කාපු බීපු එව්වා මොනවා මොනවා හරි වෙලා වෙන්ඩ ඕනි..පහුගිය දොහක මට හැදුනා හොඳවයින් බඩේ අමාරුවක්.. බඩේ අමාරු විවිධාකාරෙන් තියෙන නිසා මට තිබ්බ රෝග ලක්ෂණ තමයි..බඩ පුරවලා දැමීම..ඒ කියන්නෙ කෑවත් නැතත් බඩ පිරිලා වගේ දැනෙන එක , බඩ රිදෙන එක සහ උදේට බඩ දැවිල්ලක් එක්ක වමනෙ යන එක..
මල පාන්දර මූණ කට හෝද ගන්න ගිහින් ළිඳ ළඟට වෙලා ඔවෑක් ඔවෑක් ගාලා වමනෙ පාරක් නොදැම්මොත් ඉතින් දවසම ඉවරයි..ඔහොම දවස් කීපයක් නිදහසේ වමනෙ දැම්මත් පස්සෙන් පහු වෙනකොට අල්ලපු වැටේ ඇන්ටි තමන්ගෙ කුස්සියෙ ඉඳන් මේක දිහා බලලා බොහොම විස්සෝපෙන් කම්මුලේ අත තියන් ඉන්නවා දුටුවම නම් මට වමනේ කරන්න තිබ්බ නිදහසත් නැතුව ගියා.
මොනා කරන්නද ඩොක්ස් ලා කීප දෙනෙක් ළඟින්ම බෙහෙත් ගත්තත් බෙහෙත් නොබොන්න කලින් තිබ්බ බඩේ අමාරුවට අමතරව බීපු බෙහෙත් නිසා ආපු අතුරු ආබාධ එක්ක බලන කොට උන්නු විදිය හොඳා කියලා නොහිතුනාමත් නෙවෙය්. අර ඩොක්ස් ලා රෙකමදාරු කරපු සේරම ටෙස්ටින් කරලා රිපෝට් අරගෙන බෙහෙත් අරන් උනත් බෙහෙත් ඉවර උනහම ආයි ලෙඩේ මතු වෙන නිසා අන්තිමට අන්තිමේ තීරණය කරා ඉස්පිරිතාලෙක ලැගලම බෙහෙත් ගන්ඩෝනි කියලා..ළඟ තියෙන ප්‍රසිද්ධ ඉස්පිරිතාලෙට ගියේ නම් ඇත්තටම බෙහෙත් අරන් ආපහු එනවයි කියලා හිතලයි. ඒත් එතන හිටි ඩොක්ටර්
"මෙහෙමයි මේක දැන් පේන විදියට ටික කාලයක් තිබ්බ නිසා අපි නැවතිලා තව ටෙස්ට් ටිකක් කරලා බලමු"
කිව්ව නිසයි හැබෑවටම ඉස්පිරිතාලෙ ලැගලා බෙහෙත් ගන්න උනේ ..
හැබැයි දන්න කියන ළඟම ඥාති සහ යාළුවො කීප දෙනෙක් ඇරෙන්න අනිත් අයට කියන්න නොගියේ මේක ආරංචි උනු ගමන්ම ඉතින් වැල නොකැඩී එන කට්ටිය නිකන් අත පය විසි කර කර එන්නෙ නෑ...ගේන කෑම ජාති බීම ජාති මේ තනි මන්ම කන්න එපාය..ගිය සැරේ ඔහොම ලෙඩ වෙලා හැදුනෙ පොඩි උණක්..අන්තිමේ ලෙඩා බලන්න ආපු අය ගෙනා ජාති කාලා කාලා තව පොඩ්ඩෙන් නවතින්නෙ ඩයබිටික් ක්ලිනික් එකේ තමයි..ඔය හේතුව නිසා මන් මේක පබ්ලිස් නොකර හිටියා..
දවසින් දවස එක එක ජාතියේ ටෙස්ට් කරා..
පහු ගිය කාලෙ අර ඩෙංගූ උණ හැදිලා බෙඩ් රෙස්ට් කරන කාලෙ ගත්ත රිපෝට් වල තියෙන අරවා මෙව්වා ගූගල් දෙයියන්ගෙන් අහලා හරි තේරුම් කර ගත්ත මමත් ඉතින් ලොකු කෙනා සේ අර මට එන රිපෝට් කියවා කියවා නොතේරුනත් තේරුනා සේ හිටියා. නර්ස් නෝනලා සහ ඩොක්ටර්ස් ලා නම් හරිම හොඳයි අපරාධෙ කියන්න බෑ. ළඟ හිටි ලෙඩ්ඩු දෙන්නත් ලෙඩේ අමතක වෙන්න මොනවා හරි බයිලා කියන දෙන්නෙක් වීම මගේ වාසනාවක්..
මේ හොස්පිටල් එක ළඟදි පරිගණක ගත කරලා තියෙන්නෙ..සේරම රිපෝට් පරිගණකය හරහා තමයි හුවමාරු වෙන්නෙ..ඒ වාට්ටුවට අදාල ලෙඩ්ඩුන්ගෙ නියමිත රිපෝට් විතරක් ප්‍රින්ට් කරලා ඩොක්ට විසිට් කරන වෙලාවට මල් වට්ටිය සේ පිලිගන්වනවා නර්ස් නෝනලා..
ඕන් මගේ මුත්‍රා පරීක්ශනයක් තිබ්බා පහුවෙන්දා ඩොක්ට මාව බලන්න ආවා..
"ගුඩ් මෝනිං ඩොක්ට මන් දැන් දවක් 3ක් ම හිටි නිසා අද යන්න පුළුවන් වෙයි නේද ඩොක්ට?"
හොස්පිටල් සික් ෆීලිං එක හැදී ගෙන එන මන් එහෙම ඇහුවෙ බලාපොරොත්තු ගොඩක් තියං..
"බලමු බලමු ලියන්නා. මිසී කෝ මේ ලියන්නගෙ යූරින් ටෙස්ට් එකේ රිපෝට් එක ? ඒක මේ ෆයිල් එකට අමුණලා නෑනෙ"
අද උදේ ඉඳලම වාට්ටුවෙ කොනක හිටි එක ලෙඩෙක් අමාරු උන ඒ මත්තෙම නැහුනු මිසීලා අපි දිහා බැලුවෙවත් නෑ..සේරම වැඩ අවුල් කර ගෙන..
මිසී දුවන් ගියා පරිගණකය ළඟට..
රිපෝට් එක එනකම් ඩොක්ට මගේ අසල්වාසී ලෙඩා ළඟ..මන් ඉතින් අර කවුද වගේ ශර්ට් එකත් ගලවගෙන බඩ පපුව එලිය දාගෙන ඉන්නවා රිපෝට් එක එන කම්.. ජරාස් බරාස් ගාපු ප්‍රින්ටරේ නැවතිච්ච සැනින් මෙන්න මිසී මගේ රිපෝට් එකත් අරන් ඩොක්ටර් ළඟ..
අසල්වාසී ලෙඩා බලලා එයාව ගෙදර යවන්න නියෝග දීපු ඩොක්ටර් මගේ රිපෝට් එක ගත්තා.
එක සැරයක් බැලුවා..
මිසීගෙ මූණ බැලුවා.
ඩොක්ට ගෙ මූණ සීරියස් උනා.
මගේ බඩ පපුව පත්තු වෙලා ගියා.
ඇයි හත් දෙයිට්යනේ කුරා කූඹියෙකුටවත් වරදක් වංචාවක් නොකරන මන්..මට මොනවා හරි වෙලාද දන්නෙ නෑ. මේ රිපෝට් එකට අනුව..
පපුඩ ඩොග් ඩොග් ගානවා..
ඩොක්ටස මගේ බඩ ටිකක් මිරිකලා එහෙම.. අර වෙද නලාව බඩට තියලා හොඳට අහන් ඉන්නවා.. ඩොක්ටට අමතක වෙලා වෙන්න ඇති..
සාමාන්යෙන් ඒක තියන්නෙ පපුවට වෙනදට නම්..
"මිසී ලියන්නව වෙන වාට්ටුවකට මාරු කරන්න වෙනවා..වෝඩ් නම්බර් 23"
"ඩොක්ට ඒක.."
"ප්‍රශ්ණ අහන්න එපා මිසී මේ රිපෝට් එකට අනුව.."
"ඒත් ඩොක්ට ඒ වෝඩ් එක.."
අනිවා ඩෙෆා ඒ වෝඩ් එක අමාරුම ලෙඩ්ඩු දාන එකක් වෙන්ඩැති..
දෙයියනේ මන් ඉවරයි කියලා හිතන් ඉන්න කොට..
"කවුද මිසීද මේ රිපෝට් එක ගත්තෙ ?"
"ඔව් ඩොක්ටර්"
"මේ රිපෝට් එකට අනුව ලියන්නා ගැබිණියක්..වෝඩ් නම්බර් 23 හැර වෙන කොයිකටද මන් ලියන්නවා යවන්නෙ?"
ඈහ්....මට කලන්තෙ දාන්න වගේ ආවා..මේ මොකද්ද මේ කතාවෙ තේරුම..
මිසීත් අන්දුන් කුන්දුන් වෙලා.
.
"මිසී කම්පියුටර් අළුත් උනාට මිසීලා පරණයිනෙ..මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න..මන් නිසා හොඳයි..ලොකු ඩොක්ට උනා නම් එහෙම මිසීට උත්තර බඳින්නත් වෙනවා මේකට"
"මේ බලන්න ලියන්න බයත් වෙලා..දාඩියත් දාලා..ලියන්නා බය වෙන්න එපා..ඔයාට බබෙක් හමබ වෙන්න නෑ..රිපෝට් එක හරියට බලලා ගේන්න මිසී.
වෙලා තියෙන්නෙ මිසී කලබලේට වෙන ගැබිණියක්ගෙ මුත්‍රා පරීක්ශනා වාර්තාවක් උස්සන් ඇවිත් තියෙන්නෙ..
කොහොම හරි එන එන එක්කෙනා ඇටන්ඩන් පවා මන් දිහා බැලුවෙ හිනා වෙවී.. අසල්වාසී ලෙඩ්ඩු දෙන්නගෙ හිනාව නවත්තා ගත්තෙ..
"ඔහොම හිනා වෙන්ඩ එපා බන් උඹලගෙ ඔය ලෙඩේ වැඩිවෙලා මැරෙයි "
කියලා බය කරාට පස්සෙ තමයි...
පහුවෙන්දාට පහුවෙන්දා මගේ ටිකට් කැපුවත් යන්ඩ ඉස්සරවෙලාත් මිසීලා ඩොක්ටර්ස්ලා කිව්වෙ,
"ආයි බඩේ අමාරුවක් හැදුනොත් ළඟ තියෙන මව්වරුන්ගෙ ක්ලිනික් එකකින් බලවා ගන්ඩ"
කියලයි..
ඕයි සිද්ධිය වෙලා දැන් මේ සති 2-3ක් ගියාට පස්සෙ තමා මට තේරුනෙ මට මිස් උනේ මොන තරම් ලොකු වාසනාවක්ද කියලයි..
අරක අරෙහෙමම උනා නම් මේ වෙනකොට මන්
පත්තර වල හෙඩිමේ , මුල් පිටුවෙ පොල් ගෙඩි අකුරු වලින් ෆොටෝ වලින් සැරසිලා..
ටීවී නාලිකා හැම එකකම වගේ සම්මුඛ සාකච්ඡා තියලා..
එෆ් එම් නාලිකා වල ප්‍රචාරය වෙලා..
අන්තර්ජාලෙ පවා කොයි තරම් නම් ප්‍රසිද්ධ වෙලාද ,
කියලා හිතෙන කොට නම් පපුව වාවන්නෙ නෑ අප්පා !
ආවට ස්තූතියි
මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!
Wednesday, January 30, 2013
Thursday, January 24, 2013
යාන්තමින් බේරා ගත්...
"ඉක්මනට වරෙන් බන් මන් උඹට දවස් කීයකට උඩදිද මේ ගමන ගැන කීවෙ..බලහන් උඹ දැන් මල පෙරේතයා වගෙ උදේට මූණ හෝදලාත් නැද්ද මන්දා ?"
"හරි හරි උඹ කිව්වා තමා දවස් කීපෙකට උඩදි . ඒත් උඹ තියන පොලු වල හැටියට මේක විශ්වාස කරන්න පුළුවන්ද?"
"හරි හරි බන් දැන් ලෑස්ති වෙලා වරෙන්කෝ..උඹව් සිරාවටම උදේට මූණ හෝදලා නේද ඉන්නෙ?"
"මගෙන් මුකුත් අහා ගන්න එපා..අපි උදෙන්ම නැගිටලා මූණ කට සෝදා ගෙන ඉන්නෙ..බලපන් මූනෙ සිරියාව උඹලගෙ වගේද ?"
"හරි හරි බන් ඔය වැලේ තියෙන්නෙ කමිසයක් දාගෙන නැගපන්කො මේකට"
හුටු හුටු ගාන නයින්ටි බයිසිකලේ ස්ටාට් එකේ තියාගෙනම පාලිතයා කෑ ගහනවා..
"යකෝ මේ රෑට ඇඳන් හිටි සරම පිටින්ම..හිටින් මන් කලිසමක් දමන් එන කම්..."
"බෑ බන් වෙලාව මදි වෙයි එතකොට..උඹ කලිසම් පටලවන් එන කොට අරෙහෙ කෝච්චිය ගිහින් තියෙයි..ඕන් ඔය සර්ට් එක දාගෙන වරෙන් බන්"
"මෙහෙම මේ සරම පිටින්.."
"ඔව් ඔව් උඹ ඉස්ටැයිල් එකට ඉඳලා වැඩක් නෑ එතන මන් නෙ ඉන්ඩ ඕනි..බැබලි බැබලි"
මාත් වැලේ තිබ්බ ශර්ට් එක යන්තම් ඇඟට දා ගෙන දුවලා ගිහින් බයික් එකේ පිටි පස්සෙ සීට් එකෙන් ඉඳ ගත්තා... අද කාලෙ වගේ නෙවෙයි ඒ කාලෙ බඩු අදින්න තිබ්බ ඔය පිටි පස්සෙ සීට් එකේ ඉඳගෙන යනවා කියන්නෙ මහා අමාරු දෙයක්..
ඒ සීට් එක ගැන අයිඩියා එකක් ගන්න මේ ෆොටෝ එක
බලන්නකෝ..නැත්නම් පස්සෙන් පහු ප්‍රශ්න දාහක් අහන්න වෙයි..
වෙලාවකට මේ මනුස්සයව මැව්වයි කියන මහ බඹා එක්ක මට එන කේන්තියක් අප්පේ...කියලා වැඩක් නෑ..එහෙම මහ බඹෙක් නැත්නම් ස්වභාව ධර්ම නීතියෙන් පරිනාමය වෙන කොට සමහර අංගෝපාංග හැදිච්ච විදිය ගැන මට නම් මහා අප්රසාදයක තමා තියෙන්නෙ..ඒත් මක්කා කොරන්නද ඉතින් ඔය හැදිලා තියෙන විදියටම අපිම එල්ලා ගෙන ඉන්න එපාය..
මන් බයික් එකේ ඉඳ ගන්නවත් එක්කම මට යාන්තමට ඇහුනා..
"යන දීපංකරේක පලයන් මේ හදපු කොළ කැඳ එක බීලා.."
ඒ අම්මගේ කටහඬ..
ඔහොම කිව්වට ආයි කීයට ආවත් ඔය කැඳ වීදුරුව ආයිමත් රත් කර කරලා මගේ අතට ලබෙන එක බුදු සුවර්..අපි මේ උදැනැහැක්කෙම කඩි මුඩියේ දුවන්න දඟලන්නෙ පාලිතයා තාම්ත් හිතෙන් විතරක් පෙම් කරන ගෑණු ළමයා වැඩට යන වෙලාවට බස් හෝල්ට් එකට ගිහින් බැලම දමා ගෙන ඉන්න මිසක්කා ආයි රටට ලෝකෙට වැඩක් කරන්න නම් නෙවෙයි..මුල දවස් වල නම් අපි ඉන්න දිහාවෙ බැලුවෙ නැතත්..දැන් නම් ටිකක් බලලා හිනා වෙන ගතියක් තිබ්බ නිසා..අපේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රථිපල නැහැයි කියන්ඩ බෑ..
මේ ළමයා යන බස් හෝල්ට් එක තිබ්බෙ අපේ ගෙවල් වල ඉඳලා කොහොමත් හැතම්මක් එක හමාරක් නිසාත් මාත් එක්ක කතා කර කර ඉන්ඩ වෙලාව ගිය නිසාත් දැන් මේකා පිඹලා යනවා..පාරවල් කිව්වට ඉතින් ඔය ගම් වල පාරවල් කියන්නෙ වල ගොඩැලි කඳු සියල්ලන්ගෙන්ම සපිරි නිසා මමත් උඩ විසි වෙවී එහෙට මෙහෙට වැනි වැනී යනවා පිටිපස්සෙ..
ටික දුරක් යන කොට පාරෙ තිබ්බ ලොකු වලක වැටිලා මාවත් උඩ ගිහින් ආයි අර සීට් එකට වැටෙන කොට මට කෑ ගැස්සුනා..ඇයි යකෝ අඩියක් දෙකක් උඩ ගිහින් ආයි බිමට වැටෙන කොට රිදෙන රිදිල්ල දන්නෙ ඔව්වයෙ පස්සෙ ගිය කෙනෙක්ම තමා.
ඒ එක්කම මට තේරුනා සිදු නොවිය යුතු යමක් සිද්ධ උනා කියලා.
"නවත්තපන් නවත්තපන් බයික් එක"
"ඇයි යකෝ කෑ ගහන්නෙ තව හැතැම්ම භාගයයිනෙ ඔහොම හිටහන් ඉඳගෙන"
"නෑ යකෝ නවත්තපන් පොඩ්ඩක් මගේ ** හිර උනා මේ මල මගුලේ.."
සුටුශ් ගාලා බයික් එක නවත්තපු පාලිතයා
"හෙමින් බැහැපන් හෙමින්"
මොන බැහිල්ලක්ද..එකක් විතරක් යන්ඩ පුළුවන් පොඩි හිලකින් එකක් පස්සෙ එකක් දෙකක්ම ගිහින් අනිත් පැත්තට සෙට් උනහම ආයි කවර කතාද ?
"බෑ බන් නැගිටින්න බෑ.."
"මල මගුලයි මොකද්ද කරන්නෙ දැන්?"
"බයික් එක අරන් යන් අර දොල ළඟ තියෙන අකුල අස්සට..මොනවාවත් කරන්න බෑ මේ මිනිස්සු යන මහ පාරෙ"
"නැත්නම් අපි ඔහොමම යන්ද අර ටවුම වින්කලේට"
"පිස්සුද යකෝ තොට එතන ටවුමෙන් භාගයක්ම ඉන්නවා ඔය වින්කලේ අස්සෙ"
පාලිතයාගෙ හිනාවට මට මල..
"හා යමන් යමන් නැත්නම් අපි බස් හෝල්ට් එකට ගිහින් ආපහු එන ගමන් යන්ද බන්..ඉතින් උඹ ඔහොම්මම ඉඳ ගෙන හිටින්..මන් එනකන්..
"පිස්සු කෙලින්ඩ එපා බන් යමන් අර අරඹට.."
ඔය කියන අරඹට යන්න තිබ්බෙ සියාතු මාමගේ වත්ත මැදින් තිබ්බ අඩි පාරකින්..නැත්නම් ටවුන් එකට ගිහින් හෙන වටයක් එන්න වෙනවා ඔය කෙටි පාර නැත්නම්.. ඒත් තමන්ගෙ වත්ත මැදින් පාරක් යනවට අකමැති සියාතු මාමා වැටක් ගහලා තමන් ප්‍රිය මනාප අයට විතරයි ඔය කෙටි පාර පාවිච්චි කරන්න දුන්නෙ..
"යනවනම් පලයල්ලා හැබැයි බයික් එක තල්ලු කර ගෙන. උඹලා ඔය දඬු මොනර වල අස්ප රේස් ගිහින් මගේ වගාව විනාශ කරනවා නෙවෙයි.."
ඔන්න සියාතු මාමගෙ නීති කොන්දේසි..පලිතයා සියාතු මාමව පැත්තකට අරන් ගිහින් කාරනෙ කිව්වහම තමයි මිනිහගේ හිත පොඩ්ඩක් බුරුල් උනේ..
හිනාව තද කරන් හිටියට සියාතු මාමා මන් දිහා බලපු බැල්මට මට ලැජ්ජා නොහිතුනාමත් නොවෙයි. මොනවා කරන්නද ?
එච්චර මිනිස් වාසයක් නැති අකුලක් අස්සට බයිසිකලේ අරන් ගිය පාලිතයා
"දැන් හෙමින් නැගිටපන්.."
"නැගිටින්න බෑ බන් හිර වෙලා..මේක ගලවලා යයි.."
"එහෙනම් කොහොමද කරන්නෙ?"
"හෙමිහිට එකක් අරන් මේ ගිය හිලෙන් ආපහු තල්ලු කරන්න ඕනි..ඊට පස්සෙ අනික"
"ඉතින් එහෙම කරල නැගිටපන්..තාම බස් එක යන්න වෙලාව තියෙනවා."
"යකෝ මට එච්චර නැමෙන්න බෑ මෙහෙම ඉඳ ගෙන..උඹ හෙමිහිට කරහන්"
"ඊඊයා මට නම් බැ.."
"යකෝ...මන් ආවෙ උඹේ වැඩේට..දැන්...."
කියන කොටම සියාතූ මාමා එනවා මේන් බෝතලෙයක් අරන්..
සියාතු මාමා හෙමිහිට අර බෝතලේ තිබ්බ පොල්තෙල් ටිකක් ගාලා බොහොම සීරු මාරුවෙන් වැඩේ කලා..
ඊට පස්සෙ මේ න් දෙන්නා එක්කම හිනා කනවා..මන් වේදනාවෙන් බිම ඉඳ ගෙන ඉන්නවා ඊට වඩා වෙච්ච නව නිංගිරාව..මොන ජගතාටවත් මේ සිද්ධිය අනිත් උන් දැන ගන්න එක නවත්තන්න බැයි කියල මතක් වෙනකොට නම්..මට එන කේන්තියක්..
"මන් එන්නෙ නෑ මීට පස්සෙ ඔය වන්ඩියෙ..උඹ පලයන් මන් පයින්ම එන්නම්"
සියතු මාමා තමන්ගෙ පලේ තිබ්බ කොට්ටයක් දාලා සීට් එකේ අනතුරුදායක කම අඩු කල නිසා මන් පයින් ගෙදර ගියේ නෑ..අන්තිමේ පාලිතයා බැන්ඳෙත් ඒ ළමයවම තමයි..බාල කෙලීගෙ වැඩිවිය පත් වෙච්ච මංගල්ලෙට පහු ගිය දිහක මන් ගිය ගමන් මේ කතාව මූ සභාව මැද්දෙම ඇදලා ගත්ත නිසා මගෙත් මතක වැලි තලාවෙන් වැහිලා ගිහින් තිබ්බ සිද්ධිය ආයි මතක් උනා..
ප.ලි.
මේක වෙන කෙනෙකුට උනාය..කියලා මන් ඔළුවෙන් හිටං කිව්වත් වැඩක් නොවන බව දන්න නිසාත්..මගේ වර්ශන් එක මෙහෙම ලිව්වා..මෙහෙම කතාවක් අහලා තියෙන වගක් කාට හරි මතක් වේ නම්..ඔව්..මම මේ කතාව මේ වගේ තව කතාවක කමෙන්ට් එකකට ලිවා මතකයි..

Tuesday, January 22, 2013
එන්ඩ වෙන්නෙ නැති ගෙට්ටුව...
http://cyberfestival.blogspot.com/
අද වගේ මතකයි, එදා ගාල්ලේ ගෙට්ටුව.. ඊට පස්සෙ සිහින අවුරුදු උළෙල..
මොනවා අමතක උනත් සදහටම මතක මානයෙන් අයින් වෙන්නෙම නැති අවස්ථාවන් දෙකක්..
මේ වෙනකම්ම උපරිම උත්සාහ කලේ 27 වෙනිදට එන්නම තමයි.. මොකද අපි ආයි ආයි එක්කහු වෙන්න දඟලන්නෙ අපි සතුටින්ම ගත කරපු හෝරා කීපයන් නැවතත් එළඹෙන නිසානෙ..
ඒත් කරපු උපරිම උත්සාහයත් මේ විදියට වතුර වීදුරුවකට දාපු ඩිස්ප්‍රීන් පෙත්තක් වගේ දිය වෙලා යද්දි,
අන්තිම තීරනේ දුකින් උනත් ගැනෙනවා.. අනේ මට 27 ගම්පහ ගෙට්ටුවට යන්න වෙන්නෙ නෑනෙ..කියලා හිතලා දුක් වෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද?
ඒත් ගෙට්ටුවට සෙට් වෙන අයගේ සියළු රසමුසු තැන් ෆොටෝ එක්කම කියවද්දි යන්ඩ බැරි වෙන අපිත් එතන හිටියා වගේ දැනේවි අනිවාර්යෙන්ම..
එහෙනම් පතන්නම් සතුටුම සතුටු ෆන් පිරිච්ච හෝරා කීපයකට ගම්පහදි..
හැබැයි කවුරු කීවත්, මොන රාජකාරිය යෙදිලා තිබ්බත් අප්‍රේල් සිහින අවුරුදු උළෙල නම් මග හැර ගන්නෙ නෑ...
Wednesday, January 16, 2013
එසේනම් දුක් වන්නෙ කුමකටද ?
සමුගනිමි...
සයිබර් අවකාශයෙන්
සදහටම නොවෙන මුත්..
යම් නිශ්චිත කාලයකට..
මා වෙනුවෙන්..
මගේ නිර්මාණයන් වෙනුවෙන්..
ඔබ තැබූ එකම එක් සටහනක් වූවත්
එයම ඊළඟ නිමැවුමට ශක්තියක් වූ බව
කෘතඥපූර්වකව හදවත පතුලේ තබා ගනිමින්..
ආයිමත් එන්නම් දවසක..
මීටත් වඩා සිතුවිලි ගොන්නක්
හදවත පතුලේ කැකෑරෙන
කෙටි කතාවක් ලෙසින්
සයිබර් අවකාශයට මුදා හරින්නට
ඇහැ නොගැටෙන විට කමෙන්ටුවක්
හෝ එයට පිළිතුරක්
සත්තයි ඔබට මා අමතක වන බව..
ඊටත් වඩා සත්තයි
මා නැවත පැමිණෙන විට
ආදරයෙන් වැළඳ ගන්නා බව..
එසේනම් දුක් වන්නේ කුමකටද ?
Wednesday, January 9, 2013
නොනිමි දිවියට සඳකඩ පහනක් ක්ෂේම භූමිය අම්බලමක්..
මෙම සිදුවීමට මොහොතකට පෙර මෙතනින්
මා කඩි මුඩියේ ඇඳ මෙට්ටයට අත තබා උඩු කය ඉස්සුවෙමි..මදකින් ඔළුවේ බර ගතිය අඩු වන්නටත් කාමරය තුල සිදු වන්නේ කුමක්ද යන්නත් පැහැදිලි වන්නට වීය..එක්වරම සිතූයේ මා නිදා සිටි කෑල්ලට කුඩු කාරයින් යමකට පැමිණ ඇති බවය. නමුත් ක්ෂණයකින් ඊයේ රාත්‍රියේ සිදු වූ සියල්ල මතකයට පැමිණීමත් සමඟම ඉහත කී අදහස ඉවත් වීය..
සිවිලිමේ තිබූ විදුලි පහන දැල්වෙයි..
කාමරයේ අසල වූ බුදු පිළිමය අසල සිට ගෙන බුදුන් වඳින්නේ දුවණියයි..මා තිගැස්සී ඇහැරුනේ විදුලි පහන දැල්වීමත් සමඟය..බුදුන් වැඳ අවසන්ව,
"තාත්තා නැගිට්ටද ? මන් මේ කාමරේ පාවිච්චි කලේ නැති නිසා බුදු පිළිමේ තිබ්බෙ මේකේ..අපි මේක එළියෙන් තියමු අද හවසට. එතකොට තාත්තට හිතේ හැටියට නිදන්න පුළුවන්නෙ"
ඈ සිනාසෙමින් කියවයි.
"මැරුනා වගේ නින්ද ගියා දුවේ..ඔය ඔයා යන්නද?
"ඔව් මන් තේ එකක් හදලා බෝතලේට දැම්මා..උදේටයි දවල්ටයි කෑම හරි ගස්සලා ඇති. හවස මන් කෑම අරන් එන්නම්..නැත්නම් අපි ඉයමු"
"හා දුවේ එහෙනම් ගිහින් එන්න"
"තාත්තට කම්මැලි නම් කියවන්න අර එහා හන්දියේ කඩෙන් පත්තරයක් ගේන්න..සල්ලි මේසෙ උඩ ඇති"
"දූට තුණුරුවන්ගෙ සරණයි..ගිහින් එන්න"
මාගේ ලෙයින් උපන් දියණියකට පවසනවාටත් වඩා ලෙංගතු සිතකින් මා පැවසූයෙමි..
මා තරම් තවත් වාසනාවන්තයකු මෙලොව තවත් ඇත්දැයි මට සිතා ගත නොහැකිය.
තේ එක බී පිරිසිදුවට, පිළිවෙලට තිබූ සම්පූර්ණ ගෙයම නැවත අතු ගා ස්වල්පයක් වූ බඩු භාණ්ඩ නැවතත් පිළිවෙලට අසුරා තැබූයෙමි.. තරමක් විශාල මිදුල පුරා වැවී තිබුනු තණකොල ගලවා තැනින් තැන වූ මල් පඳුරු රාශිය වෙත අසල කුණු වලක අඩියේ තුබූ පෝර පස් ලං කළෙමි. සිත ප්‍රීතියෙන් පිරුනු විට..ගත පුරා ඔඩු දුවමින් තිබූ හන්දි පත් රුදාවද අතුරුදහන් වී ඇත. අසල වූ ලිඳෙන් වතුර ගෙන නා පිරිසිදුවී දහවල කෑමද කා..අසල කඩ මණ්ඩිය වෙත ගොස් මා අත වූ මුදලින් පත්තරයක් සහ ශීතකරණයේ නොතිබූ එළවළු කීපයක්ද රැගෙන ගෙදර ආවෙමි.
වෙනදා බස් නැවතුමේ සිට ඈ එනතුරු මඟ බලා සිටි මා අද ඈගේම නිවසේ සිට මිදුලේ තබා ගත් පුටුව මතට වී මඟ බලා සිටියෙමි..අසල වූ පාරේ යන්නන් මා දෙස බලමින් සිනහ සෙමින් නිවෙස පසු කර ගෙන ගියෝය..වෙනදා පාළුවට ඇති නිවෙසෙහි ඇති වෙනස අද ඔවුනට අමුත්තක් සේ දැනෙනු නියතය.
පුවත් පතට නෙත් යොමා සිටියද තත්පර දහයෙන් දහය නෙත යොමු කලේ පාර දෙසටය..
ඈ නැත..මා නිවසේ විදුලි පහන් දමා උදෑසන පර වූ මල් සියල්ල ඉවත් කර බුදුන් වැන්දෙමි..සෑහෙන කාලයකට පසු මතක මතක හැටියට කී ගාථා නිසා මා හට මහත් සැනසුම දැනිනි..
හරියටම මෙන්න මේ වෙලාවේම,
"ආ තාත්තා සෑහෙන වැඩ කරලනෙ ගෙදර..මට එනකොටම වෙනස තේරුනා"
"ඔව් දුවේ නිකම් ඉන්නකොට ලෙඩ වැඩියි..මන් මහන්සි උනේ නෑ.. හෙමි හෙමිහිට පොඩියට වැඩ කලා"
"ආ අපි බොමු තේ එකක්..මේන් මන් ඔෆිස් එකෙන් ගෙනාවා කෑම ටිකක් තේ බොන්න"
"තාත්තා එළවළු බඩු ගෙනාවට කමක් නෑ..හැබැයි ගොඩක් වියදම් කරන්න නම් එපා..මට මේ හම්බ වෙන ටික මදැයි එදිනෙදා වියදමට.."
"හා දුව ඒත් මමත් නිකම්ම කකා ඉන්න එකත් හොඳ නෑනෙ.."
"තාත්තගෙ සල්ලි තියා ගන්ඩකෝ..ඕවා පස්සෙදි ඕනි තාත්තට අසනීපයක් කාරිය හැදුනොත්..ඒ වගේ හදිසියකට අපි ගමු"
ආ ගිය තොරතුරු කථා කරමින් අප දෙදෙනා රාත්‍රී කෑම පිළියෙල කර ගතිමු..
මේ ලෙස දෛනික ජීවිතය දිනෙන් දින ගෙවී යද්දී...මා හට සතියේ අකමැතිම දින කීපය වූයේ සති අන්තයයි..ඒ දුව සෑම සති අන්තයේම තම මාමා සහ නැන්දා සිටින නිවෙසට ගොස් සඳුදා ආපසු පැමිණි නිසාය..එම කාලය තුල මා රූපවාහිනිය නරඹමින්, සමහර විටෙක අසල වූ කඩමන්ඩිය වෙත ගොස් එහි සිටින්නන් හා මදක් කතා බස් කර පැමිණීමෙන්ද කාලය ගත කර දැමූයෙමි..
එක් මාතෘකාවක් හැර අන් සියළු දෑ ඈ මට කී අතර වල දමා තිබූ අතීතය මාද ඈ හට කියා දැමූවෙමි..අප කතා නොකලේ ඈගෙ විවාහය ගැන පමණි..ඈ රවටා පලා ගිය පෙම්වතා පිළිබඳ ඈ තුල කෙසේවත් ඉවත් කල නොහැකි තරමේ වෛරයක්, තරහක්, කේන්තියක් ඇති බව කී ඈ ඒ පිළිබඳ කතා නොකර සිටිමුයි කී යෝජනාව මාද ඉත සිතින් පිළි ගත්තේ..අප අප දෙදෙනාගේම අතීතය කාලයේ වැලි තලා මතින් වැසී යන්නටම ඉඩ දී වර්තමානයේ සහ අනාගතයේ ජීවත් වූ බැවිනි..
සති අන්ත දින වලට අමතරවද ඈ තම වැඩ පලේ රාත්‍රී වැඩමුරද යොදා ගත්තේ මා නිවසේ සිටි පහසුව ඉතාමත් අගයමිනි..
කාලය ඉතා යහපත් අයුරින් ගෙවී යමින් තිබුනි..
ඒ එක් සිකුරාදා දිනයකි..
මා ද නිවස පිරිසිදු කර කඩ මණ්ඩිය වෙතට යාමට සිතමින් සිටින මොහොතකි.
සාලයෙන් එක්වරම ජංගම දුරකතනයක් හැඬවෙන හඬකින් මාගේ දැහැන බිඳී ගියේය..ඒ හා සමඟම මා නෙත ගැටුනේ දුවනිය වෙනදා රැගෙන යන අත් බෑග් දෙකෙන් එකක් අද දින අමතක කර දමා ගොස් ඇති බවයි..දුරකතනය හැඬවෙන්නේ එම බෑගය තුලිනි..
මේ ලමයා අද මොන සිහියකින් ගියාද මන්දා යයි සිතමින් මා කල යුත්තේ කුමක්ද යන්න සිතා ගත නොහැකිව බෑගය දෙස බලා සිටියෙමි.
එක් වරක් නිහඬ වූ එය යලිත් නාද දුන්නේ..
ම්ම්ම් සමහර විට මොනවා හරි හදිස්සියක් වෙලා නැන්දා හරි මාමා හරි කතා කරනවද දන්නෙත් නෑ..හෙට ඒ ගොල්ලො බලන්න යන දවස..ම්ම්ම් තව පාරක් රින්ග් උනොත් කතා කරමියි සිතමින් මා මේසය අසල එහා මෙහා ගමන් කරමින් සිටියෙමි..
හරියටම විනාඩි පහකින් පමණ...
මා නොකල යුතුවම තිබූ කාර්යය වූ එම ජංගම දුරකතනය අතට ගෙන එහි වූ බොත්තමක් මිරිකා සවන් යුගලය වෙත ලං කලෙමි..
"පට්ට බැල්ලි තොට දැන් ෆෝන් එක උස්සන්නත් තුන් හතර සැරේ කෝල් කරන්න වෙලා නේද ?"
පිරිමිද නැත්නම් ගැහැණුද යන්න සිතා ගත නොහැකි තරමේ ගොරෝසු කටහඬකින් ආ රළු වදන් මා වික්ෂිප්ත කරන ලද්දේය..
යමක් වැරදී ඇත..
"මේ මගේ දුවගේ ෆෝන් එක..මහත්තයට වැරදිලාද කොහෙද..අද වැඩට යන කොට අමතක වෙලා ගිහින් තියෙන්නෙ"
"කවුද යකෝ මේ නාකියා..දැන් මේකි පිට බිස්නස් කරන්නත් පටන් අරන්ද එහෙනම්"
තෙවන පාර්ශ්වයකට කී අර රළු හඬ,
"හලෝ හලෝ ඔය කවුද කතා කරන්නෙ යසෝමගේ තාත්තද ?"
"ඔව් මහත්තයෝ මට හරියට කන් ඇහෙන්නෙ නෑ..ටිකක් හයියෙන් කතා කලා නම්"
"නාකි බීරෙක්..... තාත්තලු..ඩගී මොකද කරන්නෙ මේකි අද ෆෝන් එක ගෙදර දාලා ඇවිත්, මොකද කරන්නෙ? අර කස්ටට වෙන එකියක් යවමුද ?"
"බෑ මැඩම් බෑ... මේකිමයි ඉල්ලන්නෙ..මේකිව ගිය තැනකින් අරන් එමුද ? අහන්ඩ නාකියාගෙන් ගියේ කොහෙද කියලා?"
"මේ ලොකු උන්නැහේ... අද යසෝමා යනවා කියලා ගියේ කොහෙද ? කොහේ වැඩටද ගියා කිව්වෙ?"
"ඇයි මහත්තයෝ වෙනදා යන ගාමන්ට් එකටම තමයි යනවා කීවෙ"
මා අල්ලාගත් කොටි වලිගය දැන් අතහරින්නේ කෙලෙසද ? දුරකතනය ක්‍රියා විරහිත කිරීමද කල නොහැකිය..
මා නොවන තෙවැන්නකුට මැඩම් යැයි කියා ගන්නා අමතනු මට හොඳින් ඇසේ..
"ගාමන්ට් ගිහින්ලු..ගෙදරට කියලා තියෙන්නෙ එහෙමලු..අදම ගෙදරට චොර කරන්න එපා..බලමු තව සැරයක් චාන්ස් එකක් දීලා..මොකද කියන්නෙ මන් නාකියාට..කොහොම හරි ඩගී උඹ කස්ටව ශේප් කරපන්.
මේ ලොකු උන්නැහේ තාම ෆෝන් එකේ ඉන්නවද ?"
"ඔව් මහත්තයෝ"
"එහෙනම් යසෝමට කියන්න ආපු ගමන්ම ගාමන්ට් එකේ මැඩම් කතා කලා කියලා...හෙට උදේම වැඩට එන්ඩ කියන්ඩ.. මේ යසෝමගේ ඔය ගෙදර ඇඩ්රස් එක මොකද්ද ලොකු උන්නැහේ"
"මාත් ගමේ ඉඳලා මේ ළඟදි තමයි මෙතනට ආවෙ මහත්තයො..මේ ඇඩ්ඩැස් එක නම් දන්නෙ නෑ.. මහ ගෙදර ඇඩ්ඩැස් එක දෙන්නද ?"
"හා"
මා හිතට එන අංක කීපයක් සමඟ හිතට ආ ලිපිනයක් කියා දැමූයෙමි..
දුරකථනය ක්‍රියා විරහිත කලා මාගේ දනිස් පණ නැති වී ගෙන යන්නාක් සේ දැනුනු බැවින් අසල වූ පුටුව මත හිඳ වතුර වීදුරුවක්ම බී ගෙන ගියෙමි..
ටිකින් ටික සියල්ලම පැහැදිලි වෙමින් පවතී... එහෙනම්... මා ක්ශණයකින් සිතූවේ ලිපියක් ලියා තබා මා මේ මොහොතේම මෙම නිවසින් පිට වී යා යුතුයි කියාය..නමුත් එය හුදු සිතුවිල්ලක් පමණක් වීය..මා කෙසේ නම් මෙවන් ආදරණීය දුවණියක් හැර දමා යන්නද ? කුමන දේ ව්‍යාජ වූවත් ඈ මා හට දක්වන කරුණාව හා ආදරය ඉතාමත් අව්‍යාජ වීය..එය හඳුනා ගැනීමට මොහොතක් පමණක් ප්රමාණවත්ය..
මෙම නව දැනීම දැන ගත්තාට වඩා දැන නොගත්තා නම් කොයි තරම් අගනේද ?
ඒ හා සමඟම මා හට දැනී ගියේ ඈ හා මෙම මැඩම් සමඟ සිටි ඩගී යන කණ්ඩායම අතර යම් ඝට්ටනයක් ඇත..එසේනම් දූ ගොස් ඇත්තේ ඔවුන් වෙත නොවේ..වෙනත් තැනකට ගොස් ඇත..එම නිසා මැඩම් ළඟට එන කස්ටන්..සල්ලාල දිවියක් ගත කල මට මේ වචනය සක්සුදක් සේ පැහැදිලිය..නිසා යම් ප්‍රශ්ණයක් ඇති වී..දුව හඹා ඒ..ඈගේ ජීවිතයට යම් පමණක තර්ජනයක් ඇති වීමටද ඉඩ ඇත..යම් නරක දෙයක් වේ යැයි සිතේ..
මා සෙමින් නැවත ඈගේ අත් බෑගය විවෘත කර බැලූයෙමි..
සියල්ලම නිසැකය..බිල් තුණ්ඩු රාශියක් සමඟ එක කොටසක විවිධ වර්ගයේ උපත් පාලන කොපු රාශියක්ද, නොදන්නා ඖෂධ වර්ග කීපයක්ද යම් මත් පෙති විය හැකි පෙති වර්ග කීපයක් හා විවිධ වර්ගයේ සම්බාහන ක්‍රීම් වර්ග රාශියක් එහි වීය..
බෑගය තිබූ අයුරින්ම වසා තබා මා කිසිදිනක පා නොතැබූ ඈගේ කාමරය වෙතට ගියෙමි.. එය දොරගුල් නොදමා තිබුනි..
මෙය කල යුතුද නැද්ද යන දෙගිඩියාව මත වූවද..එහි වූ පොත් පත් අතරේ වූ දින පොතක් අතට ගෙන බැලූයෙමි..
බොහෝ සති අන්තයන් ඈ විවිධ ප්‍රදේශ වල හෝටල් වල නම් ලියා තිබුනි..එසේම ඉදිරි සති අන්ත පවා..එලෙස වෙන් කර තිබුනි..
සියල්ලම සක් සුදක් සේ පැහැදිලිය...
මා දින පොත නැවත තිබූ අයුරින්ම අනිත් පොත් අතරේ තබන්නට යන විටම තඩ් හඬින් යම් බර කවරයක් බිමට වැටුනි..
ඒ තුල වූයේ ඡායාරූප රාශියකි.. ඈගේ පියාගේ ඡායාරුපය සැබවින්ම මාගේ හැඩරුවට යම් සමානකමක් දැක්වීය..ඈ මේ පිළිබඳව කියූ දෑ සියල්ල සත්‍යයක්ම වීය..
ඈගේ මවද ඉතා රූපත් කාන්තාවක් වීය..
වල දැමූ අතීතය තවත් වැඩක් නැත..අප දෙදෙනාටම ඇත්තේ වර්තමානය සහ අනාගතයයි.. ඈ මගේ දුවණියයි..ලෙයින් ජාතක නොකලත් ලෙයින් ජාතක කල් වුන්ට වඩා ආදරයක්, සෙනෙහසක්, ලෙංගතුවක් ඈ මා හට පා තිබුනි..එයම ප්රමාණවත්ය..කිසිවක්..මේ කිසිවක් නොසිදු වූ ලෙසම කාලය ගත කල යුතුයි..යම් දිනක ඈ මේ පිළිබඳව කිව හොත් හැර..මා උදෑසන දුරකථන ඇමතුම ලද මොහොතේ සිට මේ දක්වා වූ සියල්ලම මතකයෙන් අතුගා දැමිය යුතුයි
ඈ හට යම් නපුරක් සිදු වීමට යන්නේ නම් මා හට ඈ සමඟම වෙනත් ප්‍රදේශයකට ගොස් නිවසක් කුලියට ගෙන යම් ජීවිකාවක් ඈ සොයා ගන්නා තෙක් වියදම් කිරීමට තරම් මා සතුව ඇති ධනය ඒ සඳහා යෙදවීමට මා ඉටා ගතිමි..
පෙර දිනයක..ඈ
"තාත්තේ කොන්ද රිදෙනවා මේ බාම් එක ගානවද ?"
මා ඈගේ කොන්දේ බාම් තවරා පිටේ වූ නියපොතු පහර වල් වැනි තුවාල පිළිබඳ විමසූ විට ඈ.. ඇඟලුම් හලේ යම් යන්ත්‍රයක් ආසන්නයේ වූ යමකින් සිදු වූවක් බැව් පැවසූ ආකාරය මට සිහියට නැග්ගේ..
කුමක්දෝ නොදන්නා සිත් තැවුලකින් මා හද වේදනාවට පත් වේ.. සළෙලුන් විසින් හප කරන ලද ගත සියල්ලම දරා තම දෙමපියන් වෙතින් නොලැබෙන ආදරයේ තෙතමනය මා වෙතින් බලාපොරොත්තු වනවා ඇත..මේ වෙන තෙක් එය ලැබුනි..අදින් පසු එය තවත් වැඩි වනු ඇත..දුවණියේ මා නුඹට අතීතයේ වූයේ කුමක්දැයි නොදනිමි..යම් වැරැද්දකින් නුඹ අද මෙතන ඇත..නමුත් නුඹ ගෞරවනීය චරිතයකි..ඒ නුඹගෙන් මා හට ලැබෙන සෙනෙහසින් ඔප්පු වේ..
අසල වූ කැලැන්ඩරයක සඳකඩ පහනක රුවක් බොඳ වූ මාගේ නෙත් දෑලේ ගැටේ..
සියල්ලන්ම තම දෙපයින් පාගා ගෙන ගියත් සඳකඩ පහණ සියල්ලන්ගේම සිත නෙත සනහන ගෞරවණීය වස්තුවක් වන්නේය..නමුත් සියල්ලෝම එය තම දෙපයින් ගෙන යයි..
නුඹත් දිවියට සඳකඩ පහණක් නොවන්නේ කෙසේදැයි මට සිතා ගත නොහැකිය..
"තාත්තේ...තාත්තේ.. කොහෙද තාත්තා ?"
ඈ සජීවීව මා ඉදිරියේ ප්රාදුර්භූත වූයේ කෙසේද ? මා හනික සරමින් දෙනෙත පිස දැමූයේ කඳුළු ඈගෙන් සැඟවීමටයි..
"ඇයි ඇයි මයේ දුවේ අද වැඩ නැද්ද ? මයෙ දුවට අද බෑග් එකත් අරන් යන්න බැරි වෙලා නේද ?"
"ඔව් තාත්තෙ කතා කර කර ඉන්න වෙලාවක් නෑ..මන් හෙට ඉඳන් රත්නපුරේ ගාමන්ට් එකකට මාරු කරලා තාත්තෙ"
"ආ දැන් මොකද කරන්නෙ මයෙ දුව මෙහෙ ඉඳන් ඔයි තරම් දුර යන්න හැකියෑ?"
ඈ සුපුරුදු සිනා සලයි..
"බෑ නේන්නම්..ඒ හින්දයි ඕන් අපි අදම මේ ගේ අතෑරලා රත්නපුරේ පදිංචියට යන්නෙ..තාත්තා දවල්ට කාලා තාත්තගේ බඩු ටික බෑග් වලට දා ගන්ඩකො..හවස් තුන වෙනකොට ලොරියක් එනවා සේරම බඩු ගෙනියන්න"
එසේ නම් සියල්ලම සිතූ ලෙසම හොඳින් විසඳේ...අතීතයේ කුණු කසල ගොඩ මෙහිම වල දමා නව තැනකට යා හැකිය
"එන්න තාත්තෙ මේන් කැම බෙදුවා කාලා වැඩ පටන් ගමු"
"හා එනවා දුවේ.."
මා සිත ඈ ගැන මහත් දුහිතෲ ප්‍රේමයක් ඇති වන්නට වීය..
නොනිමි දිවිය ගලා යයි..
එහි අවසනක්ද නැත..සමුගැන්මක්ද නැත..
එනමුදු සහනයක ක්ෂේම භූමියක් ???
ක්ෂේම භූමිය එක අම්බලමකින් පිට වී තවත් අම්බලමක් වෙත යාම පමණි..
මේ දැවී යන්නේ වර්තමානයයි..
නැවත හමු වේදැයි නොදනිමි..

Subscribe to:
Posts (Atom)