ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Monday, April 23, 2012
සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...
සයිබරයේ සිහින අවුරුදු උළෙල 2012 - මතකයෙන් අංශු මාත්‍රයක්...
සිහිනයක් නොවූ මුත් සොඳුරුම සොඳුරු සිහිනයක මතකයක් හිත මුල රන්දලා තියලා අවසන් වුනත් අවසන් නොවුනු ප්‍රීති ප්‍රමෝදයෙන් පිරුනු හෝරා නවයක් දහයක්...
හඳුනා ගන්න...එකම එක වචනයක් හරි කතා කරලා හිත සතුටු කර ගන්න තිබ්බ ඒ හෝරා කීපය නම් ඊළඟ අවුරුද්ද වෙන කම්ම අමතක වෙන්නෙ නෑ..
ගත වෙන හැම තත්පරේම සිදු වන සොඳුරු නිමේශය කැමරා කාචයේ රඳවාගන්න උත්සාහ දරපු මට හොඳටම විශ්වාසයි ගොඩාක් අය එක්ක දොඩමලු වෙන්න බැරි වුනු බව..
ෆොටෝ බලද්දි හිතෙන්න පටන් ගන්නවා අනේ මේ මල්ලියා..පුතා ..නංගියා..දුවා එක්ක වචනයක් කතා කලේ නෑ නේද කියලා..
හිනා වෙන්න නම් ඇති...ඒත්..අර මුලින් කීව සතුට මැද්දෑවෙ ගුලි ගැහෙන්නෙ පොඩිම පොඩි දුකක්..
මන් කැමරාව නොගෙනිච්චනම් හරි කියලා නොහිතෙනවමත් නෙවෙයි..ඒත්..
කැමරා කාචය හරහා මතක පතේ රැඳිලා තියෙන ජායාරූප 564 න් එකක කොහේ හරි ඔබ රැඳිලා ඉන්නවා...
සමාවෙයල්ලා.....
මට එකම එක වචනයක් හරි කතා කරන්න බැරි වෙච්ච සහෘදයිනේ..මට දුකයී ඒ ගැන දැන්..
Subscribe to:
Post Comments (Atom)
වෙනී අයියා...ස්තුතී
ReplyDeleteසංවිධාන කටයුතු එල පහට තිබ්බා..
Deleteපින්තූර ගොඩාක් මූනු පොතේ දැමීම ගැන ස්තූතියි.
ReplyDeleteතව ගොඩක් තියෙනවා පොකු එඩිට් කර කර දමන කොට සෑහෙන කාලාක් යයි වගේ..
Deleteවෙනි අයිය දැක්කට කතා කරන්න නම් බැරි උණා!:)
ReplyDeleteඇත්තද ? මන් නම් ඉඩ ලද සැනින් ලඟ ලඟ හිටි අයත් එක්ක කතා කරලාඅ අඳුරා ගත්තා...ඊළඟ සැරේ මතක ඇතුව කතා කරන්න
Deleteමම නම් වෙනි අයියා එක්ක කතා කරා මතකද
ReplyDeleteඔව් මල්ලි අපේ ඔෆිස් එකටත් ආවා කීවනෙ...
Deleteනිල් පාට ශර්ට් එක ගහලා කැප් එකක් දාල ඉන්නේ ඔබා අය්යද?
ReplyDeletehttp://www.facebook.com/media/set/?set=a.3524777352022.2153512.1049785475&type=1&l=451ebcca21
ReplyDeleteමටත් වෙනි අයිය එක්ක කතා කරන්න බැරි වුනා ඊළඟ පාර අනිව සෙට් වෙමු......ජය වේවා....!!!
ReplyDeleteඒක තමයි මල්ලි, ඊලඟ සැරේ සෙට් වෙන කන් මූනු පොතට එන්න..
Deleteස්තුතියි වෙනී භයියා.... මට නං ගියඅවුරුද්දෙ මතකෙ තමා ළබන අවුරුද්ද වෙනකල් තියාගන්ඩ වෙන්නෙ..
ReplyDeleteබුද්ධි මලයට ඉතින් නොවැලැක්විය හැකි හේතු නිසා නේ එන්න බැරි උනේ..ලබන සැරේ නම් තුන් දෙනාම එන්න..
Deleteඅනේ උඩ පොටෝ එකේ මම නෑ වෙනී මාමා.........:'( :'(
ReplyDeleteඅපිනම් වෙනී මාමා කියාගත්තු ගමන්මයි ඊයෙ...
ඔව් මේ ෆොටෝ එක මල්ලි ගත්තු එකනෙ..ඒකයි..ජේඩී දමලා තියෙන ෆොටෝ සෙට් එකේ ඉන්නවා..
Delete564 ම දාන්න වෙනි අයියේ මුණු පොතේ.. ඔක්කොම බලන්න ආසයි
ReplyDeleteමගෙනම් ළඟටම ඇවිත් කතා කලානේ. මාර සතුටුයි :)
Deleteගමන් මහන්සියට වෙන්න ඇති ඔය ගොල්ලො ඉඳගෙනමනෙ හිටියෙ..හොඳ ටික තෝරලා දමන්න ඕනි නංගි..සමහර ඒවා හොඳට වැදිලා නෑ..
Deleteකතා නොකරට මොකෑ .අයියලව දැක්කත් සතුටක්
ReplyDeleteකතා කරා නම් කවුද කින්ද මන්ද කියලත් දැන ගන්න තිබුනා..
Deleteලබන සැරේ අනිවා හමුවෙමු...
ReplyDeleteඅනිවා හම්බ වෙමු...
Deleteපින්තූර ටික නම් පංකාදුයි වෙනී මාමා! කතා නොකලට හිතේ සුන්දරත්වය කවදත් වෙනී මාමාගේ ඔය අව්‍යාජ සිනාවෙන් අපට මැනගන්න පුළුවන් !
ReplyDeleteඊලඟ සැරේ නම් මන් කතා කරනවා කැමරාව පැත්තකින් තියලා..
Deleteඅපි කතා කොලා නෙව... මම රික්වෙස්ට් එකක් දාලා තිබුනේ
ReplyDeleteඔව් ඔව් ඒක නිසාම හොඳට මතක හිටියා...
Deleteවෙනී මාම හරියටම දැක්කෙ අදයි! :)
ReplyDeleteමම මූනටම කිව්වා.. :)
Deleteඔන්න මාත් වෙනි මාමත් එක්ක කථා කොලා..කොහෙද ඉතින් කැමරාව මානගෙනමනේ හිටියේ... :D
Deleteඔව්..අපිට වචනයක් දෙක කතා කරන්න බැරි උන එක තමයි..දුක..ඇයි කතා කරන අස්සෙ පේන්නෙම කැමරාවට අල්ල ගන්න ඕනි සීන් නෙ....චම්මා මතක මගේ බ්ලොග් එකේ මුල් කාලෙ ඉඳලමයි..
Deleteඋදේ පාන්දරම කැමරා ආම්පන්න ටිකත් උස්සගෙන වෙනි අයියා පිට්ටනියට එනකොටත් අපි එතන නේ. ඉතින් අපිට නම් වෙනි අයියත් එක්ක කතා කරන්න ලැබුනා. සැගවුන අමුත්තාගේ ගති ගුණ ගැන ජනා කියනකොට වෙනි අයියගේ නම කියලා කට්ටියක් කෑ ගහනවා ඇහුනෙත් වෙනි අයියා ලග ඇත්තටම ඒ කියපු ගතිගුණ තිබ්බ නිසාම තමයි. එහෙනං මේ වගේ සුපිරි ෆන් එකක් ගන්න ආයෙත් දවසක මුණ ගැහෙමු
ReplyDeleteඑතකොට මමත් එක්කනේ වෙනී අයියා හිටියේ .. මම ඉතින් ඇහුවා වෙනී අයියා නේද සැගවුන අමුත්තා කියලා... ලොල්නේ... අතින් පයින් යනවයැ... එත් අතට පයට මොනවත් හම්බ වුනෙත් නෑ.. :(
Deleteසැගවුන අමුත්තා හොයන්න වුන මහන්සිය එක්ක බලද්දි මට අසාධාරණයක් වෙලා තියෙනවා පැහැදිලිවම... :))))))
රෙප් මහත්තයායි නාකියයි ගාල්ලෙ මතකයේම තිබ්බනෙ..
Deleteනාකියා මන් ඒ වෙලාවෙ ඒක කීව නම් නාකියාට සැඟවුනු අමුත්තා කියලා එතන හිටි කෙල්ලො එක්ක කතා කරන්න චාන්ස් එක නැති වෙනවනෙ..
Deleteදුකයි සෑහෙන්න.....ලබන අවුරුද්දෙවත් බලමු මාමෝ....:(
ReplyDeleteඔව් එහෙම කරමු...
Deleteඉහි ඉහි දුක තමයි රන්ජනී
ReplyDeleteබින්දි එන්න නිවාඩුවකට ලබන සැරේ...
Deleteදුකා අය්ය අක්කවත් එක්කගෙනම ඇවිත්.. එල එල
ReplyDeleteඇයි සොඳුරු ත්‍රස්තවාදියා විරුල්...
Delete"ෆොටෝ බලද්දි හිතෙන්න පටන් ගන්නවා අනේ මේ මල්ලියා..පුතා ..නංගියා..දුවා එක්ක වචනයක් කතා කලේ නෑ නේද කියලා.."
ReplyDeleteමේක නම් සිරාම ඇත්ත...
අනික තමා හුගක් අයට "යන්නම්" කියලා එන්න බැරිවුන එක.. :(
ඔව් අපි බලද්දි ගිහින් තිබුනා..නැත්නම් ඔය ප්ලාස්ටරයක් ගලවනවා මන් යන්ඩ ඉස්සෙල්ල..තුවාල ඇත්තම ඒවද බලන්න...
Deleteඑනවා කියලා එන්න බැරි වුනු අයත් ඉන්නවා.. :) ඊ ළඟ වතාවේ හම්බ වෙමු.
ReplyDeleteඒකනෙ.. මොකෝ උනේ ?
Deleteඉළ ඇදුනා වෙනි අයියේ.
Deleteඉක්මනින් සුවය ලැබේවා කියලා පතන්නම් ! පහු ගිය ටිකේ කියවන්න බැරි උන නිසා මග හැරිච්ච දේවල්...
Deleteඇත්තටම ගොඩක් සතුටු හිතෙනෙ මොහොතක් වෙනී අයියේ.. මම අලුත් උනත් ගොඩාක් රස වින්දා..
ReplyDeleteවෙනි අයියේ ඔරිජිනල් සයිස් පොටෝ එක මට ඊයක් දානවද..
mr.sithi@gmail.com
හා..ජේඩී එඩිට් කරපු එක එවන්නම්..මූනු පොතේ මල්ලි ඉන්න ෆොටෝ ටික ටැග් කරන්න..මන් එවන්නම් ..
Deleteපින්තූර ටික බලන්ඩ වෙන විදිහක් නැද්ද ? බුකියත් එක්ක ගනු දෙනු නැති නිසා ඒකෙන් බලන්ඩ බෑ..
ReplyDeleteබ්ලොග් එකේ දමන්න අමාරුයි සේරම මූනු පොතේ වගේ..එන්නකො මූනු පොතට..
Deleteහා හා.මුණු පොත ගැන කියන්න එපා. සෙනාට කේන්ති යනවා..
Delete:D :D
Deleteමට නම් සෑහෙන්න සන්තෝසයි මොකද මම ටැග් එක ගහගන්නත් කලින් මම ආව ගමන්ම මාව අඳුනගත්තේ වෙනී අයියානේ පුදුමත් හිතුනා වෙනී අයියව එතන කැපී පෙනුනු චරිතයක් ඒ මුකුත් නිසා නෙමෙයි බුරුසු රැවුලයි ආපු වෙලේ ඉඳන් තිබුනු හිනාවයි නිසා...
ReplyDeleteමට තාම මම ඉන්න එකම එක ෆොටෝ එකයි අහුවුනේ ඒකත් ගෘප් ෆොටෝ එක..
ඔය ෆොටෝ සේරම RAR ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න දැම්මනම් සෑහෙන්න වටිනවා මොකද බුකියේ පින්තූර ලෝඩ් වෙන්න යන වෙලාව වැඩියිනේ....
සැඟවුනු අමුත්තා ගැන කියද්දි වඩාත්ම සුහදශීලි කියද්දි මම ආවේ වෙනී අයියව හොයාගෙන කොහෙද ඉතිං නාකියා එතකොට ඒකටත් වැඩේ දීලනේ...
මේ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ කලින් නොදැකපු පිරිසක් එක්ක මේ තරම් සුහදව සැමරු අවුරුදු උත්සවයක් මගේ මතකෙට එන්නේ නෑ....
ඔව් මල්ලි ඉන්න ෆොටෝ ටැග් කරන්න මන් ඒවයෙ ඔරිජිනල් ටික මේල් එකට එවන්නම්..මගේ තව ෆොටෝ සිය ගනනක් තියෙනවා..ටික ටික තමයි දමන්නෙ..ඔෆිස් එකේ වැඩත් අතරෙනෙ කරන්නෙ..
Deleteමම ඉන්න පොටෝ 6ක් විතරමයි තාම අහුවුනේ අයියේ ඒත් අනික් පොටෝ සේරම තියාගන්න ආසයි එතකොට මතක් කරගන්න පුළුවන්නේ හැමෝම විනෝද වෙච්චි හැටි... සමූහ ඡායාරූපේ ඔර්ජිනල් එක එවන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා
Deleteමට එන්න බැරි වුනානෙ...:((((
ReplyDeleteඊළඟ සැරේ අත හරීන්න එපා අනිවා එන්න
Deleteහුඟක් බලාපොරොත්තු තියන් හිටියා මේ බ්ලොග් එකේ ෆෝටෝස් දායි කියලා, දැන් වත් දාමුකො ආඩම්බර නැතුව නම් ගම් එක්ක.
ReplyDeleteප.ලි. ඕනයා හොස්පිටල් එකේ ICU එකේ බව දැනගන්නට ලැබුනා. හැකිනම් බලනවද. ඊයෙ නම් ආසිරි එකේ ඉඳලා තියෙන්නෙ.
henryblogwalker the Dude
ඊයේ බලන්න ගියා..මන් හෙට උදේම බලන්නම් හෙන් රි...
Deleteමට එන්න බැරි වුනානේ :'(
ReplyDeleteඅපරාදෙ එන්න තිබුනා නම් හොඳයි..අපිටත් අඳුරා ගන්න තිබුනා..
Deleteවෙනියෝ,
ReplyDeleteඅනේ ෆේස්බුක් එකේ ඒ පරණ ටිකමනෙ බං තියෙන්නෙ. දීපා උඹට බනින බැනිල්ල ඇහුවොත් නම් උඹ...
මචං මට අහගෙන ඉන්න බැරුව බං මේ ලියන්නෙ... අතරින් පතර ප්‍රචාරයට සුදුසු මට්ටමේ කෑලි වලින් කිව්වොත්...
...ඔච්චර හොඳ කැමරාවක් තිබිලා....
...වැඩක් නෑ....
...ඒක මූනුපොතේ දාලා...
...අහුවෙද්දෙංකෝ ඕකා මට...
(වාරණය කරන ලදි)
(වාරණය කරන ලදි)
(වාරණය කරන ලදි)
එතකොට මායි චූටි පුතයි උඹව බේරාගන්න මේවගෙ දේවලුත් කිව්වා.
...එයාගෙ කැමරා එකනෙ...
...උගෙ බ්ලොග් එකනෙ...
...උගෙ බ්ලොග් එකේ ඌට ඕනෙ දෙයක් දාන්න ඌට අයිතියක්....(චටාස්)
(වාරණය කරන ලදි)
(වාරණය කරන ලදි)
විකාශනයට ඇනයක් හිටින ලදි
අනේ ඔන්න ඕක දාපං බං
innocent endangered henryblogwalker the dude
වෙනියට බනින්න එපෝ....ඔය ඔක්කොම ෆොටෝ ගත්තෙ වෙනියම නෙවෙයි.
Deleteමම හිතන්නෙ මේ වැඩේදි අඩුවෙන්ම ආතල් ගත්තෙ වෙනියා...
අනිත් අය(එන්න බැරිවුන අය) වෙනුවෙන් සිරා කට්ටක් කෑවා.
හෙන් රි මන් ටික ටික එඩිට් කරන් මූනු පොත අප්ඩේට් කරනවා.. ආන්න අනිත් අය දමලා ෆොටෝ එකසිය ගානට..ඒ ටිකවත් දීපට පෙන්නල ශේප් වෙන්ඩලකො දෙන්නම පොඩියකට..ජේඩී ගෙ සහ හසිත් මල්ලිගෙ ඇල්බම් මන් ශෙයාර් කරලා තියෙන්නෙ..අනේ සුදු හෙන් රි ඒ ටික දැනට බලන්නකො..
Deleteසුමිත් අනේ මේ අපෙ හෙන් රි සහ දීපානෙ.. මන් නොදන්න ඩබල..ආයි ලංකාවට ඇවිත් අපේ ඔෆිස් පැත්තෙ ආවහම මන් ප්ලේන්ටියක් දීලා ශේප් කර ගන්නවා..
Deleteඔක්කොම ෆොටො දාමු වෙනී අයියේ.. අපි වගේ අයට ෆොටො බලලා නේ සතුටු වෙන්න වෙන්නේ...
ReplyDeleteඔව් දිනේශ් මල්ලි එඩිට් කර කර තමයි දමන්නෙ..ටික දවසකින් සේරම දමන්න පුළුවන්..
Deleteහා ෆොටො ටික දමන්නම්.. බ්ලොග් එකේ..හකි ඉක්මනින්ම.. හෙන් රි... හිකිස්...
ReplyDeleteඅයියව අඳුරගන්න ලැබුණ එකත් ලොකු දෙයක්....
ReplyDeleteමල්ලි මූනු පොතේ ඉන්නවද මගෙ ලිස්ට් එකේ..? රික්වෙස්ට් එකක් දමන්න.මටත් හරිම සන්තෝසයි අලුත් අය අඳුනා ගන්න ලැබීම..
Deleteවෙනියා සුපිරි මිතුරෙකු බව හැගින..
ReplyDeleteකතා කරන්න බැරිව මිස් වුනා ගොඩක් අය.. :(
සෑම් මටත් හරි සතුටුයි සයිබරයෙන් විතරක් දන්න අය හැබැහින්ම දැක ගන්ඩ ලැබිච්ච එක ගැන..ආයි හම්බ වෙමු..
Deleteඅයියෝ.. වෙනී අයියා ඔයා ආවද? කතා කරන්න ගොඩාක් ආසාවෙන් හිටියේ.... දැකලම නෑනේ... අපරාදේ.......
ReplyDelete(අභියා මන් බොට කීවා කියලා හිතා ගන්..)
Deleteචෙහ්.. මමත් ඔටෝග්‍රාෆ් එකකුත් තියන් හිටියා අභීත ගෙන් සයින් එකක් ගන්න.. කොහෙද බැරි උනානෙ..
කොහෙද ඉතිං වෙනි අයියව හොයන්න අල්ලපු ක්‍රීඩා ගාරෙට යන්න උනානේ...!
ReplyDeleteඔව් මාලු යාලු හිටියෙම ඒ හරියෙනෙ..කතා කරන්න නම් බැරිම උනා වගෙයි මතක..කමක් නෑ අහල පහල ඉන්න වෙලාවක ආයි හම්බ වෙමු...
DeleteANWER MANATUNGAGE HUCHCHAKUWATA OBAPUWAMA INTERNET BACKFIRE WENAWA. HARIMA KARADARAYAK.
ReplyDeleteතාම ටියුබ් ලයිට් ඇනෝ...
Deleteවෙනී අයියව දැකපු ගමන් අඳුන ගත්තෙ උඩු රැවුල හින්දා. බ්ලොග් අවකාශෙ උඩු රැවුලො හරි අඩුයිනෙ. ආයෙ ඉන්නෙ ඔබා.
ReplyDeleteඇයි සැමා
Deleteදැන් නම් උඩු රැවුල මගේ අනන්‍යතාවය වෙලා..ඇයි කුමාරයා.අපේ සුමිත් සහෝදරයා.නාකියා මූන පුරා රැවුල වවලා..තව හිටිය..පොශ් රැවුලො ටිකක්..බලන්න ෆොටෝ..
Deleteකට්ටියගේ නම් ගම් එක්කම ෆොටෝ ටිකක් බ්ලොග් එකේම දැම්මනම් තමයි හොඳ...
ReplyDeleteකොහෙද ඉතින් අපි තාමත් ලංකාවට ආවේ නැහැනේ
ලබන පාර වෙද්දී ලංකාවේ ඉන්න නිසා අවුලක් නැතුව එන්න පුළුවන් වේවි...
(ජිවත් වෙලා හිටියොත්)
පුලුවන් ඒත් හැමෝම තමන් ව නියම නම් වලින් එලියට යනවට කැමතිද මන්දා.. එන්න මූනු පොතට..එතනින් ගන්න පුලුවන්..
Deleteඊගාව පාරවත් බලමු.
ReplyDeleteඅනිවාර්යෙන්ම ඊළඟ සැරේ හම්බ වෙමු..
Deleteමම මේක කවියක් විදියට කියන්න හෙන ට්‍රයි එකක් දුන්න බැරිම තැන නිකම්ම කියල දැම්මා.
ReplyDeleteඊළඟ සැරේවත් බලමු..
අනිවාර්යෙන්ම ඊළඟ සැරේ හම්බ වෙමු..
Deleteකරුමේ කරුමේ. මේ පාර එකෙත් මයෙ මූණ නෑ. කොහෙද මේ ළමයි බමයි එක්ක ආවම හැන්දෑවෙන්න කලින් ගෙවල්වල ගාල් වෙන්න එපැයි බං අයියෙ. අම්මප අයිය දැක්කෙ නෑනෙව පැත්ත පලාතෙ. හැංගිලාවද්ද උන්නෙ ඈ.. ලෝකයාට මූණ දෙන්න බැරුව වත් ?
ReplyDeleteනවම් මල්ලි චූටි මැණිකෙ අඳුන්වලා දුන්නෙ මතක නැද්ද? දැන් මූනු පොතෙ Part II සෙට් එක බලන්න..ඈතින් හිටියට මන් නවම්ව දැක්කෙ නැද්ද කියලා...
Deleteඕන ඔට්ටුවක් වෙනී අයියගේ ෆොටෝ වල මම නෑ.:)
ReplyDeleteකසුන් ආව නම් මගේ ෆොටෝ වල ඇති අනිවා.. ඉන්න තැනකින් ටැග් කරන්න මල්ලි.. මන් බලන්නම් අනිත් ෆොටෝ වල..
Delete:) මට එන්න වුනේ නෑ අයියේ...:(
Deleteවෙනි අයියා මගේ නයිස් පොටෝ එකක් ගත්තට ඒක දාලා නෑ නේ.. අයියෝ කතා කළේ නෑ කියලා කිසි ම තරහක් නෑ.. ලබන පාර කතා කරමු. අනිත් එක, අයියා කැමරාව ගෙනාවේ නැත්නම් අද අපි ඒ දවස ගැන අවදි කරන මතකයන් බොහොමයක් අවදි නොවෙන්න ඉඩ තිබුණා..
ReplyDeleteඒක දැම්මා මල්ලි බලන්න තුන්වෙනි ෆොටෝ සෙට් එකේ තියෙනවා..ඔව් ඔව් ට්‍රිප් එකක් යන්න කතා වෙනවා ඇහුනා..ඒකෙදි සෙට් වෙමු..
Deleteඑල නේ.. මටත් හිතුණා ට්‍රිප් එකක් යන්න තියෙනවා නම් එල කියල.. අනිවා.. අර ෆොටෝ එක තිබුනේ නෑ අයියේ.. :-(
Deleteකියලා වැඩක් නෑ වෙනි අයියේ.... ඒ ගත කරපු පැය කීපය නම් ලොවෙත් නෑ..... බොහෝම සතුටුයි..... අවුරුද්දටම ඇති.....
ReplyDeleteආයිත් අහලා...!!! කියන්න වදන් නෑ.. ගොඩයා මල්ලි.. ඕනයා නිසා අපි තව ටික වෙලාවක් හිටියා..
Deleteමාව ඉතිං අදුරන්නෙ නෑනෙ..:( ඉතිං මම කතා කලේ නෑ..
ReplyDeleteහරි නරකයි..හැබැයි ඔයාව හඳුන්වලා දෙද්දි නම් ඒ හරියක මන් හිටියා..ඊළඟ සැරේ කතා කරන්න ඇවිත් හොඳේ..
Deleteවෙනි අයියා ෆොටෝ ටික නම් සුපිරි ..!! මට වෙනි අයියා හම්බුනේ ඔක්කම ඉවර කරලා ආපහු එනකොට ..!! මම ජේ.ඩි , පිසාච්යා... (මතකද දන්නේ නැහැ )..!!
ReplyDeleteමූනු පොතේ ඉන්නවනම් ෆොටෝ එකක් ටැග් කරන්න මල්ලි.. මට මතක් වෙයි..එදාම අඳුර ගත්ත ගොඩාක් අය අතරෙ මල්ලි ඇති අනිවා..
Deleteඔයාලා අපිව දැකලා නොදැක්කා වගේ උන්නේ...
ReplyDeleteඔන්න ඩිලා මගෙ කට අවුස්ස ගන්න නම් එපා.. ෆොටෝත් එක්කම දමනවා.. අපි ඉතින් දෙන්නටම සහායක් වශයෙන් වෙනදා වගේ තොරතෝංචියක් නැතුව කතා කලේ නම් නෑ..
Deleteහදුනගන්න ලැබුනට බොහොම සන්තෝසයි වෙනී අයියේ... මමනම් අයියත් එක්ක කතා කළා.... ආයෙත් දවසක හමුවෙමු...
ReplyDeletehttp://pradeepot.blogspot.com/2012/04/blog-post_23.html#comment-form
ඔව් මල්ලි ඔයාලා සංවිධාන වැඩ අස්සෙ සෑහෙන්න බිසි නිසාම කතා කරන්න බැරි උනා..
ReplyDeleteමමනං තරහයි.. කතා කරේ නෑ ඩෝ මාත් එක්ක... :D :D :D
ReplyDeleteඅඬු හතර කඩාගෙන එන්න බැරි උනා නේ මට. ශිහ්.. එන්නම හිටිය එක මිස් උනේ දවස් දෙක තියල.
ReplyDelete