ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, July 29, 2011

ප්‍රතිබිම්බය



මේක ඇත්තටම මට සිද්ධ වෙච්ච ඇබැද්දියක්..
මගෙ හොඳම යාලුවා එයාගෙ අලුත් බාත් රූම් එක හැදෙව්වෙ මේ මෑතකදි.. මිනිහට බාත් රූම් ෆිටින්ග්ස් හොයන්න මන් තමයි උදවු කලේ..ඒ දවස් වල නොගිය හාඩ් වෙයාර් එකක් නැහැ..කොහෙ හරි බාත් රූම් ෆිටින්ග්ස් තියෙන ශෝරූම් එකක් දැක්කද යනව අපි දෙන්න එක්ක බලන්න..ඔහොම ගිහින් ගිහින්.. අවශ්‍ය කරන කෑලි ගොඩාක් හොයා ගත්ත..අන්තිමට ඉතුරු උනෙ බාත් රූම් එකට අවශ්‍ය කරන කන්නාඩිය විතරයි ..
ඒත් මිනිහගෙ අවශ්‍යතාවයට හරි යන එකක් හම්බ උනේම නැහැ.. මටත් හොයල හොයලම එපා වෙලා තිබ්බෙ.. මන් හැමදාම කීව්වෙ.. එක්ක පලයන්කො බොගෙ ගෙදර ඉන්න ගෑනි.. මට වද නොදී.. කියලයි.. ඒත් අවුරුද්දක පොඩි එකාව කාටවත් දමලා යන්න බැරි බව මම දන්නව නිසා.. මහන්සි නොබල උදව් කලා..ඒත් කන්නාඩි සෙට් එකක් නම් හොයා ගන්න බැරි උනා..
මම කොහේ ගියත් ඔය බාත් රූම් එකක කන්නාඩියක් දැක්කොත්.. ටුක් ගාලා ඒකෙ ෆොටෝ එකක් ගහල MMS කරනව මිනිහට ඒකවත් හරි යයිද බලන්න..මන් සති දෙකකට ඔය කොළඹ තියෙන තරු හෝටලේක නැවතිලා හිටිය..( හම්මෙ දැන් නයා කොහෙන් නවතීද දන්නෙ නැහැ... ) ඔය හොටෙල් එකට ගිය දවසෙම දැක්ක ඒකෙ තියෙන සිරා බාත් රූම් එක.. මට  හවස මතක් උනා.. මුගෙ සීන් එක... ටුක් ගාලා ගත්ත ෆෝන් එක.. ගත්ත හැම ඈන්ගල් එකකින්ම ෆොටෝ ටිකක්.. MMS කලා යාලුවට.. රෑ මට කෝල් එකක් එනව.. යාලුවගෙන්
"මචන් උඹ එව්ව ෆොටෝ ටික නම් එල.. ඒ ජාතියෙ සෙට් එකක් නම් එල .. මන් හදව ගන්නව මචන් කියල.."ඔය අතරෙ මට ඇහෙනව මුගෙ බාරි කිචි කිචි ගගා හිනා වෙනව..
"මොකේ බන්z ඔයා ඔච්චර හිනා වෙන්නෙ?"
"මචන් මන් උඹ එව්ව ෆොටෝ ටික පීසී එකට දමල එයාටත් පෙන්නුව.. ඊට පස්සෙ තමයි එයා හිනා වෙන්නෙ.. උඹ ඔය ෆොටෝ ටික මට එවන්න ඉස්සෙල්ල චෙක් කරල නෙවෙයිද එව්වෙ?"
ඈ ඒ මොකද්ද ඒ සීන් එක කියල මමත් ෆොටෝ ටික චෙක් කලා..
හුටාහ්. ෆොටෝ දෙක තුනකම තියෙනව මගෙ ප්‍රතිබිබ්බය..හැබැයි ඩිරෙක්ට් මිරර් එකේ නෙවෙයි මට පිටි පස්සෙ සහ පැත්තක තියෙන කන්නාඩියක..
මන් ඔය ෆොටෝ ටික ගත්තෙ වොශ් එකක් දමන්න බාත් රූම් එකට ගිය ගමන්නෙ.. ඉතින් කවුද බාත් රූම් වල රෙදි ඇඳ ගෙන වොශ් දමන්නෙ..මන් තවම යාලුවගෙ ගෙදර ගියේ නැහැ.. ඔය සිද්ධියෙන් පස්සෙ..

Tuesday, July 26, 2011

සිරිපාලගෙ ඉංග්‍රීසි පාඩම

සිරිපාල ට පොඩි කාලෙ ඉඳලම හොඳ ඉංග්‍රීසි දැනුමක් දෙන්න ඕනි මේ කාලෙ හැටියට.. නැත්නම් පහුවෙන කොට ජොබ් කට්ටක් හොයා ගන්න අමාරුවෙනවා ඉංග්‍රීසි බැරි උනොත් කියල අම්මයි තාත්තයි කතා උනාලු.. ඉතින් මොනවද කරන්නෙ.. ක්ලාස් එකකට යවනවා වගේම හෙදරටත් ගුරුවරයෙක් ගෙන්නල ඉංග්‍රීසි උගන්නනවලු..ඔය අතරෙ ක්ලාස් එකේ ටීචර් වගේම.. ගෙදරට එන ටීව්ත් කිව්වලු.
 "ඉංග්‍රීසි භාවිතය තමයි ඉගෙන ගන්න බොහෝම වැදගත්..ඒ නිසා ගෙදරදිත් සිරිපාල එක්ක හැමවෙලාවෙම.. ඉංග්‍රීසි වචන දමල කතා කරන්න.. එතකොට ඒ වචන එයාට නිකන්ම හුරුවෙයි"
කියලා ඒ නිසා සිරිපාලගෙ අම්මයි තාත්තයි හැම වෙලාවෙම සිරිපාල එක්ක කතා කලේ ඉංග්‍රීසි , සිංහල මිශ්‍ර කරලලු.. දවසක් සිරිපාල මිදුලෙ සෙල්ලම් කර කර ඉන්නකොට.. මී මැස්සො වගයක් මල් පැණි බොනවලු..සිරිපාල හෙමිහිට ගිහින් මුන්ව චප්ප කර කර මරනවලු.. තාත්ත මේක දැක්ක විතරයි ගියාලු ලඟට
 "මයි සන් ඔයා ඔය මරන්නෙ හනී බීස් ලව (Honey bees)  නේද ?? ඔයාට මාසයක් යනකන් හනී (Honey) දෙන්නෙ නැහැ"

 ඔහොම තව සතියක් දෙකක් යනකොට සිරිපාල මිදුලෙ සෙල්ලම් කර කර ඉන්න ගමන් මල් වලට ආපු සමනලයො ටිකක් චප්ප කරනවලු.. මේකත් දැක්ක තාත්ත
"ඕ ම්ය් සන් ඔයා ඔය බටර්ෆ්ලයිස් ලාව ( Butterflies) නේද මරන්නෙ ? මාසයක් යනකන් ඔයාට දෙන්නෙ නැහැ බටර් (Butter)"
 දැන් හනී නැහැ.. බටර් නැහැ.. සිරිපාලත් ටිකක් අප්සට් එකේ උන්නලු..එදා රෑ අම්මා කුස්සියෙ කෑම උය උයා ඉන්න කොට ජනේලෙන් පියාඹල ආවලු කැරපොත්තො කීප දෙනෙක්.. මෝර්ටීන් එක ගත්ත අම්ම. දුන්නලු කැරපොත්තො සෙට් එකටම වැඩේ.. තාත්තත් බලා ඉන්නවලු පැත්තකට වෙලා.. සිරිපාල
"අනේ මමී ඔයා ඔය කොක්‍රෝච්ස් ලාව (Cockroaches) නේද මැරුවෙ ?"
ටිකක් වෙලා තාත්ත දිහා බලා හිටපු සිරිපාල
"තාත්තම කියන්වද නැත්නම් මන් කියන්නද ?"

(මෙය ජොනී (ඇම්ඩන්) ගේ කතාවක අනුසාරයෙන් නිර්මානය කරන ලද්දකි.)

Sunday, July 24, 2011

ෆයිට් එක

මේක සිද්ධ උනෙ අපි 7-8 පංති වලදි. ඔය කාලෙ ටවුන් එකේ කරාටේ සහ කුංෆු පංති වගයක් පටන් ගත්තා.. හැමෝම කොල්ලො කුරුට්ටො යන නිසා මමත් අපෙ ගැන්සියත් සෙට් කරගෙන ඔය කුංෆු පන්තියකට යන්න පටන් ගත්ත.හැබැයි කරාටේ පංති යන උන් හැදුවෙම අපේ පංතියෙ උන් එක්ක කොක්කක් ඇද ගන්නමයි.. අපිට ඉස්සෙල්ල හිටපු බැච් එකේ උන්ට කරාටේ සෙට් එක කොක්ක ඇදල ටවුන් එකේදිම නෙලල තිබ්බ නිල් වෙන්න. ඔය නිසාම අපි සෙට් එක ටවුන් එකෙ ඉන්න කොට ඉන්නෙ බොහෝම ශේප් තියරියෙන්ම තමයි.. ඇඟේ හැපුනත් අපි නෙවෙයි කතාවකට ගියේ.. හේතුව තමයි අපේ සර් කියල තිබ්බෙ මොනම විදියකටවත් රණ්ඩු වෙන්න තහනම් ටවුන් එකේදි.. ආරංචි උනොත් ක්ලාස් තහනම්කියල..ඊටත් වඩා ගහ ගන්නවට ඉස්සර භාවනා ක්‍රම සහ ඉවසා ගැනීමේ උපක්‍රම තමයි ඉගැන්නුවෙ..

මේ සිද්ධියට අදාල ක්‍රිශා.. මේක ටිකක් පොර වෙන්න දඟලන එකෙක්.. මුලින්ම අපි කැමති උනෙත් නැහැ මූ ක්ලාස් එනවට.. මොකද ක්ලාස් එකේ තියෙන ක්‍රම අල්ල ගන්න මේකට සෑහෙන කාලයක් යනව කියල අපිට තේරුනා.අනිත් එක ක්‍රිශා පොර වෙන්න ඕනිම ගොන් වැඩක් කරන ජාතියෙ පොරක්. අපි සර්ටත් කිව්ව..ඒත් සර් කිව්වෙ.. අපි එයාව හදල ගමු කියල
..

අපි ක්ලාස් එකේ මාස දෙකක් ගිහිල්ලත් අපිට කියල දීල තිබුනෙ, අදාල ව්‍යායාම සහ භාවනා ක්‍රම විතරමයි.. තුන්වෙනි මාසෙ ඉඳන් තමයි පහරදීම් සහ වලක්වා ගැනීම් ගැන කියල දෙන්න තිබුනෙ..

එක හවසක ක්ලාස් ඉවර කරල ගෙදර එන්න.. බස් එක එනකන් ඉන්නකොට . ටියුශන් ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්න හිටපු ගෑනු ලමයි ගොඩාක් හිටියා බස් හෝල්ට් එකේ.. ක්‍රිශාත් ටිකක් පොර සේ මේ ලමයින්ට ටෝක් කර කර හිටියෙ..කරාටේ ක්ලාස් එකෙ සෙට් එකක් ඔතනට එන්ටර් උනා සහ උන් දැක්ක අපි මේ කෙල්ලන්ට ටෝක් කර කර ඉන්නව . මුන් ටිකට අපිට නෙලන්න සහ නෙලල නෝන්ඩි කරන්න උවමනා සියලුම සාධක සම්පූර්න වෙලයි තිබ්බෙ..මුන් ටික අපේ පැත්තට එනකොටම මං කිව්ව අපෙ අනිත් උන්ට මොනවහරි වෙයි වගේ කියල.. එතකොට ක්‍රිශා ට්‍රයි කර කර හිටපු.. එකට බරටම ටෝකක් දෙනව..මං කිව්ව එක ඌට ඇහුනෙත් නැහැ. අපි දහ අතේ කල්පනා කරනව.. කොහොමද මේකෙන් ගැලවෙන්නෙ කියල..ක්ලාස් එක නෙවෙයිනම් පොල් අඩි වලින් හරි නෙලන්න තිබ්බ 2-3ක්.. අඩුම තරමෙ 10-15ක් වත් ගුටි කනකොට..

මුන් සෙට් එක එනකොට අපි පොඩ්ඩක් අයිනට උනා.. මුන් ආපු ගමන්ම දෙන්නෙක් හැපුනා ක්‍රිශාගෙ ඇඟෙ.. මූට මල පැන්න.. දැන් මූ ඉල්ලනව ගේම.. සේරම ඉවරයි.. ක්ලාස් එකෙන් ගහන්න .. ගුටි කන එකෙන් බේරෙන්න උගන්නල නැහැනෙ තවම.. ක්‍රිශා ටිකක් ඉඩ තියෙන තැනකට ගියා.. කරාටේ සෙට් එක මු ලඟ.. ඕනි මඟුලක් කියල.. අපිත් ලඟට ගියා.. දැන් ක්‍රිශා ගහන්න යන්නෙ උගන්නපු ව්‍යායාම වලින්.. අත් දෙක අඹරවනව..හිටු කියල.. සිටුවේෂන් එකේ භයානක කම පැත්තක .. අපිට හිනා.

මොකද අපිත් එච්චරයිනෙ දන්නෙ... වලිය ට ඔන්න මෙන්න තියා හොඳ වෙලාවට අපේ සර් මේක දැකල ආව.. කොහෙන්ද මන්ද ?

"පුතා අපි ක්ලාස් එකෙ උගන්නවල තියෙන්නෙ ඔච්චරයි.. තව එක්සර්සයිස් 5-6 ක් විතර ඇති.. නේද ක්‍රිශා?"

ගහන්න ආපු උනුත් හිනා කනව..

"මන් ඔයාලගෙ සර් එක්ක මේ ගැන කතා කරනව.. ඔයිට ඉස්සර වෙච්ච සිද්ධිය දන්නවනෙ..දැන් හැමෝම සේරම අමතක කරල අතට අත දීල ගෙදර යන්න"

කියල හැමෝම පිටත් කලා.. ක්‍රිශාගෙ ක්ලාස් එක එතනින්ම ඉවරයි.. අපේ ක්ලාස් දෙකේ අය සෙට් කලා අපෙ සර්ල.. ඊලඟ සතියෙ ඒ ලඟ තිබුන දිය ඇල්ලක් බලන්න ගියා.. ක්ලාස් දෙකම.. අපේ එදිරිවාදිකම් සේරම ඉවරයි..

Saturday, July 23, 2011

කෝපි එක

මේක ගුවන් යානාවක සිද්ධ වෙච්ච දෙයක්ලු...

සාමාන්‍යයෙන් ඔය ගුවන් ගමනක් අතරතුරදි නියමුවා සේරම මඟීන්ට සැරින් සැරේ ගුවන් ගමන පිළිබඳ විස්තරය, ඉන්නෙ අඩි කීයක් උඩින්ද, ගමනාන්තයට යන වේලාව, කාලගුනය ගැන කියන්වලු.. "ලු" ප්‍රත්‍යය දමන්නෙ තවම අත්දැකීම් නැතිනිසා.. එක ගුවන් ගමනකදී මේ විදියටම විස්තර කියපු
මඟීන්ට බොහොම සුවදායක වෙලාවක් ප්‍රාර්ථනා කරපු නියමුවා.. තමන් කතා කරපු මයික් එක ඕෆ් කරන්න අමතක වෙලා කියනවාලු මෙන්න මෙහෙම අනිත් නියමුවාට

"මට නම් රිලැක්ස් එකක් හම්බ වෙන්නෙ දැන් හොඳ කෝපි එකක් බීලා... ලස්සන ගැනුලමෙක් ලඟ ඉන්නවනම්...කරන දේ දනී.. මුලින්ම කරන්නෙ......"

මේක දැන් ගුවන් මගීන් සේරටම ඇහෙනවනෙ.. ගුවන් සේවිකාවො දෙන්න ගුවන් යානාවෙ සීට් අතරින් බොහොම ඉක්මනට දුවල යනවලු මේ මයික් එක ඕෆ් කරන්න කියන්න..ගුවන් යානාවේ මැද හරියෙ හිටිය ආච්චි අම්ම කෙනෙක් කියනවලු මහා හයියෙන්

"දුවේ
හොඳ කෝපි එකක් ගෙනියන්න අමතක කරන්න එපා"

Friday, July 22, 2011

කෝ මේ ඇටලපයා ?

බලන්න එක වචනයක තේරුම හොයා ගෙන ගෙන යනකොට අහුවෙන තවත් වචන..

මම නම් ජීවිතයටම මේ වචන දෙක ඇටලපය සහ ඇටපලය කියන වචන දෙක ඇහුවමයි.. කොච්චර පොත්පත් කියෙව්වත් අහුවෙලාත් නැහැ. සමහර විට මළගිය වචන දෙකක් වෙන්නත් පුලුවන්.. ඒත් කවුරුහරි පාරෙ යනකොට "අඩෝ ඇටලපයා උඹෙ කූරු ගලවනව" කියල තගක් දැම්මොත් එහෙම ... ඒ හින්දම මේ වගෙ වචන වල තේරුම දැන ගෙන හිටියට කමක් නැහැ.. මේ වචන දෙකම කියන්නෙ ඉත්තෑවට තමයි

මේක මගේ නිර්මානයක් නෙවෙයි.. කාටර් සිංහල ඉංග්‍රීසි ශබ්දකෝශය තමයි එහෙම කියන්නෙ...

මේ වචනෙත් එක්කම මට ටිකක් ප්‍රසිද්ධ කතාවක් මතක් උනා.. ගොඩාක් අය මේ කතාව අහල ඇති මන් හිතන විදියට..

එක විශ්‍රාම ගිය විදුහල්පති කෙනෙක් උන්නා ගමක.. විශාල පොල් වත්තක් මැද්දෑවෙ තමයි ගේ තිබුනෙ. ඒ අවට ඉන්න ගැහැණු අය ඇවිත් මේ වත්තෙ වැටෙන පොල්, හනසු, අතු එහෙම හොරෙන් අරන් යන පුරුද්දක් තිබුනා..මේක අර "ලැජ්ජනැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි" කියන කතාව හැදිච්ච සිද්ධිය නම් නෙවෙයි..විදුහල්පතිතුමාත් සෑහෙන උත්සාහ කලා මේ හොරකම් නවත්වන්න.. හොරකම් කිව්වට මහ දවලෙත් මේ වැඩේ ජයටම කෙරුනා.. දවස් කීපයක්ම හොඳ කුනුහබ්බ කියල බැන්නා.. අයියෝ සර් දන්න කුනුහබ්බ ඔව්වද.. අපි ඔයිට වඩා දන්නව කියන්නැහෙ.. මේ ගොල්ලො තමන්ගෙ වැඩේ කරන් ගියා.. ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වැඩියි.. කියන කතාවත් අහල තිබ්බ විදුහල්පති තුමා.. ඒ වැඩෙත් කරල බැලුවා... එක අම්මණ්ඩි කෙනෙක් ඔලොක්කුවට වගෙ "ඈ සර් ඔය සේරම ටිකෙයි?" කියල අහලත් තිබ්බ.. ඉතින් කොහොමද මේ වැඩේ නතර කරන්නෙ?

ඒත් එක දවසක විදුහල්පති තුමා කිව්ව කතාවට මේ බවලත්තු ටික .. තුෂ්නිම්භූත උනා විතරක් නෙවෙයි.. මෙන්න මෙහෙම කතා උනා.. හප්පේ කුනුහබ්බ අහලත් තියේ.. දැකලත් තියේ.. මෙහෙම එව්ව නම් මේ ඇහැව්වමයි.. ඕන්න ඔය ටික දමාලා යන්න යමවු බොලව්.. කියල අහුල ගත්ත පොල් ටිකයි, අතු ටිකයි, හනසු ටිකයි දමල ගියාලු.. ආයිමත් පැත්ත පලාතෙ ආවේ නැතිලු..

විදුහල්පතිතුමා මොනවද කිව්වෙ ?

ඈ බොලව් ගෑනියෙ උඹල සර්වලෝකපූට්ටු වගෙ ඉඳගෙන..තොපිලගෙ උණ්ඩුකපුච්චයද ඔය අරන් යන්නෙ? තියල පලයවු ඔව්ව තොපිලගෙ ත්‍රිමණ්ඩලයම භංග කර ගන්නෙ නැතුව "

Thursday, July 21, 2011

මේ වචනෙ මොකද්ද ?

පහල තියෙන වචනෙ තේරුම හරි, ප්‍රාදේශීයව තියෙන තේරුමක් හරි දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරල මට කියන්න.මේ වචනෙ මන් අහල තියෙනව අපෙ පොඩි කාලෙදි ඒ කියන්නෙ 80 ගනන් වල මුල සබරගමුව පලාතෙ.. ඊට පස්සෙ මේ ඊයේ මගෙ යාලුවෙක් ඇහුව මේ වචනෙ නියම තේරුම හොයල දෙන්න කියල. මන් ඒ ගමන් මන් දන්න තේරුම ටිකක් පිලිකුල් තේරුමක් තියෙන නිසා හොයන්න ගත්ත. තවමත් හම්බ උනෙ නැහැ. කවුරු හරි මේ ගැන කියනවනම් මෙන්න මගෙ පූර්ව ස්තුතිය.

වචනය - ඇට්ටිම්බා

බොහෝම ස්තූතියි මේ ගැන සැලකිල්ලක් දැක්වීම ගැන.

Wednesday, July 20, 2011

කෙටි නම් වල දිග නම්

මම ඉස්සෙල්ල වැඩ කල ඔෆිස් එකෙදි තමයි මේ කතාව මන් ඇහුවෙ. මහනුවර පලාතේ ඉඳල ආපු හාදයෙක් තමයි කරු කියන්නෙ.. එයා වැඩිපුරම සයිට් වල තමයි හිටියෙ.. ඒත් ඔෆිස් එකට ඇවිත් ඉන්න වෙලාවල ඔෆිස් එකම හිනා සාගරයක් මිනිහ කියන කතා වලට..එව්ව කියන්නෙ හරියට එයාට උනා වගෙයි.. ඒ නිසායි වැඩිපුරම රසවත්..

මල්ලි මන් පොඩි එකා කාලෙඔය ඉස්කෝලෙන් කියනවනෙ.. කෙටිනම් වල දිග නම් හොයා ගෙන එන්න කියල.. ඔය ග.නි.ස.ම. - ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය.. වගෙ එව්ව..

ලංවිම කියන්නෙ ලං උනොත් විදල මරනව කියන එක නේද ? ඉතින් දවසකඉ ඉංග්‍රීසි පාඩමක දුන්න කෙටි නම් කීපයක්ම හොයා එන්න කියල.. එකක් තිබුන
WPC කියන්නෙ මොකද්ද කියල.. අනිත් සේරම හොයා ගත්තත් මේක හොයා ගන්න බැරි උනා.. මන් හිතා හිටියෙ මේක ඉස්කෝලෙ යන ගමන්ම පාර අයිනක ඉන්න WPC නැන්ද කෙනෙක්ගෙන් අහනව කියල.. ඒත් මගදි හම්බ උන ලොකු පංතියක අයිය කෙනෙක්ගෙන් ඇහුව මොකද්ද WPC කියන්නෙ කියල.. අයිය කිව්ව ආ ඒ කියන්නෙ W කියන්නෙ වෙස්සු .. අනිත් අකුරු දෙක PC පීසී ම තමයි කියල.. මට පොඩ්ඩක් සැක උනත් ඕක ඔලුවෙ තියාගෙන.. ඒත් පාර අයිනක ඉන්න නැන්ද කෙනෙක්ගෙන් ඇහුව.. මන් දන්න එක හරිමද කියල.. මල්ලි කියන්නෙ අර නැන්ද මගෙ අල්ල ගත්ත කනෙන්.. දුන්න චටාස් ගාලා කටට එකක්.. මම දිව්ව .. නැවතුනෙ ඉස්කෝලෙම තමයි..

Tuesday, July 19, 2011

හොල්මන

පහු ගිය කාලෙ භූත කතාවක් එක්කම ගිය වයසක ගැහැණු අය කීප දෙනෙක්ම මරල දමල තිබිච්ච සීන් එකත් එක්කම බොහෝම කාලෙකට ඉස්සර සිද්ධ වෙච්ච මේ සිදුවීම මගෙ මතක පොතේ තිබිල ඇදල ගත්ත.

1980 ගනන්වල මුල භාගය..

ඒ කාලෙ අපෙ ගමට විදුලිය තිබුනෙ නැහැ දැන් වගෙ.. භූමිතෙල් ලාම්පු තමයි තිබුනෙ..අඩි 10 පොඩි පාරක් තමයි ගම හරහා වැටිල තිබුනෙ.. ඒකෙ බස් එකක් ගියා දවසකට සැරයක් හරි දෙසැරයක් හරි

ගමේම ගෙවල් 100ක් 150ක් තිබුනා නමුත් දැන් වගේ ජනාකීර්ණ නැහැ. ගමේ මැද වගේ ගමටම අදාල පොදු සොහොන්පලක් තිබුනා.. මේ සොහොන්පල ගැන කතන්දර කීපයක්ම තියෙනව..ඒවත් පහුවට කොටන්න බලාපොරොත්තු වෙනව..ඉතින් මේ සොහොන ලඟ පාර දෙපැත්තෙම අහල පහල ගෙවල් නැහැ. ඒ නිසාම හරිම පාලු... නිකන් බය හිතෙන පරිසරයක් තමයි තිබුනෙ.. පාර දෙපැත්තෙම ඝනට වැඩිච්ච පඳුරු රාශියක් තිබුනා..

ගමට ලයිට් නැති නිසාම හවස හයෙන් පස්සෙ පාර දිගේ මෙ සොහොන්පල පහු කරගෙන යනව කියන එක ටිකක් චකිතය හිතට එන කාරනයක්.. අපි පුන්චි කාලෙනම් පට්ට බයයි.. ගෙදර අයත් එක එක හොල්මන් කතා කියල අපිව බය කරල තිබුනෙ.. ඉතින් හවස හයෙන් පස්සෙ ඔය පාරෙන් යන්නෙ වැඩිහිටි පිරිමි විතරයි යන මිනිස්සුත් කලෙ සරම කරට අරගෙන , කුනුහරුප කිය කියා යන එක තමයි.. එතකොට හොල්මන් බයයිලු... අනේ මන්ද ? දැන් නම් මතක් වෙනකොටත් හිනා යනව..

අපි ටිකක් මැරෑටි වයසට එනකොට සෙට් වෙලා ඔය පඳුරු අස්සට වෙලා .. එක්කො ඔතනින් යන මිනිස්සු කියන කුනුහරුප අහ අහ හිනා වෙනව.. නැත්නම් බලා ඉන්නව... පස්සෙ සමහරුන්ව බය කරල කාපු පරිප්පුත් තියෙනව..

මේ සිද්දියට අදාල කෙනා අපි ගුනපාල කියමුකො.. මිනිහ.. අම්බානක හොල්මන් වලට බයයි.. හවස හයෙන් පස්සෙ තමයි මිනිහ හැමදාම වැඩ ඇරිල ගෙදර එන්නෙ ඔය පාරෙන්.. අපි ගොඩාක් දවස් වල දැකල තියෙනව මිනිහ සරම කරට අරන් ඔතනින් යනව..

එක පෝය දවසකට පස්සෙ දවසෙ...මිනිහගෙ ගෙදරින් මහා හයියෙන් හූ හඬක් එක්ක කෑගහන සද්දයක් ආවා මහා රෑ මැදියමේ..අපිත් ගිහින් බැලුව..වැඩකරන වයසක මනුස්සයෙක්. මිනිහ, ටිකක් වයස.. මිනිහ හොල්මනක් දැකලයි කෑගහල තියෙන්නෙ. නිදා ඉන්නකොට..මිනිහ නිදා ගන්නෙ ඉස්තෝප්පුවෙ.මිනිහ කියන විදියට.හොල්මනක් උසට උසේ මිනිහ ලඟට ඇවිත්..පොරට සිහියක් පතක් නැහැ..පස්සෙ හොඳ තොවිලයක් නටල තමයි සනීප උනේ..අපි පස්සෙ ඇහුව උනේ මොකද්ද කියල.

"අනේ පුන්චි මහත්තයො මන් වයස උනාට මගෙ ඇස් දෙක මට විශ්වාසයි.. ඊයෙ පෝයට පන්සලෙ තිබ්බ පින්කම නිසා නිදිමරපු නිසාම මට නින්ද යාගෙන ආව විතරයි.. මොකද්ද සද්දයක් නිසා පොඩ්ඩක් ඇහැරුනා.. ඒ එක්කම මන් දැක්ක භූතයෙක් උසට උසේ මන් ලඟට එනව .. මට මතක එච්චරයි.."

අපිටත් හරි කුතුහලයක්..ඇත්තටම මොකද්ද මෙතන උනේ කියල .හොල්මන් කියල දෙයක් තියෙනවනම්.. මේ වෙනකොට සොහොන්පල ලඟ හොල්මන් කරපු අපිට හම්බ නොවී තියෙන්නෙ බැහැනෙ..

අපි ඉතින් ගුනපාල මාමගෙන් ඇහුව

"මාම දැක්කෙ නැත්ද ඔය කියන මහසෝනව?"

මාම අමුතු හිනාවක් දමල මුකුත් නොකිය හිටිය..

ගමේ තවත් ගැහැනු කීප දෙනෙක්ම ඔය කියන භූතයට බය වෙලා තොවිල් නටන්න සිද්ධ උනා.

සති 2-3 කට පස්සෙ ගුනපාල මාම අපිට කිව්ව

"පුතේ මේ අපේ එකා නම් දැකපු භූතෙක් නැහැ."

"එහෙනම්???"

අපේ කුතුහලය මැක්ස්

"මන් ඔය දවසෙ මුත්‍රා බරක් හැදිල එලියට ආව..මන් ඉතින් සරම කාමරේම ගලවල දමලයි ආවෙ..ආපහු ගේ ඇතුලට එනකොට තමයි මේ යෝදය.. ගම දෙවනත් වෙන්න බෙරිහන් දුන්නෙ.. "

අපිට නේද... හිනා කාලා මැරෙන්න ගියා ඒක අහපුවහම

අපිට මැවිල පෙනුන සිද්ධිය. ඇඟ පුරාම මවිල් පිරිච්ච ගුනපාල මාමට මහසෝන කියල බයවෙච්ච එක පුදුම වෙන්න දෙයකුත් නැහැ තමයි, මොකද අපිත් ඔයිට ඉස්සෙල්ල දැකල තියෙනව ගුනපාල මාමා ඔහොම හොල්මනක් වගේ එනව සොහොන්පල ලඟ පාරෙන්.

ඊ මේල් එක

මේ කතන්දරෙ උනේ නම් සඳා නගාට නෙවෙයි කියල ඕනිම තැනක දිවුරා පොරොන්දු විය හැකිය..

මෙය සිදුවූයේ 90ගණන්වල මැද භාගයේය. ඒ වනවිට මා සේවය කරමින් සිටියේ ගොඩනැගිලි සාදන සමාගමක ගිණුම් අංශයේය. එහි සිටි  මලී අක්කා ඇස්තමේන්තු පරිගනකගත කරන්නිය වූවාය. ඇය අළුතින් පැමිනෙන පරිගනක වැඩසටහන් පිළිබඳ මහත් උනන්දුවකින් යුතු වූ අතර අපට නම් මෙය මහා හිසරදයක් වූයේ එවකට ආයතනයෙ තිබූ පරිගනකවල වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය තුල වූ කුඩා කුඩා වැඩසටහන් ඇයට මහාත් ප්‍රශ්න වූ බැවිනි.

ඒවයින් කරගත හැකි වැඩ මෙන්ම කරගත නොහැකි වැඩ පිලිබඳව මෙන්ම.. එවන් වැඩ කර ගත නොහැක්කේ මන්ද යන්න පිළිබඳවද ඇයට මහත් ප්‍රශ්ණ රාශියක් තිබිනි. තිබුනු ප්‍රශ්න වලට අපෙන් විසඳුම් ඇසීම අපට මහත් හිසරදයක් විය.. මන්ද ඇයට යම් කිසි දෙයක් පැහදිලි කර දීමට මහත් කාලයක් යන බැවිනි.

ඇය යම්කිසිවක් තේරුම් ගන්නෙ ඇයට අවශ්‍ය ආකරයට මිස එහි ඇති ආකාරයට නොවන නිසාය. එවකට ජනප්‍රියව පැවති ලෝටස් 123ආර්24 වැඩසටහනෙ සිට ඇයගේ ඇස්තමේන්තු එxසෙල් වැඩසටහන ට මාරු කල විට අපගෙ ගිණුම් වැඩද ප්‍රමාද වූයේ ඇයට පැනනැගි ප්‍රශ්න නිසාය..
හැඳින්වීම හමාරය..

ආයතනයට අන්තර්ජාල පහසුකම සමඟ වින්ඩෝස් 98 පරිගනකයක් මිලදී ගත් අතර අපටද අන්තර්ජාලය පිලිබඳව ඉගෙන ගැනීමට ඉඩ ලැබිනි. මලී අක්කට නම් මෙය මැජික්ම විය. අප එවකට ප්‍රචලිතව තිබූ හොට්මේල් හි ඊ මේල් ගිනුම් ආරම්භ කරගෙන තිබුනි. දිනක් උදෑසනම එතරම් වැඩ නොතිබුනු බැවින්... මලී අක්කා

මල්ලි මටත් හොට්මේල් එකේ ඊ මේල් එකක අරින්න ඕනි

අක්කට යාලුවො ඉන්නවද ඊ මේල් යවන්න?

මල්ලි කියා දෙන්නකො..

එහෙනම් ඔය ඩයල් අප් කනෙක්ශන් එක ඕපන් කරල ඉන්ටර්නෙට් එxෆ්ලෝරර් එකෙ ටයිප් කරන්න හොට්මේල් කියල ..ඒ වෙබ් සයිට් එක ඕපන් උනහම මන් කියල දෙන්නම්..

ඒ සමඟම අසල ඇති වැඩපලක ඉතුරුවී ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය ගනනය කර ආයතනයේ ගබඩාවට ගෙන ඒම සඳහා සහය වීමට අපටද කාර්‍යාලයෙන් පිටතට යාමට සිදුවිය

මලී අක්ක අපි ඇවිත් කියා දෙන්නම්..
පැය එකහමාරකින් පමණ කාර්‍යාලයට පැමිනෙන විට..මලී අක්ක මුහුන රතුකරගෙන සිටියාය.. ඇය කුමකට හෝ අඬා ඇති බව පැහැදිලිය..
අප දුටු විගසම ඇය ගස්සා ගෙන ඇයගේ පුටුව වෙත ගියාය..
අන්තර්ජාල පහසුකම් සහිත පරිගනක මොනිටරය කාඩ්බෝඩ් ෆයිල් එකකින් වසා ඇත.

මොකද්ද උනේ අක්කෙ ? ඇයි මේ මේක වහල?

මොකද තමයි.. ඔයා කිව්ව වෙබ් සයිට් එක මන් ඕපන් කලා.. මොනවද ඒකෙ තියෙන්නෙ ? ඔයාම බලා ගන්නකො..

මොකක් හෝ අකරතැබ්බක් සිදුවී ඇත. මම මොනිටරය දෙස බැලීමි.

අහෝ.. මලී අක්ක හොට්මේල් mail  යන්න  වෙනුවට male  ලෙස ටයිප් කර ඇත.. පැමින ඇත්තේ වැඩිහිටියන්ට පමනයි සයිට් එකකි...

ඉන් පසු කොතෙක් පැහැදිලි කලද ඇය කිසි දිනක අන්තර්ජාලය පාවිච්චි කලේ නැත..

Monday, July 18, 2011

මොනාද හිතුවෙ ???

ෆෝන් එක බෙරිහන් දෙනව .. මට ඇහුන බාත් රූම් එකට... ඇවිත් බලනකොට මිස් කෝල් 2ක්ම.. කවුරු ලඟද චාරුලතා කියල ඇහුවලු...

අපේ සඳා නඟාගෙන්නෙ.. මොකද ???

ඇයි නංගි කෝල් කලේ ???

මොනවද අයියෙ මේ ඔයාගෙ බ්ලොග් එකේ දමල තියෙන්නෙ ?මං එහෙම එකක් ගැන නෙවෙයිනෙ ඔයාට කිව්වෙ? බලන්න අපෙ මල්ලිත් හරියට ෆේස් බුකුයි, බ්ලොගුයි බලනව.. එයා මෙව්ව කියෙව්වොත් එහෙම .. මං ගැන මොනවද හිතන්නෙ?

ඉතින් ඔයාගෙ මල්ලි කොහොමද දන්නෙ ඒ ඔයා ගැන කියල තියෙන්නෙ ?


මල්ලි ඔයා ගැන දන්නවනෙ
බලන්න ඔයා දමල තියෙන ටොපික් එක? මන් කිව්වෙ වෙන මුකුත් ගැන නෙවෙයිනෙ...

නංගි ඔයා කිව්වෙ මං දමන පෝස්ට් කොටයි..අනිත් අය දමන පෝස්ට් දිගයි කියලනෙ.. ඔයා වෙන මුකුත් කියල හිතුවෙ මොනවද????

මද නිහඬතාවයක්...

 

බළදාරියා විසින් කපා දමන ලදී.

 

අවසානයේ හඬා වැලපීම් මැද සිදුවූ මරණීය තර්ජන හමුවේ... මින් පසු සඳා නගාගෙ කතා කිසිවක් පල නොකිරීමට පොරොන්දු වූයෙමි.

දිග ඒවා සහ කොට ඒවා

ගුඩ් මෝනිං අයියා..

සුපුරුදු කටහඬක් පිටිපස්සෙන් ඇහිච්ච නිසාම මං හැරිලා බැලුවා..

හත්දෙයියනේ සඳා නංගි අර බ්ලොග් සීන් එකෙන් පස්සෙ ඔය කතා කලාමයි..

ගුඩ් මෝනිං නංගි.. ඔයාව දැක්කෙ ගොඩ කාලෙකට පස්සෙනෙ..

ඔව් අයියෙ හරියට වැඩ මේ දවස්වල..
අයිය හරී නරකයි අර කතාවත් ඔයාගෙ බ්ලොග් එකේ දමලනෙ..

ඉතින් නංගි ඒ මං බ්ලොග් එක ලියන විදිය.. මං කිව්වනෙ මගෙ එක බලන්න එපා කියල..

ඒ උනාට මං බැලුව..ඒකෙ කියල තියෙන්නෙ මං මොංගල්, අඩු මාසෙන් ඉපදිලා කියල.. හරී නරකයි.. කොහෙද මන් පොෂ් වෙන්න දඟලන්නෙ???

ඉතින් නංගි ඒකෙ තියෙන්නෙ
ඇත්ත කතාවම නෙවෙයිනෙ..සිද්ධිය ඇත්ත උනාට..ඔයාගෙ නියම නම දමලත් නැහැනෙ.. එහෙම තමයි ..ගොඩාක් ලියන අය පඩේ බෝම්බෙ කරගෙන තමයි ලියන්නෙ..

මොකාක් මොකක් කරගෙනද අයියෙ ලියන්නෙ???
ඔයානම් කිව්වොත් ඔය වගේ කතාවක්ම තමයි කියන්නෙ? දැන් මේ කතාවත් ඔයකෙ දමනවද?

අපොයි නැහැ නංගි මේක දමන්නෙ නැහැ..

එහෙනම් කමක් නැහැ..
ඒක නෙවෙයි අයියෙ ඇයි ඔයාගෙ ඒවා ඔච්චර කොට ? බලන්නකො අර කතන්දර අයියගෙ ඒවාගෙ දිග.. මාරය අයියගෙ ඒවාත් මං බැලුව හරීම දිගයි.. ඒ අයියලගෙ ඒවා දිගයි ඔයාගෙ ඒවා කොටයි..අනිත් අයගෙ ඒවා මං බලන්න ඉන්නෙ

මොකාක්?????

මං වටපිට බැලුවෙ තව කාටහරි මේ කතාව ඇහුනද කියල?

නංගි මං යනව මට වැඩ ගොඩාක් තියෙනව.. පස්සෙ හම්බ වෙමු..
ඔයා බලන්නකො අනිත් එව්වත් හෙමිහිට...

Friday, July 15, 2011

බොගක් දමන හැටි


වෙන වැඩකට කියල මං ගියා අල්ලපු වැටේ තියෙන සෙක්ෂන් එකට.. මෙන්න එනව සඳා
( මොංගල් නම්බර් වන්..පොශ් වෙන්න දඟලන ගම් පලාතක ගෑල්ලමෙක්) නංගි හිනා කටකුත් පුරෝ ගෙන.. ෂුවර් එකටම කම්පීතර් හුටප්පරයක්ම තමයි..

ගුඩ් මෝර්නින් අයියෙ...

ගුඩ් මෝනින් නගා..මොකෝ පාන්දරම කුකුලත් අතින් අරන්..

මේ කුකුලෙක්යැ මගෙ ලේන්සුවනෙ..

හොටු ලේන්සුව ඕක මාසෙකට සැරයක්වත් හෝදනවද මන්ද ?

මොනාද අයියෙ කුටු කුටු ගාන්නෙ ?

නෑ.. නෑ මුකුත් නෑ.. ඇයි නංගි ?මොකද්ද දැන ගන්න ඕනි ?

අයියෙ මටත් බොගක් දමන හැටි කියල දෙන්නකො..

මොකාක් ????

මේකි නම් අඩු මාසෙන් ඉපදිලාද කොහෙද ? මේ මොනවද අහන්නෙ ?

මොනවද නංගි මේ උදෙ පාන්දර අහන්නෙ ? මෙච්චර කල් ඔයා කොහොමද දැම්මෙ ? ඒ විදියටම දමන්න..

මං දමන බොගක් නැහැ.. ඔයාත් ඉතින් එහා සෙක්ෂන් එකේ කවුරුහරි ඇහුවනම් ඉතින් පීසී එක ලඟ ඉඳගෙන කියල දෙයි. අපි ඇහුවහම තමයි..

ආ එහෙනම් මේක කම්පීතර් ප්‍රොබ් එකක් තමා..

කවුද දැන් මන් බොග දමන කතාවක් කිව්වෙ ඔයාට ?

ඇයි අර ප්‍රශා අයිය කිව්වෙ.. අයිය අළුත් බොගක් දමල තියෙනව.. ඒක එයා කියෙව්ව. වැඩකට ඇති දෙයක්නම් නැහැ ..වල්පල් කියල..

ආ... හරි දැන් තමයි මීටර් උනෙ.. ප්‍රශා දීල තියෙනව නියමෙටම මුන්ට ඇඳ ගන්න.. යකෝ වචනයක් කිව්වහම එක්කො බලපිය ඩික් එක.. නෑ මං කිව්වෙ ඩික්ෂනරියක්වත්.. කොහෙද එච්චර මොලයක්?

හිනා නොවී කියල දෙන්නකො අයියෙ ? අද බොසී එන්නත් පරක්කු වෙනව කිව්ව..

නංගි ඔය වචනෙ බොග නෙවෙයි.. බ්ලොග.. ඔය දෙක අහසට පොලව වගෙයි.. හැබැයි සමහර බ්ලොග් නම් වෙනසක් නැහැ..

ආ.. බ්ලොග්ද ? මොක හරි..

ඔයා යන්න මගෙ බ්ලොග් එකට ඒක කියවන්න එපා..මොකද එකයි බොගයි අතරෙ වෙනසක් නැහැ..ඒකෙ මන් කියවන එව්ව කියල හොඳ බ්ලොග් කීපයක් දමල ඇති.. ආන්න එව්ව කියවල බලන්න.. සමහර එව්ව බලනකොට නිකං ප්‍රෙග්නන්ට් වෙයි කියල හිතෙනවනම් කියවන්න එපා

හා ඊට පස්සෙ..

මුලින්ම එව්ව කියවල බලන්න.. ඊට පස්සෙ ඔයා මොනවද ලියන්නෙ කියල හිතල මට කියන්න.. මන් බ්ලොග්ස්පොට් එකෙන් බ්ලොග් එකක් හදන හැටි කියල දෙන්නම්..

හැබැයි මීට පස්සෙ බ්ලොග් වලට බොග් කියන්න එපා.. ඒකෙ වෙනම තේරුමක් තියෙන්නෙ.. නංගි ඔයා ඉංග්ලිස් ක්ලාස් යනව නේද?

ඇත්තටම මොකද්ද බොග් කියන එකේ තේරුම..

හොයා ගන්න ..

ඔය වචනෙ තේරුම හොයා ගත්ත මේ ගෑල්ලමය තවමත් මගෙ මූන බැලුවෙත් නහැ.. බ්ලොග් ගැන ඇහුවෙත් නැහැ..

අද දවස

අද නම් කියන්න සිදුවීම් කීපයක්ම තියෙනව.. වෙලාව හොයා ගෙන කොහොමහරි කොටල දමන්න ඕනි. ඊයෙ දවසම මහමග තමයි. ගම් පලාතෙ ගිහින් අම්මව බලා එන දවසට.. උදෙන්ම පටත් උනහම එන්නෙ රෑ වෙලා. මොනවහරි ගිලල දමල නිදා ගන්නව. කොච්චර බස් වල දුර ගමන ගියත්... මට මාරම අමාරුයි දුර ගමන යන්න..ගිහින් ඇවිත් දවසක් හමාරක් යනකම් නිකං උණ හැදෙන්න වගෙයි ඇඟට තියෙන අමාරුව.. !!

Wednesday, July 13, 2011

අදත් ඉවරායි

අද උදේ පරක්කු වෙලා ඇහැරුනා වගේම දවසෙ හැම වැඩක්ම වගෙ කරන්න උනේ නම් කඩිමුඩියේම තමයි...

ඔෆිස් එකට ගියා විතරයි.. අපේ අංශයට කූඹි ආක්‍රමනයක් ඇවිත්. ඊයෙ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නෙට පිරිසිදු කිරීමෙ කට්ටිය දීපු විසඳුම - එයාර් ෆ්‍රෙශ්නර් විදීම - හරි ගිහින් නැහැ. සෙක්ෂන් එකේ හැම පීසී එකකම කීබෝඩ් වලත් කූඹි..මාර ප්‍රශ්නෙ..එන්නෙ කොහෙන්ද කියල බැලින්නම් .. උන් එන්නෙ වහලෙ සිවිලිමෙන්. ඉක්මනට ඇඩ්මින් එකට ලියුමක් යවල ගෙන්න ගත්ත මෝර්ටීන් ස්ප්‍රේ එකක්. ඒක කැරපොත්තන් නාශකයක්
. මැටි උනත් කමක් නැහැ බළල මීයො අල්ලනවනම් කියල..මේක ස්ප්‍රේ කරන්න කිව්වහම සෙක්ෂන් එකේ පියන් කියාපි.. අනේ බැහැ සර් හෙට පෝය පවු වැඩේ..මන් අනිද්ද ගහන්නම් කියල.. අනිද්ද වෙනකන් හිටියොත් කූඹි හැමතැනම කූඩු හදල තියෙයි.. කාට කියන්නද ? ඕනි බම්බුවක් කියල.. මමම ස්ප්‍රේ කලා..කූඹි සෑහෙන ප්‍රමානයකට නිවන් සැප තමයි..

ඔයවගෙ දඩි බිඩි වැඩ කරන අතරෙ එනව යාළුවෙක්ගෙන් කෝල් එකක්..

මචෝ උඹ වැඩ ඇරිල ගෙදර එන්නෙ කීයටද ?

යි උඹ මට නාන්න වතුර එකක් උණු කරල තියන්නද කතා කලේ ?

උණු වතුර නම් මොනාද මචං.. බලහන්කො අපෙ පොඩි එකා මගෙ ෆෝන් එක ඔබ ඔබා හිටිය..ඒකෙ ලැන්ග්වේජ් එක වෙනස් වෙලා..

අපේ කියන්නෙ මන් ඕකට වග කියන්න ඕනි නැහැනෙ..

මං තොට කිව්ව කියල හිතා ගනිං

හා...
ඇයි දැන් මොන ලැන්ග්වේජ් එකෙන්ද මෙනු එක එන්නෙ?

ඒක දන්නවනම් මං උඹට කතා කරනවද බං ?

හරි හරි ඉතින් කියන්කො

චයිනීස් ද, කොරියන්ද මන්ද බන් ඒවගෙ අකුරු තමයි තියෙන්නෙ.. උඹ ඉතින් මගෙ හොඳ සුදූ අයියනෙ..

කොහෙද බොල මං බොගෙ අයිය වෙන්නෙ ? තෝ මට වඩා වැඩිමාල්නෙ..

හරි හරි සුදු මල්ලියෙ.. මේක හදා දියන්කො..

හා දැන් ගං ඕකෙ මැනුවල් එක

මොකද්ද බන් ඒ
?

ඇයි බන් ඔය ෆෝන් එක එක්ක දීපු පොත..

ඒක කොහෙ හොයන්නද බන්.. ?

එහෙනම් ඕක අරං වරෙන් මගේ කාමරේට මන් 8.30 වෙද්දි ගෙදර..එනකොට නාගෙනම වරෙන්..

ඈ !!!
.. ඒ මොකටද නාගෙන එන්නෙ? උඹ ඔය මොකාටද එන්න හදන්නෙ?

නෑ බන් අපෙ ගෙදර ඉන්න බල්ල ලැසී ඌ කුනු මාළු වලට හරි කැමතී .. උඹ පස්සෙ පැන්නුවොත් මට ලැසීට ගහල පන්නන්න බැහැනෙ..

පුදුමයි උඹ බේරිල ඉන්නව..

මොකද්ද තෝ කිව්වෙ?

නෑ නෑ මුකුත් නැහැ..එහෙනම් මන් 8.30 ට රූම් එකෙ..

හා..

මේක හරියටම වෙලාවට ආව.. ෆෝන් එකේ මැනුවල් එක ඩවුන්ලෝඩ් කරල එකෙන් බල බල.. අන්දයො වගෙ මෙනු එක හරි ගැස්සුව... මෙන්න ආයිමත් ඉන්ග්‍රීසි බබා වගේ..
කොල කෑල්ලක ලියල දුන්න මෙනු කමාන්ඩ් ටිකත් ආයිමත් ඕනි උනොත්..
ඒකත් ඉවර වෙලා කාලා.. දැන් තමයි බ්ලොග් එකට සෙට් උනෙ..
හෙට නිවාඩු නිසා යනව ගම් පලාතෙ ගිහින් අම්මව බලල එන්න.. හෙටම හවස ආපහු එන්න වෙන නිසා උදෙන්ම යන්න ඕනි..

පරක්කුව

අද නම් ඇහැරුනෙ සහ නැගිට්ටෙ උදේ 8 ටය. දැන් ඉතින් සියල්ලම කඩියකු මෙන් කර ගත යුතුය. මගේ වාසනාවකට මගෙ කාර්‍යාල වේලාව වනුයේ පෙ.ව්.11.30 සිට ප.ව. 7.30 දක්වාය. නැත්නම් අද වගේ දවසක දවස් භාගයක්  නිවාඩු දැමීමට සිදු වේ. ලියන්නට තිබෙන සියල්ල පසුවට තබා මම ඔෆිස් යාමේ පෙර සූදානම් වෙත හැරිය යුතුය...

Tuesday, July 12, 2011

දවස ඉවරයි...

තවත් දවසක් ඉවරයි..


දවස තුල ඉවර කරගන්න හිතපු දේවල් ටිකක් ඉවර කර ගත්ත..

හෙටටත් කෑලි ටිකක් ඉතුරු උනා..

පෙරහැර වීඩියෝ එක ඉවරයි..වින්ඩෝස් 7 හොඳායි..ඒත් හෝම් ප්‍රීමියම් එකේ වීඩියෝ හදා ගන්න සොෆ්ට්වෙයාර් එක නැහැ. ඉතින් එම්පී4 වලින් රෙකෝඩ් වෙන ක්ලිප් එකක් ඩීවීඩී මේකර් එකෙන් රයිට් කරන්න ගියහම අවශ්‍ය කෝඩෙක් නැහැ කියල හිරවෙනව..ගෙදර පීසී එකෙන් කරන්න ගිහින් මන් ඇන ගත්තෙ ඔතන..පිනැකල් හෝම් ස්ටූඩියෝ දමාගෙන
එම්පී 4 ක්ලිප්ස් ටික xමීඩියා රෙකෝඩ් එකෙන් එම්පෙග් වලට හරව ගෙන දහ අට සන්නියක් නැටුවට පස්සෙ තමයි.. වින්ඩෝස් ප්‍රොෆෙසනල් එකේ තිබ්බ මූවි මේකර් එක හම්බ උනේ.. දෙයියනේ කියල ඒකෙන් කෙලින්ම එම්පී4 cලිප්ස් ටිකයි ෆොටෝ ටිකයි එකට අමුනල.. ගහ ගත්ත ඩීවීඩී එකකට.. දැන් වැඩේ ගොඩ..ඒත් ඔරිජිනල් ක්ලිප් එකේ තිබ්බ කොලිටි නම් නැහැ අවුට්පුට් එකේ.. හෙට බලන්න ඕනි.. මූවි මේකර් එකේ ඇති සෙටිං වල කොලිටි හයි තියන්න තැනක්.. කවද කාපු ටකරංද මෙව්ව...

ඒ අවු අස්සෙ මගෙ යාළු මිත්‍රය..කෝල් කලා.. පොර බලල නැහැ බ්ලොග් එක.. නැත්නම් දමන්න එපා කිව්ව ස්ටෝරිය දැම්ම කියල අහගන්න වෙන්නෙ හොඳවයි කුනුහරුප දෙකක්..

ආයිමත්...

අතීසාර මිත්‍රයා

උදේම ෆෝන් එක රිං වෙනව..ආ මගේ අතීසාර මිත්‍රයනෙ..

මොනවද මචෝ අලුත් තොරතුරු?

මං අලුත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත බන්z


හැබෑට??? කී වෙනි කුළුඳුල් එකද ?

නෑ බන්
මේක නම් සිරාවටම ලියනව.

උඹ ඉස්සෙල්ලත් කිව්වෙ ඕකමයිනෙ..මොකෝ උනෙ අර නොමිනි ජීවිතද මොකද්ද එක???ඒකත් සිරාවටම නේද ලිව්වෙ?

නොමිනි නෙවෙයි..යකෝ නිහඬ ජීවිතය
..

එතකොට අර උඹෙ මැන්ටල් ගැන ලිව්ව එක?

ඒ මොකද්ද? ආ මගෙ පිස්සුව.. ෆෝන් ගැන ලියන්න හදපු එක.. මගෙ අලුත් එක බලපන්කො.. සිරාවටම මං ලියනව..

දැන් කීයක් ඔහොම කිව්වද? දැන් උඹ මට කියවන්න දීපු එව්වයෙ තියෙන්නෙම පෝස්ට් 2-3යි..මට බෑ.. උඹ ඕකෙ පෝස්ට් 100ක් දමල මට කියන්.. මන් නිවාඩු දමාගෙන හරි කියවනව..මං තියනව මචෝ..බායි..

ඕන්න මගේ අතීසාර මිත්‍රයා..

හිමිදිරි පාන්දරම...