නෑ එහෙම දෙයක් වුනේ නැහැ කියල හිතන්න තමයි අපි කැමති !!
රූපවාහිනිය ආපුම කාලෙ සහ රූපවාහිනී කාල පරාසය සවස 4.30 සිට රාත්‍රී 10 පමණ වෙන කාලයක බොහෝම පොඩි උන් වන අපේ ලෝකය පැහැර ගෙන ගොස් අපිව හොඳ මගකට ගෙන යන්න ඕනි උපදෙස් රාශියක් එක්ක අපි ළඟට ආපු "දොස්තර හොඳ හිත" ගෙ ඉඳන්...ඔහු කල නිර්මාණ ගොන්න !!!
අපිව මහා සිනා සාගරයකට අරන් යන ගමන්ම ඒක ඇතුලෙන් අපිට කියා දුන්න යහගුණ..
මේ කර්තව්‍යය පිටිපස්සෙ හිටිය මහා දැවැන්තයා !
හිතන්න කැමති නැහැ ටයි අංකල් මෙලොව හැර ගිහින් කියලා !
ඒත් ..
නිවන් සුව පතමි මමත් මේ ලෙස !
සංසාර ගමන් මග කෙලවර යා යුතු අනිවාර්ය ගමන යන ආදරණිය " ටයි අන්කල්..." ඔබට සුබ ගමන් !
ReplyDeleteඅපි කාගෙත් සදාකාලික වීරයා..
ReplyDeleteඔබට සුභ ගමන්!
මම ටයි මාමට නිවන් සුව පතන්නෙ නෑ . . . . ඇයි දන්නවද . . . ??? ටයි මාමා ආයෙත් අපි අතරෙම ඉපදෙන්න ඕනෙ නිසා . . . . .
ReplyDeleteඔබට නිවන් සුව ටයි මාමේ!
ReplyDeleteඒ කාලේ ලිලිපුට්ටන් වු අප ටයි මාමාව දැක්කේ මහා ගලිවරයෙක් වගේ... සමහර වෙලාවට මාමා අර කාටූන් එක පටන් ගන්න කලින් ඇවිල්ලා කථාකරන තප්පර කීපයේදී ඇහුන මාමාගේ කටහඬ තාමත් මතක් කරගන්න පුලුවන්.. මට වෙලාවකට අපේ දරැවො ගැන දුකයි... ඒ දරැවන්ට මාමාගේ නිර්මාණ දැකගන්න බැරිවීම ගැන.. ටයි මාමේ.... ඔබ නැවතත් අප අතරම ඉපදේවා...
ReplyDeleteඒ මහත්තයා ඔතැනට ආවේ මහා පරිචයක් ඊට කලින් ලබාගෙන නේද වෙනී..? ඊට කළින් සංස්කරණ ශිල්පියෙක් හැටියටත් අධ්‍යක්ෂක වරයෙක් හැටියටත් සෑහෙන්න වැඩ කොටසක් කරලා තිබුණා... ඒ ගැනත් සොයා මෙතැනම පෝස්ට් එකක් දාමුද..? ඔබ ඉන්න ක්ෂෙත්රය අනුව මෙව්වා සොයන්නත් පහසු වේවි... සිංහල වෙබ් අවකාශයට හොඳ තොරතුරු ගොන්නකුත් එකතුවේවි...!
ReplyDeleteජයවේවා...
ඒ දවස් වල අපිත් නොදැන කට ඈරගෙන බලාගෙන හිටියට පස්සෙ තමා දැනගත්තේ මේ ඔක්කොම කලේ ටයි මාමා කියලා....
ReplyDeleteඅපේ තාත්තට රහස් සිතියමක් හම්බුනා.. ඒකේ තිබුනේ නිධන් දූපතක් ගැන විස්තර. මේ සිතියම තාත්තගෙන් ලබා ගන්න අපි ගම්න් කල නැවේ නියමුවා දග දැම්මා ,තාත්තට බොහෝම හිරිහැර කරන්ඩ ආවා ,ඔය අතරේ තමා නැව කුනාටුවකට අහු උනේ ,නැව සුන් උනා ,තාත්තට මොනා උනාද දන්නෑ, මමයි වයිටයි කොහොම හරි පාවෙලා පාවෙලා ආවා ලිලිපුට් දූපතට ,ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ ,ඒ අය හිතුවේ මම සතුරෙක් කියලා ඒ උනත් කුරුමිටි රජ්ජුරුවෝ උකුස්සාගෙන් බේරගත් නිසා ඒ අය මාත් එක්ක යාලු උනා , දැන් ඉතින් මට තියන එකම ප්‍රශ්නේ මගෙ තාත්තව හොයා ගන්න එක....
ReplyDeleteමේක මට තාම මතක් වෙන වචන් සෙට් එකක්,,,සුභ ගමන් ටයි මාමේ
සමහර දේවල් තියෙනවා... සමහර අය ඉන්නවා අපි කැමති නැහැ ඒ දේවල් සහ අය අපිව අත ඇරලා ගියත් ඒක පිළි ගන්න !!!
ReplyDeleteවෙන මොනවා නම් කියන්නද ?
ටයි මාමාට නිවන් සුව!
ReplyDelete