මට හරියටම මතක නෑ......
උඹ මගේ මගේ ජීවිතේට ඇතුළු වෙච්ච දවස..
Photo courtesy from..
http://amazingpicturesoftheflowers.blogspot.com
ඒත් එය අනිවාර්යෙන්ම මගේ යාළුවෙක්ගෙන් වෙන්න ඇති උඹ මාත් එක්ක ඒකාත්මික වෙන්න ඇත්තෙ.. ඒ නිසාම උඹෙයි මගෙයි සම්බන්ධෙට වයස මෙච්චරයි කියලා ඉලක්කමකින් ලෝකෙට කෑගහලා කියන්න නම් මට අද බෑ..
ඒත් අද මේ මොහොත වෙනකොට උඹෙයි මගෙයි අතරෙ කොයි තරම් සමීපව අතීතයක් තිබ්බත් මාත් එක්කම එකම හුස්ම පොද බෙදා ගෙන හිටියත් ඒ අතීතයෙන් ඉතුරු වෙලා තියෙන්නෙ කොයි තරමෙ දෙයක්ද කියලා උඹ දන්නෙම නැතුව ඇති.....
මාත් තාම මේ නිමේශය වෙනකම්ම දන්නෙ නෑ. තාමත් මගේ අනාගත ආරක්ශාව වෙනුවෙන් ම මම ඒ මතකයත් එක්කම මහා වෙළුමක් දමාගෙන ඉන්න බව උඹ දන්නවද කියලවත් මන් දන්නෙ නෑ..
මට මතකයි මගේ යාළුවො උඹව දැකපු ගමන්ම කීවෙ,
"මචං ඕක නම් උඹට හරි යන එකක් නෙවෙයි දැන්මම අයින් කරලා දාපන්"
කියලයි.මට තේරෙන්නෙත් නැත්තෙ ඇයි මට ඒ කාලෙම ඒක කරන්න බැරි උනේ ඇයි කියලා..කොහොම හරි මතකය අවුස්සලා ගන්න කොට අඩුම තරමේ අවුරුදු දහයක් වත් උඹ මා එක්කම ඉන්න ඇති..මන් කීප විටක්ම උඹව මගේ ජීවිතෙන් අයින් කරනවාමයි කියලා කියපු කරපු දේවල් උඹ ගානකටවත් අරගත්තෙ නැතුව මාව අතඇරලා යන්නෙම නැතුව හිටියා..
ඒත් ඇයි මට උඹව ඊයේම අයින් කරනවාමයි කියලා හිතුවෙ කියන එක නම් තාමත් මට හරියටම උත්තරය්ක් දෙන්න බැරි ප්‍රශ්ණයක්ම තමා..උඹ ඊයේ උදේ හිටියෙත් වෙනදා වගේම පහු ගිය අවුරුදු දහය පුරාවටම හිටිය විදියටම වෙන්න යන්නෙ මොකද්ද කියලවත් හාන්කවිසියක්වත් නොදැනයි. ඒත් ඒ මොහොත..ඒ අවසාන තීරණය මට හරිම පහසුවක් උනයි කියලද උඹ හිතන්නෙ ? නෑ ලෝකයා මොනවා කීවත් මමයි උඹට ජීව රුධිරය පොවමින් රක්ෂා කලේ..ඒක උඹ දන්නවා..
ඒත්..
මොනවා කරන්නද ? දවසක අපි දෙන්නට වෙන් වෙන්න වෙන බව අපි දෙන්නම දැන හිටියනෙ..
මන් දන්නවා මන් දැන් මොනවා කීවත් ..මොනවා ලීවත්...මොන තරම් සුසුම් හෙළුවත්..උඹට උඹටම උරුම චිතකයක දැවී හිගින් ඇති..මගෙන් වෙන්වෙලා ගිය මොහොතේ මට උඹ දිහා බලන්න බැරි වෙච්ච එක ගැන මට දැන් නම් දුකයි..ඒත් මන් බය උනා උඹෙන් වගේම මගෙනුත් ගලා ගිය රුධිරය කඳුළු මැද්දෑවෙන් උඹ දිහා බලලා සමු දෙන්න..
ආ මට මේ දැන් මතක් උනා ඇයි අන්තීමේ මන් උඹව මගේ ජීවිතයෙන් සමු දෙන්න තීරණය කලේ කියලා..
අද දවසේ උඹ බොහොම අහිංසකව මගේ තුරුලෙ හිටියට දවසක පිළිකාවක් වෙන්න උනත් පුළුවන් කියලා වාර්තාමය ලිපියකින් හොල්මන් වෙලා ගිය යටි හිත මට පෙරදිනයේ පෙන්නපු ස්වප්නමය මායාවෙ භීෂණය ඇති කලේ උඹ බව..
දුක මිශ්‍රිත සතුටකින් මන් සමු දුන්න උඹ ආයිනම් මගේ ජීවිතේට එන්න එපා..
========================================
මේ විරහ සටහන තිබ්බෙ මගේ තවත් එක් පෙම්වතියක්ගෙන් අයින් වෙච්ච එකට කියලා හිතපු අයට...
මේ මගේ කකුලෙ තිබ්බ ඉන්නෙක් (wart) එන්න එන්නම ලොකු උනා..ඒකා පිළිකාවක් උනත් වෙන්න පුළුවන් කියලා දැක්ක රිපෝට් එකක් නිසාත් ඊට ඉස්සරින්දා හීනෙක මන් පිළිකා රෝහලේ ඉන්නවා දැක්ක නිසාත්..ඊයේ දුවලා ගිහින් ඕක අයින් කරා. ඒක කපලා අයින් කලේ.
මට කොහොමත් තුවාල වලට බය ෆෝබියා එකක් තීයෙනවා පොඩි කාලෙ ඉඳලම..තුවාල කර ගත්තත් ඕකට බෙහෙත් දානවට සහ සුද්ධ කරනවට මන් අකමැතියි..රිදුනත් නැතත් බොරුවට බෙරිහන් දෙනවා.
ඊයෙත් ඉතින් අර හිරි වැටෙන්න බෙහෙත විදින කොටත් මන් චුට්ටක් කෙඳිරි ගෑවා..ඩොක්ටර් හිනා වෙවී බොරුවට කෑගහන්නෙ නැතුව ඉන්න කියලා විනාඩියකින් විතර ඇවිත්..
මොනාද මන්දා අඬු පඬු ටිකක් ගත්තා..
මන් අහක බලා ගත්තා..කකුලෙ උඩටයි පහලටයි පත්තර කොල ටිකක් අරන් වැහුවා. ලේ යන එකට..
මට යාන්තම් දැනෙනවා ඒ හරියට කතුර තියෙනවා වගේ..
ඩොක්ටර් ඇහුවා "
දැනෙනවද?"
කියලත් ..
"පොඩ්ඩක් දැනෙනවා"
කියලා මම කීවා..
ඊට පස්සෙ ටකස් ගාලා ළඟ තිබ්බ බේසමෙන් අර කපන එක ගත්තා මන් හිතුවෙ..මන් දැන් හිතා ගන්නවා දැන් තමයි කපන්නෙ කියලා..රිදෙන්න ගත්තත් එක්ක පොඩියක් විතර..මන් හ්ස්ස්ස්ස්සූඌඌඌඌහ්... ගෑවා..
අර නර්ස් කියනවා ආ සුරුබුහුටි නර්ස් කෙනෙකුත් හිටියා උදව්වට මට ඉස්සෙල්ලා අඳුන්වලා දෙන්න බැරි උනා නොවැ..
"කකුල හොල්ලන්නෙ නැතුව ඉන්න මේ ඩ්‍රෙසින් එක දාන කම්"
ඈ ???!!! ඒ කියන්නෙ වැඩේ හරිද ඩොක්ට යන්නත් ගිහින්..නර්ස් ඩ්‍රෙසින් එක දැම්මම ඩොක්ට,
"බොරුවට කෑ ගහන්නෙ?!"
"ඩොක්ටර් නම් කියයි මටනෙ රිදෙන්නෙ"
මාත් අතැරියෙ නෑ..
"හරි රිදෙනවනම් වෝර්ට් එක කපන කොටනෙ කෑගහන්න ඕනි"
අර නර්ස් හිකි හිකි ගගා හිනා වෙනවා..
"ඇයි එතකොට මන් කෑ ගැහුවෙ ඒක කපන කොට නෙවෙයිද ?
නෑ මන් ඩ්‍රෙසින් එක දාන්න යනකොට"
නර්ස් හිනා වෙවීම කියපි..
හතර විලි ලැජ්ජාවයි. ඊළඟ දවසෙ නම් හරියටම බලා ඉඳලම කෑ ගහන්න ඕනි..
මන් එහෙම තරයේම අදිටන් කර ගත්තා..
"හතර විලි ලැජ්ජාවයි. ඊළඟ දවසෙ නම් හරියටම බලා ඉඳලම කෑ ගහන්න ඕනි.."
ReplyDeleteකොහෙද ඉතින් අයිය බලන් ඉන්න ඇත්තේ නර්ස් නෝනගේ වෝර්ට් දිහාවනේ ....
ප.ලි. - වෛද්‍ය මතය අනුව කෘතීම රසායන ආලේපිත නියපොතු වලට සීරීම නිසාද පසුකාලීනව ඉන්නෝ ඇති විය හැකි(ලු).
Deleteඅනේ මන්දා මල්ලි මේ ඉන්නා හැදුනෙ නම් කොහොමද කියලා.. කැක්කුමේ හැටියට මට ඒ වෙලාවෙ මුකුත් පෙනුනෙ නෑනෙ..
Deleteශුවර් නේද අදාල එකමයි කැපුවෙ කියල.
ReplyDeleteසුවර් එකට එකයි..ඕන් මේ දැනුත් බලලමයි කීවෙ ප්‍රසා මල්ලි..
Deleteකපපු එව්වා ගැන අර ඕනයා වටේ පතුරෝල තියෙන්නේ .... දැන් හොඳයිද ?
ReplyDeleteතුවාලෙ නම් සනීප වෙමින් තියෙන්නෙ මල්ලි, ඕනය අහුවෙච්චාවෙකො මට !
Deleteමට පෙනෙන හැටියට වෙනියා තුවාලේ රිදිලා නෙවෙයි කෑගහල තියෙන්නේ.. නර්ස් නෝනාගේ අවධානෙ ගන්න..
ReplyDeleteවැඩක් නෑ සරත් අයියෙ..තුවාලෙ දිහා විතරයි බැලුවෙ නර්ස් නෝනා..
Deleteහිකිස්....අපුච්චේ....පව් ඉන්නා
ReplyDeleteඑතකොට මන් පව් නෑ ?????!!!!
Deleteහේ හේ....
ReplyDeleteබොට නම් හිනා !
Deleteඔය කියන කතාව ඇත්ත. ඉස්සර තුවාලක් උනු හැටියේ අම්මා කරන්නෙ මට ඒක දිහා බලන්න එපා කියන එක. තුවාලේ දැක්කොත් තමා වේදනාව වැඩි. පොඩි තුවාලයක් උනත් කෑ ගහනවා.
ReplyDeleteඔව් දැක්කොත් වේදනාව වැඩී තමා..ඒත් බලන්නමයි හිතේ..
Deleteලස්සන නර්ස් කෙනෙක් සිටිමේ ආදීනව
ReplyDeleteනැතුව නැතුව..රිසෙප්ශන් එකේ හිටි ළමයා ඊට වඩා හැඩයි !
Deleteසමන්ද සිලවා ගේ සිංදුව මතක් වුනේ... නෝනා මගෙ නර්ස් නෝනා... ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ....
ReplyDeleteඔව් ඔව් මටත් ඒ වෙලාවෙ ඒ සින්දුව මතක් උනා..ඒ උනාට මුමුනන්න නම් ගියේ නෑ..
Deleteඅපිව නොමග යැවීම සදහා දාපු පොස්ට් එකක්. අපි මේකට තීන්දුවක් FB එකේ දීල තියෙන්නෙ.
ReplyDeleteලෝකයා කියන කයි කතන්දර හැමෝම විශ්වාස කරන්නෙ නෑ නොවැ...
Deleteඔබ වාසනාවන්තයි නොවැ. ගැහැණුන් මීට වඩා කොපමන දෑ කපල ඉවත් කරනවද සරීරෙං. විසේසයෙං කිව්වොත් ළදරු ආහාර නිස්පාදන කම්හල් එහෙම.........
ReplyDeleteඉතින් වෙනියගෙත් ළදරු නිශ්පාදන කම්හලම තමයි කපලා දාලා තියෙන්නෙ. :D
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
:D
DeleteDude +++++++ දවසේ කතාව ...:P
Deleteහෆොයි !
Deleteපට්ට කතාව..
Deleteඔව්වා මුසාවාද කවිකාරි ඔයා ඔව්වා විශ්වාස කරන්ඩ එපා අප්පා !
DeleteShanka + DDT + Dude + ගැමියා ------------------
මට නං මුලින්ම හිතුනා මේ නං ෂුවර් එකටම පෙම්වතියක් ගැන නම් වෙන්න බෑ කියලා.. හි හි....
ReplyDeleteතුවාල වලට බය වෙන එක නම් මට තිබුනේ නෑ ලු... හැබැයි තුවාලකට බේත් දාන්න නම් ඉස්සර බයයි... ඒත් දැං ගානක් නෑ... අපේ මහත්තයා තුවාල කරගෙන එන විදියට බය වෙලාත් බෑනේ... ඕවට බේත් දාන්න හැමදාම ඩොක්ට ගාවට එක්කන් යන්න ගියොත් පඩිය ඉවරවෙයි ඒවටම... හි හි...
අනිත් එක ඉතිං කවදහරි බඩ මැද්දෙන් දෙකට කපන්න වෙයිද දන්නෙත් නෑනේ.. ඒක නිසා ඒ බය නැති කරගත්තා.... හි හි
මට නම් මේ බය නැති කරගන්නම බැරි වෙයි අප්පා !
Deleteහිරි වැට්ටුවමත් රිදෙනව කියල කෑගහන අය ඕනා තරම් දැකල තියෙනව. ඒ වුණාට මට ළඟදි හම්බුනා "ඕන තරම් මහන්න හිරිවට්ටන්න නම් එපා" කියල කිවුව කෙනෙක්. ඒකට හේතුව විදියට එයා කිවුවෙ "මම **** (තග් කෙනෙක්ගෙ නමක්) ගෙ පුතා. ඒ නිසා මට ඉවසන්න පුළුවන්, හිරි වට්ටන්න නම් එපා" කියල. මහල ඉවර වෙනකනුත් හිටිය ඒ මනුස්සය. අනේ වෙනි අයිය ඉන්න තිබුනෙ එතන්
ReplyDeleteමන් එතන හිටිය නම් මන් බෙරිහන් දෙයි සුවර් එකටම..මාර මනුස්සෙක්නෙ එයා නම්..ඔව් සමහර අයට දරා ගැනීමේ හැකියාව වැඩී..
Deleteඔහොම තව එකෙක් හිටියා ප්ලාස්ටර් එකක් ගලවගන්න මාර ගේමක් දීපු, ඇන්ඩියා කියලා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
++++++++++++++
Deleteඒක මතක් උනා හෙන්රි මට මේ මයිල් කකුලේ අලවලා තිබ්බ තඩි ප්ලාස්ටරෙ ගලවන කොට..
Deleteතව පොඩ්ඩෙන් චාටර් වෙනෝ!! :P
ReplyDeleteතව පොඩ්ඩෙන් කියන්නෙ කෙස් ගහෙන් බේරුනෙ !
Deleteඒ කියන්නෙ තව එකෙක් ඉන්නවද ? මගෙත් නිකට යට එකෙක් ඉන්නවා, මාත් එක්කම ටික ටික ලොකු වෙච්ච.. බැටේ දෙනවද කියලා මම මේ කම්පනා කොරන්නෙ..
ReplyDeleteවෙද මහත්තුරු නොකපා අයින් කරනවා නේද? අපේ අම්මගෙ එකෙක් ඇවිත් කොළ වගයක් කොටලා ගාන්න කිව්වා.. දවස් දෙකයි..
Deleteකොළ ජාතියෙ නම නම් දන්නෙ නෑ.. ඒත් දැක්කොත් අඳුරනවා.. සෙන්නලාගෙ පැත්තෙ යහමින් කැලේට වැවෙන පඳුරක්.. සුදු පාට මලක් එනවා.. මල තාරාවෙක් වගේ..
තව ගම්මිරිස් ඇටයක් රත් කරලා කරන ක්‍රමේකුත් තියෙනවා.. හරියට නොදනී..
ඒ දවස්වල මගේ වම් අතේ යටි පැත්තෙ චූටි ඉන්නෙක් හිටියා කාලයක්ම, ඒක ඉතිං ටිකක් ලස්සනට තිබුණු නිසා මාත් ඔහේ තියෙන්න ඇරියා. පස්සෙ මම දන්නෙම නැතුව ඒ හරියෙ තව කීපයක්ම ඇවිත්. එතකොට නම් වැඩේ දෙල්. ඒ දවස්වල අපි 9 වසරෙ හිටියෙ. යාළුවෙක් කිව්ව ඌ උගේ නිකටෙ තිබිච්ච ඉන්නා හඳුන්කූරක් පත්තු කරල පිච්චුව, උඹත් ඒ විදියට කරපන් කියල. ඒ කාලෙ ආයිත් මොනවද කියන සුනංගුවෙත් අත්හදා බලල ඉවරයි. කාමරේ දොරවහන් දත කට විකාගෙන එකකට වැඩේ දුන්නා. පස්සෙ ඉන්න නෑ, තුවාලෙ විතරයි. ඉස්කෝලෙ ගිහිල්ලත් වීරයා වගේ හැමෝටම පෙන්නල පොර වගේ හිටියා. ඒත් ඒකෙ වේදනාව දන්න නිසා ඉතුරුවට ඒක කළේ නෑ.
Deleteමම අහපු කතාවක් තිබුණ කාක්කෙක් නාපු වතුරෙන් කාටවත් නොකිය ඉන්නො හේදුවම ඒව හැලෙනවය කියල, කෙමක්ළු. මගේ විශ්වාසයක් නම් තිබුණෙ නෑ ඒව ගැන. ඒත් දවසක් මම දැක්ක ගෙදර එළියෙ තිබුණු බේසමක වතුරෙන් කාක්කෙක් නානව. හිතුන ටිකක් ටෙස්ට් කරල බලන්න. ඒ වතුරෙන් අතහේදුව. ටිකක් ඉඳල ගිහින් නෑවා. පස්සෙ මට ඔය සීන් එක අමතකම වෙල ගියා. ඒත් ටික දවසකට පස්සෙ කොහොම හරි අතේ හිටපු ඉන්නො එකෙක්වත් නෑ, මටත් හිතාගන්න බෑ ඒක වුනේ කොහොමද කියල, හැබැයි ඒ ඉන්නො නැති වුනාට මම අර කරපු ගොන්කමේ කැළල නම් තාමත් අතේ තියෙනව.
@ හරී, මොකක්ද බන් ඒ.. තාරාවෙක් වගේ මලක් එන ගහ..? ඇහුවෙත් අදමයි.
Delete@ DDT,
කාක්කෙක්ව දැකපු කාලයක් නෑ බන්.. අනිත් එක උනුත් දැන් හොරවෙලා නාන්නෙම නෑ. වතුර බිල වැඩි වෙයි කියලද මංදා ..
ඕක ලොකු වෙන්න ඉස්සෙල්ලා අයින් කරන්න..පොඩි එකෙක් නම් අර මොනාද ඇසිඩ් වර්ගයක් දෙනවා ඒකෙ ගාන්න..මේක ටිකක් ලොකු එකක් නිසා කපලා අයින් කලේ.
Deleteඔව් හරී අත්බෙහෙත් තියෙනවා ඒ එකකින් වත් නෙවෙයි මේකා අයින් උනේ
DDT ඒ වගේ ක්‍රම බයයි අප්පා වෙන විශබීජ එහෙම ගියොත්
//ඊළඟ දවසෙ නම් හරියටම බලා ඉඳලම කෑ ගහන්න ඕනි..// ඉතින් වෙනි අය්යේ ආයේ මොකක්ද කපන්නේ..
ReplyDeleteමටත් ඔහොම එකක් වුනා දතක් ගලවන්න ගිහින්.. මං කට ඇරගෙන බලා ඉන්නවා ගලවනකල්. පුළුන් ටික තියන කොට තමයි දන්නේ දත ගලවලා ඉවරයි කියලා. :)
ඔව් චන්දන වගේම මටත් දතක් ගලවන්න ගිහින් ඔහොමම උනා
Deleteගෝස් කෑල්ල දැකලා ඔහොම නම්?? අනේ මන්දා අද නර්ස් ගැන විස්තර අඩු මොකද කියලා මම මේ කල්පනා කලේ....
ReplyDeleteමේ වේදනාව අස්සෙ නර්ස් නෝනෙ දිහා වැඩිය බැලුවෙ නෑ මල්ලි
Deleteනෝනා මගේ නර්ස් නෝනා...;)
ReplyDeleteඅම්මියෝ පිස්සු හැදෙනවා මාත් හරි බයයි ඔය කපන කොටන ඒවාට.මගෙත් ඇහේ නගනයක් කැපුවා ඒක ආයෙත් එනවා.:/
ReplyDeleteනිශාන්, නගන වැඩි වෙන්නේ කසන කොට ඇඟිල්ලෙන් පොඩි කලාම. ඕකට මුලදී නම් සරල විසඳුමක් තියනවා. උදේ පාන්දර කතා නොකර ගිහින් තුත්තිරි ගහක මල් එන කොටස ඇදල එකේ නටුව වගේ කොටස නියපොත්තෙන් සුරලා ගත්තම එන යුෂය ගෑවා නම් හරියට හරි. මේක විද්‍යාත්මක පැත්ත නම් දන්නේ නෑ. නමුත් අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි..!!
Deleteඔය වැඩේට මමනං කරන්නෙ තුත්තිරි ගහේ මල නගනෙ උඩිං හෙමීට අතුල්ලන එකයි. ලෙඩේ නියමෙට සනීප වෙනව.
Deleteනගන වලට නම් අර බත් ඉදීගෙන එන කොට එන පෙන ගානවා..
Deleteකැපුව නේද බොල.......ඉන්නා
ReplyDeleteකපලා බැද්දට විසික්කා කොලා
Deleteපව් නේද ‘ඉන්නා‘.
ReplyDeleteඑතකොට මන් පව් නැද්ද ?
Deleteඅකමැති තුවාලය ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteතාම සනීප වෙමින් පවතිනවා රූ
Deleteමගක් යනකොට මට නම් තේරුණා වෙන මොකක් හරි තමයි කියල. හහ් හහ්
ReplyDeleteහිකිස්..මුල ඉඳලම කීවෙ ඉන්නා ගැනම තමයි !
Deleteකියල වැඩක් නැහැ ඔබ නම් සුපිරිම ලියන්නෙක්..සුපිරිම..කියවගෙන ආවේ මාර හැඟීමකින්..අවසානය මෙහෙමයි කියල නිකන්වත් හිතුවේ නැහැ..මාර පෝස්ට් එකක්.
ReplyDeleteජයම වේවා සහෝ!
මන් හිතුවෙම අහුවෙයි කියලා මුල පේලියෙන්ම...
Deleteහී හී...මාර බයගුල්ලෙක්නේ මෙයා...:)
ReplyDeleteඅපොයි ඔව් !
Deleteහි හි... ලියන්නාගේ ඉන්නා....
ReplyDelete:-D
Deleteඅයියෝ ඉන්නා...
ReplyDeleteඑක් කෙනෙක්වත් ආසාවට අයියෝ ලියන්නා කීවෙ නැති හැටි..
Deleteනර්ස් අක්කලා නම් හරිම හොඳයි අප්පා මම හොස්පිටල් එකේ ඉන්න කාලේ මාර ආදරෙන් කතා කලේ... කොච්චර ආදරේද කියනවනම් ලේ ගන්න කටුව හරි තැනට නොගහා හතර පස් පොලකම ඇනලා මොනා කරන්නද පැටියෝ ඔයාගේ නහර හොයන්න අමාරුයිනේ කිව්වා... හොඳ කුණුහබ්බ මතක් වුනත් ඒ කියපු විදියට ගොළු වුනා අප්පා.
ReplyDeleteහැබැයි සිහිනැතිකරලා ඔපරේෂන් එක කොරලා මාව වාට්ටුවට ගේනකොට නම් මම එතන හිටිය නර්ස්ටයි අර මොකක්ද එකක් ඔලුවේ ගහගෙන නිල් පාට ඇඳගෙන ඉන්න කස්ටියටයි සිහි විකලෙන් බැන්නලු පලු යන්න.
ඒ තරහටමද මන්දා මැහුම් කපනකොට මට මරු රිටර්න් එකකුත් හම්බුනා...
ඒක නෙමේ වෙනි අයියේ දැන් රැවුල විතරක් වෙන්නැ කපන්න තියෙන්නේ?????
අපොයි රැවුල නම් කපන්නෙ නෑ..මන් කීවෙ උඩු රැවුල !
Delete