ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, September 20, 2012

පොත් ප්‍රදර්ශණේ දෙවැනි දවස..


පොත් ප්‍රදර්ශණේ දෙවැනි දවසත් උදා උනා.. මගේ රාජකාරීමය මට්ටමින් උනත් මට මෙතනට යන්න වෙන නිසාමත් වගේම මාත් ඉතින් වෙනදාට වඩා උදෙන්ම ගියා ප්‍රදර්ශණ භූමියට .. උදෙන්ම කීවට ඉතින් එතනට යනකොට 10 විතරම උනා..

ඕන් මන් මෙතෙන්ට යන එකට ලෝකයා කයි කතන්දර හදනවා..මන් යන්නෙ පොත් ගන්ඩ නෙවෙයිලු..එතෙන්ට එන ගෑල්ලමයින්ගෙ ෆොටෝ අල්ලන්ඩලු..එතන රෑ වෙනකන් නයිට් ඩියුටි මුර කොරනවලු... අනේ මන්දා... අහිංසක , පරම , පිවිතුරු..සුනිමල අපිට හදන කතා හැබෑටම..ඕම කියන අයගේ කටේ දත් ටික පනුවොම කන්ඩ ඕනි ඕන්...ඒ කියන කතා බොරු නම්...

දුප්පත් මට ඉතින් හාල් පොත වගේ තියෙන කැමරා පොඩ්ඩ අරන් යන්නෙ නැතුව අහවල් එකෙන්යැ ෆොටෝ අල්ලන්නෙ ඕන්...
ඔහොම දෝස්මුර තිබ්බට කාරුවත් හිත් නොහොඳ නෝක්කාඩු කොර ගන්නෙ එහෙම නෑ..

මාත් කාටත් හොරෙන් කම්පනා කොරලා බැලුවා මේ කතන්දර ටික !!!
බොලේ හැබෑවටම මෙච්චර දවස් දෙකක් ගිහිල්ලත් මොනාද ගත්ත පොත්..අනිත් අය පොත් අතින් කටින් එල්ල ගෙන යද්දි..මොනාද ගත්ත පොත් මන් අහන්නෙ ???

ආයිමත් කියවන්න හිතිලා කේ. ජයතිලක ශූරින්ගෙ එකම එක පොතක්... හිකිස්...

පොත් ප්‍රදර්ශණේට වැඩියෙන්ම එන්නෙ ගෑල්ලමයි නම් ඉතින් ගහන ගහන ෆොටෝ එකට අහු වෙන්නෙ ඒ අයම නොවෙන්නම්...ඒක අහිංසක මගේ වැරැද්දක්ද ?

හරි ඒ වැරැද්ද හෙටම නිවැරදි කර ගන්ඩ පුළුවන්.. හෙට ඉඳන් කැමරාව අල්ලන්නෙම පිරිමින්ගෙ දිහාවට විතරයි... තව කතන්දරයක් හදයිද මන්දා ඒ ගමන... !!!!
























චම්මින්ද වෙලගෙදර




















තාරකා වාසලමුදලි





















අද ඒ කියන්නෙ 20 වෙනිදා ඉක්මනටම යන්න ඕනි..උදෙන්ම ගියොත් නිවී හැනහිල්ලෙ පොත් ටිකක් තෝර ගන්ඩ පුළුවන්.. මාව දැක්කොත් කතා කොරන්ඩලා ඕන් ආඩ්ම්බර කම් පැත්තකින් තියලා..

Wednesday, September 19, 2012

පොත් බැලුවෙමි / මු...

ඕන්න හා හා පුරා කියලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය පටන් ගත්තා කියමුකො...

වචන දාහකින් කියන්න ඕනි දේ ඕන් එක චිත්‍රයකින්, ෆොටෝවකින් කියන්න පුළුවන් නම් ඕන් මෙතනම වචන කොච්චරද බලන්ඩකෝ...

පහු ගිය පෝස්ට් කීපයේම කමෙන්ට් වලට උත්තර ලියන්ඩ බැරි වෙච්ච එකට කට්ටියම මට සමාව දෙයි කියලා හිතනවා..ඕන් ඔහෙ ඕක දීලා දාන්ඩලකො..වයසක මනුස්සයා නොවැ..







අපේ දයා දිසානායක මහත්තයගෙ ගුරු ගෙදර නම් නියමයි..ලේඛකයන් සහ පාඨකයන් එකතු කරන ගුරු ගෙදර..හොඳ සංකල්පයක්..

දයා දිසානායක

කසුරි


ටෙනිසන් පෙරෙරා













අපේ අම්මා පොඩි කාලෙදි හැමදාම වගේ බනින්නෙ
"උඩු ගෝනා වගේ දුවනවා ගෙදර බඩුත් පෙරලා ගෙන..ඉන්නෙ කොහෙද දන්නෙ නෑ.. යන්නෙ කොහෙද දන්නෙ නෑ..."
කියලා මේ උඩු ගෝනා කියන්නෙ මොන වගේ සතෙක්ද කියලා නම් දන්නෙ නෑ.. හම්බ වෙච්ච වෙලාවක අපේ ගාමිණී අයියගෙන් තමයි අහන්න වෙන්නෙ. 

හැබැයි තාමත් ඔය උඩු ගෝනා සේ අවට ඉන්න මිනිස්සු කවුද කියලා අවධානය නොකර ගන්න ෆොටෝ ගැන විතරක් හිත හිතා යන කොට
"වෙනී අයියෙ...වෙනී අයියෙ"

කියන හඬට බැලින්නම් මෙන්න බොලේ දන්න කියන මූණක්.. ඒ පැය භාගෙ හමාර තුල නම් දන්න ඒත් හම්බ වෙලා කතා කරපු නැති කීප දෙනෙක් එක්කත් කථා කරලා රාත්‍රී විදුලි එලියෙන් දිදුලන මෙන්න මේ ෆොටෝ ටික ගන්න කියලා ඒ අයට සමු දෙද්දි නම් ඒ අය විශ්වාස කොරේ නැති පාටයි මන් ගියේ එහෙම ෆොටෝ ගන්ඩයි කියලා...
ඒ උනාට මේන් ෆොටෝ..












මේ අපේ ස්කයි මෑන් - නුවන් මන් දන්න තරමින් පොත් ලියලා නම් නෑ..ආන් ඉගිලෙන්න පොතකින් ඉගෙන ගන්ඩ යන්නෙ...










පුළුවන් හැම දවසෙම යන්ඩයි හිතන් ඉන්නෙ නම්... රාජකාරියෙ හැටියටත් යන්ඩම වෙනවා ඉතින්..
එහෙනම් ඊළඟ දවසෙ හමු වෙනකන්...


Saturday, September 15, 2012

දැනුමැති සමාජයක් සඳහා...





http://www.cyberfestival.blogspot.com/2012/08/2012.html



පොත් ප්‍රදර්ශනයට යන හැමෝම වගේ අඩුම තරමේ එක පොතක් වත් අරන් දෙමුද මේ මහඟු සත්කාරයට...
අපි අරන් දෙන එක පොත හරි කියවලා ජීවිතේට යමක් එකතු කර ගන්න ළමයෙක් කොහේ හරි ඇහැට ගැටුනෙ නැතුවට ඉන්නවා... කියන සතුට අපේ ජීවිතේට එකතු වෙයි එතකොට..


ප.ලි. උපුටා ගැන්ම - 
http://www.cyberfestival.blogspot.com/2012/08/2012.html


පළවෙනි ආකාරය තමයි පොත් පත් පරිත්‍යයාග කිරීම.

          පාසල් දරුවන්ට වැදගත් වෙයි කියලා හිතන පොත් එකක් හරි කිහිපයක් හරි ඔබට ලබා දෙන්න පුළුවන්.[දැනට මෙම පාසලේ කලා අංශයෙන් පමනයි උසස් පෙළ පංති පැවැත්වෙන්නේ]  ඒ සඳහා සැප්තැම්බර් මාසෙ 23 වෙනිදා දක්වා ඔබට කාලය තියෙනවා. අළුත් පොත් වගේම හොඳ තත්වයේ පවතින පාවිච්චි කළ පොත් වුනත්  පරිත්‍යයාග  කරන්න පුළුවන්. ඒවා භාර දෙන්න මෙන්න මේ යාලුවන්ට කතාකරන්න

අපේ දකුනු පලාතේ යාලුවො කතාකරන්න පොඩිමැන්ට
  0719586007
නුවර පැත්තේ යාලුවො කතාකරන්න   "චතුමිතු" චතුරිකාට
  0771482301
කුරුණැගල පැත්තේ යාලුවො කතාකරන්න "දේවට" 
  0717500878 / 0775348789
හැටන් ඇතුළු නුවර එළියේ අවට යාලුවො කතාකරන්න චම්ලිට
  0777832854
කොළඹ සහ අනේක් ඔනෑම යාලුවෙක් කතාකරනවනම් 

Raj - 0773002262


යසන්ත - 0717479824 / 0722337770

බිම්සර -  0777453909

අවශ්‍යනම් ඊමෙල් ලිපිනය මෙන්න


cybernewyearfestival2011@gmail.com

අනිත් ආකාරය තමයි මුදල් ආධාර ලබා දීම. 

                පොත් පරිත්‍යයාග කිරීමේ වැඩසටහනට මුදලින් ආධාර කරන්න කැමතිනම් ඔබට පුළුවන් ඕනෑම මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ "NSB" ප්‍රධාන කාර්යාල ශාඛාවේ අංක 10001-11-71577 දරණ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට බැර කරන්න.අපේ විදෙස් රටවල මිතුරන්ට ලේසි වෙන්න මෙන්න NSB SWIFT Code : NSBALKLX. ඒ මුදල් සැප්තැම්බර් මාසේ 15 වෙනිදාට කලින් බැර කරනවා නම් ලොකු හයියක්. මොකද සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 18වෙනිදා ආරම්භ වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයෙන් පොත් මිලදී ගන්න ඒ මුදල් යොදවන්න.ගිනුමට ඔබ මුදල් තැන්පත් කලේ නම් අපගේ ඊමෙල් ලිපිනයට ඒ බව දන්වන්න