ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Thursday, December 27, 2012

පිස්සු හැදෙන සඳ... සඳේ කොහෙද ලප ?

මට මතකයි ගිය පෝයටත් මන් මේ කතාවම වගේ දෙයක් කීවා.. ඒ තමයි පුර හඳ පායන කොට ටිකක් පිස්සු කෙලින් උන්ගෙත් පිස්සු වැඩ වැඩි වෙනවා..එතකොට කරන පිස්සු වැඩ වලට තනිකරම වැරැද්ද කරන කෙනාට පටවන එක අන්තිම අසාධාරනයි... පිස්සු හැදෙන හඳත් වග කියන්න ඕනි අනිවාර්යෙන්ම !

ජීවිත කාලෙටම 4-5 වතාවක් අපේ සෙට් එක සිල් ගන්ඩ ගියා.. සහතිකෙන්ම සිල් රැක්කා.. උදෙන්ම නැගිටලා නාලා කියලා ගෙදරින් දෙන තේ එක බීලා.. සුදු කමිසෙයි සරම හරි නැත්නම් ලාපාට කොට කලිසමක් හරි ඇඳගෙන අර සිල් සාටකයත් අරන්..මල් වට්ටියයි, තෙල් හඳුන්කූරු අරන් බොහොම ශාන්ත දාන්තව පන්සලට යන අපි පොඩි උන් ලස්සනට ඉන්ඩ ඇති කියලා හිතෙන්නෙ දැන් තමයි...

ඔය විදියට අපි සිල් ගත්ත අන්තිම සැරේ මට අද ඊයෙ වගේ මතකයි... 

එතකොට නම් අර පොඩ්ඩක් කර දඬු උස් මහත් වෙන කාලෙ තමයි...නාහෙට නාහන ගතිත් ටික ටික ඔළුවට වඩින කොට...

අපි සෙට් එකම උදෙන්ම ගියා සිල් ගන්න..

වැඩිහිටි පිරිමි අය සහ වයසක උපාසකම්මලා සේරම සිල් පවාරන කරන්නෙ පහුවදා උදේ පාන්දරම තමයි.. පොඩි ගෑණු ළමයි සහ තරුණ කාන්තාවො හවස පහ වෙනකොට සිල් පවාරණය කරනවා..ඒ කාණ්ඩෙ වගේ අපිට ඉස්සර සිල් පවාරණය කලාට එහෙම කලේ කැමැත්තෙන් නම් නෙවෙයි..

ඒත් ගෙදරින් අවසර නුදුන් නිසා අපිත් ගෑණු ලමයි වගේ හවස හය වෙනකොට සිල් පවාරණය කරලා ගෙදර ඇවිත් තමයි ඉතින් පෝය දවසෙ අනිත් වැඩ කරන්නෙ..නමුත් කොල්ලො ලොකු නිසා දැන් ඕන් ඔය සැරේ අපිට අවසර දුන්නා වැඩිහිටියො එක්කම පහු වෙනිදට සිල් පවාරනය කරන්න කියලා... හැබැයි දහසකුත් එකක් උපදෙස් එක්ක අපේ ලොකු මාමගේ පූර්ණ අධීක්ශනය යටතේ තමයි අපිට රෑ පන්සලේ ගත කරන්න වෙන්නෙ.. ලොකු මාමා රෑ එකොලහ වෙනකොට ගොරෝ ගොරෝ ගත්ත සිල් රකින බව අපි දන්න නිසාම ඒ ගැන අපිට වැඩි දුකක් නම් තිබ්බෙ නෑ...

වෙසක් , පොසොන් සහ ඇසල නොවන පෝයක් නිසා එච්චරම පන්සලේ සිල් ගන්න කාණ්ඩෙ නොහිටියත් වැඩිහිටියො අපි සෙට් එක දිහා රබර් ඇහැ දා ගෙන හිටියා..

රෑ නවයට විතර අපිට නම් කෝෆි වගයක් වක් කරලා දුන්නා පන්සලේ පොඩි හාමුදුරුවො..විකාල භෝජනං කියලා වැඩිහිටියො නොබිව්ව එව්වත් බීව අපි..ඔය දහම් පාසලේ පොත් ටිකයි එතන තිබ්බ පන්සිය පනස් ජාතක පොතේ පින්තූරයි බලලා ඒ වෙනකොට ඇති වෙලා තිබ්බෙ..වැඩිහිටි උපාසක වරු සේරම සිල් ගත්ත තෙහෙට්ටුවට ඔය වෙනකොට නින්දත් නොනින්දත් අතරේ හිටියෙ..

ඔය අතරේ අපේ කවුරුහරි පොඩි උපාසක මහත්තෙකුට චූවා බරක් හැදුනා..සිංහලයගෙ පුරුද්ද නිසා අපි අට දෙනෙක් වෙච්ච සේරම දැන් චූ කරන්ඩ නැගිට්ටා..

"කොහෙද යන්නෙ ?"

කියලා නිදි මරගාතෙම අපෙන් අහපු ලොකු මාමා අනිත් පැත්තට හැරිලා ආයිමත් ගොරොද්දෙ අදින්ඩ ගත්තා..

"චූ කොරන්ඩ යන්නෙ"

කියලා අපි දීපු උත්තරේ ඇහුනෙ නැති වගට මේන් කැට !

කට්ටියම පේලියට ඔය ජාතික කර්තව්‍යය ඉටු කරන ගමන්,

"ආයි බණ මඩුවට යන්ඩ කම්මැලියි බන්..පොඩ්ඩක් ඇවිදිමු එලියෙ නිදිමත ඇරෙන්න"

ඒකමතික ඡන්දෙන් ඒ යෝජනවා සභා සම්මත උනා..

පන්සලට උඩ පොඩි කඳු ගැටයක් තිබ්බෙ..ඒ කඳු ගැටේ උඩ තිබ්බ ගල තලාවට හඳ වැටිලා දිලිසෙනවා..

දැන් කට්ටිය එක්කම ඔය ගල් තලාවට ඇදෙන්නෙ සීල සාඨකය බෙල්ල වටේ ඔතාගෙන..

අප්පා ගල තලාව උඩට ගියහම හඳ එලියෙන් බබලන ගමම ලස්සනට පේනවා..පන්සලේ වෙහෙර  සහ කොත් කැරැල්ල කිරි පාටට බබලනවා.. ගමම කිරි ගඟුලක අඳුරෙ ගිලිලා..
.
සෝමෙ මාමගෙ මල්ලි අපිට ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන්නෙ මොකද්ද ?

ඔය ගල් තලාව මායිමේ තියෙන කිතුල් ගස් යාය...

දෙයියනේ.... කළු පාටට කිතුල් ගස් වල අඳුරු සෙවනැලි ඡායාව අතරේ සමහර කිතුල් ගස් වල මල් අතරේ එල්ලෙන විශාල කල ගෙඩි.. ඒවත් හරියට කිතුල්ගස් වලම පල දරපු ලබු ගෙඩි වගේ පේනවා..




ඔය වෙනකම් උගුරක් විතර කට ගාලා තිබ්බට කවදාවත් අපි හැමෝම කිතුල් රා බීලා තිබ්බෙ නෑ..නිමල් නම් තාත්තගෙ කිතුල් රා බීලා හොඳට වෙලා තියෙනවා..අනිත් අය කවුරුවත් ඒ අත්දැකීම විඳලා නෑ.. ගමම නිදිය ගත්ත මොහොතක...අපිට මොනද කරන්න ඕනි කියලා කාගෙනවත් අවසර ඉල්ලන්න අවශ්‍ය නැති මොහොතක...

ඊළඟ මොහොතේ නිමල් සට පට ගාලා අර කිතුල් ගහට නගින්න පහසු වෙන්න බැඳලා තිබ්බ පොල් ලෙලි වලට අඩිය තිය තියා ගහ උඩ...අපේ දෑස් පේන මානයේම...

එච්චර සද්දෙට නැතත් හැමෝම අත්පුඩි ගහලා නිමල්ව පිලිගත්තෙ ආපහු රා පිරිච්ච ලබු කැටෙත් අරන් රටක් රාජ්‍යයක් දිනලා එන වීරයෙක් පිලි ගන්නවා වගේ..

අපේ වෙලාව හොඳා විමලෙ මාමා අද පෝය හින්දා රා එකතු කරලා නෑ.. හෙට උදේ පාන්දරම එකතු කරන්න තියෙන්ඩ ඇරලා "

නිමල් දැනමුත්තෙක් වගේ කියෝනවා...

දැන් කට්ටිය එක එක්කෙනා කොහෙන්දෝ හොයා ගත්ත පොල් කට්ටකින් ටික ටික බොනවා..
එකෙකුටවත් මතක් උනේ නම් නෑ..අද පෝය මේ ඉන්නෙ සිල් ගත්ත ගමන් සිල් පවාරනය කරලවත් නෙවෙයි කියලා නම්...

ක්‍රෑහ්...තුහ්ප්...

කිය කියා කෙල ගහ ගහා මුලින් බීපු අපිට පොඩ්ඩක් ඔළුව කරකැවෙන්න ගත්තම නම් ආයි ඇරලා දැම්මා නොකර සද්ද..

මන් හිතන්නෙ රා කැටෙන් භාගයක් විතර ඉවර වෙන්න ඇති..

මෙන්න එක එකා එක එක විකාර...නිමලයා සරම උස්සගෙන සින්දු කියනවා.. තව දෙතුන් දෙනෙක් ගල් තලාව උඩ පෙරලෙනවා.. මගෙත් ඔළුව කරකැවෙනවා...කොහොම හරි ඔළුව උස්සගෙන ඉන්න තමයි ෆුල් ට්‍රයි එක.. එකෙක් හූ කියනවා.. ඒ අමලයාද සුගතද කියලා නිච්චි නෑ..

"ඒයි යමන් බන් පන්සලට..දැන් කට්ටිය අපිව හොයනවා ඇති"

"පිස්සුද යකෝ..දැන් පන්සලට යන්න..ඕන් ඔහේ මෙහෙම ඉඳලා උදේ වෙනකොට ආපහු යන්..

එක එකා ගල් තලාවෙ එක එක තැන දපලා.. ඔළුව කරකැවෙන වේගෙට නින්ද යනවා වගේ දැනෙනවා ආයි ඇහැරෙනවා... ඔය අස්සෙ කවුරු හරි වමනෙත් දානවා..

ගල් තලාවට ඔළුව තිබ්බහම..කැරකි කැරකි පල්ලහට යනවා දැනෙනවා...ඉතින් ඔළුව උස්සන්න හදනවා ආයි වැටෙනවා...එක විකාරයයි...

මට අන්තිමට මතක කවුරු හරි හූ තියනවා...කෑ ගහනවා.

ඊළඟ මොහොතේ මට ඇස් අරින්න බැරි තරම් ඔළුව කැක්කුමයි.. සියොළඟම දෙහි ගඳයි..මුරු මුරු සද්දෙකින් පටන් ගත්ත කන් දෙකේ ඝෝශාව ටිකකින් අඩු උනා..

දෙයියෝ සාලේ බනිනවා ඇහෙන්නෙ තාත්තා නේද ?

දවස් කීපයක් යනකම්ම ඔළුව රිදි රිදී තිබ්බා..ඊටත් වඩා හිත රිදුනා තාත්තා මටත් වඩා බැන්නෙ අම්මට නිසා.. අම්මත් මට බැන බැන කන්ඩ බොන්ඩ සේරම ළඟටම ගෙනත් දුන්නා..

කාලයක් යනකම් ගමේ ඇස් ගෙඩි වලින් වහන් වෙවී වහන් වෙවී හිටි අපි..ඊළඟ පෝය වෙන කොට ආයිමත් පණ ගහලා ආවෙ..ජීවිතේට අපි එකතු කරගත්ත තවත් නවමු අත්දැකීමක් එක්ක !

ඇත්තටම එදා රෑ වෙලා තිබ්බෙ..නිමල් වෙරි මර ගාතේම ගෙදර ගිහින් ගෙදර දොරට තඩි බානකොට නිමල්ගෙ ගෙදරින් පන්සලට ඇවිත් අපිව හොයලා..නිමල්ට කන රත් වෙන්න එකක් දුන්නහම කියලා අනිත් අය තාම ඉන්නෙ ගල් තලාවෙ කියලා..එතකොටයි අපේ ගෙවල් වලින් අපිව හොයන් ඇවිත් ගෙදර එක්කන් ගිහින් තියෙන්නෙ.. වෙරි මරඝාතේම මට දැනුනෙ ගල් තලාවෙ ඉද්දි වැස්සකට තෙමෙනවා වගේ...තාත්තා වතුර බාල්දියක් වක්කරලා සියොළඟම වෙරි බහින්න කියලා..අම්මා දෙහි ගහම අතුල්ලලා මගේ ඔළුවෙයි කකුල් දෙකෙයි...

ඔන්න ඔහොමයි අපි අපේ ළමා කාලෙ අන්තිම වතාවට සිල් ගත්තෙ.. පස්සෙන් පහු පෝ දාට අපි කරන්න පටන් ගත්තෙ අමුතුම පුණ්‍ය කටයුත්තක් තමයි... ඒ ගැන විස්තර පසුවට..
.
මෙන්න මේ මොහොතේ කතාව කියවපු කාට හරි හිතෙනව නම් ...

"යකෝ මුන් වගේ නැහැදිච්ච , මගෝඩි , පජාත රැලක් ගමක හිටියනේ "

කියලා...
මතකද ?

පුර හඳ දවසට මිනිස්සුන්ගෙ පොඩි පොඩි උමතුවන් උත්සන්න වෙනවා..
ඒකට වග කියන්න ඕනි ඒ පිස්සු කෙලපු කොල්ලො සෙට් එකමද ?
නැත්නම් හඳද ????

පොඩ්ඩක් මොලේ කල්පනා කරලා හිතන්න පිංවතුනි !

Monday, December 24, 2012

රෑ පුරා නිදි වරා... ගම්මඩුව ශාන්තිකර්මය


"මචන් අද උඹ මොනාද කරන්නෙ ? අද හවස සෙට් වෙමුද උඹලගෙ හෙදර ?"

"අද නම් බෑ මචන් මට ගම්මඩුවක් බලන්න තියෙනවා මේ ළඟමයි තියෙන්නෙ..එලිවෙනකම් ඒක බලන්න තියෙනවා . වෙන දවසක "

"මොනාද බන් හතලිහ පැන්නහමවත් හදා ගනින්කො උඹේ ඔය වැරදි චරියාව. අර ලෝක විනාශෙ එනවා කියලා මිනිස්සුන්ව හදන්න හැදුවොත් උඹලා වගේ එවුන් නිසානෙ..?"

"මොනාද බොල ඔය කියවන්නෙ ? "

"ඇයි දැන් උඹ කීවෙ රෑ එලිවෙනකන් ගම්බඩුවක් බලන්න යනවා කියලා..ඒ කාලෙ නම් කමක් නෑ වයසට යනකොටවත් හැදියන්කො.."

"යකෝ ගම්මඩුවක් ගම්මඩුවක් ! කනේ වංගු නම් යකඩ උලක් දාලා කෙලින් කර ගනින් !"


ඕන් අපේ යාලුවො බෝපැල වගේ ඉන්න අපි ගැන හිතන් ඉන්න විදිය..
22 සෙනසුරාදා මේ ගම්මඩුව තිබ්බෙ මන් නැවතිලා ඉන්න ගෙදර නුදුරු මානයේමයි..ඉතින් නොගිහින් කොහොමද ?

තර්කානුකූලව ලෝකය දිහා බලලා තේරුම් ගන්න කොට විද්‍යාව, බෞද්ධ දර්ශනය, චර්‍යා විද්‍යාව වගේ එකී නොකී දේවල් වල සංකලනයකින් හදා ගත්ත මගේම චින්තයකින් ඒක බලලා විග්‍රහ කරලා යම් නිගමනයකට , යම් විනිශ්චයකට එන මම..ඒ සේරම චින්තන, දර්ශන, මති මතාන්තර ගලවලා ගෙදර තියලා ඕන් ලෑස්ති උනා මේ ගම්මඩුව බලන්න.

 මොකද මේ පැත්තෙ වාර්ෂිකව තියෙන මහා ගම්මඩු උත්සවයක් නිසා. 

ඇයි අරවා ගලවලා තිබ්බෙ ? 

එව්වා හොඳයි ජීවිතේ ලෝක ධාතුවේ අපි මූණ දෙන්න වෙන අට ඉස්සරහ නොසැලී ඉන්න  යම් යම් දේවල් අවබෝධ කර ගන්න. නමුත් යමක් බලලා විඳලා යම් රසයක් ගන්න එව්වා හරස් වෙනව නම් ඒ වෙලාවට ඔව්වා කරේ එල්ලන් ඉන්නෙ අහවල් එකටයෑ..කියලයි මගේ හොඳම මිත්‍රයා වෙච්ච මගේ හිත මට කියන්නෙ ...

හවස ඉඳන්ම පටන් ගත්ත පොද වැස්ස නම් තුරල් කෙරුවෙම නෑ..ඔය හින්දා උනේ මට හොඳ ෆොටෝ ටිකක් ගන්න බැරි වෙච්ච එක.. කුඩෙත් ඉහලන් මාත් එක්ක ගිය යාළුවන්ගෙ චරෝ බරෝ අස්සෙ...

"මොකද්ද බන් ඔය දිග හොම්බ...ගනින්කො අපි වගේ පොඩි කැමරාවක්..ඕක මානා ගත්තහම අහල පහල ඉන්න අයත් මේක දිහා බලනවනෙ"

කතාව නම් සහතික ඇත්ත..කැමරාව තෙමෙන බයත් එක්ක ගත්ත ෆොටෝ ටික තමයි ඔය පහලින් තියෙන්නෙ..

මන් ගම්මඩු ගැන කියවලා අහලා තියෙන විස්තර ලියන්න හදන කොටම දැක්කෙ මේ තියෙන්නෙ සිංහල විකිපීඩියාවෙ ගම් මඩු ගැන සෑහෙන විස්තරයක්.. එතන ලින්ක් එක එක්කම ආයි එතනට යන්න කම්මැලි අයට ඕන් ඒ ලිපිය මන් ගෙඩි පිටින්ම කොප් කරලා දැම්මා. ෆොටෝ ටික නම් සේරම මගේ තමයි ...




































සිංහල විකිපීඩියාවෙන් කොපි කර ගත් ලිපිය සහ එම ලිපියට යන මඟ...

http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80_%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA

ගම්මඩුව ශාන්තිකර්මය
හැඳින්වීම

ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්ම අතර ප්‍රධාන යාතුකර්මයක් වන ගම්මඩුව ශාන්තිකර්මය සිංහලයන්ගේ රෝග නිවාරණ හා සශ්‍රීකත්වය අරමුණු කරගත් ප්‍රධාන ශාන්තිකර්මය වෙයි. ගම්මඩුව ශාන්තිකර්මය, රෝග නිවාරණ යාතු කර්මයක් ලෙස 'දෙවොල් මඩුව' නමින් රුවන්වැල්ල ප්‍රදේශයේ දී ආරම්භ වී මාතර, බෙන්තර සහ රයිගම යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනෙන් සමන්විත පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උඩරට, පහතරට සහ සබරගමු වශයෙන් ප්‍රධාන නර්තන සම්ප්‍රදායයන් තුනක් පවතින අතර, පහතරට ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත්තේ පහතරට නර්තන සම්ප්‍රදායයි. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්ම සඳහා පහතරට බෙරය (දෙවොල් බෙරය / රුහුණු බෙරය) නමින් හැඳින්වෙන වාද්‍ය භාණ්ඩය භාවිත කරන අතර, හරකාගේ ආමාශයෙහි සිවියෙන් එහි බෙර ඇස නිමවා ඇත.

සශ්‍රීකත්වය සහ රෝග නිවාරණය අරමුණු කරගත් මෙම ශාන්තිකර්මය, සුළු සුළු වෙනස්කම් මගින් ගම්මඩුව, දෙවොල් මඩුව, පූණ මඩුව, මල් මඩුව, ගිනි මඩුව, ගරා මඩුව ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. ’ගම්මඩුව යන නම ගමක් හෝ ගම් කිහිපයක් මුල් කරගෙන සිදුකරන මණ්ඩපය යන අරුතින් සෑදී ඇත. ගමක් හෝ ගම් කිහිපයක් ඒකරාශී වී පවත්වනු ලබන මෙම යාතුකර්ම විශේෂය, පාරම්පරිකව මුඛ පරම්පරාගතව පැවත එන විශ්වාස, ආකල්ප සහ ඇදහිලි මත සම්බන්ධ, කෘෂිකාර්මික අර්ථක්‍රමයකින් ජන්ම ලබා ඇත. ගොවිතැනෙහි මූලික අවස්ථාවන්ටත්, ගොවිතැන කෙරෙහි වැදගත්වන්නා වූ පාරිසරික බලපෑම් කෙරෙහි අවධානය යොමු කරමින්, පුද්ගලයන්ගේ වසංගත රෝග ආදිය නිවාරණය කෙරෙහි අරමුණු කරගත් පහතරට ප්‍රදේශවල පවත්වන එකම ශාන්තිකර්මයයි. ගම්මඩුව ශාන්තිකර්මය කෘෂිකාර්මික ආර්ථීකය මත යැපුණ ග්‍රාමීය සමාජයක් තුළ ආරම්භ වූ අතර ආර්ථීක, සමාජයීය හා දේශපාලනමය වශයෙන් විපර්යාස සිදුවීමෙන් පසුව ද ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව වසන සෑම දිස්ත්‍රික්කයකම යාතුකර්මයේ මුහුණුවර වෙනස් කරමින් පවත්වනු ලබයි.



උත්පත්ති කථාව

' ඉන්දියාවේ චෝල රාජ්‍ය කාලයේ සිටි සේරමානම් නම් රජුගේ උයන පාළු කරමින් සිටි ගෝනෙකු මරා දමන ලෙසට අණ ලද හේවායන් ඌ පසුපස පන්නා යන විට ගෝනාගේ පය පැටලී අසල තිබූ රජුගේ පොකුණ තුළට වැටී මරණයට පත්විය. මේ වන විට ගෝනා ගැබ්බරව සිටි බැවින් රජු කෙරෙහි වෛරයෙන් මරණයට පත්ව, එම පොකුණෙහිම මැඩියෙකුව උපන්නේය. දිනක් රජතුමා උයන් කෙළියෙන් පසු, පොකුණ අසළට විත් එම පොකුණෙහි පිපී තිබූ ඉතා ලස්සන මානෙල් මලක් කඩා සුවඳ ආඝ්‍රාහණය කරන විට මල යට සැඟව සිටි මැඩියා ක‍ෂණයකින් රජුගේ නාසය දිගේ මොළයට රිංගා ගත්තේය. (ඇතැම් කතා පුවතක මැඩියා රජුගේ මොළයට විෂක් යැවූ බව ද, රජතුමා මානෙල් මලෙහි ගෙඹි බිත්තර දැකීමෙන් තම මොළයට ගෙම්බෙකු ඇතුළු වුවාදැයි සැක කළ බව ද සඳහන් වේ.)

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇති වූ හිසරදයට රජුට කොතරම් ප්‍රතිකාර කළ ද සුවයක් නොලැබුණි. මෙසේ කලක් ගත වත්ම දිනක් රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් දිස්විය. ඒ බව රජු පුරෝහිත බමුණාගෙන් විමසූ කල සිහිනෙන් පෙනී සිටියේ පත්තිනි දේවිය බවත්, ඇගේ සාපයක් රජුට ඇති නිසා නිර්මල බුද්ධ ශාසනයක් තිබෙන, සතර මහා දේවාල ති‍බෙන රටකට ගොස් දින 7 ක් දුගී මගී යාචකාදීන්ට දන් දී ඒ පිං පත්තිනි දේවියට පැමිණවිය යුතු බවත් කීය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කළ රජු වත්තලින් දිවයිනට පැමිණ කැළණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී රුවන්වැල්ලේ දී දී ප්‍රථම දෙවොල් මඩුව කරවූහ. එදා පටන් රජුගේ හිසරදය දුරු වූවා සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බව ද පුරාවෘත්තවල කියැවේ.


පුරාවෘත්තානුකූලව පැවැත්වූ ශාන්තිකර්මය, සත් දා ගී මඩුවක් ලෙස පැවැත්වූ අතර ගැමියන්ගේ කාලීන අවශ්‍යතා වන භවභෝග සම්පත් ආරක‍ෂා කර ගැනීමත්, රෝග වසංගතවලින් ආරක‍ෂාවීමත් හේතු කොටගෙන ගමක් මුල් කොට යාතුකර්මය පැවැත්වීම ආරම්භ වූ බව ඇදුරෝ පවසති. සේරමානම් රාජ කතා පුවත අනුව රෝග නිවාරණ ශාන්තිකර්මයක් වූ සත් දා ගී මඩුව, තවත් යාගාංග ඒකරාශී කරමින්, සශ්‍රීකත්ව අරමුණ ද එක් කරමින් ’ගම්මඩුව නම්න් සාමූහික ශාන්තිකර්මයක් ලෙස පැවැත්වීම ආරම්භ වුණි.

ගම්මඩුව වූ කලී කිසියම් අධිභෞතික දේව ගණයාගෙන් එදිනෙදා ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට තමන්ට පුළුවන් යැයි ගැමි ජනතාව තුළ තිබූ විශ්වාසයට අනුව සිදුවන්නකි. ’මඩු පුරය යයි ගම්මඩු උත්සවයේදී භාවිත වන පාඨය විමසා බලන විට එම කාරණය තවදුරටත් පැහැදිලි වේ. 'මඩුව' වූ කලී මණ්ඩපයකි. නැතහොත් දෙවියන්ගේ බල ප්‍රදේශයයි. 'පුරය' වූ කලී වාසය කරන නගරය යන අරුතින් දෙවියන්ගේ නුවර සේ සැලකිය හැකිය. ඒ අනුව ගම්මඩුව භූමිය මඩු පුරයක් හෙවත් දෙවියන්ගේ බලය පවත්නා නගරයකි. ඔබේසේකර දක්වන ආකාරයට ගම්මඩුව වූ කලී දෙවියන්ට පුද පූජා දැක්වීමට ගම සූදානම් කිරීමකි. මඩුව යන භෞතික සැකැස්ම වන අතර ඉන් පිටත දෙවියන්ට ස්තුති කිරීමට හා නැරඹීමට මිනිස්සු රොක් වී සිටිති (ඔබේසේකර 1984 : 50). එමෙන්ම ගම්මඩුව රංග මණ්ඩලයක් ලෙස ද සැලකිය හැකි බව ඔහු දක්වා සිටියි (එම : 51). රඟ මඩලෙහි දෙවියෝ නොපෙනෙන සේ වැඩහිඳිති. මන්ද යාතුකර්ම ඇදුරෝ දෙවියන්ට දිව්‍ය ලෝකයේ සිට රඟ මඩලට වඩින සේ ආරාධනා කරන බැවිනි. දෙවියෝ අදෘශ්‍යමානව වැඩ හිඳින බැවින් යාතුකර්ම ඇදුරෝ, යාතුකර්මය නරඹන ප්‍රේක‍්ෂක ආතුරයන්ට දෙවියන් දෘශ්‍යමාන කිරීමට දෙවියන් මෙන් සමාරෝපණ වෙති. උදාහරණ ලෙස පත්තිනි දෙවියන්, වාහල දෙවියන් ලෙස ඇදුරෝ සමාරෝපණය වී නර්තන ඉදිරිපත් කරති.

යාතුකර්ම ඇදුරෝ දක්වන ආකාරයට ප්‍රථම ගම්මඩුව ශ්‍රී ලංකාවේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී පවත්වා ඇත. එතැනින් ආරම්භ වූ ශාන්තිකර්ම සම්ප්‍රදාය සඳහා නර්තන, පද, කවි ගායනා එක් වී ඇඳුම් පැළඳුම් විචිත්‍ර වී මූලාකෘතිය සිහිගන්වමින් අද වන තුරු ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ගම්මඩුව ශාන්තිකර්මය පවත්වනු ලබයි

පූජා විධි රටාව

ගම්මඩුව ශාන්තිකර්මය සාමාන්‍යයෙන් පවත්වන්නේ සෙනසුරාදා දිනයක දී ය. කෙම්මුර දිනයක් වන බැවින් ද, මිනිසුන්ට විවේකී දිනයක් වන බැවින් ද එය යොදා ගන්නා බව යාතුකර්ම ඇදුරෝ පවසති. ප්‍රධාන ශාන්තිකර්මය පැවැත්වීමට පෙර සිදුකරන අංග රැසක් වේ. සුභාසිරි පතා කරන සෑම කාර්යයකටම සිංහල චාරිත්‍රය අනුව කප් සිටුවීම සිදු කරන බැවින් ශාන්තිකර්මයට මාස 3 කට පෙර කප් සිටුවීම සිදුකරයි. මෙසේ එම කාලය ගත වී යාමට පෙර ශාන්තිකර්මය පවත්වන බවයි. මෙහිදී 7 රියන් කිරි ගහක් තෝරාගෙන, එහි යට සිට උඩට ගොක් කොළ බැඳ, මැද පෙදෙසට පුවක් හා පොල් මලක් ද, ලෙලි සහිත පොල් ගෙඩි 2 ක් ද බැඳ, මුදුනත කළයක් මුනින් නමා, බුලත් 7 ක් හා පඬුරු 7 ක් කණුවේ පහත තබා, කණුව සිටුවා එහි පඬුරක් ගැට ගැසීමෙන් භාරවීමක් සිදුකරනු ලබයි. කප් සිටුවීමෙන් ඇරඹෙන ශාන්තිකර්මය නවද ගිරි, හත්දා ගිරි, පස්දා ගිරි, තුන්දා ගිරි යනුවෙන් එය පවත්වන දින ගණන අනුව නම් කරයි. නවදා ගිරි දින 9 ක් ද, හත්දා ගිරි දින 7 ක් ද, පස්දා ගිරි දින 5 ක් ද, තුන්දා ගිරි මඩුව දින 3 ක් ද පැවැත්වෙන බව ගම්මඩු යාග ඉතිහාසයේ සඳහන් වේ.

'රජ කුලයට රන් තොරණින් නව දවසක් යාග කළයි

බමුණු කුලට මිණි තොරණින් සත් දවසක් යාග කළයි

වෙළඳ කුලට පිළි තොරණින් පස් දවසක් යාග කළයි

ගොවි කුලට රඹ තොරණින් තුන් දවසක් යාග කළයි'

මේ අනුව ගොවි කුලයට තුන් දවසක් යාග පවත්වා ඇත. ඒ අර්ථයෙන්ම අදත් ප්‍රධාන ශාන්තිකර්මය පැවැත්වීමට පෙර දිනයේ දී මඩු පේ කිරීම සිදු කරනු ලබයි. එහිදී ශාන්තිකර්මය පවත්වන ස්ථානයට දේවාභරණ වඩමවා, රඟමඩල ශාන්තිකර්මය පැවැත්වීමට සූදානම් කරනු ලබයි. නමුත් ශාන්තිකර්මය පවත්වන ස්ථානයට ආසන්නයේ දේවාලය පිහිටා ඇත්නම් මඩු පේ වන අවස්ථාවේ දේවාභරණ වැඩම කරවීම සිදු නොකරයි. කපු මහතා සහ සහායකයකු පිරුවට හා සුදු පිරුවට හා සුදු බැනියමක් ඇඳ, ඛෙර වාදන ශිල්පීන් කිහිප දෙනෙකු සමඟ ශාන්තිකර්මය පවත්වන ස්ථානයේ කහ දියර ඉස, සුවඳ දුම් අල්ලා දේව ගණයනට ආරාධනා කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කරනු ලබයි. රාත්‍රී පහන් දල්වා, සක් පිඹ, දෙවියන්ට කවි ගායනා කර, ආතුරයන්ට දේවාශිර්වාද කර මධ්‍යම රාත්‍රියේදී පමණ එදින කටයුතු නිම කරයි.

මිල්ල කැපීම
ප්‍රධාන යාතුකර්මය පැවැත්වීමට පෙර, ශාන්තිකර්මය පැවැත්වෙන දින සවස 4 ට පමණ, පසුදා උදෑසන පැවැත්වෙන ගිනි පෑගීමේ අවස්ථාව සඳහා අවශ්‍ය දර එකතු කිරීම සිදු කරනු ලබයි. සුදු පිරුවට හැඳ, සුදු බැනියමක් ඇඳ කපුරාළ සැරසෙන අතර, රඟමඩලෙන් (ගම්මඩු භූමියෙන්) පිටස්තර කැළයකට ගොස් මිල්ල ගසක් සොයා ඒ වටා ගොක් රැහැන් ඇද, වෙන් කර එහි වාසය කරන රුක් දෙවියන්ට වෙනත් ගසකට මාරු වන ලෙස කන්නලව් කර, ගස වටා කහ දියර කොතලය, අඟුරු දුම්මල කබල නටා මිල්ල ගසේ අත්තක් කපා ගනියි. ඒ සඳහා යාග ඇදුරන් කැත්තක් රැගෙන එන අතර, බෙරවාදන, සක් පිඹීමෙන් අනතුරුව උඩු වියන් ඇති පෙරහරින් මිල්ල ගසෙහි දැව පිරුවටයක ඔතා රංග භූමියට රැගෙන එයි. මිල්ල කැපීමට යන විට ගායනා කරන කවියක් මෙසේ වෙයි.


'කැලේ ගොසින් අමු මිල්ල කපන්නේ

මැලේ සදා වට වියන් බඳින්නේ

රැළේ පුළුල් ලෙස දුම විහිදෙන්නේ

මැලේ මහිම බල දෙවොල් යකුන්නේ'



පසුව කපාගෙන ආ දැව දෙවොල් දෙවියන්ගේ මල් අස්නයෙහි තැන්පත් කරන අතර, පසුදා උදේ පැවැත්වෙන දෙවොල් දෙවි සත් කට්ටුව ලක්දිවට ගොඩ බැසීමේ අවස්ථාව නිරූපණය කරන විට, දෙවොල් දෙවියන් මෙතෙරට ගොඩ බැසීම බාධා කළ පත්තිනි දෙවඟන මැවූ ගිනි කඳු සත පාගා සිසිල් කළ පුවත දැක්වීමට ප්‍රයෝජනයට ගනී. මිල්ල කැපීමෙන් අනතුරුව පහන් පූජාව සිදු කරයි.

පහන් පූජාව
මෙම අංගය රාත්‍රී 9.00 ට පමණ ආරම්භ වන අතර කපුරාළ හා සහායකයින් 4-5 සමඟ බුදුන්, දහම්, සඟුන්ගෙන් අවසර ගෙන දෙවියන්ට මල් යහන්වලට ආරාධනා කරයි.

'රැස්ව නොයෙකුත් සව් සතන් වෙත පිහිට කරුණා කර වතා

ලක‍ෂ කෙළි පුද භාර ගන්නට වරම් ලැබ පූරුවෙ පතා

තොස්ව නීලය වරුණ පාමින් ගරුඬ වාහනයෙන් යතා

අස්නයට වැඩ විශ්ණු දෙවියනි මෙපුද ලැබ කරුණා වෙතා'


මෙලෙස විශ්ණු, නාථ, කතරගම, පත්තිනි යන සතර දෙවිවරුන්ට යහන්වලට ආරාධනා කරන අතර, සමන්, දැඩිමුණ්ඩ, ගම්භාර ආදී දෙවිවරුන්ට ද ආරාධනා කරනු ලබයි . එසේ ආරාධනා කරන දෙවිවරුන්ට පහන් පූජා කිරීම මෙම අංගයේ දී සිදුකරනු ලබයි.

දළු මුර පූජාව
දළු මුර යනු බුලත් ය. මෙහිදී දෙවියන් වෙනුවෙන් දළුමුර ද, පඬුරු හා මල් පූජා කිරිමත් සිදුකරනු ලබයි. ඔබේසේකර (1984) ට අනුව සිංහල සංස්කෘතිය තුළ බුලත්වලට වැදගත්කමක් හිමිවෙයි. එහිදී කෙනෙකුට ආරාධනා කිරීමට, උදාහරණයක් ලෙස විවාහ මංගල උත්සවයකට ආරාධනා කිරීමට බුලත් හුරුළු දෙන අතර ගම්මඩුවේ දෙවියන්ට ආරාධනා කිරීම සඳහා ද බුලත් භාවිත කරයි (ඔබේසේකර 1984: 76). පුද වට්ටියට බුලත්, පුවක් කිනිති, කපුරු, මල්, හඳුන්කූරු, පිණි දිය, පඬුරු ආදිය අඩංගු වන අතර එක් එක් දෙවිවරුන්ගේ මල්යහන්වලට ඒවා පූජා කර ආරාධනා කිරීමක් කරන අතර, මල් යහන් ඉදිරිපිට කුඩා පද කොට්ඨාස සහිත නර්තන ඉදිරිපත් කරන්නේ කවි ගායනාවලට ප්‍රධාන තැන ලබා දෙන බැවිනි.

යහන් දැක්ම (යහන් දැකීම)
යහන යනු අසුනයි. දේව විමානයයි. එම යහන්වලට දෙවියන් වැඩම කරවා, අරක් ගැන්වෙන්නේ මේ මොහොතේ දී ය. රඟමඩලට බිසෝ කප රැගෙන ආසනයක තබා, යහන් දැක්ම නටනු ලබයි. වර්තමානයේ නවක ශිල්පීන් කරළියට රැගෙන එන්නේ මෙම අවස්ථාවේ දී ය. ඔවුන්ගේ දක‍්ෂතා පෙන්වීමටත්, තෑගි ලැබීමටත් යහන් දැක්ම අවස්ථාවක් කොට ගනියි.

බිසෝ කප සිටුවීම
බිසෝ කප යනු සේරමානම් රජුගේ බිසව නාගී විසින් රජුගේ හිසෙහි හටගත් රෝගය සුවවීම පතා, පත්තිනි දෙවියන්ගේ නාමයට සිටුවන ලද කණුවකි. සඳුන් ලීයෙන් කරවන ලද කැටයම් සහිත කණුවක් එදා සිටුවන ලද අතර එය සිහිකරනු වස් අදත් බිසෝ කප (පත්තිනි තොරණ) අසළ එය සිටුවනු ලබයි.

'රියන් එවියත් අගුල් පත් බිඳ සඳුන් කඳ අට පැති පැසා



බිසෝකප
මුදුන් කොත සත් මාලයක් කර කනෙක වරනින් තිබු ලෙසා

මුදුන් අතුරක් සේම අට පැති ලතා කැටයම් එක ලෙසා

සඳුන් හැර මේ ලෙසින් සරසන සිටුවන්න නැකතක් අසා'


මෙසේ එදා සේරමානම් රජු බිසව විසින් සිටුවන ලද කපෙහි ප්‍රමාණය හා විචිත්‍රවත් බව කවිවලින් විස්තර කරන අතර වර්තමානයේ ද කෙසෙල් කඳක් ගෙන එය ගොක් කොළ කැටයමින් සරසා, පුවක් මලක්, පොල් මලක් ගසා මුදුනට විලක්කුවක් ගසා පත්තිනි දෙවියන්ගේ තොරණ ළඟ සිටුවයි. එනම් අතීතයේ එසේ කළ නිසා, වර්තමානයේ දී එසේම කළ යුතුය යන්නක් ඉන් හැඟවෙන අතර, අතීතය වර්තමානය තුළ ප්‍රතිනිෂ්පාදනය කිරීමක් සිදුකරයි . කපු මහතා බිසෝ කප සිටුවීමට පෙර ඊට අදාළ යාදිනී කියන අතර කෙටි කතාවක් මගින් එහි පුරාවෘත්තය ප්‍රේක‍්ෂක ආතුරයන්ට සමීප කරයි. මෙම කවි හා යාදිනිවලින් ගම්මඩු ශාන්තිකර්මයේ උත්පත්තිකතාව හෙවත් මඩු උපත විස්තර කෙරේ.

කාලපන්දම් සිටුවීම
කාලපන්දම් පූජාව මගින් අතීත, වර්තමාන, අනාගත වශයෙන් කිසිදු අපල උපද්‍රවයක් නොවීම සඳහා පිහිට පැතීමක් සිදුකරයි. පුවක් ගසක් කපා එහි නියමිත දිග ගෙන (රියන් 11) මුදුනේ කාල පන්දම සිටුවනු ලැබේ. ගොක් කොළවලින් මුදුන සරසා, සතර දිශාවට ගොක්පතින් කං වැල් සතරක් ඇද තිබේ. ඉන් අරමුණු වන්නේ උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර යන සිව් දිශාවටම ආරක‍ෂාව සැලසීමය. මෙසේ කාල පන්දම් ගසක් පූජා කිරීමෙන් දෝෂ දුරු කරන බව විශ්වාස කරන අතර, ගම්මඩුව ශාන්තිකර්මයේ මුඛ්‍යාර්තය තවදුරටත් ජනිත කිරීමට මෙම යාගය සමත් වෙයි. කෙසේ වෙතත් මෙම පුරාවෘත්ත පිළිබඳව පොදු එකඟතාවයක් නොමැති අතර ඉන් එක් පුරාවෘත්තයක් නම් කතරගම දෙවියන්ට අදාළ පුරාවෘත්තයයි. එනම් දුටුගැමුණු රජු එදා අනුරාධපුර සටනට පිවිසීමට පෙර කතරගම දෙවියන්ගේ නාමයට කාලපන්දම් පූජාවක් කර ආරක‍ෂාව පැතූ බවත්, යුද්ධයෙන් ජයග්‍රහණ කළහොත් තම රටවැසියන්ට පෙනෙන අයුරින්, කාල පන්දම් ගසක් සිටුවන බවටත් පොරොන්දු විය. එම පොරොන්දු වූ අයුරින්, කාලපන්දම් පූජාව අදත් දෙවොල් මඩුවේදී සිදුකරනු ලබන බව එම පුරාවෘත්තයේ කියැවේ. දුටුගැමුණු රජුගේ යුද්ධයට දමිළ වැසියන්ගෙන් උපකාර ඉල්ලා සිටි නමුත්, ඔවුන් මුලදී එය ලබාදීමට අකමැති වූයෙන්, ඊට කතරගම දෙවියන්ගෙන් සමාව ගනු වස්, බිම පෙරළි පෙරළී යාමත්, කටු ගසා එල්ලීමත්, උල් ඇ‍‍ඟේගසා ගැනීමත් සිදු කරන බව ඇදුරෝ දක්වති.

කෙසේ නමුත් කාලපන්දම් පූජාවට අයත් තවත් පුරාවෘත්තයක් වෙයි. එනම් දෙවොල් දෙවියන් ප්‍රමුඛ සත් කට්ටුව (කුරුම්බර යැයි ද කියති) ලක්දිවට ගොඩ බැසීමට පැමිණි නැවේ කුඹ ගස ලෙස, කාලපන්දම සංකේතාත්මකව නිරූපණය වන බවයි. දඹදිව කුඩුප්පුරි නුවර ශ්‍රී රාමසිංහ රජුගේ දරුවන් වූ මොවුන්, වෙළඳාම සඳහා පැමිණෙන අතරතුරේ නැව මුහුදේදී කුණාටුවකට හසුව, ලක්දිවට ගොඩබැසීමට සැරසෙන කල්හි, සිරිලකට ඔවුන්ගේ පැමිණීම අනර්ථක යැයි සිතූ පත්තිනි දෙවඟන ගිනි කඳු 7 ක් මැවූ නමුත් දෙවොල් දෙවි ඒ මැඩගෙන, ස්වදේශීකයන්ගේ රෝගාතුර වීම් නැතිකිරීමේ වරම් උඩ, විශ්ණු දෙවියන්ට තම නැවේ කුඹ ගස මුදුනේ නීල රත්න මැණික තබා පූජා කර, වරම් ලැබ සීනිගමට ගොඩබැස්ස බව කියවේ.


'මෙලක් දිව සැම තැනට

රජ කරන දෙවි නමට

කාලපන්දමක් කොට



පන්දම් නැටීම
පින් දෙන්න නියම කොට

ඔප්පු දුනි එදා සිට

අපට වන් මේ දුකට

පිහිටවන් ඔබ විසින්

නීල රත්න මැණික ගෙන

කුඹ මුදුන තබවමින්

මෙපුද දෙවියන් නමට

දෙවා පින් දී සතුට

පතිනි දෙවි රකින්නට

දෙවොල් කුමරිඳුන් හට

සීනිගම් දේවාලයට

ගොඩ බසින්නට ලොබා.......'

(කාලපන්දම් යාදින්නේ කොටසකි).

ඔබේසේකරට අනුව කාල පන්දම යනු, කාලය දනවන්නක් බවත්, අතීත, වර්තමාන, අනාගත කාලවලදී ආතුර පවුලට හෝ ගමට කිසිම හානියක් සිදු නොවීමට මෙය සිටුවන බවත් දක්වයි. අතීතය විශ්ණු දෙවියන්ටත්, වර්තමානය කතරගම දෙවියන්ටත්, අනාගතය දේවතා බණ්ඩාරටත් හිමිවන බැවින් ඔවුන්ගෙන් කිසිම අකල් දෝෂයක් නොවන්නට කාලපන්දම් ගස සිටුවයි (ඔබේසේකර 1984: 113). කතරගම දෙවියන්ගේ පුරාවෘත්තය මෙම අවස්ථාවට සම්බන්ධ වන්නට ඇත්තේ ඔබේසේකර දක්වන ආකාරයට කතරගම දේව වන්දනාව එම සමය වන විට කේන්ද්‍රීය වැදගත්කමක් (1984: 113) ගත් නිසා වන්නට ඇත. විශ්ණු දෙවියන් කාරුණික දෙවියකු වන බැවින්, දේව ධුරාවලියේ ඉහළ සිටියත් ඔහුව අතීතයට ඇද දමා ඇත. නමුත් කතරගම දෙවියන් එම සමයේ ජනප්‍රිය මට්ටමේ සිටින බැවින් ද, පිහිට පැතීමට හා වර්තමාන ගැටලූවලට විසඳුම් දෙන බැවින් ද, වර්තමානය තුළ ස්ථාපිත කර ඇත (ඔබේසේකර 1984: 113). එහෙයින් කතරගම දෙවියන්ට සම්බන්ධ පුරාවෘත්තය මෙම අවස්ථාවට පැමිණියත්, කාල පන්දම් යාදින්නට අනුව විශ්ණු දෙවියන්ගේ නාමයට දෙවොල් දෙවියන් විසින් කාලපන්දම් පුජා කළ බව පැහැදිලිය.

කෙසේ වෙතත් කාලපන්දම් පූජාව මගින් ද රෝග නිවාරණය වැදගත් කොට සලකන බව පැහැදිලි වෙයි.

'උණ ඉසරද ලෙඩ තද ඔක්කාර ද

ඇඟ ඇඹරුන් ලෙඩ රදේ රුදාව ද

තැන තැන ඇවිදින පිස්සු විකාර ද

ගඟ වැඩි සෑ දිය සේම නිවන් අද'

(කාලපන්දම් කවි)

පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම)
පිදේනි දීම, පෙරයම, මධ්‍යම, අලූයම යන තුන් යාමයට කළ යුතු වන අතර පෙර යම හෙවත් හැන්දෑ සමයමේදී ආතුර හිසෙහි පිදේනි මුට්ටිය තබා සුදු කුරුම්බර හා මහසොහොන් යකුට ආරාධනා කර, මඩුවෙන් පිටත වන යකුන් සඳහා වන තටුවලට තබයි. දේව මණ්ඩලය ප්‍රධාන වන ස්ථානයකට යකුන් ඇතුළත් කර තිබීම මගින් පෙනී යන්නේ යක‍ෂ - දේව යන ගණ දෙකටම අයත් හැටියට ගැමියන් විශ්වාසය අනුව වර්ග කෙරෙන සූනියම් වැනි යකුන් ඇදහීම හේතු කොට ගෙන මෙම පූජාව බිහි වූ බවයි (සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1996: 12).

හැන්දෑ සමයමේදී රතු, සුදු, කළු, කහ මිශ්‍ර විචිත්‍රවත් ඇඳුමකින් සැරසෙන නර්තකයන් හිසට කිරුළ තොප්පියක් පළඳිති. පන්දම් දෙකක් සහිතව නර්තනයේ යෙදෙන ඔවුහු, මඩුව වටා දුම්මල ගසමින් භයානක රසයක් ආතුර ප්‍රේක‍ෂකයන් තුළ ජනිත කරවන අතර දුම්මල ඇල්ලීමට සහයෝගයට සිටින කොට්ටෝරු මහතාව (මඩු පුරයා / අතොරකරුවා) මඩුව පුරා දුවවමින්ප්‍රේක‍්ෂක ආතුරයන්ව හාස්‍යය රසයෙන් ප්‍රබෝධමත් කරති. ඉන්පසුව බෙර වාදන ශිල්පියා හා නර්තකයන් අතර වන සංවාදයේ දී 'නැන්දගේ සමය මේ ආවා' ලෙස දක්වන අතර පන්දම් පද ආදිය නැටීමෙන් පසුව මඩුවෙන් පිට පිදේනි තටුවලට පිදේනි දෙති.

තොරණ් යාගය
ලංකාවේ ගජබා රාජ සමයෙහි සොලී රට සේරමානම් රජුගේ සිරසේ හටගත් දොස් දුරු කිරීමට සිරිලකට සැපත් වූයේ පත්තිනි වන්දනාව මෙන්ම බුද්ධාගම ද ස්ථාපිත රාජ්‍යයක් වූ බැවිනි. දකුණු ලක රුවන්වැල්ලේ දී පැවැත්වූ මෙම ප්‍රථම දෙවොල් මඩුවේදී ගී, කවි ආදිය දෙමළ බසින් යුක්ත වූ නමුත්, පත්තිනි කෝල්මුර ගායනා පසු කාලයකදී හෙළ බසට නැඟුණ බව ද එතැන් සිට මෙම යාග ක්‍රමය දක‍ෂිණ ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ බව ද පුරාවෘත්ත කථනයෙන් හෙළි වේ. මෙසේ ආරම්භ වූ ගම්මඩුව ශාන්තිකර්මයෙන් රංග මණ්ඩලය සරසන ප්‍රධාන සැරසිල්ල වන්නේ පත්තිනි තොරණය. මෙය නම් පත්තිනි දෙවියන්ගේ පූජාසනයයි. මකර තොරණ ලෙස ද හැඳින්වෙන මෙය රඹ පතුරු, හබරල කොළ, ගොක් කොළ කැටයමින් සරසන අතර උසින් හත් රියන් වේ. මෙහි විවිධ සතුන්ගේ රූප හා කැටයමින් ද, ලියවැල් ආදියෙන් ද සමන්විත වේ.

ප්‍රථම කොට යාග ඇදුරන් රඟ මඩලට විත් කඩතුරාවකින් වසා ඇති තොරණ අභියස සිට, තොරණ විස්තර කරන ශ්ලෝක ගායනා කරනු දැකිය හැකිය. එම ශ්ලෝකයන්ට සන්න ද ගායනා කෙරේ. ඒවා සංස්කෘත හෝ පාලි යන භාෂාවන්ගෙන් ලියවී ඇති අතර සාමාන්‍ය ජනයාට තේරුම් ගත නොහැකි ආකාරයෙන් ද ගායනා කරති. එමෙන්ම ඒවායේ සිංහල භාෂාව ඉතාම උසස් තත්ත්වයෙන් පවතින අතර සූක‍ෂමව එය අසා සිටින්නෙකුට අමතරව ඒවා වැටහෙන්නේ නැත.

මෙසේ ශ්ලෝක සන්න ද දක්වමින් තොරණ් යාගයේ කවි ද ගායනා කරයි. නමුත් ඒවා ආරම්භ වන්නේ බුදු ගුණ ගායනා කරමින් ය. එම එක් එක් පදයේ අර්ථයෙන් විස්තරාත්මකව සන්නයක් සේ ගායනා කරයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බලි තොවිල් පිළිබඳව කළ අධ්‍යයනයේදී ප්‍රේම කුමාර ද සිල්වා දක්වන්නේ සිංහල ජන වහරේ ගොතන ලද කතාවන්ට නිර්ව්‍යාජත්වය හා යුක්ති සහගත බවක් බෞද්ධ සම්ප්‍රදායට ඈඳා ගනිමින් සිදු කරන බවයි (2000: 34-8). මන්ද තම ප්‍රධාන ආගම ලෙස බුද්ධාගම පිළිගන්නා මිනිස්සු, ඉන් නොලැඛෙන යාතුකර්මීය හා මානසික සහනය සොයා ගනු වස් අවශේෂ යාතුකර්මවලට යොමු වුවද, තමා බෞද්ධ වීමේ සවිඥානකත්වයෙන් මිදීමට නොහැකි වීම ද මීට හේතු පාදක වේ.



පත්තිනි තොරණ
පත්තිනි නැටීම
පත්තිනි නැටීමට පෙර, පත්තිනි දේවිය ලෙස ස්ත්‍රී වේශයෙන් සැරසී සිටින කපු මහතා විසින් රඟමඩලේ ඉදිකර තිඛෙන පූජාසනයක තැන්පත් කර තිඛෙන හළං තොරණට වැඩම කරවීම සිදුකරයි. මෙතෙක් සුදු පිරුවටයක් හා සුදු අත්දිග භැනියමකින් සැරසී සිටි කපු මහතා රතු හෝ තැඹිලි වර්ණ සාරියකින් සැරසෙන අතර, වළලූ, තෝඩු, මාල දමා අලංකාර වෙයි. ඉන්පසුව උඩුවියන් පාවාඩ පිට දේවාභරණ මංජුසාව පත්තිනි තොරණ වෙත වැඩම කරවීම සිදුකරයි. අනතුරුව කඩතුරාව ඉවත් කර ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පැතීමක් සිදු කරන අතර 'වසංගතය ඇර යමි තොරණ දක්වනු' ලෙස කවි ගායනා වෙයි.

ඉන්පසු කපු මහතා පත්තිනි නැටීම ආරම්භ කරන අතර, මෙම නර්තන පත්තිනි දෙවියන් සඳහා වූ කරඬු පද හෙවත් පත්තිනි පද හතක් නැටීමෙන් සිදු කරනු ලබයි. එහිදී හළං තොරණින් ඉවතට ගෙන ගිගිරි හඬ නංවමින් 'ආවඩා, ආයුබෝවේවා!' ලෙස ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පතමින් හළං චලනය කිරීම සිදුකරයි.

'නපුරු නැකැත් වන් දිනයේ ඇටි කුළු ගෙරි කබර ගොයින්

කපුටු සුහුණු කැහැරැල් ඇඟ පහරා යළි ගෙට වදිමින්

එවිට සියලූ බකමූණන් ගෙයි කොණ ඇඬු උල ලේනුන්

එදුරු වේය හැම පිරිපත මෙ-තොරණ දුටු බලයෙන්'


මෙවැනි කවි විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ දෛනික ජීවිතයේ ගැමියන් අශුභ ලෙස විශ්වාස කළ සංකේතයන්ගෙන් දොස් දුරු කිරීමට, තොරණ දැකීමේ ආනුභාව බලයෙන් හැකියාව ලැබෙන බවය. එනම් මෙවැනි ස්තෝත්‍ර මහජනයාට සමීප කිරීමටත් එහි ඇති රෝග නිවාරණ ගුණය විදහා දැක්වීමත් කවි තුළින් පිළිබිඹු වේ. පත්තිනි නැටීම සිදු කරන්නේ කපු මහතා විසින් වන අතර, ඔහු ගොයිගම කුලයට අයත් වූවෙක් වෙයි. එය පාරම්පරිකව පිය-පුතු උරුමයෙන් 'කපු පත්තිනි' තනතුර ලැබෙන නමුත් වර්තමානය වන විට කපුරාළගේ ප්‍රධාන ගෝලයන්ට ද මෙම අවස්ථාව හිමි වී ඇත.

ශාන්තිකර්මයේ පත්තිනි භාගය මෙතනින් අවසන් වන අතර වාහල භාගය ඉන්පසු ආරම්භ වේ.

තෙල්මේ නැටීම
'තෙල් මෙහෙය' සිදු කිරීමට කරන නැටුම් පූජාවක් වන බැවින් තෙල්මේ නමින් මෙම නැටුම් අංගය හඳුන්වනු ලැබේ. නොඉඳුල්ව පිසගත් තෙල්වලින් දොළහ දෙවියන්ට පහන් දල්වා මෙම යාගය සිදුකරනු ලබයි. දොළහ දෙවියන් යනු පත්තිනි දෙවියන් සමඟ පුද ලබන දෙවිවරු දොළොස් දෙනෙකි. 'තෙල්මේ තටුව' නමින් යුත් පූජාසනය මඩු භූමියට ගෙනවිත් දෙවිවරුන්ට පූජා කර තෙල්මේ නැටුම ආරම්භ කරයි. සේරමානම් රජු (චෝල) ලක්දිවට විත් පැවැත්වූ ප්‍රථම මඩු මංගල්‍යයේ දී චෝල රාජ කුමාරවරු 12 දෙනෙකු මෙම තෙල්මේ නැටුමට සහභාගී වූ බව පුරාවෘත්තයන්හි සඳහන් වෙයි. එම කුමාරවරු නමින් තෙල්මේ, සාතා, සළඹා, ඇලිකොත් රජ, යුවරජ, යා රජ, වීරමුණ්ඩ, දළ රජ, පඬි රජ, බල රජ, කලි රජ සහ දුලබා වෙති. මෙම නර්තනය සඳහා තෙල්මේ ඇඳුම නමින් විචිත්‍රවත් ඇඳුමක් (කුමාරවරුන්ගේ මෙන්) භාවිත කරන අතර විල්ලූද රෙදි මත පබළු, කනඳු, සීක්වින්ස්, රේන්ද ආදිය අල්ලා විචිත්‍රවත් කර ඇත. මෙම නර්තනය සඳහා පැය දෙකක පමණ කාලයක් ලබාගන්නා නමුත් වර්තමානයේ දී පිනුම් ගැසීමේ කාල පරිච්ඡේදයන් වෙන්කර ඇති බැවින් තෙල්මේ නර්තනය කෙටි වී ඇත. නමුත් පිනුම් ගැසීම යාග අංගයක් නොවන අතර ප්‍රේක‍ෂක විනෝදාස්වාදය සඳහා කාලානුරූපව එකතු කර ගත් නර්තන අංගයකි .

පිදේනි දීම (මැදියම)
තුන්යාමේ දෙන පිදේනිවලින් මධ්‍යම රාත්‍රියේදී පිදේනි දෙන්නේ සන්නි කුරුම්බරටය. පෙරයම දී මෙන්ම මෙහිදී ද තටුවලට පිදේනි ලබාදෙන අතර මහයාමේ පිදවිල්ල ලෙස ද මෙය හඳුන්වනු ලැබේ. මෙම යාමයේ යකුන්ගේ ක්‍රියාකාරිත්වය වඩා වැඩියෙන් වෙතැයි සැලකෙන අතර සන්නියකුන් දහඅට දෙනාට පිදවිලි දීම සිදුකරයි. පන්දමක් අතින් ගත් එක් නර්තකයකු හා එක් බෙරවාදකයකු පමණක් සහභාගි වන අතර පෙර යම පිදේනි දීමේ මෙන් නර්තනය සඳහා වැඩි වේලාවක් වැය නොකරයි.

වාහල
ගම්මඩුවෙහි පුද ලබන දැඩිමුණ්ඩ හෙවත් වාහල බණ්ඩාර දෙවියන් පිණිස පවත්වන නර්තනාංගයක් වන මෙය යක‍ෂයන්ට සෙන්පති තනතුර දරන මෙම දෙවියන්ගේ දිෂ්ටිය ආවේෂ කරගෙන ඇදුරෙකු විසින් මෙම නර්තනය සිදු කරනු ලබයි. වාහල දෙවියන්ගේ ඇඳුමට සමාන ඇඳුමකින් සමාරෝපණය වන ඇදුරා පැය 1 1/2 ක් 2 ක් පමණ ත්‍රාසජනක ලෙස නර්තනයෙහි යෙදෙයි. වාහල තොප්පිය නම් දැඩිමුණ්ඩ දෙවියන්ගේ කිරුළට සමාන තොප්පියක් දමා සුදු, රතු, කළු මිශ්‍ර හැට්ටයක් ද ඊට ගැළපෙන සායක් ද ඇඳ දෙකකුලට ගිගිරි බැඳ දැඩිමුණ්ඩ දෙවියන්ගේ මල් ආසයන ළඟ පුටුවක වාඩි වූ පසු, අනෙක් ඇදුරෝ වාහල බණ්ඩාර දෙවියන්ගේ කවි ගායනා කරති.

'බුදුන් තනි කරලා - දෙවියෝ ගියයි හැරලා

දැඩි දෙවිඳු එකලා - මුණ්ඩ, දැඩි යයි නම වදාලා'


'වාහල'යන නම යෙදුණේ දෙවොල් දෙවියන්ගේ සහ බුදුන්ගේ වාසල මුර කළ බැවිනි. දැඩිමුණ්ඩ යන නම යෙදීම පිළිබඳව ද පුරාවෘත්තයක් ඇත. මුණ්ඩ යන නම මුලදී තිබූ අතර, බුදුන් වහන්සේ හා මාර සේනා යුද්ධය වේලාවේදී අනෙක් දෙවිවරු බුදුන් වහන්සේ හැර ගියත්, මුණ්ඩ බුදුන් වහන්සේ හැර නොගියෙන් දැඩි සිතක් ඇති බව දැක්වීමට 'දැඩිමුණ්ඩ' යන නම ලැබුණ බව සඳහන් වේ. මින් පෙනී යන්නේ මෙම යාතුකර්මවල සුජාත බව රැකීමට මිථ්‍යා කථාවන්, පුරාණ බුද්ධ කාලය සමඟ සම්බන්ධ කොට ගොතා ඇති බවයි. සිම්ප්සන්ගේ අර්ථයෙන් දක්වතොත් යාතුකර්ම කොතරම් ස්ථාපිත වී තිබුණ ද ඊට බලය ලැඛෙන්නේ වර්තමාන යාතුකර්මය, පුරාණ බුද්ධකාලීන භාරතයේ යම් සිදුවීමක් හා සම්බන්ධය යන විශ්වාසය මත බව කිව හැකිය (සිම්ප්සන් 2007: 200-04). එනම් යාතුකර්ම යුක්ති යුක්ත කිරීමටත්, දෙවියන්ගේ නිර්ව්‍යාජත්වය පෙන්වීමටත් මෙවැනි මිථ්‍යාවන් ගොඩනැගෙන බව කිව හැකිය.

මුළු දෙවොල් මඩුවේම වේගවත්ම නර්තනය වන මෙයට අඛණ්ඩව භේරි වාදනය සපයයි. භේරි වාදනය නැවතුණහොත් ආරූඪ වූ ඇදුරාට හානියක් වෙතැයි සෙසු ඇදුරෝ විශ්වාස කරති. පුටුව මත වාඩි වී නර්තනයට සැරසෙන ශිල්පියාට, දුම්මල මතුරා අඟුරු කබලකට දමා එම දුම ශරීරයට හා මුහුණට අල්ලත්ම දැඩිමුණ්ඩ ප්‍රලය මතු වී වේගවත් ලෙස පත්තිනි තොරණ අභියසට යයි. එතැන් සිට සියලූ මල් යහන්වලට වඳිමින් නැටුම් දක්වන අතර වරින් වර මල් යහන්වලට පනියි. තවද වරින් වර ඔහුගේ අතට හත්පද (කොතලය, අඟුරු දුම්මල කබල, මුගුර, පොල් මල, හක් ගෙඩිය, කලහ හා පන්දම්) ලබාදෙන අතර පොල් මල අතට දුන් පසු එය කැඩී විසිරී යන තෙක්ම හිසට ගසමින් පාලි දක්වයි. පන්දම හා දුම්මල අතට දුන් පසු මල් යහන්වලට සහ රඟමඩලේ සෑම තැනම දුම්මල ගසමින් රඟමඩල පුරාත්, ඉන් පිටත් දුවයි. ඔහු පසුපස පළපුරුදු ආවතේවකරුවෝ ද දුවන අතර ප්‍රේක‍ෂක ආතුරයෝ ද කෑ ගසමින් හිස් ලු ලු අත දුවති. විස්මය හා භයානක රසය උද්දීපනය කිරීමට මෙම නැටුම සමත් වන අතර අවසානයේ, වාසල යහන අසල ප්‍රලය වූ ඇදුරා සිහිමුර්ඡා වී වැටෙයි . එම අවස්ථාවේ දී අන් ඇදුරන් විසින් අල්ලා ගනු ලබන අතර, කලින් මතුරා ඇති කහදියර කොතලයෙන් පැන් ඉස දෑතේ පන්දම් ඉවත් කර, වාහල තොප්පිය ගලවා ඔහුට සිහි ගන්වන අතර ඉන්පසුව ඔහුට තෑගි ලබාදීම ප්‍රේක‍ෂක ආතුරයෝ කරති. ඉන්පසුව ප්‍රේක‍ෂකයන්ට වාහල දෙවියන්ගේ සෙත් කවි ගායනා කර එම නර්තනය නිමා කරයි.

'දේවතා බණ්ඩාර දෙවිඳුට කියමි කවි මම වැඳ සමා

පේව ඔබ ගැති කරන වේලේ යහපතක් වෙන්නටා

බෝව කල්පය පවත්නා තෙක් කියමි දන්නා පමණටා

දේවතා දෙවි පිහිට වෙනවයි වරද ඇත්නම් ගැති හටා'


මෙම අවස්ථාවෙන් ගම්මඩුවේ දෙවන භාගය වන වාහල භාගය අවසන් වන අතර ඉක්බිති එළඹෙන්නේ දෙවොල් භාගයයි.

අඹ විදමන
කවි ගායනා කරමින් මෙතෙක් දැක්වූ නර්තනාංගයන්ට වඩා වෙනස් වූ නාට්‍යාකාරයෙන් රඟ දක්වන මෙම අංගය තුළ, දකුණු ඉන්දියාවේ පඬි රජුගේ උයනේ හටගත් අරුම පුදුම අඹ ගෙඩියක් විද, බිම හෙළීම විදහා දැක්වෙන සේ අඹ විදමන සකස් කර ඇත. ශක්‍රයා මහල්ලෙකුගේ වේශයෙන් පැමිණ අඹ ගෙඩිය විදීමේ සිද්ධිය පාදක කරගත් මෙම අවස්ථාවේ, කෝලම් නර්තන සම්ප්‍රදායයේ එන අණබෙර කෝලමේ මුහුණ භාවිතයට ගනී. එහි මහලූ වේශයක් දැක්වෙන අතර, ගම්මඩුව ශාන්තිකර්මය සඳහා වෙනත් ශාන්තිකර්මයන්හි ලත් ආභාසය ද ඉන් නිරූපණය වේ. මහල්ලා බෙර වාදකයින් සමඟ දීර්ඝ සංවාදයක යෙදෙන අතර දෙපැත්ත කැපෙන්නා වූ ද, අසභ්‍ය වූ ද වදනින් තත්කාලීන රූපවාහිනී වෙළඳ දැන්වීම්වල වදන්වලින් ද එය සමන්විත වෙයි. ප්‍රේක‍ෂකයාගේ මනසට ඉතා පහසුවෙන් සමීප විය හැකි ආකාරයෙන් පෙළ ගස්සවා ඇති මේවා මගින් හාස්‍යය උත්පාදනය කරයි. එනම් මෙම ශාන්තිකර්ම අතීතය ප්‍රතිනිර්මාණය කරනවා පමණක් නොව, වර්තමානය ද යාතුකර්මයට සමීප කර රෝග නිවාරණ කාර්යයක යෙදෙන බව පැහැදිලි වේ. මෙම නර්තනාංගය අවසානයේ පත්තිනි දේවියගේ අඹෙන් වූ උපත සඳහන් කර පත්තිනි දේවියගේ ආශීර්වාදය ප්‍රේක‍ෂක ආතුරයන්ට ලබා දෙති.

'අහස් ගැබේ වැඩවූ සබේ එරන් අඹේ පිළිසිඳ තෙද පැමිණ

අඹ විදමන
දහස් සබේ මැද එ සුබේ පාපු ලොවේ පඬියා නෙත මකමින

යසස් ඔබේ ගුණ නිළඹේ සිරුරු ගැබේ පණ ගෙන්නූ විගසින

දෑත් ගොබේ දොස නොතිබේ මිනිස් ලබේ තෙද අනුහස් වැයෙන'

පිදීම (අලූයම)
ගිනි කුරුම්බරට පිදේනි දීම මෙම අවස්ථාවේදී සිදුකරයි. පෙරයම, මධ්‍යමදී මෙන් අලූයම ද මෙය සිදුකරයි. ගිනි කුරුම්බර යනු දෙවොල් සත් කට්ටුවේ එක් කුමාරයෙකු වන අතර, ඔහුගේ කුරාලය ශුද්ධ වූ ගම්මඩු භූමියේ පිටත ඉදිකරයි. මේ සඳහා ද වැඩි කාලයක් ගත නොකරන අතර කුරුම්බර කන්නලව් කර ඉන්පසු පිදවිලි ඔප්පු කරයි.

'නසමි සිතා අසුරා සිත ලොබය කර

රැස් ගිනි කඳ අත එලබා ගති එවර

ලක‍ෂණ විශ්ණු දෙවි රජ මග සිටිය වර

එක් තැනෙකින් එන් තෙද ගිනි කුරුම්බර'



දෙවොල් නැටීම
දෙවොල් දෙවියන් යනු එක් අතකින් පත්තිනි දෙවියන්ගේ සහෝදරයෙකු ද වෙයි. දෙවොල් සාමි, ඉර රැස් සාමි, සඳ රැස් සාමි, ගිනි රැස් සාමි, තෙද රැස් සාමි, බුදු රැස් සාමි හා මහ රැස් සාමි නම් දෙවොල් සත් කට්ටුව වෙති. මොවුන්ගේ සහෝදරිය වූ පද්මිණි කුමරිය කකුසඳ බුදුන්ට අඹයක් පූජා කර වරම් ලැබ පත්තිනි දේවිය ලෙස උපන් අතර, දෙවොල් කුමාරවරු කකුසඳ බුදුන්ට කඨින චීවරයක් පූජා කර දෙවොල් දෙවියන් ලෙස පුද ලබන්නටත් වරයක් ඉල්ලා සිට ඇත. දෙවොල් කුමාරවරු වෙළඳාමේ පැමිණෙන කල්හි නැව කැඩුන නිසා, ලෑලි පිට දින 7 ක් පීනාගෙන එන කල්හි පත්තිනි දෙවියෝ ගිනි කඳු හතක් මවා එයට බාධා කළ අතර, එයට දෙවොල් කුමාරවරු පැන ගිනි සිසිල් කළෙන් ගිනි කුරුම්බර යැයි කියනු ලබන අතර ලංකාවේ ගිනි පෑගීමේ ශාන්තිකර්මය එතැන් සිට ආරම්භ වූවා යැයි විශ්වාස කෙරේ. එමෙන්ම දෙවොල් සාමි ලංකාවේ කාන්තාවක් සමඟ විවාහ වූ බව දක්වමින් එම යාගාංගයට නිර්ව්‍යාජත්වයක් ලබා දෙන අතර, ඊට නීත්‍යානුකූල බවක් ද ලබාදීමට උත්සාහ කරන බවක් පෙනේ.

මෙම නර්තන අංගයේදී නර්තනකයා ගිනි දළු මෙන් දිස්වන ඇඳුමක් ඇඳ සිටින අතර හිසට කාඟුල් තොප්පියක් ද දමා දෙවොල් දෙවියන් මෙන් සමාරෝපණය වී ඇත. බෙර වාදකයා සමඟ ඇතිවන දීර්ඝ සංවාදයකින් පසුව නර්තනයෙහි යෙදී පෙර දින මිල්ල කපාගෙන ආ දැවවලින් ගිනි මැලය සාදා එය සිසිල් කර ආතුර ප්‍රේක‍ෂකයන්ට සෙත් පතා ශාන්ති කර දෙවොල් නර්තනය හමාර කරයි.

'පතිනි බලේ පාමින් මැවු ගිනිවලට සිසිලස කර දෙවිඳු

පතිනි සමඟ එක යහනේ පුද ගත්තේය දෙවොල් දෙවිඳු

බැතිනි ඔබට වැන්දෙමි මම පින් ඇත ඉසුරු සැපත් සුසැදු

ඉතින් දෙදණ කෙණ්ඩේ දොස නොරඳ රකින් දෙවොල් දෙවිඳු'

(දෙවොල් සිරසපාද)

ගරා යකුම









ආතුර ප්‍රේක‍ෂකයන්ට පැමිණ ඇති ඇස්වහ, කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු කිරීම සඳහා ගරා වෙස් පෑම සිදුකෙරේ. මෙහිදී පූර්ණ ගරා යකුමක් සිදු නොකරන අතර කීල ගරා පමණක් නර්තනයෙහි යෙදේ. රංගභූමියෙන් පිටත ගොරක අතු දෙකක් සිටුවා, බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා දෙනු ලැබේ. කපු මහතා ගරා යකුට කරන ආරාධනා කවිවලින් ගරා යක් උපත හා ඔහුගේ ස්වරූපය පිළිබිඹු වේ. ගරා වෙස් මුහුණක්, නර්තකයන් පළඳිනු ලබන අතර ගරා වෙස් පෑම විනාඩි 15 ක් පමණ සිදුකරයි. ගරා යකුගෙන් තමා පිළිබඳව විස්තර අසන ගුරුන්නාන්සේට දෙන පිළිතුර හාස්‍ය රසයෙන් ද, පදවල අරුත් සඟවා කියන රාගික හැඟීම්වලින් ද යුක්තය.



ගරායකුමේ අවස්ථාවකි
'කැස්බෑවේ සිටන් පිටකොටුවට පැමිණි

බසයක නැගී ගම්බද පිටිසර තරුණි

ඇස් දෙක පල්ලා දුටුවම මට කෙළ ගිලූණි

බස් එක පිටින් උස්සා යන්නට සිතුණි'


මෙම කවි, වර්තමානයට උචිත අයුරින් නිර්මාණය කරගත් ඒවා විනා පාරම්පරික ඒවා නොවේ. ගරායකුම පූජා කරන (කැප කරන) වට්ටියේ කැවුම්, කෙසෙල්, දැලි පිහිය, පොල්වල්ලක් ආදිය වෙයි. කැවුම හා කෙසෙල් ගෙඩිය ගෙන කරන සංවාදයේ දී ලිංගික සංසර්ග ලක‍ෂණ ගෙනහැර පායි. එනම් ස්ත්‍රීන්ට ලිංගික ආශාව ඇති කිරීමෙහි සමත් මෙය, ස්ත්‍රී රෝග හා දෝෂ දුරු කිරීමට වැඩි නැඹුරුවක් ඇති අතර, 'ඕලි' කුලයේ පුද්ගලයන් පෙර දී මෙම නර්තන අංගය සිදු කළ බව කියවේ. මන්ද ඔවුන් අතර සහෝදර - සහෝදරිය අතර ලිංගික සබඳතා පැවැත්වූ අතර ගරා යකු ද තම නැගණිය වන ගිරිදේවි සමඟ විවාහ පාත්‍ර වී ඇති බැවිනි. අවසානයේ දී ගරා යකු හිස දෙපසට කරකැවීම මගින් ප්‍රේක‍ෂක ආතුරයන්ගේ දොස් දුරු කර, සෙත් කියමන් කියා, කහ දියර ඉස ශාන්තිකර්මය නිමා කරයි.



ඉන්පසුව කිරි ඉතිරවීමෙන් ගම්වාසී, පළාත්වාසී සියලූ දෙනාටත් ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලූ දෙනාටත් නිරෝගී සුව හා සශ්‍රීකත්වය පතන අතර, දෙවියන්ට පින් දී පින් බෙර වාදනය කර ගම්මඩුව ශාන්තිකර්මය හමාර කරයි.



විකිපීඩියා ලිපිය මෙතනින් අවසන්..

ඇත්තටම මේ ගම්මඩුව සංවිධානය කරපු වගේම ඒක පවත්වා ගෙන ගිය ශිල්පීන් දින කීපයක් තිස්සේම පුදුම වෙහෙසක් මහන්සියක් වෙනවා දෑහින්ම දුටු මට මොවුන් සියල්ලම ගැන හිතට ඇති උනේ ලොකු ගෞරවයක්..

අපිටම ආවේනික වෙච්ච සංස්කෘතික අංගයක් ඉදිරි පරපුරට බලා ගන්න ඔවුන් කරන මේ උත්සාහය නම් අති විශිෂ්ඨයි. 

Saturday, December 22, 2012

ඩෝන්ට් මිස් අන්ඩර්ස්කර්ට් ! Stories of Misunderstandings

මෙන්න කතා සෙට් එකක්ම වැරදියට අවබෝධ කර ගැනීම හෙවත් සිංහලෙන් කීවොත් මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කර ගැනීම පිළිබඳව...

පරිගණක උගන්වන්න යන කොට එන තරමක බරපතල ප්‍රශ්ණයක් තමයි උගන්වන භාෂාව. තනිකරම ඉංග්‍රීසියෙන් උගන්වනවා නම් අව්ලක් නැති උනාට සිංහලෙන් උගන්වද්දි නම් සෑහෙන්න ඉංග්‍රීසි වචන දම දමා ඒවයින් කියන්නෙ මොකද්ද කියලා කියා දිදී තමයි උගන්වන්න වෙන්නෙ....

එක කම්පියුටර් ක්ලාස් එකක රහස් පද නැත්නම් පාස්වර්ඩ් ගැන කරපු පාඩමේ,

"මෙහෙමයි අපි පාස්වර්ඩ් එකක් හදන කොට අඩුම තරමේ කැරැක්ටර්ස් අටක් වත් තියෙන්නෙ හදන්න ඕනි. එතකොට තමයි ආරක්ශාව වැඩි. එහෙනම් එක එක්කෙනා අඩුම තරමේ කැරැක්ටර්ස් අටක වත් පාස්වර්ඩ් හදලා මට පෙන්වන්න.." 

කියලා මන් පොඩ්ඩක් බුකියෙ මොනාද ඕපදූපයක් අප්ඩේට් වෙලාද කියලා බලන්න එබුනා..

කට්ටිය මෙන්න හදන් එනවා පාස්වර්ඩ්..පන්තියේ ඉංග්‍රීසි දැනුම හොඳටම තිබ්බ දේවිකා...

Snow white and seven dwarfs  ඒ කියන්නෙ හිම කුමාරි සහ අඟුටුමිට්ටො හත්දෙනා කියලා ලියලා මට පෙන්නුවා..

"මේ මොකද්ද දේවිකා?"

"ඇයි සර් ඔතන කැරැක්ටර්ස් අටක්ම තියෙනවනෙ"

 ඉතින් දීපල්ලකො උත්තර ?!

-----------------------------------------------------------------------------

"මගේ යාළුවෙක් මැරුනෙ තමන් වැඩියෙන්ම ආදරේ කරපු දේ නිසා ඒ වෙනුවෙන්මයි"

ආදරය වෙනුවෙන් තමන්ගෙ දිවි පුදපු දහසක් දෙනා ගැන මතකයට නැගෙද්දි පාලිතගේ යාළුවා ගැන මගේ හිතට නැගුනෙත් හරිම ලොකු භක්තියක් ගෞරවයක් සහ ආඩම්බරයක්..

"හැබෑටම එයා මැරුනෙ කවුරු වෙනුවෙන්ද ?"

"කවුරු නෙවෙයි බන් හෙරොයින් වලින් ඌ මැරුනෙ!"

---------------------------------------------------------------------------

මේ සිද්ධීන් දෙකම උනේ අපේ කැන්ටිමේ කියලයි ඒකෙ වැඩ කරන මල්ලි කෙනෙක් කීවෙ..

මේකෙ සේවයට ඇවිත් තියෙනවා මුස්ලිම් මල්ලි කෙනෙක්..එයාට එච්චර සිංහල තේරෙන්නෙත් නෑ....ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑ..අනේ මන්දා මොන භාෂාවක් වත් තේරෙන්නෙ නෑ වගෙයි..


එක මහත්තෙක් ඇවිත්,


"මට ස්ට්‍රෝං ටී එකක් දෙන්න"


කියලා ඉල්ලලා..
මිනිහා දහ අතේ කල්පනා කරලා මොනාද ඉල්ලුවෙ  කියලා. පස්සෙ තේ කවුන්ටරෙන් තේ එකක් අරන් ස්ට්‍රෝ එකක් දමලා ගිහින් දුන්නා කියලයි හැමෝම හිනා වෙන්න.


 පාටියක් වෙලාවකදි ඔය වගේම,

"හැඳැල්ලො ප්ලේට් එකක් ගේන්න "


කියලා ඕඩරේ දුන්නම..


මෙන්න මිනිහා ටික වෙලාවකින් එනවලු ප්ලේට් එකක් අරගෙන ඒකෙ අර ශෝට් ඊට්ස් එහෙම අතින් අල්ලන්නෙ නැතුව අරන් දෙන උපකරනෙත් පිඟානක තියාගෙන..




හැබැයි අර ඉල්ලපු කෙනා ළඟට යන්ඩ ඉස්සෙල්ලා අපේ ස්ටාෆ් එකේ කෙනෙක් දැකලා ඔය මොකද කියලා අහන කොට,


"සර් අර සර්ට හැන්ඩ්ල් එකක් ඉල්ලුවා ප්ලේට් එකක් එක්ක"


කිව්වලු..


පහු වෙනිදම මිනිහා යන්න ගිහින්.. නැත්නම් තව තව ඇබැද්දි ගොඩක් අහ ගන්න තිබ්බා..

කොහොමද මිනිහගෙ තේරුම් ගැනීමේ හැකියාව !

----------------------------------------------------------------------
මේක උනෙත් හෝටලේක ඒ වෙලාවෙ පිළිගැනීම් කවුන්ටරයෙ හිටිය නිළධාරියට..එයාගේ තේරුම් ගැනීමේ හැකියාව මද කම !

සිද්ධිය උනේ මගේ හොඳම යාළුවෙකුට සහ එයාගෙ වයිෆ්ට.. මගේ යාළුවා කොයි තරම් පැහැදිලි කලත් එයාගේ ආදරණීය බිරිඳ විශ්වාස කලේම නෑ මිනිහට තව පනින්න කොටු 2-3ක් නැහැයි කියලා..අපිත් හතර වෙනි සිල්පදේ නොගන්න කාලෙ ඕක එයාට ඔප්පු කරන්න කොයි තරම් ගියත් එයා පිලිගත්තෙම නෑ.. ඔය නිසාම ඒ මාතෘකාව එක්කම අපි ඒ පවුල එක්ක තිබ්බ ආශ්‍රයත් ටිකක් අඩු වෙලා ගියා. නමුත් යාළුවා නම් කොහොමින් කොහොමින් හරි අපේ පාටි වලට නිතර නිතර ආවා ගියා..

හැමදාම අඬදබර වලින් ඔය ජීවිත දෙක ගෙවිලා යද්දි..එක සැරයක් වෙනසකටත් එක්ක කියලා ඒ දෙන්නා සති දෙකකට සිංගප්පූරු ගියා.. ඇවිත් පස්සෙ අපි එක්ක සෙට් වෙච්ච පාටියක,

"වැඩක් නෑ මචන් එහෙදිත් මේ කේස් එකක් අල්ලන් අපි නැවතිලා හිටි කාමරේ ජනේලෙන් පනින්නම ගියා බන්..තට්ටු 20ක හෝටලයක් ඒක"


"ඉතින් උඹ මොකද කලේ ?"


"මන් දුවන් ගියා රිසෙප්ශන් එකට විස්තරේ කීවම උන් කීවා ඒක අපේ පුද්ගලික ප්‍රශ්නයක් අපිම විසඳා ගන්න ඕනිය කියලා..ඒ ගොල්ලන්ට කරන්න දෙයක් නැ කියලා"


අපි ඒ ප්‍රශ්නේ ගැන දුක් උනත් ඔය කතාවට පසු වදන එකතු වෙලා තිබ්බෙ මෙහෙමයි..

"ඒක අපේ පුදගලික ප්‍රශ්ණෙයක් වෙන්නෙ කොහොමද මෝඩයො ඒ ජනේලෙ අරින්න බෑ හිර වෙලා තියෙන්නෙ "


කියලා අපේ යාළුවා හෝටලේට් හොඳටම දොස් කීවයි කියලයි..


අනේ මන්දා ?!


Monday, December 17, 2012

2000 දි උන දේම තමා... History repeats itself !




1998 කාලෙ විතර ඉඳන් ලොකුවටම කතා බහ වෙච්ච සහ ලෝකෙටම දැනුනු ප්‍රශ්නය තමයි මිලෙනියම් බග් ප්‍රශ්නෙ..

ඕක අල්ලා ගෙන එක්  එක් අය මහා ලෝක විනාශයක් වෙන බව කිව්වෙ අපි නොදන්න අපට නොතේරෙන සංකීර්ණ වචන එක්ක සෙල්ලම් කර කර...


එහෙම කී අය 2000 ජනවාරි දෙවෙනිදා වෙනකොට බෙහෙතකටවත් හොයා ගන්න නම් බැරි උනා..ඊට පස්සෙ ඒ අයමයි  අර වෙනවයි කීව එක නොවෙන්ඩ හේතු හොයන් රටට ලෝකෙට දෙසන්න ගත්තෙ... විශ්වාස කරන්ඩලා ඒ ගොල්ලො එහෙම කීවෙ රෙදි ඇඳ ගෙන තමයි !


2000 කාලෙ වෙන කොට මන් වැඩ කරේ ප්‍රසිද්ධ නිවාස සහ ගොඩනැගිලි තනන පුද්ගලික ආයතනයක සහායක ගණකාධිකාරී විදියට.. 


අපි ගොඩක් පරිගණක පාවිච්චි කලා.. ගිණුම් තියන්න වගේම ලිය කියවිලි වලට ගෘහ නිර්මාණ සැලසුම් අඳින්න. හැබැයි ඒ කාලෙ තිබ්බෙ 486 පරිගණක..ඒ කාලෙ හැටියට හොඳම එක විදියටයි සැලකුවෙ. ඒ වගේමයි ඒ පරිගණකයක් අරන් තිබ්බෙ රුපියල් 60,000 ක් වගේ ලොකු ගාණකට.. ඒ කාලෙ හැටියට ඒක ලොකු ගාණක්..


ඒ නිසාම ආයතනයේ අපි හැමෝටම 2000  ජනවාරි පලමු වෙනිදා පරිගණක ක්‍රියාත්මක කිරීම තහනම් කරලා තිබ්බා..හැබැයි අර කී මිලෙනියම් බග් එක පුස්සක් කියලා ඔප්පු උනේ එදා උදේමයි..අපිත් ලොක්කට හොරෙන් බයෙන් බයෙන් උනත් පරිගනක ක්‍රියාත්මක කරලා බැලුවා.. ඊට ඉස්සෙල්ලා දවසක සී මොස් පාලනයට ගිහින් සමහර පරිගණක වල දින ආපස්සට දාලත් තිබ්බා වැඩි පරිස්සමට..නමුත් ඒක ඕනෙ උනේ නෑ..


ඒත් ඇත්තටම නම් ඔය මිලෙනියම් බග් එක එක්ක මිනිස්සුන්ව බය කලේ...


න්‍යෂ්ටික බලාගාරා ස්වයංක්‍රීයව පාලනය වන සියළුම පරිගණක මේ මිලෙනියම් බග් එකෙන් පිස්සු කෙලිනවාය ඒකෙන් පාලනයෙන් මිදිච්ච බලාගාර පුපුරනවාය එයින් ලෝකෙ විනාශ වෙනවාය කියලයි..බුදු අම්මෝ ඕක ඔප්පු කරන්න මොන තරම් නම් දත කෑවද සමහරෙක්..උන් නම් සම හරක්ම තමයි..දැන් මේ 21 වෙනිදා වෙනවාය කියන ලෝක විනාශෙට සමහරක් කියන කතා දැක්කම...මට මතක් උනේම මේ මිලෙනියම් බග් කේස් එකම තමයි..


මාය වරුන්ගෙ කැලැන්ඩරේ අවසානයි..කියනවනෙ..ඒ කතන්දරෙ මන් දැකපු මගේ විශ්වාසෙට ටිකක් හරි යන මතය උනේ නම්..ඒ කාලචක්‍රය ඉවරයි..ඊට පස්සෙ පටන් ගන්නෙ නව කාල චක්‍රයක්ය කියන එකයි..කැලැන්ඩරේ වක්‍රාකාර එකක්..ඒකෙ කොහෙන්ද අගක් හොයන්නෙ ??? අළුත් කාල චක්‍රයක් එනවා කියන්නෙ නම් ඊයෙ රෑ
ඉර බැහැලා ගිහින් අද උදේ ඉර පායනවා වගේ දෙයක්නෙ...තවත් එක දිනයක් ! ඒ දිනය සහ ඉස්සරහ කාලය ඊයෙ අදට වඩා භයානක විනාශකරී ????ඔව් අනිවාර්යෙන්ම ඒක එහෙමයි..මේ අසීමිත ලෝභ මීනිස්සු කාගෙන කාගෙන ගිහින් සහ යන විදියට අනිවා ඩෙෆා ඊයෙට වඩා ලෝකෙ හෙට අමාරුයි..ඒක අළුත් දිනයක් උදාවෙනවා වගේම සාමාන්‍යයි..



හැබැයි අවුරුදු මිලියන ගානකට වතාවක් වෙන ග්‍රහ ලෝක හයක් සමාන්තරව පිහිටීම (Planetary alignment)  නම් අරුමයක්ම තමයි..මායා වරුන් ඒක ඒ කාලෙ හරියටම දකින්න නම් කොයි තරම් නම් විස්මයජනක දැනුමක් තියෙන්න ඇද්ද ? හැබැයි මේ කියන කාරනේවත් මේ අදාල ක්ශේත්‍රයේ ඉන්න විශේෂඥයන් කරුණු කාරනා සාක්ශි ඇතුව ඔප්පු කරලා නම් නෑ.. මේ ග්‍රහලෝක හයේ සමාන්තර පිහිටීම නිසා දවස් තුනක් එකදිගටම අඳුරු කාල පරිච්ඡේදයක් තියනවාය කියලා තපුල්ලන පිරිසකුත් ඉන්නේ ඔය.. ඇයි සමහර රටවල් වල දිවි බේරා ගැනීමේ මේ බෑග් පවා හදලා විකුනනවාය කියන්නෙ.. මොනාද ඒවයෙ තියෙන්නෙ..




A Backpack
2 person tube tent
24 pouches of water
24 200-calorie food bars
AM/FM radio
Compass
Waterproof matches
Flint (for starting fires)
Flashlight with lithium batteries
Multifunction utility knife
First aid kit
Headphones and rechargeable batteries
2 Light sticks
Whistle
16-Hour body warmer
Rope
Dust mask
Soap, toothbrush and toothpaste, tissues, moist wipes
Playing cards
Poncho
Work gloves


ඔව්වා විශ්වාස කරන අය ඔය බෑග් එකක් හදා ගන්ඩ ඕන්..


අපි දන්නවා භ්‍රමනය සහ පරිභ්‍රමනය වන ග්‍රහලෝක ඔහොම දින තුනක් එකම එක ස්ථානයක තියෙන්නෙ නැති බව..ඒ නිසාම ඕකත් අර චෙතිය රජ්ජුරුවන්ගේ එකක්ම තමයි.. ඕනි නම් පැය ගනනක් තියෙයි..ඒකත් රෑක උනොත් අපිට පේන්නෙත් නෑ !


මම නම් පුද්ගලිකව මේ ලෝක විනාසෙ වෙනවාය කියන  එක ගන්නෙ විහිළුවකට විතරයි..


"අඩෝ ලෝක විනාසෙ වෙන්ඩ කලින් පාටියක්වත් දියන් බන්"


"ඇයි උඹ දෙන්නෙ නැද්ද අපිට ?"


"ලෝක විනාශෙන් පස්සෙ මන් දෙන්නම් "


"චෙහ් මට එක දෙයයි කර ගන්න බැරි උනේ ඔයා එක්ක මේ ලෝක විනාසෙට ඉස්සෙල්ලා අනේ "


මන් එහෙම කීවෙ අපේම ඔෆිස් එකේ ඉන්න ලස්සන කෙල්ලොන්ට..


"සර් මේ ලියන්නා ලෝක විනාසෙට ඉස්සෙල්ලා.."


මහා හයියෙන් බෙරිහන් දීපු ඈ එතකොටයි මමත් දැක්කෙ ඒ අංශෙ ලොක්කා එතනම ඉන්නවා..


"ඔව් මොකද කියන්නෙ සුමිතා ලියන්නා ලෝකෙ විනාසෙට ඉස්සෙල්ලා.."


මන් ගල් හැහුනා..


"සර් මෙයාට මේ ලෝක විනාසෙට ඉස්සෙල්ලා මාත් එක්ක...."


ඉතුරු උත්තරේ ඇහෙන්ඩ ඉස්සෙල්ලා මන් මාරු..


අපේ  බ්ලොග් එකට ආවෙ නැතු උනත් අපේ සෙට් එකම දන්න රන්ජයියා ලෝක විනාසෙ ගැන එක එක එසෙමෙස් පණිවිඩ මට ෆෝවඩ් කරනවා..
මන් උත්තරේ යැව්වා එකක..


ඕනි පුකක් සත දහයයි කියලා ඉන්නවා බන් මන් නම් මට දුක ලෝක විනාසෙට ඉස්සෙලා උඹට #$^ $%%^&%$ බැරි වෙච්ච එකට තමයි
කියලා..


ඊට පස්සෙ නම් ආයි පණිවිඩ එව්වෙ නෑ..


එකම එක දෙයක් නම් සුවර්.. මේ දවස් වල ඔය ලෝක විනාසෙ ගැන කියන අහවල්ලු..22 වෙනිදා වෙන කොට බෙහෙතකටවත් හොයා ගන්ඩ බැරි වෙනවා.. ඒ නිසා දැන්මම උන්ව අල්ලලා තියා ගන්ඩ කියලා මතක් කරන ගමන් අදටත් නවතින්නම් ඕන්..






"උඹත් ඔය වහෙන්  ඔරෝ කීවට ඕකට බය වෙලා මොනා මොනා හරි ලෑස්ති කර ගන්නව නම් ඇති නේද ? "

"පිස්සුද බන් මන් මේ දවස් වල 22 වෙනිදට පන්නිපිටියෙ තියෙන මහා පරිමාන ගම් මඩුවක්  ලේස්ති වෙන්නෙ ඒක බලලා හොඳ ෆොටෝ ටිකක් අල්ලලා බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩයි.."

Friday, December 14, 2012

බලන් ඉන්න ආසම දේ...

අපි වැඩියෙන්ම බලන් ඉන්න කැමති දේ මොකද්ද කියලා කවුරු හරි ප්‍රශ්ණයක් ඇහුවොත් ඒකට උත්තරය මොකක් වෙයි කියලද ඔබ හිතන්නෙ ?

කෙනෙක් කීවොත් සෙක්ස් කියලා ඒකත් පිලි ගන්න වෙනවා..ඕක තියෙන්නෙ බලන් ඉන්නයෑ කරන්නනෙ කියලා දහසක් තර්ක ගෙනාවත් කොච්චර කලත් බලන් ඉන්නත් ආසයි කියලා නොකියන කෙනෙක් ඉන්නවනම් එයාගෙ කුහක කම ගැන පොඩි අදහසක් ගන්නත් පුළුවන්...ඒකනෙ xx සහ xxx චිත්‍රපටි කියන්නෙ ලෝකය පුරාම බිහිවුනු අති මහත් ආදායම් ලබන ක්ශේත්‍රයක් වෙලා තියෙන්නෙ..ඉතින් මගේ උත්තරේ නම් ඒකම නෙවෙයි..


වර්තමානයේ උනත් කාලීනව මේ දවස් වල ගොඩක් මිනිස්සු විශෙශයෙන් රෑට රෑට අහස දිහා බලන් ඉන්නවා..විද්‍යාවද මිත්‍යාවද මන්දා..හඳුනා නොගත් ජීවීන් හරි එයාලගෙ යානා හරි එහෙමත් නැත්නම් මොකක් හරි අද්භූත එලියක් හරි තමන්ගෙ ඇහැ ගැටිලා..තමන් අතේ තියෙන කැමරාවෙන් හරි ෆෝන් කැමරාවෙන් හරි අල්ලා ගන්නයි මේ හැමෝම දත කන්නෙ..මාධ්‍ය වලින් අද ගොඩක් එහෙම අල්ල ගත් ඒවා ප්‍රචාරය වෙන අතරේ..ඡායාරූප පිළිබඳ විශේෂඥයෝ ඒවා කැමරා කාචය තුල නිර්මාණය වෙන්නෙ කොහොමද කියලා විශ්ලේෂනය කරනව..එතන එක ගිණිවිජ්ජුම්බරයයයි බලන් ඉන්න ආසයි..


ඉතින් අපි ඔහොම උඩ බලන් ඉන්න වෙලාවක පිටසක්වල යානයක් අපේ මිදුලටම කඩන් වැටුනොත් ඇතිවෙන තත්වෙ මොකක් වෙයිද ????


මන් හිතන්නෙ ලෝකෙන්ම වාසනාවන්ත අය ඉන්නෙ අපේ ගෙදර කියලා එහෙම උනොත්..හරි හරි ඒ යානය වැටුනට ඉතින් මිදුලෙ තියෙන මල් ගහකටවත් හානියක් වෙන්න නම් බෑ..එච්චරයි කොන්දේසියකට තියෙන්නෙ..


මගේ පුද්ගලික මතය නම් මිනිස්සු බහුතරයක් බලන් ඉන්නම ආසා දේ තමයි

කඩා වැටෙන එක !


 

මොන පිස්සු කතාවක්ද ඒ කියලා හිතපු අය පොඩියක් ආයි හිතලා බලන්නකො..


අපේ ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල් හැර...අනිත් දේවල් කඩා වැටෙන එක බලන් හිටියේ ආසාවෙන් නෙවෙයිද මෙච්චර කල්.. ???


අපි පුංචිම කාලෙ 1979 දි තමයි ඔහොම ලොකුවට කඩා වැටෙන එකක් ගැන ආරංචිය ඇවිත් අපිත් පණ බයේ හිටියෙ..කොයි වෙලාව්වෙ ඔළුව කඩන් වැටෙයිද කියලා.. ඒ තමයි ස්කයි ලැබ් අභ්‍යවකාශා යානය. ඕක නාසා එකේ පළමුවෙනි යානය..අරින කොටම වෙච්ච අවුලක් නිසා අවුරුදු හයකට පස්සෙ මේක ආපහු කඩා වැටුනා..


1979 රේඩියෝ වක් වත් හරියට නැති රටේ ලෝකෙ වෙන දේවල් මොනවද කියලා දැනගන්න සතියකට සැරයක් ඉරිදට ගමට එන රිවිරැස පත්තරේ වෙච්ච කාලයක් මේක..ඔය ස්කයි ලැබ් එක කඩන් වැටෙන්න පුළුවන් ලංකාවට කියන ආරංචිය එක්ක..අවුරුදු අටක් වෙච්ච මාවත් අරන් අපේ පවුලේ අය ළඟම තිබ්බ ඉස්කෝලෙ මහ පිට්ටනියට ගියා මතකයක් තියෙනවා..ගමේම මිනිස්සු එතකොට එතන..භූමිතෙල් පන්දම් වලින් එලිය වෙලා තිබ්බ පිට්ටනියෙ මිනිස්සු එලිවෙන කන් එක එක කතා කර කර ඉන්න අතරේ පොඩි අපිට නම් නින්ද ගිහින් තිබ්බා.. ස්කයි ලැබ් එක අන්තිමේ කඩන් වැටුඉලා තිබ්බෙ ඔව්ට්‍රෙලියාවෙ පර්ත් වලටයි අප්‍රිකාවටයි මයෙ හිතේ..


ඕක ගැන ආරංචිය ආපු දවසෙ ඉඳන් අපි බලන් හිටියෙම ඕක කඩන් වැටෙන කම්ම තමයි..


ගහක් කපන කොට ඕක කඩන් වැටෙන හැටි බලන්න හැතැම්ම ගනන් ගිහින්..කඩා වැටිච්ච ගහේ ගෙඩියක් කොලයක් මල්ක් අරන් ආපු අපිට...සුළි සුළඟක් එක්ක කඩන් වැටෙන ගස් කොලන් කොයිතරම් නම් අවදානමක් ගත්තත් බලන් ඉඳලා තියෙන්නෙ ඇස් රිදෙන කම්ම..
ගෙයක් දොරක් බිල්ඩිමක් කඩන කොට ඕක කඩන් වැටෙන හැටි බලන්න කොයිතරම් නම් මිනිස්සු පොර කනවද ? 


අර ඇමෙරිකාවෙ ට්වින් ටවර්ස් දෙකට බෝම්බ ගහපු වෙලාවෙ  ඕක කඩන් වැටෙන එක නොබලපු කෙනෙක් ඉන්නවද ?
මන් කියන්නෙ නෑ මේ සේරම ආසාවෙන් බලන් හිටියා කියලනම්..ඒ වෙලාවෙ අපේ හිත ඇතුලේ එකතු වෙන්නෙ එක එක සිතුවිලි උනත් බහුතරයක් කඩන් වැටෙනවා බලන් ඉන්න නම් බොහොම කැමතී..
එහෙම වෙන්නෙ කොහොමද කියල නම් මන් දන්නෙ නෑ..

අපි පොඩි කාලෙ සුරංගනාවියො ගැන අහලා විශ්වාස කරන් හිටි කාලෙ මගේ එකම පැතුම උනේ කවදා හරි ඔය සුරංගනාවියකගේ අත් තට්ටක් කැඩිලා අපේ වත්තටම කඩා වැටියන් කියලයි... ඒක කවදාවත් උනෙ නම් නෑ..ඒත් තාත්තගේ නෑකමට අපේ ගෙදරට කඩා වැටිච්ච ආච්චි කෙනෙක් නම් පොඩි කාලෙ මට හිටිය..

ඔහොන් ගිහින් පොඩ්ඩක් නැට්ටට කිරි උරන කාලෙ නම් අපේ ගමේ හිටි ලස්සනම ලස්සන ලතා අක්කා නාන්න යන වෙලාවලට අපි කොල්ලො සෙට් එකම අඩුම තරමේ පැයකට  ඉස්සෙල්ලා නාලා තිබ්බත් මූණ කට හෝදන්න හරි ළිඳට හරි ගඟට හරි යන එක පුරුද්දක් වෙලාම තිබ්බා.. අපි එක්කත් විහිළු කර කර ලතා අක්කා රෙදි පෙරෙදි හෝදා ගෙන නා කියා ගෙන යන්න ගියා..අපි නොඉවසිල්ලෙන් බලන් හිටියේ කවදාම හරි නාන වෙලාවකට ඇඟට කිටි කිටියෙ ඇලිලා තිබ්බ දිය රෙද්ද කඩන් වැටෙයිමයි කියලා...ම්ම්ම්ම්හ්හ්හ්හ් ඒකත් කවදාවත්ම උනේ නෑ..හැබැයි එක දවසක නම් එතන ළඟ අතු පතර විහිදිලා ගිය ගහකින් දසේ අයියගේ හඩු සරම නම් බිමට කඩා වැටුනෙ අපි ගම දෙවනත් වෙන්න හූ කියද්දිමයි....ලතා අක්කා උඩ නොබලාම එතන අඩි පාර දිගේ ගෙදර ගියාට පස්සෙ අපිට නොවදිනා වැඳුම් වැඳලා දසේ අයියා අර හඩු සරම ආයිමත් ගහට අර ගත්තා.. මිනිහා කීවෙම ගැට පොලොස් ගෙඩියක් කඩන්න ගිහින් දිමි ගොට්ටක් ඇවිස්සිලා උන් එලවන්න ගිහින් සරම බිමට වැටුනයි කියලයි...අනේ මන්දා අපිත් ඒක විශ්වාස කලා..







මේ දවස් වල නම් හැමෝම බලන් ඉන්නෙ අහසෙ තියෙන මොකක් හරි උණ්ඩුකපුච්චයක් බිම කඩන් වැටෙයි කියලයි..මාත් ඊයෙ රෑ නම් ඇප් එක පාවිච්චි කරලා අහසේ තියෙන තරු සහ ග්‍රහලෝක දිහා බලන් හිටියා..මොකක් හරි කඩන් වැටෙයි කියලා..ඒත් දැක්කෙ නම් නෑ..

මෙන්න උදේ පාන්දරම...


මොකද්ද ???


මොනා හරි කඩා වැටිලා තිබ්බද ????


නෑ .....


අල්ලපු ගෙදරක ඉන්න එළුවා හොල්ලා හොල්ලා පාරෙ යන අතරෙ බල්ලෙක් කෙල පෙර පෙරා පස්සෙන් යන්වා.. කඩා වැටෙයි කියලා ආසාවෙන්..





එහෙනම් මේක අපිට විතරක් පොදු වෙච්ච ආසාවක් නෙවෙයි..කඩන් වැටෙයි කියලා බලන් ඉන්න පුරුද්ද අනිත් සත්තුන්ටත් තියෙනවා හරි හරියට..


ඉතින් ඔහොම භෞතික දේවල් විතරද කඩන් වැටෙනවා බලන් ඉන්න ආසා ???

නෑ අපේ හතුරෙක් , අකමැති කෙනෙක්, නුරුස්සන කෙනෙක් උනත් කඩන් වැටෙනවා බලන් ඉන්න ආසා නැත්තෙ කවුද අප්පා ????


හැබැයි එහෙම බලන් ඉඳලා බලන් ඉඳලාම තමන්ම කඩන් වැටිච්ච අය තමයි වැඩියෙන්ම ඉන්නෙ..


ප.ලි. අහසෙ තරු බලන අයට සහ ඇන්ඩ්‍රොයිඩ් තියෙන අය ගූගල් ප්ලේ එකෙන් ගූගල් ස්කයි  Google Sky ඇප් එක අරන් බලන්න...තියෙන හොඳම ඇප් එකක් තමයි ඒක..මේකෙන් රෑ ඉතරක් නෙවෙයි දවාලෙත් තරු බලන්න පුළුවන් !

Wednesday, December 12, 2012

ඔන්න ඇරියා..මෙන්න ඇරියා...

විශේෂ දවසක් උනහම ඉතින් විශේෂ වැඩක් කරන්නත් එපාය..
මෙන්න කල වැඩ ටික..


1. ඇනෝ ඇරියා - පහුගිය කාලෙ මට නෙවෙයි මේක හරහා අනුන්ට ගහන්න හදපු නිසා ඇනෝ වහලා හිටියා..මේන් වැන්දා මට ගැහැව්වත් අනුන්ට කෙලින්න යන්න එපා මේකෙන්..ස්පෑම් කරනවා දුටු සැනින් ..අපරාදේ බොලාලගෙ බයිට් ටික..


2. 99%ක්ම  මාව දැනන් උන්නත් ඕන් මම අර 1% වෙනුවෙන්..අපේ (බහු)  බුද්ධි ඔව් ඔව් අර කෙසෙල් කොට්ටෝරු පුරස්නෙ හින්දා කොටුවම වහලා දමපු හාදයාතමයි මේ ඉස්තරම් ෆොටෝ එක

 හැදු ( කෑ )වෙ !

 කොහොමද කොල්ලා ඉන්න අපූරුව !

3. දිවා රෑ නැතුව මේ දවස් වල වැඩ හින්දා..පහුගිය පෝස්ට් එකේ අන්තිම කමෙන්ට් ටිකට උත්තර ලියන්නම බැරි උනා..ඒ ටික කෝම හරි ලියනවා..

4. ලෝක විනාශෙ වෙයිමයි කියලා හිතන් හිටීම..උනොත් ඉවරයි නැතොත් පට්ට පාටියක් ගන්න පුළුවන්  නෙ නොවිච්ච එකට..

ඔච්චරයි ඉතින් මේ දවස් වල වැඩ කටයුතු...

මුකුත් නොවුනොත් පාටියෙදි හරි පාටියෙන් පස්සෙ හරි හම්බ වෙමු එහෙනම්.. 

හැමෝටම ජය ඕන් !

Thursday, December 6, 2012

අළුත් කාලෙ අළුත් තාලෙ ෆැසන් !


ප.ලි. - කාලෙකට පස්සෙ මගේ නිර්දය විවේචකයා තම හඬ අවදි කලේ මාවත් පුදුම කරමින්..

"මේ ලිපිය පුරාම තියෙන්නෙ අළුත් පරම්පරාව කරන තම්න්ගෙ පරම්පරාවෙ ඉඳන් කරන්න බැරි වෙච්ච දේවල් ගැන ඉරිසියාවෙන් පුපුරන අදහස් වගයක් "

"එහෙම කොහොමද කියන්නෙ ?.. ඕනි කෙනෙකුට ඕනි කෝණයකින් බලන්න පුළුවන්"

"නව පරම්පරාවෙ මෝස්තර විවේචනය කරලා තියෙන යාංහෑල්ලක් මිස වෙන මුකුත් මේකෙ නෑනෙ"


"නව පරම්පරාවෙ මෝස්තර ඇහැ ගැටිලා ඒවා දැකලා මට හිතිච්ච දේවල් තමයි මේකෙ ලියලා තියෙන්නෙ ඔව්"

"ඇයි ඒවට ගරහන්නෙ මෙහෙම? තමුන්ට ලබා ගන්න බැරි කුහක කම නෙවෙයිද පෙන්නන්නෙ?"

"ඒ කාලෙ ඒ කාලෙට ගැලපෙන ඒවා මාත් කලා..මෙතන ගැරහීමක් නෑ..කොටින්ම කියනවා නම් ඕනි කෙනෙක් ඕනි රෙද්දක් ඇඳ ගත්තට මට කමක් නෑ..රෙදි නැතුව හිටියත් මට කමක් නෑ..නමුත් මේ තියෙන්නෙ මගේ නිරීක්ශන..මේවායෙම ඇලී ගැලී ඉන්නෙ නෑ...මන් දැකලා මට හිතිච්ච සහ ඒ ගැන මේ දැන් කල්පනා කරන කොට දැනෙන දේවල් තම්යි.."

"අර අන්තිමේ කියන්ඩ හදන්නෙ අද කාලෙ ගෑණු ලමයි අඳින ඇඳුම්  නිසා ඒ අය ගණිකාවො වගේ කියලනෙ ?!"


"නෑ මන් කියන්ඩ ගියේ ගණිකාවො අද සාමාන්‍ය මේ අය අඳින ඒවා පොඩ්ඩක් බලලා ආදර්ශයට ගත්තොත් තමන්ගෙ බිස්නස් එකට හොඳ ඩිමාන්ඩ් එකක් කර ගන්ඩ පුළුවන් වෙයි කියලයි"

"ඔව් ඉතින් තර්ක කරල නම් දිනන්න පුළුවනෑ වෙන කාටවත්!"

නැගිටලා යන්ඩ ගියා මේන් මේකා..

----------------------------------------------------------------------------------------------------------



අනිත් අය කරන ඇඳුම් පැළඳුම් මෝස්තර ගැන මගේ හිතේ තියෙන්නෙ මේ වගේ අදහසක් තමයි කෙටියෙන්ම කිව්වොත්...

අපි හැමෝම කැමතී ලස්සනට හැඩට වැඩට ඇඳලා ඉන්න..ඒ ඇඳුම් පැළඳුම් වලින් අපිව අනිත් අය අතරේ කැපිලා පේන්න ඉන්න..
මාත් එහෙමමයි..කාලෙන් කාලෙට එන මෝස්තර තරුණ කාලෙ කලේ නෑ කියන්ඩ බෑ.. කලා දැනුත් ඉතින් එහෙමයි..

ඒ උනාට මෙන්න ඇඳුම් පැළඳුම් ගති සිරිත් නිසා අපහසුවට  පත් වෙච්ච අවස්ථාවල් මන් ඇහැ ගැටිච්ච සිදුවීම් කීපයක්ම.. 

ඔබත් නවීන පන්නයේ මෝස්තර කරනවා නම්..බොහෝම විවෘත මනසකින් බලන්න මේ සිදුවීම් දිහා..සමහර විට ගන්න දෙයක් තියෙයි..

ඒ වගේමයි මේ වගේ සිද්දි බොහොම බහුලයි..අපි බස් එකේ යන කොට..පාරේ තොටේ යන කොට අවට පිළිබඳ පොඩ්ඩක් සාවධානෙන් ගියොත් ඔය ගොල්ලන්ටත් නිරීක්ශනය කරන්න පුළුවන්..
කිරුලපන බස් එකකට නගින්න හිටියා ලස්ස්න ගෑණු ලමෙක්..දෙසැරයක් හැරිලා නොබලපු පිරිමි පරාණයක් ඔය බස් හෝල්ට් එකේ හිටියෙ නෑ..එච්චරම ලස්සනයි වගේම ඇඳලා හිටියෙත් ටයිට් ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස්..කලර්ස් මැච් කරලා ඒකටම ගැලපෙන ජුවලරීස්..ටිකක් එහායින් වගේ හිටියා අම්මා හෝ ඇන්ටි විය හැකි කාන්තාවකුත්..බස් එක ආවා කට්ටිය නගින්න පොර කනවා..ඔය අතරට ආපු අර ගැණු දරුවා සහ පිටි පස්සෙන් හිටියෙ අර කාන්තාව..වැඩි පරිස්සමට වගේ..අනේ අර ටයිට් ඇඳුම නිසා බස් එකේ පඩියට නගින්න බෑ..එක කකුලක් ඇඟේ ඒ පැත්ත එක්කම උස්සලා තියන්න හැදුවා ම්ම්ම්හ්හ්හ්හ්හ්... අනිත් කකුලත් උස්සන්න බැලුවා...ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්..

පිටි පස්සෙ ඉන්න මිනිස්සු අර කාන්තාවව තල්ලු කරනවා මොකද හැමෝටම ඕනි බස් එක ඇතුලට යන්නනෙ..

අර කාන්තාව අර දැරිවිගේ තුනටිය හරියෙන් අල්ලලා පොඩි සප් එකක් දුන්නා..යන්තම් එක කකුලක් පඩිය උඩට ගත්තා.. බ්‍රාස්... අනේ අර ඇඳුම පලලා තද කරලා මහලා තිබ්බ තැනකින්ම පැලුනා..

මොනා කරන්නද ඇතුලට ගිය මේ දෙන්නා සහ සීන් එක දැක්ක අපි ටිකට හිනා නොගියා නම් ඉතින් හැඟීම් දැනීම් නොදැනෙන ලාදුරුවත් හැදිලා තියෙන්න ඕනි..ඉරිච්ච තැන් වලින් නොපෙනිය යුතු තැන් පවා පෙනුනා..සීට් එකේ ඉඳගෙන ඉන්න කම්ම..අර කාන්තාව තමන්ගෙ බෑග් එක අර දැරිවිගෙ ලස්සන කකුල් දෙක වැහුවත්..පාමංකඩ හරියෙන් බහින්න නැගිට්ටහම තමා සීන් එක.. අර දැරිවි තමන් ළඟ තිබ්බ බෑග් එකෙන් ඉස්සරහ වහ ගෙන යද්දි..අර කාන්තාව තමන්ගෙ බෑග් එකෙන් අර ලමයගෙ පිටි පස්ස ආවරණය කර ගෙන බස් එකෙන් බැස්සා.. බස් එකේම හිනා එකයි..මට පවු කියලා හිතුනත් අනිත් අය හිනා වෙන එක මට නවත්තන්න පුළුවනියෑ ?ත්‍රී වීල් එකකට මේ දෙන්නම නැග්ගත්.. අවට හිටි හැමෝම මේ දිහා බැලු එක නිසා මේ දෙන්නම මහත් අපහසුතාවයකට පත් උනා..




පොඩියක් මේ ඇඳුම අඳින්න් ඉස්සෙල්ලා තමන් යන්නෙ මොන වාහනේද කියලා හිතුව නම් හෝ...මේ ඇඳුම එක්ක රෙන්ට් කරලා වාහනේක ගියා නම් ඉවරයිනෙ කියලයි මන් නම් හිතුවෙ..

තමන් අඳින ඇඳුම තමන්ගේ අතිශය පෞද්ගලික රුචිකත්වය එක්ක යන එකක් නිසා වෙන කාටවත්ම ඒ ගැන විවේචනය කරන්න බෑ..කරන්නත් හොඳ නෑ..

ඒත්..

මම ම අත්දැකලා තියෙන එකක් තමයි..මේ කොළඹ ඉතින් කොහොමත් රස්නෙයි..දාඩියයිනෙ..දාඩිය ඉහින් කනින් වැක්කෙරෙන්නෙ..සමහර වෙලාවට..

දැන් කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලෙත් අත් නැති ටී ශර්ට් අඳිනවනෙ..ඒක බොහොම හැඩ ඇඟක් තියෙන අයට බොහොම ලස්සනයි..බලන්නත් ආසයි..අපේ අළුත් අයගේ විලාසිතා කියලා පොඩි මෙව්වා එකකුත් හිතට එනවා.. ඒත් බස් එකේදි සමහර විට  සමහරෙක් දෙනා අර බස් එකේ උඩ පොල්ල අල්ලන්න අත ඉස්සුවහම තමයි සංසාරෙ එපා වෙන්නෙ.. දාඩිය ගඳ ..සමහර විට ඔක්කාරෙට එන්න තරම්..දාඩිය සුවඳට යම් ආකර්ෂණීය හැඟීමක් තිබ්බත් මේ එන කුණු මාළු වගේ කුයිලෙනම් ඉවසන්න වෙනම නහයක් ඕනි..ඇයි මේ ගොල්ලො මේක ගැන හිතලා මහ ලොකු වියදමක් යන්නෙ නෑනෙ ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරන්නෙ නැත්තෙ කියලා හිතන කොට නම්...එන්නේ පොඩි පහේ කේන්තියක් !


මේ ළඟදි මහරගමින් ඔහොම හොඳ ජව සම්පන්න තරුණයෙක් නැග්ගා බස් එකට..අළුත්ම ස්ටයිල් එක අර කලිසම පුක පල්ලෙන් අඳින එක..බස් එකේ ඉස්සරහම හිටගෙන අත උස්සලා උඩ තියෙන පොල්ල අල්ල ගත්තහම උඩ යන කොට ටී ශර්ට් එකෙන් තුනටියත් පහලට එල්ලිලා තියෙන කලිසමෙන් පුක පේන කොට මහා අප්පිරියාවක් තමයි ඕනි කෙනෙකුට ආවෙ..මේක බස් එකේ ගොඩක් අය දැක්කා.. මේ ස්ටයිල් එක හරියට එනවා නම් බ්‍රෑන්ඩඩ් යට ඇඳුමක් තියෙන්නෙ ඕනි මගේ හිතේ..මෙහෙම ජොකාත් එක්කම පහලට වැටෙන්න අඳින්නෙ නෑ..මොකද උනේ.. බස් එක අද්දන්න ඔන්නෙ මෙන්න තියා බස් එක ඇතුලට ආපු නිල මැස්සො දෙන්නෙක් පොර කනවා මුගේ කලිසමෙන් යන්තම් වැහිලා තියෙන පුකේ දාරෙ අස්සෙන් රිංගන්න..පොඩ්ඩක් හිතා ගන්නකො මොන තරම් ජුගුස්පාජනක දර්ශනයක්ද මැවෙන්නෙ කියලා.. මන් වගේම අනිත් හැමෝමත් මූණ ඇඹුල් කර ගෙන අහක බලා ගත්තා.. අර මැස්සො ජය ගත්තද දන්නෙ නම් නෑ..




තමන් කරන ෆැසන් එක හොඳටම කරන්නෙ කොහොමද කියලා ස්ටඩි කරලා කරනවා නම් මෙහෙම වෙයිද ??? නෑනෙ..

මේ දවස් වල අළුත්ම ට්‍රෙන්ඩ් එක අර හිරට හිරේ අඳින ලෙගින්ස් නෙ..ඒකත් හරිම ලස්සනයි..අපරාදෙ කියන්න බෑ පිරිමි අපිට බලන්න ආස කරන තැන් හොඳට කැපිලා පේන්න තමයි ඒ ඇඳුම තියෙන්නෙ.. මන් නම් ඒ නිසාම ඒ ඇඳුමට හොඳට ලකුණු දෙනවා කොටින්ම.. අපිත් මහ මඟ හරි බස් එකේ හරි යන්නෙ සමහර වෙලාවට ඈනුම් ඇර ඇර බොහොම කම්මැලි කමෙන්..ඔය වෙලාවට පොඩ්ඩක් හිත කුල්මත් කරගෙන සතුටින් යන්න කවුද අප්පේ අකමැති ??? මන් කීප අවස්ථාවකම දැකලා තියෙනවා ලෙගින්ස් ඇඳලා කකුල් දෙකේ වතුර හලා ගෙන යන ලස්සන යුවතියො..අනේ අතේ පයේ තියෙන බෑග් වලින් වහන් තමයි යන්නෙ..දාඩියද නැත්නම් වෙන මුකුත් ප්‍රශ්ණයක්ද මන්දා ?




කියන්න තියෙන්නෙ වතුර හලා ගන්න එපා කියලයි..ඔච්චර පරිස්සම් වෙන්න දන්නෙ නැද්ද අප්පා ???

ලස්සන කකුල් තියෙන ගෑවු ලමයි කොට ඇඳුම් ඇන්ඳහම හරිම හැඩයි..අපරාදෙ කියන්න බෑ.. එතකොට පිරිමි උනත් හොඳට බලනවනෙ..බලන එක ගැන  උරන වෙන්ඩ එපා ඕන්..හැබැයි බස් එකේ යන කොට ඉස්සරහම තියෙන සීට් දෙක තුනේ ජනේලෙ පැත්තෙ නෙවෙයි අනිත් පැත්තෙ ඉඳ ගන්න කොට පොඩියක් පරිස්සමින් ඉඳ ගන්න.. අර බස් එකේ තියෙන කන්නාඩියෙන් තව තව එව්වත් පේනවා... කොල්ලො ඔව්වා දිහා බලනවා.. ඒ ගැන අකමැත්තක් නැත්නම් විතරක් ඒම ඉඳගෙන ගියාට ඕන් කමක් නෑ..



මේ පහු ගිය දවසක මහ රෑ කොළඹ ටවුම හරහා එන කොට හිතිච්ච දෙයක් තමයි අපේ රෑ සමනලියන් මේච්චර ලස්සන ඇඳුම් ගැන එච්චර දැනුවත් වෙලා නැත්ද මන්දා කියලා..මොකද බහුතරයක් ඒ ගොල්ලො ඇඳන් හිටියේ එච්චර ආකර්ශණයක් නැති ඇඳුම්ම තමයි..ඒ අයට ඇයි මේවා හඳුන්වලා නොදෙන්නෙ කියන එක මට ලොකු ප්‍රශ්ණයක්..




මොකද ඒ ගොල්ලන්ගෙ වෘත්තියට තමයි මෙහෙම ලිංගික ආකර්ශනයක් ලබල දෙන ඇවතුම් පැවතුම් ඇඳුම් පැළඳුම් වැඩියෙන්ම ඕනි කරන්නෙ !


අනිත් එක තමා මේ ඊයෙ පෙරේදා මන් ළඟ හිටි ගැණු ළමයා ෆෝන් එක කනේ ගහ ගත්ත ගමන්මයි..අනිත් පැත්තෙන් කියන හැම දේටම හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් කියනවා බස්සෙක් වගේ.. වැඩේ කියන්නෙ අර ෆෝන් එකේ ස්පීකර් එක පොඩි උනාට සහ ඒක ස්පීකර් මෝඩ් නොදා තිබ්බට..ළඟම හිටි මට ඇහෙනවා අනිත් පැත්තේ ඉන්න කොල්ලා කියන දේවල්..

ඒ කීව දේවල් ගොඩක් එව්වා ඒ ගොල්ලලො ලිංගිකව හැසිරෙන කොට මේ කොල්ලා කරන්න ඉන්න දේවල්ම තමයි..ඔය ගොල්ලො ප්‍රසිද්ධ ස්ථාන වල ෆෝන් එක පාවිච්චි කරන කොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න..ඔය ළඟ ඉන්න අයගෙ කන් හොඳට ඇහෙනවා..සහ ෆෝන් එකෙන් එන ශබ්දය හිතන් හිටියට තමන්ට විතරයි ඇහෙන්නෙ කියලා එහෙමම නෑ..




ඉතින් ඔය වගේ අද කාලෙ ෆැසන් ගැන කියන්ඩ කරුණු කාරනා නම් කොයි තරම් තිබ්බත්...ඇස්පැරගස් කාල මැරෙන්ඩ හිටි මට ගුටි කාල මැරෙන්න වෙයිද මන්දා කියලාත් නොහිතුනාම නෙවෙයි...


අවසානෙටත් කියන්නෙ මන් නම් හරි කැමතී මේ අළුත් අළුත් ෆැසන් වලට..