ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, March 15, 2013

ඇනෝ වහපුවහම පට්ට ආතල් !


I know what you’re thinking, ’cause right now I’m thinking the same thing. Actually, I’ve been thinking it ever since I got here: Why oh why didn’t I take the BLUE pill?

මැට්‍රික්ස් චිත්‍රපටියේ මේ දෙබසෙ අවස්ථා සම්බන්ධය බලපු හැම කෙනෙක්ම දන්නවනෙ..

මේ සයිෆර් ඩබල් ගේමක් දෙන්න හදන වෙලාවක ඒක සාධාරනීකරනය කරන්න නියෝට කියන වාක්‍යයක්...

ඔහු වැරදි තේරීමක් කරලා ඒ ගැන පසුතැවෙන අවස්ථාව...

නමුත් ඒ වැරැද්ද නිවැරදි කරන්න ගිහින් ඔහු තමන්ගෙ කණ්ඩායමෙන් බාගයකට වඩා වැඩි පිරිසකගේත් තමන්ගේත් ජීවිත විනාශ කරනවා. නමුත් නියෝව යථාර්ථයට තවස අඩියක් ලං කරන්න ඉවහල් වෙන්නෙත් ඒ කාරණයම තමයි...මේ මඟුල් චිත්‍රපටියෙ කතාවයි..අර අපි වන්දනා ගමනක් යනකොට අතරමඟ දකින දිය ඇල්ලක් උනත් බලන්න යනවා වගේ මගේ බ්ලොග් එකෙත් මන් පොඩියක් දිශානතිය වෙනස් කරලා කරපු ඊට පස්සෙ වෙච්ච විජ්ජුම්බරේ මෙහෙම කියමුකො..

මේ සම්පූර්ණ දර්ශනයම සිද්ධ වෙන්නෙ මෙහෙමයි..

මගේ සමහර පෝස්ට් වල සමහර අය ලියන කමෙන්ට් වලට කුණුහබ්බ ලියන ඇනෝලා එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් විතර උන්නා නොවැ..නෑ නෑ තාම ඉන්නවා..මමත් දකින දකින සැරේට ඔය කමෙන්ට් මකලා දානවා. සමහර දවස් වල අන්තර්ජංජාලෙ එන්න බැරි වෙන වෙලා වල ඔහෙ දවසෙ හමාරෙ තියෙනවා..දැක්කහම මකනවා...

මන් දැන් කල්පනා කලා ඇයි මේකෙන් මොනාවත් වැඩක් ගන්නෙ නැත්තෙ කියලා..

ලිව්වා පෝස්ට් එකක් නෑ මන් අයින් කරනවා ඇනෝ පහසුකම් මින් පස්සෙ කියලා..අනිත් අයට එහෙම කරන්න කිව්වෙ නැතුවට..නිකන් එහෙම කලොත් ටොප් වගෙ අදහසකුත් දුන්නා...කුණුහබ්බ ලියන එව්වො අවජාතකයො කියලත් කිව්වා. ඒ අයගේ ළමයිත් එහෙම වෙයි කියලත් කිව්වනෙ.. මේ කොමර්ස් කරපු මන් දන්න ලබ්බක් නෑ ඔව්වා ගැන...

එහෙම කියලා බලන් හිටියෙ කොහොමද ? මේන් මෙහෙම...

මම ලියන කෙටි කතා , එදිනෙදා සිද්ධි ෆොටෝ අල්ලපු එව්වා..චිත්‍ර ඇඳපු එව්වා කියවලා ඒ වට කමෙන්ට් කරපු මගේ ආදරණීය පාඨකයො වගේම...එදිනෙදා කමෙන්ට් කරන්නෙ නැති අය උනත් මේ පොස්ට් එකට කමෙන්ට් කරන්න පටන් ගත්තා...ඇනොනිමස් පහසුකම අයින් කරපුවහම..වෙන හොඳ , නරක..ඇද කුද..කළු සුදු..සේරම කිව්වා..ඒ වගේම කුණුහරුප ලියන ඇනෝලට ලැබිය යුතු ප්‍රතිචාරය ලැබුනා.. රත්තරන් අදහස් ටික..

අළුත්ම පෝස්ට් එක මේක උනාට අපේ කතන්දර ශූරීන් මගේ ඊට ඉස්සෙල්ලා ලියලා තිබ්බ පෝස්ට් එකකට දීපු ප්‍රචාරක පටය නිසා මේ පෝස්ට් එක හිට් වෙන්න ගත්තා. හැබැයි මට කලාන්තෙ ඇල්ලුවෙ අපේ ලොකු අයියා ඔව් ඔව් එයා තමයි..එයාගෙ සයිට් එකේ මගේ පෝස්ට් එකෙන් කරන්නෙ ඇනෝලව අයින් කරන්න ගෙනියන මාෆියාවක කොටසක්ය..ඒ නමුත් ඇනෝලා බ්ලොග් ලෝකයෙ මහා වැඩ කන්දරාවක් කලාය කියලා මහා ලොකු පෝස්ට් එකක් ලියලා තිබ්බා..දැක්ක ගමන් කලාන්තෙ හැදුනත් මන් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනා..මන් හිතුවෙ මගේ බ්ලොග් එකේම සෑහෙන්ඩ කමෙන්ට් වදී කියලයි.මේකෙ ලිපියක් එකක් නෙවෙයි දෙකක්ම දාන්න තරමට දුර දිග යයි කියලා නම් හිතුවෙම නෑ..

මොකද මන් ඇනොනිමස් කමෙන්ට් කිරීමේ පහසුකම අයින් කරනවා කිව්වට අයින් කලේ පැය ගානකට විතරයි. රෑ කීපයක්ම උදේ පාන්දර වෙනකම් අයින් කරා..

පුදුමයි ඒක සමහරෙක් නුදුටුව එක...

හැබැයි අර ලිපියෙ මම ගැන ලියලා තිබ්බ දේවල් සෑහෙන්න නිවැරදී..මන් මේක කලේ හිට් ගන්න..මන් ඉලංදාරියාට සත පහක් දුන්නේ නැතිය..වගේ කාරනා..ඇත්ත නේන්නම්..

හැබැයි මගේ අර පෝස්ට් එකට කමෙන්ට් ලිව්ව අයටත් පහර ගහපු එක ගැන නම් මට හරිම දුකක් ඇති උනා.. හමු උන දවසක මන් ඒ අයගෙන් පෞද්ගලිකවම සමාව ඉල්ලනවා..ඒක අනිවාර්‍යයයි...කිව්වට විශ්වාස කරන්න මේ වෙනකම් තාම ඇනෝ කමෙන්ට් එකක් දැම්මෙ නෑ..කවුරුවත්ම..ඒ කියන්නෙ මං වහනවා කිව්ව එක විශ්වාස කලා මිස කවුරුවත් බැලුවෙ නෑ..ඒක ඇත්තටම වහලද කියලා නම්.. බැලුව නම් බඩු මාට්ටු..

මේ සිද්ධිය ඇතුලේ ගන්න දෙයක් තියෙනවා නේද ?


හැබැයි සම්පූර්ණ සංසිද්ධිය ඇතුලෙම මන් දැකපු අපේ සිංහල මනුස්සයගෙ ඇඟේම තියෙන සොඳුරු ගතිගුණයක්...

මතකද 2004 සුනාමිය ආපු වෙලාව..

මට මතකයි රත්නපුරේ ගංවතුරට අනාථ වෙච්ච අය ඉන්න කාලවල්..

අනේ මොන ගහ මරා ගැනීම් තිබ්බත් අපේ මිනිස්සුන්ගෙ හිත උණුවෙන හැටි...ජීවිතේට දැකලා නැති උනත්..කොයිතරම් සල්ලි වල්ට සමාජෙ යට වෙලා තියෙනවා කිව්වා උනත් තමන්ට කිසිම ප්‍රයෝජනයක් ආපහු නොලැබෙන බව දැන දැනත්..ලැබෙන්න පුළුවන් අයහපත් , අමිහිරි දෙයක් බව දැන දැනත් තව කෙනෙක්ගෙ කඳුලෙදි උණුවෙන හිත...
ආන්න ඒක මන් දැක්කා මේ සිද්ධිය පුරාවටම...

මේ උණු වෙච්ච හිතම තමයි එදා 2004දි උණු උනෙත්..

කවුරු කොහොම කීවත් තව කෙනෙක්ගෙ දුක ළඟ උණුවෙලා අනිත් අයගෙ හිත් උණු කරලා කෙනෙක්ගෙ දුක නිවන්න ඉදිරිපත් වෙන්නෙත් මේ හිත්ම තමයි..

කිව්වොත් කවුරු හරි..ඒ කියන හිත් නේද උඹ රැවැට්ටුවෙ කියලා...

පිලි ගන්නවා හැරෙන්න මට වෙන කිසිම විකල්පයක් නෑ... මේ සිද්ධිය හරහා මෙච්චර දෙයක් වෙයි කියලා මන් හිතුවෙ නෑ...

මන් නිසා මගේ පෝස්ට් එක නිසා ඒක කාගෙ හරි හිත රිදුනා නම් මට සමාව දෙන්න...

දැන් මන් දන්නවා මේ පෝස්ට් එක දුටුවහම දෙකොනින් හිනා වෙන එක අයෙක් නම්...

මන් කිවෙ නැද්ද පර්යේෂනගාර මීයො වෙන්න ඕනි නම් ඕක කියවන්න යන්න කියලා..

මී අම්මපල්ලා අතින් පයින් ගහන්න බෑ තමයි ඈත ඉඳලා ගලකින් හරි ගහලා දුවනවා..මට සහ මගේ බ්ලොග් එක ගැන ඔය කරපු නොහොබිනා කතාවට..

ආයි අපේ සුපුරුදු කෙටි කතා, ෆොටෝ වලින්ම පටන් ගමු ළඟදීම..ඊළඟ පෝස්ට් එකෙන් හැමෝවම අරන් යන්නම් වෙනම ලෝකෙකට..ලෑස්ති වෙලා ඉන්න..

ප.ලි. 
බුදු මල්ලියෙ, පුතේ, අයියේ..ඇනෝ ඇරලා තිබ්බෙ... කුණුහරුප ලියන්න එපා.වචනවලින්ම නම් !@#$%^&&& වගේ ලියන්ඩකො ඕනිම නම්...ආදරණීය ඉල්ලීමක්..

59 comments:

  1. Replies
    1. මේ ඇනෝගෙ පටන් ගැන්මම ආශිර්වාදයක් උනා වගේ..

      Delete
  2. කතන්දරේ පටන් ගන්නකොටම මට මතක් වුනා අර මී කතාව.

    කොහොම උනත් ඇනෝ ඇරලද වහලද කියන එක ගැනනම් මම බැලුවෙවත් නෑ, ඒගැන මගේ කිසි උනන්දුවක් තිබුනෙ නැති නිසා. කොටින්ම මම ප්‍රොෆයිල් එකෙන් ලොග් උනාට පස්සෙ කමෙන්ට් කරද්දි ආයෙ බ්ලොග් එකෙන් බ්ලොග් එකට හොය හොයා ඉන්නෙ නෑ මේකෙ මක්කද තියෙන්නෙ කියලවත්.

    කොහොම උනත් මම නම් හිතුවෙම වෙනී අයියා හිතේකරදරෙන් හිටියෙ කියල.

    දැන් එහෙනම් ඒකත් ඉවරයි. හරි, අපි ආයෙ පටා...න් ගමුකො.

    ReplyDelete
    Replies
    1. ඒක නෙවි, වැදගත්ම දේ අහන්ට අමතක උනා.

      >>බුදු මල්ලියෙ, පුතේ, අයියේ..ඇනෝ ඇරලා තිබ්බෙ... කුණුහරුප ලියන්න එපා.<<

      දැන් වෙනී අයියා හිතනවද ස්ත්‍රී පාර්ශවය හෙන ශිෂ්ඨයි කියල. ඇනෝ නොඑන්න, කුණුහරුප නොකියන්න. (කොච්චර බැනුම් අහන්න උනත් :)) මම නම් හිතන්නෙ නෑ.

      Delete
    2. හේ..හේ..මුගෙ ඇස් දෙක තමයි ඇස්දෙක...!

      Delete
    3. ආන්න දීපල්ලකො උත්තර.....

      Delete
    4. අඩේ ඩීඩීටී, මමත් කල්පනා කලේ මූ ඇයි නංගියෙ, දුවේ, අක්කේ, නැන්දේ, ආච්චියේ කියලාත් ඇතුලත් නොකලේ කියලා?????

      Delete
    5. අහන්න මෙච්චර දේවල් තියෙද්දි හැබෑටම බොලාත් අහන දේ වල් ! එහෙව් ගෑවු ළමයි මෙහෙ එන එකක් නෑ නේ ?

      Delete
  3. e unaata thama anonymous wedane?
    oyata ewage comments ona nam kiyanna
    atampahurata..

    ReplyDelete
    Replies
    1. ඒක දැන් ආරාධිතයන්ට පමණක් කරලා..

      Delete
  4. හැක්ස් මට හිතෙන්නේ අර බැනපු බැනුම් වලට වෙනියා බය වෙලා දැන් වෙනම කතාවක් කියනවා කියලා. :D

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඔව්...මේ තාමත් කකුල් දෙක ගැහෙනවා...

      Delete
  5. මේ ඇනෝව අල්ලලා දාලා ලියහන් බන් කෙටි කතාවක්

    ReplyDelete
    Replies
    1. ඩොකියුමෙන්ටරි සීරීස් එකක් ලියවෙමින් පවතිනවා දුකා මලයා..

      Delete
  6. සුන්දරයි ඒ වගේම හරිම ආදරණියයි වෙනි මේ ඉල්ලිම..

    ReplyDelete
    Replies
    1. *&^%$#@#!%& තමයි

      Delete
    2. පට්ට ආතල් ඇනෝ...ඔන්න ජොලියට වගේ #@$%%$&*

      Delete
    3. මට මතක් උනේ අපි බස් පැද්ද කාලෙත් මෙහෙම ගත්ත ආතල් එක ! මෙහෙම යන්න පුළුවන් දුර ගමනක්...

      Delete
  7. මට දැනුයි මේකෙ අගමුල තේරුනේ බං. මම අර Coward of the County සින්දුවේ ඉන්න ටොමියා වගේ walk away from trouble when I can. අන්න ඒකයි මට මේක නොතේරුනේ. උඹ අර මීට කලින් ලියලා තිබ්බ එල ස්ටෝරිය උඩටම මේක අත ඇරලනෙ.

    ඔන්න ඕවා අල්ලලා දාලා අපි ඉස්සර වගේම කතාවක් කොටාගෙන චිත්‍රයක් ඇඳගෙන ඉමු බං.

    ReplyDelete
    Replies
    1. Great song ah.... I cannot remember the artist...

      Delete
    2. යා යා අයි ගොට් ඩැට් ඕඩියො සිඩී ටු... තැන්ක්ස් ඩුඩෙ..

      Delete
    3. හරියට හරි හෙන් රි අයියා..ඒකම තමයි..

      Delete
  8. ඇනෝ වහලා කිව්වම බලන්නේ මොකාද බන් , ලෝඩ් වෙනකොටම ප්‍රොෆයිල් එක සිලෙක්ට් වෙලා තියෙත්දි ඇනෝ හොයන්න ඕනි වෙන්නේ එහෙමත් කෙනෙක්ට තමා ඇනෝ වහල නැත්නම් සතුටුයි .

    ReplyDelete
    Replies
    1. මට කීමට ඇත්තේද බූවා කියා ඇති දේමය.

      Delete
    2. බුවා සහ කතන්දර..මන් අල්ලගත්තෙ ඔය පොයින්ට් එකම තමා..ඒක ඇතුලෙ යන්න පුළුවන් දුර බැලුවා...

      Delete
  9. අනේ මන්දා.. මට තාම තෙරුන් නෑ අග මුල... කොහොම හරි කමක් නෑ... වෙනි අන්කල් හිතහදාගත්තා නං එච්චරයි.. හි හි

    ReplyDelete
    Replies
    1. අන්කල්. අන්කල් නෙමේ මල්ලි....

      Delete
    2. අනේ හි..හි...
      තේරුනේ නැහැ හි...හි...
      පව් අනේ ඔයා හි...හි...
      වෙනී අංකල් හිත හදා ගන්න ඇති හි...හි...

      Delete
    3. මාතලන් විතරයි මගේ හිත හදන්න ඔහොම කීවෙ...අනිත් අය සේරම මට කියන්නෙම අංකල් කියලා බන්...
      හිරු ඔයාගෙ අනන්‍යතාවය හි...හි...වෙලා දුවේ...ඒකත් නියමයි...

      Delete
  10. අර රජා වගේ හැම පෝස්ට් එකටම

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    වගේ එකක් දැම්මනම් කිසි එකෙක් තරහ වෙන්නේ නෑ..

    හරි මල්ලි එහෙනම් ඔයා එහෙමයිනේ... ඒත් පරෙස්සමින් පුතේ....

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබෑව තමා බන්..කවුද හිතුවෙ මේක මෙහෙම වෙයි කියලා...බොලාව හම්බෞනහම නම් වැඳලම තමා සමාව ගන්නෙ..බුලත් අතක් දීලා..අවුරුදු උත්සවේට එනවනෙ...

      Delete
  11. මටනම් මේකේ අග මුල තේරෙන්නේ නැහැ වෙනි.

    ReplyDelete
    Replies
    1. මේක පොඩියක් දුර ගිය ප්‍රැක්ටිකල් ජෝක් එකක් අයිලාස්..

      Delete
  12. මොනවද බං කියන්නෙ..!#$#$^%&%

    ReplyDelete
  13. මෙයා ඒ ගමන දවස ගානෙම පෝස්ට් දාන්න අරන්නේ. එළ එළ. ඒත් බලාපොරොත්තු වෙන ඒවා (Mr.ලියන්නා) නොදාන එක තමයි අවුල. :(

    ආයෙත් ඔන්න අපි මීයෝ උණා. කියපු ගමන් පිළිගත්තා ඇනෝ වහලා කියලා. සෙහ්.. ඒ මදිවට මී අම්මාපල්ල කියන්නත් එනවනෙ මෙතන.

    අඩෝව්.. $#@#$@%^^&#$!$$

    ReplyDelete
    Replies
    1. ලියනවා අකමා..ඩොකියුමන්ටරි එකක්...

      Delete
  14. ඔය මදෑ වෙනි යියේ ඇනෝලා එක්ක ඔට්ටු වුනා.. ආයෙ කියවන්න දෙයක් ලියහන් බන්.. නැත්නම් ඇනෝලා නෙමෙයි අපියි උඹට කුණුහරුප කියන්නෙ.. හරිය.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා ලියවෙමින් තියෙන්නෙ කතා ගොන්නක්..මේක මදැයි මේ...

      Delete
  15. මට උඹට කුණුහාරපෙන් බනින්ඩ හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඉතින් අටමා..අර ෆෝන් එකෙන් කතා වෙච්ච විදියට අපි සෙට් උනහමම..කනට කරලාම කියලා දාහන් බන් ඔය ටික...

      Delete
  16. ඇඩෝව්.. !@#$% ^&&& $#@# $@%^^ &#$!$$ !#$#$^%&% #@$%%$&* !@#$% ^&&&

    ඔන්න මං නම් මදි නොකියන්න වෙනි අයියට බැන්න ඈ..! :D :D හා දැන් ඉතින් කතාවක් වත් ලියමු. කෝ අර චිත්‍ර.. කනේයියා එහෙම නැද්ද දැන්. ගන්න ගන්න පැන්සල්, පෑන්, තීන්ත, මකන, අරව මේවා ටික ලඟට...!! :)

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි, සතියකින් වැඩ පටන් ගන්නවා...ඒ කනෙයියාව තාම තියෙනවා...

      Delete
  17. දවසකටවත් මිනිහා තමා වෙනියා. ඕක අර නිර්දය විවේචකයගේ අදහස් වෙන්ටැති.. හික්...

    ReplyDelete
  18. අඩෝ @$&#%$^Q#*@&#)(#*!(~+_#)_#)$*#!@$^#*$&^#@*$%^* வெනී අයියෙ අර පතල් කතාව ලියන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක භාගයක් ලියලා තියෙන්නෙ ප්‍රසා මල්ලි...දෙන්නම් ඉක්මනටම..

      Delete
  19. තව එක පෝස්ට් එකයි බලන්නේ... ඒකත් මෙහෙම නම් අකමැත්තෙන් උනත් උඹේ බ්ලොග් එක රීඩරේ Normal Blogs කැටගරියෙන් Junk Blogs කැටගරියට මාරු කරනවා... :(

    ReplyDelete
    Replies
    1. අනේ රත්තරනේ එහෙම කරන්ඩෙපා..ඕන් දා ගන්නකො එහෙනම් ඉස්පැසල් කැටගරියටම...

      Delete
  20. අපරාදේ මං අර වටිනා සිංදුවක ලින්ක් එකකුත් දැම්මා...;(

    ReplyDelete
    Replies
    1. ඒක හැමෝටම වටින සින්දුවක් මයියා..ඒක අපරාදෙ උනේ නෑ..

      Delete
  21. මේකට කමෙන්ට් කරනවද නැද්ද කියලා මේ හිත, හිත ඉන්නේ...:D

    ReplyDelete
    Replies
    1. @#%#%^%$^%^& %$^&%&^&*^* @$!#!$@#!@# ^$&%*^&()*)*(^&#$%@#$ #^&#%@$%#^$ $@!$@%$&% $%#%$#^$&^ ඕං කිව්වා කියල හිතාගං

      Delete
    2. හිකිස්..පොඩ්ඩිත් හිතේ හැටියට ඔය දේශකයා වගේ කියලා දාන්න අනේ...

      Delete
  22. මට අර වඳුරෝ කට්ටියක් දාල කරලා තියන පරීක්ෂණයක් ගැන කතාවක් තියන්නෙ අන්න ඒක මතක් වුනා. හොද ප්‍රවාද තනන්නෙක්නෙ බලාන යනකොට වෙනීත්.

    ReplyDelete
    Replies
    1. මන් හින්දා වෙදනා මහත්තයටත් අහන්න උන ප්‍රවාද ! බුලත් අතක් අරන්ම එන්නම් වැඳලා සමාව ගන්න...

      Delete
  23. :) :D :( x( @x+%#@#%#%^%$^%^&

    ReplyDelete
    Replies
    1. ඊක්..ලැජ්ජාවෙ බෑ..ඔහොමත් බයිනවද අප්පා ?

      Delete