ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, August 23, 2011

අල්ලපු බෝඩිමේ අක්කලගෙ නන්ගිලගෙ පැන්ටිස්

මෙන්න තවත් බෝඩිම් කතාවක් කතා පෝලිමට එන්නෙ එකක් ලියනකොට.. දැන් තියෙන හොට්ම හොට් ටොපික් එක භූතයො, ග්‍රීස් යක්කු සහ ඒ වගෙ උන් ගැන නිසාත්.. මේ කියන යක්කු ඔය කොයි කාලෙත් හිටිය කියල මතක් වෙච්ච නිසාත් මේ කතාව ඔලුවට ආවා..

අපේ ඉහත කී කතාවලට සම්බන්ධ බෝඩිමට අල්ලපු වැටේ තිබුනු බෝඩිම පිරිල හිටියෙ නන්ගිලා ගොඩාක් සහ අක්කිල ගොඩාක් ගෙන් තමයි
.. අපේ හොඳ වෙලාවට අපේම බැචියො කවුරුවත් හිටියෙ නැහැ. මොකද එහෙම උනා නම් අපි ටිකක් හරි සංවරව ඉන්නවා නැත්නම් අපි කරන පිස්සු වැඩ සේරම බැච් එක පුරාම පැතිරෙනවා. අපේ බෝඩිමයි මේ කියන බෝඩිමයි වෙන් වෙලා තිබුනෙ කම්බි වැටකින් විතරයි..අපි කම්මැලි හිතිච්ච වෙලාවක සහ නන්ගලා සහ අක්කල කම්මැලි හිතිච්ච වෙලාවලට අපි ඔය කම්බි වැට දෙපැත්තෙ ඉඳන් චැට්, ඕපදූප, නිව්ස්, උද්ඝෝශන , පෙලපාලි ආදී සියලුම දේවල් කරනව..ගෙවල් වලට හිහින් ආපුවහම කෑම බීම ජාති උනත් කම්බි වැට උඩින් මාරු වෙනව.. හරිම හොඳ ලමායි ටිකක් හිටියෙ..ඒ ගොල්ලොත් අපි එක්ක හරීම හිතවත්..ඔය සෙට් එකට එක සැරයක් මීහරකා චිත්‍රපටිය බලන්න ඕනි වෙලා.. අපෙ සෙට් එක එක්ක තමයි ගිහින් බැලුවෙ..සෙට් එකටම කොල්ලො හිටියෙ නැහැ ඔය කාලෙ වෙද්දි..නැත්නම් අපිත් එක්ක එයි පිචෑර් බලන්න. ඕන්න එක දවසක් උදේම

"බලන්න මල්ලි අපේ පැන්ටීස් වගයක් උස්සල ඊයෙ රෑ.. මල්ලිලගෙ කවුරුහරිද දන්නෙ නැහැ නේද?"

කොහොමද අපේ ෆිට් එක.. ඒකටත් අපිවමයි සැක කරල තියෙන්නෙ..

උන් සෙට් එක හිනා කනව මේක කියලා
.. ඇත්තටම කියනවනම් මේ වගෙ දෙයක් උනොත් වෙන්න පුලුවන් අපේ වත්ත පැත්තෙන්ම තමයි.. මේ පැත්තෙන් විතරයි ඒ ගොල්ලන්ගෙ පැත්තට අනාරක්ශිතව යන්න පුලුවන් . ඒ ඉඩමේ වටේටම ලොකු තාප්පයක්.. අපේ පැත්තෙන් තියෙන්නෙ කම්බි වැටක් සහ මල් වැටක් විතරයි.. ඒ නිසා ඒ ගොල්ලො එහෙම කිව්ව එක සාධාරනයි.. අපේ සෙට් එකේම අයට කෙල්ලො හිටියත් සුනිල්ට කෙල්ලෙක් නැති නිසා අපි ඔය සීන් එකට බයිට් කලේ සුනිලවම තමයි.. ඒ දවස් ටිකෙ සරමක් ඇඳන් ඉන්න බැරි සයිස් එකක් තිබ්බෙ.. කවුරු හරි එකෙක් ඇවිත් සරම උස්සල බලනව..
"අඩෝ උඹ ඔය ඇඳ ගෙන ඉන්නෙ දයා අක්කගෙ පැන්ටිය නේද?"

"මේ ඒක නෙවෙයි බන්z මගෙ ජොකෙකුත් උස්සලනෙ කවුරුහරි"

යාසින් කියනව

"යකෝ උඹේ එක නහය තියෙන බල්ලෙක්වත් අරන් යයිද?"

"ආන්න ඊයෙ හවස කුනු ලොරිය ඇවිත් කුනු අරන් ගියා සුවර් එකටම අරන් යන්න ඇති"

ඔය සිද්ධිය ඔය විදියට විහිලුවට ගත්තත්.. අපි ටිකක් කල්පනාවෙන් හිටිය මොකාද මේ වැඩේ කරන්නෙ කියල.. සුවර් එකටම මොකෙක් හරි සික් කාරයෙක් අපේ බෝඩිම පැත්තෙන් පැනල තමයි මේ වැඩේ කරන්නෙ කියල අපිට හොඳටම විශ්වාසයක් තිබුනා..අපි අපෙ නන්ගි අක්කල සෙට් එකට කියලත් තිබ්බ කොහොම හරි මූව අල්ලල දෙනව කියල..එක දවසක් අපි මොනවහරි පැවරුම් ටිකක් කරල.. රෑ රූම් එකට එනකොට 12 ට කිට්ටු වෙන්න ආවා.. අපේ එකෙක් හාවෙක් අල්ලන්න එලියට ගියා නිදා ගන්න ඉස්සෙල්ල..දුවගෙන අවිත් කියපි.
"මචෝ මොකෙක් හරි ඉන්නව අල්ලපු බෝඩිම් වත්තෙ "
කියල..

අපි සෙට් එකත් අතට අහු උන පොලු කැලි දර කෑලි ගඩොල් භාග ටිකක් අතට අරන් හෙමිහිට ලන් කලා කම්බි වැට දිහාවට.. දෙන්නෙක් නතර කලා අපෙ ගේට්ටුව තියෙන මල් වැට ගාව.. මොකද මෙතන කම්බි වැටෙන් කොහෙන් පැන්නත් මූ දුවන්න වෙන්නෙ ඔය මල් වැට ලඟ ගේට්ටුවෙන්නෙ..

අපි හෙමිහිට හෙමිහිට ඒ පත්තට ලන් කරල.. එකෙක් ලඟ තිබුනු ටෝච් එක ගැහුව ඒ පැත්තට.. ම්හ්හ් මොකෙක්වත් නැහැ..හොඳටම චෙක් කරල බැලුවත් මිනිහෙක් හිටපු හෝඩුවාවක් වත් නැහැ.. එකපාරටම අපේ එකෙක් ටෝච් එක අරගෙන කම්බි වැට ලඟම තිබුනු කුණු වල දිහාවට ගැහුවා.. අප්පට සිරි මෙන්න භූතයා.. කුනු වලේ.. අපි හිටිය පැත්තෙ ඉඳල කුනු වලට මීටර් 20ක් විතර දුරයි.. අසුරු සැනින් භූතය කම්බි වැටෙන් පැන්න..දිව්ව අපෙ ගේට්ටුව දිහාවට.. අපි කෑ ගහල අපේ එතන හිටිය යාලුවො දෙන්නට කිව්ව..

අනේ මේ යකා අපෙ පොරවල් දෙකත් පෙරල ගෙන දුවල තිබුනෙ
.. හැබයි අපේ එකෙක් ඌව අඳුර ගෙන.. අනික මුගෙ සරමෙන් අල්ල ගත්ත පාරට ඒකත් දමලයි මූ දුවල තියෙන්නෙ.

"මොනවද බන්z උඹලගෙ ඇඟේ හැටියට ඔය මනුස්සයව අල්ලගන්න බැරි උනාද?අපිට තමයි කයිය ගහන්නෙ.. අරකයි මේකයි කියල"
"ඌ මාව තල්ලු කරගෙනනෙ දිව්වෙ.. බලපන් මාව සූරා ගෙන දිව්වෙ.."

"ඔය ඒ මනුස්සය සූරලද නැත්නම් ඊයේ අර මෙඩිකල් සෙන්ටර් එක ලඟ පඳුර අස්සෙ.."

"ඒක නෙවෙයි මොකද උඹ ඔය මනුස්සයගෙ සරම ගලව ගත්තෙ..උඹේ හඩු සරම වෙනුවට නේද?"

බලාගෙන යනකොට මිනිහා අහල පහල ඉන්න අංකල් කෙනෙක්ම තමයි.. පස්සෙ මේ මනුස්සය අපිව දැක්කත් මග හැරල යන සීන් එකක් තිබ්බා.. අපි කිව්ව සිද්ධිය අල්ලපු ගෙදර සෙට් එකටම.. නමුත් ඕකට මොනවවත් කරන්න ගියේ නම් නැහැ.. මොනව උනත් අපි මේ ඒරියා එකේ ඉන්න එපාය තව අවුරුදු 3ක් 3 හමාරක්ම.. ඊට මාස කීපයකට පස්සෙ.. අල්ලපු බෝඩිම දුන්න පිරිමි ලමයි සෙට් එකකට.. ආරන්චි උන හැටියට ඒ අන්කල් අල්ලපු වැටේ බෝඩිමේ අයිතිකායගෙ වයිෆ්ගෙ ලඟම නෑදෑයෙක්ලු..

22 comments:

  1. ජංගි වෙනී . . . කියන්නෙ නිකංයැ . . . . දැං මේ අහිංසක අංකලයෙක් අල්ලන්න හැදුවට . . .

    ReplyDelete
  2. අනිවාර්යෙන්ම වෙනී අයිය තමා ජංගි හොරා

    ReplyDelete
  3. අපෝ ඒ අක්කල නංගිල අයියලත් එක්ක ඉන්න බැරුව තමයි යන්න ඇත්තෙ.

    ReplyDelete
  4. හි හි ජංගි ආතල්.ඔය පිටින් දාල ඔය කවුරු කවුරුත් උස්සන්නැති ජංගි...අපි නොදන්න පුතාලා.

    ඔය ග්‍රීස් යක්කු හොරෙන් බලනවයි කියනවනෙ අපිනම් ඕකට ඉස්සර කීවෙ රෝජා බලනවයි කියා ඕන්.දැන් ග්‍රීස් යක්කු කියා මාව එහෙම අල්ලගන්නව නෙවී තව හිටියා පරම්පරාවක්ම.

    ReplyDelete
  5. හික් හික්!! නරි සෙට් එකකට කුකුල්ලු බාර දුන්නා වගේ තියෙන්න ඇති.

    ReplyDelete
  6. "ඕනය" ව තාම කරෝල වාඩියට දැක්කල නැද්ද මූ එක එකාට මඩ ගහ ගහ ඇවිදින්නෙ? මේක දැන් රස්සාවෙනුත් අස් වෙලා වෘත්තීය මඩ ප්‍රහාරකයෙක් වෙලාද? මඩ ජොබ් එක කරමින් උන්නු "උගේ ලෝකය" ලියපු පොරත් දැන් සෙමි රිටයර්ඩ් හින්ද.

    ඕනයා, උඹ කරෝල වාඩියට එනතුරු, "හෙන්රි ද බ්ලොග් වෝල්කර්" සාදරයෙන් බලාන ඉන්නවා.

    ReplyDelete
  7. @ ඕනය - කරෝල වාඩියට ගියහම ඉතින් මෙහෙ ඔය ග්‍රීස් යක්කු ප්‍රශ්නෙ ඉවරයි..
    @ - අපේ බුදු ෆිට් අක්කලත් සැක කරපු එකේ ඉතින් අනිත් අය ගැන කවර කතාද?
    @ කසුන් - ඒ ගොල්ලො හරි දුකෙන් එතනින් ගියේ.. අපිට පාටියකුත් දුන්න..ඊට පස්සෙ හම්බ වෙච්ච තැන් එච්චර ෆන් නැහැ කිව්ව
    @ සිතුවම් - රෝජා බලනව..ඒ වචනෙත් නරකම නැහැ..මම නම් අදමයි ඇහුවෙ ..

    ReplyDelete
  8. @ mahima - අපේ බුදු ෆිට් අක්කලත් සැක කරපු එකේ ඉතින් අනිත් අය ගැන කවර කතාද?
    @ blog gadol- අපි හරි සංවර , හිත හොඳ, විනීත , හැදිච්ච නරි ටිකක් හරිද ?
    @ මාධව - ස්තූතියි මේ පැත්තෙ ආවට..ඔයාගෙ බ්ලොග් එක අදයි ඇහැ ගැටුනෙ..ෆලෝ එකක් දැම්ම..ෆ්‍රී වෙලාවක් ආපු ගමන්ම කියවන්නම් ඉක්මනින්

    ReplyDelete
  9. @ ඔබ්සර්වර් අයියෙ , එතකොට ඕනයට ගිය ගමන්ම බඩු හරිද? නියමයි හෙන් රි ව මමත් මතක් කලා කියන්න..මාලු කඩේට කතා කරල කියන්න ඕනි ඕනයව හෙටම නෑ නෑ.. අද රෑම යවන්න කියල කරෝල වාඩියට..

    ReplyDelete
  10. ජංගි හොරා වෙන එකෙක් කියල අනිත් අයට ඒත්තු ගන්නන්න බොරුවට ඩ්‍රාමා එකක් කලා නේද...
    අපි නොදන්න චිකන්.........

    @ඔබා මාමා- ඒ කියන්නේ ඕනයා අයියට අම්බුජා සිමෙන්ති වලින් හදපු කොන්ක්‍රීට් එකක් පු..ට දාගෙන යන්න වෙනවද....

    ReplyDelete
  11. අර ඔබා කිව්වට මම ඔය පැත්තෙ එන්න බයයිනෙ වෙනි වෙන සිද්දි අහනකොට. මට නම් හිතෙන්නෙ අර අහිංසක අංකල් පිටින් දැම්මට ජංගිය උස්සල ඇත්තෙ බෝඩිමේ බුවෙක් තමා. හෙන්රි ද බ්ලොග්වෝකර් හෙවත් ඩුඩ්.

    ReplyDelete
  12. මෙඩිකල් සෙන්ටර් එක ළඟ පඳුර හික්.. (සුමන්ගලේ යට තට්ටුව ලෝකේ ලොකුම පහන යට සෝරතේ කෙලවරේ පඩිපෙළ... මෙඩිකල් සෙන්ටර් එකටයි බසා එකටයි හැරෙන තුන්මන් හන්දියට තාමත් කියන්න ප** ජන්ෂන් එක කියලද ?

    ReplyDelete
  13. @ පිසා,
    නැහැ..නැහැ..බය වෙන්න දෙයක් ඒ සබ්ජෙක්ට් එකෙන් නැහැ. "හෙන්රි ද බ්ලොග්වෝකර්" ඒ ජාතියේ පොරක් නෙමේ.

    ReplyDelete
  14. මං කාටවත් කියන්නේ නෑ... රහසින් කියන්න බලන්න අයියා නේද අර අංකල් කාරයාගේ වැඩේට සපෝට් කලේ...?

    ඔය වගේ එවුන් නම් කොහෙත් ඉන්නවා...

    ReplyDelete
  15. @ පිසා, ඩූඩ් සහ ප්‍රසන්න - මේක සිරාවටම වෙච්ච දෙයක් බොලල්ල..අපේ සෙට් එක හොරකම් නම් කලා ඒත් ජංගි නෙවෙයි..ඒ රසවත් සිද්ධි ටිකත් ලියල දමන්නම්කො..
    @ ලංකා - ඔය තියෙන්නෙ ප්‍රසිද්ධ ස්ථාන.. දැන්නම් සෑහෙන්න වෙනස් වෙලා..පහු ගිය දවස්වලම ඔව්ව ගැන සෑහෙන සිද්ධින් ගනනාවක්ම උනා..

    ReplyDelete
  16. ඔය වගේ සික් ඩයල් නම් අප්‍රමාණයි දැන්.. මේ සිරාවටම වෙනි අයියා එහෙම සපෝට් කරේ නැහැ නේද ඕකට...හිකිස්‌

    ReplyDelete
  17. අනේ නෑ චම්ම මල්ලියෙ.. හැමෝම සැක කලත් මන් නම් සපෝට් කලේ නැහැ..

    ReplyDelete
  18. අයියෝ අසරණ අංකල් .......

    ReplyDelete
  19. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කිව්වලු. බෝඩින් සීරිස් එක නම් ෆට්ට වගෙයි.

    ReplyDelete
  20. ඒ මොකද ඒ මනුස්සය දිව්වෙ.. එයට තිබුනෙ ජංගි ටික මේ යාලුවොත් එක්ක බෙදාගන්න නේ..

    ReplyDelete