ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, March 26, 2013

මුහුද යට අසිරිය..පළමුවෙනි කොටස..


මුහුද යට තියෙන ලස්සන ලෝකයක් පෙන්නන්න කථා කලාම ඕන් දෝස්මුර කීපයක්ම ආවනෙ..අපි ආසා කඳුකරයට..අපි ඉපදුනෙ එහෙ..වතුරට ආසා නෑ..ඊයා..වගේ කතන්දර..හරි ඉතින් මාත් ඒ කාලෙ ඔහොම තමයි..ටීවී එකේ මුහුද යට තියෙන අපූර්වත්වය දැකලා තිබ්බට..දෑහින්ම බලන්න ආසයි කියලා හිතෙන එක එක්කම ආයි හිතට දුකක් එන්නෙ..ඉනක් ළඟට තියෙන වතුරකට බැස්සට..පීනන්න පුළුවනියෑ..ඊටත් වඩා වතුර යට ඇස් දෙක ඇරන් බලන් ඉන්න පුළුවනියෑ..වගේ කතන්දර ගොඩක් තමයි හිතට එන්නෙ..

ඒ හින්දම මුහුදු වෙරලට වෙලා ඔහේ මුහුද දිහා බලන් ඉන්නවා ඇරුනහම..වතුර උඩට එන මාළු දිහා බලන් ඉඳලා ආපහු ආපු කාලයක් මටත් තිබුනා..

හැබැයි ඔය කාලෙ ඉඳලම මගේ මාමණ්ඩියා නම් ගිය ආත්මෙ මුහුදු ජීවියෙක්ද  කොහෙද..මෙහෙට ආපු දවසෙ ඉඳන්ම මුහුදෙමයි..ස්නෝකලින් සෙට් එකයි..කැමරාවයි අරන් මුහුද බැස්සහම ආයි කෑමක් බීමක් නෑමක් ගැන කිසිම අදහසක් නෑ..ඔව් ඔව් මුහුදෙ ගියාට ආයි මිනිහා නාන්නෙ නම් නැද්ද මන්දා ? මගේ හොඳ වෙලාවට මෙයා මගේ බ්ලොග් කටුව නම් කියවන්නෙ නෑ..සිංහල බැරි හින්දා..

ඒත් පහුගිය අවුරුදු වල..මාව අර මරන්න ගෙනියන හරකා වගේ මුහුදට ඇද ගෙන ගියා මේ මනුස්සයා..මම වතුරට තිබ්බෙ පුදුම භීතිකාවක් තමයි..ගඟක මුහුදක ගියත් දනිස්සෙන් උඩට වතුර තියෙන ඝරියකට බහින්නෙ නෑ..පොඩි කාලෙ ළිඳට වැටිලා..වතුර පෙවිලා ඒකෙන් වෙච්ච බයද කොහෙද ...

පස්සෙන් පහු දැන් තමයි දන්නෙ..පීනන්න තියා දියබුං  ගහන්නවත් දැනන් ඉන්න ඕනි නෑ..මුහුද යට තියෙන අසිරිය බලන්න කියලා..

අපි බලමු එහෙනම් මොනවද ඕනි කියලා..

ස්නෝකලින් මාස්ක් එකක්..එහෙම නැත්නම් ඩයිවින් මාස්ක් එක කියලත් කියනවා,

http://gzyinfeng.en.made-in-china.com/productimage/nbMmofhxIeYU-2f0j00dBPQHwoGhezE/China-Diving-Equipment-New-Design-Professional-Mask-Diving-Mask-DRJ-M6231C-.html




මේ තියෙන්නෙ ඔය කියන මාස්ක් එක..මේ මාස්ක් එක උනත් හොඳට ඇති මේ අපූර්ව ලෝකය දිහා මොහොතක් බලන්න..ඇයි මොහොතක් ?
හොඳ හුස්මක් අල්ලලා ඕක රඳවා ගෙන ඉන්න පුළුවන් කාල ප්‍රමානය තුල අවට සිරිය බලන්න මේ මාස්ක් එක විතරක් ඇති..

ඊට වඩා වැඩි වෙලාවක් බලන්න නම් ...ඉතින් මෙන්න මේ ස්නෝකල් එක ඕනි වෙනවා..

http://www.natureknights.net/2010_02_01_archive.html


එතකොට නම් පැය භාගයක් උනත් මේ ස්නෝකල් එක ආධාරයෙන් හුස්ම අරගෙන මුහුද යට බලන්න පුළුවන්..

අපිට කොයි ඉතින් ස්නෝකල්...? එහෙම අහන කම්මැලියන්ට තියෙන්නෙ ඔය ස්නෝකල් එකක් හයර් එකට ගන්න පුළුවන් පැය ගානකට..විදේශිකයන්ට දෙන්නෙ නම් ගිණි ගානට ඒත් අපිට පොඩ්ඩක් හෙට්ටු කරලා අඩු ගානකට ගන්න පුළුවන්..
මේ කිට  දාගත්තා එහෙනම් බැස්සා මුහුදට බැලුවා මාළු සහ කොරල් හිතේ හැටියට..එච්චරයිද ?

නෑ...

ඇත්තටම වතුර යට හොඳට පැහැදිලිවට බලන්න සෑහෙන සාධක ගනනාවක් බලපානවා.. එක තමයි හොඳ හිරු එළිය..උදෑසන ඉඳලා..හැන්දෑවෙන කම්...සමහර ඉර බැහැගෙන යන වෙලාවළුත් තියෙනවා හොඳම දර්ශනීය වෙලාවන්..
අනික මුහුදේ රල ස්වභාවය..රල නැගීම ගොඩක්ම අඩු වෙලාව තමයි හොඳම..ඔබ හික්කඩුවෙ යනවා නම්..කොරල් පර මුහුදෙන් ඉස්මතුව පෙනෙනවා කියන්නෙ ඒක හොඳ ලක්ෂනයක් ..කාලෙන් කාලෙට ඔය පෝය දවස් වලට..වගෙ සාධක එක්ක..සාමාන්‍යෙන් උදේ වරුවෙ 10-12 අතර හොඳම වෙලාවල් එනවා...එතකොට ඔබට පෙනෙයි කොරල පර වලට මෙහා ජල කඳ නොසෙල්වී තියෙනවා..ඔය වෙලාවට අර කොරල් පර තියෙන ඉසව්වටම ඔබ ඇවිදගෙන යන්න පුළුවන්..පීනන්න අවශ්‍ය නෑ..නමුත් සමහර තැන් තියෙනවා නොසෙල්වෙන ජලයේ උනත් තරමක් වලවල් වගේ තැන්..

හොඳම දේ තමයි පීනන්න පුළුවන් කෙනෙකුට කියන්න ඔබ ඉදිරියෙන් ඇවිදගෙන යන්න කියලා..මන් කලේම මාමණ්ඩි ඉස්සර්හින් ඇවිදන් යනකොට මන් පස්සෙන් ගියා..මට හොඳටම සුවර් මිනිහා මාව වලක දාන්නෙ නෑ කියලා..මට නැතත් එයාගෙ දුවට එයා ආදරෙයිනෙ..


මුහුද යට ෆොටෝ ගන්න හොඳ කැමරාවකුත් තියේ නම් හොඳයි ඉතින්...
මන් පාවිච්චි කලේ මේ කැමරා දෙක තමයි..






ඉතින් ඔහොම ලෑස්ති වෙලා මංතුමා කොහොමද දන්නවද මුහුදෙ අසිරිය නැරඹුවෙ..

මේ ටික නොදැම්මොත් කවුරුහරි කියන්ඩ පුළුවන් ආ ගූගල් එකෙන් ෆොටෝ ටිකක් සොයන් මේ වගේ ලිපියක් ලියන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි කියලත්..

ඊළඟ ලිපියෙන් මසුන් සහ කොරල් බලමු..ඔය අතරෙ මුහුදෙදි හමුවෙච්ච අපූරු ජීවින් තුන් දෙනෙකුත් ඉන්නවා..ඒ ගොල්ලන්ගෙ ෆොටෝත් දමන්නම්කො..


මේ ෆොටෝ එකට මං බොහොම මනාපයි..ඒ නිසාම පරිගනකයේ ඩෙස්ක්ටොප් එකට දමා ගෙන ඉන්නෙත් මේක. ඉර බැහැගෙන යනකොට..මේ පේන සුන්දරත්වය..වචනයට නගන්න නම් බැරි තරම්...








ඕන්න ලෑස්තිය අළුත් ලෝකයකට එබී බලන්නට...
















ඕන් ඔහොමලු...බැලුවෙ...සහ ෆොටෝ ගත්තෙ..






මෙන්න මෙහෙම මාළුන්ට අතින්ම කවන්නත් පුළුවන්...


මේක බලලා ඉවර උනු ගමන්ම,

කෝ !@#$%%^^^&&^%%$ ඉතින් මාළු එක්ක @#$%# කොරල්?????

 කියලා අහන පිංවතුන්ට කියන්න තියෙන්නෙ ඉවසන්න පිංවත..ඊළඟ කොටස එනකන්..

70 comments:

  1. අයියෝ .... මූදු ගියා කිව්වට මෙයා මේ දනිස්ස තෙමාගෙන විතරයිනේ.

    ලස්සන කොරල්වල ෆොටෝ ටිකකුත් දාන්ටෝ .....

    ReplyDelete
    Replies
    1. අහන්ට අමතක උනා අයියා ... ඔයා ඔය වටේ හිටපු සුද්දියොන්ට අල්ලපු ෆොටෝ කෑලිත් දානවද.

      Delete
    2. ඔව් මල්ලි, ම්ට පීනන්ඩ බෑ නොවැ..හැබැයි පා වෙන්න නම් පුළුවන්..හිට ගෙන ඉන්න බැරි තරමේ ගැඹුරට ගියේ නෑ..එතන ඉඳන් උනත් බලපු ඒවායෙ ලස්සන ඊළඟ ටිකෙන් පෙනෙයි..ඒ අහල පහල හිටි අයගේ ෆොටෝ දාන්නෙ නෑ..

      Delete
  2. මුහුද යට කියලා මේ වෙන කාවද ගොබිලෙක්ගෙ ෆොටෝවගයක්නෙ දාලා තියෙන්නෙ.. දැන් ඔය ෆොටෝ ගත්තෙ කවුද ? පත මෝරෙක්ද ?

    ReplyDelete
    Replies
    1. පත මෝරෙක්..හිටු මන් කියන්නම් මාමන්ඩියට පත මෝරෙක් කිව්වයි කියලා..හිටින් බන් දාස් ගානක් ෆොටෝ එඩි කරනවා මේ දවස් වල...

      Delete
  3. අයියේ ඉතිරියත් ඉක්මනටම දාපියෝ..

    ReplyDelete
    Replies
    1. ඉන්ඩ මල්ලි ඉවසලා..දාන්නම්..තාම හරි ගස්සනවා ටික ටික..

      Delete
  4. මං තුමාත් ඔය කට්ටලේ දාගෙන පුහුද යට සුන්දරත්වය නරඹලා තියෙනවා. හරිම ලස්සනයි. නමුත් ෆොටෝ අරගෙන නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයිලාස් එහෙනම් ඒ අත්දැකීම විඳ ගත් කෙනෙක් හැටියට දන්නවනෙ ඒකෙ තියෙන සුන්දරත්වය..

      Delete
  5. වතුරේ යන හැටි නම් නියමයි. නියම ජල ජීවියෙක් වගේ.:)

    මුකුත් කියන්නේ නෑ. අනික් අයගේ ෆොටෝ බලලා ඉවර වෙනකල්. මම කීවේ මාලුන්ගේ හොඳේ.:D

    ReplyDelete
    Replies
    1. හා බලමු බලමු පොඩ්ඩියා මොනා කියයිද කියලා අනිත් ෆොටෝත් බලලා..

      Delete
  6. මුහුද යට තියෙන ලස්සන ගැන නොගිය මනුස්සයෙක්ට කොච්චර කිව්වත්, වීඩියෝ කරල පෙන්නුවත් තේරුම් කරවන්න බෑ... ඒ වගේම තමා එකපාරක් හරි මුහුදට බැහැල ඒ ලස්සන දැකපු මිනිහෙක් ආයි ආයි යන එක නතර කරවන්නත් බෑ...

    මේ වෙද්දි කොරල් බලන්න ගිහින් අඩුම තරමෙ තුන් හතර පාරක් ගිලිල තියෙනව... යන්තම් ජාමෙ බේරගෙන ආවෙ... ඒත් හෙට වුනත් ආපහු යන්න රෙඩී තව කවුරු හරි එකෙක් සෙට් වෙනවනම්.. :)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාව සාතන්..ඒ අත්දැකීම වෙන මොකෙන්වත් ලැබෙන්නෙ නම් නෑ..කොහොමද කොරල් පර උඩින් පා වෙලා යනකොට දැනෙන සනීපෙ..අප්පා...

      Delete
  7. මචන් ඔය අන්ඩර් වෝටර් කැමර් එක කීයක් සහ කොහෙන්ද බොලේ ගත්තෙ... මම හොය හොය ඉන්නෙ ඔය වගේ එකක්,...

    ReplyDelete
    Replies
    1. මේ කැමරා දෙකම යුරෝප් වලින් ගත්තෙ ..ඔය කළු එක නම් ඩොලර් 400ක් විතර උනා. අනිත් එක පරණ මොඩල් එකක්..හැබැයි අඩු ගානට ඒවාත් තියෙනවා..කොලිටිත් අඩුයි එතකොට..මෙහෙ ගනන් නම් දන්නෙ නෑ. මන් මෙහෙ දැකලා තියෙන්නෙ සාමාන්‍ය කැමරා පාවිච්චි කරන්න පුළුවන් අන්ඩවෝටර් කවර් එකක් විතරයි..

      Delete
  8. මමත් ස්නොර්ක්ලිං කරලා තියෙනවා මචං කීප වතාවක්. හැබැයි මට උඹට වගේ දියේ දාන කැමරාවක් නැති නිසා ෆෝටෝස් ගත්තෙ නෑ. යකෝ ස්නොර්ක්ලිං සෙට් එකක් එච්චර ගනං නෑ. උඹට ජීවිතේට දවස් දෙක තුනක් පාවිච්චි කරන්න ඉස්තරමෙව්වා ඕනෙ නෑනෙ. එක එක බ්‍රෑන්ඩ් තියෙනවා. අනික කුලියට ගන්න කොට ඊට කලින් ඕක කගේ ඔබාගෙන හිටපු එකා දත් මැදපු එකෙක්ද කියල දන්නෙ කොහොමද බොල.

    ඒ වුනත් වුනත් උඹ අර පටන් ගන්නකොටටම කිව්ව බුවා වගේ මම නම් කඳුකරයටයි ආසා.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන් රි මුහුදෙ නොගිය කෙනෙක් හොයන්න බැරි තරම්..
      ස්නෝකලින් රු. 2000 ගානෙ ඉඳලා තියෙනවා..හැබැයි කොලිටි අන්තිමයි..හරියට පේන්නෙ නෑ..ඉක්මනට කැඩෙනවා..
      අනේ මන්දා බන්..උඹෙත් ඇටිටියුඩ් නම්...මොකා කටේ ගහන් හිටියත් වතුර ටිකකින් හේදුවහම ඉවරයිනෙ බන්..
      මාත් කඳුකරයට ආසයි බන්..කඳුකරයේ අසිරිය බලන්න පුළුවන්..ඒත් ඒකෙ කොටහක් වෙන්න අපිට බෑ..ඒත් මුහුදෙ මාළු අතරෙ..කොරල් අතරෙ..පාවෙලා යනකොට ...අපිත් ඒ ලෝකෙ කොටසක් බන්..

      Delete
    2. හවුස් ඔෆ් ෆැෂන් එකේ බලන්න වෙනී අයියා... ස්නෝකල් එකයි මාස්ක් එකයි තියෙන සෙට් දෙකක් ගත්ත මම ඒකෙන්... කිසි අවුලක් නෑ.. මම අන්තිමට ගනිද්දි 900 ගානක් වුනේ... ටෙම්පර්ඩ් ග්ලාස් මාස්ක් එක... කිසි අවුලක් නෑ... ස්නෝකල් එකක් නම් වෙනම ගන්න එක වටිනව...

      Delete
    3. ස්තූතියි ඔත්තුවට මල්ලි..

      Delete
  9. අර ඉර බැහැගෙන යන දර්ශනේට යටිං තියෙන දෙවෙනි ෆොටෝ එකේනං වෙනී අයිය මොකක්ද කැත වැඩක් කරනව වගේ අත්දෙකෙං අල්ලගෙන. :D

    ඇත්තටම කවුද මේ ෆොටෝ ගැහුවෙ. දාමුකො ‍බලන්න කොරල් වල සහ කොරල් බලන්න ආපු සුද්දියන්ගෙ හොරෙන් ගහහපු ෆොටෝ ටිකත්.

    ReplyDelete
    Replies
    1. බොඅල්ත් ඉඳලා ඉඳලා බලපු එක !
      ඒ ෆොටෝ එකක් ගන්නවා බන්..
      ඇත්තටම කීවොත් අහල පහල හිටි අයගෙ ෆොටෝ ගත්තෙම නෑ.. මල්ලි..

      Delete
  10. හැම ගහන්න හිතෙන්නේ කෝ බොල පින්තූර............ මේ පින්තූර දෙක තුනක් දාලා අපිව රවට්ටන්නද හදන්නේ........?

    ReplyDelete
    Replies
    1. ගොඩක් තියෙනවා මල්ලි එඩිට් කරන්ඩත් එපාය ඉතින්...මමම !

      Delete
  11. හපො මට පීනන්න බෑ තව පොටො ටිකක් දැම්මනම් අපි ගැනත් හිතලා . ඒකනෙමෙයි ඔය මාලු ටැන්කියකටද බැස්සෙ ?

    ReplyDelete
    Replies
    1. මටත් පීනන්න බෑ ..ඒත් බලන්නකො..
      මේ මුහුද බන්..මාළු ටැංකියක් හා සමානයි ඉතින්...

      Delete
  12. අනේ වෙනී අයියේ මුහුදු ගිය පින්තූර නොදැම්මත් කමක් නැහැ.. එයිට වඩා මේ දාලා තියෙන පින්තූර ටික හොද ටෝම වටිනවා. දැන් බලන්න අපි උඹලා ඔය ජාතික කතා අනං මනං අහලා තිබුනට උපන් තේකට අර නලපාන ජාතකයේ වගේ දියරකුසෙක්ව ඇහැට දැකලා තිබුනද නැහැනේ.. දැන් බලහංකෝ ඕන එහෙකුට මේ පොටෝ ටික පෙන්නලා කිසි අවුලක් නැතිව ඒ කතා ටික පොඩි එහෙකුට කියා දුන්නැකිනේ...

    ඕනනං අඩන ළමයි බය කරවලා බයි ටික කවා ගන්න උනත් මේවා හරි ප්‍රයෝජනවත්නේ.. හා නැද්ද මං අහන්නේ...?

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත මාරයෝ.

      Delete
    2. @ මාරයා,
      +++++++++++++++++++

      Delete
    3. අන්න දවසේ කතාව

      Delete
    4. අනේ බොගෙයි මගෙයි නලපාන ජාතකෙ..මන් කීවා කියලා හිතා ගනින් මල්ලියෙ... :-D
      දීකිරට සාක්කි කියන පෝලිම මේ ඉන්නෙ !

      Delete
  13. මාත් යන්න ඕන. ස්නෝකල් එකක් කීයක් විතර වෙනවද වෙනි අයියේ?

    ReplyDelete
    Replies
    1. රූමස්සල ජංගල් බීච් එකේදි අපි පැයකට ගත්තා. මට මතක විදිහට පැයකට 300ක් වගේ

      Delete
    2. පැයක ගාන රු. 400 ලු..කේවල් කරලා බලන්න..

      Delete
  14. ඔය කොරල් වල කෑලි කකුලේ ඇනෙන්නේ නැද්ද ඇවිදිනකොට. මොකක් හරි පා ආවරණයක් පළඳින්න ඕනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය ඇවිදින්නෙ කොරල් උඩ නෙවෙයි මල්ලි..නිකන් මුහුදෙ..කොරල් උඩ ඇවිද්දොත් නම් සොරි තමයි..ඒත් සමහරු ඇවිදිනවා..සපත්තු තියෙනවා..ඒවටම එන..කොරල් පර උඩින් පාවෙලා යන එක තමයි මරු !

      Delete
    2. කොරල් උඩ ඇවිදින එකෙන් අවුරුදු ගානකින්වත් හරිගස්සන්න බැරිවිදිහට කොරල් විනාස වෙනව... කවදාවත් කොරල් උඩ ඇවිදින්න, බර වැටෙන විදිහට කොරල් ඇල්ලීම නොකර ඉන්නව නම් තමයි ඔය ලස්සන දිගටම පවත්වගන්න පුළුවන්..

      Delete
    3. සහතික ඇත්ත සාතන්..ඒ ගැනත් ලියන්න හිතන් ඉන්නෙ..එතන බොහෝ වෙලාවට නිදාගෙන ඉන්න වන ජීවී එකේ අයත් එක්ක මට නම් කේන්තිත් එක්ක !

      Delete
  15. මූද යට තියෙන ලස්සන දකින්න මමත් ආසයි.. වෙනී තාම අඹුඩෙ තෙමෙන්නෙ නැති ගානටනෙ බැහැල ඉන්නෙ..,

    ReplyDelete
    Replies
    1. මට ගැඹුරෙ පීනන්න බෑ සරත් අයියෙ..මේ ගොඩ හරියෙ..

      Delete
  16. ඔය වෝටර්පෘෆ් කැමරා වල මිල අඩුම එව්වගේ මිල කොහොමෙයි ?

    ReplyDelete
    Replies
    1. මෙහෙ ගනන් නම් දන්නෙ නෑ රාමා.. ඔය කළු එකනම් ඩොලර් 400ක්ලු...

      Delete
    2. අපොයි මල්ලියෙ මේක කැමරාවක් දාන එකක්නෙ..සුවර් නෑ..අර දහ පාලොස් දාහක කැමරාවක් අරන් ඒක ට හරියන කිට් එකක් ගන්න කියලයි මන් නම් කියන්නෙ..

      Delete
  17. කවදා හරි කරන්න ආසා නමුත් තවම බැරි වෙච්ච වැඩක්. බලමු ෆොටෝ ටික බලලා හරි හිත හදා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ෆොටෝ ටික හරිගස්සා ගත්ත ගමන්ම දාන්නම් මල්ලි...

      Delete
  18. වෙනී අයියේ මාළු කොටන එකක් නෑ නේ

    ReplyDelete
    Replies
    1. ඔතන ඉන්න එක මාළුවෙක් නම් කොටනවා ඩිලා මල්ලි..මන් ඒ ගැන විස්තරයක් එක්කම දාන්නම්..

      Delete
  19. අර පේන්න ඉන්න ලොකුම මාලුවගේ නම මොකද්ද දන්නේ නෑනේ...

    ඉතුරු ටිකත් දාමු වෙනී අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් මලයා තාම ෆොටෝ ටික හදනවා..සෑහෙන වෙලාවක් යනවා..වැඩේට..
      ඒ ලොකු මාළුවගේ නම හොයලා බලලා කියන්නම් ! :-D

      Delete
  20. අපරාදෙ. ඔහොම්මම ඩයිවින් පාරකුත් දාන්න තිබ්බේ

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ උකුස්සා මොන ඩයිවින්ද ??? පොඩ්ඩක් ගැඹුරට යනකොට මගේ කකුල් දෙක වෙව්ලනවා...

      Delete
  21. වටිනා අත්දැකීමක් . ස්තුතියි බෙදා ගත්තාට . රට වටේම මුහුද තිබ්බට අපි ඉතින් මුහුදට බය ජාතියක්නේ .වෙන රටවල උන් පුදුම වෙනවා මෙච්චර ලස්සන මුදක් තිබිල අපි කිමිදිලා නැහැ කිවම . එක බෙල්ජියම් කාරයෙක් විසේසයෙන්ම ලංකාවට ගියා මඩකලපුවේ කිමිදෙන්න .

    දවසක වෙනිට ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයේ කොරල් දැක ගන්නට ලැබේවා .

    ReplyDelete
    Replies
    1. අප්පා ඔස්ට්‍රෙලියාවෙ කොරල් පර ගැන වීඩියෝ ගනනාවක්ම මං ළඟ තියේ බින්දි..හීනයක් තමයි ඒක නම්..ඒත් බල්මු හීන හැබෑවෙනවනෙ..

      Delete
  22. නියමයි වෙනි... ඉතිරිටිකත් එනකං බලං ඉන්නවා.. මටත් මතක් වුණා තායිලන්තයේ දී මුද යට හිටි දවස ගැන.මෙන්න මගේ මුහුද යට මතකයක් මෙතැනින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් ලින්ක් එක දුන්නට..එහෙනම් මෙහෙත් ගිහින් ඇතිනේ..ඕනි තරම්..

      Delete
  23. මුහුදු ඌරා කියන්නෙ මේ සතාටද? :P

    ReplyDelete
    Replies
    1. මුහුදු ඌරා !? මන් කීවා කියලා හිතා ගන්න ඕන් :-D

      Delete
  24. දුර්ලඹම ලිපියක්.ඉතාමත් කැමැත්තකින් කිෙයව්ෙව්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..මුහුද ගැන ශාස්ත්‍රීය දැනුමක් තියෙන කෙනෙක් ලීවා නම් මීට වඩා වටී..ඒත් මට තියෙන්නෙ සාමාන්‍ය දැනීමක් විතරයිනෙ..

      Delete
  25. අයියෝ තාම කමිං කෑලිනේ යන්නෙ..චිත්‍රපටිය පෙන්නන්නෙ කවද්දෝ?!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම රූ ඉක්මනටම ..තාම ෆොටෝ ටික හදනවා..

      Delete
  26. පෂ්ණ දෙකයි.

    අර බටේ දාගෙන කිමිදෙන්න බෑ නේද? ඒකෙ කෙලවර උඩ තියෙන්න ඕනේ නේද?

    අනික අර වොටර් පුරුප් කැමරා කීයක් විතර වෙනවද? ඒවා නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒ බටේ දාගෙන කිමිදෙන්න ඒ කියන්නෙ ඩයිව් කරන්න බෑ මල්ලි, ස්නෝකලින් විතරයි..ඩයිවින් වලදි අර ඔක්සිජන් ටැංකි පිටේ එල්ල ගෙන ගැඹුරු මුහුදෙ කිමිදෙන්නෙ..හැබැයි අර මාස්ක් එක නම් එකවගේම තමයි..
      මෙහේ ගනන් නම් දන්නෙ නැත..ඔව් ඒක සාමාන්‍ය පොයින්ට් ඇන්ඩ් ශූට් කැමරාවක්ම තමයි..හැබැයි අන්ඩවෝටර්..

      Delete
  27. මූණෙ ෆොටෝවක් අල්ලනකොට පොඩ්ඩක් හිනා වෙලා ඉන්න එපායැ. ෆොටෝ ටික බලද්දී හිතුනේ සුද්දියොත් අරෙහෙම ඉද්දි.... නෑ. නෑ. මං දන්නවා ඔයා කට්ටිය ඔයාගෙ සික්ස් පැක් බොඩිය දැකලා ඉරිසියා කොලොත් කියලනේ වහගෙන ඉන්නේ...

    ----------------------
    වෙනී අයියේ ඔයා දන්නවනේ මේ පැත්තෙ අවාසනාවට ලැබුණු සම්පතක් නිසා කවදාවත් අපිට ගඟක පතුලක් දකින්න ලැබෙන්නෑ කියලා. ඉතින් කොහේ හරි ගියාම ගඟක් දැක්කම නවත්තගෙන බලන් ඉන්නවා. පෙරේදා බුලත්කොහුපිටියේ ගිහිං ඒත් එහෙම්මම තමයි. ඉතින් මේ පින්තූර දැක්කම මට හිතුනු දේ කියන්න ඕනි නෑනේ.

    වතුරට බැස්සම ඇස් දෙක රතු වෙනකම් ඇරගෙන ගංපතුලේ තියෙන දේවල් හොයන ඒකත් මගේ ආසම දෙයක්.
    ඉතුරු ෆොටෝ ටික දකිනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.....

    ReplyDelete
  28. ......//ඔය අතරෙ මුහුදෙදි හමුවෙච්ච අපූරු ජීවින් තුන් දෙනෙකුත් ඉන්නවා..ඒ ගොල්ලන්ගෙ ෆොටෝත් දමන්නම්කො..//.....

    අමුතුම ජීවියෙක් දැක්කා. දෙවෙනි හා තුන්වනි ජීවියෝ වෙන්නැති අර කහ කළු ඉරි මාළුවයි, අන්තිම එකේ ඉන්න කට රතු කළු මාළුවයි.

    කමෙන්ට් ටික කියවන්න තවත් ටැබ් එකක් ඕපන් කළා. නැත්නම් අපේ එවුන් ෆොටෝ ගැන කරන විස්තර හොයන්න ගිහිං මීයගේ බෝලේ අතට ආවොත් එහෙම.
    ෆොටෝස් ටිකත් වෙනම ටැබ්වල ඕපන් කර ගත්තේ. වෙනදා වගේ බ්ලොග් ඒකෙන් ඕපන් කරගෙන නෙක්ස්ට් කර කර යන්න බැරි මොකද මංදා.....

    ReplyDelete
    Replies
    1. සික්ස් පැක්..කවකටු පෙට්ටිය දැක්කනම් උන් ටික මාව අරගෙන යයි හෝටලේකට කෑමවේලක් අරන් දෙන්න දුකට...
      ඉක්මනටම අනිත් ෆොටෝ ටික දාන්නම් මල්ලි..
      නෑ ඒ ජීවියො තුන් දෙනාගෙන දෙන්නෙක්ම බ්ලොග් ලියනවත් එක්ක..ඉවසන් ඉන්ඩකො..

      Delete
  29. බනින්න පවුනෙ................ ඒ නිසා ඉවසන් ඉන්නම්කො ඊලඟ කොටස එනකම්

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ළමයා..මේ දවස් වල වැඩ වැඩි මදිවට..ෆොටෝ හරි ගස්සන්නත් වෙලාව යනවා ගොඩක්...

      Delete