ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Tuesday, October 30, 2012

රුධිරාභිලාස නාමල් කුමරු..


මෙම කතාවෙ ආරම්භයට මෙතනින් යන්න..

http://www.liyanna-liyanna.blogspot.com/2012/10/blog-post_26.html



නාමල් කුමාරයගේ සහ බිසවුන්නාන්සේගේ කතාව වගේම අර සඳ වලකුලකින් වැහිච්ච වෙලාවෙ වැව් කණ්ඩියේ වැව් වතුර වදින හඬ අස්සෙන් ඇහෙන සිනා හඬ ගැන කතාන්දරය දැන ගන්ඩ වැඩෙන කුතුහලයෙන් තමයි අපි තුන් දෙනාම එදා රෑ නින්දට ගියේ.. 

මේ ගැන මොනා හරි හාන්කවිසියක් දැනන් ඉන්න බව නිමල් අයියාගෙන් පෙන්නුම් කලත් මිනිහා නෙවෙයි ඒ ගැන කටක් වත් හෙල්ලුවෙ..

හැබැයි අපිට හොඳටම විශ්වාසයි මනං සීයා මේ කතාවෙ ඉතුරු ටික කියන්නෙ නම් හෙට රෑ මිස ඊට ඉස්සර වෙලා නොවන බව ! මොකද සීයා උදේ පාන්දරම යනවා එළවළු කොරටුවට..ඒකෙ සාත්තුව ඉවර උනහම කඩ මණ්ඩියෙ  රැඳිලා ඉඳන් හවසට තමයි ආපහු ගෙදරට එන්නෙ..හවස් ජාමෙ අපේ පෙරැත්තෙත් එක්ක බොහොම කැමැත්තෙන් වැව් කණ්ඩිය පාමුල..ඒ අකමැත්ත පෙන්නන්නෙ නම් ඉතින් වෙන මොකටවත් නෙවෙයි බුලත් විටක් කොටවා ගන්න..වාත තෙල් ටිකක් තුනටියෙ ගාව ගන්න වගේ වැඩ වලට බව අපි තුන් දෙනාම හොඳටම දැනන් උන්නා.. එදා රෑ හීනෙන් දැක්කෙත් රජ කුමාරයෙක් කුමාරියක් එක්ක මහ රෑ තිස්සෙ කලා වැවේ දිය නාන සිද්ධීන් කීපයක්ම තමයි..

පහුවෙනිදා උදේ පාන්දරම ඇහැරෙන කොට..වෙනදා තිබ්බ  නැන්දගේ මාමගේ මුළුතැන් ගෙයින් එන කටහඬ මුකුත්ම නැති නිසා අපිට වෙනස්ම අමුත්තක් දැනුනා.. නිර්මලා නංගි කුස්සියට ගිහින් ආපහු ආවෙ නැන්දයි මාමයි එහෙ නෑ කියලා ඔළුවෙන් සංඥා කරමින්..ගෙදර අනිත් කෑල්ලෙ කාමරයක තමයි සීය නිදා ගන්නෙ.. ඒ පැත්තට එබිලා බලපු නංගි අපිට අතින් සන් කලේ ඉක්මනට එන්න කියලයි..

අපි එතන ජනේලෙ ළඟට යනකොටම අපිට ඇහුනෙ නැන්දගෙ කටහඬ,

"කොයි තරම් කීවත් අහන්නෙ නෑ..සුරුට්ටුව තමයි හැම වෙලාවෙම කටේ..ඒ මදිවට රෑ තිස්සෙ වැව් කණ්ඩියේ පිණි බබා ඉන්නවා"

අපිත් දුව ගෙන ගියා සීයා හිටි කාමරේට..

ඔළුව පුරාම පොරෝ ගෙන සීයා නිදන් ඉන්නවා..මාමා දුම් දමන කොත්තමල්ලි කෝප්පයක් අතින් අරන්..
බොහෝම දුර්වල හඬින් සීයා කහින්න උත්සාහ ගන්නවා..

සීයගෙ සෙම ඇවිස්සිලා හොඳටෝම..බෙහෙත් කොළ ජාති දමපු උණුවතුර හුමාලෙ ඇල්ලුවට පස්සෙ තමයි පොඩ්ඩක් සීයට සනීපයක් දැනුනෙ..

"හංදියෙ දොස්තර මහත්තයගෙන් බෙහෙත් ටික වත් අරන් එමු තාත්තෙ"

"මට හරියන්නෙ නෑ ඔය ඉංගිරිසි බෙහෙත්..ඔය පාවට්ටා මීපැණිය ටිකක් ගෙනත් දීහන්"

"ඔය එක්කම සුරුට්ටුවකුත් අරන් දුන්න නම් සේරම ලෙඩ ඉවරයි" 

කියලා මාමා කිව්වෙ නම් අපිට ඇහෙන්න විතරයි..

අපි සුපුරුදු විදියටම වැවේ නාන්ඩ ගියත්..අතන මෙතන ටැග් ගැහි ගැහී..ඇළ දොලවල් වල ඇවිද්දත්..කොල්ලො රංචුව එක්ක රවුම් ගැහුවත්..හිත කොනක මොකද්දෝ පුංචි දුකක් පැළපදියම් වෙලා තිබ්බා.. එක වෙලාවකට ඇයි දුකින් ඉන්නෙ කියලා එක පාරටම මතක් නොවුනත්...ඒ සීයාගෙ අසනීපය කියලා ඊළඟ මොහොතේ අපිට මතක් උනා නිරන්තරයෙන්ම..

ඔහොම දවස් තුනක් තිස්සේම කසාය වඩි දෙක තුනක් බොන කොට.. සීයා අයිමත් තමන්ගෙ සුපුරුදු ශරීර සෞඛ්‍යය තත්වෙටම ආවා...
හරියටම හතර වෙනි දවසෙ උදෙන්ම..උදැල්ල අරන් සුද්ද පවිත්‍ර කරන කොට අපි දැන ගත්තා අද රෑ නම් අපි හතර දෙනා ඉන්තේරුවෙන්ම වැව් කණ්ඩියේ තමයි කියලා.. නැන්දගෙයි මාමගෙයි චුරු චුරු ගෑවිල්ල කන මායිමකට වත් නොගත්ත සීයා..එළවළු කොරටුවෙ..හවස් ජාමෙ නාලා කරලා එනකොට පහු ගිය දවස් ටිකේ කැස්ස හැදිලා ලෙඩ වෙලා හිටි මනුස්සයමද මේ කියලවත් හොයා ගන්න බැරි තරමෙ..

පෝය පහු වෙලා දවස් කීපයක් නිසාම හඳත් ටික ටික.. තමන් ඉස්සෙල්ලා තරම් රවුම් නෑ කියන්නාහෙ වක ගැහෙන්න ගත්තා..

දහවල් කාලයේ ඉර රශ්මියට බැබලිලා දෑස් රිදුම් දෙන මේ පරිසරයම රෑට හඳ එළියෙන් බබලන්නෙ ඇහැට හරිම සනීපයක් ගෙන දෙවමින්..කොයි තරම් වෙලා බලා හිටියත් ඇති වෙන්නේම නැති තරම්..

සීයා කොටපු බුලත් හපය කටේ දමලා කීප සැරයක්ම එහෙම මෙහෙට හපලා මුල්ම බුලත් කෙල පාර ගහන කම් අපි බලන් හිටියෙ හරිම නොඉවසිල්ලෙන් තමයි..

"සීයෙ අර නාමල් කුමාරයගෙ කතාව ?"

"මොන නාමල් කුමාරයගෙ කතාවද මයෙ පුතේ ?"

"අර වළාකුලකින් හඳ වැහිච්ච වෙලාවක වැව් වතුර කණ්ඩියේ හැපෑන කොට ඒ සද්දෙ අස්සෙන් ඇහෙන හිනාවෙන සද්දෙ අයිති නාමල් කුමාරයයි එයාග් කුමාරිගෙයි කතාව සීයේ "

"ආ...ඒ නාමල් කුමාරයා...පුතේ ඒ නාමල් කුමාරයා කිව්වට එයා කුමාරයෙක් කියලම කියන්නත් බෑ..යක්ශයෙක්..රාක්ශයෙක් විදියට තමයි කියවෙන්නෙ"

"යක්ශයෙක් ?"

"ඔව් පුතේ ඒ කුමාරයගේ අම්මා ගිනිජල් බිසවුන්නාන්සෙට මේ කුමාරයා පිළිසිඳ ගත්තහම රටට මහා විපතක් වෙනවයි කියලා බොහෝමයක් නිමිති කියවෙන්න ගත්තලු..ඒ හින්දම මේ කුමාරයා ඉපදිච්ච ගමන්ම මරා දමන්ඩයි නියම වෙලා තියෙන්නෙ..මව් බිසවුන්නාන්සෙ දවසක් හීනෙන් නාමලක් ගිලිනවා දැකලා ඒ හීනෙන්  අවදිවෙච්ච වෙලාවෙ ඉඳන්ම නාමල් කන්ඩ පුදුම ආසවක්ලු ඇති වෙලා තියෙන්නෙ..ඒ වගේමයි නාමල් සුවඳට පුදුම විදියේ පෙරේතකමක් ඇති උනාළු..කල්ලු රටේ සෝලී පුරයේ හිටි පිය රජ්ජුරුවො මලිය රජ්ජුරුවොත් නාමලක් බිමට වැටෙනවා හීනෙන් දැකලා නාමල් කුමාරයා ඉපදිච්ච ගමන්ම මරන්ඩ තැත් කලත් කුමාරයා රන්වන් පිළිමයක් වගේ ලස්සන හින්දා නොමරා බේරුවලු.. ඒත් අනේ අර භයානක නිමිති ටික කීව විදියටම රටට සිද්ධ වෙන්න ගත්තළු"

"කෝ මයේ පුතාලට නිදි මතද ?"

"නෑ නෑ සීයෙ.. ඊට පස්සෙ උනේ මොකද්ද ?"

කුතුහලයෙන් මුව අයාගෙන සිටි අප තිදෙනාම එක්වරම පැවසූවෙමු.

"ඉතින් මේ නාමල් කුමාරයා ලේ බොන යක්ශයෙක් විදියටයි ප්‍රසිද්ධ උනේ..කොහොමින් කොහොමින් හරි ඔය පත්තිනි , කතරගම වගේ අනිත් දෙවි දේවතාවුන් වහන්සේලාගෙ ආරක්ෂාවත් එක්කම මේ නාමල් කුමාරයා  අවතාර දේවතාව. සපුමල් දේවතාවා වගේම මිනීමරු යකා කියන තුන් දෙනෙක් එක්ක ලංකාවට ගොඩ බැස්සලු..අනිත්තුන් දෙනා කෙසේ වෙතත් නාමල් කුමාරයා රට වන්සන්න උනයි කියලයි කියන්නෙ.."

"ඒ කොහොමද සීයේ ?"

සීයා බුලත් හපයම කටින් තූ ගා විසී කර තම මඩිස්සලය අවුස්සනට වූයේ..

"කෝ උඹලයෙ අම්මා මේකෙ තිබ්බ සුරුට්ටු ටික මැල්ලුම් හදලද මන්දා ?"

නොරිස්සුමෙන් පවසමින්..තවත් විඩක් ඒදන්නට විය..

"රටේ සාගතයක් ඇති උනහම මේ කුමාරයා සුදු මීමෙක්ගෙ පිට උඩ නැගලා බොහෝම ජයග්‍රාහී ලීලාවෙන් ගමන් කොරනවා කියල කියවෙනවා.. ඒ වගේමයි ඔය එක දුර්භික්ෂයකදි ..මෙයත් යොන් ජාතිකයෙක් හින්දා..යොන් වෙලෙන්ඳො පිරිසක් එක්ක පිත්තල භාජන වෙලඳාමෙ යෙදුනළු..ඔය රඳාවෙල මිනිස්සු තමුන් ගත්ත පිත්තල බඩු වලට මිල ගෙව්වෙ නැහැයි කියලා නාමල් කුමාරයා එක රෑකට මිනිස්සු හැට හැත්තෑවකගෙම බෙලි මිරිකලා ලේ බීලා තියෙනවළු"

"ඉතින් ඔයි තරම් ලේ උරා බොන යක්ශයෙක් ඇයි මේ කලා වැවේ බිසවුන්නාන්සෙ එක්ක දිය කෙලින්නෙ රෑට ? කවුද මේ වගේ යක්ශයෙකුට කැමති වෙච්ච කුමාරි ?"

බාධා කිරීමට අකමැති වූවත් අප තිදෙනාටම ඇසිය යුතු ව තිබු ප්‍රශ්ණය නිමල් අයියිආ ඇසීය..

"ඔව් දවසක ගොඩාක්ම ලස්සන රූමත් යොන් දැරිවියක් දැක්ක මේ කුමාරයා ඈට ආලෙ බැන්දලු.."

මා නිර්මලා නංගී දෙස බැලූවත් ඈ බිම බලා ගෙන සිටියාය..

"ඒ උනාට මනුශ්‍ය ලඳක් එක්ක සරණ වෙන්ඩ බැරි හින්දා ඈව මන්තර බලෙන් වසඟ කරල හිට මැරුණට පස්සෙ ඈව සරණ පාවා ගත්තලු"
ඉතින් ඊට පස්සෙ ?

"ඊට පස්සෙ..ඒ දෙන්නා මුලින්ම මුන ගැහුනු තැන් වලට ගිහින් වතුර වලින් ගහ ගනිමින් ජල ක්‍රීඩා කර කර සතුටින් හිනා වෙනවළු...හඳ වළාකුලකට වැහුන හම මයෙ පුතාලට ඇහෙන්නෙ ආන් ඒ හිනා සද්දෙ තමයි"

"සීයෙ අම්මා කීවා අද නම් රෑ වෙන්න ඉස්සෙල්ලා ආඵු ගෙදර එන්ඩයි කියලා.. නැත්නම් ආයි සීයට කැස්ස අල්ලයි කීවා"

මෙච්චර වෙලාවක් නිහඬව සිටි නිරම්ලී නංගී තම හඬ අවදි කලාය.

"අම්මපා උඹලයෙ අමාගෙයි තාත්තගෙයි ඔය වැඩි සෙනේ තමයි මට දවසක නරකට හිටින්නෙ ඕන්"

 මවා ගත් නොරිස්සුම් හඬකින් සීයා බිම දමා තිබූ අමුඩ ලේන්සුව ගෙන ගසා..කරට දමා ගත්තේය..

සැබවින්ම අදටද කලා වැව අභියස සිට මෙම මෘදු සිනහා හඬ දෙසවන තුල රඳවා ගැනීමට මට හැකි වූවත්..අයෙකුට මේ කතාව දන්නා නිසා මා මනසට කරන ස්වයංයෝජනාවක් නිසා එසේ වෙතැයි තර්ක කිරීමට හැකි වූවද..අදටත් මා විස්මයෙන් ඇලලෙන්නේ..මෙම කතාව නොදැන එදා දෙසවන වැටුනු සිනා හඬයි..

මා ජීවිතය තුල ඇති දහසක් විස්මයානුකූල දෑ අතර පමුඛත්වයක් ගැනීමට එය සමත් වන්නේ නිරායාශයෙනි...


ජීවිතය නම් කෙතරම් විස්මයානුකූල සිද්ධීන් සමූහයකගේ ස‍යුක්ත එකතුවක්ද යන්නත් එහි විවිධත්වය මත ජීවිතය වඩ වඩාත් සුන්දර නොවන්නේද යන්නත් මගේ සිතට ගෙන එන්නේ නොමද ආහ්ලාදජනක හැඟීම් සමුදායකි..


Friday, October 26, 2012

කලා වැවේ අපේ ජන කතා..




කලා වැව අභියස පිහිටි අපගේ මාමාගෙ නිවස..පාසැල් නිවාඩුව ගත කිරීමට කදිම තෝතැන්නක් වූයෙන් අපද කෙසේ හෝ පාසල් නිවාඩුවට දහසකුත් එකක් කරුණු කතන්දර කියා එහි පැමිණෙන්නට කරුණු සාදා ගෙන තිබිනි..

"ඕන් මන් පංතියෙ පළ වෙනියත් උනා..මේ සැරේ නම් මාමලයෙ ගෙදර ගිහින් එන්නෙ ඉස්කෝලෙ පටන් අර ගන්න දෙදොහකට මෙහා තමයි ඕන්"

මන් දමා ගැසූවේ තුරුම්පු ආසියා බැවින් අනිත් සියළුම කොළ ඊට යටවිය..

මාගේම වයසේ වූ නිමල් අයියා..මාසයක වඩා වැඩිමහල් වීමත් මට වඩා දැනුමින් වඩාත් පොහොසත් වීමත් මා දැඩි ලෙස ඔහුට ආදරණීයව අයියා කීමට පෙළඹිනි..

ඊටත් වඩාලාත්ම මා ප්‍රිය කලේ නැන්දාගේ තාත්තා වූ මනං සීයාගේ ඇසුරයි. මා නිමල් අයියාට ආදරය කලත් මේ මනං සීයා සැමවිටම ඔහු සමඟ වීම ගැන නම් මර්ධනය කල නොහැකි ඊර්ෂ්‍යාවක් සැමදා සිත තුල තුබුනි..අදටද මා නිමල් අයියාට ඊර්ෂ්‍යා කරන්නෙ මා හට නොලද ඒ ඇසුර ඔහුට ලැබුනු නිසාය..

සීයගේ අතීතය පිළිබඳ කතන්දර මතකය සමහර විට පරදින්නේ කලා වැවේ ජල තලයට පමණක් වන්නට ඇතැයි මට සිතුනු වාර ගනන අපමණය...

සවස සිටම  රාත්‍රී නිදිමත එනතෙක්ම වැව් ඉවුරට වී නොයෙක් නොයෙක් කතන්දර කියමින්..බුලත් විට කීපයක්ම හපමින් මදකට අපෙන් සමුගෙන ගොස් සුරුට්ටුවක් බොමින්ද මා, නිමල් අයියා සහ නිර්මලී නංගී ගතකල ඒ අතීතය..අදටත් මට ගෙන එන ඉමිහිරි ආවර්ජනා සුවඳ...

සඳ කළු වලාකුලට මුවා වී තරු කැකුලියන් හා මොන මොනවාදේ දොඩනවා වන්නට පුළුවන..

හාත් පස අඳුරින් වැසී යයි..

""පුතා කියන්ඩ බලන්ඩ මොනාද ඔයාලට ඇහෙන්නෙ?"

බුලත් විට හා සුරුට්ටු සුවඳින් යුත් රැවුල අතගාමින් සීයා අප අමතයි..නිමල් හා නැගනිය නිහඬය..උත්තරය බලාපොරොත්තු වන්නේ මගෙනි..

"සත්තු කෑ ගහනවා...

හුළඟ ගස් කොල වල හැප්පිලා එන සද්දෙ....ම්ම්ම්ම්ම්

එතකොට වැවේ වතුර වැව් බැම්මෙ හැප්පිලා එන සද්දෙ...ම්ම්ම්ම්ම්"

"වැවේ වතුර වැව් බැම්මෙ හැප්පිලා එන සද්දෙ ?!..ඒ සද්දෙ මොනා වගෙද මයෙ පුතේ?"

සීයා මගේ හිස පිරිමදිමින් අසයි..

"හෝ හෝ...සරස්...ගාලා සද්දෙයක් එන්නෙ"

නිමල් හා නිර්මලී සිනා සෙයි..

"හා මයෙ පුතාලා ඇස් දෙක පියා ගෙන හොඳට අහගෙන ඉන්න..අර හඳ වලාකුලෙන් එලි බහින කල්ම අහන් ඉඳලා වැවේ වතුර බිඳෙන සද්දෙ මොන වගේද කියන්ඩකෝ එහෙනම්"

සීයා තවත් සුරුට්ටුවක අග පොඩි කරමින් පවසයි..

මාද දෑස් පියාගෙන හොඳින්...වඩාත් හොඳින්...දෙසවන් දිය කැලති..කැලතී..වැව් ඉවුරේ බිඳෙන හඬින් මුළු සිතම පුරවා ගන්නට තැත් කරමි..විවිධ විවිධ තාල හඬ..විටෙන් කවුදෝ මුමුනන හඬ..සමඟ නිරන්තරයෙන්ම..සල...සල..හඬින් දෙසවන්..පිරී යන්නට වීය...දැස් සෙමින් විවර කලෙමි...සඳ කුමරිය වලා පටින් එබී බලන්නට තව ඇත්තේ මොහොතකි..නැවත..දෑස පියා ගතිමි..

එවිටම...විස්මයෙන් මා සිත ගත අවුළුවාලමින්..දෙසවන් පිරී ගියේ..දෙදෙනකුගේ කිංකිණි සිනහා හඬකිනි...

ක්ෂනයකින් සිතූයේ..නිමල් අයියා හා නැගනිය වන්නට පුළුවන යන්න වූවත්..
මුළු පරිසරයම ගිගුම් දුන්නේ..එම සිනහා හඬිනි..එය රැව් පිළිරැව් දෙන්නෙ..කැඩී බිඳී විසිරෙන ජල තරංග..සමඟිනි...තව දුරටත්..ජලය බිඳෙන හඬක් එතැන නැත..ජලයේ බැස ප්‍රීතියෙන් ක්‍රීඩා කරමින් ජලය ඉස ගන්නා කොල්ලෙක් හා කෙල්ලකගේ සිනා හඬ පමණි එතැන තිබුනේ...
මේ නම් කුමන විස්මයක්ද ???

මා දෑස විවර කලෙමි..නිමල් හා නැගනියද නිහඬව අසා සිටී..ඔවුන්ගේ මුහුණේ වූයේද මා ඇසූ දෙයම ඔවුන්ටද ඇසුණු නිශ්චිත බවකි..

"ඔව් මයෙ පුතේ මොනාද ඇහුණේ ?"

නැවතත් සඳ එළියේ මනස්කාන්ත බවින් අවට පරිසරය බබලන්නට වීය..

"මට ඇහුනේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි...වතුරෙ බැහැලා වතුර ගහ ගන්නවා හිනා වෙවී"

මට පිස්සු යැයි සිනහා වේයැයි සිතමින් මා පැවසූවත්..

තිදෙනාම තම හිස වනමින් මා අනුමත කලෝය..

"ඒ තමයි නාමල් කුමාරයා තමන්ගෙ බිසවුන්නාන්සෙ එක්ක කලා වැවේ නාන කොට හිනා වෙන සද්දෙ"

"අනේ සීයේ ඒ කතාව මොකද්ද ? කියලා දෙන්නකෝ"

"පුතේ මන් දැන් මෙච්චර වෙලා කියලා දුන්නෙ කලා වැව හොයා ගත්ත කතාවනෙ..දැන් ඒක මතකද ?"

"ඔව් ඔව් "

මුඛ පරම්පරාවෙන් ආ ඉතා සිත් අලවන කතා කිහිපයකින් එකක් වූ එය සීයා මෙන් ඉතා රසවත්ව අකුරු කිරීමේ හැකියාවක් නැතත් එය සැකෙවින් මෙසේය..මෙය මාගේ මතකයේ රැඳී ඇති කොටසයි..සීයා මීට වඩා මෙම කතාව කීවා යැයි මා මතකය පවසයි..

කඩවර කියන්නෙ අනුරාධපුරයේ සිටි නගර වැසියෙක්..එයාට හිටි අඹු සිඟිත්ත නම් නියම වධක බාරියෙක්...මෙයාගේ නින්දා අපහාස ඉවසලා ඉවසලා බැරිම තැන අඹුවත් දාලා කැලේකට ගියාළු..ගිහින් ඔය වනන්තරේ පල වැල කාලා සත්තුත් එක්කම බොහොම සාන්ත දාන්ත ජීවිතයක් ගත කර කර අවුරුදු 12ක්ම ඉන්නකොට ආයිමත් මෙයාගෙ නරක වෙලාවටද කොහෙද..රජවාසලට දඩ මස් සපයන මනුස්සයගෙ ඇහැ ගැටිලා මේ ආරංචිය රජ්ජුරුවන්ගෙ කනේ තියලා..නිකන් නෙවෙයි හොඳ පත සයිස් කේලමකුත් එක්කම ගින්න දීලා..

අවුරුදු දොලහක් තිස්සේම කැලේට කැඳවලා තියෙන්නෙ කඩවරට වටිනාකම නියම කරන්ඩ බැරි තරමේ නිධානයක් පරිස්සම් කරන්ඩයි කියලයි රජ්ජුරුවන්ට ගින්න දුන්නේ.. 

දැන් කැඳෙව්වා මේ අහිංසක මනුස්සයව රජතුමා ඉස්සරහට.. ඇහුවා නිධානෙ ගැන..දැන් ඉතින් කඩවරාට කට උත්තර නෑ.. මේ මනුස්සය වනාන්තරේ ජීවත් වෙන්න ගියේ අඹුවගේ කන් කරච්චලෙන් බේරෙන්න මිසක් නිධානයක හාංකවිසියකින්යැ? හැබැයි ඔය කැලේ සක්මන් කරන කොට කඩවරගෙ ඇහැ ගැටිලා තිබ්බා කලා වැල් කියන යෝධ වැල් වලින් දොර වැහිලා තිබ්බ නිසා වතුර එක තැන රැඳිලා තිබ්බ තලාවක්...හැතැම්ම ගානක් පැතිරිලා තිබ්බ මේ ජල තලාව තමයි මන් දැනන් ඉන්න එකම නිධානය කියලා රජ්ජුරුවන්ට කීවා..රජතුමාත් එතන පරීකශා කරලා තමයි..ඉහකුල වැව, කිරි ඔය සහ තලවතුරු ඔයේ වතුර හිර කරලා තමන් බෙහෙවින්ම ආදරේ කරපු කලා වැව බැඳලා තියෙන්නෙ..

කඩවර මේ වැවේ මුරකාරයා විදියට පත් කලාලු..

සියල්ලෝ සතුටින් ජීවත් උනාද ඉන් පස්සෙ? 

එක වර්ශාවක් එක්කම එක දවසක කඩවරා දැක්කලු බැම්මේ වතුර කාන්දු වෙන උමඟක්..පොඩි පහේ එකක් වෙන්න ඕනි..ඒත මේ වතුර කාන්දුව දිගටම තිබ්බොත් වැව් බැම්ම කැඩිලා යන එක ස්ථීරවම දැන ගත්ත කඩවරා කලේ එතැනට පැනලා තමන්ගේ ඇඟෙන් ඒ උමඟ වැහෙන විදියට එන ජල කඳට තමන්ගෙ ජීවිතය පූජා කරපු  එක..මේ පිනෙන් තමයි කලා වැව බාර දෙවියෙක් විදියට කඩවර දෙවියෝ උපන්නෙ..

"ඉතින් සීයෙ නාමල් කුමාරයායි එයාගෙ බිසවගෙයි කතන්දරේ කියන්ඩකො"

පුතේ දැන් රෑ වෙලා නොවැ.. අද ගෙදර ගිහින් අපි හෙටත් එනවනෙ මෙතැන්ට..හෙට කියන්නම් ඒ කතාව"

හැමදාම වගේ කතාවක් පටන් අරන් මොනා හරි ඉඟියක් දීලා අපේ ඔළුව කුතුහලෙන් පුරෝලා ඊළඟ දවස වෙනකන් අපිව පොරොත්තු කරන එක සීයගෙ විනෝදාංශෙද මන්දා ?

ඉතින් මමත් නාමල් කුමාරයෙගෙයි බිසවුන්නාසෙ ගැනයි මනං සීයා කියපු ජන කතාව ඊළඟ පෝස්ට් එකෙන්ම කියන්නම් !

ප.ලි ඉස්සෙල්ලා ලියපු මඩ පෝස්ට් එකේ කමෙන්ට් වලට හැම එකටම උත්තර ලීවෙ නෑ..අර ගහෙන් වැටුන මිනිහට ගොනා අනින්නැහෙ..මඩ කාලා ඉන්න කෙනාට තව කමෙන්ට් වලිනුත් මඩ ගහන එක හොඳ මදීයි කියලයි මන් හිතුවෙ..

ප.ප.ලි.. සෙනසුරාදා , ඉරිදා..යාල සංචාරෙ..නිසා කමෙන්ට් නම් කියවන්න් බැරි වෙයි.අඟහරුවාද වෙනකම්ම..

Thursday, October 25, 2012

යන එන කොට කොරපු විගඩං - අම්පාර ටුවර්ස්..


මම මේ තරුණයො (?) පිරිස එකතු උනේ මහා පිංකමකට බව හැබෑව..ඒ ගැන විස්තර අපේ සිරා මලයා සහ රාජ් මලයා දමලා තිබ්බ නිසා..


මන් ඔයාලව එක්ක යන්නෙ ෆොටෝ කතා බහකට.. ෆොටෝ එකක් කතා කරන බව හැබෑව..ඒත් මන් ට්‍රයි කලේ ඒ කතාව උනේ කොහොමද කියලා දෙන්ඩයි..



--------------------------------------------------------------------
මෙම ජායාරූප වලට පෙනී සිටින්නන්ගේ අනන්‍යතාවය, රහසිගතබාවය සහ පුද්ගලිකත්වය රැකීම සඳහා ඔවුන්ගේ මුහුණු ෆොටෝ ශොප් මඟින් සඟවා ඇති බව කරුණාවෙන් ඉවසා වදාරන්න !

මෙහි සිදු වූවා යැයි පවසන දෑ..සියල්ලම පාහේ මනඃකල්පිත නොවන බව නොසලකන්න !

----------------------------------------------------------------------------


"බලහන් බන් අපි මෙතන හතරෙ ඉඳන් වේලි වේලි ඉන්නවා..නඩේ ගුරා නැලවි නැලවි එනවා තාම !"

-----------------------------------------------------------------------------

සිරා -" අඩේ බලහන් මෙච්චර ලස්සන කෙල්ලො කොළඹවත් ඉන්නවද ???"
රාජ් -" අපරාදෙ බන් මන් හදිස්සි වෙලා බැන්ඳෙ!"


--------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------------
මතු උපදින උපදින හැම ආත්මයකම කැමරා නොමැති ලොවක ඉපදේවා !

තවත් කෝණයන්ගෙන් සහ හොම්බ දිග ලෙන්සයෙන් සූම් කර ගත් ජායාරූප කිහිපයක්ම මෙහි පළ කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.  මන්ද යත් කුඩා ළමයි පවා මෙම බ්ලොගය නැරඹීමට ඉඩ ඇති නිසාය..
--------------------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------
 ---------------------------------------------------------
පහත සඳහන් ජායාරූප පෙළ පිළිබඳ මා කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත..




 උගත යුතු පාඩම - තරුණ පෙනුමැති කඩවසම් අයට පිරිස් ඉදිරියේ "මාමා" යැයි පැවසීම නොකල යුතුයි..
-------------------------------------------------------------
ටියුශන් පංති යාමට පාරෙ ගමන් කරමින් සිටියේ ගෑනු ලමයි රංචුවකි...
"අම්පාර අම්පාර අම්පාරේ...ආ එන්ඩ එන්ඩ එන්ඩෝ..
--------------------------------------------------------------
 "හි හී...අඩෝ බත් විතරක් නෙවෙයි..පානුයි පරිප්පුයිත් තියෙනවළු ආන්..."
-------------------------------------------------------------
චන්ද්‍රිකා හෝටලේම තිබ්බ කෑම ටික ඉවර කලා..

-----------------------------------------------------------------------------------------------------

මන් හරියට වෑන් එකේ අයිතිකාරයා වගේ පේන්ඩම ෆොටෝ එක අල්ලහන් අයියෙ !

--------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------

ඇරපු අතක් නෑ අරයාගෙ ෆේස් කට්ම තමයි !
මෙහෙම ප්ලෑනක් වැඩ කරයිද ? එයාව වෙනුවට මෙයාව දවස් 2-3 කට මාරු කරනවා. පාරෙ ඉන්න බල්ලො 2-3න් දෙනෙක් එක්ක යැව්ව නම් ආයි කාටවත් සැකයක් එන්නෙම නෑ...අරයගෙන් ඔය මිලියන 2-3ක සල්ලි අපේ එකවුන්ට් එකට මාරු කර ගන්නවා..බිලියන් ගානක ව්‍යාපාරිකයින්ට මිලියන මොනාද ? හැබැයි මෙයාට අරයග් හස්බන්ඩ් ගෙන් ඔය දවස් 2-3නෙ පරිස්සම් වෙලා ඉන්ඩ වෙනවා..නැත්නම් ප්ලෑනම හබක් !

-------------------------------------------------------------------------------------------------------
පහත ජායාරූප දෙක අතර සමීප සම්බන්ධයක් ඇත..අදාල අයවළුන් දෙදෙනා තවම හිත් අමනාපයෙන් පසුවේ..

"කෝ යකෝ අර පෙන්නපු ගෑණු ලමයගෙ ෆොටෝ එක ?"

--------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------

---------------------------------------------------------------------------------------------------------


-------------------------------------------------------------------------------------------------
ගුරු ගෝල චිත්‍රය...වෙනස් කම් තෝරන්න !



----------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------------------------
මන් හිටියෙ මේ පැත්තෙ තමයි ඕන් !
------------------------------------------------------------------------------------------------------------

අනිච්චේ දුක්ඛේ ! මාත් හිටියෙ මේ පැත්තෙමයි..මගේ බරට තමා ටයර් එක යන්න ඇත්තෙ !
------------------------------------------------------------------------------------------------------------
චන්දිකා හෝටලෙ අක්කාව යාළුකරලා දෙනකම් මන් නැගිටින්නෙ නෑ මෙතනින් !
--------------------------------------------------------------------------------------------------------------
පාරෙ එක ලේන් එකක් අඩි දහයයි..මන් අටයි දෙපැත්තට දෙකක් තිබ්බම දහයයි...කොහෙද උඹලට කිව්වට පිලි ගන්නෙ නෑනෙ.. දැන් හරිනෙ !


--------------------------------------------------------------------------------------------------------------
අයියෙ නිකන් පිදුරුතලාගල නැග්ගා වගේ හිටින්ඩ ෆොටෝ එක අල්ලපන් !


------------------------------------------------------------------------------------------------------------------
"ආආආආව්ව්ව්ව්ව්වාආආආ පස්ස කඩියෙක් කෑවෝඕඕඕඕඕඕඕ...!"

හොඳ වැඩේ දකින දකින තැන හේත්තු වෙන්න යනවට !
---------------------------------------------------------------------------

පසු වදන - සිහින බිම පතිත වීමට පෙර කලිසම බිමට පතිත වීමත් එය මතට සිහින ඇද වැටීමත් සමඟම පාරෙ පැමිණි රථයක් නිසා සිදු වන්නට ගිය මහා අනතුරක් වලක්වා ගැනීමට සිදු වීය..


උගත යුතු පාඩම - උඩ පනින්න පෙර කලිසම තදට ඇඳ ඇති බවට සැක හැර දැන ගනු


----------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------------------------------------------
 මුන්ගෙ හිතේ මන් පත්තර බලනවා කියලයි..පාරෙ යන කෙල්ලන්ට මොනා හරි කියපියකො..ඇට කුඩු කරනවා පාර මැද තියලම..
------------------------------------------------------------------------------------------------------------

දෙන්න අයියෙ අයියගෙ ලැයිසොන් එකත්..සීල් එකක් ගහලම දෙන්නම් !
-------------------------------------------------------------- 
චික් මුන් එක්ක මේ ට්‍රිප් එක ආවට වඩා හොඳයි වඩේ දෙකක් කාලා.. පොලිඩෝල් කුප්පියක් බීලා ගලක් බැඳ ගෙන කැලණි ගඟට පැන්න නම් !
------------------------------------------------------------- 
මට *ක්* බරක් හැදුනොත් ඉතින් ආයි ගහක් තිබ්බ නම් හොඳටෝම ඇති...
-----------------------------------------------------------------------------------------------------------


රාජ් අයියෙ බේර ගනින් !
------------------------------------------------------------------------------------------------------------
ටිකක් ෂංවර ෂාන්ත දාන්තව ඉන්ඩෝනි මේ සභාව ඉස්සරහ නම් !
------------------------------------------------------------------------------------------------------------

කී දවසක් නම් කීවද මේ ඩෙනිමෙ සිප් එක මහලා දෙන්න කියලා ?! බඳින්න ඉස්සර වෙලා වගේ මමම මහ ගන්ඩෝනි ඊළඟ සැරේ..දැනට අතින් වහගෙන ශේප් එකක් දමා ගමු මෙහෙම !
------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------

----------------------------------------------------------------
සඳරූ :-"මොනාද බන් අර කේක් රෝල්ස් තියෙන තැන පිඟානක සුදු පාට කෑලි කෑලි තියෙන්නෙ ?"

දුකා :- "ඔය මඤ්ඤොක්කා බන්..!@@#$%%%$#$  අර අරුන් සෙට් එකවත් ඇහුව නම් තව කමක් නෑ.."


-------------------------------------------------------------------------------------------------------------
ඔළුව වැදිලා බිම පත බෑ වෙච්ච මේකෙ වහල අර ළමයි තාම හදනවා ඇති පව්...
---------------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------------------
හම්මේ අම්පාරෙ නංගිලාගෙ ලස්සන....!!!

චික් ඒකත් හරියට වැදුනෙ නෑනෙ...
------------------------------------------------------------------------------------------------------------
හරි කෙළින් ඉරට්ට වගේ ඇවිදින්න ඕනි..නැත්නම් අරුන් සෙට් එකට තේරෙයි අපි කෑලෙට ගීන් කොරපුවා...
------------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------------


සඳරූ - අපරාදෙ මන් අම්පාර හැමතැනම පිනට හරකෙක් බේර ගන්න හොයා ඇවිද්දෙ..මෙතනින් එකෙක් අරන් පිනා කියලා හංවඩ්ඩක්
 ගහලා අම්පාරෙ ටවුන් එකේ නිදහස් කරන්ඩ තිබ්බනෙ...


--------------------------------------------------------------------------------------------------
සඳරූ සහ මව දිවා ආහාරය පිලිගැන්වීමෙන් පසුව අප සමු ගන්නා මොහොතේ එතනට ආ නැගනියද අපට සමුදුන් පසු..අප ආපසු පිටත් වීමු. මීට 200ක් ඇතුලත සිදුවූ කතා බහ..

"අඩේ මගේ සෙරෙප්පු කූට්ටම සඳරූගේ ගෙදර අමතක වෙලා යන් යන් ආපහු හරවහන් වෑන් එක!"

"මගේ ෆෝන් එකත් අමතක වෙලා වගෙයි! යන් යන් ආපහු !"

"කෝ බන් මගේ බෑග් එක ? හුටා ඒක මේසෙ උඩ තිබ්බ ගමන්ද කොහෙද ?"

"මට සඳරූට බායි කියන්ඩ අමතක උනා.. ආපහු යන්ද බන්!"

"මේ කැමරා ලෙන්ස් එකේ තිබ්බ කැප් එක වැටිලා කොහෙ හරි..සඳරූ මලයගෙ මිදුලෙ වැටුනද දන්නෙ නෑ නේ ?"





-------------------------------------------------------------------------------------------------------------



ඉසුරුමුණියෙ පෙම් යුවළ දැකලා අර තරම් කවි, සින්දු, කතන්දර පද බැඳුන නම්...


--------------------------------------------------------------------------------------------------------------
කිඳුරා - මූව මෙහෙම දිගේලි කරන් යන්න නම් ඊළඟ සැරේ ලොරියක් අරන් යන්න වෙයි වගේ..

















ප.ලි. ෆොටෝශොප් වැඩ නොකරන නිසා ජායාරූප වල රහසිගතබාවය රැකීමට නොහැකිය..දැක බලා ගත්තෝ නොදැක්කා සේ සිටීම යෙහෙකි...