ලබන ඉරිදා ඒ කියන්නෙ 20 වෙනිදා මෙතන මේ විදියටම තියෙයිද ?
ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Friday, April 18, 2014
Sunday, April 13, 2014
Testing blogging with Android
This is a testing post to see weather new year events can uodate as it happens.
මෙය සයිබර් අවුරුදු උත්සවය 2014 එම අවස්ථාවේම යාවත්කාලීන කල හැකිද යන්න සොයා බැලීමට කරන පරීක්ෂනයකි. බුකිය හරහා ඡායාරූප ගා වීඩියෝ එවෙලේම යාවත්කාලීන කල හැකි වූවත් කිසිවෙකුත් මෙලෙස බ්ලොගය හරහා එවෙලේම කරනු දැක නැත. එම නිසා මෙය කල හැකිද යන්න කාලයක සිට මා සිත රැඳි අදහසකි.
ස්තූතියි.
රැඳී සිටින්න.
ලියන්නා
එක ළඟ තියෙන දෙකක් Two events nearby..
මාතෘකාව කියවලා වෙන වෙන ඒවා හිතා ගෙන ආපු අයට කියන්න තියෙන්නෙ නම් අනේ අම්මපල්ලා බොලාලගෙ වල් හිතනෙ කියන එකම තමයි.
එක තමයි
"අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස"
තේමාව යටතේ පැවැත්වීමට නියමිත අපේ සයිබර් අවකාශයේ අවුරුදු උත්සවය. සියළුම විස්තර මේ වෙනකොට දන්නවා සහ එන්න හිතා ගෙන ඉන්න අය දැනටමත් රෙජිස්ටර් වෙල ඇතිය කියලා හිතුවත් ...
ඔන්න ඔය ලින්ක් එකෙන් ගිහින් තව විස්තර බලා කියාගෙන එදාට අපිත් එක්ක සතුටින් ඉන්න හෝරා කීපයක් ගෙවන්න එන්න කියල මමත් ආරාධනා කරන්නම් !
http://cyberfestival.blogspot.com
දෙක තමයි..
අපි අතරින් නැසී ගිය සනත් හෙවත් ඔබ අයියා අනුස්මරණය කරලා අන්තිම පේළියෙ ගෲප් එකේ අපි එකතුවෙලා කරන ලේ දන්දීමේ ව්යාපාරය..
ඒසත්කාර්යයටත් හැකි හම අයුරින්ම ඔබ සහ ඔබ දන්නා කියන අයවත් සහභාගි කරවන මෙන් ඉල්ලා සිටිනවා

සමරණ සියල්ලනටම සුබ ප්රීතිමත් අළුත් අවුරුද්දක් වේවා !
Monday, April 7, 2014
මුහුදේ ඒ යමු ගලක් බලන්න ! - Coral reef destroyers
මුහුදෙ යනවා කිව්වහම ගොඩක් අයට මතක් වෙන්නෙ...මුහුදේ යමු මසුන් මරන්න...කියලා තමයි..
ඒත් මේ මුහුදෙ යාම නම්.... නෑ මසුන් මරන්න නෙවෙයි...මුහුදෙ අසිරිය බලන්න යන ගමනක් ගැනයි මේ කියන්ඩ යන්නෙ...
බුකියෙ අය නම් මේ ගැන මම වින්ද දුක ගැන බොහොම සොව ! පල කරලා තිබ්බා...අනේ ඇයි ඔච්චර දුක් විඳින්නෙ වගේ එව්වා කියවලා..
ඒ උණාට මම නම් සැලුනෙ නෑ ඒ කතා වලට..
මට මේ පෝස්ට් කීපයකින්ම ඕනි උණේ මම දැකපු, අහපු, විඳපු ඒ මුහුදේ අසිරියෙන් බිඳක් ඔබ හැමෝමත් එක්ක බෙදා ගන්න..දහස් ගණනක් වෙච්ච ඒ ෆොටෝ සහ වීඩියො ටික පීරලා බලද්දි හද කකියවන ෆොටෝ කීපයක්ම නෙත ගැටුණා..ඒ ෆොටෝ ටික ගත්තෙත් මේ විදියෙ පෝස්ට් එකක් ලියනවා කියලම තමයි..
මේක වළක්වන්න පුළුවන් නමුත් බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිද්ධ වෙන දෙයක්... ! ?
මොකද්ද මම කියන්න හදන්නෙ..?
කොරල්, නැත්නම් ගල් මල් කියපුවහම එක පාරටම ඔළුවට එන්නෙ..ගල්, ශෛලමය දෙයක් වගේනෙ..මුහුදෙ තියෙන පණ නැති අජීවී දෙයක් විදියට තියෙන මතය තමයි සාමාන්ය අපේ ඔළුවට එන්නෙ..කොරල් කියන්නෙ මොනවද අරවද මෙව්වද කියන එක පොඩ්ඩක් කියෝ ගන්න ඕනි තරම් අන්තර්ජාලෙ ලිපි තියෙන නිසා මම කෙටියෙන් කියන්නම්..කොරල් කීයන්නෙ ජීවියෙක්....පණ නැති ජීවියෙක්..
වැඩි විස්තර වලට මේ ලිපියත් කියවන්නකෝ..
ඔය ජීවියා හරිම සංවේදීයි..විනාශ වෙන්න හරිම පොඩි දෙයක් උණත් ඇති..මුහුද වතුරෙ රස්නය වැඩි වෙන එක, ආම්ලිකතාවය වැඩි වෙන එක වගේ ගොඩක් දේවල් අතරෙ අපේ අයගෙම නොසැලකිල්ල නිසා සිද්ධ වෙන හානිය ගැනයි මම කියන්න යන්නෙ.
වතුර බොහොම නිසලව අඩුවටම තියෙන වෙලාවක මේ ජීවී කොරල් පර මෙන්න මේ වගේ වතුරෙන් මතු වෙනවා..
ඔය වගේ වෙලාවලට වඩාත්ම හානියක් වෙන්නෙ මේවා බලන්න එන දේශීය වගේම විදේශීය සංචාරකයන්ගෙන්ම තමයි....ඒක තමයි මම මේ පහළින් දාන ෆොටෝ වලින් පේන්නෙ..
පේනවනෙ කට්ටිය කොරල් උඩින් ඇවිදින හැටි...ඉඳගෙන ඉන්න හැටි..
මේ අය අතරේ අපේ රටේ අය වගේම විදේශිකයෝත් ඉන්නවා..
ඇයි මේක නවත්තන්න බැරි ? කවුද නවත්තන්න ඉන්නේ ? ඒ අය ඒ වැඩේ හරියට කරන්නෙ නැද්ද ?
ප්රධානම දේ නරඹන්න එන අය කොරල් ආශ්රිත පරිසරයක් ගැන දැන්වත් වෙලා ඉන්න ඕනි..
එතන දවසම රැඳිලා ඉන්න වන ජීවී නිලධාරීනගෙ කාර්යය තමයි ඒ පිළිබඳව දැනුම්වත් කරන්න වැඩ පිළිවෙළක් යොදන එක..
හිටි ගමන් නින්දෙන් ඇහැරිලා වගේ දවසට දෙතුන් සැරයක් විතර නළාව පිඹලා කොරල් උඩ ඇවිදින අයව නවත්තන වැඩ පිළිවෙලින් එහාට ගිය යමක් තියෙන්න ඕනි..සෑම භාෂාවෙන්ම ලියවෙච්ච බෝඩ් ටිකක් හයි කරන එක මහ ලොකු වැඩක් නෙව්යිනෙ..
ඒකවත් මේ වෙනතුරු කෙරිලා නැති එක නම් හරිම කනගාටුවට කාරණයක්..
මේ කොරල් පරිසරයට ආදරය කරන විදේශිකයින් මෙතනට එනවා..මේ පහළ තියෙන ෆොටෝ එකේ ඉන්න ජර්මන් ජාතිකයත් ඒ වගේ කෙනෙක්..ඔහු නම් තමන්ගෙ ජීවිතේට තියෙන රිස්ක් එක උණත් අමතක කරලා කොරල් උඩ ඇවිදින ඕනිම තරාතිරමක කෙනෙකුට ඒක කරන්න එපා කියලා උපදෙස් දෙන්න කොයිම වෙලාවකවත් මැලි වෙන්නෙ නෑ..මේ තියෙන්නෙ ඔහු රුසියානු යුවලකට උදෙස් දෙන අවස්ථාවක් තමයි..පස්සෙන් පහු ලිපියක ඔහු සහ මේ කොරල් පර ආශ්රිතව ඉන්න නිතර පැමිණෙන කැස්බෑවකු අතරෙ තියෙන අපූරු සම්බන්ධය ගැන විස්තරයක් සහ වීඩියෝ ටිකක් මම දාන්නම්..
මේ තියෙන්නෙ මේ ආශ්රිතව තියෙන වන ජීවී කාර්යාලය..මෙතන ගොඩනැගෙන අළුත් බිල්ඩිම ඒ අයට වෙන්න ඕනි..
මේ වගේ යටි තල පහසුකම් සැපයෙන අතරේ..කොරල් විනාශ කරන අන්දමේ හැසිරීම් තියෙන අයව පාලනය කරන්නත් නොකඩවා ක්රියාත්මක වෙන වැඩසටහන් මෙ අය ඉදිරිපත් කරනවානම් ගොඩක් හොඳයි කියන එක තමයි මගේ අදහස නම්..
කොරල්, කොරල් පර, සහ විසිතුරු මාළු ගැන ඡායාරූප සහිත පෝස්ට් එකකින් නැවත හමුවෙමු එහෙනම්..
Wednesday, April 2, 2014
පලා ගත්තෙ පොලෙන්ද ? Photo tour to a Sunday fair
අපි සාමාන්යයෙන් පොළේ යන්නෙ එළවළු මිලදී ගන්න..
මේ ළඟදි මමත් පොළේ ගියා ඒ එළවළු ගන්න නම් නෙවෙයි..
එහෙනම් ?
අපේ ගම හරහා දුවන බස් එකක් නැති කාලෙ අපිට ළඟම තිබ්බ පොළ උණේ කහවත්ත පොළ තමයි..ඉරිදට විතරක් තියෙන ඔයකට අම්මා අනිවාර්යෙන්ම යනවා. මම හරි චූටි අක්කා හරි එක්කර ගෙන..හැතැප්ම තුන හමාරක් පයින් ගිහින් බඩු මලුත් ඔළුව උඩ තියා ගෙන ආපහු එන එක කොයි තරම් අමාරු කාර්යයක් උණත් පුංචි අපිට නම් හරිම විනෝදජනක දෙයක් උණා.
තේ වතු රබර් වතු අතරින් වැටිලා තියෙන කඳු පල්ලම් බැහැගෙන හෙමිහිට හෙමිහිට ඇවිද ගෙන යන එක කවදාවත් වෙහෙසකර දෙයක් නම් උණේ නෑ.
අතරමඟ තිබ්බ මහ විශාල මංචාඩි ගහ යටින් රතුම රතු පාටින් බබළන ලිස්සලා යන තරමේ ඔප වැටිච්ච මංචාඩි ඇට කවරයක් අහුල ගෙන..
රබර් වත්ත පාමුලින් යන කොට රබර් ඇට සහ රබර් ඇට වල පොත්ත එකතු කරගෙන යන එන කොට හරිම විනෝද ජනකයි.ටීක් බෝල ගහනවා වගේ රබර් ඇට ගහන්නත්..රබර් ඇටේ පොතු දෙකක් අර ගෙන දෙපැත්තට හිටින විදියට එකට ලොක් කරලා පොඩි හුළං පෙත්තක් වගේ එකක් හදා ගන්නත් පුළුවන් උණා..ඊටත් වඩා රබර් ඇටේ මදේ කවකට්ටකින් හෙමිහිට අයින් කරලා ඒක ඇතුළට ඉරටුවක් සහ නූලක් දාලා රූං පෙති හදන්නත් පුළුවන්..
කහවත්ත පොළට ගිහින් එළවළු ජාති බඩු අරගෙන එනකොට ටවුමේ තිබ්බ හෝටලේකින් පාන් එක්ක උණු උණුවෙම පරිප්පු හොද්දක් ගිල දාන එක ඒ රස නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ..
දැන් ඉතින් පහු ගියදා මමත් ගියා පොළකට..කොහෙද කින්ද මන්ද වැඩක් නෑනෙ..ඕන් බලා ගන්ඩකො පොළේ ගිහින් මම අර ගත්ත දේවල්..
මේ ෆොටෝ ටික දකිද්දි නම්..හිතට පොඩියක විතර දුකකුත් මෝදු වෙන්නෙ..මොකද මන්දා ?

දහඩිය හෙලලා ඒක ජීවිකාව කර ගන්න අයගේ බය තමන්ගෙ බඩ රස්සාව කර ගත්ත කෙනෙකුත් හිටියෙ ඔය..
මේ ෆොටෝ ටික දකිද්දි නම්..හිතට පොඩියක විතර දුකකුත් මෝදු වෙන්නෙ..මොකද මන්දා ?
Subscribe to:
Posts (Atom)