ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, December 14, 2012

බලන් ඉන්න ආසම දේ...

අපි වැඩියෙන්ම බලන් ඉන්න කැමති දේ මොකද්ද කියලා කවුරු හරි ප්‍රශ්ණයක් ඇහුවොත් ඒකට උත්තරය මොකක් වෙයි කියලද ඔබ හිතන්නෙ ?

කෙනෙක් කීවොත් සෙක්ස් කියලා ඒකත් පිලි ගන්න වෙනවා..ඕක තියෙන්නෙ බලන් ඉන්නයෑ කරන්නනෙ කියලා දහසක් තර්ක ගෙනාවත් කොච්චර කලත් බලන් ඉන්නත් ආසයි කියලා නොකියන කෙනෙක් ඉන්නවනම් එයාගෙ කුහක කම ගැන පොඩි අදහසක් ගන්නත් පුළුවන්...ඒකනෙ xx සහ xxx චිත්‍රපටි කියන්නෙ ලෝකය පුරාම බිහිවුනු අති මහත් ආදායම් ලබන ක්ශේත්‍රයක් වෙලා තියෙන්නෙ..ඉතින් මගේ උත්තරේ නම් ඒකම නෙවෙයි..


වර්තමානයේ උනත් කාලීනව මේ දවස් වල ගොඩක් මිනිස්සු විශෙශයෙන් රෑට රෑට අහස දිහා බලන් ඉන්නවා..විද්‍යාවද මිත්‍යාවද මන්දා..හඳුනා නොගත් ජීවීන් හරි එයාලගෙ යානා හරි එහෙමත් නැත්නම් මොකක් හරි අද්භූත එලියක් හරි තමන්ගෙ ඇහැ ගැටිලා..තමන් අතේ තියෙන කැමරාවෙන් හරි ෆෝන් කැමරාවෙන් හරි අල්ලා ගන්නයි මේ හැමෝම දත කන්නෙ..මාධ්‍ය වලින් අද ගොඩක් එහෙම අල්ල ගත් ඒවා ප්‍රචාරය වෙන අතරේ..ඡායාරූප පිළිබඳ විශේෂඥයෝ ඒවා කැමරා කාචය තුල නිර්මාණය වෙන්නෙ කොහොමද කියලා විශ්ලේෂනය කරනව..එතන එක ගිණිවිජ්ජුම්බරයයයි බලන් ඉන්න ආසයි..


ඉතින් අපි ඔහොම උඩ බලන් ඉන්න වෙලාවක පිටසක්වල යානයක් අපේ මිදුලටම කඩන් වැටුනොත් ඇතිවෙන තත්වෙ මොකක් වෙයිද ????


මන් හිතන්නෙ ලෝකෙන්ම වාසනාවන්ත අය ඉන්නෙ අපේ ගෙදර කියලා එහෙම උනොත්..හරි හරි ඒ යානය වැටුනට ඉතින් මිදුලෙ තියෙන මල් ගහකටවත් හානියක් වෙන්න නම් බෑ..එච්චරයි කොන්දේසියකට තියෙන්නෙ..


මගේ පුද්ගලික මතය නම් මිනිස්සු බහුතරයක් බලන් ඉන්නම ආසා දේ තමයි

කඩා වැටෙන එක !


 

මොන පිස්සු කතාවක්ද ඒ කියලා හිතපු අය පොඩියක් ආයි හිතලා බලන්නකො..


අපේ ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල් හැර...අනිත් දේවල් කඩා වැටෙන එක බලන් හිටියේ ආසාවෙන් නෙවෙයිද මෙච්චර කල්.. ???


අපි පුංචිම කාලෙ 1979 දි තමයි ඔහොම ලොකුවට කඩා වැටෙන එකක් ගැන ආරංචිය ඇවිත් අපිත් පණ බයේ හිටියෙ..කොයි වෙලාව්වෙ ඔළුව කඩන් වැටෙයිද කියලා.. ඒ තමයි ස්කයි ලැබ් අභ්‍යවකාශා යානය. ඕක නාසා එකේ පළමුවෙනි යානය..අරින කොටම වෙච්ච අවුලක් නිසා අවුරුදු හයකට පස්සෙ මේක ආපහු කඩා වැටුනා..


1979 රේඩියෝ වක් වත් හරියට නැති රටේ ලෝකෙ වෙන දේවල් මොනවද කියලා දැනගන්න සතියකට සැරයක් ඉරිදට ගමට එන රිවිරැස පත්තරේ වෙච්ච කාලයක් මේක..ඔය ස්කයි ලැබ් එක කඩන් වැටෙන්න පුළුවන් ලංකාවට කියන ආරංචිය එක්ක..අවුරුදු අටක් වෙච්ච මාවත් අරන් අපේ පවුලේ අය ළඟම තිබ්බ ඉස්කෝලෙ මහ පිට්ටනියට ගියා මතකයක් තියෙනවා..ගමේම මිනිස්සු එතකොට එතන..භූමිතෙල් පන්දම් වලින් එලිය වෙලා තිබ්බ පිට්ටනියෙ මිනිස්සු එලිවෙන කන් එක එක කතා කර කර ඉන්න අතරේ පොඩි අපිට නම් නින්ද ගිහින් තිබ්බා.. ස්කයි ලැබ් එක අන්තිමේ කඩන් වැටුඉලා තිබ්බෙ ඔව්ට්‍රෙලියාවෙ පර්ත් වලටයි අප්‍රිකාවටයි මයෙ හිතේ..


ඕක ගැන ආරංචිය ආපු දවසෙ ඉඳන් අපි බලන් හිටියෙම ඕක කඩන් වැටෙන කම්ම තමයි..


ගහක් කපන කොට ඕක කඩන් වැටෙන හැටි බලන්න හැතැම්ම ගනන් ගිහින්..කඩා වැටිච්ච ගහේ ගෙඩියක් කොලයක් මල්ක් අරන් ආපු අපිට...සුළි සුළඟක් එක්ක කඩන් වැටෙන ගස් කොලන් කොයිතරම් නම් අවදානමක් ගත්තත් බලන් ඉඳලා තියෙන්නෙ ඇස් රිදෙන කම්ම..
ගෙයක් දොරක් බිල්ඩිමක් කඩන කොට ඕක කඩන් වැටෙන හැටි බලන්න කොයිතරම් නම් මිනිස්සු පොර කනවද ? 


අර ඇමෙරිකාවෙ ට්වින් ටවර්ස් දෙකට බෝම්බ ගහපු වෙලාවෙ  ඕක කඩන් වැටෙන එක නොබලපු කෙනෙක් ඉන්නවද ?
මන් කියන්නෙ නෑ මේ සේරම ආසාවෙන් බලන් හිටියා කියලනම්..ඒ වෙලාවෙ අපේ හිත ඇතුලේ එකතු වෙන්නෙ එක එක සිතුවිලි උනත් බහුතරයක් කඩන් වැටෙනවා බලන් ඉන්න නම් බොහොම කැමතී..
එහෙම වෙන්නෙ කොහොමද කියල නම් මන් දන්නෙ නෑ..

අපි පොඩි කාලෙ සුරංගනාවියො ගැන අහලා විශ්වාස කරන් හිටි කාලෙ මගේ එකම පැතුම උනේ කවදා හරි ඔය සුරංගනාවියකගේ අත් තට්ටක් කැඩිලා අපේ වත්තටම කඩා වැටියන් කියලයි... ඒක කවදාවත් උනෙ නම් නෑ..ඒත් තාත්තගේ නෑකමට අපේ ගෙදරට කඩා වැටිච්ච ආච්චි කෙනෙක් නම් පොඩි කාලෙ මට හිටිය..

ඔහොන් ගිහින් පොඩ්ඩක් නැට්ටට කිරි උරන කාලෙ නම් අපේ ගමේ හිටි ලස්සනම ලස්සන ලතා අක්කා නාන්න යන වෙලාවලට අපි කොල්ලො සෙට් එකම අඩුම තරමේ පැයකට  ඉස්සෙල්ලා නාලා තිබ්බත් මූණ කට හෝදන්න හරි ළිඳට හරි ගඟට හරි යන එක පුරුද්දක් වෙලාම තිබ්බා.. අපි එක්කත් විහිළු කර කර ලතා අක්කා රෙදි පෙරෙදි හෝදා ගෙන නා කියා ගෙන යන්න ගියා..අපි නොඉවසිල්ලෙන් බලන් හිටියේ කවදාම හරි නාන වෙලාවකට ඇඟට කිටි කිටියෙ ඇලිලා තිබ්බ දිය රෙද්ද කඩන් වැටෙයිමයි කියලා...ම්ම්ම්ම්හ්හ්හ්හ් ඒකත් කවදාවත්ම උනේ නෑ..හැබැයි එක දවසක නම් එතන ළඟ අතු පතර විහිදිලා ගිය ගහකින් දසේ අයියගේ හඩු සරම නම් බිමට කඩා වැටුනෙ අපි ගම දෙවනත් වෙන්න හූ කියද්දිමයි....ලතා අක්කා උඩ නොබලාම එතන අඩි පාර දිගේ ගෙදර ගියාට පස්සෙ අපිට නොවදිනා වැඳුම් වැඳලා දසේ අයියා අර හඩු සරම ආයිමත් ගහට අර ගත්තා.. මිනිහා කීවෙම ගැට පොලොස් ගෙඩියක් කඩන්න ගිහින් දිමි ගොට්ටක් ඇවිස්සිලා උන් එලවන්න ගිහින් සරම බිමට වැටුනයි කියලයි...අනේ මන්දා අපිත් ඒක විශ්වාස කලා..







මේ දවස් වල නම් හැමෝම බලන් ඉන්නෙ අහසෙ තියෙන මොකක් හරි උණ්ඩුකපුච්චයක් බිම කඩන් වැටෙයි කියලයි..මාත් ඊයෙ රෑ නම් ඇප් එක පාවිච්චි කරලා අහසේ තියෙන තරු සහ ග්‍රහලෝක දිහා බලන් හිටියා..මොකක් හරි කඩන් වැටෙයි කියලා..ඒත් දැක්කෙ නම් නෑ..

මෙන්න උදේ පාන්දරම...


මොකද්ද ???


මොනා හරි කඩා වැටිලා තිබ්බද ????


නෑ .....


අල්ලපු ගෙදරක ඉන්න එළුවා හොල්ලා හොල්ලා පාරෙ යන අතරෙ බල්ලෙක් කෙල පෙර පෙරා පස්සෙන් යන්වා.. කඩා වැටෙයි කියලා ආසාවෙන්..





එහෙනම් මේක අපිට විතරක් පොදු වෙච්ච ආසාවක් නෙවෙයි..කඩන් වැටෙයි කියලා බලන් ඉන්න පුරුද්ද අනිත් සත්තුන්ටත් තියෙනවා හරි හරියට..


ඉතින් ඔහොම භෞතික දේවල් විතරද කඩන් වැටෙනවා බලන් ඉන්න ආසා ???

නෑ අපේ හතුරෙක් , අකමැති කෙනෙක්, නුරුස්සන කෙනෙක් උනත් කඩන් වැටෙනවා බලන් ඉන්න ආසා නැත්තෙ කවුද අප්පා ????


හැබැයි එහෙම බලන් ඉඳලා බලන් ඉඳලාම තමන්ම කඩන් වැටිච්ච අය තමයි වැඩියෙන්ම ඉන්නෙ..


ප.ලි. අහසෙ තරු බලන අයට සහ ඇන්ඩ්‍රොයිඩ් තියෙන අය ගූගල් ප්ලේ එකෙන් ගූගල් ස්කයි  Google Sky ඇප් එක අරන් බලන්න...තියෙන හොඳම ඇප් එකක් තමයි ඒක..මේකෙන් රෑ ඉතරක් නෙවෙයි දවාලෙත් තරු බලන්න පුළුවන් !

Wednesday, December 12, 2012

ඔන්න ඇරියා..මෙන්න ඇරියා...

විශේෂ දවසක් උනහම ඉතින් විශේෂ වැඩක් කරන්නත් එපාය..
මෙන්න කල වැඩ ටික..


1. ඇනෝ ඇරියා - පහුගිය කාලෙ මට නෙවෙයි මේක හරහා අනුන්ට ගහන්න හදපු නිසා ඇනෝ වහලා හිටියා..මේන් වැන්දා මට ගැහැව්වත් අනුන්ට කෙලින්න යන්න එපා මේකෙන්..ස්පෑම් කරනවා දුටු සැනින් ..අපරාදේ බොලාලගෙ බයිට් ටික..


2. 99%ක්ම  මාව දැනන් උන්නත් ඕන් මම අර 1% වෙනුවෙන්..අපේ (බහු)  බුද්ධි ඔව් ඔව් අර කෙසෙල් කොට්ටෝරු පුරස්නෙ හින්දා කොටුවම වහලා දමපු හාදයාතමයි මේ ඉස්තරම් ෆොටෝ එක

 හැදු ( කෑ )වෙ !

 කොහොමද කොල්ලා ඉන්න අපූරුව !

3. දිවා රෑ නැතුව මේ දවස් වල වැඩ හින්දා..පහුගිය පෝස්ට් එකේ අන්තිම කමෙන්ට් ටිකට උත්තර ලියන්නම බැරි උනා..ඒ ටික කෝම හරි ලියනවා..

4. ලෝක විනාශෙ වෙයිමයි කියලා හිතන් හිටීම..උනොත් ඉවරයි නැතොත් පට්ට පාටියක් ගන්න පුළුවන්  නෙ නොවිච්ච එකට..

ඔච්චරයි ඉතින් මේ දවස් වල වැඩ කටයුතු...

මුකුත් නොවුනොත් පාටියෙදි හරි පාටියෙන් පස්සෙ හරි හම්බ වෙමු එහෙනම්.. 

හැමෝටම ජය ඕන් !

Thursday, December 6, 2012

අළුත් කාලෙ අළුත් තාලෙ ෆැසන් !


ප.ලි. - කාලෙකට පස්සෙ මගේ නිර්දය විවේචකයා තම හඬ අවදි කලේ මාවත් පුදුම කරමින්..

"මේ ලිපිය පුරාම තියෙන්නෙ අළුත් පරම්පරාව කරන තම්න්ගෙ පරම්පරාවෙ ඉඳන් කරන්න බැරි වෙච්ච දේවල් ගැන ඉරිසියාවෙන් පුපුරන අදහස් වගයක් "

"එහෙම කොහොමද කියන්නෙ ?.. ඕනි කෙනෙකුට ඕනි කෝණයකින් බලන්න පුළුවන්"

"නව පරම්පරාවෙ මෝස්තර විවේචනය කරලා තියෙන යාංහෑල්ලක් මිස වෙන මුකුත් මේකෙ නෑනෙ"


"නව පරම්පරාවෙ මෝස්තර ඇහැ ගැටිලා ඒවා දැකලා මට හිතිච්ච දේවල් තමයි මේකෙ ලියලා තියෙන්නෙ ඔව්"

"ඇයි ඒවට ගරහන්නෙ මෙහෙම? තමුන්ට ලබා ගන්න බැරි කුහක කම නෙවෙයිද පෙන්නන්නෙ?"

"ඒ කාලෙ ඒ කාලෙට ගැලපෙන ඒවා මාත් කලා..මෙතන ගැරහීමක් නෑ..කොටින්ම කියනවා නම් ඕනි කෙනෙක් ඕනි රෙද්දක් ඇඳ ගත්තට මට කමක් නෑ..රෙදි නැතුව හිටියත් මට කමක් නෑ..නමුත් මේ තියෙන්නෙ මගේ නිරීක්ශන..මේවායෙම ඇලී ගැලී ඉන්නෙ නෑ...මන් දැකලා මට හිතිච්ච සහ ඒ ගැන මේ දැන් කල්පනා කරන කොට දැනෙන දේවල් තම්යි.."

"අර අන්තිමේ කියන්ඩ හදන්නෙ අද කාලෙ ගෑණු ලමයි අඳින ඇඳුම්  නිසා ඒ අය ගණිකාවො වගේ කියලනෙ ?!"


"නෑ මන් කියන්ඩ ගියේ ගණිකාවො අද සාමාන්‍ය මේ අය අඳින ඒවා පොඩ්ඩක් බලලා ආදර්ශයට ගත්තොත් තමන්ගෙ බිස්නස් එකට හොඳ ඩිමාන්ඩ් එකක් කර ගන්ඩ පුළුවන් වෙයි කියලයි"

"ඔව් ඉතින් තර්ක කරල නම් දිනන්න පුළුවනෑ වෙන කාටවත්!"

නැගිටලා යන්ඩ ගියා මේන් මේකා..

----------------------------------------------------------------------------------------------------------



අනිත් අය කරන ඇඳුම් පැළඳුම් මෝස්තර ගැන මගේ හිතේ තියෙන්නෙ මේ වගේ අදහසක් තමයි කෙටියෙන්ම කිව්වොත්...

අපි හැමෝම කැමතී ලස්සනට හැඩට වැඩට ඇඳලා ඉන්න..ඒ ඇඳුම් පැළඳුම් වලින් අපිව අනිත් අය අතරේ කැපිලා පේන්න ඉන්න..
මාත් එහෙමමයි..කාලෙන් කාලෙට එන මෝස්තර තරුණ කාලෙ කලේ නෑ කියන්ඩ බෑ.. කලා දැනුත් ඉතින් එහෙමයි..

ඒ උනාට මෙන්න ඇඳුම් පැළඳුම් ගති සිරිත් නිසා අපහසුවට  පත් වෙච්ච අවස්ථාවල් මන් ඇහැ ගැටිච්ච සිදුවීම් කීපයක්ම.. 

ඔබත් නවීන පන්නයේ මෝස්තර කරනවා නම්..බොහෝම විවෘත මනසකින් බලන්න මේ සිදුවීම් දිහා..සමහර විට ගන්න දෙයක් තියෙයි..

ඒ වගේමයි මේ වගේ සිද්දි බොහොම බහුලයි..අපි බස් එකේ යන කොට..පාරේ තොටේ යන කොට අවට පිළිබඳ පොඩ්ඩක් සාවධානෙන් ගියොත් ඔය ගොල්ලන්ටත් නිරීක්ශනය කරන්න පුළුවන්..
කිරුලපන බස් එකකට නගින්න හිටියා ලස්ස්න ගෑණු ලමෙක්..දෙසැරයක් හැරිලා නොබලපු පිරිමි පරාණයක් ඔය බස් හෝල්ට් එකේ හිටියෙ නෑ..එච්චරම ලස්සනයි වගේම ඇඳලා හිටියෙත් ටයිට් ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස්..කලර්ස් මැච් කරලා ඒකටම ගැලපෙන ජුවලරීස්..ටිකක් එහායින් වගේ හිටියා අම්මා හෝ ඇන්ටි විය හැකි කාන්තාවකුත්..බස් එක ආවා කට්ටිය නගින්න පොර කනවා..ඔය අතරට ආපු අර ගැණු දරුවා සහ පිටි පස්සෙන් හිටියෙ අර කාන්තාව..වැඩි පරිස්සමට වගේ..අනේ අර ටයිට් ඇඳුම නිසා බස් එකේ පඩියට නගින්න බෑ..එක කකුලක් ඇඟේ ඒ පැත්ත එක්කම උස්සලා තියන්න හැදුවා ම්ම්ම්හ්හ්හ්හ්හ්... අනිත් කකුලත් උස්සන්න බැලුවා...ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්..

පිටි පස්සෙ ඉන්න මිනිස්සු අර කාන්තාවව තල්ලු කරනවා මොකද හැමෝටම ඕනි බස් එක ඇතුලට යන්නනෙ..

අර කාන්තාව අර දැරිවිගේ තුනටිය හරියෙන් අල්ලලා පොඩි සප් එකක් දුන්නා..යන්තම් එක කකුලක් පඩිය උඩට ගත්තා.. බ්‍රාස්... අනේ අර ඇඳුම පලලා තද කරලා මහලා තිබ්බ තැනකින්ම පැලුනා..

මොනා කරන්නද ඇතුලට ගිය මේ දෙන්නා සහ සීන් එක දැක්ක අපි ටිකට හිනා නොගියා නම් ඉතින් හැඟීම් දැනීම් නොදැනෙන ලාදුරුවත් හැදිලා තියෙන්න ඕනි..ඉරිච්ච තැන් වලින් නොපෙනිය යුතු තැන් පවා පෙනුනා..සීට් එකේ ඉඳගෙන ඉන්න කම්ම..අර කාන්තාව තමන්ගෙ බෑග් එක අර දැරිවිගෙ ලස්සන කකුල් දෙක වැහුවත්..පාමංකඩ හරියෙන් බහින්න නැගිට්ටහම තමා සීන් එක.. අර දැරිවි තමන් ළඟ තිබ්බ බෑග් එකෙන් ඉස්සරහ වහ ගෙන යද්දි..අර කාන්තාව තමන්ගෙ බෑග් එකෙන් අර ලමයගෙ පිටි පස්ස ආවරණය කර ගෙන බස් එකෙන් බැස්සා.. බස් එකේම හිනා එකයි..මට පවු කියලා හිතුනත් අනිත් අය හිනා වෙන එක මට නවත්තන්න පුළුවනියෑ ?ත්‍රී වීල් එකකට මේ දෙන්නම නැග්ගත්.. අවට හිටි හැමෝම මේ දිහා බැලු එක නිසා මේ දෙන්නම මහත් අපහසුතාවයකට පත් උනා..




පොඩියක් මේ ඇඳුම අඳින්න් ඉස්සෙල්ලා තමන් යන්නෙ මොන වාහනේද කියලා හිතුව නම් හෝ...මේ ඇඳුම එක්ක රෙන්ට් කරලා වාහනේක ගියා නම් ඉවරයිනෙ කියලයි මන් නම් හිතුවෙ..

තමන් අඳින ඇඳුම තමන්ගේ අතිශය පෞද්ගලික රුචිකත්වය එක්ක යන එකක් නිසා වෙන කාටවත්ම ඒ ගැන විවේචනය කරන්න බෑ..කරන්නත් හොඳ නෑ..

ඒත්..

මම ම අත්දැකලා තියෙන එකක් තමයි..මේ කොළඹ ඉතින් කොහොමත් රස්නෙයි..දාඩියයිනෙ..දාඩිය ඉහින් කනින් වැක්කෙරෙන්නෙ..සමහර වෙලාවට..

දැන් කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලෙත් අත් නැති ටී ශර්ට් අඳිනවනෙ..ඒක බොහොම හැඩ ඇඟක් තියෙන අයට බොහොම ලස්සනයි..බලන්නත් ආසයි..අපේ අළුත් අයගේ විලාසිතා කියලා පොඩි මෙව්වා එකකුත් හිතට එනවා.. ඒත් බස් එකේදි සමහර විට  සමහරෙක් දෙනා අර බස් එකේ උඩ පොල්ල අල්ලන්න අත ඉස්සුවහම තමයි සංසාරෙ එපා වෙන්නෙ.. දාඩිය ගඳ ..සමහර විට ඔක්කාරෙට එන්න තරම්..දාඩිය සුවඳට යම් ආකර්ෂණීය හැඟීමක් තිබ්බත් මේ එන කුණු මාළු වගේ කුයිලෙනම් ඉවසන්න වෙනම නහයක් ඕනි..ඇයි මේ ගොල්ලො මේක ගැන හිතලා මහ ලොකු වියදමක් යන්නෙ නෑනෙ ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරන්නෙ නැත්තෙ කියලා හිතන කොට නම්...එන්නේ පොඩි පහේ කේන්තියක් !


මේ ළඟදි මහරගමින් ඔහොම හොඳ ජව සම්පන්න තරුණයෙක් නැග්ගා බස් එකට..අළුත්ම ස්ටයිල් එක අර කලිසම පුක පල්ලෙන් අඳින එක..බස් එකේ ඉස්සරහම හිටගෙන අත උස්සලා උඩ තියෙන පොල්ල අල්ල ගත්තහම උඩ යන කොට ටී ශර්ට් එකෙන් තුනටියත් පහලට එල්ලිලා තියෙන කලිසමෙන් පුක පේන කොට මහා අප්පිරියාවක් තමයි ඕනි කෙනෙකුට ආවෙ..මේක බස් එකේ ගොඩක් අය දැක්කා.. මේ ස්ටයිල් එක හරියට එනවා නම් බ්‍රෑන්ඩඩ් යට ඇඳුමක් තියෙන්නෙ ඕනි මගේ හිතේ..මෙහෙම ජොකාත් එක්කම පහලට වැටෙන්න අඳින්නෙ නෑ..මොකද උනේ.. බස් එක අද්දන්න ඔන්නෙ මෙන්න තියා බස් එක ඇතුලට ආපු නිල මැස්සො දෙන්නෙක් පොර කනවා මුගේ කලිසමෙන් යන්තම් වැහිලා තියෙන පුකේ දාරෙ අස්සෙන් රිංගන්න..පොඩ්ඩක් හිතා ගන්නකො මොන තරම් ජුගුස්පාජනක දර්ශනයක්ද මැවෙන්නෙ කියලා.. මන් වගේම අනිත් හැමෝමත් මූණ ඇඹුල් කර ගෙන අහක බලා ගත්තා.. අර මැස්සො ජය ගත්තද දන්නෙ නම් නෑ..




තමන් කරන ෆැසන් එක හොඳටම කරන්නෙ කොහොමද කියලා ස්ටඩි කරලා කරනවා නම් මෙහෙම වෙයිද ??? නෑනෙ..

මේ දවස් වල අළුත්ම ට්‍රෙන්ඩ් එක අර හිරට හිරේ අඳින ලෙගින්ස් නෙ..ඒකත් හරිම ලස්සනයි..අපරාදෙ කියන්න බෑ පිරිමි අපිට බලන්න ආස කරන තැන් හොඳට කැපිලා පේන්න තමයි ඒ ඇඳුම තියෙන්නෙ.. මන් නම් ඒ නිසාම ඒ ඇඳුමට හොඳට ලකුණු දෙනවා කොටින්ම.. අපිත් මහ මඟ හරි බස් එකේ හරි යන්නෙ සමහර වෙලාවට ඈනුම් ඇර ඇර බොහොම කම්මැලි කමෙන්..ඔය වෙලාවට පොඩ්ඩක් හිත කුල්මත් කරගෙන සතුටින් යන්න කවුද අප්පේ අකමැති ??? මන් කීප අවස්ථාවකම දැකලා තියෙනවා ලෙගින්ස් ඇඳලා කකුල් දෙකේ වතුර හලා ගෙන යන ලස්සන යුවතියො..අනේ අතේ පයේ තියෙන බෑග් වලින් වහන් තමයි යන්නෙ..දාඩියද නැත්නම් වෙන මුකුත් ප්‍රශ්ණයක්ද මන්දා ?




කියන්න තියෙන්නෙ වතුර හලා ගන්න එපා කියලයි..ඔච්චර පරිස්සම් වෙන්න දන්නෙ නැද්ද අප්පා ???

ලස්සන කකුල් තියෙන ගෑවු ලමයි කොට ඇඳුම් ඇන්ඳහම හරිම හැඩයි..අපරාදෙ කියන්න බෑ.. එතකොට පිරිමි උනත් හොඳට බලනවනෙ..බලන එක ගැන  උරන වෙන්ඩ එපා ඕන්..හැබැයි බස් එකේ යන කොට ඉස්සරහම තියෙන සීට් දෙක තුනේ ජනේලෙ පැත්තෙ නෙවෙයි අනිත් පැත්තෙ ඉඳ ගන්න කොට පොඩියක් පරිස්සමින් ඉඳ ගන්න.. අර බස් එකේ තියෙන කන්නාඩියෙන් තව තව එව්වත් පේනවා... කොල්ලො ඔව්වා දිහා බලනවා.. ඒ ගැන අකමැත්තක් නැත්නම් විතරක් ඒම ඉඳගෙන ගියාට ඕන් කමක් නෑ..



මේ පහු ගිය දවසක මහ රෑ කොළඹ ටවුම හරහා එන කොට හිතිච්ච දෙයක් තමයි අපේ රෑ සමනලියන් මේච්චර ලස්සන ඇඳුම් ගැන එච්චර දැනුවත් වෙලා නැත්ද මන්දා කියලා..මොකද බහුතරයක් ඒ ගොල්ලො ඇඳන් හිටියේ එච්චර ආකර්ශණයක් නැති ඇඳුම්ම තමයි..ඒ අයට ඇයි මේවා හඳුන්වලා නොදෙන්නෙ කියන එක මට ලොකු ප්‍රශ්ණයක්..




මොකද ඒ ගොල්ලන්ගෙ වෘත්තියට තමයි මෙහෙම ලිංගික ආකර්ශනයක් ලබල දෙන ඇවතුම් පැවතුම් ඇඳුම් පැළඳුම් වැඩියෙන්ම ඕනි කරන්නෙ !


අනිත් එක තමා මේ ඊයෙ පෙරේදා මන් ළඟ හිටි ගැණු ළමයා ෆෝන් එක කනේ ගහ ගත්ත ගමන්මයි..අනිත් පැත්තෙන් කියන හැම දේටම හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් කියනවා බස්සෙක් වගේ.. වැඩේ කියන්නෙ අර ෆෝන් එකේ ස්පීකර් එක පොඩි උනාට සහ ඒක ස්පීකර් මෝඩ් නොදා තිබ්බට..ළඟම හිටි මට ඇහෙනවා අනිත් පැත්තේ ඉන්න කොල්ලා කියන දේවල්..

ඒ කීව දේවල් ගොඩක් එව්වා ඒ ගොල්ලලො ලිංගිකව හැසිරෙන කොට මේ කොල්ලා කරන්න ඉන්න දේවල්ම තමයි..ඔය ගොල්ලො ප්‍රසිද්ධ ස්ථාන වල ෆෝන් එක පාවිච්චි කරන කොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න..ඔය ළඟ ඉන්න අයගෙ කන් හොඳට ඇහෙනවා..සහ ෆෝන් එකෙන් එන ශබ්දය හිතන් හිටියට තමන්ට විතරයි ඇහෙන්නෙ කියලා එහෙමම නෑ..




ඉතින් ඔය වගේ අද කාලෙ ෆැසන් ගැන කියන්ඩ කරුණු කාරනා නම් කොයි තරම් තිබ්බත්...ඇස්පැරගස් කාල මැරෙන්ඩ හිටි මට ගුටි කාල මැරෙන්න වෙයිද මන්දා කියලාත් නොහිතුනාම නෙවෙයි...


අවසානෙටත් කියන්නෙ මන් නම් හරි කැමතී මේ අළුත් අළුත් ෆැසන් වලට..

Tuesday, December 4, 2012

ජීවිතේට කාලා නැති එකක්...

ජීවිතේට කාලා නැති කෑමක්  හදන්  කන්ඩයි ලේස්ති වෙන්නෙ ඕන්..
හරි නම් ඕක හදලා  කාලා ඉවර වෙලානෙ පෝස්ට් එකක් දාන්න ඕනි..කියලා කියන අයට කියන්නෙ හදිසියෙ ඕක කාලා සෙත්තපෝච්චි උනොත් මේ පෝස්ට් එක තමයි මගේ බ්ලොග් එකේ අන්තිම පෝස්ට් එක.. ඒකත් හොඳා ලෝක විනාසෙට ඉස්සර කවුරූම හරි මා වෙනුවෙන් අඬයිනෙ..

යුරෝපෙ හරි ජනප්‍රිය කෑමක් තමයි මේ ඇස්පැරගස් කියන්නෙ..ඒක එලවළුවක් විදියට හරිම ප්‍රසිද්ධයි. අපේත් නුවරෑලිය පැත්තෙ වැවෙනවද දන්නෙ නෑ..


ඇස්පැරගස් කියන්නෙ අපේ හතාවාරියයි කියලා ඕක වාජිකරන ඖෂධයක්ය කියලා මාව තම්බන්න හැදුවා අපේ රාමා ගොයියා මූණු පොතේ..ඔහොම වාජිකරනයක් තියේනම් අදම රෑට කනවයි කියලා හිතපු මන් හොයන් යනකොට අහු උනේ ඒ හාතාවාරිය මේ නෙවෙයි කියලා..දැන් ඉතින් අර වැඩේට හාතාවාරියත් හොයපන්කො පස්සෙ... පස්සෙයි අහු උනේ..ඒ හාතාවරිය ඇස්ප ග්‍රාස් කියන නම තමයි ඒ අපේ හාතාවාරිය..ඒක නෙවෙයි මේ..


අපේ මාධව මලය නම් කියන්නෙ පුත්තලමේ වැවෙනවා කියලා...අනේ මන්දා මාධව මලයත් පුත්තලමේ හින්දා විශ්වාස කරලත් බෑ.. නොකරත් බෑ...


ඉතින් කෝම කෝම හරි පහුගිය දවසක සුපර් මාකට් ගිය වෙලාවක මාත් උස්සන් ආවා ඇස්පැරගස් ටින් එකක්..හැමදාම අහලා තිබ්බට මේ වෙනකන් කාලා තිබ්බෙ නෑ නෙ..


ඕන් ඔය තියෙන්නෙ මන් අරන් ආව එක..





ඔව් ඔව් ඕක ඔය තියෙන්නෙ ලැපා උඩ තමයි..ඊයෙ හවස ස්කයිප් එකෙන් ලෝකෙට පෙන්නන්න කියලා මෙතනට ගෙනාපු ගමන් තාම මෙතනමයි..මේක තියෙන්නෙ ඇස්පැරගස් සහ වතුර කියලයි ලියලා තියෙන්නෙ.. තව ටින් එකක් තියෙනවලු ඇස්පැරගස් වයින් එකක දාලා එන එකක්..

ඔය ඇස්පැරගස් ටික එලියට අරන් ඕකෙම තියෙන වතුර වලින් මද ගින්නේ තම්බන්න..හොඳටම සොෆ්ට් වෙනකන් තම්බන්න එපා..ඊට පස්සෙ බටර් ටිකක් අරන් රත් කරලා ඒකට ගම්මිරිස් ටිකක් දාලා හොට් බටර් රස්නෙ පිටින්ම අර ඇස්පැරගස් ටික උඩට වක්කරන්න..ඊටත් උඩින් සාදික්කා ගෙඩියක් ග්‍රේට් කරලා පොඩ්ඩක් දාන්න එහෙමයි අපි කන්නෙ ජර්මනියෙ කියලා මට කීවා අරයා නම්..සාදික්කා නම් නෑ..ඒත් කමක් නෑලු..


ඊට පස්සෙ මාත් ඉතින් තව රෙසිපි හොයන් ගියා.. අපේ රංගි නංගි නම් කීවෙ ඔයිට සමානව ක්‍රමයක් තමයි..


ඇස්පැරගස් ටික  පොඩ්ඩක් තම්බලා අරන් ලුණු ඔලිව් ඔයිල් සහ ගම්මිරිස් දාන්ඩයි කියලා කීවෙ.. හ්ම්ම්ම් ඔලිව් ඔයිල් ගන්ඩ ඕනි කඩෙන්..පොල්තෙල් තමා ගෙදර තියෙන්නෙ..


රංගි කීව අනික් ක්‍රමය තමයි..ඇස්පැරගස් ටික කෑලිවලට කපලා තෙල් වල රන්වන් පාට වෙනකම් බදින්න..ඊට පස්සෙ බිත්තර ලුණු සහ මිරිස් එකතු කරලා කන්න කියලයි කීවෙ.. 


මේ දෙවිදියටම කාලා බලන්න ඕනි..අන්තර්ජංජාලෙ පීරද්දි තව තව හදන ක්‍රම රාශියක්ම අහු උනත්..ඒවා ඔය පිටරටවල් වල රහට හරි යන්න හදපුවා වෙන්න ඇති..ඕම හදලා කා ගන්ඩ බැරි උනොත් අපොයි මගේ රුපියල් 345/= කියලා හූල්ලන්න වෙන හින්දා ඒ ක්‍රම අතෑරලා දැම්මා..
මෙන්න ජංජාලෙ තිබ්බ ඇස්පැරගස් පින්තූර ටිකක්..




මේකෙ තියෙන විස්තර වලට අනුව නම් මේක හරිම ගුණ කෑමක්ලු..අඩු කැලරි සහ ඇමයිනෝ අම්ල බහුලවම තියෙනවළු...තව තව ඒවාත් තියෙනවලු අප්පා..ඕනි අය ඕන් ලින්ක් එකෙන් කියවා ගන්ඩ..


http://en.wikipedia.org/wiki/Asparagus



මේකෙ ෆොටෝ එක බුකියෙ දාන කොටම අපේ ප්‍රසා මලාය මන් ඇද ගෙන නාන්ඩ හදනවයි කියලා අනතුරු හැඟෙව්වෙ මොකද කියලා තේරෙන්නේ සහ රාමා මලයා කීව වාජිකරන බලය තියෙන කොටසත් මේ ඇස්පැරගස් වල ඉතිහාස කොටසෙ තියෙනව. ගීසියෙ සහ ඉන්දියාවෙ මේ වාජිකරන බලය තියෙනවා කියලා මතයක් තිබ්බට..ඒක තාම විද්‍යානුකූලව සොයා ගෙන නැහැල්ලු ඕන්..හැබැයි ඇන්ටිඔක්සිඩන්ට් එකක් විදියට මේක හෘදයාබාධ වලට හොඳයි කියන්නෙ.. මන් කාලම බලලා අරහෙම බලයක් තියේනම් සහ මේක කාලා නොමැරී ඉතුරු උනොත් කියන්නම්කො...

හැබැයි කාලා හුජ්ජ කරන කොට නම් ඉන්න බැරි තරම් ගඳයිලු..අර සුදු ලූනු කාපුවහම වගේ..මුල්ම කාලෙ ශාක කුල වල සුදු ලූනු සහ මෙයා එකට ඉඳලා සුදු ලූනු මෙයාව දාලා වෙන කුලයකට ගිහින්ලු.. දැන් තව එකක් ගැනත් සැලකිල්ලෙන් ඉන්න වෙනවා එහෙනම්..


හැබැයි ගූගල් මාමා කියන්නෙ නම් මේ වෙනකම් ඇස්පැරගස් කාලා මේ ලෝකෙ එකෙක් මැරිලා නෑල්ලු..කවුද දන්නෙ ලෝකෙ මුල්ම ගෞරවය මට හම්බ වෙයිද කියලා හෙට උදේ වෙන කොට..

සමහර විට හෙට මේ පොස්ට් එකට උත්තර නොවැටුනොත්...
කවුරුවත් අඬන්න එපා ඉතින්... ඕම තමයි ජීවිතේ අස්ථීර භාවය..

Saturday, December 1, 2012

මතේ ආදීනව..

මේකෙ සාමන්‍ය සමාජයෙ භාවිතා කරන කුණුහරුප තියෙන නිසා ඔය මානසික  බබ්බු  වගේ හිතන අය.. නොකියෙව්වට කමක් නෑ ඕන්.. මෙතනින්ම හැරිලා යන්න ඒ අය.. 



ඔය පහු ගිය දවසක රෑ තිබ්බ පාටියකට අපි ගිහින් එළියට බහිද්දි මහ රෑ .. මායි තව යාළුවෙකුයි තමයි හිටියෙ.. අනිත් අය තම තමන් ආපු වාහන වල ගියා.. සමහරෙක් අපිට ලිෆ්ට් එකක් දෙන්න හැදුවත්..මේ මහ රෑ ළඟම තියෙන ටවුන් එකට ගිහින් අපි ත්‍රීවීල් එකක් ගමු කියලා අපි කතා වෙච්ච නිසා..බොහෝම ආදරයෙන් ලිෆ්ට් දෙන්න ගිය ඒවා ප්‍රතික්ශේප කරලා අපි දෙන්නත් දැන් එනවා පාරෙ..කොයි තරම් බීවත් අපි දෙන්නා කෙලින්.. ඒ හරියෙ පාර හරියට කෙලින් නෑ..zඉග් zඇග් වෙලා තිබ්බෙ..මහ ලොකු හුළඟක් නැතත්..පාර දිගේ එක පේලියට තිබ්බ ලයිට් කණු වල ලයිට් එහෙට වැනෙනවා...මෙහෙට වැනෙනවා..සැන්ඩි වලට සහ අඩු පාඩුවට බියර් බෝතල් දෙක තුනක් හිස් කරපු නිසා..විනාඩියෙන් විනාඩියට හුජ්ජ බරයි.. අඩි දහයයි හුජ්ජ පාරයි...ටවුමට යන්න කිලෝමීටරයක් විතර තියෙන නිසා අපි දෙන්නත් ඔහොම කර කර ගියා..

බ්‍රාස් ගාලා පිටි පස්සෙන් ආපු පොලිස් ජීප් එක නැවැත්තුවෙ නැද්ද අපිව හරස් කරලා..

"නැගපිය වේසිගෙ පුතාලා දෙන්නා ජිප් එකට.."

"අපිට නෙවෙයිනෙ කිව්වෙ අපි යන් බන්.."

මන් අනිකාගේ අතින් අල්ලගෙන ජීප් එක මඟ අරින්න හදන කොටම..
බොහෝම ආදරෙන් අපේ බෙල්ලෙන් අල්ල ගත්තෙ එතන හිටිය මහ තඩි පොලිස් මාමා කෙනෙක්..

"ඇයි ඇයි රාලහාමි ජීප් එකට නගින්න කීවෙ වේසිගෙ පුතාල දෙන්නෙකුටනෙ..අපේ අම්මාට හොඳටම සුවර් අපි අපේ තාත්තගෙ ළමයි කියලා..ඕනිම නම් අපි හෙට අපේ උප්පැන්නෙ ගෙනත් පෙන්නන්නම් හෙට උදේම"

"හා හරි එහෙනම් හොඳ මහත්තුරු දෙන්නා වගේ නගින්නකො ජීප් එකට..ඊට ඉස්සෙල්ලා ඔය ගලවලා කරේ ඔතන් තියෙන කලිසම් දෙක ඇඳ ගන්නකො.."

අපිට කීව පොලිස් මාමා

"ගිහින් කූඩුවට දාලා මේ වේසිගෙ පුතාලට !@@#$%%# ඕනි එලිවෙනකම්..."

කියලා අනිත් රාලහාමිලා මාමලා දෙන්නට කීවා..අපි ගනන් ගත්තෙ නෑ..ඒ කීවෙත් අපිට නෙවෙයිනෙ..

"අපි කලිසම් ගලවන් ඉන්නෙ ඇයි කියන හේතුව ඇහුවෙ නෑනේ රාළහාමි"

"ඇයි මහත්තයො හැබෑටම කලිසන් ගලවන් මෙහෙම ප්‍රසිද්ධියෙ පාරෙ යන්නෙ?"

"බිය ටිකක් වැඩිය බිව්වා රාලහාමි..දන්නවනෙ එතකොට ඉතින්..විනාඩියෙන් විනාඩිය සිප් එක ඇර ඇර ඉන්නවට වඩා මේක කොයිතරම්ම නම් ලේසිද ?"

"ඔව් ඔව් ඒ උනාට ඕක දැන් ඇඳ ගන්ඩකෝ.."

අපිත් සෑහෙන්ඩ බ්‍රේක් ඩාන්ස් ස්ටෙප්ස් ටිකක් රඟ දක්වලා  පොලිස් මාමලගෙත් උදව් අරන් කලිසම් දෙක ඇඳ ගත්තා.. 

ජීප් එකට ගොඩවෙන්න මොහොතකට ඉස්සෙල්ලා තමයි මට මොලේ පෑදුනේ

"හෝව් හෝව් හෝව් පොඩ්ඩක් !!!... අරි දැන් අපිව මේ අතඩංගුවට ගන්නෙ මොකටද ? එහෙම නීතියේ කියන්නැතුව අත් අඩංගුවට ගන්න රාලහාමිලාට බලයක් නෑ..මන් හත් සැරයක් පේල් උනත් ලෝ කොලිජි එන්ට්‍රන්ස් එකට අට සැරයක්ම පාඩම් කල කොල්ලෙක්..අයි නෝ ද ලෝ.."

"මොකද්ද ඔය හු!@@# පුතාලා දෙන්නා තව අහන්නෙ?"

"ඇයි අත් අඩංගුවට ගන්නෙ අහනවා සර්? ලෝ දන්නවලු..හේතුව නොකියා ඒම මේම කරන්ඩ බෑලු..මේ මල ඇණ දෙක මෙතන දාලා යන් සර්"

බොහෝම කරුණාවෙන් ආයිමත් ජීප් එකේ ඉස්සරහ ඉඳන් හිටි රාලහාමි මාමා ඇවිත් ,

"මේ මහත්තුරු දෙන්නා අත් අඩංගුවට ගන්නෙ බීලා ප්‍රසිද්ධියේ අප්‍රසන්න ලෙස හැසිරීම නිසා..දැන් තේරුනාද ?"

"හරි දන් අප්‍රසන්නව හැසිරුනා කියමුකො..කෝ ප්‍රසිද්ධියේ ??? මේ මහා රෑ පාරෙ බලු බල්ලෙක් නෑ..

"ඒ උනාට ඔය කෑ ගැහිල්ලට පාර අයිනෙ තියෙන ගෙවල් කීපෙකින්ම 119 වලට කෝල් කීපයක් ගිහින් තියෙනවා.. දැන් නගින්නකො මහත්තුරු දෙන්නා ජීප් එකට.. හෙට උසාවි දානකම් අපි රෑ නවාතැන් පහසුකම සපයන්නම්"

ජීප් එක අපිත් අරන් යනවා.. යනවා කිව්වට යනවමත් නෙවෙයි.. විනාඩි පහක් යනවා..හුටස් ගාලා නවතිනවා... මන් හුජ්ජ කරනවා.. තව විනාඩි පහක් යනවා නවතිනවා මයෙ යාලුවා හුජ්ජ කරනවා..

"මන් කීවා සර්ට මේක මල වාතයක් දාලා යන් කියලා...

පොඩි රාලහාමි මාමා කන් කෙඳිරි ගානවා.. ඇයි අපිට ජීප් එකේ දොර අරින්න වෙලා තියෙන්නෙ එයැයිට නෙ... අපි ඉතින් VIP ටයිප් එකේ..ඕම ඕම කර කර පොලිසියට ගියා.. ඕන් එදා පොලිස් කූඩුවෙ ලැගපු ..අපි දෙන්නා පහු වෙන්දා උසාවියේ..

ඒ වෙනකොට වෙරි මත ගිහි තිබ්බ නිසාම..විලි ලැජ්ජාවෙ බෑ..ඒත් මොනා කරන්නද ඉතින්.. ගහකො බැඳ ගත් බෙරේ...

නඩුකාර හාමුදුරුවො අපි දිහා බොහොම කරුණාවෙන් බලලා..

"පෙර කරපු වැරදිත් නැති නිසා..බොහොම තරුණ ජීවිත දෙකක් නිසාත්..මන්  බර පතල දඬුවමක් දෙන්නෙ නෑ..නමුත් යුෂ්මතුන් දෙන්නට වෙනවා සති දෙකක් සමාජ සේවා වැඩ වල යෙදෙන්න..මෙන්න මේ පන්සල් දෙකේ තියෙන වැඩ කරන්ඩෝනි"

"ඊට අමතරව තමන්ට පුළුවන් තරම් ප්‍රමාණයක් මත් ද්‍රව්‍ය වලින් මුදවා ගෙන ඒ ගැන විස්තරයක් මේ ගරු අධිකරනයට දෙන්න ඕනි...සති දෙකකින්"

අපි දෙන්නත් ඕන් පන්සලේ ගොඩනගන චෛත්‍යයට අත් උදව් දෙන ගමන් කල්පනා කරේ කොහොමද කට්ටියව මත් ද්‍රව්‍ය වලින් මුදවන්නෙ කියලා..මාත් මොලේ කල්පනා කරලා..වැඩ පිළිවෙල යෙදුවා..
සති දෙක ගියා...

ඊළඟ උසාවි දිනය..අපි දෙන්නම පූස් පැටව් වගෙ කූඩුවෙ..

"බොහෝම හොඳයි..සමාජ සේවා වාර්තාව හොඳට වැඩ කරල තියෙනවා..කෝ බලන්න ඔය සති දෙක ඇතුලත කී දෙනෙක් මත් ද්‍රව්‍ය වලින් මුදවා ගත්තද කියලා බලන්න"

මාත් සෑහෙන ලේස්ති වෙලා ගියේ ඔය ප්‍රශ්ණෙට උත්තරෙ දෙන්න..
මන් ඇදලා ගත්තා ඊට ඉස්සර දවසෙ මන් බ්‍රිස්ල් බෝඩ් එකක ඇඳලා තිබ්බ චිත්‍රෙ..




"ඔය මොකද්ද ?" 

නඩුකාර හාමුදුරුවො ඇහුවා..

"මන් පාවිච්චි කලේ මේ චිත්‍රය මත් වලින් බේරා ගත්තා 16 දෙනෙක්ව"

"ආ...... බොහොම හොඳයි බොහොම හොඳයි..යුෂ්මතා කියමුකො බලන්න ඔය චිත්‍රෙන් ඒ වැඩේ කලේ කොහොමද කියල ? "

"මන් මේ ලොකු රවුම පෙන්වලා කිව්වා මේ තියෙන්නෙ ඔය ගොල්ලො ඩ්‍රග්ස් ගන්න ඉස්සෙල්ලා මොලේ ප්‍රමාණය..මේ පුංචි රවුම පෙන්නලා කිව්වා මේ තියෙන්නෙ ඔය ගොල්ලො ඩ්‍රග්ස් ගත්තට පස්සෙ මොලේ සයිස් එක කියලා"

"Excellent excellent... very impressive !!"

හැමෝම මගේ වැඩේ ගැන පැසසුවා.

"ඔව් බලන්න අනිත් යුෂ්මතා කියන්ඩ තමන් කොහොමද ඒ වැඩේ කලේ කියලා?"

මගේ යාළුවගේ වාරය...

මිනිහත් මෙන්න තඩි කාර් බෝඩ් එකක් අරන් විනිශ්චයාසනයට පෙන්නුවා...

"මන් 267 දෙනෙක්ව ඩ්‍රග්ස් වලින් අයින් කෙරුවා "

ඌඌඌහ්......ඕඕඕඕඕහ්හ්හ්හ්......!!!

ශාලාව පුරාම කසු කුසුව..මාත් හොල්මන්..

"ඔය පුංචි බෝලෙයි ලොකු බෝලෙයි පින්තූරෙ පෙන්නලා අනිත් යුෂ්මතා වගේ මොලේ ගැන කිව්වද ?"

"නෑ ස්වාමීනී.. මන් මේ පුංචි  බෝලෙ තියෙන පින්තූරේ පෙන්නලා කිව්වා මේ තමා ඔය ගොල්ලො ඩ්‍රග්ස් අරන් හිරේට යන්න ඉස්සෙල්ලා ඔය ගොල්ලන්ගෙ පුකේ සයිස් එක....."

මට ඇහුනෙ එච්චරයි මයෙ හිතේ මට කලන්තෙ දාලා වැටෙන්න ඇති...

ප.ලි. -
මේ කතාව කියවලා කැමති කෙනෙක් මේ කතා දෙකත් 
http://www.liyanna-liyanna.blogspot.com/2012/03/blog-post_16.html

http://www.liyanna-liyanna.blogspot.com/2012/03/creator-vs-creation.html


කියවන්නකො..එතකොට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි මන් ලියන දේවල් ගැන..