ජීවිතය කියන්නෙ,
දුක
සැප
නින්දා
ප්‍රසංශා
යස
අයස
ලාභ
අලාභ
ඇසි පිය හෙලන අතරවාරයේ, සිය දහස් වාරයක් වෙනස් වන මේ පංචස්කන්ධය..ඇතිවෙලා..පැවතිලා..නැතිවෙලා...යන අතරතුරේ..මන් හිතන කොට මේවා ස්ථීරයි කියලා..ඔන්න දුක හිතෙනව..දුක හිතෙන කොට හිතන්න ගන්නවා... ඇයි දුක හිතුනෙ කියලා..බැලින්නම් ඉස්සෙල්ලා තිබ්බ එක වෙනස් වෙලා..ඒකයි..වෙනස් වීම තමයි ස්වභාවය කියලා හිතපුවහම ආයිමත් හිත තැන්පත් වෙනවා...
අනේ මන්දා අද වගේ දවසක...හැම දාම මන් හිතන්න පුරුදු වෙලා හිටියෙ මෙන්න මෙහෙමයි..
කොහොමත් මේ ඌෂ්ණ කාලෙ ඔය වගේ විකාර ඔළුවට එනවා තමයි කියලා මගේ යාළුවො කීප දෙනෙක්ම කිව්වා..
ඒත් දවසක මේ ඇතිවෙන එක නැති උනා නම්..පැවතීම නැතිවෙනවා.. නැතිවීම නැති වෙනවා..
එය විය හැකියි අපට ලබන්න පුළුවන් සුවදායකම සුවය..විමුක්තිය..සාමය..සතුට..
ඒත් මේ ඉපදීම කවදා නැති වෙයිද ?
යමක් මගෙන් ගිලිහිලා යද්දි, නැතිවෙයි කියලා හිතෙන කොට..දුකක් ඇති වෙනවා..බයක් දැනෙනවා...යමක් ලැබෙද්දි , ලැබෙයි කියලා හිතන කොට සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් දැනෙනවා...ඒත් මේ දක්වා ගොඩ ගැසුනු අත්දැකීම් රාශිය නිසාම හිත කියනවා දුක වගේම සතුට..තාවකාලිකයි..ආයිමත් ඒකත් ලෝක ස්වභාවයටම නතු වෙනවා කියලා..එතකොට දැනෙන්නේ උපේක්ශා සහගත හැඟීමක්..
මේකද මන් ජීවිතෙන් මෙච්චර කල් බලාපොරොත්තු උනේ ?
ඔව්..ඔව්..ඔව්..
කියලා හිත කෑ ගහනවා..
අද වගේ දවසකත් මට ඕනි එච්චරයි...
අයියා ඕනවට වඩා ජීවිතේ ගැන හිතන්න එපා අෆ්ෆා.අනේ මන්දා මට දැනෙන ආකාරයට මං නම් කරන්නේ එහමයි.මං වැරදි නම් මට බනින්න එහෙම එපා ඈ.
ReplyDeleteඒ කියන්නේ අද නිවාඩු දවසක් වුනාද මොකක්ද ඕනේ කරන වෙනස.
ReplyDeleteහේතුවක් නැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ.... ;)
ReplyDeleteමම නම් ගොඩක් ජීවිතේ හිතන්න යන්නේ නෑ
ReplyDelete"Oh, These photos are sharp. The trouble is this butterfly itself is not sharp"
ReplyDeleteහොඳ සංකල්පනාවක් ...“අද වගේ දවසකත් මට ඕනි එච්චරයි“ ..., හැමදාමත් ඇවිත් යමක් හිතට අරගෙන යනවා ...ස්තුතියි ..
ReplyDeleteතූති වැඩිනිසා වෙන්ඩ ඇති.....මටනම් මෙලෝ ඩෙයක් ටේලුනේ නෑ මාමෝ....:(
ReplyDelete"නැවතීමමය ගමන - සංසාරයමය නිවන"
ReplyDeleteජීවිතේ කියන්නේ සතුට විතරක්ම උනානම් අපිට සතුට එපා වෙන්න තිබුණා. එහෙනං සමහරක් විට සතුට කියන දේ අපිට හඳුන ගන්නත් බැරිවෙන්න තිබ්බා. දුක කියන දේ තියෙන හන්දා තමයි අපිට සතුට වෙන කරලා හඳුනගන්න පුළුවන්. ජීවත් වෙන කාලේ දුකයි සතුටයි දෙකම තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ.
ReplyDeleteහැබැයි මගේ පොඩි අවුලකට තියෙන්නේ මම පුනර්භවය විශ්වාස කරන්නේ නෑ. මොකද පුනර්භවයක් තියනවාය කියලා විශ්වාස කරන්න තරම් සාධක ලැබිලා නැති නිසා!
මොන පුනර්භවයක්ද..! ජීවිතේ ලැබෙන්නනෙ එක වරයි. සියලු විඳීම් සහ විඳවීම් ඒ තුළමයි...
Deleteඔය දෙකටම සාධක නෑ.
Deleteඇත්ත..... ඔය දෙකටම සාධක නෑ. පුනර්භවය විස්තර කෙරෙන්නේ ආත්මය කියන දේත් එක්ක. ඒත් නවීන වෛද්‍ය විද්‍යාව නිසා ක්ලෝනීයකරණයෙන් ජීවීන් බිහි වෙනවා. ආත්මය කියන දේ ක්ලෝනීයකරණයට ඇප්ලයි කරගන්න බැරිව යනවා නේද?
Deleteඒ හන්දා මම වැඩිපුර කැමතියි පුනර්භවයක් නෑ කියලා හිතාගන්න!
පෙරෙයිදා වැටුන මහ මුරුගසං වරුසාවට තෙමිලා..මොනා හරි උනාද වෙනි අයියේ..නැත්තං ඔය ගෙවල් අයිනේන් යන කුනු ඇලේ කුයිලේ වැදිලා අලකලංචියක් වත් වෙලාද..කොහොම උනත් හොඳම වැඩේ අවුරුද්දට ගමේ ගොයින් එන එකයි මේ ගෙන්දගම් පොලොවේ නොහිට...
ReplyDeleteජීවිතයෙන් තවත් අවුරුද්දක් ගෙවිලා ගිය හන්දා ඔලුවට එන දේවල්ද? :)
ReplyDeleteසුභ උපන්දිනයක් වෙනි...!
ReplyDeleteවෙනී අයියට සුබ උපන්දිනයක්.
ReplyDeleteනරක තැනක් කොහේහරි වැදිල ටික වෙලාවක් යනකං ඔහොම තමයි බං. ගනං ගන්න එපා. :)
ReplyDeleteහරි... මගේ ලෙඩේ මූටත් බෝ වෙලා.. වෙනීටත් මඤ්ඤං
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඒත් මේ ඉපදීම කවදා නැති වෙයිද ? කියන ප්‍රශ්නෙට උත්තරේ නම් "නිවන"
ReplyDeleteඑතනට යන්න දැන්ම ඉඳන්ම පාර එලි පෙහෙළි කර ගත්තොතින් "දුක" කියන වචනේ බෙල්ලෙන් අල්ලලා දොට්ට දාන්න පුළුවන්. මොකද නිර්වාණය අවබෝධ කරගත්ත කෙනාට දුකක් නෑ. ඉපදීමක් නෑ. ඉපදීමක් නෑ කියන්නේ දුකක් කොහොමත්ම නෑ කියන එකනේ.
උපන් දිනේ දවසට ඔහොම දේවල් හිතට එන එක උඹට විතරක් තියෙන අවුලක් නෙවෙයි බං.. ගණන් ගන්න එපා...
ReplyDeleteදැන් බොට සුභ පතන්නත් ඕනද..? ඒත් මොනවටයි කියලද සුභපතන්නේ... අපි අපිට සුභ පතාගන්නං උඹත් එක්ක මෙහෙම ඉන්න ලැබේවා කියලා ඇහැකි කාලයක්...
සුබ උපන් දිනයක් වේවා!
ReplyDeleteදැන් කොහොම හරි උඹට වාහනයක් ගන්න වෙනවා.
දුක සැප නිතර අප්ඩේට් වන සුලුය.
for latest updates of worries and joys call me.
henryblogwalker the Dude.
wish you a happy birthday weni.
ReplyDeleteපොඩ්ඩක් ඔළුව තෙමලා නාපං හරි යයි.
ReplyDeleteජය !
මට ඔව්වා තේරෙන්නෙ නෑ වෙනි අයියේ..
ReplyDeleteඊළඟ අවුරුද්දෙත් මේ දවසට උඹ ලියන මේ වගේ ප්‍රබුද්ධ අදහසක් කියවන්න අපට අවස්තාව ලැබුනොත් මට හරි සතුටුයි....
ජීවිතය කියන්නෙ ඉතින් සිදුවීම් දාමයක්ම තමයි. ඒකෙ සැප දුක නිති පෙරලේ.. ඔය දෙකේම අන්තයට ගියාම ජීවිතේ එපා වෙනවා. එතනදිත් ඉතින් මධ්‍යම ප්‍රතිපදාවම තමා.
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා !! ( අනෙත් කමෙන්ට් මත අනුමාන කළෙමි. නිවැරදිදැයි නොදනිමි )
උඹ හරි සෙන්නා ඒත් අද පෝස්ටුව නිසා ජීවිතේ මොකක්ද කියලා තේරුනා !
Deleteමේ උපන්දිනේට දාපු පෝස්ට් එක කියලා දැනගත්තේ අද පෝස්ටුවෙන්. ඒ වගේම ජීවිතේ ගැන තේරෙනවා පෝස්ටු දෙකම බැලුවාම.
රාජ්ගෙ නවාතැනෙන් වෙනීගෙ මෑණියන් පිළිබඳ කණගාටුදායක ආරංචියක් ලැබුනා.
ReplyDelete???
henryblogwalker the Dude
ඔබේ ආදරණීය මෑණියන්ට නිවන් සුව පතමු.
ReplyDelete