පෙරහැරක්..කියන්නෙ මට නම්...අතීත මතක සමුදායක්..
කවුරු කොහොම මොනවා කිව්වත්..අහලක පහලක හෝ යන්න පුළුවන් දුරක නිදහස් වෙලාවක තියෙනවා නම් පෙරහැරක් බලන්න යන එක මගෙන් මඟ හැරෙන්නෙ කලාතුරකින්ම තමයි.
පෙරහැරක් කියන්නෙ අපේ පසුගාමී චින්තනයේ වලිගය..වාණිජකරනය වෙච්ච පෙරහැරක අද තියෙන්නෙ විකිණීමක් විතරයි...පෙරහැර අද අන්තගාමී පිරිසකගේ පටු අරමුණු ඉටු කර ගැනීමේ මෙවලමක් විතරයි..කියන කතන්දර හෝ පෙරහැර කියන්නේ අපේ සංස්කෘතියේ ඉහලම අංගයක් වගේ කියන කතන්දර මුකුත්ම හිතේ නැතුව මම ඕනිම පෙරහැරක් බලන්න යන්නෙ හරිම සතුටින්..
පොඩි කාලෙ ඉඳලම අම්මා, තාත්තලා එක්ක ගිහින් වැඩිහිටියෙක්ගේ කර උඩ නැගලා බොහ්ම කුතුහලෙන් විස්මය ජනක ලෙස නරඹපු පෙරහැර පිළිබඳ සියළුම මතක පෙළහර මගේ හිත ඇතුලේ දිග හැරෙන්නේ නිතැතින්මයි..
ඒකට මම හරිම කැමතියි..
සමහර විට පෙරහැරක් බලන්න එන ලක්ෂ ගානක් එහෙම හෝ වෙනත් විදියක් වෙන්න ඇති..
පෙරහැරක් නොබලන ඒක විවේචනය කරන සුළුතරයක් නොඉන්නවා මත් නෙවෙයිනෙ..ඒ හින්දා ඒ අය පොරවල් වෙන්නෙත්...පෙරහැරක් බලන්න ගිය මම පොරක් වෙන්නෙත් නැති බව නම් මගේ පුද්ගලික විශ්වාසය..ඒක නිවැරදිම එක වෙන්න ඕනි නැහැනේ..
ඊයේ පන්නිපිටියේ දෙවුරම් වෙහෙරට දාලව තිබුනු ශ්‍රී ලංකේෂ්වර රාවනා පෙරහැරෙන් මම කැමරා කාචයට අහු කරගත්ත ඡායාරූප පෙලක් තමයි මේ තියෙන්නෙ..