ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Monday, October 22, 2012
සහතිකයි මට නුඹ නොදත් බව..
කුස ඔත් දින සිට අප පැතු පැතුමන්
අප සිතු සිතුමන් නුඹේ නමින්
දින දින ගෙවෙනා විට
තැනූ තැනුමන් නුඹ වෙනුවෙන්
නුඹෙ සුව පහසුව
නුඹ යහ පෙරමඟ
වෙනුවෙන් කැප කල මහා අභිමන්
පෙති විදහා ලොව හිරු දැක ගන්නට
පෙර මැලවුනු මල් කැකුලකි අද නුඹ
නුඹේ නමින් නුඹ වෙනුවෙන් සිටි
මා පිය දෙපලගෙ රුව දැක ගන්නට
අතැඟිලි සොලවා හුස්ම කටක් ගෙන
කෑ මොර දෙන්නට
ක්ෂනයකට පෙර
සමුගෙන යන්නට
පෙරුම් පිරූයේ ඇයි පුතුනේ
නුඹේ නමින් තැනු සිහින මාලිගා
නුඹේ නමින් තැනු නවමු ලෝකය
දෑස මානයෙ පෙනි පෙනී සිට
කඩා වැටුනු බව දැන ගත් මොහොතේ
ඇවිලෙන ගින්දර අප හදවත් තුල
කඩා වැටෙන ඒ නවමු ලෝකයෙ
නටබුන් අබියස හැලෙන කඳුළු ගඟ
නුඹ නොදකින බව
නුඹට නොහැඟෙනන බව
සහතිකයි මට නුඹ නොදත් බව..
(ජීවය ලබන්නට මොහොතක් තිබියදී මෙලොව හුස්ම කටක් නොගෙනම 2012/10/21 දින අප හැරදා ගිය මාගේ සොයුරාගේ පුතනුවන්ගේ බිළිඳු පුතු වෙනුවෙන්...)
උපදින මතු ආත්මයක මෙවන් දෙයක් ඔබට උරුම නොවේවා !
ඔබට නිවන් සුව !
ඔබට මොක් සුව !
Subscribe to:
Post Comments (Atom)
නිවන් සුව පතමි...
ReplyDeleteඒ කියන්නෙ ලියන්න සීය කෙනෙක් ද?
ReplyDeleteකමෙන්ට් කලේ කියවලා නෙවෙයිද ?
Deleteoh... RIP...
ReplyDeleteගොඩක් දුකයි වෙනී..
ReplyDeleteඉක්මනින් මව්පියන්ට දැනුනු දුක තුනී වෙලා යන්න කියලා ප්රාර්ථනා කරනවා..
නිවන් සුව පොඩි පැටියට...
ReplyDeleteබොහොම කණගාටුයි!
ReplyDeleteකණගාටුයි වෙනි... මෙතෙක් උඹ ඇඳපු හොඳම චිත්රය අදයි..!
ReplyDeleteබොහොම කණගාටුයි..! නිවන් සුව...!!
ReplyDeleteහරිම කනගාටුයි වෙනි අය්ය, එම දෙමාපියන්ටම දරුවෙක් වී ඉපදීමට ඒ දරුවාට වාසනාව ලැබේවා !!!
ReplyDeleteකණගාටුයි අයියා...
ReplyDeleteකණගාටුයි..! නිවන් සුව පතමි...!!
ReplyDeleteඒ අම්මයි තාත්තයි කොයි තරම් ආසාවෙන් ඉන්න ඇත්ද තමන්ගෙ දරුපැටියගෙ මූණ බලන්න. කණගාටුයි අයියා. ඒ දරුවට සංසාරයෙ උපදින මතු ආත්මෙකදිවත් ආයුෂ වැඩි වැඩියෙන් ලැබෙන්න කියල ප්රාර්ථනා කරමු.
ReplyDeleteනිවන් සුව පතනවා ඒ දරුවට. දෙමාපියෝ මොන තරම් බලාපොරොත්තු එක්කද ඉන්න ඇත්තේ. ඒ අයගෙත් දුකට සහනයක් ලැබේවි කියල ප්රාර්ථනා කරනවා.
ReplyDeleteඅපේ දුව ඉපදිලා සති කීපයක් රෝහලේම ඉන්න වුනා. ඒ අතර දරුවෙකු බලාපොරොත්තුවෙන් හිටපු යුවලක් අපිත් එක්ක හිතවත් වුනා. දින ඉක්මවා ප්රමාද වීම් එක්කම රෝහලේ දි වුනු නොසැලිකිලිමත් කම් නිසා ඔවුන්ගේ දරුවා උපතේදීම මිය ගියා. මේක කියවලා ඒ අය ඒ දුක දරා ගන්න බැරිව හැසිරුණු හැටි මට මතක් වුනා.
මගේ බලවත් සංවේගය වෙනි අයියා....පෙර සසරේ කල අකුසල් මේ භවයෙන් දුරු වේවා !
ReplyDeleteමෙලොව එලිය නොදුටු ඒ සිඟිත්තාට නිවන් සුව පතමි.
ReplyDeleteහරිම කණගාටුයි වෙනී!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ දරු පැටියා ආයෙත් මතු භවයක දි මුණගැහේවි මලේ. එතෙක් නිදුක් සුව පතමු !
ReplyDeleteඒ නූපන් සිගිත්තාට යහපත් මතු ජීවිතයක්ම වේවා ! සසර ගමනින් සමු ගන්නා තෙක් මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා !! අවසන නිවන් සුව වේවා !!
ReplyDeleteගොඩක් කනගාටුයි වෙනි අයියේ....
ReplyDeleteපැට්ටට නිවන් සුව!
සිඟිති පැටියාට නිවන් සුව පතමින් , ඔබේ සෝ සුසුමට මමද එක් වෙමි ..
ReplyDeleteපිපෙන්නටත් කලින් පරවෙන කැකුලු දැක්කාම හරිම දුකයි. අහිංසක මල් කැකුලට නිවන් සුව පතනවා...!!!
ReplyDeleteමේ දුක මමද වින්ද ඇත්තෙමි.. සසරේ මේ භවයෙන් එපිටදී ඔහුට දිගායු ඇති ජීවිතයක් හිමිවේවා.
ReplyDeleteඉක්මනින් දුක තිනි වෙලා යන්න. දරුවට හොඳ තැනක ඉපදෙන්න ලැබේවා......!
ReplyDeleteදරුවට නිවන් සුව පතනවා වෙනි අයියේ..
ReplyDeleteදුකත් එක්කම..හිතට වැදෙන නිර්මාණයක්..
ReplyDelete