අදත් බැරි බැරියාවෙන්ම..

එහෙම නෙවෙයි ඔන්න අපිත් දැන් කෝච්චි වල යන්ඩ පටන් ගත්ත හින්දම එදිනෙදා හිරවෙලා මිරිකිලා තෙරපිලා යන අතරතුරේ සිදු වන..ඇහෙන දකින දේවල් කීපයක්ම බෙදා හදා ගන්ඩයි හිතුවෙ...ඇයි හැබෑටම බස් වල ගිහින් ගිහින් හිටපු ගමන්ම කෝච්චි වලට මාරු උණේ ?


මෙහෙමනෙ බස් වල ගාන අඩු කළත්..දවසකට රුපියල්ම 80 කට කිට්ටු වෙන්ඩ පර්ස් එකෙන් පූජා කරන්ඩ වෙන නිසාමත්ම..

සහ....

බස් වල යන්ඩ ගියහම එන්ඩ එන්ඩම ට්‍රැෆික් බ්ලොක් එක වැඩි වෙලා දවසෙන් බාගයක්ම බස් වලම ගත කරන්ඩ වෙන නිසාමත්ම,

බස් වලට වඩා ට්‍රේන් එකේ කිටි කිටියෙ හිර වෙලා...යන්ඩ... එක්කො ඒක ඕනි නැහැ..

මුල්ම කතාව පහු ගිය කාලෙ අර ඕනිම කෙනෙක්ගෙ මුවග මුවග රැඳෙන වචනයක් උණේ වෙලේ සුදා කියන එක..ආන්න එහෙම වෙච්ච කාලෙක උණ දෙයක්..

දැන් කෝච්චිය පෙට්ටියක අපි පොල් පැටෙව්වා සේ හිර වෙලා යන අතරෙ...

නාවින්න පහු කරලා උඩහමුල්ල ස්ටේෂන් එකට කෝච්චිය නැවැත්තුවහම මතක අයට මතක ඇති බොහොම ලස්සන වෙල් යායක්, කිව්වට වෙල් යායක්ම නෙවෙයි එළවළු එහෙ
වවපු වෙලක් මැද ලස්සන විශාල බෝඩ් එකක් තියෙනවා බුදු හාමුදුරුවන්ගෙ..ඒක එතනට කොයිතරම් ගැලපෙනවද මන්දා..අර ගමයි පන්සලයි හැමදාම ඇහැ ගැටිච්ච මට නම් ඒක බොහොම සුන්දර දසුනක්...


දැන් පහුගිය දවසක ඔහොම හිරවෙලා, මිරිකිලා තෙරපිලා චූන් එකේ යන අතරතුරේ ඔතන ස්ටේෂන් එක පහු කරපු ගමන්ම එතන හිටි තලතුනා වයසෙ මහත්තයෙක් එකසිය ගානට බනිනවා...බනිනවා බනිනවා..බනින්නෙ එතන හිටිය කොල්ලො සෙට් එකට..මුන්ට හැදියාවක් කියලා එකක් ඇත්තෙම නෑ..ආගමක් දන්නෙ නෑ..දහමක් දන්නෙ නෑ...එක අඳොවැඩියාවයි...බොහොම අමාරුවෙන් තනි කකුලෙන් හිටගෙන..උස්ස ගත්ත අත පහළට දාන්න වත් බැරුව ඔහොම යන කොට වෙනසකටත් එක්ක ඔය වගේ සීන් බොහොම විනෝදය සපයන එව්වා වෙනවා..

ඔයින්ට ඉස්සර දවසකත් ඔහොම කොල්ලො සෙට් එක එතන ජැක ගහ ගෙන ගිය අන්කල් කෙනෙක්ගෙ * මිරිකලා හයියෙන්..ඔය අන්කලුත් මාර සද්දෙට කොල්ලන්ට බැන්නා..ඉවසගෙන ඉන්න බැරිම තැන ඉස්සරහ හිටිය නන්ගි කිව්වා

"අන්කල් හොඳට හේත්තුව දාගෙන ආවනෙ මෙතනට එනකන්..දැන් සද්ද නොකර ඉන්ඩ"

 
කියලා..අපිත් මුලින් හිතුවෙ වගේ සීන් එකක්වත්ද කියලා..

මෙන්න ඊළඟට බුද්ධ දේශනාවක් ඇදලා ගත්තා මේ මනුස්සයා..එතකොටයි මම ළඟම හිටි කොල්ලගෙන් ඇහුවෙ

"මොකද මල්ලි සීන් එක ?"

කියලා..

"නෑ අයියෙ අර වෙල මැද හයි කරලා තිබ්බ බුද්ධ පිළිමෙ දැකපු මේ අපේ සහනයා ගත්ත කටටම කිව්වනෙ
ආන් වෙලේ සුදා ! "

කියලා

ඒකටයි ඔය අන්කල් සද්දෙ දාන්නෙ කියලා..

ආම්මපා අද හැදෙන කොල්ලන්ගෙ කටවල් තමයි කියලා කේන්තියක් හිතට ආවත්..මටත් හිනා ගියා..මුන්ගෙ වැඩ කියලා නම්...



ඔය සිද්ධියෙන් පස්සෙම මෙතනින් එන හැම දාකම මට මතක් වෙන්නෙ ඔය සීන් එකම තමයි...අනිත් සිද්ධිය උණේ අපේ ඔෆිස් එකේ නන්ග් කෙනෙකුට..

එයාලා ඔෆිස් එන කෝච්චිය අපිටවත් වඩා දරුණුවට සෙනඟ..රඹුක්කන ඉඳලා එන එක...සාමාන්‍ය සිරිත ඉතින් පොඩි දරුවො සෙනඟ අතරෙ හිර වෙලා ඉන්න කොට වැඩිහිටි අය අයව උකුලට ගන්න එක...විශේෂයෙන් ලේඩිස්ලා තමයි මේක කරන්නෙ..මොකද පොඩි දරුවෙක් සෙනඟ අතරේ හිර වෙලා ඉන්න කොට මුලින්ම හිත උණු වෙන්නෙ අයගෙ නිසා...

ඔහොම දවසක මෙයාට පේනවලු පොඩි දරුවෙක් සෙනඟ අතරේ මිරිකිලා තෙරපිලා ඉන්නවා.. හිත උණු වෙච්ච පාර සෙනඟ අතරේ කකුල් අස්සෙන් අතදමලා ඇදලා අරගෙන අර පොඩි එකාව උකුළෙ වාඩි කර ගත්තලු..


අතින් අල්ලලා අදිද්දිම වෙනසක් දැනුනත්...අහල පහළ අයගෙ ප්‍රතිචාර එක්ක ආයිමත් මෙයා අර උකුළෙ වාඩි කරවා ගත්ත කෙනා දිහා හොඳින් බලන කොටළු දැක්කෙ..


හුටා..මේ හොඳට වැඩිච්ච..කුරු පිරිමි කෙනෙක් කියලා...


දැන් ඔනවා කරන්නද මේ මනුස්සයත් හොඳට වාඩි වෙලා යනවලු..මෙයා කරලා තියෙන්නෙ අනේ නැගිටලා එහෙනම් ඔයා වාඩි වෙන්න කියලා හෙමිහිට ඉස්සරහට යන එක තමයි..


ඕන් ඔහොම වෙන්නෙ..


ඔය උඩ තිබෙන ෆොටෝ එක ඉස්සුවෙ නම් දමින්ද ප්‍රසන්ගිකා...

"ඈ ප්‍රසන්ගිකා ??? කවුද බන් ඒ ලස්සන කෑල්ලක්ද ? උඹත් ලස්සන කෑලි වල එව්වා උස්සන්න.."


"කෑල්ලක් නෙවෙයි බන් ප්‍රසන්ගික මල්ලි ?"


"කවුද බන් ඒ ඩයල් එක ?"


"අර බුකියෙ ඉන්නෙ බන්..ඌව නොදන්න එකෙක් නෑ  කෝච්චියා කියන්නෙ ?"


"ඌව නම් දන්නවා...අම්මට සිරි උගේ නම දමින්ද ද ?"


"ඔව් ඇයි ?"


"මම හිතුවෙ උගේ උප්පැන්නෙ නම කෝච්චියා වෙන්න ඇති කියලා..."

24 comments:

  1. හප්පේ අර කාන්තාවට දැනුන සංතෝසෙ මතක් වෙනව, ලඟට ගත්තෙ කවුද කියල දැනගත්තම.

    ReplyDelete
    Replies
    1. ඒ සිද්ධිය වෙලා අවුරුදු ගානක් උනත් අදටත් ඒ ලේඩි රතු වෙනවා කතාව කියන කොට..අපේ ඔෆිසියෙ කෙනෙක් මේ පෝස්ට් එක දුටු සැනින් එයාට කියයි..මගේ තත්වෙත් ශෝචනීයයි එතනින් එහාට නම්..කන්ඩ වෙයි වගේ..

      Delete
  2. ඇයි යකෝ ඔය තියෙන්නේ ලියන්ඩ දේවල්. ඇයි කැමරාව නැතිවෙලාද අර වෙලේ බුදුපිලිමේ පොටෝ එකක් කෙලලා මෙතනට දාන්න බැරිවුණේ?

    ReplyDelete
    Replies
    1. අනේ අයියෙ කැමරාව අරගෙන යන්ඩ බැරි තරම් සෙනඟ පෙට්ටියෙ..අත පය හතර උනත් ගෙදර තියලායන්ඩ තියේ නම් ඒකත් පහසුවක් ඒ වෙලාවට..

      Delete
  3. කෝච්චි වල ගමන සිද්ධවෙලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්...
    හැබැයි ඒ ගොඩ දවස්වල එපා උනා

    අර ගෑණු මනුස්සයට කෝච්චියේ පොළව හිල් කරගෙන යන්න බැරි නිසා වෙන්න ඇති ඉස්සරහට යන්න ඇත්තේ...
    ඇයි ඉතින් පොළවේ තියෙන්නේ තහඩු නොවැ

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි ලොකු පුතා..මේ ඔෆිස් ගමන ට්‍රේන් එකේ යන්ඩ පටන් ගන්ඩ ඉස්සෙල්ලා නම්..ඒත් දැන් නම් බස් එකේ යන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි...
      මටත් ඒක නම් හිතා ගන්නත් බෑ අප්පා...මාර ලැජ්ජාවක් හිතෙන්න ඇති..හැබැයි අවට අය තේරුම් ගන්න ඇති මොකද්ද උනේකියලා...

      Delete
  4. මමත් ආසයි කෝච්චියේ යන්න, හැබැයි හිරවෙලා, තදවෙලා කිටි කිටියේ නෙමෙයි, හොඳට ශැපාන් එකේ වාඩි වෙලා අහල පහල සිරි නරඹ නරඹ......!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී එහෙම යන්ඩ පුළුවන් බදුල්ල වගේ ඒරියා එකක ට්‍රේන් එකේ යද්දි...මෙහෙ කොහෙද අවට සුන්දරත්වය ? පේන්නෙම අහල පහාල ගෙවල් වල ටකරන් වහලවල් තමයි...

      Delete
  5. කෝච්චි කියන්නෙ බයානක වාහනයක්, මට කසාද බදින්න උනෙත් මාරු වෙච්ච බෑග් එකක් හොයල දීල, දකිද්දිත් තරහයි.

    ReplyDelete
    Replies
    1. හෆොයි..එහෙමද ? දවසක කියයි..ඔය කතාවෙම අනිත් පැත්ත...වයසට ගිය දවසක..

      Delete
  6. ඔය කෝච්චිය ගොල්ෆ් ක්ලබ් එක පිටිපස්සෙන් යද්දි තිබුණා ගෙවල් වල වහලවල් කෝච්චියෙ වදින සයිස් එකෙක් යන හරියක් .. කෝච්චියට ගල් ගනව අනං මනං සීන් ගොඩක් .. තාමත් ඒ ගෙවල් තියෙනවා ද..

    ReplyDelete
    Replies
    1. සපා ඔය කියන්නෙ කිතුල්වත්ත ගැන. කිතුල්වත්ත, ඉන් පස්සෙ නාවල කැම්පස් එක පිටිපස්ස, නුගේගොඩ, පමුණුව දිගටම බෙල්ල එලියට දැම්මොත් වහල ඔළුවෙ, කඳ අවිස්සාවේල්ලෙ යන සයිස් එකක් තමා තිබ්බෙ. ඒ කොහොම උනත් බස් එකට වඩා මාර සිරා ඔය කෝච්චියෙ ගමණ.

      වෙනිය, කෝච්චියෙ යන්නෙ බස් එහෙක ගිය කෙල්ලෙක්ට පොලු තියලයි කියල බුකියෙ කට්ටිය කිව්වෙ, ඇත්තද මන්ද!

      Delete
    2. ඔව් සපා ඉන්දික මල්ලි මටත් වඩා ඔය හොඳට කියලා තියෙන්නෙ..කෝච්චියෙ සෙනඟ වැඩිම දවසට බාගයක් එලියෙ එල්ලිලා යන දවස් වල ඇතුලෙ අය කෑ ගහන්නෙම ඔය ටකරන් වල වැදිලා බෙල්ල කඩා ගන්න නම් එපා කියලයි..
      ඉන්දිකට කියන්න දැන් මම මහරගමට ගියත්මුලින්ම බලන්නෙ ඔය වෙලාවට ට්‍රේන් එකක් නැද්ද කියලා..හිතා ගන්ඩකො මේනියාවෙ තරම....
      අපොයි බස් වල කෙල්ලන්ට පොලු තියනවා තියා ලඟට කරන්නවත් බෑ..ට්‍රේන් එකේ නමෙහෙම නෑ..හිර උනොත් හිර උනාම තමයි..ගොඩක් දවසට හිර වෙන්නෙ...55+ පිරිමි ලඟ කියහන්කො..කාට කියන්ඩද ඉතින් ?

      Delete
  7. අනේ දෙවියනේ............. ! වෙලේ සුදා කියල තියෙන්නෙ පිළිමෙටද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අර මහත්තයට කේන්ති යන එක පුදුමයක්ද ? බලන්ඩකො අද කාලෙ කොල්ලන්ගෙ චාරයක් නැති කටවල් !

      Delete
  8. ඔය උඹ කියන අංකල් කවුරු වෙන්න ඇද්ද! මේක ලියන්නගෙයි වෙනියාගෙයි හුටපටයක් නෙවෙයි කියලා අපි දැනගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මම නම් නෙවෙයි මොකද අද කාලෙ ඔහොම ව්\අඩ කරන උන් ග්\අන මට කේන්ති යන්නෙ නෑනෙ ඩූඩ්

      Delete
  9. ඉස්සර කෝච්චියේ යනකොට ඉෂ්ශෝ ව​ෙඩ් ඉෂ්ශෝ ව​ෙඩ් කියලා බේසමකට ව​ෙඩ් දාගෙන මිනිස්සු එනවා

    ReplyDelete
    Replies
    1. දැන් වඩේ කාරයො නෑ..ඉඳලා හිටලා සාර විට විකුණන කෙනෙක් නම් එනවා..

      Delete
  10. Ado umbath dan apee koochchiyeda yanne ? ela ! kohenda naginne ?

    ReplyDelete
    Replies
    1. එව්වා නම් කියන්නෙ නෑ...

      Delete
  11. කොච්චි වල නම් ඔය වගේ සිද්ධි එමටයි

    ReplyDelete
    Replies
    1. ඒ එමට සිද්ධි ටික ලියලා බෙදා හදා ගනිමුකො....

      Delete
  12. //ඔහොම කොල්ලො සෙට් එක එතන ජැක ගහ ගෙන ගිය අන්කල් කෙනෙක්ගෙ ඇ* මිරිකලා හයියෙන්.// ඉතිං අයියෙ එදා සෑහෙන්න රිදෙන්න ඇති නේද? :D

    බස්වල යන්න බැරිම තත්වයක් ආවට පස්සෙ වෙන්න ඇති කෝච්චි වලට බහින්න ඇත්තෙ.

    ReplyDelete