මේ ෆොටො එක ගත්තෙ නම්,
http://www.toonpool.com
මුන්ගෙ අම්මලට !@#$$$$ #%%&%$%#@ !@!##
කියලා පටන් ගන්න කුණු හබ්බ වැලත් එක්කම අසල්වැසි ගෙදරක පටන් ගන්න රණ්ඩුව පුන්චි කාලෙ ඉඳලම අපිට හැමදාම හවසට අහන්ඩ දකින්න වෙච්ච සුපුරුදු දසුනක් උනා. ගෙදර වැඩිහිටියො නැත්නම් හෙරෙන් හොරෙන් අහල පහල වැට ළඟට ගිහින් ඔය කියන කතා අහන්නත් සරම කරට අරන් කූට්ටම එළියෙ දමාගෙන පාර දිගේ බැන බැන යන ඩේවිඩ් මාම දිහා බලා ඉන්නත් පිඩි උන් විදියට අපි ආසයි..ඊට පස්සෙ ඕක ගැන යාළුවො එක්ක කතා කර කර ඉන්න එක සහ ඒ කිව්ව ඒවයේ අමුතු තේරුම් අපි අපේ හැටියට විග්‍රහ කරලා හිනා වෙනවා කියන්නෙ ඒ කාලෙ කරපු දෙයක්. ඔය කාලෙ මට මතක විදියට හතරෙ පහේ පන්ති වල අපි හිටියෙ. අපේ ගෙදර උනත් මොනා හරි රණ්ඩුවක් උනොත් අහල පහල ඉන්න අය පවා ඔය වැට අස්සෙන් එබිලා බලන් ඉන්නවාත් මතකයි...
රණ්ඩු, ගැටුම්, මතවාද, තර්ක , විතර්ක ඔය මොනවා උනත් අපේ වැඩීහිටියො ඒ අය කෙලින් කටින් ඉන්න වෙලාවලට කිව්වෙ නරක දෙයක්, හොඳ නැති දෙයක් , තේරුමක් නැතිම දෙයක් විදියටමයි. ඒත් ඒ අයම රණ්ඩු වෙනකොට නම් ලෝකෙ තිබ්බ ප්‍රධානම කාරණය ඒකම තමයි වගෙයි රණ්ඩු උනේ.. ඇත්තටම රණ්ඩු වෙන එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ ? රණ්ඩු හොඳද ? හොඳ නැත්නම් ඇයි ආයි ආයි රණ්ඩු වෙන්නෙ ? එහෙම ආයි ආයි රණ්ඩු වෙනවනම් රණ්ඩු වලින් හොඳ දෙයක් කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය හැමදාම රණ්ඩු වලට මුල් වෙන අළු යට තියෙන ගිණි පුපුරක් වගේ මගේ හිත යට පත්තු වෙන්න ඔන මෙන්න වගේ තිබ්බා..
රණ්ඩු ගැන ආයි මට හරි හමන් කියවීමක් එන්නෙ ඉගෙන ගන්න කාලෙ..ඒ මන් ඉගෙන ගත් ක්ශේත්‍රයට සම්බන්ධව උනත් ඒක ඇතුලෙ තියෙන කරුණු තරමක් හොඳයි වගේම විශය ක්ශේත්‍රයෙ විතරක්ම නෙවෙයි ඊට පිටින් අපේ ජීවිතවලටත් එක්කහු කර ගන්න පුළුවන්ය කියලා හිතුන නිසා හිතුන හින්දා කියලා දාන්ඩ හිතුවා..
"අඩෝ එක !@@$% ක් හරි ආයි මේ ගැන වචනයක් හරි කතා කරලා තිබ්බොත් කැති ගාගෙන හාගෙන යන්නෙ කෙහෙල් කොටුවක් කපන්නැහේ අම්ම්පල්ලා ඕන් !@#$%$ "
කියලා ඩේවිඩ් අයියා මැරිච්ච මිනිහෙක්ගෙ නහයක් වත් කපන්න බැරි තරම් හම්පඩ කඩුවකුත් අරන් බීලා වැනි වැනී යනකොට එකදවසක් ගලක් පැටලිලා මිනිහා කඩුව උඩ වැටිලා කකුල කපා ගෙන තිබ්බා මට මතකයි.
ඔය තියෙන ප්‍රස්තාර වලින් කියන්නෙ රණ්ඩු ගැන කාලෙන් කාලෙට ආපු මති මතාන්තර තමයි.
අපි පරණ මති මතාන්තර පැත්තකින් තියලා දැන් පිළි ගන්න මතය වෙච්ච ගැටුම් වර්ග දෙකක් තියෙනවාය.. ඒ දෙක එක ප්‍රයෝජනවත් ගැටුම් (Constructive Conflicts) සහ අනික සම්බන්ධතා ගැන ගැටුම්ය (Relationship conflicts) කියන මතය ගමුකො.ඔය සම්බන්ධතා ගැටුම් වලදි ඉස්මතු වෙන්නෙ පුද්ගලික දේවල් මිසක් අර ගැටුමට මූලික වෙච්ච කරුණු නෙවෙයි. අන්තිමට රණ්ඩු වෙන්න පටන් ගත්තෙ මොකටද ? ඉවර වෙන්නෙ මොකකින්ද ? කියන කාරණා දෙක අහසට පොළව තරම් දුරස් වෙනවා.. විශේෂඥයො කියන්නෙ මේ ප්‍රයෝජනවත් ගැටුම් වැඩි කරලා අර අනිත් ගැටුම් නැති කරන්න එහෙම නැත්නම් අවම කරන්නයි කියලා.. ඔය පොත පතේ ඔහොම කීවට ප්‍රායෝගිකව ඕක කරන්න පුළුවන්ද ?
බෑ...
බෑ... ප්‍රායෝගිකව ඕක කරන්න හරිම අමාරුයි..ඒත් බැරිම නෑ.. මොකද වෙන්නෙ ප්‍රයෝජනවත් විදියට රණ්ඩු වෙන්න පුළුවන් .. ඒත් ඒ රණ්ඩුව ගැඹුරට ගැබුරට යන්න මතු වෙන්නෙ අර අනිත් ගැටුම් තමයි. ඔන්න මීයා ඇදිලා එනවා ඔතනට..
ඉතින් එහෙනම් කොහොමද ගැටුම් ප්‍රයෝජනවත් විදියට පවත්වා ගෙන යන්නෙ..
එකක් තමයි ගැටුමට සහභාගි වෙන පිරිස තමන්ගේ චිත්තාවේග පාලනයට (Emotional Intellegence ) දක්ශ මනා හැකියාවක් ඇති අය වීම.. එතකොට ගැටුම නරක පැත්තක්ට යන්න ගියත් ආයි ගන්න පුළුවන් හරි පාරට..
අනික ගැටුම ඇති වෙන්ඩ දෙන්ඩ ඕනි සංසක්ත කණ්ඩායම් ඇතුලෙ.. (Cohesive Teams) ඒ මොන කණ්ඩායම්ද ? ඒ කියන්නෙ ඒ කණ්ඩායම් අතරෙ බැඳීම වැඩියි..ඒ වගේ කණ්ඩායමක් අතරේ ඇතිවෙන ගැටුමකින් පල නෙලා ගන්ඩ පුළුවන් හොඳට..
අනික තමයි ගැටුම ඇතිවෙන කණ්ඩායමේ සහයෝගී කණ්ඩායම් සාරධර්ම ඉහලින්ම තියෙන්න ඕනි..(Supportive team norms)
එතකොටත් ඒ වගේ රණ්ඩුවලින් ගන්න තියෙන ප්‍රයෝජන වැඩියි කියලයි කියන්නෙ..
මේක සයිබර් අවකාශෙත් කරන්න පුළුවන්ද ?
ඔව් පුළුවන්.. හැබැයි ඇනෝලට කමෙන්ට් කරන්න ඉඩ දීලා හැම වෙලාවෙම අවධානයෙන් ඉන්න ඕනි රණ්ඩුව ප්‍රයෝජනවත් පාරෙන් එළියට පැනලා සම්බන්ධතා ගැටුමක් පැත්තට යනකොට එතනින් ආපහු හරි පාරට ගන්න..
මේ කරුණු කාරනා ටික ආයි මතක් කර ගන්නත් යාවත්කාලීන කර ගන්නත් උදව් උනේ,
Organization Behavior 13th edition By Robbins, S.P. and Judge, T.A සහ Organizational Behavior : Emerging knowledge and practice for the real world 5th edition by McShane, S.L & et.all කියන පොත් තමයි ඉතින්
අන්තිමේ අපි දහයෙ පන්තියෙ ඉන්න කොට හැමදාම තමන්ගෙ පවුලෙ අය එක්ක රණ්ඩු වෙච්ච ඩේවිඩ් මාමාගෙ මූණට මිරිස් වතුර එකක් ගහලා ඇඟ පුරා කඩු පාරවල් 17ක් එක්ක මිය ඇදුනෙ අපේ නෙත් ඉදිරියෙමයි. මොනවද තමන්ගෙ ජීවිත කාලෙම රණ්ඩු වෙලා මිනිහා ඉතුරු කර ගත්තෙ කියලා අද හිතන කොට නම් හරිම දුකයි. නන්නත්තාර වෙලා ගිය පවුලක් තමයි එයා ඒ කාලෙම ලෝකයට ඉතුරු කරලා ගියේ..
ගේට්ටුවට කවුද එකෙක් තඩි බානවා...සුවර් එකටම ඔය ගෙදර ඉන්න බල්ලො ටික අවුස්සන්න තමයි මේක කරන්නෙ.. අර අහල පහල ඉන්න කොල්ලො සෙට් එක.. එහෙම අවුස්සලා බල්ලො රන්චුව බුරන කොට උන්ට ඊට වඩා ජොලියක් නැති පාටයි...
බල්ලො ටික මේ පැත්තෙ නෑ..ඒත් තවම මුන් ටික ගේට්ටුවට තඩි බානවා..
මොන !!@@#$% ද මන්දා... මමත් ගත්තා දොර මුල්ලෙ තිබ්බ යකඩ පොල්ල.. උස්සා ගත්තා සරම ටිකක් උඩට ...
බලමු !
ප.ලි. අනේ බුදු ඇනෝ මල්ලියෙ, නංගියේ, අයියෙ, අක්කෙ. මේන් වැන්දා ඕන්නම් කියහන් තව කියන තැනකටත් වඳින්නම්.. මෙතන නම් සණ්ඩු වෙන්න එපා..මන් අහිංසකයා ඕන්.. දැකපු අය දන්නවා හරි හමන් ගුටියක්වත් කා ගන්න බෑ තාම !










