"කෝ චූටි, මල්ලි ?"
අම්මාගේ කටහඬ ඈතින් ඇසේ.
"ටොමී..ටොමී..ටොමී..ඉජූහ්...ඉජූහ්...ඉජූහ්..."
චූටි අක්කා බෙරිහන් දෙයි.
"මොකද්ද බන් ඕකෙ තේරුම ? උඹ මල්ලිගෙන් ගුටි කන එක හරි එක අතකට.. ඌට බල්ලගෙ නම කියලා ඉජූහ් ඉජූහ් ගෑවහම ඌට කේන්ති යන එක අහන්ඩ දෙයක්ද ?"
"අම්මා පොඩ්ඩක් ඉන්ඩකෝ... ටොමී ටොමී ටොමී"
"බුහ් බුහ්.බුවෑආආආඅ"
ගස යට සිටි ටොමියා ප්‍රතිචාර දක්වයි.
"ආන් බලන්ඩ මල්ලි රඹුටන් ගහ උඩ ඇති"
"අනේ උඹේ කම්මැලිකම මෙතනට පේනවද රඹුටන් ගහ උඩ ඉන්න ඈයො? කම්මැලි නොවී පොඩ්ඩක් ගිහින් බලහන් මල්ලි පහළ වෙලේ කොල්ලො එක්ක බෝල ගහනවද කියලා ?"
අම්මා චූටි අක්කාට දෙහි කපයි..
"අම්මා මන් කියන දේ අහලා බලන්ඩකෝ රඹුටං ගහ උඩ, මල්ලි කොතනද ටොමී එතන ඇති"
මා ඉඳගෙන සිටි අත්තෙන් බිමට බැසීමට නැගී සිටි වහාම ටොමීද කන්පට ගසමින් ලැග සිටි වියළි රඹුටන් කොළ ගොඩින් ඈත් මෑත්විය.
චූටි අක්කාගේ කීම ඇත්තකි..මා වැසිකිළියට ගියද මා පසු පස විත් එයින් එළියට එනතෙක් වාඩි වී බලා සිටීමට තරම් ටොමියා මා සමඟ කුළුපගය.තාත්තා කුඹුරේ සිට පැමිණෙන දිනයක තාත්තා සමඟ අප නිවෙසට පැමිණෙන විට ටොමී ඉතා කුඩා බලු පැටියෙකි. දුඹුරු සහ කළු සමේ තැනි තැන සුදු පැහැ පුල්ලි වලින් සමන්විත ඌට ටොමී යන නම තැබුවේ මා විසිනි. මේ සුදු පුල්ලි නම් සෑමදාම සුදු නොවූයේ මා පාසලේ අත්වැඩ සඳහා සූදානම් කරන විවිධ කුකුල් සායම් යන නමින් හැඳින්වූ වර්ණ වලින් ඒවා විටින් විට සිත්තම් වූ නිසාය.
"බල්ලට වද නොදී හිටින් උගේ ඇඟේ ඔය සායම් තවරන්නෙ නැතුව"
තාත්තා විටින් විට දොස් නැගුවද ටොමියා කිසිදිනක ඒ පිළිබඳව උරන නොවූයේය. සැබවින්ම ටොමියා එයට කැමති බව සැමවිටම පෙන්නීය.
ටොමියා මා පාසල් යන එක දිනයක පමණක් පාසලට පැමිණි නමුත් මා වැනි වූ තවත් කොල්ලන් කෙල්ලන් රාශියක් සිටීම නිසාදෝ ඉන් පසු කිසිදිනක නොපැමිණියත් ඌ පාසල් ඇරෙන වෙලාව හොඳින්ම දැන සිටියේ හරියටම ඒ වෙලාවට වැට අසලට වී බලා සිටියේය.
එක් කාලයක මා හට තිබූ විශාල ප්‍රශ්නය වූයේ ටොමියා අප මෙන් කකුල් දෙකෙන් ඇවිදින්නෙ නැත්තේ මන්ද යන්නයි. මා බොහෝ වාරයක් එලෙස කකුල් දෙකෙන් ඇවිද්දවන්නට උත්සාහ කළත් එය නිරර්ථක වූයේ මා වඩාත්ම ලේසි ක්‍රමය වූ මා ටොමියා මෙන් ඇවිදින්නට හා දුවන්නට පුරුදු පුහුණු වීය.
"අනේ අම්මෙ ලැජ්ජවෙ බෑ මල්ලි එක්ක නම්, අර ටොමියා එක්ක කකුල් හතරෙන් ඇවිදිනවා දුවනවා"
"අපි මල්ලිගෙ කලිසමක් අන්දවමු ටොමියට, උඹට ඔච්චර ලැජ්ජා නම්"
අම්මා මගේ පැත්ත ගනී.
"මල්ලිට නම් පිස්සුම තමයි මගේ ඉස්කෝලෙ යාළුවො ආවහමත් කකුල් හතරෙන් යනවා ටොමියා එක්ක, මට හිනා වෙනවා ඒ ගොල්ලො"
"මට නෙවෙයි පිස්සු ඔයාගෙ අක්කා කෙල්ලොන්ටනෙ.. මන් ටොමී එක්ක ඇවිදින කොට අම්මෙ මගේ කලිසම ගලෝනවා නැට්ට තියෙයිද බලන්ඩ.ඔන්න ඊළඟ දවසෙ එහෙම කළොත් මන් ඉන්නෙම කලිසම නැතුව ටොමී වගේම තමයි"
"අම්මේ මට නම් බෑ මෙයා එක්ක මේ ගෙදර ඉන්න"
චූටි අක්කා චුරු චුරු ගායි.
"ඇත්තමයි දෙන්නවම ගිහින් දානවා මග්ගොනට"
අම්මා අන්තිම තුරුම්පුව ගැසුවාය. අප දෙදෙනාම හේතු විරහිතව මග්ගොනට බිය බව ඈ දැන සිටියාය. කවුරුන් හෝ වැඩිහිටියන් බාලාපරාධ කරන්නවුන් රඳවා තබා ගන්නේ මග්ගොන බව කියා අප හොඳටෝම බිය කර තිබුණි.
ඉතින් ටොමී මාහාම අවුරුද්දෙන් අවුරුද්ද වයසට යන්නාසේම අප දෙදෙනාගේම බැඳීමද ඉතා දැඩි විය. කොල්ලෙක් බල්ලෙක්ට ආදරය කරන්නේ කෙසේද හා බල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරන්නේ කෙසේද යන්නට හොඳම නිදසුන අප දෙදෙනා විය. කීපවාරයක්ම මාගේ ජීවිතය සර්පයින්ගෙන් බේරූයේ ටොමීය. එකවරක් මා ඉඳ සිටි ගල් බැම්ම අසලින් ගිය නාගයකු කීතු කීතු කොට දැම්මේය..එදින නම් තාත්තා ටොමියා හොඳින් පරීක්ෂා කළේ කොහේ හෝ නාඝයාගෙ දල පහරවල් ඇත්තේද යන්නයි. බියෙන් බිරාන්තවී සිටි මා ඉන්පසු ගල් බැමි උඩ වාඩි වී සිටින්නේ නම් ඊට පෙර ඉතා දැඩි සැලකිල්ලෙන් පිරික්සීමට පුරුදු වීමි.
අපට අයත්ව තිබූ කුඹුරු කිහිපයකම ගොයම් එකවර කපන්නේ නම් එම ගොයම් සියල්ලම අපේ ගෙවත්තට ගෙනවිත් පාගා වී සුළං කිරීම සාමාන්‍ය සිරිතක් විය. එවන් කාලයන් මා හා ටොමීට ඉතා සතුටුදායක වූයේ..වී මැඩුවන් කිරීමෙන් අනතුරුව වත්තේ ඉතුරුවන විශාල පිදුරුකන්ද හා බොල් වී කන්ද අපගේ ස්ථීර වාසස්ථානය වන බැවිනි. ඒ මත පිනුම් ගසමින් පිදුරු කන්ද තුළ සැඟවී සිටීම තරම් ප්‍රියජනක තවත් ක්‍රීඩාවක් නොවීය. දිනය අවසානයේ අම්මා,
"කොල්ලත් එකයි මේ බල්ලත් එකයි..දෙන්නම පිදුරු කාටුව නාලා..බලහන්චූටි දෙන්නම දුඹුරු පාටයි..ඉක්මනට මේ පිදුරු ගොඩ කුඹුරුවලට ඇදලා දමන්න කියන්න ඕනි.."
කියමින් මා ඇද ගෙන යන්නෙ ළිඳට නෑවීමටයි..
"අම්මේ ඔය මල්ලි කියලා ඇද ගෙන යන්නෙ ටොමියවනෙ, මේ ඉන්නෙ මල්ලි තාම පිදුරු ගොඩේ"
චූටි අක්කා ඔලොක්කුවට කියයි.
"ඔන්න ඔය ටොමියවත් අල්ලන් වරෙන් බන් නාවන්න මූ නාවන වෙලාවට විතරයි ටොමියත් සද්ද නැතුව නාන්නෙ, මුන් දෙන්න නම් ගිය ආත්මෙ සහෝදරයො දෙන්නෙක් වෙන්ඩම ඇති"
එතරම්ම ආදරණීය බැඳීමක් තිබූ මා හා ටොමියාගේ සෙනෙහස සොබාදම් මෑණියන් මා හට විශාල පාඩමක් කියා දීමට රුකුලක් කර ගත්තේය.
දිනක් පාසල අවසන්ව එනවිට වැට පාමුල පාළුය. ටොමියා නැත. අද කාලයේ මෙන් පාරෙ යන බල්ලන් සුරැකීමට නීති රීති නොතිබුණු යුගයක විටින් විට ගමට පැමිණෙන බලු වෑන් එක ටොමියා අල්ලා ගෙනගොස් තිබුණි..
"අනිත් බල්ලො පැනලා දුවද්දි ටොමියා නැට්ට වන වනා ඒ යස්සයා ළඟටම ගියා"
ටොමී වෙනුවෙන් මා හෙළූ කඳුළු කොපමණදැයි මා නොදනිමි. මාස ගණනාවක් තිස්සේම රෑ සිහිනයෙන් පවා පෙනෙන්නේ ටොමියායි..විටෙක මැරී වැටී සිටිනු දකින මා නින්දෙන් අවදි වන්නේ හඬා ගෙනය..
"තව බල්ලෙක් ගෙනෙමු පුතේ "
ඒ තාත්තාගේ කටහඬයි.
"එපා එපා ඒකටත් ඔහොමම උණොත් මටමයි දුක"
"පුතේ ඕනිම දේකට හරි ඕනිම කෙනෙකුට හරි ඕනිවට වඩා ආදරය කරන්න එපා..බැඳීම් ඇති කර ගන්න එපා.. ඒ වෙනුවට ආදරය කරන්ඩ, බැඳීම් ඇති කර ගන්ඩ ඒ හැම දේකම තියෙන ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යන ස්වභාවය තේරුම් අරගෙනම, එතකොට තමයි ඔය දුක තේරෙන්නෙත්"
ඒ පන්සලේ මාමායි.
"පොඩි එවුන්ට උඹේ ඔය බණ තේරෙනවැයි මල්ලි "
අම්මා බුලත් වට්ටිය මාමා අතට දෙමින් කීය.
"තේරෙන්ඩ හරි නොතේරෙන්ඩ හරි කියන්න එපාය"
ලොකු පොඩි කෙසේ වෙතත් මා හට පන්සලේ මාමා කී දෙය වැටහුනේය. ඉන්පසු මා මගේම කියා කිසි දිනක බල්ලකු ඇති නොකළත් බොහෝ බල්ලන් මා හා මිතුරු විය. නමුත් මා සැමවිටම එම මිතුරු කම අතේ දුරින් තබා ගත්තේ අදටත් ටොමී මතක් වනවිට මාගේ උගුර තුළ යමක් හිර වී නෙතින් කඳුළක් ගලා යන බැවිනි..එය මාසඟවන්නේ නැත.
"ගෑනියෙක් වගේ අඬන්න එපා බන්..පිරිමියෙක් වගේ හිත දැඩි කර ගෙන හිටින්"
මා ගේ දෙනෙතේ වූ කඳුළු දැක මගේ මිතුරකු කීවේ එක මල ගෙදරකදීය. ඒ මාගේ සොයුරකු මෙන් සිටි අයියා කෙනෙකු රිය අනතුරකින් අකාලයේ අප අතරින් වෙන්වු දිනයේය. ගල් වගේ හිතක් තියෙනවාට වඩා තවකෙකුගේ දුකක් වියෝවක් ඉදිරියේදී තෙමෙන දෑස මට නම් ලැජ්ජාවට කාරණයක් නොවේ.
මීට පෙර කතා වලදී බොහෝ විට මා හඳුන්වා දුන් මා නිවෙස් හිමිකරුගේ බැල්ලන් තිදෙනාද මා හා බොහෝ මිතුරුය.. නමුත් මා ඒ මිතුරු කම තරමක් ඈතින් තබා ගන්නේ මා මෙන්මාවට සියලු දෑ දෑසට නොපෙනන මානයක් වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවිනි..
ටොමීගේ මතකය මා ආවර්ජනය වූයේ පෙර දිනයක මා හෝමාගම නගරයේදී දුටු දසුනක් නිසාය. මා ආපසු කොළඹට පැමිණෙමින් තිබූ බසය හෝමාගම නගරයේ රථ වාහන තදබදයක හිර වීය.. පාර අයිනේ කිරි පැණි විකුණන කඩයකි. ඒ අසළවූ මදක් ඈතින් කෙසඟ බල්ලෙකු විය. බැල්ල දෙස මොහොතක් බලා සිටි එක තලතුනා මහතකු එම කිරි පැණි කඩයෙන් පොඩි ප්‍රමාණයේ කිරි හට්ටියක් ගෙන ඒ බැල්ලට දුන්නේය. දුවන්නට ගොස් මදක් නතර වී විමතියට පත් බැල්ල වලිගය වනමින් සතුටින් එම කිරි හට්ටිය කා එම මිනිස දෙස කෘතඥපූර්වකව බලා සිටියාය.
දෙවන සිදුවීම නම් මා කාර්යාලයට යන අතුරු පාරක සැමදා සිදුවන ඉතා සංවේදී සිදුවීමකි..
එය මොනවට මේ ජායරූපයෙන් පැහැදිලි වේ..
මෙම උතුම් පුරුෂයා සෑම දිනකම මා මෙය දැනට වසර 2ක් පමණ දැක ඇත. මෙම අතුරු පාරේ සිටින සෑම බල්ලකුටම සහ පූසකුටම මෙසේ කෑම සපයයි. මා එක් දිනක් ඔහු හා වචනයක් දෙඩීමට නතර වූයේ මා කී දෙය නොතේරුනා සේ මද සිනහවක් පා ඔහු නිහඬව තමන්ගේ කාර්යයේ නියැලීය. මා සිතුවේ එක්කෝ මොහු ගොළු බිහිරි තැනැත්තකු විය හැකි බවයි.. නමුත් එය එසේ නොවන බව මට නොබෝ කලකින් තේරී ගියේ ඔහු එම බල්ලන් හා කතා කරන බව ඇසීමෙනි..මා සෑම දිනකම මෙම මිනිසා දෙස සිනහා මුසු බැල්මක් හෙලුවත් ඔහුගේ එතරම් ප්‍රතිචාරයක් නැත. ඔහු නොමැති විට මෙම බල්ලන් හා පූසන් ඔහු එනතෙක් මඟ බලා සිටින බව මා දැක ඇත.
යම් දිනක මොහු නැති වූ කල මේ බල්ලන් බොහෝ දුක්වනු ඇතැයි මට සිතුනත් මේ ලෝක සත්‍යය බල්ලන්ට තේරෙන්නේදැයි මට ඇත්තේ සැකයකි.
ඇත්ත... බල්ලොන්ගේ මිනිස්සුන්ට තියෙන ලැදියාවට උදාහරණ අතීතයේ ඉඳන් තියෙනවනේ වෙනී.... කොහොමත් බල්ලෙක් උනත්, කොල්ලෙක් උනත් අතේ දුරින් තබා ගැනීම තමයි වැදගත්.
ReplyDelete1 :D
Deleteමිනිස්සුන්ට වැඩියෙන්ම ලැදි සතුන්ගෙන් අංක එක බල්ලනෙ..ඒක පරිනාමයේදීම එහෙම වෙන්න ඇති අභිත..
Deleteඅභීත එක නේන්නම්...වේලෙන්නත් කලින්..කමෙන්ට් එක දමලා.. :DD
පූසෝ සෙට් එකකට කෑම දෙන සීන් එකක්නම් මාත් හැමදාම හවස 6.30 ට විතර මේ හරියේ දකිනවා... ඒ මනුස්සය බයිසිකලේකින් ඇවිත් පූසෝ 5කට 6කට විතර කෑම දීලා උන් එක්ක කතාබහ කරලා එහෙම යන්නේ... අර මනුස්සයා වගේම මෙයත් හිනා උනාට හිනා වෙන්නෙවත් නෑ.. :)
ReplyDeleteඅර මනුස්සයා වගේම මෙයත් හිනා උනාට හිනා වෙන්නෙවත් නෑ.. :)//
Deleteඋඔගෙයි වෙනී අයියගෙයි ඩයල් එක වගේ වෙන්ඩැති එහෙනං......!
ඒ බල්ලන්ට පූසන්ට ආදරෙ කට්ටියගෙම හැටියක් වෙන්න ඕනි එහෙනම්...
Deleteඉතිං අපිත් පූසන්ට ආදරේනෙ . . ඒ උනාට අපි උඹට හිනාවෙනවනෙ :o ?
Deleteපන්සලේ මාමගෙ කතාව හරියට හරි...
ReplyDeleteඔව් සාතන් අවුරුදු 35කට විතර එහා කීවත් ඒවා අදටත් වලංගුයි...
Delete//"පුතේ ඕනිම දේකට හරි ඕනිම කෙනෙකුට හරි ඕනිවට වඩා ආදරය කරන්න එපා..බැඳීම් ඇති කර ගන්න එපා.. ඒ වෙනුවට ආදරය කරන්ඩ, බැඳීම් ඇති කර ගන්ඩ ඒ හැම දේකම තියෙන ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යන ස්වභාවය තේරුම් අරගෙනම, එතකොට තමයි ඔය දුක තේරෙන්නෙත්"//
ReplyDeleteඇත්ත කතාව. මොනදේටවත් උවමනාවට වඩා ආදරය කරන්ට නරකයි.
යන්නං මුන්දැට යමක් කමක් තේරුං ගිහිල්ලා.... වෙනී අයියා තමා දවසකටවත් මිනිහා....
Deleteඔව් පොඩ්ඩි අපි ආදරේ කරන තරමටලු ඒවා නැති උනහම දැනෙන දුකත්..
Deleteඕන් බුද්ධි මන් නම් නෑ ඔව්වට..
ඔය මග්ගොන කතාවනං මාත් පොඩිකාලෙ අහල තියෙනව.
ReplyDeleteකොහොමත් බල්ලොයි කෙල්ලොයි අතේ දුරින් තියාගන්න එක තමයි හොඳ.
ඈ කෙල්ලො ??? බල්ලො නම් කමක් නෑ ප්‍රසන්න ඒත් කෙල්ලො ? :DD
Deleteඇත්තෙන්ම උඹ මහා පර බල්ලෙක් වගෙ යෙදුම් වලින් බල්ලන්ට අපහාස වෙන බව මම ඉස්සර ඉඳන්ම විශ්වාස කලා බං. මමත් බල්ලන්ට කොහොමත් ආදරෙයි වරහං ඇතුලෙ මට කාපු එවුන්ට ඇරෙන්න. වරහං වහලා. ඊලඟ ඡේදය. ක්වෝට් මා මගේම කියා කිසි දිනක බල්ලකු ඇති නොකළත් බොහෝ බල්ලන් මා හා මිතුරු විය. අන්ක්වෝට් කියලා උඹ කියලා තිබ්බනෙ. ඒක අහලා මට හෙන සැට. ඒ කතාවට පන්සල් හන්දිය, නවමා, ගෝල්ඩ් ෆිශා වගේම මමත් උඹට හදවතේ ගැඹුරුම තැනින් බුර බුරා නැගෙන කුරුතඤ්ඤ බාවය උඹට පිරිනමනවා අපිව මතක් කලාට මේ අවස්ථාවෙත්.
ReplyDeleteහුටා. මේක මම ලිව්වෙ අර යුරෝ දෙකේ වීරයගෙ සොෆ්ට්වෙයාර් මගුලෙන් හන්දා පොඩි පොඩි අඩු පාඩු ඇති වොයිස් ට්‍රේන් වෙනකල්. ගනං ගන්න එපා. කැහූ කැහූ කැහූ.
henryblogwalker the Dude and K9 Lovers.
මන් බොට කිව්වා කියලා හිතා ගන් හෙන් රියො දැනට.. ඒ කිව්වෙ බල්ලො ගැන මිසක් කොල්ලො ගැන නෙවෙය් !:DD
Deleteජේත්තුවා,
Deleteමා මගේම කියා කිසි දිනක බල්ලකු ඇති නොකළත් බොහෝ බල්ලන් මා හා මිතුරු විය.//
හොඳ වෙලාවට එදා කෙහෙල්කොලේ කන්ඩ මම නාවේ......
..........
අනික් කාරනේ
මමත් බල්ලන්ට කොහොමත් ආදරෙයි වරහං ඇතුලෙ මට කාපු එවුන්ට ඇරෙන්න.// අපි ආදරේ කොරන්ඩ ඕනෙ නැට්ට වනන උන්ට විතරක් නෙමේ. හපපු උන්නටත් එක්ක. එතනයි මෛත්‍රිය පිහිටන්නෙ.
...........
අනික්කාරනේ
වරහං වහලා. ඊලඟ ඡේදය.//උඔ සොෆ්ට්වෙයා එක යූස් කරන්ඩ කලින් මැනුවල් එක කියෙව්වෙ නැද්ද? වරහන් අරින්න වරහන් වහන්න කිය්නන ඕනේ Ctri කී එක ප්‍රෙස් කොරාගෙන....
හිහ්.. ජේත්තුවා මාරයිනෙ...
Deleteඉතුරු ටික බුද්ධියි සෙන්නා යි කියලා තීන්නෙ ...ලෙසටම
Deleteඅපේ කැම්පස් එකෙත් හිටියා එහෙම කෑම දෙන ගෑණු කෙනෙක්.බල්ලො ඇවිත් කරෙත් නගිනවා.ටික වෙලාවක් උන්ව හුරතල් කරලා එහෙම තමා එයා යන්නෙ.හුගක් තැන් වල ඔහොම අය ඉන්නවා මං දැකලා තියෙනවා.සත්තු කටින් කතා නොකලාට ඇස් වලින් දාහක් දේවල් කියනවා.
ReplyDeleteඔව් නිසූපා ඒ වගේ බල්ලන්ට වැඩියෙන්ම ආදරේ කාන්තාවො තමයි..පාරෙ ඉන්න බල්ලන්ට තමන් දවල්ට කන්න අරන් යන බත් පාර්සලේ ලිහලා දෙන අය මන් දැකලා තියෙනවා..
Deleteබල්ලා කැටුව යන කාන්තාව කියල පොතකුත් තියෙන්නෙ.
Deleteලස්සනට ලියල...වෙනී අයියේ...
ReplyDeleteස්තූතියි පිසාච මලයා..දැන් හරි නේද කැම්පස් ජීවිතේ..
Deleteමග්ගොන කතාව නම් අපේ අම්මත් කියනවා බැරිම තැන..ඇත්තට ඒකෙ තේරුම මොකද්ද?
ReplyDeleteමග්ගොන කියන්නෙ ගමක්. මම නං බය නමට. මග්-ගොන. හරියට "ගොනෙක් බැලුමක් පුපුරැව්වා" වගේ බයානක කමක් මටනං දැනෙනන්නෙ. ඒක හන්දා මග්ගොන ගිහින් දානවා කිව්වම මම කීකරු වෙනවා.
Deleteඉස්සර මග්ගොන තිබිල තියෙනව බාල අපරාධකාරයො පුනරැත්ථාපනය කරන මධ්‍යයස්ථානයක්.
Deleteආයුබොවන්ඩ කියලා තියෙන කතාවම තමයි මමත් අහලා තියෙන්නෙ මග්ගොන ගැන..
Deleteහප්පා මග්ගොන කිව්වම මංනං ඉස්සර හිතං හිටියේ ඒක මගේ දෙවෙනි ගේ වෙන්න ඇති කියලමයි... ඒ තරමට ඕක කියලා මාව බය ගන්නලා ඇති අපේ කට්ටිය..ඒත් කොහේද මේ පුතා එව්වට අහු වෙන්නේ...ඒත් අන්තිමට මග්ගොන කතාව අතෑරිලා අම්මලගේ මහ ගෙදර ගෙනිහිං නවත්තනවා කිව්වම තමා මං ඇත්තටම බය උනේ...
ReplyDeleteඑහෙනම් මාරයා මල්ලි මග්ගොනට වඩා දරුනු ඇති අම්මලගෙ මහ ගෙදර.. :DD
Deleteබල්ලෝ ගැන මටත් කීමට කතා ගොඩක් ඇත . .
ReplyDeleteවෙලාවකට හිතෙනවා කෙනෙකුට අවංක ආදරයක් ලැබිය හැකි එකම එකා බල්ලාද කියලා . .
මම ත් පොඩි කාලේ බල්ලෝ හින්දා අම්බානකට අඬලා තියෙනවා . . .
ඒ දුකටම ආයේ බල්ලෝ හදන්නේ නෑ කියලා හිතුවත් තාත්තා හදපු බල්ලා නිසා දැනට අවුරුද්දකට උඩදී ආපහු පුදුම දුකක් විඳින්න උනා . . .
ඔව් දුකා මනුස්සෙකුට අවංක ආදරයක් ලබන්න පුළුවන් එකම සතා බල්ලා තමයි..අපි කේන්තියෙන් ගහලා එලෙව්වත් බලන්න අපි කොහේ හරි ගමන්ක් ගිහින් ආපහු ගෙදරට එනකොට ඒ ගොල්ලන්ට තියෙන සතුට !!!
Deleteපොඩි කාලේ මට වැඩියම මගේම කියලා සත්තු හිටියේ නෑ වෙන්න ඕනේ. ඒත් මම ලොකු කාලේ නම් ඒකටත් එක්කම මට සත්තු හිටියා. මෙයිට අවුරුදු දහයකට කලින් මට හිටියේ පූසෙක්. එයා නැති වෙච්ච දවස් වල තරම් මම දුක් වෙලා නෑ කවදාවත් බ්‍රේක් අප් එකකින්වත්. මාසයක් විතර මම කෑවේ බීවේ වත් නෑ.
ReplyDeleteඑදායින් පස්සෙ අදටත් මගේම කියලා බව්වෙක් හදා ගන්න ආසා වුනාට මගේ බිසි ලයිෆ් එකයි අර නැති වුනාම දරා ගන්න බැරි දුකයි හින්දා බව්වෙක් ගන්නේ නෑ. ඒ උනාට අනුන්ගේ බව්වෝ දැක්කම ඊර්ශයාවෙන් පෙලෙනවා මටත් එකෙක් නෑ කියලා.
ඔව් රංගි ඊට පහු කාලෙ මටත් කොයි තරම් අවස්ථාවල් ලැබුනත් අර ඒ වෙලාවෙ විඳපු දුක විඳින්න ආයි ඕනි උනේම නෑ..මම නම් තවමත් නිවෙස් හිමි කාරයගෙ බල්ලො හතර දෙනාගෙම සැලකිලි ලබනවා..මටම කියලා නැති උනාට ඒ ඇති...
Deleteඅනේ මගේ බව්වා මාව දාලා යයිද :(
ReplyDeleteඔව් කාජල්, කවදා හරි එයා ඔයාව දමලා යයි..ඒක තමයි ස්වභාවධර්මයේ නීතිය නේද ? දුකයි..ඒත් ඇත්තයි..
Deleteබල්ලන්ට මම කැමති නැත ඒ වගෙම බල්ලොත් මට කැමති නැත ඊට හෙතුව පුංචි කාලෙ බල්ලෙක් මාව හැපීමෙන් බල්ලාට ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදුවිය. ඊට අමතරව මට ඉන්ජැක්ශන් බරගානක් ගහගන්නටද සිදුවිය . හපෝ මට බල්ලො අරහං
ReplyDelete@ Loku John: වෙනියටත් උඹව අරහං එහෙනං.
Deletehenryblogwalker the Dude
ඔව් ලොකු ජෝන්..බල්ලන්ට මිනිස්සුන්ව හොඳට තේරෙනවා..එයාලට අකමැති අයව තේරුම් ගන්න එයාලට ඉවක් තියෙනවා කියලා මට හිතෙනව..
Deleteහෙන් රි ..මන් කැමතියි මිනිස්සුන්ට..ඒ අයගේ කැමැත්ත මොකක් උනත්..
මමත් බල්ලන්ට ගොඩාක් ආදරෙයි
ReplyDeleteවර්ණා දන්නෙ නැතුව ඇති ඒ අය ඔයාට ඊට වඩා ආදරෙයි කියලා..කතා කරන්ඩ පුළුවන් නම් ඒ අය කියාවි..
Deleteවෙනී අයියේ මේ film 1ක බාගෙන බලන්න.. ඔයාගේ කථාවට ගොඩක් සමීප කථාවක්.. Hachiko A Dog's Story
ReplyDeleteඅන්න පට්ට ෆිල්ම් එක Mr Sithi ඕක බලලා මාත් ඇඬුවා ගෙදර ඔක්කොමත් එක්ක.
Deletehenryblogwalker the Dude
සිති ස්තූතියි මතක් කලාට මමත් 10 සැරයකට වඩා ඕක බලලා තියෙනවා..තාම අඬන්නෙ නැතුව එක සැරයක් වත් බලන්න බැරි උනා..
Deleteමට බලන් නැතුව මතක් උනත් ඇඩෙනවා.. මොකද අපේ ගෙදර හිටපු බවුවත් Hachiko වගේමයි හැඩරැව.. ෆට්ටම ෆට්ට film 1ක..
Deleteබල්ලො හන්දා අඩපු නැති පිරිමි ඉන්නවද මන්දා මේ ලෝකේ. අනේ මන්දා ඉස්සර ඉස්කෝලෙ යද්දි මමත් අපේ ටූටූවට අනිවා කියලා යන්නෙ.... අනේ ඒ වෙලාවට පොර හිනාවෙනවා දවසම කිරියෙන් පැනියෙන් උතුරන්ඩ.
ReplyDeleteඔව් බුද්ධි බල්ලන්ගෙ ලෙංගතු හිනා මූන තරම් දෙයක් තවත් නෑ මේ ලෝකෙ..එහෙම හිනා වෙන්න හැම බල්ලටම බෑ..අපේ නිවාස හිමි කරුගේ බල්ලො හතර දෙනාගෙන් ලැසී ඔය සුදු පාට බැල්ලිට හොඳට හිනා වෙන්න පුළුවන්..
Deleteඇත්තෙන්ම බල්ලො කියන්නෙ හරිම ලෙන්ගතු සත්තු ජාතියක්....
ReplyDeleteඇත්තටම මග්ගොන මොකක්ද තියෙන්නෙ ? මග්ගොන කොහෙද තියෙන්නෙ ? අපිටත් ඕක කියලා තියනවා පොඩි කාලෙදි.. හැබැයි දැන් දෙමව්පියන්ගෙන් ඕක ඇහෙනවා අඩුයි..
ලෙංගතු කමේ උපරිමය තියෙන්නෙ බල්ලන්ට තමයි..
Deleteඉස්සර මග්ගොන තමයි බාල අපරාධ කරුවන් පුනරුත්තාපනය කරන කඳවුර තිබිලා තියෙන්නෙ..
මං මේ කල්පනා කොරන්නේ මේ බ්ලොග් එක වෙනීගෙද? අර කෙකො චූමා ගේද කියලා............... :D
ReplyDeleteසාධාරණ ප්‍රශ්නයක්...
Deleteරන්දිල් අර සොහොනෙ සීන් එකෙන් පස්සෙ..එකඟතාවයකට ආවා පෝස්ට් බෙදා ගෙන කරන්න..මට බෑ තවත් ගුටි කන්න...මේක වෙනීගෙ..
Deleteරන්දිල්ස්,
Deleteසමාන දේවල් වලට සමාන දේවල් ඇදෙනවා නෙවැ..... බලු කතාවක් කොහෙද, අං එතන මම, වෙනී, ඔය උඩින් ඉන්න ඩයල් එක, ඕනමැන්ටල්, අර ලකී කියන කස්ටිය ඇති කිරිගහට ඇන්නහේ.....
බොරුනං මේං බලන්ඩ
Deletehttp://www.facebook.com/photo.php?fbid=391621470856410&set=a.169579949727231.37365.100000256806646&type=3&theater
(අපි නං හැංගිලා)
Deleteපෝස්ට් එක නං වෙනීගේ කියලා ඉන්තේරුවෙන්ම වටහා ගත්තා........ ඒත් මේ හැම එකටම රිප්ලයි කොමෙන්ට් දාලා තියෙන කෙනා වෙනී ගත්තේ මාස් පඩියට ද, දවස් පඩියටද, නැත්තං කොමෙන්ට් පඩියටද? :D
Deleteඔව් රන්දුනා නගා මටත් පොඩ්ඩක් ටැපලුනා...ඕන් ආයි බුද්ධි මේ පැත්තෙ නාවොත් මට අල්ල ගන්ඩ කෙනෙක් ඉන්නවා :DD
Deleteඅපේ ගම් වල බල්ලන්ට නම් තැබීමේදී ටොමියා සහ ලයිකා යන නම් දෙක විතරක් වැඩියෙන් භාවිතා වෙන්නේ ඇයි වෙනී අයියේ,,,මේක මට කාලෙක ඉදන් තියන බලු ප්‍රශ්නයක්...
ReplyDeleteඔව් ඩිලා ඒක නම් මටත් ප්‍රශ්නයක්..ටොමී වගේම වයිටා කියන නමත් හරිම පොදුයි..පූසන්ට කිටී කියන නම වගේම..
Deleteඩිලා
Deleteමම හීං එකා කාලෙ මගේ ගම්පලාතෙ වැඩි හරියක් හිටියෙ ටාසන්ලයි ජායිලයි
ලස්සනට ලියල තියෙනව
ReplyDeleteස්තූතියි අයුබොවන්ඩ..ඇගයීමට..
Deleteඅපේ ගෙදරත් හිටිය බල්ලා නැති උනාට පස්සේ අපේ අම්මා හැමදාම වගේ පාරේ ඉන්න බල්ලෙක්ට කන්න දෙනවා.. ඒ තාම ගෙදර මැරුණ සතා වෙනුවෙනුත් බත් උයන නිසා..
ReplyDeleteඔව් දිනේශ් එක හොඳම බල්ලෙක් හදලා මැරුනහම ගොඩක් අය ඒ දුකට ආයි බල්ලො හදන්නෙ නෑ..ඒ උනාට බල්ලන්ට හරිම ආදරෙයි..
Deleteහ්ම්.... මාර ගති... ඇත්තටම මිනිස්සුන්ට වැඩිය සත්තු සමහර වෙලාවලදී මාරම සංවේදීයි...
ReplyDeleteඔව් ඔව් මාළු.. විශේශයෙන්ම ගෝල්ඩ් ෆිශ්ලා හරි සංවේදී නේන්නම් !!! :DD
Deleteමටත් පොඩිකාලෙ බල්ලෙක් හිටියා බ්ලැකී කියලා.. ඉස්සර අම්මාට උයන්න රෙදි හෝදන්න වුනාම මාගාව තනියට ඉඳලා තියෙන්නෙ ඌ තමයි.. ඌ මැරුණට පස්සෙ වෙන එකෙක් ඇතිකරන්න හිතුනෙම නෑ..
ReplyDeleteහරී මන් හිතුවෙ මෙහෙම සුරතලේට බල්ලෙක් නොහදන්න තීරනය කලේ මන් විතරයි කියලා..නමුත් මගේ අදහස වෙනස් උනා දැන් නම්..
Deleteගොඩක් සංවේදී ලිපියක් අයියා.මටත් හිටියා බල්ලෙක් ශිබා කියලා මං රෝගාතුර වෙලා දවස් දෙකක් ඉස්පිරිතාලේ හිටිය කාලෙක මූ මං එනකන් කාලා නැහැ.කූඩුවේ ඔහේ වැටිලා ඉදලා.මිනිස්සුන්ට වඩා මෙම සත්වයන් අපට සමීප වෙන අවස්ථා තියෙනවා.කවදාවත් මින්සුන්ගෙන් වගේ කපටිකම් බලාපොරොත්තු වෙන්නත් බැහැ සත්තුන්ගෙන්.මිනිස්සුන්ට වඩා සත්තු ආශ්‍රේ කරන එක හොදයි.
ReplyDeleteඒක ගැන නම් කිසිම තර්කයක් නෑ මල්ලි,
Deleteහරිම පුදුමයි. මාත් මේ හා සමාන දෙයක් ගැනම තමයි හිත හිතා උන්නෙ. අපේ ගෙදර අන්තිමට ඇතිකරපු බල්ලා වුණු "රින්ටි" වයසට ගිහින් නොවිඳිනා දුක් විඳලා මැරුණෙ. ඊට පස්සෙ අපිත් තීරණේකට ආවා ආයි බල්ලො නොහදන්න. ඒත් අන්තිමට මෙන්න මේකයි සිද්ධවුණේ!
ReplyDeleteලස්සන කතාවක්..ලින්ක් එක දිගේ ගියා මමත්..ස්තූතියි.
Deleteඉස්සර අපේ ගෙදර හිටිය බල්ලො කීප දෙනෙක්ම බලු වෑන් එකෙන් අල්ලන් ගිහින් තිබුණා. ඒ කාලෙ අපි දැනං හිටියෙ ඒ වෑන් එක ඇතුළෙ ගෑස් ගහනවා කියලා. එහෙමත් නැත්නම් අර මන්දට උගුර හිර වෙලා එහෙමම මැරෙනවා කියලා. පස්සෙ කාලෙක දැනගත්තෙ අල්ලගෙන ගිහින් දවසක් විතර තියාගන්න බවක්. ඒත් හැමවිටම එහෙම කරනවද දන්නෙ නෑ. මොනවා වුණත් හරිම කාලකන්නි වැඩක්. එහෙම කළාය කියලා දශක ගණනාවක් පුරා, පාරෙ ඉන්න බල්ලො ගාන අඩු වෙලා නැහැනෙ. අනික පාරෙ ඉන්න බල්ලො හැම එකාටම රේබීස් ඇත්තෙත් නැහැ.
ReplyDeleteඔය විදිහට දිනපතා, එහෙම නැත්නම් යම් නිශ්චිත දිනවල සතුන්ට කන්නට දෙමින් ඇවිදින අය හුඟක් ඉන්නවා. මගෙ යෙහෙළියගෙ අම්මට ඇවිදින්නට බැහැ. නමුත් ඇය දිනපතාම උදේ හවස ඒ නිවාස අවට තැන් දෙකකට බළලුන්ටත් කපුටන්ටත් කෑම පිස යවනවා උදව්වට ඉන්න ගැහැණු කෙනා අතේ. ඒ හරියෙ තව මහත්මයෙක් ඉන්නවා, මට මතක විදිහට නම සැම්සන්. ඔහුත් හැම සෙනසුරාදාකම කෑම හදාගෙන හැතැප්ම ගානක් ඇවිදිනවා බල්ලන්ට පූසන්ට දෙමින්.
ඉස්සරනම් මම පාරෙ ඉන්න හැම බලු පැටියම, බළල් පැටියම ගෙදර උස්සන් එනවා. ඒත් පසුගිය වසර දහය දොළහෙනම් සතුන් ආයෙ ඇති කරන්නෙ නැහැ කියලා තමයි හැමදාම හිතා ගන්නෙ. ඒ උන් නැති වුණහම දරාගන්න අපහසු හින්දා. ඒත් දැන් ගෙදරටම හොයාගෙන එනවා!
ඔව් උන්ට ගෑස් ගහලා මරනවා ඒ කාලෙ..පහු කාලෙ අර සයනයිඩ්ද මන්දා තුඩක් ගහපු ලීයකින් අනිනවා..අඩි 10-15ක් දුවලා ගිහින් වැටිලා මැරෙනවා..දැන් නම් නීතියක් තියේද කොහෙද බල්ලො මරන්න බෑ කියලා..ඒ ගොල්ලො කරන්නෙ ජොබ් එක තමයි..ඒත් මන් නම් කොයිතරම් සාප කරලා ඇද්ද මන්දා ඒ මිනිස්සුන්ට...
Deleteආ අර කළු පූසා..සනීපෙන් ඉන්නවද ?
හැම සුරතල් සතෙක්ගේ කතාවක් ඉවර වෙන්නේ ඒ විදියේ දුකකකින්.අපේ අම්මත් පොඩි කාලේ හිටපු ගමන් කියල තියෙනවා මග්ගොන ගිනින් දානවා කියල.
ReplyDeleteමට මේ කතාව කියවනකොට මතක් උනේ උඹේ කුකුලගෙ පෝස්ටුව.
Deleteමම නං සතුන් ඇතිකරන්නෙ නෑ.
ඕව් එකත ගොඩක් දුක හිතෙන කතාවක් මගේ ජිවිතේ.
Deleteඔව් අසරනයගෙ ඒ පෝස්ට් එකත් දුක හිතෙනවා..
Deleteඅපේ ගෙදර හිටිය ජිමී කියල බ්වවේක් පාරට පැනල නැති වුනා. සතියක් අම්ම. අක්ක මම ඇඩුවා. කෑම හැදුවෙ නැහැ ගෙදර. තාත්තත් අප්සට් එකේ හිටියේ.
ReplyDeleteඊට පස්සෙ මාමලගෙ ගෙදර බල්ල අපේ ගෙදරට පුරුදු වෙලා ඌත් ටික කාලෙකින් මලා. එයිට වඩා මල ගෙයක් මම දැක්කෙ නහැ..
අපි දැන් සත්තු හදන්නැත්තේ දුක නිසා..
මන් කාලයක් හිතුවා බල්ලෙක්වත් හදන්නෙ නැති ගෙවල් වල ඉන්නෙ සත්තු ගැන කාරුනික නැති අය කියලත්..පස්සෙයි තේරුනෙ ඒකෙ අනිත් පැත්ත තමයි ඒ කියලා..ඒ අය තමයි සත්තුන්ට වැඩියෙන්ම ආදරෙ..
Deleteසිරවට මචං..
Deleteදැන් වුනත් අපි පාරෙ යන එවුන්ට කන්න දෙනවා. හැබැයි ගෙට වද්ද ගන්නෙ නැතිව..
සත්තුන්ට මාර ආදරෙන් හිටපු මම උන් මැරෙනවා බලා ඉන්න බැරි නිසාම ආයේ අවදාකවත් සත්තු ඇති නොකරන්න හිතාගත්තා . මගේ ළමා කාලේ බැලුවෝතින් ඒ ළමා කාලේ ගත වෙලා තියෙන්නේ අපේ ගෙදර උන්නු සුරතල් සතුන්ගේ මල කඳන් උඩින් .. මගේ වරදකට නොවුනත් උන්ට ලෙඩක් දුකක් හැදුනම බේත් හේත් කරන්න පහසුකම් සහ මිල මුදල් හිඟ නිසා ලෙඩ වුණාද උන් මලා .. දැන් මම ආයේ මැස්සෙක් පමන හුරතලේට හදන්නේ නෑ කියලා හිතාගෙන ඉවරයි
ReplyDelete.. මරු කතාව වෙනී අයියා . මට නම් මේක මාර සංවේදියි ..
ඔව් මන් හිතන්නෙ අපි සංවේදී වැඩී සත්තු ගැන ඒකයි ඒ..අනිත් පැත්තෙන් අපි එහෙම සංවේදී වෙලා තියෙන්නෙත් සත්තු හදපු නිසාමයි මල්ලි,
Deleteමේගැන මගේ අදහස කියන්න පෝස්ට් එකක්ම ලියන්න වෙනවා වෙනී අයියේ! ස්තූතියි මට අතීතය මතක් කළාට!
ReplyDeleteහා එහෙනම් ලියන්න ඉක්මනටම..
Deleteහාපෝයි බල්ලෝ... බල්ලෙක් කන කැසුවත් ඇති මට අහල පහල තියෙන මේසයක් පුටුවක් උඩට හිටි පිම්මෙන් පනින්න.. ඊට හපං කොහේ හරි බල්ලො දෙන්නෙක් පොරකද්දි මම ලඟින් ගියොත් උනුත් එනවා මගේ වටේ නටන්න බුරාගෙන ඒ වෙලාවට පිළිමයක් වගේ හිටගෙන උන්ට ඇහෙන්නම කෑ ගහනවා "එක දත් පාරක් තියහංකෝ තොපේ දත් ගලෝනවා වල් බල්ලෝ" කියලා ඒත් උං අහන්නේ නෑ..ඒ ඔක්කොම හරි කියමුකෝ...
ReplyDeleteඅපේ ගෙවල් ගාව ගෙදරක ඉන්නවා තඩිම තඩි බල්ලෝ දෙන්නෙක් උංගේ නැටි කොටයි උං ඩබල මගේ ඉන ගාවටම උසයි උං පාරෙ ඉන්නවනම් මම ඈත තියාම හොඳ දඩාර පොල්ලක් සෙට් කරගන්නවා.ඔහොම පොල්ල අරං යද්දි එකෙක් ආවා හිමින් සැරේ ඇවිල්ලා ඇඟේ එල්ලුනා එතකොටම මම දීලා ඇද්දා පොල්ලෙන් ඒ මගුල දිරලා පොඩි කෑල්ලක් විතරයි අතේ... බුරන බල්ලෝ සපා නොකයි කිව්වට ඌ මාව කෑවේ බුරන ගමන් බුහ් කියලා ඉනෙන් අල්ලලා ආයේ බුහ් කියන ගමන්ම දනිහට පහලින් ඇල්ලුවා.. එදා ඒ ඇන්ටි නොදකින්න මම කීතු කීතු...ඒ මදිවට බල්ලන්ට බෙහෙත් විදලත් නෑ මතක් වෙද්දි තද වෙනවා වල් බල්ලො හොඳයි ඔයිට වඩා...
හම්මෝ දිග කොමෙන්ට් එකක් වැටුනා අවුලක් නෑ... කතාවේ මුල් ටික හිනා වෙවී කියෙව්වට අන්තිම හරිය සෑහෙන්න සංවේදීව ලියලා තිබුනා මාරම මාර විදියට කතාව ගොඩනගලා තියෙනවා පුදුම ලස්සනයි...උපරිමයි
ඔව් ගැමියා ගොඩක් අයට එහෙම අමිහිරි අත්දැකීම් තමයි තියෙන්නෙ.. බල්ලන්ට බයයි කියලා පෙන්නන යන්න එපා..උන්ව ගනන් නොගෙනම යන්න..බිරුවොත් බලන්න උගේ ඇස් දෙක දිහාම..බලාගෙන ඌ බුරන්නෙ ගැමියට නෙවෙයි කියන ගානටම යන්න..අපි බයයි කියලා දැනුනොත් ඌ ටෙන්නෙ කන්ඩමයි..ගොඩක් අය කරන්නෙ බල්ලෙක් බුරන කොට නවතිනවා පාරෙ තියන ගල් , පොලු ඇහිදිනවා..එතකොට බල්ලා දන්නවා අපි බයයි කියලා..
Deleteබල්ලන්ට ආදරේ කරන්න පටන් ගන්න. එතකොට ඔය එක බල්ලෙක් හපන එකක් නෑ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. උන්ට තේරෙනවා මගේ හිතේ අපි උන්ට කැමතිද නැද්ද කියන එක.
Deleteබල්ලන්ට කොච්චර අකමැති උනත් පෝස්ට් එක සංවේදීව ලියල තියෙනවා කියල නොකියා බැහැ....
ReplyDeleteගොඩ දෙනෙක් බල්ලන්ට කැමතියි කියල දන්නවා උනත් මම බල්ලන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ. මම හරිම අකමැති දෙයක් තමයි බල්ලෝ හරි පුසෝ හරි මහ රෑ ජාමේ මරහඬ දීල කෑගහන සද්දේ.
මම ආස නිශ්ශබ්ධ පරිසරයක ඉන්න.
ඒ වගේම බල්ලන්ගේ ගාවින් එන බලු ගඳ නිසාත් මම උන්ට කැමති නැහැ.
ඒ මදිවට ගොඩක් ගෙවල් වල ඉන්න බල්ලෝ ඒ ගෙවල් වල පුටු උඩයි හැමතැනම නැගගෙන ඉන්න එක දකින්නත් මම කැමති නැහැ. ඊට පස්සේ අපිටත් ගිහින් වාඩි වෙන්න වෙන්නේ ඒ පුටු වලමනේ.
ගොඩක් මිනිස්සු සල්ලි වියදම් කරගෙන සැප බල්ලෝ හදනවා දකිද්දී මට හිතෙන්නේ ඇයි අපිට ඒ වියදම් කරන සල්ලි වලින් අසරණ මනුස්සයෙකුට ළමයෙකුට උදව් කරන්න බැරි කියලා.
(ඔව්... ඒක එක එක්කෙනාගේ කැමැත්ත කියල කෙනෙකුට කියන්න පුළුවන්, ඒත් මට හිතෙන්නේ එහෙමනේ)
මම බල්ලන්ට කොච්චර අකමැති උනත් මාව මේ වෙනකල් කිසිම බල්ලෙක් හපා කාලනම් නැහැ.
සැර වගේ පේන බල්ලෙක් මගේ දිහාට එනවා දැනුනොත් මම ආරක්ෂා විධි විධාන යොදා ගන්න පසුබට වෙන්නේ නැහැ.
ලඟට එන්න කලින් මොන ක්‍රමේකින් හරි ගහල එළවලා දානවා....
ලොකු පුතා කියන කාරනා සියල්ලම ඇත්ත තමයි.."ඌට උදව් කලාට වඩා බල්ලෙකුට ආප්ප අරන් දුන්න නම් වලිගෙ හරි වනයි" කියන්නෙ මිනිස්සුන්ගෙ අකෘතඥතාවය නේ..ඒ නිසා වෙන්න ඇති මිනිස්සු සත්තු හදන්න මෙච්චර වියදම් කරන්නෙ..
Deleteමමයි මල්ලියි පාර අයිනෙ ඉදල ගෙනල්ල හදපු පූසගෙ නම තමයි පූසා. ඌ කෑම කන්නෙ මගෙත් එක්ක එක පිගානෙ. නිදාගන්නෙ මගෙ ඇදේ. මම ඉස්කෝලෙ යද්දි දොරකඩට වෙලා බලාගෙන ඉන්න පූස මම ආපහු එද්දිත් දොර ඉස්සරහ බලාගෙන ඉන්නව. අම්ම නැතිඋනාට පස්සෙ අපි පදිංචිය මාරු කරද්දි මමයි මල්ලියි අඩද්දිම තාත්ත පූසව කුරුණෑගල මහ ගෙදර ගෙනිහින් දැම්ම. අපි කුරුණෑගල ගෙදරින් එද්දි පාර අයිනට ඇවිත් බලාගෙන හිටිය පූස දින ගනනක් වතුරවත් නොබී එතනම පාර දිහා බලාගෙන ඉදල මැරුන කියල මහගෙදර අය කීව. එදායින් පස්සෙ මමයි මල්ලියි තීරනය කලා ආයෙ හුරතලේට මැස්සෙක්වත් හදන්නෙ නෑ කියල.
ReplyDeleteඑක කාලයක් මන් අයියලගෙ ගෙදර හිටියා පූසො 14 දෙනෙක් එක්ක..ඔව්..එයාලා ආදරෙ කරන අය වෙනස් උනොත් ඒ අය කන්නෙ බොන්නෙ නෑ කොහොමත්ම..ඊට පස්සෙ මැරෙනවා ඒකෙන්ම..
Delete"ඇත්තමයි දෙන්නවම ගිහින් දානවා මග්ගොනට"
ReplyDeleteමාවත් ඉස්සර බය කරනවා මග්ගොන ළමා නිවාසෙට ගිහිල්ලා දානවා කියලා....
ඒ කාලෙ කීවට දැන් නම් එච්චර එහෙම කියන්නෙ නෑ ! 22 එතකොට හමුවෙමු නේද ?
Deleteඅපේ ගෙදර හිටියෙ බ්‍රරව්න් ...ඇත්තටම ඌනම් මනුස්සයෙක් වගේම කියලමයි කවුරුත් කිව්වෙ.ගෙදර විතරක් ගමේ කොහේ ගියත් කවුරුත් ඌට හරිම ආදරෙයි.සමහරු බල්ලො ගෙවල් ඇතුලට එනවට කැමති නෑනෙ.ඒත් අපේ ගමේදි බ්‍රව්න්ට ඒ තහනම තිබුනේ නෑ.අපි නාන්න ඔයට ගියත් ඌත් ඔය මැද්දටම එනවා ඒක නිසාම නාවන්න වද ඉදින්න ඕන උනෙත් නෑ.ඌත් ගෙදර කවුරුත් නැතිවෙලාවක මැරිල හිටියෙ ගේදොරකඩම.
ReplyDeleteකුරුම්නිය
අපේ ගෙවල් අයිතිකාරයගෙ ලැසීත් එහෙමයි..මේ ඒරියා එකේම නොදන්න කෙනෙක් නෑ..එච්චරටම යාළුයි..
Deleteඅම්මෝ ඇත්ත කතාවක් ලියලා නේද? ;) බල්ලෝ විතරක් නෙමෙයි අයියේ, ඕක ඉතින් ඕනෑම දේකට අදාලයි නේ. අතේ දුරින් තියාගන්න තරමට දුක අඩුයි.
ReplyDeleteඔව් කසුන් ඒක ජීවිතේටම හොඳ පාඩමක්..ඒත් එහෙම කරන්න අමාරුයි..හරිම අමාරුයි කොච්චර කීවත්..
Deleteකවදාවත් මටනම් බල්ලොන්ට ආදරේ කරන්නේ නැතුව ඉන්න බැරිවෙයි. බල්ලෝ හින්ද ගොඩක් දුක්වුනාට කවදාවත් අයෙ බල්ලෝ හදන්නේ නෑ කියල කිව්වට මටනම් බල්ලොන්ගෙන් තුරන්වෙන්න වත් උන්ට මාව එපා වෙන්නෙවත් නෑ. පාරේ ඉන්න බල්ලා පවා නැට්ට වන්නේ හරියට උන් මාව දන්නවා වගේ. ඊට හපන් ගෙදර එකා. අවුරුදු එක හමාරකින් ආවත් ඌ මාව දැක්කගමන් පිස්සෙක් වගේ නැටුවේ.
ReplyDeleteඔව් ක්සැන්ඩර් ඒක ඇත්ත බලන්න ආයි යන්න දවසකට දෙකකට ඉස්සෙල්ලා ඉඳන් ඒ අය බුම්මගෙන දුකින් ඉන්න හැටි..ඒ ගොල්ලො දන්නවා ටික කාලයකට හරි අපි ඒ අයව දමලා යනව නම්..ඒක..
Deleteමමත් බල්ලන්ට තියෙන ආදරේ කෙල්ලෙක්ටවත් ලබන්න බෑ
ReplyDeleteස්තූතියි අඩවි රජා..ඒක නම් සම්පූර්න ඇත්ත තමයි..
Deleteදවසෙ කියමන අඩවි රජා!
ReplyDeleteඔව් හෙන් රි මටත් ඒක නම් හිතුනා..
Deleteමේකත් බැලුවේ පහුවෙලානේ ......
ReplyDeleteසමහර මිනිස්සුන්ට අපි බල්ලෝ කියලා බැන්නත් ........ බල්ලෝ කියන එක හොඳ වැඩියි වෙලාවකට
රැල වැටෙන කාලෙට අර වැඩේ ප්‍රසිද්ධියෙම කරන නිසා වෙන්න ඇති බලු වැඩ කියලා කියන්නෙ..ඒ ඇරුනහම වෙන කිසිම නරකක් මට නම් පේන්නෙ නෑ..
Deleteමම කවදාවත් බල්ලෙක් ඇති කරලා නැ. පුසෙක්නම් ඇති කරලා තියනවා .අනේ ඒ පුසා කබරෙක් ඇදගෙන ගියා මට පෙනී පෙනී . ඊට පස්සේ
ReplyDeleteසතුන් ඇති කරන එක නැවැත්තූවා .
ඔව් කාට උනත් වැඩිය බැදීම් ඇති කරගන්න හොද නැ. බැදීම දුකක් .
balloth ekka ba
ReplyDelete