ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Monday, April 21, 2014

සයිබර් අවකාශයේ අවුරුදු උත්සවේ ගිය වලි..

ඉතින් සයිබර් අවකාෂයෙන් මිහිමතට බැස්ස මනූස්සකොම කියලා ඔය පහුගිය 20 ඉරිදා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයෙ තිබ්බ අවුරුදු උත්සවේ ෆොටෝ වැහි වහින්නා සේ එළි දක්වන වනේ මේ හෝරා කීපයක් තිස්සෙ...

ඒ ෆොටෝ වලින් පේන්නෙ නම් ඉතින් අම්මට සිරි..පට්ට විදියට සතුටින් සෙනෙහසින් මනුස්සකම් වලින් පිරිලා ඉතිරීලා ගිය හෝරා කීපයක ෆොටෝ තම‍යි...

ඒ කියන්නෙ මේකෙ අර ඇනෝ ලා කීපදෙනෙක් නැත්නම් එක්කෙනෙක් හැමතැනම කිය කියා ගිය විදියට වලි තිබුනෙම නැද්ද ?
මොන ?! අර තේමා පාඨයට ගැලපෙන්නම මෙන්න තිබ්බ වලි වල ෆොටෝ..

කෙනෙක් කියයි මේ දෙන්නෙක් විතරනෙ ගහ ගෙන තියෙන්නෙ කියලා ඇයි අනිත් අයගේ කැමරා වල ඇති මුන් තුමාලා දෙන්නා මේවා ෆොටෝ ගන්නවා දැකලා මාව මරන් කන්ඩ එලවන් යන ෆොටෝ..

අනිත් හැමෝගෙම ප්‍රවේශයෙන් පොඩ්ඩක් වෙනස් වෙලා මම මෙතනින් පටන් ගන්නම්කො ෆොටෝ දාන්ඩ..

අනිත් ෆොටෝ ටික දමන්නම් හෙටානිද්දා දිහාවට..





අන්තිමේ රනා ඇවිත් රණ්ඩුව බේරා ගන්නකොටත් ගුටි කාපු රතු මල්ලි එතකොටත් අඬනවා...







මෙතන කවුරුවත් වැරදියට අර්ථනිරූපනය කරන්ඩ එපා කශූ හිනාවෙනවා කියලා එහෙම...








සේරම ෆොටෝ ටික ඔතනින් බලා ගන්නත් පුළුවන්...