ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, March 30, 2015

බ්ලොග් වසන්තයා කියන්නෙ කවුද බන් ???

බ්ලොග් වසන්තයා කියන්නෙ කවුද බන් ???


කළුබෝවිල දුමියා වගේ තගෙක්ලුද ???

දන්නෙ නෑ..ඔව්වා හොයන්න වෙලාවක් නෑ මේ දවස් වල බිසි...බිසි...බිසි...


ඔය එකම වචනෙ තුන ගානෙ දාන්ඩ කතන්දරගෙන් කොපි රයිට් ගත්තද ?


දැන් කතන්දර කියලා කෙනෙක් නැහැල්ලු..


එහෙනම් ?


රසිකලොජික් කියලා අංකල් කෙනෙක්ලු ඉන්නෙ


රසිකලොජික් නෙවෙයි ගොනෝ ..ඒකෙ නම රසිකොලොජි... රසිකොලොජි..


ඔව්වා හොයන්න වෙලාවක් නෑ මේ දවස් වල වැඩ...වැඩ...වැඩ...

බ්ලොග් වසන්තයා කියන්නෙ සිංහල බ්ලොග් ලියපු උන්ව සු...වෑන් වලින් උස්සන කල්ලියක ලොක්කලු...

නෑහ්...  අපොයි එහෙනම් මාතලන්... පව්...


ඇයි මාතලන් පව් ?


ඊයෙ පෙරේදා හැම ටීවී එකකම චැනල් වලින් පෙන්නුවෙ මූන..
නාකි..


ස්...කට කට..


ඇයි ?


වසරේ හොඳම බ්ලොග් එක ලිව්ව මාතලන් මහත්තයට අරවා මෙව්වා කියලා මෙතන ආයි...


හා හා...


අර වුරුදු උත්සවෙ මේ සැරේ තියන්නෙ නැහැලුද ?

දන්නෙ නෑ..ඔව්වා හොයන්න...


අම්මපා අනිනවා හොම්බට ඔය කතාව ආයි කිව්වොත් එහෙම..


හා හා...


බුකියෙ ඉන්න මේකද දන්නෙ නෑ...බ්ලොග් වසන්තයා කියන තගයා ???
දන්නෙ නෑ ඔව්වා හොයන්න..


https://www.facebook.com/groups/693226280782347/


චටාස්..


අම්මෝ මගේ පණුවො කාලා තිබුනු හක්කෙ දත ගැලවුනාද කොහෙද ???!!!


35 comments:

  1. එළ...සෙට් වෙමු වසන්තයාව හොයන්න.

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයා හරියට එනවා වගේ කියන්නේ ,,

      Delete
    2. හොයමු...හොයමු...හමු වෙයි..

      Delete
  2. හා හා, වසන්තයා නැකතකින් පටන් අරගෙන තියෙන්නේ....!

    ReplyDelete
    Replies
    1. යන්තම් පොඩි වෙලාවක් අල්ලා ගත්තා...

      Delete
  3. වසන්තයා කියන්නේ උඹටයි මටයි .. කියල සින්දුවකුත් තියෙන්නේ..

    "ටෙස්ටිං ඕකේ .. ලවුඩ් ඇන්ඩ් ක්ලියර්"

    ReplyDelete
    Replies
    1. වසන්තයේ අග හමු වෙමු...කියලත් එකක් තියේ නේද සපා ?

      Delete
  4. අඩෝ #$% වසන්තයා . . තොගේ තව පනුවෝ කාපු දත් තියෙනවද? :P

    ReplyDelete
    Replies
    1. කොහෙද හාල්පොත වගේ තිබ්බ එකම එක දතත් ආන්න බිම !

      Delete
  5. උඹ කිව්ව විදියට ඉස්ටේජ් නොනැග්ගා නම් හොඳයි.. පවුලේ එකෙක්වත් නොදන්න සීන් එක.. හැම එකාම අහනවා "වෙබ් සයිට්" එක මොකක්ද කියලා..

    වසන්තයා හම්බ උනොත් මටත් කියහන්...

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඇත්තට වෙබ් සයිට් එක? අපිට බලන්න සුදුසු එකක්ද?

      Delete
    2. නැහැ මාතලන් මම කිව්වෙ ස්ටේජ් එකටනොනැග්ගා නම් හොඳයි කියන එක නෙවෙයි..ඔබ එදා ගාල්ලෙ ඉල්ලපු ඉල්ලීම ඡායාරුප පල කරන්න එපාය කියන ස්ථාවරය ගැනයි ඇහුවෙ..වෙන මොකක් වත් නිසා නෙවෙයි ඔබේ ඒ ස්ථාවරය වෙනස් වීම නිසාම අප ළඟ තිබෙන සියයක් විතර ඡායාරූප වාරනයකින් තොරවපල කරන්න පුළුවන්.. සම්මානයට පාත්‍ර වීම ගැන නම් මම කියන්නෙ ඔබව සම්මානයට පාත්‍ර වන්න තිබ්බෙ මීට කලින් බවයි...

      Delete
    3. එක මචෝ උඹලා වගේ රත්තරන් මිනිස්සු රැක්කට. සම හරක් එපා කියද්දි පෝස්ට් එකකින්ම අනාවරනය කලා නේ. ඒ වගේ එළ බුවාලත් ඉන්නවා අපරාදේ කියන්න....

      Delete
    4. අතක ඇඟිලි පහ උනත් පස් විදියක්නෙ මාතා...

      Delete
  6. අඩෝ කවුද ඩෝ ඔය වසන්තය. පොරෝ පාරක් කන්න ඕන වෙලාද හිටං.

    ReplyDelete
    Replies
    1. පොරොවක් ගැන මතක් කලොත් නම් ඔයකව හොයන්නම බැරි වෙයි වගේ..

      Delete
  7. ආ අල්ලහන්කෝ ඔය වසන්තයාව එහෙනම් හොයයි ඈට දෙක .......

    ReplyDelete
  8. ගොන්ස් රසිකලොජි ? කොයින්ද ගොන්ස් කෑල්ලක් ආවෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැරැද්ද පෙන්නුවට..ඒක හරි ගැස්සුවා...

      Delete
  9. උඹල ඔක්කොමගෙ මොලේ සූරල ,ස්නායු උද්දීපනය කලේ අර හාඩ් රොක් අජියා. දැන් ආයෙ බ්ලොග් ලියයි . ජය වේවා අජිත්.

    ReplyDelete
    Replies
    1. ඔක්කොමලා ඒ සිද්ධිය ගැන දන්නෙත් නෑ බන්..මමත් දන්නෙ දේශකයා අන්තිම මොහොතෙ ඒ ගැන කිව්වහම බුකියෙන්..මුලින් යන්න නම් වෙන්නෙ නෑ කියලා පස්සෙ පොඩි ශෝට් ලීව් එකක් දමලා ගියෙ...ඒ ගියෙත්..මාතලන්, ඉවාන්, හය හතර දමිත් ..නිසා....ඒ අය සම්මානයට පාත්‍ර වීම ගැන සතුටින්..එතන කතා උන අන් මත ඉවසා දැරීම අරඹයා පටන් ගත්තාය කියන අයම අන් මත නොඉවසනා තරම දුටුවහම...ඒකට නොගොස් අන් අය වගේ අපේ සහෘදයන්ට සයිබර් අවකාශය තුලින්ම සුබ පතලා නිකං හිටියා නම් ඉවරයි කියලා හිතෙන්ඩත් පටන් අරගෙන දැන් නම්...

      Delete
    2. සම්මාන දීම සඳහා මෙම උත්සවය පැවැත්වීම නම් අතිශය උසස් අයුරින් ප්‍රශංසනීය බව නම් නොකියාම බැහැ...මෙලෙස පැවැත්වූ ප්‍රථම සම්මාන උළෙල බව කිව හැකියි..

      Delete
  10. හැබෑට කව්ද යකෝ අපි නොදන්න වසන්නතයා.. ගනිං බලන්න මේකව මෙහාට..

    ReplyDelete
    Replies
    1. හැමදාකම එන එකාම තමයි වගේ...

      Delete
  11. වසන්තයා ආවේ වස්සානයා ගියාට පස්සේ නේද ?

    ReplyDelete
  12. මං හිතුවා අපි නොදන්න පරණ බ්ලොග් කාරයෙක් කියල

    ReplyDelete
  13. මේ පාරනම් මමත් එනවා වසන්තයා බලන්න

    ReplyDelete
  14. වසන්තයා නෙවෙයි,ගිම්හානයා,සරතා,සිසිරයා ආවත් වෙලාවක්නෑ, අපට වැඩතියෙනව.

    ReplyDelete
  15. වසන්තය කියන්නේ ඔබටයි මටයි....!
    https://youtu.be/ZSWBnW2dyvs

    ReplyDelete
  16. ලියන්නාටයි වසන්තටයි දෙන්නටම සුබ පැතුම්

    ReplyDelete
  17. වසන්තයාවනම් දැකල තියෙනවද කොහෙද... එතකොට කවුද මේ Weni කියල කියන්නේ...
    මම හිතාන උන්නේ ඌ සෙත්තපෝච්චි වෙලා කියල... හෙහ්

    ReplyDelete
  18. අපි ඉතින් බ්ලොග්වලින්ම බලන්නම්

    ReplyDelete
  19. යකෝ,ඊයේ වසන්තයා අවානේ අපෙත් එක්ක බීච් එකේ සෙල්ලම් කරන්නත්.උඹලා මේ ඔච්චර ඌව හොයන බවක් දන්නවා නම් එක්ක එනවා නොවැ.

    ReplyDelete