ලෝකයේම තියෙන බ්ලොග් දිහා බැලුවහම සමහර ඒවා ඡායාරූප විතරයි..සමහර ඒවා වීඩියෝ විතරයි..අනිත්වා සම්මිශ්රණයක් !
අනිත් කාරනේ සයිබර් අවකාශය තුලින් කෙනෙක්ගෙ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්ද? ඒක කොයිතරම් නිවැරදිද කියලා හිතන්න අවස්ථාවක් ලැබුනා..පරිගනකය ඉදිරියේ වාඩි වී කීබෝඩ් වීරයෝ උනු පිරිස් සහ පුද්ගලයන් අප අපේ ජීවිතයේ ඕනි තරම් හමු වී තිබෙනවා..මිනිස්සුන්ගේ හරි ස්වභාවය තේරුම් ගැනීමට නම් ඔවුන් කාලයක් හමුවී ආශ්රය කලයුතුමයි..මන්ද එවිට ඔවුන් කවුද යන්න අපට හොඳ හැටි තේරුම් ගත හැකියි..සයිබර් අවකාශයේ විශ්වාසය නිසා අමාරුවේ වැටිච්ච අය නැතුවාමත්ම නෙවෙයිනෙ...
සදය හෝ නිර්දය විවේචන වෙනුවට අපහාස කිර්රීම් අවඥාවට ලක් කිරීම වැනි පරිචයක වූවත්..මෙන්න ඊයේ 18 හා අද 19 පොත් ප්රදර්ශනයේ රූ කීපයක්..
බලන්නකෝ පොත් මිලදී ගන්න ඇවිත් හිටිය මේ තාත්තයි පුතයි දුටුවහම නම්..මගේ මහන්සිය හිරු දුටු පිණි බිඳක් අතුරුදහන් වෙනවා වගේ නැති වෙලා ගියා...


