ඊයෙ අපෙ ලෙක්චර් එකේ දවල් කෑම වෙලාව..කීප දෙකෙන් ගෙදරින් කෑම ගෙනත් තිබුනත් කීප දෙනෙක් කන්නෙ කැන්ටිමෙන් නිසා සෙට් එකම ගියා කැන්ටිමට කන්න.. අතරමග අත්තික්ක ගහක ගෙඩි පිරිලා.. අපෙ හාමුදුරුවො කියනවා.
"දන්නවද මේ ගෙඩි තම්බල පොල් එක්ක කනව?"
මන් නම් ඔය ඇහුවමයි. මොකද අපෙ ගම් පලාතෙ අත්තික්ක ගස් නැහැ. අපේ සාගරී නංගි කියනව "ඊය්යා ඔය ගෙඩි ඇතුලෙ කූඹි පිරිල ඉන්නවනෙ"
හාමුදුරුවො ආයිමත් "ඒ කූඹි පිරෙන්නෙ ඔය ගෙඩි පැහුනමහම දැන් තම්බල කන්න හොඳම ගාන ඔයගොල්ලො අත්තික්ක මල් දැකල තියෙනවද?"
මට මතක් උනා මං කොහෙ හරි කියවල තියෙනව අත්තික්ක මල් නැහැ කියල..ඇත්තටම අත්තික්ක මල් ගහෙ කඳටම ඇලිලලු හැදෙන්නෙ.. ඒ නිසා මල් පෙනෙන්නෙ නැහැලු.. මන් ඒක කිව්වහම අපෙ හාමුදුරුවො ශ්ලෝකයක් කියල කියනව.. අත්තික්ක ගහෙ මල් දැක්ක කිව්වත් , සුදු කපුටො දැක්ක කිව්වත්..තව මොනවද කාරනවක් කිව්ව. එව්ව විශ්වාශ කලත් ස්ත්‍රීන්ව විශ්වාශ කරන්න එපා කියලයි ඔය ශ්ලෝකෙන් කියන්නෙ..
"හොඳ වෙලාවට මේ කතාව අපෙ ස්ත්‍රීන් යුවලට ඇහුනෙ නැත්තෙ..නැත්නම් මේක දෙසපු හාමුදුරුවොත් ඉවරයි අහන් හිටපු අපිත් ඉවරයි නේද සංක?"
සංක මගේ අදහසට සම්පූර්ණ එකඟතාවය පල කලා..
"මොනවද ඔය තුන්දෙනා කුටු කුටු ගාන්නෙ "
අපේ සෞම්‍යා නංගි..
"මේ ගහ මොකද්ද් කියලයි අපි කතා කලෙ"
මන් එතන තිබුනු ලොකු ගහක් දැකල කතාව වෙන අතකට හැරෙව්ව.ඇත්තටම මම ඒ ගහෙ නම දැනන් හිටියෙ නැහැ..
"ඔය කොට්ටම්බා ගහක්නෙ"
"නැහැ සාගරී ඔය කොට්ටම්බ ගහ ලඟ තියෙන ලොකු ගහ .. මන් කොට්ට්මබ නම් දන්නව"
"ආ ඒක මම කොහොමද දන්නෙ?"
"අයියෙ මාලු ගැන අහන්න එතකොට නම් කියල දෙයි" මොකද සාගරී නංගි සාගර විශ්ව විද්‍යාලයට සම්බන්දයි..
එතකොට පුලුවන් නම් මේ ගහ මොකද්ද කියන්න" සාගරී නංගි දන්නෙ නැති පාටයි..
සංක මොනවාවත් කිව්වෙ නැහැ..
"මේ ගඳපාන ගහක් ලමායි"
මං ලකුනු ටිකක් දමා ගත්ත..
"මංඤ්ඤංද තුංකිඤ්ඤං"
අපෙ හාමුදුරුවො ගත්ත කටටම කිව්ව..
"ඈ එහෙමද අනුරාධපුරෙ මේ ගහට කියන්නෙ අපි නම් කියන්නෙ ගඳපාන"
නෑ නෑ මංඤ්ඤංද ඇහුවෙ ඔයාගෙන් අපි කියන්නෙ තුංකිඤ්ඤං කියලයි"
කට්ටියටම හොඳටම හිනා..
මමත් මේ මල් දැකලා තියනව,මේවල ගෙඩි කනව අපි පොඩි කාලේ නම නම් මතක නෑ.
ReplyDeleteහාමුදුරු නමත් නරකම නෑ.... ගඳපාන ගෙඩි කාලා තියෙනවද? ඉදුනම දම් පාටයි.... කෑවම දිවත් එක්ක දම් පාට වෙනවා...
ReplyDeleteහෙහ්...හෙහ්...නියම හාමුදුරු නමක්.
ReplyDeleteමංඤ්ඤංද සෙට් එකක්නෙ...හෙහෙ හෙ හෙ!!!
ReplyDeleteඈ . . . කවුද බොල ඒ සාගරේ නගා . . . ???? මමත් සාගරේ නොවැ . . .. ඕනෙ අයියව නොදන්න කෙල්ලෙක් කොල්ලෙක් ඉන්න බෑ සාගරේ
ReplyDelete@නදී සහ ප්‍රසන්න ඔව් මේ ගෙඩි හරි රසයි..අපේ ගම් වල හරියට තියෙනව..හැබැයි අතු හරිම ගොරෝසුයි..ගඳපාන ගෙඩි කන්න ගිහින් අත් තුවාල කර ගන්නව..
ReplyDeleteඑරමිනිය, රත්මල් ගෙඩි, බෝවිටිය, දං , මාදං, ගොඩපර ගෙඩි...ගොරක මද.. මොනවද අපි ගමේදි නොකෑවෙ...
ඔව් ඔබ්සර්වර් අයියෙ.. අපෙ හාමුදුරුවො ඔය වගෙ කියුම් කියන්න උපන් හපනෙක්..
ReplyDeleteමංඤ්ඤං හොඳම සෙට් එක පිසාචෙ.. හිතපන්කො.. තව අවුරුදු 2ක් මේ සෙට් එක එක්ක..
ReplyDeleteඕනෙ ..ඕන්න ගේම පුලුවන්නම් හොයා ගන්න සාගරී නංගි කවුද කියල ? අපි ඒ නගාට සාගරී කියන්නෙ සාගර විශ්වවිද්‍යාලෙ නිසා තමයි..නියම නම නෙවෙයි..ඔයාට හොයා ගන්න ලේසියි.. ඔය කැම්පස් එකේ ලෙක්චරස්ලා ගොඩාක් විසිටින්ග් නේද? එතකොට ස්ථීර සේවක මණ්ඩලෙ වැඩිය ගොඩාක් නැහැනෙ..
ReplyDeleteඕනෙ - පොඩි ඉඟියක් දෙන්නම්..ලිපියෙ ඊයෙ කියන්නෙ ඉරිද.. මේ දවස්වල සාගරී නංගි වචන 5ක් කතා කලොත් පැහැදිලිව ඇසෙන්නෙ වචන 2 හමාරකි. මන්ද උගුර බල්ලො කා ඇත. ඇගෙ වචනවලින්ම "සෙම වැඩිවෙලා අයියෙ" කීප සැරයක්ම කිවූ නිසා එම වචන 3 තෝරා බේරා ගත හැකි විය..
ReplyDeleteමේකට කියන්නෙ බාලොලියා නෙමේද?
ReplyDeleteඔව් චාමි බාලොලිය කියන්නෙත් මේකටමයි කියල නමුත් අපෙ ගම් පලාතෙ රත්නපුර පාවිච්චි කරන වචනය තමයි ගඳපාන..
ReplyDeleteමේ අපේ ගමේ එකෙක්නේ... මට අළුතින් අහු උන බ්ලොග් එකක් මේක. ඉන්න බලන්න රීඩරේට ඔබා ගන්න...
ReplyDeleteඒක නෙමෙයි මාත් ඔය කියන මල් දැකලා තියෙනවා. ඒත් අත්තික්කා ගස් දැන් වැඩිපුර දකින්න නෑ නේද?
ස්තූතියි ඔබේ කමෙන්ටුවට.. බූරුබබා..මමත් ඔයාගෙ බ්ලොග් එක රෝල් එකට දමා ගත්ත.. ඉඩ ලද විගස කියවන්නම්..ඔවු අත්තික්ක ගස් හරි අඩුයි..
ReplyDelete