This is a testing post to see weather new year events can uodate as it happens.
මෙය සයිබර් අවුරුදු උත්සවය 2014 එම අවස්ථාවේම යාවත්කාලීන කල හැකිද යන්න සොයා බැලීමට කරන පරීක්ෂනයකි. බුකිය හරහා ඡායාරූප ගා වීඩියෝ එවෙලේම යාවත්කාලීන කල හැකි වූවත් කිසිවෙකුත් මෙලෙස බ්ලොගය හරහා එවෙලේම කරනු දැක නැත. එම නිසා මෙය කල හැකිද යන්න කාලයක සිට මා සිත රැඳි අදහසකි.
ස්තූතියි.
රැඳී සිටින්න.
ලියන්නා
නිකං රැදී ඉන්න බෑ බං...බයිට් එක්ක බෝතලයක්වත් ලැබෙනවා නං...
ReplyDeleteසිරා මල්ලිට ඉතින් ඔහෙ බෝතල් එකක් නෙවෙයි නාන්ඩ ඇති අප්පා..!
Deleteවෙනියා හීන් සීරුවේ තඩි නයෙක් ඇරලා !!!!!! If you know what I mean ;)
Deleteඅපොයි ඇනෝ වෙනියා නයි අරුනවා දැකලා නැතෙයි ??? :-D
Deleteෆෝන් එකෙන් බ්ලොග් එකට ලොගින් වෙන්න පුළුවන්නම් මේක බැරි වෙන්න විදිහක් නෑ නේද ?
ReplyDeleteany way good luck !!
ඔව් සෙන්නා මේකාන්තර්ජාලෙ බ්ලොග්ස්පොට් සයිට් එකට නොගිහින් ඇප් එකකින් කෙරෙන්නෙ..අරෙහෙමත් පුලුවන්..ඒක දුවන්නෙ බ්‍රව්සර් එකක් උඩ නිසාත් ෆෝන් එකේ ස්ක්‍රීන් එක කුඩා නිසාත් අමාරුයි..
Deleteමේක කරා නලින් අයියා එක සැරයක් ට්‍රින්කො ද කොහෙද ට්‍රිපක් යද්දි වෙනී .වැඩේ ලෙසටම උනා..සිග්නල් නැතුව මගදි හිට්ටා ..
ReplyDeleteඇත්තද පත්තර මල්ලි, අපේ නලියා කොහොමත් ඔය වගේ අලුත්ම දේවල් අත්හදා බලනවා..මෙකෙදි නමපි ඉන්නෙ බත්තරමුල්ලෙ නිසා සිග්නල් අවුලක් වෙන එකක් නෑ..ෆෝන් බැට්රියබහින එක තමයි එන්න පුලුවන් ලෙඩේ. අමතර බැට්රි දෙකක්ම තියෙනවා..ෆුල් චාජ් කරගෙන වැඩේට බැහැල බලමු..මම හිතුවෙ පැයක හරිපැය භාගයක හරි හොඳම ෆොටෝ ටික එක පෝස්ට් එකකට අමුනලා අප්ඩේට් කරන්නයි..
Deleteසොරි සොරි .. නලියා කරේ ලැපෙන් වෙනී අයියේ.ෆෝන් එකෙන් නෙමෙයි..මට ඒක මීටර් උනේ පස්සේ..ඕං බලපං ඉතිං ..: D
Deleteපත්තර මල්ලිගේ මතකය සුපිරියිනේ
Deleteඒක තමයි නලියා පත්තර මල්ලි කිව්වහමයි මටත් මතක් උනේ නලින් ඔහොම දෙයක් කලා කියලා..
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteමේ එහා පැත්තෙ බාතෘම් එකේ ලීක් එකක්ද කොහෙද! නැත්තන් අගුව තෙමෙනව. පොඩ්ඩක් හදා ගනින් අලුත් අවුරුද්දෙ.
ෆිල්ම් බැලුවට ස්පීකර් සැට් කිරිල්ලනං දන්නෙ නෑ වගේ..!
එසේම වේවා මලයාඇතුලු පවුලේ සැමටමත්..
Deleteමගේ තියෙන්නෙ 2.1 සිස්ටම් එකක් මල්ලි...ඔය දකින ස්පීකර්ස් පීසී එකේ 5.1 එකේ තිබ්බ එව්වා..නිකන් ලස්සනට තියලා තියෙන්නෙ කනෙක්ට් කරලත් නෑ..ඒක මගේ ප්ලේයර එකට කනෙක්ට් කරන්න බැහැ..
හපොයි ඉදල හමාරයි
ReplyDeleteඅටම් මලයන්ඩි බිය නොවන්න.. පහු ගිය එකක වත් බොන ෆොටෝ..ගොන්නක් තිබ්බත්..එකක් වත් ප්‍රසිද්ධ කර නැත ...එනිසා බිය නොවන්න ! :-D
Deleteවැඩේ හරි වගේ
ReplyDeleteඔව් ඉවාන් මල්ලි වැඩේ හරි..එදාට ගේමට බහින එක විතරයි තියෙන්නෙ දැන්..
Deleteමෙවුවනම් හොද වැඩ.. මොකද අපිට ඉතින් එන්න වෙන්නේ නෑනේ..
ReplyDeleteමල්ලි අවුරුද්දක් අල්ලලාම නිවාඩුවට එන්න ලබන අවුරුද්දේ
Deleteයකෝ මාත් මේක මේ පාර කරන්න හිටපු වැඩක් :D
ReplyDeleteඔව් මල්ලි, ස්මාර්ට් ෆෝන් තියෙන හැමෝටම කරන්න කියමු. එතකොට ටොප් එකට තියේවි
Deleteබක්මහ උළෙලට පැපරාසි සූදානම් දැන් සිටම... හෙ හේ..... දෙමු ලෙසටම මඩ කෝටියක්
ReplyDeleteආයි අහලා නලියා දෙමු ආයි කාටවත් හෙල්ලෙන්න බැරි විදියට.. :-D
Deleteහොඳයි බං වැඩේ හරියාවි.ජයවේවා සහ සුබ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteඔවු ඔය ගැජට් ටික පාවිච්චි කරල මොකක් හරි කොරන්න බලමු.
ReplyDeleteවෙනී අයියට සුබ අලුත් අවුරුද්දක් වේවා !!
නයෙක්ද ?
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා වෙනී අයියා !