ඔය උ.පෙල විභාගයෙන් අසමත් වෙන හැමෝම...ඔය සා පෙලෙන් අසමත් වෙන හැමෝම අතරේ කොයි තරම් නම් දක්ශයො ඉන්නවද කියලා අපි අපේ ජීවිත අත්දැකීම් වලින්ම දන්නවා..
මේ තාරුණ්යයෙන් යම් පිරිසක් මත් ද්රව්ය, මත් කුඩු, අපරාධ වගේ සමාජ විරෝධී ක්රියා වලට යොමු වෙලා තමන්ගෙ ජීවිතත් විනාශ කරගෙන සමාජයටම පිළිලයක් වෙනවා..අද සමාජයේ අපරාධ කරුවන්ට දීලා තියෙන සමාජමය වටිනාකම මත මේ අපරාධ කරුවන්ගෙ වර්ධනයක් පේනවා. මේකට උඩ ගෙඩි දෙන දේශපාලනය හා දේශපාලකයො..ඒ අයට වෙන්නෙ අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි කියන ස්වභාවධර්මයේ අති උත්තම නියමයට යට වෙන්න ! ඒ වෙන කම් කකුළුවො නටයි වතුර හැලියෙ !
මගේ අවධානය යොමු වෙන්නෙ අර විෂම තාරුණ්යයට නෙවෙයි...
සාමාන්ය පෙල නැත්නම් උපෙල කඩ ඉමේ නතර වෙලා ඒත් ජීවිතයේ මහා හර පද්ධතියක් හඹා යන රටේ ජීවයට ජීවන හුස්ම පිඹින ඒත් මුළු ස්වභාවධර්මයම විකුණන් කන මේ ආර්ථික මඩ ගොහොරුවේ එළියට එන්න අවස්ථාවක් නැතුව ඉන්න නමුත් අනාගතය ගැන බිඳක් හරි හිතලා සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන් තාරුණ්යය ගැන..
මට පහු ගිය දවසක ආන්න ඒ රත්තරන් තාරුණ්යය ජවය පිරිච්ච මාව ආයිමත් විස්මයෙන් අළලවන්නට හැකි තරුණයින් පිරිසකට තෝතැන්නක් වෙච්ච ප්රදර්ශණයකට සහභාගි වෙන්න ලැබුනා..
මේක තරුණ කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්යාංශයෙන් සංවිධාන කරපු නිපුනතා හා නිර්මාණ තරඟය 2012 එකේ මේ දින තුන පුරාවටම BMICH එකේ තිබුනා. ලැබිච්ච පොඩි ඉඩකඩෙන් මාත් එතනට ගිහින් ආපහු ආවේ තවත් දැනුම් සම්භාරයක් එක්කම අපේ වල් වැදිලා නොගිය තාරුණ්යය ගැන ලොකු අභිමානයක් එක්කයි..
ඒක මන් හැමෝම එක්ක බෙදා නොගත්තොත් මගේ හිතට හරි මදි..
මේ නිපුනතා නවෝත්පාදන තරඟයට ඉදිරිපත් කරලා තිබුන පොල් ආශ්රිත නිෂ්පාදන සහ කෑම ගැන තිබ්බ එක අංශයක්..බොහොම යුහුසුළුව සිනා මුසු මුහුණින් දුවලා පැනලා වැඩ කරන මේ දෙන්නා දැක්කහම හරි සතුටක් දැනුනා..
---------------------------------------------------------------------------------------------------------------
මේ රූපලාවන්ය හා කොණ්ඩ මෝස්තර ගැන තිබ්බ අංශය..ලස්සනට ඉන්න හැමෝම ආසා කරන එකම ඒ පිළිබඳ ආශාවක් තියෙන තරුණ තරුණියන්ට තමන්ගෙ වෘත්තිය කර ගන්න මේක හොඳට ජනප්රිය ක්ශේත්රයක් තමයි..
-------------------------------------------------------------------------
මේක කොත්තු හදන මැශින් එකක්..අර සින්දු වල තාල වලට දැන් කොත්තු ගහන්න ඕනි නෑ..එක පැත්තකින් කොත්තු වලට ඕනි දෙවල් ටික දැම්ම හම අනිත් පැත්තෙන් හොඳට පදම් වෙච්ච කොත්තු රොටිය හැදිලා එනවා..
------------------------------------------------------------------------------------------
මේ අය තරඟයට ඉදිරිපත් කරලා තිබ්බෙ නවීකරණය කරන ලද පේස්ට්රියක්..කාලය තිබ්බෙ නෑ හදන විදිය බලලා කාල විස්තර කරන්න නම්..
------------------------------------------------------------------------------------------------
මෙය නවීකරනය කරන ලද විඩුලි ඉස්ත්රික්කයක්.. අපිට රෙදි මැදලා ඉස්ත්රීක්කය නිවා දමන්න අමතක උනොත් පාවිච්චි නොකර යම කාලසීමාවක් තුල එය සම්පූර්ණයෙන්ම ඔෆ් වෙනවා. මට පහු ගිය දවසකත් අයන් එක ඔෆ් කරන්න අමතක වෙලා උදේ ඉඳන් රෑ වෙනකම්ම මේක රත් වෙවී ඕෆ් වෙවී තිබ්බා..දැන් මේ මාසෙ එයි ලයිට් බිලක් මට ලයිට් නැතුව තරු පේන්ඩ !
-----------------------------------------------------------------------------------------------------
මේක ඖෂධීය පානයක්...විවිධාකාර දේවල් දමලා හදලා තිබ්බෙ..ඉරිඟුත් පාවිච්චි කරලා තිබ්බා
----------------------------------------------------------------------------------------------
මේක එකම ශර්ට් එක විවිධ අවස්ථාවලට සරිලන විදියට එක එක කොටස් නමලා හරි ගස්සගන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තිබ්බෙ..විධායක පෙනුමේ ඉඳන් කැසුවල් පෙනුම දක්වාම වෙනස් කරන්න පුළුවන් විදියට හරි ගස්සලා තිබ්බා..ඔෆිස් එකේ ඉඳලා ගෙදර නොගිහින්ම යාළුවො එක්ක බොන්න සෙට් වෙන වෙලාවට ටොප් ශර්ට් එකක් !
---------------------------------------------------------------------------------------------------------
මේක ස්වයංකීය වඩේ හදන යන්ත්රයක්..මේ තරුණයන්ටත් එන අදහස් නම් අපූරුයි නේද ?
-------------------------------------------------------------------------------------------------------------
මේක ආර්ද්රතාවය පාලනය කරන උපකරණයක්...සියළුම සයන්ස්කාරයෝ නැසෙන සුළුයි කියලා තිබ්බ නිසා අපි කොරේ කොමස් නෙ..ඒ නිසා මේවා ගැන නම් එච්චර දැනුමක් නෑ..නමුත් ගොඩක් ක්ශේත්ර වලදි අවශ්ය කරන උපකරණයක් තමයි කියලා තේරුනා
----------------------------------------------------------------------------------------------------------
Green Tile
අපි ගෙදර ඉද්දි නම් නිදා ගන්න කොට මදුරු දැල දානවා..නැත්නම් මදුරු කොයිල් හරි අර වාෂ්ප මැශින් එක හරි පත්තු කර ගන්නවා...ඉතින් පව් මදුරුවො බඩගින්නෙ මැරෙන්නෙ..මාරාන්තික ඩෙංගු වලට තිත ! ඒත් අපි වත්තෙ , පිටියෙ වැඩ කරද්දි මදුරුවො දශ්ඨ කරන එක වලක්වා ගන්නෙ කොහොමද ? ඔව් අර ආලේපන පාවිච්චි කරන්න පුළුවන්..ඒත් දහඩිය එක්ක ඒවා හේදිලා යන නිසා.. ආන්න ඒකට විසඳුම තමයි මේ පොඩි උපකරණය..බැට්රියකින් ක්රියාත්මක වෙන තමන් වටේ ඉන්න සේරම මදුරුවො පලවා හරින අධි සංඛ්යාත ශබ්දයකින් ක්රියාත්මක වෙන්නෙ
----------------------------------------------------------------------------------------------------------
ආභරණ පළඳින එකේ එක අරමුණක්ලුනෙ ඒ ඒ ලෝහ හරි මැණික් හරි තමන්ගෙ ශරීරයේ ස්පර්ෂ වෙන එකෙන් ලැබෙන ගුණය... ආන්න ඒ වගේ මේත් ඖෂධීය පැලෑටි වලින් එහෙම ස්පර්ෂ ගුණය ලැබෙන්න හදපු ආභරණ එකතුවක්..අද කාලෙ රත්තරන් දාන් යන්න බය ගොඩක් අයට මේක සෑහෙන්න වටියි කියලයි මටත් හිතුනේ..
මාත් එක්ක තරහ කෙල්ලො කීප දෙනෙක් ඉන්නවා කහඹිලියා කොළ වලින් මාලයක් හදලා තෑගි කරන්න ඕනි කියන අදහස මගේ හිතටත් ආවා මෙතනදි ! බලන්න නවෝත්පාදන ඇසුරු කරන කොට අපිත් නිකම්ම වගේ අළුත් නිර්මාණ වලට යොමු වෙන හැටි විතරක් !
-----------------------------------------------------------------------------------------------
මේක නම් මෘදුකාංගයක් පුස්තකාල තොරතුරු පද්ධතියක්..
මේක සාමාන්ය සපත්තු යුගලයක් ඒත් මේක ඇතුලෙ සවි කරලා තියෙන ලෝහ පතුරක් සහ මොකද්ද එකකින් වෙන්නෙ නම් පළඳින කෙනා හදිසියෙවත් යම් විදුලි කාන්දුවකට නිරාවරණය උනොත් වහාම විද්යුත් ධාරාව කපා හරින් එක..ඔනිම පොඩි කෙනෙකුට උනත් පරිස්සමින් විදුලිය පාවිච්චි කරන්න පුළුවන්..
---------------------------------------------------------------------------------------------------------------
මේ ආභරණය ඩුවල් පර්පස් ආභරනයක් කියලයි තිබ්බෙ..ඒත් එතන හැම වෙලාවෙම ලේඩීස්ලා පිරිලා හිටි නිසා වැඩි විස්තර අහන්න , බලන්න නම් බැරි උනා.
-------------------------------------------------------------------------------------------------------
මේක යාපනය කාර්මික විද්යාලයේ තරුණයෙක් ගේ නිර්මාණයක්.. පොල් ලෙලි ගහන මැසිමක්..
එක පැත්තකින් පොල් ගෙඩිය ඇතුල කලහම විනාඩි භාගෙකින් විතර මෙන්න පොල් ගෙඩිය එලියෙ ලෙල්ල නෑ.. සෑහෙන්න හොඳ නිර්මාණයක් බව පෙනුනා..
----------------------------------------------------------------------------------------------------
පන දාගෙන ඉඳිආප්ප අතින් මිරිකපු කාලෙ ඉවර වෙන්නයි යන්නෙ.. මේ තියෙන්නෙ කකුලෙන් පාගලා ඉඳිආප්ප මිරිකන යන්ත්රයක් තමයි..--------------------------------------------------------------------------------------------------------
ඉලෙක්ට්රොනික් උපකරණ වල නව දිගුවන් කීපයක්ම මෙතන තිබුනා..සමහර ඒවා මොනවද කියලා ෆොටෝ බලලා ආවර්ජනය කරන්න හැදුවට සිහියට එන්නෙම නෑ..
මෙතන තිබ්බ එක උපකරණයක් තමයි අපට නිවසේ ලයිට් එකක් නිවන්න හෙම අමතක උනොත් ඒක කොයි ලයිට් එකද කියලා පෙන්නුම් කරන සහ තනි ස්විච් එකකින් සම්පූර්ණයෙන්ම ලයිට් නිවලා දමන්න්න පුළුවන් සර්කිට් එකක්..
අනිත් එක අවට තියෙන උෂ්ණත්වය මත වේගය තීරණය වන ෆෑන් එකකට සවි කල හැකි සර්කිට් එකක්..
මේක මේ ගොල්ලන්ගෙ ආයතනයෙ ස්ටෝල් එක..එතනත් ඒ ගොල්ලන්ගෙ ස්වයංක්රීය ගැජට් කීපයක්ම තිබ්බා
මේක ස්පයි ගනයේ පියාඹන උපකරණයක්..ඇයි ස්පයි කීවෙ ? මේකෙ අපි සාමාන්යෙන් දකින ඩිජිටල් කැමරාවක් හයි කරලා තියෙනවා..එකෙන් උඩ ඉඳලා ගන්න ෆොටෝ ගන්න රිමෝට් කන්ට්රොල් එකෙන් පුළුවන්..
සෑහෙන්න දියුණු කල නිර්මාණයක්..ඒකෙ හැඩයත් අමුතුයි..නිකන් පියාඹන පීරිසියක් වගෙයි..
--------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------
විවිධ සංවේදීතාවන් ඇති ස්වයංක්රීය රොබෝවන් තමයි මේ.. සමහරු තමන්ගේ හිතේ හැටියට ඔහේ ධාවනය වෙවී හිටියා..හැබැයි කාගෙවත් ඇඟේ හැප්පෙන්නෙ නැතුව...
මේ තියෙන්නෙ මන් ආසම කරපු රොබෝ පැටවු දෙන්නා.. එකෙක් හරි ගෙදර අරන් යන්න තරම් හිතෙන ජාතියෙ වැඩ කරුවො දෙන්නෙක් තමයි මේ...
-------------------------------------------------------------------------------------------
මේ වෑල්ඩින් ක්ශේත්රයේ ඉදිරිපත් කරලා තිබ්බ අංශය..මේ නිර්මාණ දෙකම ටොප් කියලා කියන්න පූළුවන්..
----------------------------------------------------------------------------------------------
එළවළු සහ පලතුරු වලින් කරපු කලා නිර්මාණ දැක්කහම පුදුමත් එක්ක..මේක දැන් ඕනිම උත්සව අවස්ථාවලදි දකින්න පුළුවන් සුලබ දෙයක් නිසාම මේ ක්ශේත්රයට බොහොම ඉල්ලුමක් ඇතියි කියලයි හිතුනෙ...
------------------------------------------------------------------------------------------------
මේ අපූරු අයිස් කැටයම කරන තරුණයා සුවිශේශී තරුණයෙක් කිව්වොත් ඔබ පිලි ගන්නවද ? බැලූ බැල්මට තාරුණ්යයේ එලිපත්ත මත සිටින හුරු බුහුටි කොළු ගැටයෙක්..ඔහු දක්ෂ අයිස් කැටයම් නිර්මාණ ශිල්පියෙක්..ඔහුටත් තිබ්බා බස් එකකට නැගලා කොලයක් දික් කරලා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා කල්ලි ගැහිලා කුඩු හරි සිගරැට් හරි ගහලා ජීවිතේ වෙනම මඟක ගෙනියන්නත්..ඒත් ඔහු එහෙම කලේ නෑ..ඔහු ඒ වෙනුවට බැඳුනෙ ජාතික ආධුනිකත්ව මණ්ඩලයට..ඔහු ගොළු බිහිරි තරුණයෙක්..ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඔහු Differently Able තරුණයෙක් බව..
සියල්ලම තිබිලත් අපි ඉන්න තැනට එහා ගිය ඔහු තාරුණ්යයට දෙන පණිවුඩය නම් ඉතාමත් ඉහලයි..
මන් අද පත්තරේ දැක්කා බියගම ප්රදේශයේ ගම්පහ මේ සැරේ ඕලෙවල් ලියන්න ඉන්න තරුණයෙක් විභාගෙට පාඩම් කරන්න යනවා කියලා ගිහින් තව කට්ටියක් එක්ක පැණිය බීලා ගංජා ගහලා නිදි ඇඳේම මැරිලා.. එක පාරටම හිතට ආවෙ ඒ වගේ දෙමව්පියො රවට්ටලා ඒ ගොල්ලන්ගෙ සල්ලි වලින්ම මේ වගේ ආතල් ගන්න කාලකන්නි හැත්ත නම් මැරිලම යන්නයි ඕනි කියලත්..ආයිමත් හිතට අනුකම්පාවක් ආවෙ මේක ඒ තරුණයන්ගෙ සම්පූර්ණ වැරැද්දෙන් සිදු වෙච්ච දෙයක්ම නොවන නිසායි..සමීපම දෙම්ව්පියන්ගෙ ඉඳන් සියළුම සමාජ ස්ථරයන් හා දේශපාලන බලවේග මෙයට වග කිවයුතු නිසා..ඒ තරුණයන්ටම බැනලා වැඩක් නෑ..
මම මේ ප්රදර්ශණය පුරාවටම දැක්ක මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න මේ තාරුණ්යය එක්ක සුළුතරයක වෙච්ච නොමඟ ගිය ඒ තාරුණ්යය පොඩියක් සංසන්දනය කලොත්...
මේ බහුතරය එක්ක මට හරිම ආඩම්බරකාරී හැඟීමක් දැනුනා..
තාරුණ්යයේ සීමා මායිම් ?
කියලා ප්රශ්ණාථයක් දමලා පටන් ගත්තු මාතෘකාව මන් අවසන් කරන්නෙ
නෑ තාරුණ්යයට සීමා මායිම් කොහෙවත් නෑ..යන හරි මඟ පෙන්නුවහම ඒ අය යන්නෙ තමන්ගෙ ඉලක්කවලට මුළු සමාජයම ඉදිරියට ගෙන යමින්..





