මෙය මාගේ ප්‍රියතම චිත්‍රපටයක් වූ මැට්රික්ස් නිර්මානයේ වූ වාක්‍ය කණ්ඩයකි..එය චිත්‍රපටයේ එක් ප්‍රබල අවස්ථාවකදී ඉස්මතු කර..පසුව අවසනට මදකට පෙර ඉතා උච්ච අවස්ථාවකදී යෙදවේ..
අවසනට මොහොතකට පෙර..මට එය මතක් වන්නේ හෙට දින ඉරිදා..2013 වසරේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවසන් වන බැවිනි..රසවත් පොතක්, පතක් හෝ චිත්‍රපටයක් කියවීම බැලීම අවසන් කරන සෑම මොහොතකම මාගේ සිතට නැගෙන්නේ දුක, ශෝකය, අවිනිශ්චිතතාවය හා බිය මුසු සිතුවිල්ලකි..අපරාදෙ ඒක ඉවර උනේ..යන සිතුවිල්ලත් සමඟම එන තව අළුත් දෙයක් එයිනෙ කියන අස්වැසිල්ලක් ගෙන දෙන සිතුවිලි පුංජයට ඉඩ දෙමින් මුලින් ආ සිතුවිලි දහර නිවා දැමෙයි..මෙය නැවතත් නැවත නැවතත් දිගින් දිගටම සිඩුවන්නකි..
වසරේම මේ සඳහාම ඉතුරු කරගත් මුදල් ප්‍රමාණයකින් මාද පොත් කිහිපයක් මිලදී ගත්තේ..අපෝ රටට ලෝකෙට පෙන්නන්න පොත් ගත්තට කියවනවායෑ..කියා ලෝකයා කියද්දීත්..ඔය නිර්මාණය අතාත්වික, යථාර්ථවාදී නොවන වෙළඳ භාන්ඩයක් පමණකියි විචාරකයන් කියද්දීත්ය...
අපේ සීයා මෙවන් විටෙක සිටියේ නම් කියන්නෙ..
"කොහොමත් උඹේ මරි මෝඩ කම් ගෙවෙන්නෙ නම් නෑ..කොරලා විඳලාම බලහන්"
කියාය.
ඒ නිසාම ලෝකයා කී දෑ නෑසු මා හට හොඳ වූවත් නොවූවත් ගත් පොත් ටික කියවීමේ කාලය එළඹ ඇත..
පොත් වල වටිනාකම වැඩි වන්නේ වැඩි පිරිසක් කියවූ විටෙක බව මා දන්නා නිසා..
මා ලඟ ඇති පොත් පිළිබඳව මා මෙසේ පවසන්නම්..
සන්තියාගෝ නම් සැරිසරන්නා - පවුලෝ කොයියෝ
මෙන්න මං - සමන් වික්‍රමාරච්චි
කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග
මම තවම යමි - කරුණාදාස සූරිය ආරච්චි
මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව - ප්‍රථම භාගය - පළමු වැනි කොටස
තැප්පා සේම ගිනි - සමරවීර විජයසිංහ
කාල සර්ප - කීර්ති වැලිසරගේ
අදිසි - ජගත් ජේ එදිරිසිංහ
ක්ලෝනියකගේ කතා වස්තුව - දයා දිසානායක
නෑසෙන මානය - කරුණාදාස සූරිය ආරච්චි
එළියකන්ද වධ කඳවුර - රෝහිත මුණසිංහ
අරණකට පෙම් බැඳ - විභූතිභූෂණ බන්ද්යපාධ්යය - පරිවර්තනය චින්තා ලක්ෂමී සිංහ ආරච්චි
Somewhere on the Green Hills - Aditha Dissanayaka
මායාරංජන් සොයා යෑම ඔහුගේ නිර්මාණ අත්දැකීම් හා අප්‍රකට තොරතුරු - ගුණසේකර ගුණසෝම
ප්‍රාදේශීය ව්‍යවහාර - පියසේන කහඳගමගේ
ශ්‍රී ලංකාවේ දමිළ සංස්කෘතිය - මුදියන්සේ දිසානායක
පිරිමි ගොඩයි මං විතරයි - උපුල් ශාන්ත සන්නස්ගල
මේ පොත් පෝලිම දැම්මෙ නම් මම මේවයි කියවන්නෙ කියලා පෙන්නන්න ටත් වඩා අහල පහල ඉන්න කෙනෙකුට ඕනිම නම් හුවමාරු කර ගන්න පුළුවන් කියන එක කියන්නයි..මම කියවලා ඉවර උනහම ඉතින් ඊට පස්සෙ මේ පොතම තව දහ දෙනෙක් වත් කියවනවානම් මම දීපු සල්ලියෙ වටිනාකම තව තවත් වැඩිවෙනවනෙ..
මෙහි ඇති සමහර පොත් මේ වසරේ නොව මීට වසට කීපයකට ඉහතදී ප්‍රකාශිත වී මහත් වීවේචනයන්ට සහ විවාදයන්ට ලක් වූ පොත්..එම විවේචන හා සංවාද මාගේ සිතේ රැඳී පැවතෙන තුරු මා මෙම පොත් මිලදී ගෙන හෝ කියවීම රුචි නොකලේ ඒවාට වහල් වී කියවීම යනු එය පොත මගේම රසවින්දනයට බාධාවක් වන අයුරක් මට වැටහී ගිය බැවිනි..විවේචන හා සංවාද වලට මගේ අකමැත්තක් නොතිබුනත්..එය මගේ වින්දයට බාධාවක් වන්නේ නම් එය මා කියවන්නෙ නැත.. පොත සම්පූර්ණයෙන්ම කියවා විඳ අවසන්ව..විවේචන කියවීමට ඉටා ගත්තේ එය මට සුදුසු බව තේරුම් ගිය බැවිනි..
දැන් හෙට සිට.. අත්පත් කර ගත් පොත් කියවීම ආරම්භ කල යුතුය..
අවසානයේ..තවමත් තැන තැන රැව් දෙන ඔව්වො බුක් ෆෙයා ගියේ පොත් ගන්ඩ නෙවෙයි..පුක් බලන්න යැයි පැවසූ අයට සාක්ෂි සහිතව අප පොත් මිලදී ගත් පහත ඡායාරූප කීපය අකමැත්තෙන් වූවද මෙහි පල කිරීමට සිදුව ඇත..එවිටවත් ඔවුන් කට හා පුක වසා ගෙන අප කියන දෙය පිලිගෙන නිහඬ වනු නොඅනුමානය..
ඡායාරූප කිහිපය ඉවත් කරන ලදී..


