ජීවිතය ගැන මට හිතුනු දේ මන් ඊයෙ ලිව්වා..එහෙම ලිව්වෙ ඊයෙ මගේ උපන්දිනේ නිසා බව මූනු පොතේ අය දැනන් හිටියා.. සියළුම සුබ පැතුම් වලට ස්තූතියි...හැමෝටම..
දැන් හිමිදිරි පාන්දර තුනයි වෙලාව..
මගේ ෆෝන් එක හඬ තලන සද්දෙට උඩ ගිහින් බිම වැටිච්ච මන් බැලුවා..කවුද කියලා.
කෝල් එක අපේ ගෙදරින්..
අපේ ලොකු අක්කගෙන්..
අවුරුදු ගානක් එක් තැන් වෙලා හිටි අම්මා රැක බලා ගෙන හිටි ලොකු අක්කගෙන්.. පහු ගිය සතියෙත් අම්මා අසනීප වෙලා රෝහල් ගත කරලා ඉඳලා ගෙදරට එක්කන් ගියේ..මන් හිතුවෙ අම්මට ආයිමත් අසනීප වෙලා වෙන්න ඇති..කියලයි..
ඒත් අම්මා අපිව සේරම දමලා යන්න ගිහිල්ලා..
මගෙ පහු ගිය නිර්මාන වල හිටිය ඈ ගැන අතීතයෙන් මතකයන් විතරයි මට ආයි ලියන කොට ලියන්න පුළුවන් වෙන්නෙ..
...
වෙනී / ලියන්නා..
ප.ලි. 2012.04.15 -
සතුටින් ඉන්න කොට දුවගෙන ඇවිත් නැත්නම් කෝල් එකකින් හරි පනිවිඩේකින් හරි ඒ සතුට දෙගුණ තෙගුණ කරන...
දුකක් සිද්ධ උනහම දුවගෙන ඇවිත් හරි කෝල් එකකින් හරි මෙසේජ් එකකින් හරි..ඒ දුකට කර ගහලා ඒ දුක අඩු කරන..
මිතුරු මිතුරියො..සහෘදයො...
පිළිගන්න ඔබලාටයි මේ මගේ හෘදයාංගම ස්තූතිය!
උහුලගන්න උනු මහමෙරේ බර පුළුන් රොදක් කලේ ඔබලායි..







